එදා අග බිසවගෙන් ඇමතුමක් ආවා. කලිනුත් කිව්වා වගේ මගේ අනාචාරයේ හැසිරීමට එරෙහිව ඈ හවුස් කෝට් එකේ කේස් එකක් ෆයිල් කරලා තිබුණ නිසා මා එක්ක තරහෙන් තමා ඉන්නේ. ඇමතුම දුන්නේත් ඇගේ කළමනාකාරිය. ස්ත්රීණ රත්නං - පුස්තක රත්නං කියාගෙන ඉන්න මට ඉන් එහාට දෙයක් නැති නිසා එක ඇමතුමෙන් ම මං ඈ ළඟ. මොන දේ වුනත් අග බිසව තරහා වුනා ම නිකන් කසනවා වගේ දැනෙනවා. ඇයි දන්නෑ. වලියෙන් පස්සේ ඈ හමුවුනේ එක්වරයි. ඒ සිද්ධිය සමථ මණ්ඩලයට දාපු නිසා සමථ මණ්ඩලය කැඳවපු දවසේ විතරයි!! “ජීවිතයේ මට ඇති වටිනා ම වස්තුව පවුලයි කියාගෙන සමථ මණ්ඩලය ඉස්සරහා ලෝකෙට ම පේන්න සමාදාන වුනාට මොකද එතනින් එළියට ආ ගමන් ඈ මගේ ඇඟට ගොඩ වුනා. “තමුසේ මගේ විස්වාසෙ කඩ කළා. පිට ගෑනු ඉස්සරහ මට අවනම්බු කළා. මෙතනදි සමාදාන වුනත් මට තමුසෙව එපා......බ්ලා බ්ලා බ්ලා බ්ලා... ආදී වශයෙන් කණ පිරෙන්න වදන් වැලක් කර්ණ රසායන බෙලෙක් සරෙන් හුස්ම නාල්ලා ම කී එතුමිය පිට වෙලා ගියා. දැන් ඈ ම මට එන්න කියලා......
මං යද්දි උත්තමාවිය තේ පානය කරනවා. මං බලාන හිටියා. මොකක් හරි අහේතුවකට ඇගේ තේ කෝප්පට ඉහිරුණා. බොහොම ආචාරශීලී විදියට මගේ ලේන්සුව දුන්නත් ඈ පිළිගත්තේ නෑ. අග බිසව ඒ අතින් නම් හරි මුරණ්ඩුයි. මං කැමතිත් ඒ නිසා ම තමයි!! පස්සේ ඇගේ කළමනාකාරිය හෙවත් මගේ වෙනත් අන්තඃපුර සේවිකාවකට අවශ්යව කාරණේ කියලා මම එන්න ආවා. කොහොමත් ඇගේ ගණන් බලන්න ඕන ඊළඟ නැව ගොඩබානකම් විතරයි. නමුත් ඒ ටික කාලෙට හරි අගබිසවක් නැතිව ‘රාජ වෛශ්යා භූජංග මණ්ඩපය’ පාළු කරන්න මං කැමති නෑ. අයිසේ අග බිසවක් නැති රජෙක් හිටියා නම් ඒ මං ම වෙන්නැති. යකඩ දෝලිත් පුංචි බාල්දියක් දාගෙන කොරහත් බිඳගෙන ම ගිය එක විශාල පාඩුවක්. හිටිය නම් තාවකාලිකව අග බිසව තනතුරේ වැඩ බලන්න වත් දාන්න තිබුණා. මේ අලකලංචි නිසා ම අන්තඃපුර සේවිකාවන් කැඳවා පත්තරේ දැම්ම දැන්වීමට සාර්ථක ප්ර තිචාර ලැබුණත් තාම සම්මුඛ පරීක්ෂණයක් තියන්න වෙලාවක් ලැබුණේ නෑ.
ලග්නාධිපති බුධ මහ දසාවේ සෙනසුරු ඒ රාෂ්ටකයක් නිසා මගේ සිකුරා නීච වෙලා කියලයි අනාගත වෘක්තෘ කීවේ අම්මපා කාරණේ ඇත්ත. සංඛ්යා්ත්මකව කිව්වොත් පහුගිය සතිය තුළ විතරක් මා එක්ක තරහා වූ කතුන් ගණන 13ක්. අපේ පිය මහ රජාණන්ගේ අග බිසොව හෙවත් මව් බිසොවුන් වහන්සේ ඒ ලැයිස්තුවේ ඉදිරියෙන් ම සිටිනවා. නමුත් ඉන් බහුතරයකට සුදුසු සීනි බෝල දීලා, ප්ර තිජීවක සපයලා, ඉන්ජක්ෂන් හේම දීලා ජාමේ බේර ගත්තත් භද්රණ කන්යාහවන් දෙදෙනෙක් යළිත් දිනා ගන්න බැරි වුනා. විවාහය බාල වියේ දී හෙවත් කවුරුත් දන්න වි.බා.වියේ වගකිව යුතු තනතුරක් උසුලපු පැණිමාලි කෙනෙක් සහ නුවන් කුලසේකරගේ නැඟණියක වන පාංශු දේහධාරීන්ගේ සංගමයේ යාවජීව සාමාජිකත්වය හිමි, ජාත්යෙන්තර සබඳතාවන්හි ප්රාදීපස්ථම්භයක් වන් කේතලේ මල්ලක් මෙලෙස මා හා උරණ වූ කන්යාකවන් අතර ප්රණධානයි.
මේ ජෝඩුව ම පට්ට ආඩම්බරයි. අපිත් ඉතිං don’t care තමයි. විමර්ශන අංශයේත් ජංගම දුරකථන පාවිච්චි කරලා දෙන්නා ම කුප්රලකට ඉතිහාසයක් තියෙනවා. දවසේ වැඩි හරියක් ජිම් එකේ වල් පල් දොඩන කාන්තාවට හිම ස්වර්ණ සම්මානය (The Gossip Couple of the year 2009) ද මේ ජෝඩුව විසින් දිනා ගත්තා. අර කේතලේ මල්ල නම් පාංශු දේහධාරීන්ගේ සංගමයේ ‘උණ’ නිසා ද කොහෙ ද හරි ම එඩිතරයි. කොටින් ම වලිය තිබුණු දවසේ කරදරයක් නැතිව ෆැකල්ටියට යන්නත් ඈ සමත් වුනා. “මං අද ආවේ මේ article එක දෙන්න, අනේ please මාත් එක්ක ෆැකල්ටියට යන්න එන්න.” ඈ බැගෑපත් වුනා. ඇගේ ඉල්ලීම අහක දාන්න වුනේ දුවන කෝච්චි වලට බෙල්ල තියන්න එපා කියලා පැණියා මාව දැනුවක් කළ නිසා. කොහොමත් කොණ්ඩේ වනාගෙන, තොල් සායම් තල්ලියක් තවරන්, ගරාන්ත කළු ඇඳුමක් ඇඳන් ආපු ඈට කිසිදු අනතුරක් නොවී සංගමන්කන්ද තුඩුවට උනත් යන්න පුළුවන් බව මට වැටහුණා. අනික එදා කෙළ ගන්න අස්සේ මෝහිනී සැබෑ වෙසින් දැක්ක ම කොහොමත් කොල්ලෝ බය වෙන්නැති. ෂුවර්....
කතාව මේකයි. කොහෙන් කොහෙන් හරි අර ප්ර්දීපස්ථම්භයේ ‘සිලුවට්’ ඡායාරූපයක් අපිට ලැබුණා. ඒ සාධක අනුව ඇගේ අනාගත සහකරු ගැන අපි කරපු අදහස් දැක්වීමක් නිසා තමයි මේ කුමාරිකාවෝ තරහා වුනේ. පැණිමාලි ඇතුළු සියලු දෙනා ඇගේ වෙන්ඩ හබියා ගැන පසුගාමී අදහස් තමයි දක්වලා තිබුණේ. දැන් අර ඡායාරෑපයේ ඉන්න නිරූපණ ශිල්පියා අපි දන්න කියන කෙනෙක්. ඉතිං කාගේ වුනත් මෑන්ස් පව්නේ කියලා හිතලා මං බේරගන්න comment එකක් දැම්මා. ඔන්න ඕකට වැඩිපුර ම තරහා ගත්තේ වි.බා.වියේ රාජිනිය. “ඔයා මොකට ද මගේ යාළුවට එහෙම කිව්වේ???” ආදී වශයෙන් ප්රාශ්න පත්තරයක් ඈ දිග හැරියා. මං ගැටලුව උත්සන්න වෙන්න ඉස්සර කේතලේ මල්ලට කතා කළා... “මෙහෙමයි ඔයා කියන ඔය ෆොටෝ එකේ නියම කෙනා ඉන්න බෑ” ඇය මගේ එක තර්කයකට පිළිතුරු දුන්නා. හරි ඒ කියන්නේ මගේ comment එක ඇත්ත නියම කෙනෙක් ඉන්නවා ?? මාත් ගොඥා ඇහුවා. “අයියෝ ඔයා දන්නවනේ එහෙම එක්කෙනෙක් කියලා නැති බව” ඈ සරලව සුගමව පැහැදිලිව උත්තර දුන්නා. මගේ සරුවාංගෙ ම සීතල වෙලා දතකට පූට්ටු වුනා. දැන් ඉන්න කෙල්ලෝ රට්ටු පද හදන්න ඉස්සෙල්ලා තමන් ම හදා ගන්න කැමතියි කියලා මං අහලා තිබුණත් ඒක හරියට ම ඇත්තයි කියලා හිතුනේ ඒ සිද්ධියෙන් පස්සේ!!!
Monday, June 14, 2010
සූටින් සූටින්.....

