Wednesday, July 22, 2015

හරිනි මැරීඩ් කොණ්ඩයියාාාාහ් පාර්ට් වන් හෙවත් අම්බලන්ගොඩ ඉස්ටේසමේ නාටකය....



ඇවරි ඩි සූසාට මැයි මාසයේ තිබුණ මංගල සාද වලින් අමතක නොවන එකක් තමා නෑණන්ඩියගේ වෙඩිම. ඇවරිගේ ලාහෙන් මනින්න තරමට ඉන්න වදකාර අක්කලාගෙන් ඇවරි ළඟට ම සීනියර් සුදු බේබි පහුගිය දා ඇගේ අතපතා ආපු අපේ මොරි අයියා නැත්නම් ජානක වසන්ත මහතා සමඟ විවාහ ප්‍රාප්ත වුනා. කොණ්ඩයියාාාාා...හ් කිව්වම හැමෝම දන්න මොරි මහතා සහ සුදු බේබි දෙපළගේ වෙඩින් මඟුලට පෙනී සිට ඒමට ඇවරිට සිදුවුනේ රාජකාරීමය ගැටලු ටිකක් හරස් වුණ නිසා. 

වෙඩිම ගාල්ලේ පැවති නිසා අපේ පවුලේ පස් දෙනා වෙන වෙනම ගාල්ලට යාමට සැලසුම් කරගෙන තිබුණෙ අපි හැමෝ ම අධික කාර්ය බහුල වුන නිසා. කොහොමින් කොහොම හරි අවසානයේ කොළඹින් පිටත් වුනේ ඇවරි.  ඒ රාත්තිරි එකොළහේ කණිසමට. ඊට කලින් ගියපු බුවා බුවීලා අපූරු නරි නාටක රංග ගත කරලා තිබුනා. එවැනි කෙටි නාට්‍යක් වෙච්චි පුෂ්ප මංජරියේ කතා වස්තුව හෙවත් අල්විස් මල්කූඩයේ අභිරහස නාටකයේ, ප්‍රධාන චරිත අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිතුමා සහ ඇවරිගේ පුංචි අම්මා සහ බාප්පා වන ජොනතන් ජයා - ශාන්තිනී යුවළ විසින් දෙනෝ දාහක් සෙනඟ අතරේ රඟ දක්වා තිබුනා. එහි සහය චරිතය ඇවරිගේ ආදර නැඟණිය අසෙනිය කුසුම විසින් රඟ පෑම ගැන අපේ අම්මා ගොඩක් සතුටු වුනා. ඩෙඩිම තිබුණෙ මැයි පළමු වෙනිදා. වෙසක් පෝයත් සමඟ යෙදී තිබුණ දීර්ඝ නිවාඩුව නිසා ප්‍රවාහන සේවාවල සෑහෙන්න තදබදයක් තිබුණා. අපි හැමෝ ම ගෙවල්වල වෙසක් සැරසිලි කාරියත් පැත්තක තියලා තමා මේ වෙඩින් මඟුලට ලක ලෑස්ති වුනේ. මීට අවුරුදු කිහිපයකට කලින් චමිත ෂීනන්ගේ මංගල්‍යයේදීත් අපිට මේ වගේ ම අදික කාර්යබහුල තත්ත්වයක් උදා වුනා. ඒ ගැන වෙසක් බුටික් සදාලයේ විස්තර ලියලා ඇති. 

ජොනතන් ජයා හෙවත් කතාවේ හැටියට මල්කුමාර නැත්නම් මල්රාජ් කඩේ එහෙම වසලා කාරිය, තමුන්ගේ සේවා දායක ප්‍රජාවට සති අන්තයේ තමුන් කඩේ අරින බව දන්වලා පෙරමඟ නිමිති බලලා කාරිය ගමනට පිටත් වෙලා තිබුණා. ඔන්න කළුතර පාස් වෙද්දි විතර එතුමා ශාන්තීනායිගෙන් මිලියන් ඩොලර් ප්‍රශ්නයක් ඇහුවලු. ඒයි මගේ කෝට් බෑය ඔයා බෑග් එකට දාගත්ත ද? මොකක්?? ඔයාට පිස්සු ද අනේ? කෝට් කවුද බෑග් වලට දාන්නේ අතේ අරං යනවා මිසක්.. හැබෑට ඔයාගේ කෝට් එක කෝ..???? ඒකනේ අනේ කියන්නේ මං ඒක දාලා ඇවිත් වගේ නේහ්? වගේ මොකක් ද? දාල ඇවිත් තමා.. දැන් ඉතිං ලන්ඩන්වල ඇල්බට් අංකල් වගේ ෂර්ට් එක විතරක් අඳින එකයි ඇත්තේ. මේ වෙලාවෙ සහය නිළිය අසෙනි වරුසාව අල්විස් විලා වෙත කතා කරලා යන්තම් ඊළඟට පිටත් වන වාහනේ කෝට් එක නොඑවන්න, ජයා මල් රාජ් ප්‍රිය භද්‍රාවගෙන් මතු උපදිනා ජාති දක්වා වෙඩිමකට කෝට් බෑය අමතක නොවන්නට අහගන්නවා සිකුරුයි. ජයා දවසේ පළමු රංගය ජයග්‍රාහී ලෙස නිමා කළේ එහෙම. 

