Wednesday, May 13, 2020

වැස්සේ නාගෙන කාර් හැදූ මැකැනික්තුමාගේ කතාව හෙවත් අහඹු ආදර කතාව

ඇවරිතුමා හදිසියේ මුහුණු පොතේ දැකපු පෝටුවක් පහතින් පළ කරන්න හිතුවේ, රුවන් ආසිරි දිසානායක මල්ලීගේ පළමුවන විවාහ සංවත්සරය වෙනුවෙන් ඔහුගේ බිරින්දෑ විසින් එක් කරන ලද සටහනක් දැකලා. 👫

මේ කියන ආසිරි මල්ලි ඇවරිගේ මිතුරියකගේ සහෝදරයෙක්. ඔහු වෘත්තිය මෝටර් රථ ඉංජිනේරුවෙක්. අපේ පන්සලට ආපු ඒක පෝයක දී මේ හාදයත් ඔහුගේ පියතුමන්ව මට මුණගැහෙනවා. ඉතා ම ආදරණීය චරිතයක්. ඇවරිගේ මිත්‍රයෙක් වුනු හඳසියපත්ට පුත් කුමාරයෙක් ලැබුණ බවත් මට කීවේ මේ කොල්ලා.🤱👼

වැදගත් ම කතාව මේ නංගී පහළින් ලියන කතාව මං ආසිරි මල්ලිගෙන් අහලා තියෙනවා. ඔහුගේ නිරන්තර සිනාව සහ කතාව මැදින් තියන විරාමයන් සමඟින්. 😃😃
අන්න ඒ් නිසා තමා මේක පළ කරන්න හිතුවේ. කියවලා බලන්න.  

අපි විවාහ වෙලා අදට අවුරුද්දක් 💏

අපේ ආදර කතාව නම් ටිකක් දිගයි තමා..මේ ටික දැම්මෙත් ගොඩක් කෙටි කරලා.කැමති නම් ඉඩ තියෙන වෙලාවක කියවලා බලන්නකො.😊

එහි අහුඹු සිදුවීම් කීපයක්ම තිබුණා.අපි දෙන්නාගෙ යාළුකම ආදරයකට පෙරලන්න එක්තරා මැදිහත් කරුවෙක් අපි අතරට ආවා.ඔහු නිමල් ඒකනායක.වසර 40ක් පමණ සිය පවුල එක්ක එංගලන්තයේ ජීවත් වූ කෙනෙක්.හරිම නිහතමානී,විනෝදකාමී කෙනෙක්.පසුව ඔහුගේ ⁣බිරිඳගේ රෝගී තත්වයකට ආයුර්වේද ප්රතිකාර ගන්නත්, දිගටම ලංකාවේ පදිංචියටත් ඔවුන් ලංකාවට පැමිණෙනවා.
 
නිමල් අංකල්ට ලංකාවේ දී තිබුණා පරණ පියට් කාර් එකක් 🚗 .දවසක් රෑ වැස්ස වෙලාවක අතුරු පාරක කාර් එක කැඩෙනවා.ඔහු ඒක හදා ගන්න වැස්සෙම දඟලවා.ඒ අතරතුර එක්තරා තරුණයෙක් රැකියාව ඉවර වෙලා එම පාරේම ගෙදර යන ගමන් ඉන්නවා. ඒ තරුණයා එදාමයි අර අංකල්ව දැක්කෙ ඇහුවලු "අංකල් මොකද කාර් එකට වෙලා තියෙන්නෙ.මේ ළඟ අපේ පුංචිලාගෙ ගේ තියෙන්නෙ.එහෙට කාර් එක දාලා උදේට ඇවිත් බලන්න."

තරුණයාගේ පුංචිත් මිත්රශ්රීලී කෙනෙක්. ඇය මේ ආගන්තුකවු නිමල් අංකල්ට ඉරමුසු වීදුරුවක් සමඟ හකුරු දෙනවා. පසුදා උදේ ඇවිත් බලද්දී කාර් එක ස්ටාර්ට් වුණාලු.
(ඒත් ඒ කාර් එක කවද හරි තමන්ගෙ ප්රී ෂූට් එකට ගන්න පුළුවන් වෙයි කියලා තරුණයා හිතුවේ නැහැ 😄)

නිමල් අංකල් නොමිලේ ඉංග්රීසි උගන්වන කෙනෙක්.එය ඔහුගේ විනෝදාංශයක්.ඔහු මේ තරුණයාට තමන්ගෙ පන්තියට එන්න ආරාධනා කලා..😊 

නිමල් අංකල්ට හා ඔහුගේ බිරිඳට මාවත් මගේ අම්මාවත් මුණ ගැහෙන්නේ කිරිබත්ගොඩ පිහිටි සුවතා මධ්යස්ථානයක දී.එම යුවල හමුවන හැම වෙලාවකදීම අපි දෙදෙනා එක්ක කතා කලා.පස්සේ අපි මිතුරු වුණා.පිට රටක හිටි අය වුනත් ඔවුන්ගෙ නිහතමානීකම අපි අගේ කලා.

ඔහු මටත් ඔහුගේ ඉංග්රීසි පන්තියට එන්න ආරාධනා කලා.මම අම්මා එක්ක පන්තියට ගියා. ඒ පන්තියට මීට කලින් ආපු තරුණයා එ් වෙනකොට නිමල් අංකල්ගේ..නෑ නෑ
නිමල් සර්ගෙ හොඳ ගෝලයෙක්.මුල්ම දවසෙම සර් අපිට ඔහුව හඳුන්වා දුන්නා.කාලයත් එක්ක ඔහු මගේ හොද යාළුවෙක් වුණා.ඒත් පස්සෙ පස්සෙ එයා හො⁣රා වගේ මං ගැන හිතලා තියෙනවා.පස්සේ තමා මං දැන ගත්තෙ.මටත් ඒ දවස්වල නිකන්..අනේ මං දා...😊

කොහොම හරි වසරක් විතර අපි පන්ති ආවා.නිමල් සර් අපේ දෙන්නගෙම හොඳ යාළුවෙක් නේ..එයාට හිතුනලු අපි දෙන්න ගැළපෙනවා කියලා.එයා අපේ දෙන්නගෙ දෙමව්පියෝ එක්ක කතා කලා.ඊට පස්සේ අපි ⁣ඉතිං වසර දෙකක් විතර පෙම්වතුන් වෙලා 2019 වසරේ මැයි 15 විවාහ වුණා..💑

   අලුත බැඳපු ජෝඩුවට ප්‍රීතිමත් විවාහ සංවත්සරයක් වේවා!! 🥰🥰
 

මේ ඉන්නේ ඒ් කතාවේ චරිතය නිමල් සර්...
 

1 comment:

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....