චිත්රනපටයේ වැඩේට කවුරුත් සම්පූර්ණ අවධානය දීලා කරා. සම්මානනීය ගායක ජනප්රිිය නළු කලා කීර්ති ප්රෞැඩ තමයි ප්රදාන චරිතයට පණ පොවන්නේ. ඒක දණ ගාන දර්ශනයක්. නෑ මං කිව්වේ කණුවක් බදාගෙන බිම වැටෙන එකක්. අනේ ඉතිං මටත් ඔය ලයිට් එකක් අල්ලන් ඉන්න සිද්ද වුනා. කාරි නෑ කියමුකෝ... නමුත් ඊළඟට සිද්ද වුනේ දේශන ශාලාවේ කවුළුවකින් එන ආලෝකය නවත්වන්න. මං ෆයිල් එකක් කවුළුවට තියලා දොරත් වහන් දැන් ඉන්නවා. දර්ශනය ඉවර වෙන පාටක් නෑ. දොර වහලා නිසා මට පේන්නෙත් නෑ. පස්සේ ඕන නඩුවක් කියලා දොර ඇරිය ම සෙට් එකේ කස්ටිය හිනා වෙවී කතා කර කර ඉන්නවා. තාම ෂූට් කරන්න කැමරා ඔන් කරලා වත් නෑ. මං පව් අප්පා......
ඊළඟ දර්ශනය තිබුණේ ෆැකල්ටි ඔෆිස් එක ඉස්සරහා කොරිඩෝවේ. නමුත් කරුමෙට ඒ මැද යුවලක් පෙම් හබයකට මැදි වෙලා. උද්වේගකර ජවනිකාවක්. සමහර ප්රේ ක්ෂකයෝ ඇඟිලි විකමින් නරඹනවා. විටෙක අතපය විසි කරමින්, තවත් විටෙක පෙම්වතිය හැර අඩි කිහිපයක් ගොස් නැවත පැමිණෙමින් කෙරුණු ඒ තාත්වික රංගනය තුළ සතර අභිනය මනාව කැටි වූ බව කිව හැකියි. කස්ටිය දෙන්නාව ඉවත් කරන්න හිතුවත් සැබෑ ප්රේංමවන්තයකු වූ ප්රෞැඩ ඊට ඉඩ දුන්නෑ. අන්තිමේ දී උන් දෙන්නා යනකම් ඉඳලා අපි වැඩේ කරගත්තා. ඒ වෙලාවේ අමන්දාට වෙච්ච දේ ගැන නම් ලියන්නේ නෑ. හැබැයි දැන් නම් අමන්දා ජයවර්ධන බිත්තියකට හේත්තු වෙන්න කළින් දෙපාරක් හිතනවා කියලයි කියන්න තියෙන්නේ.
තව ටිකකින් අර යකඩ දොරකුත් කැඩෙනවා. තොටයා ඩම් එක දාලා ඇද්ද විදියට මං හිතුවා අහවරයි කියලා. දැන් සියලු දෙනා දර්ශන තලයේ වැඩ ඒ අතරේ හැමදාම කචල් පාර්ශවේ අතීසාර යුගලය වල් වැදීම සම්බන්ධයෙන් නළුතුමා ප්රලශ්න කළා. “දැන් උඹලා දෙන්නා මේ වැඩේට නැද්ද?? නළුතුමා ඇහැව්වා. ඇයි?? තොපි දෙන්නා තරහා වුනා ම අපිට වදේ. දැන් යාළු වුනා මත් අපිට පාඩුයි. මොකද වැඩේට එකෙක්වත් නෑනේ?? නළුතුමා දෝෂාරෝපණය කළා.
ප්රෞ ඩ බිල්ඩිමෙන් බිමට වැටෙන දර්ශනයත් නියමෙට රූ ගත කෙරුණා. අර සිමෙන්ති පොළොව බදාගෙන කිසිදු චකිතයකින් තොරව බිම සිපගත් මහා නළුවා චරිතයට උපරිම සාධාරණයක් ඉටුකළා කියන්න පුළුවන්. කැමරාකරු cs ට නම් බයේ වෙවුලමින් කැමරාව හසුරුවු දැකගන්න ලැබුණා. ඒ රූ ගත කිරීම තනි අතින් සර්කස් පෙන්වීමක්. අන්තිම දර්ශනයත් ඉවර වුනා ම අපි කන්න ගියා. දැන් කස්ටිය ම හවස තේනුවර මහතාගේ ප්රකදර්ශනයට යන්නයි ලෑස්තිය. අලුතාගේ මිත්ර්යන් දෙදෙනා එනකම් අපි කැන්ටිමේ කල් මැරුවා. තවත් පිස්සු ජවනිකා රැසක්. අලුතාට මොකකට හරි ප්රෞවඩ එක්ක තරහා ගිහින්. හැබැයි ප්රෞිඩග් ප්ර ශ්නයකට අහක බලාගෙන අලුතා උත්තරයක් දුන්නා. “ඒ මොක ද උඹ අහක බලාගෙන කියන්නේ? මෙහේ බලන් කියපන්” කස්ටියට ම හිනා. අන්තිමේදී සාකච්චා රැසකින් පස්සේ කලාභවනට යන්න අපි හැමෝ ම පිටත් වුනා.
අවාරේ සරසවි.......
අත්තනෝමතිකව ගුටි කෙළ ගැනීමෙන් පසු කැම්පස් වසා ගැනීම යන අධි චෝදනාව යටතේ බරපතල වැඩ සහිතව නිවාස අඩස්සියේ සිටි කැලණියේ සරණාගතයින් හට තීරණාත්මක විමුක්තියක් ලැබුණේ පහුගිය බ්රතහස්පතින්දා දවසේ විශ්ව විද්යාිලය අධ්ය යන කටයුතු සඳහා යළිත් විවෘත වීමත් සමඟයි. නමුත් වැඩි හා හූවකින් තොරව කෙරුණු මේ හදිසි විවෘතය ගැන යුනිසික් හැදී උත්සන්න වූ පිරිස සතුටට පත් වුවත්, හදිසියේ ලද පොට්ට චාන්ස් එකෙන් විනෝද ගමන් යමින් කල දුටු කල වල ඉහගත් අය නම් අමනාප වුනා. “ ඇයි වදේ ඕක සඳුදා ම පටන් ගත්ත නම් හරිනේ. දවස් දෙකකට ඇවිත් යන්න. අනේ අපි නම් යයි!!” සමහරු කිව්වා. හැබැයි ගෙදර හිටපු කාලේ අපේ බුවාලා නිකම් නොහිටිය බව පහුගිය කාලෙ පළ වූ ජාතික පුවත්පත් රැසක කවි කොළය කියවීමෙන් සහ සංවාද පිටුව කියෙව්වාම පැහැදිලි වුනා. ඒ අතින් ගෙදර ඉන්න කාලෙ කස්ටියට අපූරු කවි සංකල්පනා පහළ වෙලා. ලංකාදීපයේ කවි කොළය පුරා ම අපේ සරසවි සිසුන්ගේ නම් තිබුණ දිනයකුත් තිබුණා මතකයි.
බ්රයහස්පතින්දා සරසවි යන්න බැරි වුනේ මගේ ජල්තර ගේමක් තිබුණු නිසා. එදාට නියමිත දේශනය නාහෙන් අඩලා අපි විසින් ම අවලංගු කර ගත්තා. දේශන නැතත් මං සිකුරාදා නම් මං ගියා. ඇත්තට වශයෙන් ම සරසවිය විවෘත කර නැත්දැයි සිතෙන තරම් පාළු මූසල ගතියක් තමයි පෙනෙන්න තිබුණේ. ෆැකල්ටියට ගොඩ වෙනවත් එක්ක ම දන්න අඳුනන ආචාර්යවරියක් අධ්යූයන වාරයේ පළමු දෝස්මුරය එල්ල කරමින් සුපුරුදු ප්රවතිවාදනය ආරම්භ කළා. “වයන්න සිතාරේ වයන්න ඔබේ” යැයි සිතින් මුමුණමින් මාත් අහන් හිටියා. “මාසයක් වහලා කැම්පස් පටන් ගන්න දවසේවත් ළමයින්ට ඉගෙන ගන්න එන්න බෑ නේද?” මැඩම් ඇහුවා. “ඔව් ඉතිං අපි වහගත්තට මේ හදිස්සියේ අරින්න කියලා ඉල්ලීමක් කළේ නෑනේ. අනික VCතුමාගේ නිවාඩුව අවසන් වූ පළියට අරගලය තුළින් අප ලබා ගත් නිවාඩුව අහිමි කිරීම හරිම අසාධාරණයක්” මාත් තවුසන්ඩ් ටෝකක් දුන්නා. “ඇත්ත ද ඔව් මෙයාලට තව ටිකක් නාකි වෙන්න අරින්නයි තිබුණේ...නිකම් පණ්ඩිත වාක්ය නැතුව මේ පාර වත් වැඩ ටික හරියට කරගන්න බලන්න” තරුණ ආචාර්යවරිය ටිකක් සැර වුනා. “දැන් කොහොම ද වැඩ කටයුතු??” තවත් ප්රයශ්නයක් “ම්....... අයිපා ඉවරයි. පිපා පටන් ගත්තා තව.... සීපා ගැන නම් කතාවක් නෑ.” මං කිරලා මැනලා දුන්න උත්තරයට දවා හලු කරවන බැල්මක් හෙළපු ඇඳුරුතුමිය ඇසි පිය හෙළන පමාවෙන් එතැනින් ඉවත් වුනා.