දැන් දෙවැනි අංත්කය. ඒ කටලට් එක උණු උණුවෙන් ම සෙට් කරන්නේ දිනයේ ප්‍රධාන චරිතය වුන මනාල මහත්මිය විසින්. සුපුරුදු පරිදි ලොක්කා කාර්ඩ් එක දෝතින් බදලා ගන්නේ අසෙනිය කුසුමවිසින් තමා.අනේ චූටි නංගී ඔයාල එන ගමන් අපේ මල් කූඩය ස්ටේෂන් එකෙන් අරං එන්න පුලුවන් ද? වැඩියෙ බරක් නෑනේ. ඕක මොකක් ද අක්කා. හෙට ඔයාගේ දවසනේ. ඔයා වෙනුවෙන් ඕන දෙයක්; හාහ් ප්‍රීති වෙසක් කාල වරෙව් කෝ.... 

ඉස්තානය අම්බලන්ගොඩ ට්‍රේන් ස්ටේසම. නළුවා ස්ථානාධිපති අම්ලන්ගොඩ දුම්රිය ස්ථානය. නිළිය මැඩම් ශාන්තිනායි අතිරේක රංගය... ජොනතන් ජයා සමඟින් අසෙනිය කුසුම්... 

මේ අපේ මල් කූඩයක් ඇවිත් තියෙනවා ඒක ගන්න පුළුවන් වෙයි ද? ශාන්තිනායි ඇහැව්වෙ ටිකට් කවුන්ටරයෙන්. ඇතුළෙන් ඇවිත් අර මහත්තයාව හම්බෙන්න. ලද පිළිතුර අනුව ජයා දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට යයි. මල් කූඩයක් කිව්වා නේද? කොහොමද නම තියෙන්නේ? අම්පෙගම - සිසිර අල්විස් කියලාඇත්තෙ. ආහ් මේ අර අම්පෙගම මල් කූඩෙ ද? දැන් කවුද කුමාර අල්විස් කියන්නේ...?? හිටි හැටියෙම ස්ථානාධිපති අහපු ප්‍රශ්නෙන් තක්කු මුක්කු වෙච්චි ජයා වෙනුවට උත්තර දුන්නේ ශාන්තිනී. ඒ මගේ මල්ලි සිසිර කුමාර අල්විස්... රිසිට් එකේ අංකය දන්නව ද? අනේ නෑ මහත්තය, හෙට දුවගේ වෙඩින් එකට එවපු මල් කූඩය ගන්නයි අපි ආවෙ. එහෙම මුකුත් රෙෆරන්ස් නම්බර් එකක් දුන්නෑ. හරි කවුද කූඩෙ කෝච්චියට දැමේමෙ. චමිත ද අල්විස්, අපේ පුතා. එයාට කතා කරන්න ඕන. දැන් මොකක් ද ප්‍රශ්නය මහත්තයො?? ජයා ඇහුවේ වැඩේ ගොඩින් බේරගන්න. 

මේකනේ මහත්තයා. දැන් මට උදේ ඉඳන් මේ සිසිර අල්විස් කියලා පිස්සෙක් කෝල් කරනවා මේ එයාගේ නමට එවපු මල් කූඩයක් නිදහස් කරන්නය කියලා. දැන් මහත්තයාට ම පේනවනේ. මේකේ තියෙන්නේ කුමාර අල්විස් කියලා. ඒ පිස්සා කියනවා මුළු අම්පෙගමට ම එයා විතරයි ලු අල්විස් කෙනෙක්ට ඉන්නේ. ඒ නිමල් උස්සපන් ඔය පෙට්ටිය. බලන්න සර් අර පෙට්ටියත් කසුන් අල්විස් අම්පෙගම.. දැන් මහත්තයලාට මේක දීලා හෙට කුමාර අල්විස් ඇවිත් මගෙන් මල් කූඩයක් ඉල්ලුවොත් මං මොකක් දෙන්න ද?

හැබැයි මං දන්න තරමිනුත් අම්පෙගම වෙන අල්විස්ලා නම් නෑ... ශාන්තිනි පවුලේ පට්ටන්දරය වමාරන්න ගත් උත්සාහය ජයා විසින් ව්‍යාර්ථ කළේ මෙයා එක් රවා බැලීමකින්. කාර‍ණේ බරපතලකම හොඳින් වටහා ගත් ජයා වැඩේ ගොඩින් බේරගන්න වංගුවක් ගහගන්න දස අතේ කම්පනා කරද්දි ටිකිරි මොලේට පුංචි අයිඩියාවක් ආව. හරි හරි අපි පුතාට කතා කරමු. එයා ඕන කරන තොරතුරු දෙයි. ඒක හොඳ අදහස අංකය කියන්නකෝ මහත්තයො මං කෝල් කරන්න. මේ වෙන කොට අපේ චමිත ෂීනන් හිටියෙ හොස්පිටල් එකේ. නමුත් එතුමා නුවර එළියට කතා කරල වැඩේ ගොඩ දාලා දුන්නා. අපේ ශාන්තිනීත් චමිත අයියට කතා කරන්න ස්ථානාධිපති තුමාගෙන් රාජකාරි දුරකථනය ඉල්ලන්න ගිහින් හොඳවයින් දෙක තුනක් අසාගෙනත් තිබුණා. 

මේ ජවනිකා සියල්ල අහවර වෙලා මල් කූඩය නිරුපද්‍රිතව හෝටලයට ගිහින් තිබුණා. දැන් මල් කුමාරලා වැඩ පටන් ගන්න ඕන වෙලාව. නැතිනම් සුන්දර මල් මාලා තමා උදේට. අපේ පවුලේ මල්කරු චමිත අයියාත් නැතිව ආධුනික මල්කරුවන් පිරිස මල් ලියකම් කොරවන්න ගිහින් හොට බිම ගත් හැටි මීළඟ සලාදයෙන් ලියැවෙයි.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....