Wednesday, July 22, 2015

හරිනි මැරීඩ් කොණ්ඩයියාාාාහ් පාර්ට් ටූ හෙවත් පෝරුවේ හෙළුවෙන්....



මේ සදාලය මාස දෙකක් තුනක් මගේ ඩ්‍රාෆ්ට්ස්වල පිළුණු වෙච්චි නිසා අලු ගසා දාල පබ්ලිෂ් කරන්න හිතුවා. මුල් කතාව කියවපු අයට මතක නම් ඇවරි හරිනි මඟුලට කොළඹින් පිටත් වුනේ ම රෑ දොළහත් පැනලා. ජයා විසින් ශ්‍රද්දා භක්තියෙන් අම්බලන්ගොඩ රේල්වේ මාස්ටර්ගෙන් නිදහස් කරගත් මල් කූඩය යොදාගෙන ශාලාවේ සැරසිලි නිම කිරීම චමිත අයියා වෙනුවෙන් භාර ගෙන තිබුනෙ පල්ලි අයියා විසින්. අන්තිමේ දි පල්ලිත් කකුල කඩාගෙන වෙඩිමට නොඑන බව දැනුම් දුන් නිසා සඳරු අයියාට සහ ඇවරිගේ මයිණුවන් සූටා සහ වින්දික භාත්කණ්ඩේ  ඇතුළු ලා තණකොළ පෙත්තාස් කණ්ඩායමකට වැඩේ පැවරිලා තිබුණා. 

රාජකාරි වැඩ වලින් හෙම්බත් වෙලා ගාල්ලට නිදාගෙන ම යන්න හිතාගෙන ඒ. සී එකේ නැග්ගත් ගල්කිස්ස පහුවෙද්දි එහා පැත්තේ යන කුමාරිහාමිට උරහිස දන් දෙන්නත් වුනා. ඒකත් සමාජ සේවයක් නොවැ හිතාගෙන ඇගේ හිසේ බරත් දරාගෙන හද්දා නිදිමතේ යන බස් ගමනේදී අපේ එවුන්ගෙන් විනාඩි පහෙන් පහට කෝල්ස්. දැන් කොහෙද? කාල ද ඉන්නේ? නිදාගන්න එහෙම එපා...!! හරි තැනින් බහින්න.. අයියෝ ලා චෝරු...!! ඒ අස්සේ ටීම් මල් රාජ්ලා ඇවරිට අසූ හාරදාහට මල පන්නලා කුණුහරුප මාලාවක් අහගත්තා... කතා කළේ ඇවරිගේ සහෝදර පරාණය  සූටා මල් කුමාරන්.. අයියේ මාර වාඩේනේ....?? ඇයි ඒ පාර කාගේ මොනවාද දාල ඇවිත් තියෙන්නේ... සාමාන්‍යෙයන් මේ වගේ වෙලාවට අපේ බුවාල දාලා ආපු රෙද්දවල් ගැන කියන්න තමා මට ගන්නේ...!!

සූටා මාලා නාටකයක් පටන් ගත්තේ මාව බබා ගානට දාලා. දැන් අයියෙ පල්ලි අයියානේ චමිත අයියා වෙනුවට මේ වැඩේ බාර ගත්තේ...!! ඉතිං දැන් පොර එන්නෙත් නෑනේ??? ඒක කමක් නෑ කියමුකෝ අයියා... ඒත් පල්ලි අයියාට ගේන්න කියපු වෙට් ෆෝම් ටිකත් එනනෙ නැති එකයි ප්‍රශ්නය... ඇයි වාහෙ උදේට අහවල් එකට ද මල් ගහන්නේ වෙට් ෆෝම් නැතිව?? උඹෙ..... xxxxxxපොඩ්ඩක් ඉන්නකො මං කියනකම්... ඔයාගෙත් කඩියා පුකේනේ..??? පොඩ්ඩක් ඇත්නම් සරම කරේ නේ?? හා ඉතිං කියහන් යකෝ විජහට.. අපි දැන් හෝටලේ ඉන්නේ. මෙතනින් අපි ඊයෙ මඟුල් ගෙදරකට ගහපු වෙට් ෆෝම් ටිකක් හොරකම් කරගත්තා. ඇති වෙයි වගේ. ඉක්මණට වරෙන් ගොක් ගෙඩි වලට කෙහෙල් ගස් කපන්නයි, මගින් හොරාට පොල් මලක් කපා ගන්නයි තියෙනවා. මැදෑ දැන් රෑට හොරකමේත් පලකෝ ඉතිං...

වෙලාව දෙකයි තිස් පහ වෙද්දි මං හෝටලේ ඉස්සරහට ආව. උරහිසට හොඳ ගනන්. ඒ අංසෙට විතරක් ම නම් මැදෑ. බස් එක නවත්වන්නත් කලින් ඈත තියා ම අපේ මල්රාජ්ලා සෙට් එක බස් එක නැවැත්තුවා. සුපුන් අයියා තමා එතෙක් අපේ බුවාලා රඟ දක්වපු නාටකේ විස්තර කළේ. “වෙලාවට උඹ මේ බස් එකේ ආවෙ. නැත්නම් මුං එන හැම බස් එක ම නවත්වනවා. උඹ ඉන්නවද බලන්න. කතාව ඇහුවම සූට ගාලු පාරෙ යන ඒසී බස් නවත්තලා මං නොබැස්සොත් යන්න කියනවාලු. අන්තිමට ගියපු බස් කොන්දා බැණලා ගියා කියලයි සුපුන් අයියා කිව්වෙ.
ලොකු අක්කාත් ආවාම සුපුන් අයියා ජීප් එක ස්ටාට් කරලා නගින්න කිව්වා. සූටයි සඳරු අයියයි මලු දෙකක් අරං ඇවිත් ලිලී පොකුරක් ඇවරි අතට දීලා නගින්න කිව්වා. දැන් තොපි රෑට හෝටලේ ඉන්නැද්ද??? රම්පෙට පොරි හැලෙයි!! බණ කතා නොකර වරෙන් බන් යන්න. මේකෙ වැඩ කරන උනුත් මීට පැය බාගෙකට කලින් නිදා ගත්තා. කොහෙද තෝ ඩක්කුවකනේ ගාලු ඇවිත් තියෙන්නේ...!! වෙන්නේ මොකක්ද කියලා නොදැන ඇවරි අන්දුන් කුන්දුන් වෙද්දි අපි මහගෙදරට පිටත් වුනා. කුමාර කන්දෙන් නොදා හික්කඩුවෙන් හරවලා අලුත්වල හරහා අම්පෙගම යන ගමනේ දි කනත්තක් ළඟ නරත කරලා සූටා සහ සඳරු මල් රාජ් ඩබල අරලිය කොළ කඩන්න ගියා. 

අපි ගෙදරට යද්දි පාන්දර දෙකහමාර විතර ඇති. ගිය ගමන් ඇවරි රාත්‍රී ආහාරයට බත් කෑවා. එළියට එද්දි සාලෙ දෙතුන් දෙනෙක් පෝරුව හදනවා. ගොක් කොළ වලින් කළ පෝරුව ළඟ සමන්ත බාප්පාත් වැඩ. අපි කතන්දර කිය කිය ගොක්ගෙඩි හදාගද්දි ඉස්සරහ ගෙදර මාමත් ඇවිත් අපේ විහිළුවලට සම්මාදම් වුනා. එක පැයක් හරියට නිදා ගන්න ලැබුණෙ නෑ. පහ මාරට ළා තණකොළපෙත්තාස් ඩෙකෝ ටීම් එක හෝටලය බලා පිටත් වුනා. මනාල යුවළ විසින් ඉඳුල් කරන මේසය සෑදීම භාරව සිටි ඇවරිගේ නැඟණි තොමෝ අසෙනිය කුසුමත් නිදි ගැට කඩමින් කුණු කෙළ පෙරාගෙන අපි එකක් ආව. 

