Thursday, December 26, 2019

කතෝලික සම්භව විවාහ සම්ප්‍රදාය හෙවත් නත්තලට පල්ලි යාම.



පහුගිය විසිහතර වෙනිදා නත්තල් කටේ ඇවරිතුමා අනිවාර්ය රාජකාරි වෙනුවෙන් වාර්තා කරලා තිබුණේ ස්විස් ඒජන්තවරියක් මුණගැහෙන්න යන්න. ලංකාවේ පහුගිය දවස්වල ප්‍රසිද්ධ ස්විස් අක්කා ප්‍රැන්සිස් වගේ අහලකින්වත් නොයන මේ සුරුපී ලලනාව ඇවරිට බැලන්ස් කරන්න වුනේ බෙලිහුල්ඔය ගිහින්. පිස්සු නැත්නම් සෝක් ආයිබෝන්. මොනා කරන්න ද යන්නෙපෑය.

කොළඹ එද්දි හතර විතර වුනා. අපේ ඔපීසියේ බහුතරයක් දෙනා කතෝලික හෝ කතෝලික සම්භව නිසා බොහෝ වර්ක්ස්ටේෂනස් පාළු වෙලා. ඒ අතින් ක්‍රොස් කල්චර් මැරේජස් එහේ ගොඩක් තියෙනවා. තාත්තා බුද්ධාගම අම්මා කතෝලික නැත්නම් අනික් පැත්ත වගේ ම තාත්තා මුස්ලිම්, අම්මා බෞද්ධ දැන් ඉස්ලාම් වගේ ම තාත්තා දෙමළ අම්මා බෞද්ධ දැන් තාත්තාත් බෞද්ධ වගේ සම්පූර්ණ වෙනස් විවාහ ඇති හදවතින් ම සිරිලාංකික රාජකාරී පරිසරයක් එහි ඇත්තේ. 

කොටින් ම ඇවරිගේ සුපීරියර් තුමාත් රෝ.ක හැබැයි වෙසල් එකේ ඉස්සරහ ඇත් දළ දෙකකින් වට කරපු බුදු පිළිමයක්? චීෆ් ඔයා කැතලික්? එතකොට සීයාගේ සියවෙනි උපන්දිනේ ට ගිය සතියේ දානයක් දීලා මේ පිරිත් නූලක් බැන්දේ? මං රෝමානු කතෝලික නෝනා බුද්ධාගමේ. ළමයි බෞද්ධ හැබැයි ඉරිදාට පල්ලි යනවා. මම ඉරිදාට පල්ලි යනවා සලාක දානෙත් පන්සලට දෙනවා. ඒක තමා කාර් එකේ පිළිමයක් තියෙන්නේ. හා ඒක වයිෆ් තියපු එකක්. ඇයි උඹ ඊට උඩින් කුරුසයක් එල්ලෙනවා දැක්කෙ නැද්ද? හෑ.

එතකොට ගෙදරදි ආගම ප්‍රශ්නයක් නෑ? අපි ඒවගේ හරියට නොදන්න දේවල් ගැන වාද කරන්නෙ නෑ. මං දෙයියො ඉන්නවාද කියලා ලොකුවට හොයන්න යන්නේ නෑ. වයිෆ්ටත් මේ ආත්මේ නිවන් දකියි කියලා ලොකු විශ්වාසයකුත් නෑ. හැබැයි දෙන්න ම ඕනෑ ම වෙලාවක ආගමික වැඩවලට පන්සල් පල්ලි යන්න වුනොත් යනවා. ඒ අතරේ අපේ අනෙක් බඩී මෂ්කිගේ පළමු මිඩ් නයිට් මෑස් එක. බඳින්න කළින් නම් එයා රෑ පල්ලි යන්න කලින් කතා කරලා මං නිදා ගත්තා. මේ සැරේ මං එයා එක්ක යන්න එපැයි. ගවුමකුත් අලුතින් ගත්තා. මට බය නිදිමතේ ඇදන් වැටෙයි ද කියලා. ආහ් බය වෙන්න එපා බ්ලෙස්ඩ් වොටර් දාද්දි ඇහැරෙයි. ඒ අතරේ අනෙක් අය මෂ්කිව පුරුදු කරනවා. දැන් ෆාදර් ළමයින්ව බැප්ටයිස් කරනවාද කියලා ඇහුවොත් ඔව් කියන්න. එකෙන් ම ඔව් තමා. ඊළග නත්තතලට අපි ලංකාවෙ ඉඳී ද දන්නෑනේ??   