එදා ඉන්ද්රනනාත තේනුවර මහතාගේ සේයා රෑ දැක්මට යන්න අපි සැලසුම් කරලා තිබුණා. මේ අතර අයිමැට් කස්ටිය සිංගල්ගේ කෙටි චිත්රරපටියේ සූටින් කියලා ආරංචි වුනාම අපිත් එතෙන්ට ම සෙට් වුනා. හැබැයි එතැන අරා හිටියේ නෑ. හොයලා බැලුවා ම ප්රිදර්ශනයේ සංවිධායකමක් දරමින් අරා කලාභවනේ බව ආරංචි වුනා. ඡායාරූප ශිල්පී තේනුවර මහතාගෙන් තමා ලද කැමරාවක් නිසා මෙසේ වැඩ කරන බවයි කට්ටිය නම් කතා වුනේ. හැබැයි අරවින්දට එන වැඩ වල හැටියට ඒ වගේ වැඩ ඉතාමත් ප්ර ශස්ත මට්ටමේ ඒවා බව කිව යුතුයි. රොයිටර් වාර්තා කරන අන්දමට මේ දවස්වල රාත්තිරියට ගෑනු ළමයි බෝඩිමට ඇරළවීම තරම් වෙන වැඩක් අරාට නැති ලු. ළඟදීම කාන්තා ආරක්ෂක සේවයක් අරඹමින් සුවහසක් කාන්තාවන් රැක ගැනීමට වැඩ පිළිවෙළක් දියත් කරන බවයි සඳහන් වෙන්නේ. ඔබත් ගැහැනු ළමයෙක් නම් වෙසක් බලන්න යන්න, (ආ.... පහුවුනානේ?? පොසොන් බලන්න යන්න) එතනින් ගියා ම කිසි ම ගෑනු ළමයෙක්ට තියා කොල්ලෙකුට වත් ලේසියෙන් බලන්න බැරිවෙන 9.30 ෂෝ එක බලන්න යන්න තාත්තා තරම් ම විශ්වාසවන්ත කෙටි කාලීන ආරක්ෂකයෙක් හොයනවා නම් ideal චන්දරේ බව අවිවාදයෙන් ම කියන්න පුළුවන්. We guarantee trustworthy service 100% Note: Full time service can be arranged on demand (ඒක කෙනෙක්ගෙන් අහලා කියන්න ඕනලු ඒකයි.)

Tuesday, June 8, 2010
අලි මදිවට හරක්
බාහිර සිසුන්, කැලණියට වසරකට හතළිස් දහසක් බාහිරව ලියාපදිංචි වෙනවා. දිවයිනේ සිව්කොනින් සෙනසුරාදා උදේට එන මේ අමුත්තන්ගෙන් සමහරු බසයට නඟින්නේ සිකුරාදා රෑ. විවිධ අපහසුතා, දුෂ්කරතා ඒ ජීවිතවල ඇති. නමුත් මොන ගැටළුව නිසාවත් ඔවුන් මරා ගන්නේ නෑ. අපි වගේ ගහ ගෙන වහගන්නේ නෑ. ඒ ගෙවලා ඉගෙන ගන්න නිසා ද මන්ද. මං දවසක් අම්මගෙන් මේ ගැන ඇහුවා.
“ඒ අය තමන්ගේ රැකියාවල ඉදිරිය සඳහා උපාධිය කරන මිනිස්සු. සමහරු තුන් පාර ම ඇණ ගෙන බාහිරව පෙනී සිටින්නේ. ඒ අය ගිනි පෙනෙල්ලෙන් බැට කාපු අය. කණා මැදිරි එළිය කෝමත් බයයි. තවත් කල් මරමින් අත්හදා බලන්න ඔවුන්ට අවස්ථාව නෑ. සුදුසුකම් මත ඉහළට යන්න උපාධිය අත්යිවශ්යම නිසා ඔවුන් ඕනෑම වගකීමක් ගන්නවා. එහෙම ගන්න බාහිර අපේක්ෂකයින් හා ඔයා ව එක ම සම්මුඛ පරීක්ෂණයට යැව්වොත් සත්තකින් ම බාහිර උපාධිධාරියා තෝරා ගන්නවා. ඒ මොකද ඔයාලා අවුරුදු හතරක් හෝ පහක් නාකි වෙද්දි ඒ කාලය තුළ ලබන සුළු හෝ වෘත්තිය අත්දැකීමෙන් අර ළමයා ඔබට ඉදිරියෙන් සිටින නිසා. ඒක හින්දා පිස්සු නොකර වැඩ කරලා පන්ති සාමාර්ථ්යඉක් ගන්න..... (අම්මට පිස්සුද කියලා අහන්න බැරි කමට මං මට ම හිනා වුනා)”
හරි ඒත් මං කරන්නේ කවුරුත් නොකරන ලංකාවේ තාම අඩු උපාධිධාරීන් පිරිසක් ඉන්න උපාධියක්නේ?? මට අවුලක් නෑ මං ගැලවෙන්න තරක කළා.
“ අන්න පුතා ඔයාට වැරදුනා. දැන් ඔයාලා උපාධිධාරීන් වෙන්න ඉස්සර ඔය ෆීල්ඩ් එකේ මිනිස්සු වැඩ කළේ නැද්ද?? වෘත්තිය මට්ටමේ චරිත ඉඳලා නැද්ද?? එක ම දේ ඔවුන්ට වෘත්තිය සුදුසුකම් ඔප්පු කරන්න සහතික නැති එක විතරයි. නමුත් අවුරුදු ගාණක් පදම් වෙලා ගත්ත ඒ අයගේ දැනුම, පළපුරුද්දත් එක්ක ඔයාලාට හැරෙන්නවත් බෑ. ඒ අය උදේ හවස වැඩ කරන්නේ එක ම ෆීල්ඩ් එකක. ඒ අය ඉස්සරහා ඔයා අඟුටුමිට්ටෙක් විතරයි. දවසක ඒ අයටත් සුදුසුකම් ලබා ගන්න ක්රදමයක් ලැබුණොත් ඒ අය ඔයාලට වඩා ඉස්සරහින් ඉඳීවි!! ඒ නිසා නියම තරඟකරුවන් හඳුනාගෙන පුංචි තැන ඉඳන් පටන් ගන්න”
අම්මා එදා කියපු කතාව දැන් ඇත්ත වෙලා කියලා දැන් මට පේනවා. කාරි නෑ. මගේ අලුත් යාළුවෝ වගේ ම ලෙචාත් කිව්වේ තව වයස තියෙන නිසා අවුලක් නෑ කියලා. ඒත් අවුලක් නැත්තෙමත් නැති වගේ මගේ පුංචි පුංචි නුවණිනා වැටහෙනවා.!!

මගේ උපාධියත් සින්න වූ වගයි!!
තවත් අධ්යඑයන කොන්ත්රා්ත්තුවක් අත්සන් කළ නිසා මගේ එක ම නිවාඩු දවස වුන සෙනසුරාදාටත් වැඩක් වැටුනා. කැම්පස් වහලා නිකම් ගෙදරට වෙලා ඉන්න එකේ අධ්යුයන පාඨමාලාවක් හදාරන්න කියලා අපේ ගෘහ පරිපාලනයේ නිශේධිත බලය හිමි උත්තරීතර ඒකාධිකරය හෙවත් අපේ පියාණන්ගේ එ දවස පෙම්වතිය, ව්ය වහාර බසින් මගේ මව නියම කළා. කාලා වරෙන්කෝ?? ඇයි වදේ රජයෙන් දෙන එක මදි ද මන්දා.
කැම්සුත් වහලා නිසා ඕන එකක් ඉගෙනගනින් කියලා අප්පච්චිත් පළයන් කිව්වා. මේ නිසා මට ලැබුණු ශිෂ්යනත්වයක් මත London Chamber of Commerce & Industrial Qualification (LCCIQ-UK) හි Dip. In Travel & Tourism හැදෑරීමට මට සිද්ධ වෙනවා. පළමු දවසේ දේශන ඇරඹෙන්නේ නවයට බව දන්වා තිබුණත් අයිෆා සුපිරි තරු කොළඹ බදු අරන් හිටි නිසා ආයතනයට මං යද්දි ටිකක් වෙලා ගිහින්. මූලික හඳුන්වාදීමේ දේශනය එහි පැවැත්වෙනවා. ලස්සන නාග කන්යාෆවක් මටත් එහි පත්රිවකාවක් දුන්නා. අතට අරං බැලුව ම තමා මගේ ඉහ මොළ රත් වුනේ. කිව්වම මොකෝ ආයුබෝන් අපේ විශ්ව විද්යාෙල උපාධිය ම එහි පාඨමාලා තුනක් යටතේ උගන්වනවා. පදනම්, අන්තර් මධ්යමම සහ උසස් වශයෙන්. ආයිස් අම්මා ගුණ්ඩූ... කිව්වලු. පදනම් පාඨමාලාව අටදහසයි, ඊළඟට දසදහසයි, අවසාන මට්ටම පහළොවයි. සියල්ල තිස්තුන් දහසයි. අවුරුදු දෙකයි. ප්රැහක්ටිකල් සහිතයි. බඩ සුද්දයි. නියමයි...
මං නම් පිනා ගියා. අපි අවුරුදු හතරෙන් ගන්න උපාධිය කඩෙන් අවුරුදු දෙකයි. ලංකාවේදී ම ගත හැකි වීමත් සැලකිය යුතු ගණනකින් ලාභදායී නිසාත් මං ඒක කරන්න හිතුවා. රජයේ උපාධිය බල්ලට ගියාවේ... මූලික සුදුසුකම් කිසිවක් අවැසි නෑ. හැබැයි මූලික පරීක්ෂණය නම් සමත් විය යුතුයි. මාධ්යම නම් කඩ්ඩ තමා. සම්පූර්ණ ශිෂ්යවත්ව පහළොස් දාහක් දෙනවා. මේක ලංකා සංචාරක අමාත්යංසශය අනුබද්ධවයි කරන්නේ. අපේ ක්ෂේත්ර්යේ ඉන්න බහුතරය කිසිදු පිළිගත් සුදුසුකමක් නෑලු. කර්මාන්තයට අවශ්යඅ මානව සම්පත බලගැන්වීමට ලු අඩු මුදලට වෙන්දේසියේ ම විකුණන්නේ. අනේ ඉතිං රජයෙන් උපාධි ගන්න අපිට මොකා වෙනව ද ? කියලා මං ලන්ඩන් විශ්ව විද්යා ලේ ප්රොනපෙක්ගෙන් ඇහුවා. අවුලක් නෑලු. ඔයාලා ගැන රජය බලා ගනීලු. ඇරත් දැන් ඔයා අපේ ශිෂ්යෙයෙක් නිසා රජය ගැන කලබල වෙන්න එපාලු!! අනාගත වෘත්තිය ගැන ඒ අය සහතික වෙනවලු.