ගින්දර වගේ මල් ටික පෙරදා හොරකම් කළ වෙට් ෆෝම්වල ගහලා වැඩේ ලයින් කරලා දුන්නා. සූටා කුමාරන්, සිය මැතිනිය සමඟ මඟුලට එන අටියෙන් මොටෝ බයිකලේ ම ගෙදර ගියා. සඳරු ෂීනන් ඇඳුම් ගෙනත් තිබුණා. අවශේෂ සියලු දෙනාත් ගෙදර ගිහින් ඇන්දා. වැඩ ඉවර නැති නිසා ඇවරි දිගටම වැඩ කළා. අවසානෙට දැන් ඉතිං අපිත් ඇඳගමු නේද කියනකොට තමා ඇඳුම් ගෙදර බව මතක් වුනේ. ඇවරි පිතාට ඇමතුමක් දුන්නාම ඇඳුම් ටික මැදලා කාරිය පෝරුව සමඟ එවා තිබුණා. එතකොටත් ඇවරි කලින් දා ඇඳගත් ඩෙනිම පිටින් වැඩ.

ඇඳුම් ටික ආව. නීට් එකට මැදලා එවලා තිබුණ ඇඳුම් කට්ටලය දැක්ක ම තමා ඇවරිගේ ඇස් වලින් ඩොලර් පැන්නේ. හත්වලාමයි... වැරදි කලිසම නේහ් ගෙනැත් තියෙන්නේ... එදා මඟුලට අඳින්න ඇවරි යවාපු කලිසම සුපුන් අයියා විසින් එකදාස් නවසිය බර ගණන්වල ඇවරිට තෑගි කළ කලිසමක්. ඒක දැන් කිට්ටුකරන්නවත් බෑ. නෑයොත් ටික ටික එන්න පටන් අරං. මං යටිකය නිරුවත්ව ඩ්‍රෙසින් රෑම් එකේ. ඔය අස්සේ මනමාලි හරිනිත් ඇතුළට ආව. ලොකු අක්කාගෙ ඩාන්සින් ගෘප් එකේ කෙල්ලො ටිකත් ඇතුළෙ. මං තාමත් හාෆ් නේකඩ්. අංගපුලාව කෝට් එකෙන් වහගෙන ඉතරයි. ඉතිං ඔයා ඩෙනිමට කෝට් එක දාන්නකෝ. ඒ ඔවදන ෂෙරිනි ගෙන්. ගියොත් වචනයක් ආවොත් අලියෙක් කියලා හිතාගෙන මං සූටාට ම කතා කළා. මල්ලී ඕයි කෙළවෙලා බං. උඹ වැරදි කලිසම නේ ගෙනත් තියෙන්නේ..?? මිසබුල් කෙලින්න එපා බං පරක්කු වෙලා තියෙද්දි. හිටපන් මං මාධව අයියගේ කෝට් කිට් එකක් ගේනවා. දැන් වෙන කළු කලිසම් ඇත්තේ ම නැද්ද...?? තාත්තා ඊයෙ ඇඳපු එක ගෙනේවි. ඒකත් බලපං. නැත්නම් ටවුන් එකෙන් කෝට් කිට් එකක් ගනින්. මූ දෙන්නේ මිලියන් ටෝක්ස් නේ යකෝ....!! 

මැයි පළමුවෙනිදා සිකුරාදා අනෙක් හැමෝට ම නිවාඩු වුනත් මට නිවාඩු තිබුණෙ නෑ. මං කාපු ගමන් මාරු වෙන්න ඕන. මං ඔෆිස් අඳින්න හිටියෙත් වෙඩිමට අඳින කලිසම ම තමා. දැන් පැය විසිහතරකට වඩා ඇඳපු කලිසම තමා වැඩටත් අඳින්න වෙන්නේ. ඒක නම් කමක් නෑ කියමුකෝ. උරුලෑවන්ට මොන සුවඳ සබන් ද? ඒත් වෙඩිමට මොකා අඳිනවා..?? දැන් නැකැත් වෙලාවත් පහුවෙනවා. ඒ අතරෙ මේ ආරංචිය අහපු හැම එකා ම වෙසක් බලන්න වගේ ඩ්‍රෙසින් රූම් ඇවිත් මා එක්ක කතා කරලා යනවා. ජී 70යි. 

නැතිබැරි මොහොතක පිහිටට එන්නේ මව්නි පියාණෙනි ඔබ පමණයි කියනවනේ. ඒ වගේ ම ඇවරි පිතාත් කාමරේට ආව. දැන් වෙන කලු කලිසම් ඇත්තේ ම නැත්නම් මං මේක දෙන්නම්. තව ෂෝටක් ඇඳලා බෙල්ට් එක දාන්න. එතකොට අප්පච්චි මොකක්ද අදින්නේ? මං ඊයෙ ඇන්දෙත් කළු කළිසමක් ඒක අඳින්න පුළුවන්. අප්පච්චි මට කලිසම එව්වා. එදා මුළු වෙඩිම පුරාම මං ඇඳන් හිටියෙත් ආයෙත් කොළඹ වැඩට ආවෙත් අප්පච්චිගෙ කළිසම ඇඳන්. නයි කයිද ටිපි ටිප් කිව්වලු. 

කොහොම හරි යුවල පෝරුවෙන් බහිද්දි මං සීන් එකට එන්ටර් වෙනවා. හැමෝම කිව්වෙ කලිසම අප්පච්චිගේ කියලා පේන්නෑ කියලයි. යටින් ෂෝර්ට් දෙකක් ඇඳපු බව දන්නේ මං විතරනේ....!! කාපු ගමන් මං කොළඹ ආව. එදා අපි කළ සමූහ ගායනය කැපී පෙනුනා. ඒ වෙඩිම නම් මට අතමක වෙන්නෙ නෑ. කොහොම නමුත් සායම නම් හේදුනා.. ආයෙ ඉතිං ඕක අමුත්තක් තියෙන එකක් යෑ????

හරිනි මැරීඩ් කොණ්ඩයියාාාාහ් පාර්ට් වන් හෙවත් අම්බලන්ගොඩ ඉස්ටේසමේ නාටකය....



ඇවරි ඩි සූසාට මැයි මාසයේ තිබුණ මංගල සාද වලින් අමතක නොවන එකක් තමා නෑණන්ඩියගේ වෙඩිම. ඇවරිගේ ලාහෙන් මනින්න තරමට ඉන්න වදකාර අක්කලාගෙන් ඇවරි ළඟට ම සීනියර් සුදු බේබි පහුගිය දා ඇගේ අතපතා ආපු අපේ මොරි අයියා නැත්නම් ජානක වසන්ත මහතා සමඟ විවාහ ප්‍රාප්ත වුනා. කොණ්ඩයියාාාාා...හ් කිව්වම හැමෝම දන්න මොරි මහතා සහ සුදු බේබි දෙපළගේ වෙඩින් මඟුලට පෙනී සිට ඒමට ඇවරිට සිදුවුනේ රාජකාරීමය ගැටලු ටිකක් හරස් වුණ නිසා. 