අර විවාහයෙන් පස්සෙ ඉස්ලාම් වුන හෙළ බොදු කතත් එක්කත් ඇවරි ෆෝරම් එකකදී කතාබහ කළා. ඒ දැරිවි හොදට දහම් පාසල් ගිහින් ධර්මය අභිධර්මය ගැන පාරප්‍රාප්ත කෙල්ලක්. දහම් දැනුම ඉවෙන්ට් එකට කරලා කප් ගහපු පොරක්. අපි සෑහෙන්න කතා කළා. ඈට ඇඩෙන තරමට. සමහර විට අපි කලින් මුණගැහුණා නම් මගේ තීරණේ වෙනස් වෙන්න තිබුණා. එහෙම හිතන්න එපා. මේක චාන්ස් එකක් කරගන්න. මං රතු පල්ලියටත් ගියා ගිය සතියේ. ඇවරි කතාව වෙනස් කළා. මං හිතන්නේ ඔයා ඔය හස්බන්ඩ් හදලා දීලා තියෙන බබල් එක ඇතුළෙ ඉන්නකම් ආරක්ෂිතයි. හැබැයි බහුතර මුසල්මානුවො ඒක පුපුරුවන දවස වැඩි ඈතක නෙමේ. ඔව් දැන් මං ඉස්ලාම්. අම් නොට් අ රේසිස්ට්. ඇවරි පිළිවදන් දුන්නා.   

සිංහල දමිළ විවාහයත් පට්ට ලල්. අපේ ඉවෙන්ට්ස් ගොඩකදි මට ඒ ජෝඩුවත් හමුවුනා. ටීම් එකේ දී ඒ කොල්ල මාර කෙයාරින්ග්. අපි හැමෝම ගැන. මං දෙමළ දන්න නිසා හැකි තරම් දෙමළ කට්ටියට දෙමළින් කතා කරනවා. එයාලගේ ස්ලෑන්ග්ස්, ඩබල් මීනින්ග් වුනත්. තව සින්දු ට්‍රාන්ස්ලේට් කරන්න වගේ වැඩ. ට්‍රිප් එකක අපි රවුඩි බේබි ගතියට ම කිව්වා. එතකොට එයාලා අපිට රිලේට් වෙනවා. වැරදි උන් ම හදනවා. ඒකට අපේ සිංහල කෙල්ල තමා කම්මැලි ආච්චි. අනේ මට බෑ දෙමළ ඉගෙන ගන්න. ඒකට මං එයාව සිංහල කරන්න ට්‍රයි එකක් දෙනවා. අනේ මෝඩියේ ඒ රාජකීය පුත්‍රයා කෝමත් සිංහල දන්නවා. ඔයා දෙමළ ඉගෙන ගන්න එකයි වටින්නේ. පිස්සු ද අනේ අපි දෙන්නගේ සාමාන්‍ය බාසාව එක්කො ඉංග්‍රීසි නැත්නම් ප්‍රංස. ආහ් ඔව් මට අමතක වුනානේ ප්‍රංශුවා.

මගේ රස්සාවෙ මං ප්‍රියත ම පාර්ට් එක මේක. එක එක භාෂා ආගම් සිරිත් විරිත් චාරිත්‍ර බොහොමයක් ඉගෙන ගන්න. රට රටවල් ගැන දැනගන්න එක වෘත්තිය අවශ්‍යතාවක්. මෙදාපාර ෆ්ලෝර් එකේ නත්තල් ගහ දැම්මෙත් අපි. ඇවරිතුමාට මෙදා පාරත් රෑ දොළහට පල්ලි යන්න වුනේ නෑ. ගෙදර ඇවිත් නිදාගත්තු නිසා. සමහර විට ලබන අවුරුද්දේ බකට් ලිස්ට් එකෙන් ඒක අයින් කරන්න පුළුවන් වෙයි. හැබැයි එන සෙනසුරාදා කුලියාපිටි යද්දි නම් නත්තල් අසිරිය හොඳින් ම සමරන්න පුළුවන්.

ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. කාදිනල්තුමා කටුවපිටියට ගිහින් කළ සංවේදී දේව මෙහෙය ඇවරි නැරඹුවා. පුද්ගලික නාලිකා දෙකක ක්‍රියාකලාපය දෝෂ දර්ශනයට ලක්වීමත් බොහෝ කතාවුන මාතෘකාවක් වුනා. කොහොම නමුත් නත්තල අපේ ආදරය බෙදා දෙන කාලය. නත්තලට අපි විශේෂයෙන් කලේ ටිකක් පිස්සු වැඩක්. ඇවරි ඔරලෝසු පරිත්‍යාග කළා ළඟ ඉස්කෝලෙක ගණිතාගාරයක් වෙනුවෙන්. නත්තලත් එක්ක ඕලෙවල් ඉවර වුනා ම අපි ප්‍රදානය කරන ශිෂ්‍යත්ව වැඩසටහනට ළමයි හොයන්න ඕනෑ නේද කියලත් මතක් වුනා.