පට්ට ම ආතල්. බඩු ම තමා. මට දැනගන්න ඕන විශ්ව විද්යාගල ශිෂ්ය යෙක් විදියට මට අන්තෙට ම ඒ ආකාරයට කෙළවෙලා ඉද්දි ඔය විශ්ව විද්යාදල අධ්යා්පනය පුද්ගලීකරණය කරන්න එපා කියලා කෑ ගහන බොන්ඩිගේ පුතාලා ළඟ පාතක ඉන්නව ද කියලයි. ඉන්නව නම් උන් දැන ගන්න ඕන දැනටමත් පුද්ගලීකරණය වෙලා අහවර වග.
මං ප්රයමාද වෙලා හරි නියම තැනට ගියයි කියමුකෝ... ඉන් පස්සේ තිබුණේ වෙල්කම් පාර්ටියක්. අපි හැමෝ ම හඳුනාගන්න අවස්ථාව ඉන් ලැබුණා. කියලා වැඩක් නෑ. එහි හිටියේ සංචාරණය ඉගෙන ගන්න අපි වගේ කුරුමිට්ටෝ වෙනුවට ඉහළ වෘත්තිය නිපුණත්වයක් ඇති වෘත්තිකයින් පිරිසක්. ඒ අතර ගුවන් සේවිකාවන් දෙදෙනෙක්, සංචාරක නියෝජිතායතන (Travel Agency) වල පිරිස්, ගුවන් ටිකට්පත් මෙහෙයුම්කරුවන් (Ticketing Officers), හෝටල් ක්ෂේත්ර යේ අය, බැංකුකරුවන්, වරලත් ගණකාධිවරුන් සහ ගෘහ නිර්මාණ ශිල්පිනියක් යන අය කැපී පෙනුනා. කියන්න සතුටුයි මං තමා පුංචි ම එකා. බහුතරය අවුරුදු තිහට ඉහළ උදවිය. ඒ අය සියල්ලන් පැමිණ සිටියේ තම වෘත්තිය සුදුසුකම් ඉහළ නංවා ගන්න මිස අලුතින් යමක් ගෙන ගන්න නෙමේ. මට ඔවුන් වැදගත් වන්නේ ඔවුන්ගේ සම්බන්ධතා ජාලය අනාගතයට වැදගත් නිසයි. ඒක සංචරණය පිළිබඳ වෘත්තික සමුළුවක් වගේ.
සංචාරක මණ්ඩලයේ අයත් පාඨමාලාව අධ්යකයනයට පැමිණ සිටියා. ඒ අය අතර අයිෆා සංවිධායකයින් ද සිටි අතර ඔවුන් කළින් ම දන්වා බැහැර ගියා. මෙහෙම ගෙවලා ඉගෙන ගන්න තැන්වල විවිධ වයස් මට්ටම් වල පිරිස් සමඟ ඉගෙනීම මට අමුතු අත්දැකීමක් නෙමේ. කළින් කොළඹ විශ්ව විද්යාිලයේ දෙමළ ඉගෙන ගනිද්දීත් ඒ වගේ තමා. සමහරු අපේ අම්මලගේ වයසේ උදවිය. අපි ඔවුන්ට සර් හෝ මැඩම් කියද්දි ඔවුන් අපිට පුතා කියනවා. අපූරුයි. එහිත් දැන් මට අලුත් යාළුවෝ පිරිසක් ඉන්නවා.
හැබැයි මේ අලුත් යාළුවෝ බහුතරය ව්යාරපාරය තුළ හොඳින් පදම් වෙච්චි අය. ඇතමෙක් ප්රඅකට ආයතන වල අවුරුදු දහය දොළහ සේවය කර තිබෙනවා. ඔවුන් තාමත් පටන් ගත්ත තැන ඉන්නේ ලංකාවේ අධ්යාුපනය ලබා ඉහළට යන්න අවස්ථා නැති නිසා කියලා හැමෝම වගේ කිව්වා. කාරණේ ඇත්තක් තියෙනවා. තාමත් ලංකාවේ කිසිදු රජයේ හෝ පුද්ගලික විශ්ව විද්යා ලයක සංචරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා දෙන්නේ නෑ. (කැලණිය නම් කාට කාට හරි විකිණෙන නිසා ළඟදීම හෝල් සේල් ප්ර්යිස් එකට මේ උපාධියත් විකුණනවා. ෂුවර්)
ඒ මගේ වයසක යාළුවෝ ගැන. එහිදී මට හමුවූ තරුණ යාළුවන් ගැනත් කියන්න ඕන. ඒ සහතිකය ජාත්යුන්තරව පිළිගන්න නිසා බොහෝ දෙනා හදන්නේ ඒක කරලා රට පනින්න. ගුඩයිඩියාවක්....කොහොමත් ලංකාවේ තරුණයන්ගෙන් බහුතරයක් විදේශගත වීමේ අපේක්ෂාවෙන් ඉන්න බව පහුගියදා කොළඹ විශ්ව විද්යාතලයේ සමාජ විද්යාත පීඨය කළ සමීක්ෂණයෙන් හෙළිවුනා. මේ රටින් නියම විදියට යන්න බැරි නම් බෝට්ටුවක හරි යන එක තමා ප්ලෑන. අපි ලෝකෙන් උතුම් රට යැයි කිව්වට උන්ගේ හීන හැබෑ වෙන්නැත්නම් අත්තටු හයිය වෙච්ච ගමන් උන් පියාඹලා යනවා. අපි විදග්ධ බසින් ඊට ‘බුද්ධි ගලනය’ කියනවා. කොහොමත් ගිලෙන නැව් වලින් ඉස්සෙල්ලා ම පනින්නේ මීයෝ කියනවනේ??
එහි සංවිධානාත්මක දේශන ක්ර?මයක් ද තියෙනවා. සාමාන්යෙයෙන් තමන් දැනුමෙන් සන්නද්ධ නැත්නම් බොරු උගන්වන්නැතිව ළමයින්ට හරි දේ උගන්වන්න තමන් ඉගෙනගත යුතුයි කියලා මතයක් දැන් ගුරුවරු අතර තියෙනවා. මං දෙමළ කරන කාලේ අපේ පන්තියේ බොහෝ පාසල්වල ද්රරවිඩ භාෂා ගුරුවරු කොළඹ පැමිණ ඉගෙන ගෙන ගමේ ගිහින් ඉගැන්නුවා. දන්න තරමින් රාජකීය විදුහලේ ද්රිවිඩ ගුරුතුමියත් අපේ ගුරුතුමාගෙන් ඉගෙන ගත්තා. ඊට ලැජ්ජා විය යුතු නැහැ. ඉගෙන ගෙන ඉගැන්වීම අද ප්රුවණතාවක් (trend) වෙලා. අපේ විශ්ව විද්යාලයේ ජර්මන් භාෂා ආචාර්යවරිය මීට ටික කළකට ඉහතදී Goethe Institute හි ජර්මන් ඉගෙනනිද්දි ඈට අක්කා යැයි කියූ මල්ලියෙක් අද ප්රGථම වසර සිසුවෙකුව එහි පැමිණ ඈට කටපුරා මිස් කියනවා.
මේ නිසා අද අපි වෙසෙන දැනුම ප්රා ග්ධනය වෙන සමාජය කුහක නැහැ. හැමවිට ම බෙදා ගන්නට බලා සිටිනවා. තත්ත්වය එහෙමයි. වැඩිහිටි ප්රහජාව අතරේත් උසස් අධ්යාගපනය ගැන විශාල පිබිදීමක් තියෙනවා. අපේ අම්මා වුනත් අද මා සරසවියට යන විට අපි නිසා අඩාල වූ පශ්චාත් උපාධි කටයුතු යළි ආරම්භ කරලා (ඒකෙන් මටයි වදේ, නමුත් ඈට කටයුතු අඩාල කළ කරදර කාරයාත් මම මයි)

ලෝකල් තරු වලට තරු පෙනෙයි!!
ලංකාවේ දේශීය නළුවන්ට අයිෆා අගුණ බවයි සංවිධායකයින් කල්පනා කළේ. සියල්ල මේඩ් ඉන් ඉන්ඩියා වෙද්දි ලෝකල් බාල බඩු දාලා මාර්කට් එක අස්පට් කරගන්න ඔවුන් කැමති වුනේ නෑ. කෝමත් ලංකාවේ තරු කියලා අය නෑ. සමහරු පුද්ගලිකව තමන් තරු කියලා හිතන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ඇත්ත කතාව තරුවක් කියන්නේ යම් මට්ටමක්. ඒ තත්ත්වය ආරක්ෂා කරන්න පවත්නා වෙළඳපොළ සාධක අනුව කිසිදු දේශීය කලාකරුවකුට බැහැ. ඒකයි අපේ කිසි ම නළුවෙක් නිළියක් අපිට තරුවක් හැටියට නොපෙනෙන්නේ.
නමුත් වාණිජ වශයෙන් ඉහළ ස්ථාවරයක් අත් කරගෙන සිටින ඉන්දියාවේ තරු අපිට හුඟක් ඈතයි. අපි ඇත්තට ම ඔවුන් දකින්නේ චිත්රඅපට හරහා විතරයි. අපේ නළුබට්ටෝ මෙගා වලත් දිගට හරහට රඟපාලා අපිට ම එපා වෙනව. මේ සියලු කාරණා නිසා බොලිවුඩ් සුපිරි තරුවක් සියැසින් දැක ගන්න එක සමස්ත ලාංකිකයන්ට විශාල අවස්ථාවක්. ඉන් පුද්ගලිකව දේශීය නළුවන් හෙළා දකිනවා නෙමේ. නමුත් නළුකම තවමත් වෘත්තිය මට්ටමකට පිළිගැනීමට ලක්වී නැති ලංකාවේ සුපිරි තරු ගැන කතා කිරීම විහිළුවක්. ඒකයි මං නැවතත් කියන්නේ අපිට තරු නෑ කියලා. ඒ හිඩැස පුරවන්න ඉන්පෝර්ටඩ් බොලිවුඩ් තරු කදිම ආදේශයක්. දැන් ගන්න මාලනී මැඩම්. අද නම් හෙළ සිනමාවේ නිළි රැජින පාර්ලිමේන්තු මන්ත්රීදනී වුනත් දැන් රජගෙදර කුස්සි අම්මා. අද ඈ දේශපාලන චරිතයක් මිස නිළියක් නොවන නිසා පසුපස අසුනක් දීම සාධාරණ නෑ කියලයි මං හිතන්නේ. නමුත් අයිසේ කරුමෙ කියන්නේ මහරජා එක්ක වාඩි වෙන්න තරම් ප්රංබල පුටුවක ඈ නොසිටීම. ඔන්න එහෙම වුනා නම් රජතුමාට අල්ලපු පුටුව ම දෙන්න තිබුණා.