වෙඩිම ගාල්ලේ පැවති නිසා අපේ පවුලේ පස් දෙනා වෙන වෙනම ගාල්ලට යාමට සැලසුම් කරගෙන තිබුණෙ අපි හැමෝ ම අධික කාර්ය බහුල වුන නිසා. කොහොමින් කොහොම හරි අවසානයේ කොළඹින් පිටත් වුනේ ඇවරි.  ඒ රාත්තිරි එකොළහේ කණිසමට. ඊට කලින් ගියපු බුවා බුවීලා අපූරු නරි නාටක රංග ගත කරලා තිබුනා. එවැනි කෙටි නාට්‍යක් වෙච්චි පුෂ්ප මංජරියේ කතා වස්තුව හෙවත් අල්විස් මල්කූඩයේ අභිරහස නාටකයේ, ප්‍රධාන චරිත අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිතුමා සහ ඇවරිගේ පුංචි අම්මා සහ බාප්පා වන ජොනතන් ජයා - ශාන්තිනී යුවළ විසින් දෙනෝ දාහක් සෙනඟ අතරේ රඟ දක්වා තිබුනා. එහි සහය චරිතය ඇවරිගේ ආදර නැඟණිය අසෙනිය කුසුම විසින් රඟ පෑම ගැන අපේ අම්මා ගොඩක් සතුටු වුනා. ඩෙඩිම තිබුණෙ මැයි පළමු වෙනිදා. වෙසක් පෝයත් සමඟ යෙදී තිබුණ දීර්ඝ නිවාඩුව නිසා ප්‍රවාහන සේවාවල සෑහෙන්න තදබදයක් තිබුණා. අපි හැමෝ ම ගෙවල්වල වෙසක් සැරසිලි කාරියත් පැත්තක තියලා තමා මේ වෙඩින් මඟුලට ලක ලෑස්ති වුනේ. මීට අවුරුදු කිහිපයකට කලින් චමිත ෂීනන්ගේ මංගල්‍යයේදීත් අපිට මේ වගේ ම අදික කාර්යබහුල තත්ත්වයක් උදා වුනා. ඒ ගැන වෙසක් බුටික් සදාලයේ විස්තර ලියලා ඇති. 

ජොනතන් ජයා හෙවත් කතාවේ හැටියට මල්කුමාර නැත්නම් මල්රාජ් කඩේ එහෙම වසලා කාරිය, තමුන්ගේ සේවා දායක ප්‍රජාවට සති අන්තයේ තමුන් කඩේ අරින බව දන්වලා පෙරමඟ නිමිති බලලා කාරිය ගමනට පිටත් වෙලා තිබුණා. ඔන්න කළුතර පාස් වෙද්දි විතර එතුමා ශාන්තීනායිගෙන් මිලියන් ඩොලර් ප්‍රශ්නයක් ඇහුවලු. ඒයි මගේ කෝට් බෑය ඔයා බෑග් එකට දාගත්ත ද? මොකක්?? ඔයාට පිස්සු ද අනේ? කෝට් කවුද බෑග් වලට දාන්නේ අතේ අරං යනවා මිසක්.. හැබෑට ඔයාගේ කෝට් එක කෝ..???? ඒකනේ අනේ කියන්නේ මං ඒක දාලා ඇවිත් වගේ නේහ්? වගේ මොකක් ද? දාල ඇවිත් තමා.. දැන් ඉතිං ලන්ඩන්වල ඇල්බට් අංකල් වගේ ෂර්ට් එක විතරක් අඳින එකයි ඇත්තේ. මේ වෙලාවෙ සහය නිළිය අසෙනි වරුසාව අල්විස් විලා වෙත කතා කරලා යන්තම් ඊළඟට පිටත් වන වාහනේ කෝට් එක නොඑවන්න, ජයා මල් රාජ් ප්‍රිය භද්‍රාවගෙන් මතු උපදිනා ජාති දක්වා වෙඩිමකට කෝට් බෑය අමතක නොවන්නට අහගන්නවා සිකුරුයි. ජයා දවසේ පළමු රංගය ජයග්‍රාහී ලෙස නිමා කළේ එහෙම. 

දැන් දෙවැනි අංත්කය. ඒ කටලට් එක උණු උණුවෙන් ම සෙට් කරන්නේ දිනයේ ප්‍රධාන චරිතය වුන මනාල මහත්මිය විසින්. සුපුරුදු පරිදි ලොක්කා කාර්ඩ් එක දෝතින් බදලා ගන්නේ අසෙනිය කුසුමවිසින් තමා.අනේ චූටි නංගී ඔයාල එන ගමන් අපේ මල් කූඩය ස්ටේෂන් එකෙන් අරං එන්න පුලුවන් ද? වැඩියෙ බරක් නෑනේ. ඕක මොකක් ද අක්කා. හෙට ඔයාගේ දවසනේ. ඔයා වෙනුවෙන් ඕන දෙයක්; හාහ් ප්‍රීති වෙසක් කාල වරෙව් කෝ.... 

ඉස්තානය අම්බලන්ගොඩ ට්‍රේන් ස්ටේසම. නළුවා ස්ථානාධිපති අම්ලන්ගොඩ දුම්රිය ස්ථානය. නිළිය මැඩම් ශාන්තිනායි අතිරේක රංගය... ජොනතන් ජයා සමඟින් අසෙනිය කුසුම්... 

මේ අපේ මල් කූඩයක් ඇවිත් තියෙනවා ඒක ගන්න පුළුවන් වෙයි ද? ශාන්තිනායි ඇහැව්වෙ ටිකට් කවුන්ටරයෙන්. ඇතුළෙන් ඇවිත් අර මහත්තයාව හම්බෙන්න. ලද පිළිතුර අනුව ජයා දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට යයි. මල් කූඩයක් කිව්වා නේද? කොහොමද නම තියෙන්නේ? අම්පෙගම - සිසිර අල්විස් කියලාඇත්තෙ. ආහ් මේ අර අම්පෙගම මල් කූඩෙ ද? දැන් කවුද කුමාර අල්විස් කියන්නේ...?? හිටි හැටියෙම ස්ථානාධිපති අහපු ප්‍රශ්නෙන් තක්කු මුක්කු වෙච්චි ජයා වෙනුවට උත්තර දුන්නේ ශාන්තිනී. ඒ මගේ මල්ලි සිසිර කුමාර අල්විස්... රිසිට් එකේ අංකය දන්නව ද? අනේ නෑ මහත්තය, හෙට දුවගේ වෙඩින් එකට එවපු මල් කූඩය ගන්නයි අපි ආවෙ. එහෙම මුකුත් රෙෆරන්ස් නම්බර් එකක් දුන්නෑ. හරි කවුද කූඩෙ කෝච්චියට දැමේමෙ. චමිත ද අල්විස්, අපේ පුතා. එයාට කතා කරන්න ඕන. දැන් මොකක් ද ප්‍රශ්නය මහත්තයො?? ජයා ඇහුවේ වැඩේ ගොඩින් බේරගන්න. 

මේකනේ මහත්තයා. දැන් මට උදේ ඉඳන් මේ සිසිර අල්විස් කියලා පිස්සෙක් කෝල් කරනවා මේ එයාගේ නමට එවපු මල් කූඩයක් නිදහස් කරන්නය කියලා. දැන් මහත්තයාට ම පේනවනේ. මේකේ තියෙන්නේ කුමාර අල්විස් කියලා. ඒ පිස්සා කියනවා මුළු අම්පෙගමට ම එයා විතරයි ලු අල්විස් කෙනෙක්ට ඉන්නේ. ඒ නිමල් උස්සපන් ඔය පෙට්ටිය. බලන්න සර් අර පෙට්ටියත් කසුන් අල්විස් අම්පෙගම.. දැන් මහත්තයලාට මේක දීලා හෙට කුමාර අල්විස් ඇවිත් මගෙන් මල් කූඩයක් ඉල්ලුවොත් මං මොකක් දෙන්න ද?