බාලයන් මා වෙතට එන්න ඉඩ දෙනු කියා - කියයි අදත් ඒ ජේසු තුමා.... අන්තිමට පල්ලි ගිය කාලෙ කියපු කැරොල් තාම මතකයි. ඒ මාබිම කල්වාරියේ දී. නැවතත් ඉක්මණින් එහි යායුතුයි.!!   

3 comments:

  1. සත්තකින්ම විවිධ භාෂාවන්, ආගම් කියන දේ තුල වඩාත්ම සුන්දර දේ තමයි ඔවුන්ගේ සංස්කෘථිය තුල ඊට අනුගතව හැසිරීම. මා උපතින් බෞද්ධයෙකු ලෙස වතාවක් බද්දේගම ඇංග්ලිකන් පල්ලියක ඉදිරියේම දන බිම ඇනගෙන "පූපය" දිව මත තබා ගැනීම හා යෝධ වයින් වීදුරුවෙන් වයින් බීම තවමත් සුන්දර මතකයක් සේ සිත තුල ඇත.
    මෙහිදී මා "ඊට අනුගතව" කියන වදන් බාන යෙදුවේ සිතා මතාම. ඊට අනුගත නොවී උඩුගම් පිහිනීමක් තුලින් කිසිදු දිනෙක මෙම සුන්දර අත් දැකීම ලබන්නට නොහැකි වෙනවා.

    සති දෙකක අනිවාර්‍ය සේවය සඳහා යාපනයට ගිය දින දහ හතරෙන් දින දහයක් පමන මා මධුවිත තොල ගෑවේ එහි කම්කරුවන්, දුප්පත් ගොවීන්, මාළු වෙළෙන්දන් සමග ඉතා නොදියුණු ආපාන ශාලාවක සිටයි. එහිදී එක එක් වතාවයි එක් දෙමළෙකු (මෙසේ ලිව්වේ අගෞරවයට නොවේ) පමණයි මා සමග ගැටුමකට මුල පිරූවේ. එවිටද තවත් දෙමළු හය හත් දෙනෙක් මාව වට කොට සිට ගෙන මාව ආරක්ෂා කල හැටි මා හට අද මෙන් මතකය.

    මෙසේම කුච්චවේලියේ අමීර් නම් හම්බයා සමග එක පැදුරේ වාඩිගෙන මිරිස් නැති මාළු හොදි එක්ක බත් කෑ අයුරු සුන්දර මතකයන්ය.

    රටක් තුල සහයෝගය සහජීවනය ඇතිකර ලීමට හැකි පහසුම මග භාෂා විවිධත්වයට මූලිකත්වයට දීම බව මගේ විශ්වාසයයි. ඔබට දෙමළ පුළුවන් කියා කී විට දැනුනු "ආදරණීය ඉරිසියාවෙන්" මා පැලෙමින්ය!

    (ලියන්නට පටන් ගත්තේ නත්තල ගැනය! මේ මොනවද අප්පා ලියල තියෙන මනස්ගාත!?)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ම අපි භාෂා තුන ම ඉගෙන ගන්න ඕන කියන තැන මං ඉන්නවා. යාපනේ ගියොත් දෙමළින් කතා කරන්න. බිල ගෙවන්නැතිව බඩ පිරෙන්න ම කාල එන්න පුළුවන්. මං පුංචිකාලෙ මුතුහර යද්දි හැම අවුරුුද්දක ම මුල ආශිර්වාද දේව මෙහෙයක් පල්ලියේ තිබුණා. ඒකෙන් ගොඩක් දුරට පල්ලිය කියන්නේ අපි නොදන්න ගූඪ තැනක් ය යන හැඟීම නැති වුනා. වයසින් වැඩෙද්දි පල්ලියේ විවාහයන් වලදි වැඩ්ඩාවගේ සහභාගීවෙන්න පුළුවන් වුනේ ඒ දැනීමෙන්. දැන් පල්ලි නොයා තැඹිලි වයින් බෝතල් ඇණවුම් කිරීම පමණයි සිද්ධ වෙන්නේ.. ලබන පාර පල්ලි නාවොත් වයින් දෙන්නෑ කිව්ව නිසා 2020 පල්ලි යාවි..!!

      Delete
  2. ඇවරි, ඔය ආගමික සහ ජාතීන්මය වශයෙන් අවබෝධය, සහනශීලීත්වය තියෙන්නේ බෞද්ධ අයගේ විතරයි. අපිත් එක්ක එකට හිටපු සමහර අන්‍යාගමිකයින්ගේ වෙනස්වීම් දැක්කම පුදුම හිතෙනවා..

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....