තව සනතා පච ආන්ටිගේ කාලේ ‘රජ ගෙදර පරවියා’ ඒකටත් හරි දැන්. හැබැයි සනතා නම් සිනමන් හෝටලේ ලොබියේ ඉඳලා කවුරුත් තමන් එක්ක කතා නොකළ නිසා පච වෙලා ඇවිත් තිබුණා. ඇයි රවි+ඉන්දර හෙවත් රන්මිණි තැන්නේ අයිතිකාරයා. මිනිහට සම්මාන උළෙලට සහභාගී නොවෙන්න පුද්ගලික හේතු තිබුණලු. ඇත්ත කතාව නම් ඉතිං සිනමා වැඩමුළුවේ ප්රවධාන දේශනය චන්ද්ර න් රත්නම්ගෙන් උදුරගන්න චන්ද්රුන් රත්නම්ගේ ගෙදරට ඩෙටනේටර් දාලා, මෑන්ස්ව හිරේත් යවලා, දන්න වැඩ කිඩ ඔක්කො ම දැම්මත් අන්තිමේ දී බුවාට අදාල දේශනය හිමි නොවීම නිසා ලැජ්ජාවට ම පොර ආවේ නෑ. අන්න ඒකයි මේ පුද්ගලික හේතුව. රවීන්ද්රා අජාසත්ත ඒ තරම් කුපාඩි කමක් කරලා සුදනා වගේ රජගෙදර නළු පාටියට ඇවිත් තව මාධ්ය ට ප්රදකාශත් නිකුත් කරනවා. මං එකෙන් ම ඒ උලමගේ ‘මයින්ඩ් ස්ටාර්’ වර්ජනය කළා. වැදි බණ. පුහ්.... යකාට ගියාවේ. ඔන්න අපේ කුහක නළුවන්ගේ හැටි තව මුන්ට ආරාධනා නොකළයි කියලයි බණින්නේ. අනේ අම්මපා අන්තිම මොහොතේ හරි මුන්ට ආරාධනා පත්රේ ගන්න කියපු එකයි වැරැද්ද. අපි ම නේ මේ නරි ෆෝම් කරලා තියෙන්නේ??
ඇරත් මාලක්කාට, ලොකු මාමගේ පාර්ටියට එන්න හොඳයි. හැබැයි සම්මාන උළෙට එන්න කියද්දි සෞඛ්යක පිරිහිලාලු. අහන්න දෙයක් ද මල්ලි අපේ මාමත් එක්ක හිටිය ම දහදුරාවේ තියෙන මොන ලෙඩේ ද නොහැදෙන්නේ?? දැන්නම් ඈට සෞඛ්ය්ක් ඇත්තෙ ම නෑ තමා. හැබැයි අපරාදේ කියන්න බෑ තාමත් මාමා ඈ කියන දේ නැන්ද කියන දේට වඩා නම් අහනවා. බන්දුල අංකල්ට නැවතත් පත්තරේ මුල් පුටව දෙන්න කිව්ව ම මාමා බල්ලා වගේ පත් කළා මිසක් හ්ම් කිව්වේ නෑ. ඒ වගේ ම ‘මං යන්නෑ, සර්ට ඕන්නම් යන්න කිව්ව ම’ අයියෝ මමත් යන්නෑ කිව්වලු!! No Show of the President @ IFFA නමින් ටයිම්ස් පත්තරේ කතුවැකිය සැකසුනේ අන්න එහෙමයි.
මණ්ඩලේ පැත්තෙන් කිව්වොත් අපිට නම් ලෝකල් වලට වඩා ඕන මළ උලව්වක් ලොකුයි. උඩරට ට්රැුඩිෂනල් කියලා ෂකිරාගේ ට්රැ ක් වලට වන්නම් නටවන අපේ මණ්ඩලයෙන් දේශීය නළු නිළියන්ට කුඩම්මාගේ සැලකිලි ලැබීම අරුමයක් නෙමේ. මට තියෙන ප්රනශ්නය රන්මිණි තැන්න හද හදා ලොකු මාමා කැලෙත් මාරු කරලා කෙහෙම්මල් බොලිවුඩ් සිනමාවක් නංවන්න අත දෙන්නේ අහවල් හේතුවකට ද කියන එකයි. හැබැයි අපේ කබ්බන්ට වැඩ බෑ කියන්න අයිෆා අවස්ථාවක් කරගත්තා වෙන්නත් බැරි නෑ. මාමා මොළෙන්නේ ගහන්නේ?? සිංහල සිනමාවේ මළගම ඉක්මන් කිරීමට අයිෆා දායක වීම සතුටටක්. එතකොට දේශීය නළුවෝ කියලා එවුනුත් නෑ. කාටවත් අසාධාරණයක් වෙන්නෙත් නෑ.
මේ කතා කොහො ම වුනත් දේශීය සිනමාකරුවන් අයිෆා නොපැමිණීම ගැන පිළිගත හැකි තුලනාත්මක විග්රුහයක් කරලා තියෙන්නේ ඩී. බී නිහාල්සිංහ මහතා විසින් පමණයි. නිකන් මනස්ගාත කතා වෙනුවට ඔහු අපූරු කතා රැසක් ටයිම්ස් පත්තරේට ලිපියක් ලියමින් පළ කරලා තිබුණා. දේශීය නළුවන්ට ආසන 15ක් පමණක් වෙන් වූ බව කියන ඔහු ඉන්දීය සිනමාව කොතරම් දියුණු වුවත් අපෙන් ඔවුන්ට ඉගෙනීමට කරුණු ඇති බව කියා තිබුණා. ලෙස්ටර්, පතිරාජ වගේ අධ්යෙක්ෂවරුන්ගේ කෘති වලට විදෙස් සම්මාන හිමි වූ බව දක්වන නිහාල්සිංහ මහතා ඉන්දියාවේ මෙන් නොව අප නිෂ්පාදනය වන සියලු චිත්රනපට පෙන්වීමට කටයුතු කරන බව කියා සිටියා. එහි බොහෝ වැදගත් කරුණු තිබුණා. කාරණා සියල්ල ඇත්ත නමුත් ගන්න අපේ දේ නම් බොලිවුඩ් මොන බම්බුවකට ද? දැන් අපි දාගෙන බොලිවුඩ් බැලුවට ඉන්දියානුවෝ අපේ චිත්රනපටි පොර කකා බලනවාද? අපිට එහේ වෙළඳ පොළක් තියානවාද??
වාසනාවකට වගේ අයිෆා තියන්න පුළුවං එකපාරයි. අපේ සංචාරක මණ්ඩලය මොන බාධාව ආවත් හැම event එකක් ම වාර්ෂිකව තියනවා. හික්කා කොච්චර එපා කීවත් අපි දෙපාරක් කළා. ආයෙ අපි එහෙමයි හරී? අපිට මේකත් තවත් එක් වැඩක් විතරයි. ඉතිං සිරි ලංකා, උඹ ඕවා එච්චර ගණන් ගන්න එපා මතං. අයිෆා ආයෙත් එන්නෑ. හා හා ඉතිං නාඩා හිටපන්..... ඔය වියදම් වුනයි කියන ගාන ඉන්දියාවට පිනට දුන්නයි කියලා හිතපන්. උනුත් තුන්වෙනි ලෝකයේ උඹලා වගේ අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුනේ. උන්ට හරි යනවා කියන්නේ උඹටත් හරි ගියා වගේ නේ?? (ඒවා නම් වානා) පුංචි එකාලාගේ බොලිවුඩ් උණ බැස්සනේ!! ඒ මැදෑ සැනසෙන්න. හ්ම්.... ලෝකෙට පරකාසේ රටට මරගාතේ කියන්නේ මේවට තමා. අපිට වුනේ අතින් කාලා හරක් බලන්න වැරදියි ඉඩම බද්දට දීලා මුහුදට නියවන්න. වෙන්නැති. ඕන බම්බුවක්!!

බොලිවුඩ් වන්දනය නිමයි'.....

පහුගිය කාලේ අපි ඉන්දියාව ගැන කතා කරපු විදියට අපි ජීවත් වෙන්නේ ලංකාවේ ද නැත්නම් ඉන්දියාවේ ද කියලත් පැහැදිලි නැති තරම්. මුලින් ම අයිෆා ගැන මෛ මතය ඉදිරිපත් කරන්න කැමතියි. අයිෆා නිල සංවිධායකයින් ගැන නම් කියන්න දෙයක් නෑ. සංචාරක මණ්ඩලය වැඩක් කළොත් හත් පොළේ. මේ වගේ අවස්ථා සම්බන්ධීකරණය පිළිබඳ ඔවුන්ට ඇත්තේ කුප්රඅකට ඉතිහාසයක්. (මතකනේ හික්කා ෆෙස්ට් එක) අපි ලක්ෂ ගණන් වියදම් කරලත් බහුතර නළු නිළියන් ආවේ නෑ. කාරණය වුනේ තමිල්නාඩු ජනතා විරෝධයට ඔවුන් බිය වීම. ඊටත් වඩා තමිල්නාඩු වෙළඳපොළ නැති කරගන්නට ඔවුන් කැමති වුනේ නෑ. ඒක ලංකාවත් එක්ක සලකද්දි විශාල අගයක්. අපි ලංකාවට නො පැමිණි නිසා විජය ඉන්න චිත්රඒපටියක් වර්ජනය නොකළත් ලංකාවට ආව නිසා තමිල්නාඩු ජනතාව එහි චිත්රඩපට වර්ජනයක් කරන්න පුළුවන්. අපිට ඒ අතින් කේවල් කිරීමේ හැකියාව බින්දුවයි. ගුරු බලලා ප්රුභාකරන්ට අට්ටි පිටින් කප්පම් ගෙවපු ශ්රීන ලාංකික අපි ඊට වාඩුව ගන්න මනිරත්නම් ‘රාවණා’ චිත්රුපටිය අරන් ලංකාවට එනකම් බලාන හිටියත් ජීවිත අවදානම සලකලා බුවා ආවේ නෑ. (ප්රමඥානෝචිත මෙව්ව එක තිබුණු නිසා)
දැන් අයිෆා ඉවරයි. මොනා ද ලැබුණේ?? ඇයි මොනා ද නො ලැබුණේ?? කොළඹ හිඟන්නන් නැති කළා. කඩිමුඩියේ පාරවල් ටික හදලා දැම්මා. සුගතදාස ස්ටේඩියම් එක, අනේ දුප්පත් අපේ එක ම ජාත්ය න්තර ක්රීනඩා පිටිය නිත්යා නෘත්යදශාලාවක් කළා. (ඒකේ 5000කට අසුන්ගන්න හදන්න ගියත් 2000කින් සෑහීමකට පත්වෙන්න වුන එක වෙන ම කතාවක්.) තව.... සංචාරක දේශාන්තයක් ලෙස ලංකාව ප්ර්වර්ධනය වුනා. තව... ඔව් තව වෙන මොනවද - මාමයිට් වගේ??? නිකත් යන්ඩ ලොක්කා.