හැබැයි මං දන්න තරමිනුත් අම්පෙගම වෙන අල්විස්ලා නම් නෑ... ශාන්තිනි පවුලේ පට්ටන්දරය වමාරන්න ගත් උත්සාහය ජයා විසින් ව්‍යාර්ථ කළේ මෙයා එක් රවා බැලීමකින්. කාර‍ණේ බරපතලකම හොඳින් වටහා ගත් ජයා වැඩේ ගොඩින් බේරගන්න වංගුවක් ගහගන්න දස අතේ කම්පනා කරද්දි ටිකිරි මොලේට පුංචි අයිඩියාවක් ආව. හරි හරි අපි පුතාට කතා කරමු. එයා ඕන කරන තොරතුරු දෙයි. ඒක හොඳ අදහස අංකය කියන්නකෝ මහත්තයො මං කෝල් කරන්න. මේ වෙන කොට අපේ චමිත ෂීනන් හිටියෙ හොස්පිටල් එකේ. නමුත් එතුමා නුවර එළියට කතා කරල වැඩේ ගොඩ දාලා දුන්නා. අපේ ශාන්තිනීත් චමිත අයියට කතා කරන්න ස්ථානාධිපති තුමාගෙන් රාජකාරි දුරකථනය ඉල්ලන්න ගිහින් හොඳවයින් දෙක තුනක් අසාගෙනත් තිබුණා. 

මේ ජවනිකා සියල්ල අහවර වෙලා මල් කූඩය නිරුපද්‍රිතව හෝටලයට ගිහින් තිබුණා. දැන් මල් කුමාරලා වැඩ පටන් ගන්න ඕන වෙලාව. නැතිනම් සුන්දර මල් මාලා තමා උදේට. අපේ පවුලේ මල්කරු චමිත අයියාත් නැතිව ආධුනික මල්කරුවන් පිරිස මල් ලියකම් කොරවන්න ගිහින් හොට බිම ගත් හැටි මීළඟ සලාදයෙන් ලියැවෙයි.

Saturday, May 30, 2015

කොටියා විසින් කෙළවූ මගේ සෙනසුරාදාව හෙවත් කන්ද කෙන්ද කිරීමේ මාධ්‍ය මෙහෙවර...

සේයා - හෂාන් පීරිස් විසිනි..
වැඩ රාජකාරි ටික පිළිවෙලක් කරලා දවස ගෙවා සිටින පැයේ - ඇයව සොයා බලන පැයේ අපූරු ආරංචියක් ඇවරිගේ රේඩාරයට වැදුනා. කතාව කොටි ගැන. කොටි කිව්වේ කකුල් හතරේ උන් ගැන. බබා ඔයා දන්නෑනේ... ගිනිගත්හේන පැත්තෙ කොටියෙක් ගම් වැදිලා මිනිස්සුන්ට හරි කරදරලු. ඒකා සෑහෙන්න විසාල එකෙක්ලු. කිලෝ. පහළොවේ බල්ලෙකුත් අරං ගිහින්ලු. ජී හා......  සච් මුජ්. අනේ නිකන් මඤ්ඤං කියන්නැතිව ඉන්නව හලෝ කොටියෙක් කොහේ ගම්වදින්න ද? අනික කොටි කියන්නෙ අලි තරම් කැලේ දකින්න පුළුවන් සත්තු ජාතියක් නෙමෙයි. ඔහොම කියන්නේ මොකාද දැන්? හරි ඔයා කොටියෙක් සත්තු වත්තෙ ඇරුණා ම ළඟට දැකලා තියෙනව ද? යන්තන් කතා කෝච්චිය නවත්ත ගත්තට මූණ කළු කරන් ඈ නිහඬ වුනා. මං කිව්වේ පත්තරේ තිබුණ එක. හරි හරි මං කොටි දැකලත් නෑ. කොටි කතා ඕනත් නෑ...

චැප්ටර් කලාස්.

දවස ගෙවෙද්දි ඇගෙන් තවත් ඇමතුම් නොලැබුණ නිසා මූඩ් චේන්ජ් කරපු කොටිය ගැන ඇවරිට පට්ට තරහයි. හැබැයි ඒ කොටි කතාව ගැන තොරතුරක් හොයා ගන්න ඕනෑ කියලත් ඇවරිගේ හිත කිව්වා. ඇවරි පුංචිලාගේ පත්තර කඩේට ගොඩවුනේ මේ ගිනිගත්හේන කොටියා ගැන මොනාද ලියවිලා තිබුණෙ කියලා අහගෙන. සාමාන්‍යෙයන් ඇවරිගේ බාප්ප, ජොනතන් ජයා සෑම පත්තරයක් ම කියවන නිසා ලිපියේ නම කිව්ව ම පත්තරේ අතට ලැබෙනවා. ආ ඔය කියන්නේ මච්බිම ආර්ටිකල් එකනේ. අර උදේ හිරු ටී.වී එකේ පත්තරේ විස්තරේටත් රංගන කිව්වේ. විනාඩි ගණනකින් ඒ ලිපිය කියවපු ඇවරිටත් ටිකක් බය හිතුනා. මේ කතාව ඇත්තක් ම ද කියලා දැනගන්න ඇවරිට අවශ්‍ය කළේ ගිනිගත්හේන කොටියාගේ ලිපිය සමාජයේ අනිසි භීතිකාවකට මඟපාදන බවක් ඉවෙන් වගේ දැනුන නිසා.

ඇවරි යාල දි අවස්ථා දෙකක් කොටියා ළඟට ම දැක්කා. හරි ම කම්මැලි සතා. කොටි කතාවේ ඇත්ත නැත්ත දැනගන්න ඇවරි සම්බන්ධ කරගත්තේ නිමල්කා සංජීවනී අක්කාව. ඇය ගැන අපේ සිරිපා කරුණාවේ තොරතුරු ලියවිලා තියෙනවා. මොකක් ද අක්කා මේ කොටි සීන් එක? මොන කොටිය  ද මල්ලි? ගිනිගත්හේනෙ එකාද රත්නපුරේ එකා ද? මට දැනගන්න ඕන ගිනිගත්හේනේ එකා ගැන. ආ මං මේ දැන් තමා ගිනිගත්හේනේ ඉදන් ගෙදර ආවෙ මල්ලි උදේ අපි එහේ අවෙයාර්නස් ප්‍රෝගෑම් එකක් කළා. ඔයා මච්බිම ආර්ටිකල් එක කියෙව්වද? ඒක නිසා තමා මං ගත්තේ. දැන් මොක ද වෙලා තියෙන්නේ?
වෙලා තියෙන්නේ ඉතිං කොටියා ඇවිල්ලා තමා... අපේ වැඩසටහනට ගමේ හැමෝ ම වගේ ඇවිත් හිටියා. ඒ මිනිස්සු හරි බයෙන් හිටියෙ කොටියා එයි කියලා. කවුරුත් කොටියා දැකලා නෑ. නමුත් අඩි පාරවල් හැමතැන  ම තියෙන නිසා ආවෙ කොටියාමයි කියන්න පුළුවන්. අපි වැඩසටහන කරද්දි ඒ ළඟ කන්දක උඩහ ගැටගහපු හරකෙක් පහළට රූටලා ආවාම මිනිස්සු හැදුවෙ අපිවත් පෙරළගෙන දුවන්න. ඒ අය හිතලා තියෙන්නේ කොටියා ආව කියලා. ඒ තරම් බයකින් එහෙ මිනිස්සු ඉන්නේ. රෑ හය වෙද්දි ගෙවල් දොරවල් වහගෙන හරි  ම බයකින් ඒ අය රෑ පහන් කරන්නේ.

ඉතිං ඇයි මේ කොටියා ආවේ...? කතාවක් තියෙනවා වනජීවි එකෙන් කලින් මෙහේට ගෙනත් දාපු එකෙක් කියලා. ඇවරි අතුරු පුරස්නයක් දැම්මා. මිනිස්සු ගිහින් කැලෑ එළි කරලා ගෙවල් හදා ගත්තා ම ඔහොම වෙනවා. මේක අලුත් තත්ත්වයක් නෙමෙයි. නෑ මං ඒ අදහස පිළිගන්නෑ. එහෙම ගිනිගත්හේනට කොටියෙක් දැම්මා නම් රෙකෝර්ඩ්ස් තියෙන්න ඕන. අනික එහේ වනජීවී භාරකරු අපිත් එක්ක ගියා. ඒ අය පැහැදිලිව කිව්වෙ එහෙම කොටියෙක් ගෙනත් දැම්මෙ නෑ කියලයි.  2004 අපි මුල් කාලෙ පර්යේෂණ කරන කාලෙ ඉඳන් කොටි මිනිස්සුන්ගේ බල්ලන්ව අරං ගිහින් කාලා තියෙනවා. බල්ලන්ව පරිස්සම් කරගන්න උන්ව කූඩුවට දාන්න කිව්වට හොරු පනින නිසා ආරක්ෂාවට කියලා පළාතෙ කවුරුත් බල්ලන්ව කූඩු කරන්නෑ. ඉතිං උන් එක එල්ලේ ම කොටියාගේ ඉලක්ක වෙනවා.

මිනිස්සු යෝජනා කරන්නේ කොටියා ට්‍රාන්ස්ලොකේට් කරන්න කියලයි. හරි අපි කොටියා අල්ලන්න ලෑස්තියි. ඌ ඉන්න තැනක් කියන්න කිව්ව ම සමහරු කිව්වෙ කන්ද උඩ ගල් ගුහාවල ඉන්නවා දැකලා තියෙනවා කියලයි. ඉතිං හිතන්න අපේ අයියලා කොටියාගේ ගෙදරට ම ගිහින් උගේ හැබිටැට් එක විනාස කරලා. දැන් ඌ නෑදෑකම් පවත්වන්න අපේ ගෙදරට ආවාම බයේ ගැහෙනවා. ඔක්කොට ම හේතුව මිනිස්සු කැලේ කපලා, ගෙවල් හදපු එක. මේ යන විදියට කොටි ඔක්කොම දෙහිවලට දාලා ඒ පැත්ත මිනිස්සුන්ට ම පවරලා දෙන්න වේවි. 

දැන් මොකක්ද මේ පුරස්නෙට විසඳුම. අපි පුළුවන් තරම් මිනිස්සුන්ව දැනුවත් කරනවා. හැබැයි මීඩියාවල මේක ලොකුවට වාර්තා කරලා අනවශ්‍ය බයක් සමාජය පුරා පතුරනවා. බලන්න ඔය මව්බිම ආර්ටිකල් එක කිසිම කරුණක් නිශ්චිතව තහවුරු කරලා. නිකම් මිනිස්සුන්ගෙන් අහල ලියලා තියෙන්නේ. නමුත් පත්තර කියවන මිනිස්සු වැඩේ සීරියස් ගන්නවා. පස්සෙ වනජීවි එකටයි, පොලිසියටයි අනිවාර්තෙ බනිනවා. යම් තරමක අවධානමක් තිබුණත් ඔය ලියවිලා තියෙන තරම් කොටි කේස් එක බරපතල නෑ. දැන් උදේ ඉඳන් මට කෝල් කරන අය අහන්නේ කොටියා ඇල්ලුව ද කියලයි. හරියට නිකම් කොටියා කැලෑවෙ ඉන්න එක වැරැද්දක් කියලයි මිනිස්සු හිතන්නේ. කොටි ඉන්න ඕන සත්තු වත්තේ ම විතර ද? කියන එකයි මට ඇති ගැටලුව. පත්තරේ විකුණගන්න අනවශ්‍ය ප්‍රවෘත්ති මවලා මිනිස්සු බයකරන එකටත් මං එකහෙළා විරුද්ධයි.


නිමල්කා අක්කා තමන්ගේ අදහස් ගොන්න මා එක්ක බෙදාගත්තේ ඒ හැටියට. ඇගේ සත්ව කරුණාව මොනවට ඉන් පැහැදිලි වෙතත් ලංකාවෙ මීඩියා බුවාලගේ වවන් කෑම ගැනත් නොකියා බැහැ. කරුණු කාරණා කෙසේ වෙතත් මව්බිම සමාජයට යමක් දනවන්න පුළුවන් බලපෑම්කාරී පුවත්පතක් හැටියට ඇවරි යම් ඇගයීමකට ලක් කරනවා.  කොටියා ආවෝ කියලා බෙරිහන් දීගෙන සීත කාමරවලට වැදිලා පිටු පුරවන උන්දැලා මේ වගේ පැති ගැනත් හිතනවා නම් වටිනවා.

Tuesday, May 26, 2015

නත්ථි ජාතස්ස අමරණං දෙකහමාර හෙවත් පිටිසර යතිවර

මේ වර්තමාන සිද්ධීන් මට දෛනික වැඩ රාජකාරි අතරේ අමතක වී යාවි යැයි ඇති බය නිසා ම මේ සලාද ඉක්මණට ලියන්න අදහස් කළා. මේ ලියන පිළිවෙල මට ටිකක් වෙනස් කරන්
න තදින් ඕනකමක් තිබුණත් ඒක කරන්න බැරි බව ආයෙත් ආයෙත් ඔප්පුවන නිසා ඒ අදහස සිතින් අතහැර දාන්න මං තීරණය කළා. ඔව් දැන් ඒ අදහසිනුත් නිදහස්.

පහුගිය සති කිහිපය තුළ සිතේ දුකකට ඉතිරි වුනේ කළින් සදාලවල සඳහන් කළ අපේ මුත්තණ්ඩිගේ හත්දොහේ පින්කමට මට සහභාගී වීමට පුළුවන්කමක් නොවීම. ගමේ හැටියට හත්දොහේ දානෙදි හීල් දානයක් පමණක් දීම නිසා රාත්‍රී කොළඹින් පිටවීමෙන් ද කිසිදු සෙතක් අත් නොවීමෙන් ඒ කටයුත්ත මගේ අතින් මඟහැරුණා. ඒ ගැන සෑහෙන්න දුකක් තමා තියෙන්නේ. නමුත් එහි සිටි දවස් කිහිපය තුළ මට සතුටු විය හැකි මට්ටමක දායකත්වයක් ලබා දුන්නනේ. කොහොම නමුත් මට එහේ දි අපූරු ස්වාමීන්වහන්සේ නමක් මුණ ගැසුනා. අපි පාංශකූලයට ස්වාමීන් වහන්සේලා වඩමවා ගන්නට යන ගමනේදී ගිය එක් පන්සලක නායක හිමි නමක් ආගිය විස්තර කතා කරන ගමන් තමුන්ගේ ශාසනික සේවාව ගැන අපූරු විස්තර ටිකක් කළා.

කතාව පටන් ගත්තෙ ආවාස ගෙයි තිබුණ සුදු රෙදි තොගයක් ගැන ඇවරි කළ ප්‍රශ්න කිරීමකින්. අපේ මතු අපාගතවන මහින්ද රාජපක්ස ලොක්කා (ටයිටල් එක හරි පුතා, මොකද දැන් එයා අතිගරු විධායක ජනපති යැයි? අනිවා මතු බුදු නෙමෙයි අපාගත තමා) ඡන්ද ජයග්‍රහණය වෙනුවෙන් සුදු ඇඳුම් දන් දුන්න එක ප්‍රසිද්ධ රහසක් නේ. අපේ ගමේ පන්සලේ ඒ ඇඳුම් බෙදීම භාර වුනේ ප්‍රධාන දායක මගේ චූටි මාමාට. පොර එදා ඉඳන් අලි පාර්ටියේ බල කණුවක්. නමුත් ප්‍රධාන දායක තැන නිසා සිල්රෙදි බෙදීමේ කොන්ත්‍රාත්තුව භාර වුනේ මාමා තුමාට. අන්තිමේදී ගමේ මිනිස්සුත් තරහ කරගන්න බැරි නිසාත්, මහින්ද පරදින වාතාවරණයක් තිබුණ නිසාත් සිල් රෙදි නොබෙදන්න දායක සභාව ඒකමතික තීරණයක් ගත්තලු. තාමත් ඒ රෙදි ටික ගමේ පන්සලේ පෙට්ගමක තියෙනවා. ඔන්න වගේ ඇම්බැට්ටකම් නිසා තමා මහින්ද ලොක්කා පරාද වුනේ ආයුබෝං. දැන් ඒ ගැන කතා කොරලා ඵල නැතුවා ඉතිං.