අර සුපර් ස්ටාර්ලත් පැමිණීම ප්රමතික්ෂේප කළාම දැන් නිකන් සුද්දෙක්වත් මේ මිනීකන්නන්ගේ දේශයට පය තියන්නේ නෑ. “අමිතාබ් වගේ ම ෂාරුක් ඛානුත් බෑ කිව්ව එකේ අපි වගේ සොක්කො ලංකාවට ගිහින් මැරුම් කන්න යැයි” ඔව් කියන්න සතුටුයි යුද්දෙ ඉවර වුනත් ලංකාවට යාම අනතුරුදායකයි. (නෑ මං කිව්වේ තාම බිම් බෝම්බ තියෙනවනේ) කාරණේ අපි ගොඩයන්න හිතාගෙන කරපු වැඩේට නළු නිළියන් පොල්ල තිබ්බ නිසා පාරා වලල්ලක් වෙලා අපේ ම හෙනේට හිටි එකයි. ඒත් කස්ටිය නාවේ මෙහේ ආරක්ෂක තත්ත්වය මත නොවන බව පමණක් අපිට ජාත්යහන්තරයට ඒත්තු ගන්වන්න පුළුවන්. ඊටත් කාලයක් යාවි.
කින් කාන් කළ පාහර වැඩේ නිසා ආයෙත් බොලිවුඩ් නම් බලන්නෑ කියලා හිතුවත් එක අතකට අපේ සිනමාව බැරිනම් අල්ලපු වැටේ සිනමාව හරි දියුණු වෙනවනේ කියලා හිතුව ම ඒක කොරන්නත් බෑ. ඉන්දියාව පව්නේ. සංචාරක පැමිණීම ගත්තොත්, අයිෆා බලන්න ම කියලා විශාල පිරිසක් ආපු බවක් පෙන්නුම් කරන්නේ නෑ. අනික ඉන්දියානුවන්ට අමුතුවෙන් ලංකාවට එන්න කියන්න ඕන නෑ. පූජනීය ස්ථාන බලන්න වගේ ම හැකියාව තියෙන ඉන්දීය මධ්යටම පන්තිය ඇඳුමක් ගන්නත් එන්නේ ලංකාවේ ඔඩෙල් එකට. අපිටත් බුදුහාමුදුරුවෝ නිසා ඉන්දියාවට යන්න බල කරන්න අවශ්ය් නෑ. කොහොම නමුත් නිල ගුවන් සමාගම නම් තමන්ගේ සේවාදායකයන්ට ඉදිරි එම සති අන්තයට පෙර ගමන් වාර සියල්ල වෙන් කර ඇති බව සේවාදායකයින්ට ප්රමකාශ කිරීමත් සමඟ සමහරුන්ට කළින් ම ඉන්දියාවට යන්නත්, කළින් ම පිටත් වෙන්නත් සිදු වුනා. මගේ පුද්ගලික මතය නම් අයිෆා මෙහේ කරලා යුද්ධය ඉවරයි යැයි පම්පෝරි ගහන්නත් අවශ්‍න්ය නෑ. බැලුවා ම ලංකාවේ අපි හැරුණා ම මුළු ලෝකය ම දන්නවා යුද්දෙ ඉවරයි කියලා. නමුත් අපිට ෂූවර් නෑ. ඒකනේ අපි අනවශ්යක ප්ර චාර කරන්නේ (ප්රමභාකරන් තාම ජීවතුන් අතර වෙන්නත් පුළුවන්....??? අපි ම මරා දැමූ ප්රපභාකරන්ට අපි ම පණ දෙන්නේ ඔන්න ඔය වැඩසටහන් හරහා)
දැන් ආදායම. අපි හිතුවේ අයිෆා කප්රුකක් කියලා. ඔව් ඒක කප්රුකක් තමා. චින්තාමාණික්යභක් ම තමා. නමුත් මොකක් හරි අවුලක් නිසා සිතූ පැතූ සම්පත් ඉන් නොලැබීම ගැන අපි දුක් වෙනවා. ඒක කප්රුකක් නොවුනා නම් මාපා යාපා එච්චර කට්ටක් කාලා අපිට ගෙන්න ගන්නේ නෑනේ. බලන්න ටිකට් එකක් වුනත් කීයක්ද? හැබැයි විශ්වාස කරන්න ලක්ෂයකට වැඩි ප්රෑවේශ පත්රල දහ පහළොවක් විකුණගන්න අපි සමත් වුනා. බොලිවුඩ් සික් එක එපමණ ගහපු පිරිසුත් මෙහි වැඩ වාසය කරනවා. කාරි නෑ. ඒකෙන් වත් බඩේ කැක්කුම හොඳ වුනානම්.
නමුත් මැච් එක නම් චව්වා. අපි මැච් එක ගැහුවා නෙමේ. ගහන්න සිද්ද වුනා. තමිල්නාඩු ප්ර ජාවගේ විරෝධයට උත්තරයක් හැටියට උතුරේ නිවාස සියයක් හදන්න පොඩි ජොලි වැඩක් කළා. වියදම මිලියන හතරක් වගේ ජුව්ඩක්. අපේක්ෂිත ලාභය තුන් ගුණයක්. ඉතිං නරක ද? නෑනේ මස්සිනා!! නමුත් කාට ද අපි ටිකට් වික්කේ??? වෙන කාට ද අපිට ම තමා.... මේ කොදෙව්වේ බහුතර අහිංසක ජනතාවට! අපි වෙනුවෙන් අපි ම නේ ඉතිං. අපේ රටේ මිනිස්සුනේගේ මුදලින් අපේ ම මිනිස්සුන්ට. හා දැන් හොඳයි තොපි, බහුතර සිංහලයෝ දෙමළ ජනතාවට ගෙවල් සීයක් හදන්න වෙන විදියට ආධාර ඉල්ලුව නම් දෙයි ද? දෙයි මේන් කියලා. ඉන්දියාව හරි අපූරු විදියට වැඩේට අපිව සම්මාදම් කරගත්තා. කොහොම ද ටිකිරි මොළේ?? ෂාවාහ් පුත්තර් ෂා වහ්. ජෙය හින්, වන්දේ මාතරම්!!
අවුලකට තියෙන්නේ මොක්කුන් ද ඒ ප්ලේ කළේ?? සමහර එළුවන්ව ඉන්දියාව වත් දන්නේ නෑ. අපේ එකා, බඩා සොනික් නම් තමන්ට රගර් වගේ ම ක්රිේකටුත් බැරි බව ඔප්පු කළා. ලකුණු හතරයි පොලු. මල්වට්ටියයි!!! කෝමද අනාකි?? විදෙස් මාධ්යේකරුවන් සමඟ හරි හරියට ඈ වැඩ කළ හැටි නම් අගෙයි.
Friday, June 4, 2010
CSට නම් සයිකෝ!!

ඔය අතරේ පැත්තක ගරු මන්ත්රීා රගා අවමංගල සභාවේ ස්තුති කතාව පුහුණු වෙනවා. “ශෝකාකූල අවමංගල සභාවෙන් අවසරයි..... ඊළඟට?? අවමංගල සභා මෙහෙයවලා ඒවායේ කප් ගහපු පෙතියා තමයි රගාට පුහුණු කරවන්නේ. “ඉස්සෙල්ලා වැඩමවා වදාළ ගරුතර සංඝරත්නයට, ආපු මිනිස්සුන්ට, දවල්ට කෑම දුන්න අයට, කැලණියෙන් ආපු අපිට වගේ හැමෝට ම ස්තුති කරපං.” පෙතියා ගුරුහරුකම් දුන්නා. ඒ නම් ටික නම් ලියලා තියෙනවලු. ඒත් මට ඔය අවමංගල සභාවල කතා කිරිල්ල තමයි දිරවන්නැත්තේ. රගා පස්ස ගැහුවා. එහෙම කියලා කෝමද මන්ත්රීමතුමා සෙනඟ ඕසෙට. ඡන්ද කී දාහක්ද? “රූපං ජීරති මච්චානං නාම ගොත්තං නජීරතී කියලා ස්ටාර්ට් කරපං” අපිත් චියර් එක දුන්නා. එතකොට තමා මන්ත්රීිතුමා නියම කතාව කිව්වේ. “ අනේ වැඩක් නෑ සහෝ. මෙහේ මගේ ඡන්ද දායකයෝ නෑ. අලව්ව වුනාට පාලමෙන් එහා පැත්තේ තමා ඔක්කොම.” ඒක තමා මෑන්ස් සතා වගේ හිටියේ....!! දැන්නේ සෙන්ටර් වුනේ
කතාවෙන් කතාවෙන් හාමුදුරුවොත් පන්සලට වැඩියා. අපි දන්නෙම නැතිව පෙට්ටියත් හර්ස් එකට දාලා. “ හෑ..... අර ගෙනත් ගියා ද අපිත් මේ කරගහන්න නේ බලාන හිටියේ.” අපේ කස්ටිය හුඟක් විස්සෝප වුනා. පිරිස ආදාහනාගාරයට යන්න බසයට නඟිද්දි අපි මන්ත්රීරතුමාගේ ජීප් රථයට නැඟුනා. ඒත් එක්ක ම දුක්ඛිත ප්රාහණී CS යළිත් අපි අමතනවා. “මං මේ දැන් එනවා. AC එකක නැංගා දැන් පොතුහැර. - හරි හරි හෙමින් වරෙන්....” අපි නම් දෙයියනේ කියලා ආදාහනාගාරයට ගිහින් වට තුනත් කැරකිලා ගෞරව කරලා ඒ කටයුතු නිම කළා.