ආ.. මේ මහින්ද මහත්තයා දුන්නු රෙදි වෙන්නැ අපේ හාමුදුරුවනේ...?? ඇවරි කට කොණකින් හිනාවක් දාලා කිව්වා. අනේ නෑ මහත්තයො ඔය මට පාන්සකූලෙට හම්බෙන රෙදි නේ? ළමයින්ට පාසල් නිල ඇඳුම්. මෙහේ යුනිෆෝම් රෙදි පාංසකූලෙට දෙනවද හාමුදුරුවනේ...? අපේ පැත්තෙ නම් කපු රෙදි තමා දෙන්නේ. ආහ් ඒක මෙහේ දායකයන්ට මං උපදෙස් දීලා කරවන වැඩක් නොවැ මහත්තයෝ... මේ රෙදි කට්ටි කරලා අපි දහම් පාසලේ හැම දරුවෙකුට ම දෙනවා. චීවරේ ඉන්න අපිට ඔය හැටි සුදුරෙදි මොකටැයි ඉතිං... ඒක වටිනා පින්කමක් නේ හාමුදුරුවනේ. දහම් පාසලේ ළමයි හුඟක් ඉන්නවද හාමුදුරුවනේ...? හාරසිය හැටහතරක් ඉන්නවා. තව ගුරුවර ගුරුවරියන්ට, නිල ඇඳුමට අමතරව උණුවතුර බෝතලයක් ලබා දීලා තියනවා. ඒ හැරුණා ම හැම ළමයෙක්ට ම පාඩම් කරන්න බල්බ් එකක් පන්සලෙන් ලබා දෙනවා. ෂාහ් කූල්නේ... ඒ ගැන තවත් විස්තර අහගත්තු ඇවරි මේ යතිවර චරිතය ගැන සෑහෙන්න පැහැදුනා.

තරුණපහේ හාමුදුරු නමක් වෙච්චි උන්වහන්සේගේ දැක්ම හරි අපූරුයි. එතුමා පන්සල දකින්නේ, ආගමික මධ්‍යස්ථානයකට වඩා සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයක් හැටියට. ඉතිං ඔය වැඩේ දිගටම කරන්න පුළුවන් ද හාමුදුරුවනේ? මොකද බැරි මහත්තයෝ දැන් මහත්තයලා වුනත් මං බණට වැඩිය ම බල්බ් පූජ කරන්න. වෙන මුකුත් පිරිකරට වුවමනා නෑ. අපි වත්කම් රැස් කරන්නේ සියලු දෙනාගේ පාවිච්චියට. දැන් බලන්න මේ කිහිළිකරු, රෝද පුටු කාටහරි කරදරයක් වුණ වෙලාවට යවන්න සූදානම් පිට තියාගෙන ඉන්නේ. බණ කියලා විතරක් ම මිනිස්සුන්ගේ ජීවිත ගොඩගන්න පුළුවන් හැටියක් නෑ. සමහරවිට මහත්තයා මා එක්ක එකඟ නොවෙන්න පුළුවන්. නමුත් අපි ලෝකෝත්තර ජීවිතය වගේ ම ලෞකික ජීවිතවල දියුණුවටත් අනුශාසනා කරන්න එපෑය. ඒකනේ බුද්ධ පුත්‍රයන්ගේ කාර්යභාරය වෙන්නේ.

ඒ කතා වලින් ඇවරි තුමා උන්වහන්සේගේ කුළුපග දායකයෙක් වුනා පේරාදෙණියෙන් උපාධිය  ලබාගත් අපේ කතානායකතුමා ජෙනුයින් බුද්ධ පුත්‍රයෙක්. පුළුවන් වුනොත් ඉරිදා අපේ දහම් පාසල පැත්තේ මහත්තයා ඇවිත් යන්න. මහත්තයලා වගේ බුද්ධිමත් කොල්ලො කෙල්ලො තමා දැන් රටට ඕන කරන්නේ.. අපි කතාව හමාර කරන කොට ම ජොනතන් ජයා මගේ බාප්පා ඇවිත් තිබුණා. අපේ බාප්පාගේ පොත්කඩේ ගැන විස්තර අහපු හාමුදුරුවෝ ආධාරයක් ඉල්ලා සිටියා ම ජයාතුමා කැමැත්තෙන් ම භාර ගත්තා.  


එදා මං ආපහු එන ගමන් කල්පනා කළේ අර තරුණ හාමුදුනම ප්ලෑන් කරලා තිබුණ දුර ගැන. අනිවා ආයෙත් ඇවරි ඒ පන්සල බලන්න යාවි. හැබැයි ඒ හිස් අතින් නොවන බවත් සහතිකයි...     

ප්‍රේමය යැයි රැවටී හළාහල විෂ බිව්වේ ඇයි මා...

මේ කතාව මට ලියන්න ඕන කළේ නෑ. නමුත් මොකක් හෝ අහේතුවකට ලියැවුනා. ඒත් පෝස්ට් නොකරන්න කල්පනා කළා ම පුංචි ඇරියස් එකක් කවර් කරන්න උවමනා වුන නිසා පබ්ලිෂ් කරලා ම දැම්මා.

===========================
අතීරණයක හිටපු මනමේ කුමාරියක් පහුගිය දවසක ඇවරිට කතා කළා. බඩී ඔයා බිසී වුනත් මට පැය දෙකක් දෙන්න පුළුවන් ද? මට මේක කාට හරි කියන්න ඕනෑ. ඒකත් මාව අහන් ඉන්න පුළුවන් කෙනෙකුට. ඇවරි කොහොමත් බ්ලොටින් පේපර් එකක් වගේ නිසා ඒ වගේ වැඩ වලට ගැළපෙනවා. මේ අපි පරණ මතක ගොඩදාපු දෙහෝරාව ගැන සටහන.
===========
මං හිතුවෙ ම නෑ එයා ආයෙත් මගේ ජීවිතේට එයි කියලා. දැන් කොච්චර කාලයක් ගෙවුනා ද? අවුරුදු ම හතරක්. ජාතක කතාව මුලදි ම කුමාරිකාව ට්‍රැක් පැනලා විත්තිය මට තේරුණා වගේ ම සෑහෙන්න අපුලක් දැනුනා.
=================
හෝව් හෝව් හෝව් කුමාරිහාමි..... හෝල්ට් ප්ලීස් මේ මෙන්න වැන්දා ඔය අහක යන කුණ්ඩවාලිවලට නම් මම බෙල්ල තියන්නෑ. ඒ ගොනා මං වික්කා. අන්න අන්න බඩී. ඉස්සර ඔයා හරි රැඩිකල්, සෙන්සිබල් මිනිහෙක්. මේ වගේ දේවල් කොච්චර නම් මං ඔයාට කියලා තියෙනවා ද? අනික මතකනේ ඔයා රටක් රාජ්‍යක් එරෙහි වෙච්ච ප්‍රේම කතා කීයකට සපෝට් කළා ද? මගේ දුක තමා අහන් ඉන්න බැරි?
==============
ඔව් ඔයා කියන්නේ ඇත්ත. ඒත් දරුවෝ ඒ ඉස්සර. කොල්ලා කාලේ. දැන් මම වුනත් ඒවා අනුමත කරන්නෑ. ඒ දවස්වල මං ප්‍රශ්න විසඳුවේ හැඟීමෙන්. දැන් එහෙම නෑ. ඒ කියන්නෙ ඔයා වෙනස් වෙලා. ඉතිං ඔයත් එහෙමනේ කෙල්ල...??
==============
හරි මං.... ඇය කියන්න ගියපු දේ ගිළ ගෙන මොහොතකට ගොළුවුනා.
===============
ඒත් මං හිතුවා ඔයා මගේ කතාව අහන් ඉඳියි කියලා. එහෙනම් මං තියන්නම් බබා. අයියෝ සත්තරං අහන් ඉන්න පුළුවන්. හැබැයි මැදිහත් වෙන්න හෝ කමෙන්ට් කරන්න බෑ. අසා සිටීම පමණයි. එකඟ ද? එකඟයි.
====================
විරාජ් ආයෙත් මට ළං වුනේ කොහොම ද කියලා මටවත් හිතාගන්න බෑ බඩී. සමහර විට අකිල මං ළඟ නැති නිසා වෙන්නත් පුළුවන්. කෙහොමත් ෆස්ට් ලව් එකට ගෑනු අපි හරි ලෝබයි කියනවනේ....
=================
නිකන් බබෙක් වෙන්න හදන්න එපා ඉෂී. ඔයා හදන්නේ ඔයාව ම සාධාරණීකරණය කරගන්න. මට දුක අකිලයා ගැන. පොර හොඳ එකා. ඔයා හදන්නේ ඔක්කොම අවුල් කරන්න ද?
හොරා.... කතාව පැත්තක තියලා අංගනාව හිනාවෙන්න ගත්තා. දැන් කලින් කිව්ව නේද කමෙන්ට් කරන්නෑ කියලා. මේ මිස්ටර්.. මං ඔයාට දුක කියන්න ආව මිසක් උපදෙස් ගන්න ආවෙ නෑ. බාල්දි ඔළුවෙන් නවා ගන්න කලින් විස්තරේ අහන් ඉන්න. ඈ අවදානම් ස්වරයෙන් කිව්ව ම මටත් ටිකක් කේන්ති ආව.
========
ඔහ් හෝ... ඇත්තට දුක කියන්න මේක දේවාලයක් කියල හිතුව ද? අනික මං දෙයියෝ කවුන්සලින් නවත්තලා ගොඩක් කල්.....කවුන්සලින් කිව්ව ම මතක් වුනේ. මං මේ ප්‍රශ්නෙ නිසා බඩී මං දෙපාරක් ම කවුන්සලින් ගියා. මානසික වෛද්‍යවරයෙකුත් මීට් වුනා. ඇත්තට ම මං ගොඩක් විඳෙව්වා.
========
සීරියස්ලි.??? ඒ කතාවට නම් මේ අතිජාත මිතුරිය ගැන සෑහෙන්න දුකක් ඇතිවුනා. මොක ද මේකි මෙහෙම ඉන්න ඕන කෙල්ලක් නෙමෙයි. ඔය අතරේ රාජකාරී ඇමතුමක් ලැබුණ නිසා විනාඩියකට ඇගේ ඇමතුම රඳවා ගත්තා.
========
හරි ඉතිං දැන් කියන්න. දේවියෝ කන්නලව්ව අහන්න සූදානම්. ආහ් හරි හරි... මේ වෙනුවෙන් පඩුරු පාක්කුඩම් තැපෑලෙන් එවලා ඇති. ඔයාගෙ ගිය අවුරුද්දෙ උපන් දිනේට තෑග්ගක් මට එවන්න පුළුවන් වුනේ ගිය සතියෙ. සොරි හොඳේ...
=====
සාමාන්‍යෙයන් ඇයට මගේ උපන් දිනය මතක තිබුණත් මට ඇගේ උපන් දිනය අමතක වෙනවා. මොට්ටයෝ අද මගේ උපන් දිනේ විෂ් කරනවා. ඉතිහාසය පුරා ඇය එහෙම කෝල් කරලා විෂ් කරවගෙන ඇති. ඔක්තෝම්බර් දෙක හෝ තුන. පේනවනේ ඒත් හරියට ම මතක නෑ. කමක් නෑ අපි වැඩියෙන් ම අමතක කරන්නේ අපිට වටිනම මිනිස්සු කියලා ඔයා ම මට කලින් කියලා තියෙනවා.
============
විරාජ් දිගට ම මට කෝල් කරන්න ගත්තා. මගෙන් පස්සෙ එයා වෙන කාත් එක්කවත් යාළු වුනේ නැතිලු. එයා මට මීට් වෙන්න එන්න කිව්වා. ඒත් මං ගියේ නෑ. මාව අවුරුදු හකරකට කලින් දාලා ගිය මිනිහෙක් ගැන එකපාර විශ්වාස කරන්න පුළුවන් ද? ඒත් එයා වැඩේ අතඇරියේ නෑ.....
====
ඉතිං ඔබතුමිය ගියා. පිස්සු ද බඩී. මමත් ඒ ගොනා වික්කා. සේම් ටු සේම් දෙන්.. ඒත් පස්සෙ මං සෑහෙන්න ඇඬුවා. මට හිතුනා දෙවැනි පාරටත් මං ළඟට ආපු චාන්ස් එකක් මං අතඇරලා දැම්මා කියලා. මගේ මෝඩකම ගැන මට  සාමාව දී ගන්න අමාරු වුනා. උදේ රෑ ඒ ගැන ම හිතලා සෑහෙන්න කෙට්ටුත් වුනා. මං සිම් එක මාරු කළා. එෆ්.බී ඩිඇක්ටිවේට් කළා. සෑහෙන්න දේවල් කළා. ඒත් අන්තිමේ දී මට හිතුනා ඇයි මං මගෙන් ම පළිගන්නෙ කියලා. ඇයි මං ඇත්තට මුහුණ නොදී මාව ම මුළා කරගන්නේ කියලා.
==========
අතුරු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයා අකිල එක්ක යාළු වෙලත් විරාජ්ට ආදරේ කළා...? ඔව් දෙයියනේ... ඇය ඇඩුම්බරව කිව්වා. එයයි මාව දාල ගියේ මං නෙමෙයි. සුසුමකින් ඇරඹි ඇගේ ශෝකාලාපය ඉකි බඳුමක් වන්නට වැඩිවෙලා ගියේ නෑ. ඇය සංසුන් වුනා ම නැවත කතා කළා.  
 =====