අපේ සගයො ටික පැත්තක පුංචි චැට් එකක් දාපු නිසා මමත් ළඟට ගියා. “ අපි දන්නෑනේ මචං උඹලගේ රෑමා මෙච්චර සයිකෝ ඩයල් එකක් කියලා.” කීනා පුදුමයෙන් කිව්වා. “අපිනේ බං දන්නේ නත්තල් දවසේ මූ නැටූ නාඩගම” සීසර් තවත් මඩ ජාතකයක් කියන්න පටන්ගත්තා.
එදා නත්තල් දවසට කළින් දවසේ රෑ කිරිබත්ගොඩ හරියේ එකදිගට බට්ටෝ පුපුරද්දි, කිරිබත්ගොඩට කොටි බෝම්බ දානවා කියලා CS බයවුනා. මූ දැන් ටීවී නිවුස් දාලා රේඩියෝ ඇහුවත් හරි තොරතුරක් නෑ. සද්දේ විතරයි. අල්ලපු ඇඳේ නිදාඋන් වෙන්ඩ නාගරික මන්ත්රීඩ රගාව ඇහැරවලා කාරණේ කිව්ව ම නිදිමතේ ම “හෙට උදේට කියයි නේ බං” කියපු රගා අනිත් පැත්ත හැරිලා නිදියගෙන. CSට මල පැනලා “අරහේ කොටි ගහන් එනවා. මූ කට කපලා නිදි... නෙදකින්” යැයි සීසර්ට කියපු CS ජනේලෙන් පැනලා ගේට්ටුව ලොක්කළාලු. ඊළඟට කිරබත්ගොඩ ඉන්න කෙල්ලෙක්ට කෝල් කරලා කිරිබත්ගොඩට බෝම්බ දානවා කිව්වලු. මූ දන්න කියන කෙල්ලන්ටත් මූට වගේ ම සයිකෝ. ඒ කෙල්ල ඒක ගෙදර මිනිස්සුන්ට කියලා. ඒ කෙල්ලගේ තාත්තා ඔක්කොට ම සාලෙට එන්න කිව්වලු. තවත් විනාඩි දහයකින් විතර CSට කෝල් කරපු ඈ මෙහෙම කියලා. “ ඔයා කියපු කතාව ඇත්ත නේ ද CS දැන් අපේ තාත්තා ඔක්කොට ම සාලෙට එන්න කිව්වා. ජීවිතේ අන්තිම මොහොතේ හරි අපිට එකට ඉඳලා මැරෙන්න පුළුවන් වෙන්නේ ඔයා නිසා. Thamk You CS....” කෙල්ල කියවගෙන ගියාලු. “ඔයා මේ මොනවාද කියන්නේ??? දැන් ඔහේට බෝම්බ දාගෙන එනවද?” ඔව් රට සද්දේ ඇහෙනවා. ඇයි දැන් ඔයානේ මටත් කෝල් කරලා කිව්වේ කිරිබත්ගොඩට බෝම්බ දානවා කියලා” නයි කයි ද ටිපි ටිප් කිව්වලු.
තවත් සැරයක් රගා නිදන් ඉද්දි එහා ඇඳේ හිටි CSගෙන් කෙටි පණිවිඩයක් එනවලු. “බබා ඔයා කෑව ද? දැන් තමා මං නාලා නින්දක් දාන්න ඇඳට ආවේ....” සීසර්නම් කියන්නේ CSගේ ප්රේ ම තරඟය මදුරු අඪහැරය පරාදයි කියලා. CSට කතා කරලා ෆෝන් එක තියද්දි අඩු ම තරමින් තුන් පාරක්වත් බුදු සරණයි කියනවා කියලත් ආරංචි වුනා. ආදාහනය අවසන් කරලා අපි එන අතරේ CS මැතිනිය ගෙන් කෙටි පණිවිඩයක්. “අනේ CSට මළ ගෙදර එන්න බැරි වුනේ මං ලෙඩ වුන නිසා. නැත්නම් එයා වෙලාවට එනවා. අනේ රගා මුකුත් හිතන්න එපා හොඳේ...” නෑ නෑ අවුලක් නෑ. ඒත් මචං තව ටිකකින් උගේ ගෙදර උනුයි සනුහරේ සියල්ලන් මයි ඌ වෙනුවෙන් ශෝක ප්රේකාශ නිකුත් කරන්න ගනී ද දන්නෑ. කෝකටත් ෆෝන් එක ඕෆ් කරපං.
අනේ ඉතිං මේ මොනවා වුනත් CS කිරිකොකා වගේ ඇඳගෙන, අස්සය මැරිච්ච කවුබෝයි වගේ අඹේපුස්ස ඔරලෝසු කණුව ඉස්සරහ දකිද්දි නම් බඩ පපුව දාලා ගියා. “කමක් නෑ මචං, මං අද ඉන්නම් මොනාහරි වැඩක් කරන්න ඇති.” CS දුකට කියන සීපදයක් කියලා දැම්මා. “මොනා කරන්න ද මාත් එහෙනම් ඉන්නම්, සීසරුත් එකඟවුනා. අන්තිමේදී අපේ ලේ පිරිසිදු කරපු CS සහ මිත්ර සමාගමය අතහැර රෑ බෝ වූ නිසා අපි එන්න ආවා. මඟුලකට නොගියත් මළගෙයකට යන්න ඕන කියලා හිතපු නිසා තමන් කට්ට කාගෙන හරි මළගෙදර පැමිණි බවයි CS අපිට කිව්වේ. අපි නොදන්න චෙස් තමා.....!!
ගයියාගේ තැබූ කණුවක මහත!!

ඉස්සෙල්ලා ම එකතු වෙන්න හිටියේ ගයියා. අපි මිරිස්වත්තට කිට්ටු කරලා ඇමතුමක් දුන්නා. “මචාලා මට නම් එන්න බැරි වෙයි වගේ. මේ ප්රරවාහන ඇමතියට අලි ම ගහන්න මිරිස්වත්තට එන්න බස් එකක් නෑනේ. දැන් පැය බාගයක් වෙනවා. තරහ නැතුව එකෙක් බැහැපන්කෝ!!” ගයියා පින්සෙණ්ඩු වුනා. මාර හුට්ටප්පරයයි. “මූ මේ හද්ද ඩොටේ ඉඳගෙනත් කිව්වේ කොහොමද? දැන් ඉතිං කාපංකෝ” අනේ ඉතිං දොස්තර හොඳ හිත ක්ලෝසා අලව්වට ම ටිකට් අරං, ගයියාට පෙර ගමන් දෙන්න මිරිස්වත්තෙන් බැස්සා. කීනාවත් නිට්ටඹූවෙන් අරං අපි අලව්වට ඉර මුදුන් වෙන ජාමේ සැපත් වුනා. ඒ වෙද්දි අපේ අප්රොමාද මිතුරන් දෙදෙනා අඹේපුස්සේ. තවත් මිනිත්තු පහළොවයිනේ කියලා අපි අලව්ව හන්දියේ ලගා ගහගෙන හිටියා.
කස්ටිය ම සෙට් වුනා ම අපි නෙළුම්දෙණිය පාරේ තිබුණු මළගමට පිටත් වුනා. වෙන්ඩ මන්ත්රීව තුමා සද්බාවයෙන් අපේ දූත පිරිසට ආරක්ෂක රථ පෙරහැරක් ටවුන් එකට එවන්න ඇහුවත් පයින් එන දුර කීව නිසා අපිත් පාද යාත්රාපවට කැමති වුනා. ඇවිද්ද පය දහස් වටීලු. තව හැතැප්ම ගණනාවකට සුදු කොඩි නම් පේන්න නෑ. “අරූ අරහෙම කිව්වට මචං බස්එකෙන් යන්න තරම් දුරක් ඇති. පයිනුත් ඉතිං කීයට හරි යන්න පුළුවන්නේ.” මං තව දුරයි ද කියලා අහපු ප්රදශ්නෙට කීනා උත්තර දුන්නේ ඒ විදියට. මේ පළාත් වල ගව්වත් පයින් යන දුරක් තමා. යකෝ ගව්වක් කියන්නේ හැතැප්ම හතරක්?? ගරුතර මැතිඳානන්ගේ නිල රථය ගෙන්වා ගත්තා නම් හොඳයි කියද්දි ම ඈතින් සුදු කොඩියක් පෙනුනා. ඈත තියාම ගරු වෙන්ඩ මන්ත්රී්තුමා අත වනනවා. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. “යකෝ අපි ආවේ මළ ගෙදරක තෝව බැහැදින්න නෙමේ. ටිකක් වගකීමෙන් හැසිරියන්. ඡන්ද දායකයෝ බලන් ඉන්නවා.” මං මතක් කළා ම රගා වැදගත් බැරෑරැම් පෙනුමක් ආරූඪ කර ගත්තා. ඒ අතින් නම් මූඩ් ෆික්ස් කරන්න රගාට ඉඟුරු බිස්කට් ඕන්නෑ.