අවුරුදු හතරකට පස්සෙත් මං කලින් හිටිය තැනට ම ආව. ඒ මනුස්සයා ආයෙත් ඇවිත් මට එච්චර රිද්දයි කියලා මං හිතුවෙ නෑ. නමුත් මයි ඩියර් අකිල ඔයාට ඇත්තට ම ආදරේ කළා. ඔයත් මාව වැරදි කාරයෙක් කරනවා නේද බඩී? එහෙම ඉරි ගහලා, කිරලා මැනලා මං ආදරේ කළේ නෑ. විරාජ්ව පපුවෙ තියාගෙන ආදරේ කරපු හැටි ඔයා දැනගෙනත් ඔහොම කතා කරන්න එපා. ඔයා මහ නරුමයෙක් වෙලා අප්පා. කෝ අර හොඳ පපුවක් තිබුණ කරුණාවන්ත මනුස්සයා. ඔයත් කරන්නේ අනෙක් හැමෝම වගේ මට රිද්දන එක විතරනේ...!!
=====
ජීවිතේ වෙච්චි හැල හැප්පීම් එක්ක මගේ ඇතුළෙ හිටි හොඳ පපුවාව මරලා දාන්න මට සිද්ධ වුනා බබා. නමුත් උගේ ආත්මය මං පරිස්සම් කරලා තියා ගත්තා. ඒක නිසා ඕන වෙලාවට මට ආයෙත් පරණ කෙනාව ගෙන්න ගන්න පුළුවන්. විරාජ් බයිසිකලෙන් වැටිලා අත කඩන් ඉද්දි අපලයි කියලා කිව්ව ම ඔයා මස් මාළු නොකා, පේවෙලා බෝධි පුජා කරපුවා මට මතකයි පුංචි නෝනා. ඔයා වැරදි නෑ. ඒත් ගින්දරත් එක්ක සෙල්ලම් එපා. දැන් අපි දහ අටේ විස්සෙ රොටරි ගියපු කාලෙ මිනිස්සු නෙමෙයි. ඒ කාලෙ වගේ සතියෙන් දෙකෙන් කොල්ලන්ව හලන්න දැන් වයස නෙමෙයි.
=====
මට කියලා එහෙම දිග ලිස්ට් එකක් හිටියෙ නෑ බඩී. ගොඩක් කාලයක් හිටිය එකා ම තමයි මේ තරම් දුකක් දුන්නෙත්. අර කුණ්ඩලකේශී හිටියා වගේ ඌ ම පතා - බතුත් නොකා යහනට වැදී වැදහොත් නිසා තමයි මේ ඔක්කොම කරුම. ඔයා අකිල එක්ක මේ ගැන කතා කළා ද? අපි අකිල ගැන වෙන ම කතා කරමු. ඒ අතින් එයා රත්තරං කොල්ලෙක්. මං මේ තරම් හිත හදාගත්තෙ එයා නිසා. එයාව අතරමං කරන්න බැරි නිසා..
====
ඒ කියන්නෙ ඔයා තාමත් විරාජ් ගැන හිතනව ද? නෑ ගිය ඉරිදායින් පස්සේ නෑ. වෙන්න බෑ. ඔයා ගැන මං හොඳට දන්නවනේ පුංචි නෝනෙ. අම්මෝ අපි පැයකුත් විනාඩි හතළිස් තුනකුත් කතා කරලා. මං ඔයාගෙන් ඉල්ලා ගත්තේ පැය දෙකයි. කාරි නෑ මට අද නිවාඩු. පුදුමයි. ඒත් ඇත්තයි ඕං. අද යූ.කේ. සමර් බෑන්ක් හොලිඩේ නේහ්.
=====
අකිලට මං විරාජ් ගැන කිව්ව ම එයා කිව්වෙ එක දෙයයි. ඔයා සතුටින් ඉන්න තැනකට යන්න ඔයාට අවසර දෙනවා. ඔයාගේ සතුට මගේ සතුට ම තමයි. කියලා එයා ෂෝට් ඇන්ඩ් ස්වීට් වැඩේ ඉවර කළා. මයි ගෝඩ්..??? රියලී.... ඒ කියන්නේ මිනිහාත් ඔයාට බොරු කළා කියන එක ද? ඔයා මඟුලක් කතා කරනවා ද නලින්....?? ඒකනේ මං කිව්වෙ අර පරණ මනුස්සයා මැරිලා කියලා. ඔයා මාව තේරුම් ගනියි කියලා හිතුවාට මට දැන් තේරෙනවා මට වැරදුනා කියලා.
====
මං විහිළුවක් දරුවො කළේ, ඔයාට හිතට දෙයක් වැදුනොත් ඒක වෙනස් කරවන්න හරි අමාරුයි. ඒක ඔයාගෙ අප්පච්චිත් දවසක් කිව්වා ඔයාට මතක ද? විරාජ් ගැන වුනත් එහෙමයි. ජීවිත කලෙ ම ඔයා එයා ගැන හිතයි කියලා අප්පච්චි මං ඉස්සරහදිම කිව්වා. ඔය ඇත්ත අප්පච්චියි, ඔයයි ඇරුණහ ම අකිලත් දැනගෙන හිටියා. ඒකයි එයා මං අහපු ගමන් ම යන්න කිව්වේ. ඔය තුන් දෙනා ම මට වටින ම පිරිමි පරාණ තුනක්.
=====
අන්තිමේ දී මං හිත හදාගෙන පරණ දේවල් ඔක්කොම අමතක කරලා විරාජ් ළඟට ගියා. ඒත් වුනේ මං හීනෙකින්වත් නොහිතපු දෙයක්... මාත් එක්ක පැය ගාණක් කතා කරපු විරාජ් මට ආපහු අකිල ගාවට යන්න කිව්වා. වට් ද ෆක්....? අයි කාන්ට් බිලීව් දිස්...!!!!   
===
රීසන්..? ඒ යකාට සයිකෝ බඩී. මං අකිල කරපු දේ ගැන එයාට හැමදාමත් මතක් වෙලා දුක් වෙන්න සිද්ධ වෙයිලු. අකිල එක්ක එයාට තරහක් නෑ කිව්වා. විරාජ් මහ අවස්ථාවාදී මිනිහෙක්. විරාජ් බැලුවෙ එයා දුක්වෙන එක ගැන විතරයි. මං අවුරුදු හතරක් ඒ මිනිහා වෙනුවෙන් දුක් වින්ද ඒවා මතක නෑ. ඒක මහ බොළඳ තර්කයක්. ඒ වගේ පින්ගුත්තරයෙකුට ආදරේ කරපු එක මහ පවක් අප්පා. කොන්ද පණ නැති පාහරයා. මට මං ගැන ම මාර පිළිකුල්. ඒ වෙලේ මට හිතුනා මරාගෙන මැරෙන්න. මං කොච්චර කැප කිරීමක් කරලා ද ඒ මිනිහා ගාවට ආයෙත් ගියේ. ෂිහ්..... මං දෙවැනි පාරටත් ඇන්දුනා නේ....
=========
සමහරවිට ඔයා එයාටත් අකිලට කරපු දේ ම කරයි කියලා මිනිහා බය වෙන්නැති? අනේ උගේ කෙහෙම්මල් බය. මං එයාගෙ ෆස්ට් ලව්එක. මට මොකට බය වෙනව ද? විරාජ් එහෙම ආත්මාර්ථකාමී වෙද්දි අකිල මගේ සතුට වෙනුවෙන් ආදරේ පරිත්යාග කරන්න ලෑස්ති වෙලා හිටියා. මට ඒකෙන් එයා ගැන ලොකු හැඟීමක් ඇති වුනා. ඒත් මං අවුරුදු ගාණක් හිතේ තියාගෙන හිටපු ආදරේ බොරුවක් වුන එක ගැන මට හිතාගන්නවත් බැරි වුනා. ඇයි දෙයියනේ මං එච්චර රැවටුනේ. මගේ සිහින ලෝකෙ කැඩිලා ගියා ම මට ගොඩක් කේන්ති ගියා. මං මට ම පනිෂ් කරගත්තා.
=========
ඒ අතීතෙ අමතක කරමු කුමාරිහාමි. දැන් අකිලට කොහොම ද? ලබන මාසෙ ලංකාවට එනවා. එතකොට එන්නම් ඔයාව බලන්න. හ්ම් පැය දෙකයි විනාඩි විසි අටයි. තෑන්ක්ස් බඩී මාව අහන් හිටියට. ඔයා මෙච්චර හරියක් වෙලාත් මට දැන්ද බබා කියන්නේ.....? ඇයි ඔයා කළේ මීට වෙනස් දෙයක් ද? හැමදේම මමත් දැනගත්තේ අන්තිමටනේ...? ඒ දවස්වල ඔයා අකිලත් එක්ක බිසී වුන නිසා මං ඔයාට කරදර කළේ නෑ. මගේ ප්‍රශ්න මං ම විසඳගත්තා. මමත් එහෙමයි. වෙනස ඔයා දැන් කවුරුත් එක්ක බිසී වෙලා ද කියලා නොදන්න එක විතරයි.
========
නම් ගම් මනං සියල්ල කල්පිතයි. මං හිතනවා ඇත්ත චරිත මේ පෝස්ටුව කියවන් නැතිවෙයි කියලා. අහුවෙන තැනක් තිබුනොත් මට සමාවෙන්න ඕනෑ.