වෙන්ඩ මන්ත්රී රගාත් CSසුත් සීසර් JRරුත් එක ම චමරියේ. සීසර්ට ජේ. ආර් කියන්නේ ඒ තරම්ම හෝදන නිසා. බෝඩිමේ ෆිට් එකට සීසරුත් ඇවිත් හිටියා. අපි හැමෝම අවසන් ගෞරව දැක්වුවා ම රගා මන්ත්රීනතුමා අපිව ගරාජය වෙත කැඳවා ගිහිල්ලා කන්න බිස්කට් හා බොන්න බීම දුන්නා. ඔය වෙලේ තමයි දවසේ චරරිතය CS පිළිබඳ මුල් ම කතාව ඇහෙන්නේ. උදේ CS අරාට කෝල් කළා ම මචං මං මේ රගාගේ ආච්චිගේ මළ ගෙදර යන ගමන් කිව්වලු. අපිත් ඒ වෙලාවේ බස් එකේ. අපිත් එන බව අරා කියලා තියෙනවා. එ වෙද්දි බුවා ගලගෙදර හරියේ. අවසන් කටයුතු කරන්න මොහොතකට හරි කළින් මෑන්ස් එයි කියලයි අපිත් හිතුවේ. පස්සේ අපිත් කෑමට ගියා. කාලා නැවත අපි මළ ගෙදරට එද්දි CS කෙටි පණිවිඩයක් එවනවා. “ ඒ.. අද වැඩ කරනවද? මට අමතක වුනානේ බං. මං දන්නෙ නෑ මචං. බලපන්කෝ මං මේ කුරුණෑගලට එන ගමන්. අයියට පොත් ටිකක් දෙන්න ගියා. රගාට කියපන් මං නයිටට එනවයි කියලා.” ෆුල් හින්දුස්ථානි. ඌ එන්නේ නයිටක් ගහන්න. ඒත් මිනිය ගත්තට පස්සේ මොන කප් ගැහිල්ලක් ද? රගාත් එදා රෑට ගෙදර යනවා කිව්වා. ඒ අලකලංචි අස්සේ මන්ත්රීස රගා සයිලන්සරේට කකුළ පුච්චගෙන නොන්ඩි ගහනවා. මළගෙදර වැඩ ටිකක් අහවර වුනා ම රගා එනකම් හිටියා මේ ආරංචිය දැනුම් දෙන්න.
“ඕකා ඔහොමමයි. මං ඌට ආච්චි නැති වුනා කිව්වේ ඊයෙ රෑ. ඒක ඇහුවමත් ආ මළා ද හොඳයි, හොඳයි මචං වැඩ ටික හොඳට කරපන්කෝ. ලස්සනට කරපං අඩුපාඩුවක් තියන්නැතිව.”වගේ වැල් බයිලා ටිකක් කියලා මාත් එන්නම් කිව්වා. අද උදේ කෝල් කළා ම ඌට ඒකත් මතක නෑ “ආ.... ආච්චි මළා කිව්වනේ බං. හරි හරි කෝකටක් උඹ කකුළ වහගනින්කෝ” කියලත් කිව්වා. අද වැඩ කරන බව කිව්ව ම අනිවා එන බව කිව්වා. ෂුවර් එකට ම මූ සුරනිලයි ගෙදර යන්නැති. නැත්නම් මෙච්චර පරක්කු වෙන්න බෑ. රගා මන්ත්රීරතුමා තම මිතුරාගේ ප්රනමාදය ගැන හිත පුරවා ගත් දුකකින් කිව්වා. මේ වෙලාවේ ම හාමුදුරුවෝ අවමංගල සභාවට වැඩම කළ නිසා අපිට පුටු ටිකක් අදින්න සිද්ද වුනා. අපි ඒ වැඩේ කරලා එද්දි තවත් මැසේජ් එකක්. “මචං මට අද මළ ගෙදර වැඩ කරන බව ඔළුවට ගියේ නෑ. සුරනිත් අසනීප වෙච්චි නිසා බෙහෙත් ගන්න ගියා. අයියට පොත් ටිකක් දෙන්නත් යන්න තිබුණා. දැන් ඔතන පුටු අදින්න වගේ වැඩක්වත් නැද්ද??” CSට දිවැස් තියෙනවා ද මන්දා “මචං අපි මෙතන දැන් පුටු වගයක් ඇදලා සාධාරණයක් ඉෂ්ට කළා. උඹ දැන් ඇවිත් වැඩක් නෑ. අවුලකට කියනවා නෙමේ ඔතනින් කොළඹ බස් එකේ කොළඹ ම පලයන්. අපිත් ආදාහනේ කරලා එනවා.” අපේ පාර්ශවය දන්වලා ඇරියා.
CS ගේ සීරියස් කොමඩිය!!

ගියවර මා ලියූ පෝස්ට් එකට ගල් මුල් රාශියක් එල්ල වුනා. මා ලියමින් හිටියේ අපේ අපේ අයගේ පට්ටන්දර ගැන. නමුත් විශ්ව විද්යාඑලය තුළ ඇති ස්ථාන නාම සහ අන්වර්ථ නාම ටිකක් අපැහැදිලි වෙච්චි හින්දා ඒ හරුප තේරුම් ගන්න ඇතැමුන්ට අපහසු වෙලා තිබුණා. තවත් සමහරු පළමු පෝස්ට් එක විතරක් කියවලා ‘අපිව අයින් කරලා කොල්ලෝ ටික ගැන විතරක් ලිව්වා නේද කියලා චෝදනා කළා. වෙන කවුරුත් නෙමේ එහෙම කළේ චිලී (අචිනි පබසරා) මං කලිනුත් කිව්වේ ඈ නම් පරාල ඇණයක් කියලා?? මේ නිසා හැකි තරම් අපේ අතීත ගොන් පාර්ට් කාටත් තේරෙන්න කියන්න මං උපරිම උත්සහ ගන්නවා. අද ලියැවෙන්නේ පහුගිය බදාදා (2) අලව්ව වෙන්න මන්ත්රී ගරු චන්දන මහතාගේ මිත්තණියගේ මළගෙදර දී අපේ CS විසින් රඟ දක්වන ලද ඒකාංගික නාටකය පිළිබඳවයි. ඒක ට්රැමජඩියක් ද කොමඩියක් ද කියලා තීරණය කිරීම ඔබට ම භාරයි!!
ගරු නාගරික මන්ත්රීක රගා රුසියානු භාෂා විශේෂ ප්රටවේශයකට සරසවි එන්නේ. කොරියන් බස සහ ප්ර තිබිම්බ කලාව එතුමාගේ සෙසු විෂයන්. මීට කළින් වතාවේ ඔහුගේ සහෝදරයාගේ වෙඩින් මඟුලටත් අපිට සහභාගී වුන බව කිව්වනේ. දැන් අපි යන්නේ මිත්තණිගේ අවමඟුලට. අනාගත මන්ත්රී තුමාගේ වැඩේනේ නොගිහින් කෝමද??
අලව්ව කිව්ව ම අපේ කට්ටියට ටිකක් ඇලජික්. මොකද යන යන හැම පාර ම කවුරු හරි අංගනාවක් නිසා අපේ කොල්ලෙක් හිරි ඔතප් බිඳගන්නවා. අපේ වයිපර් ( ) උන්දැටත් ගෑනු ළමයෙක් එහෙම ලොකු බූට් සපත්තුවක් තෑගි පිණිස දුන්නා. (ඒ රගාගේ අයියාගේ මඟුලට යාමේ පුන්ය කර්මයේ ප්රුතිඵල විදියට) අත්පිට දියුණුව ම පළ දේය නිරතුරු කියනවනේ?? අනිත් පාර රගාගේ ටියුෂන් පන්තිය විවෘත කරන්න ගිහින් එද්දි ක්ලෝසා අපේ කැම්පස් එකේ නංගි කෙනෙක් ළඟින් වාඩි වෙන්න තමන් ලද අවස්ථාව සැඳැහැ සිතින් පෙතියාට පූජා කිරීමේ සත් ක්රිකයාව අවසන් වුනේ පෙතියා අර නංගිගේ සදාකාලික වහලෙක් බවට පත්වීමෙන්. මේ කාරණා නිසා අලව්වට ගියොත් අවුලක්. මේ පාර කාට කෙළ වෙයි ද කියලා දන්නේ නැති නිසා මාත් කෝකටත් කියලා පිරිත් නූලක් හේම බැඳගත්තා. Safe is better than sorry කියනවනේ.
කතා කරගත් හැටියට අපි කඩවතට සෙට් වුනේ දහයට විතර. මටත් කළින් අරා ඇවිත් හිටියා. මගේ ඇස් පෙනීම හොඳ නිසා පස්සෙන් ඇවිත් අරා කතා කරනකම් මං දැක්කේ නෑ. ක්ලෝසයි, මමයි, අරායි, පෙතියයි කඩවතින් ලංගම නැවකට නැංගා. ගයියාව මිරිස්වත්තෙන් ගන්නත් කීනාව නිට්ටඹුවෙන් ගන්නත් ප්ලෑන් කරලා තිබුණා. ගයියා නම් කිව්වේ කඩවතින් පිටත් වෙද්දි රින්ග් එකක් දියන් කියලයි. අපිත් එන බව දැන්වූවා. වෙලාවේ හැටියට ඉඳගන්න හැටියක් නැති නිසා අපි එක පේළියට හිට ගත්තා. ඉස්සෙල්ලාම හිටියේ පෙතියා. පැන්න ගමන් “ඉබ්බාගමුව දෙකක්”කියලා කොන්දොස්තර අයියාට සීයක් දික් කළා. ඌට නංගිව ඇරළවන්න ගිහින් පුරුද්දට එහෙම කියවුනත් අපි නැංගේ කුරුණෑගල බස් එකකටයි. “මල්ලි අපි යන්නේ කුරුණෑගලට විතරයි” අයියා කරුණු පැහැදිලි කරමින් කුරුණෑගල ටිකට් එකක් කඩන්න සූදානම් වෙද්දි මං අලව්ව කියලා ජාමේ බේර ගත්තා. “නෑ මචං, මට ටිකක් ටැපලුනා” පෙතියා නිදහසට හේතු කිව්වා. “උඹ දැන්මම බය වෙලානේ. යකෝ අලව්වට බය වෙන්න ඕන අපි වගේ බැචලර්ස්ලා. උඹලා දැන් ගොඩ ගිහිල්ලානේ?? ඩෝන්ට් බී අවුල් සනා” අරා මද්දුම බණ්ඩාර ටෝකක් දුන්නා.
Subscribe to:
Posts (Atom)