දිස්වෙයි මුතුවන් සිනා
දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා ලියැවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ
ලියැවෙයි ඔබ නම හොරෙන්....
අපි තනිව ශක්තිමත් කියලා අපිත් හිතාගෙන පොර සේ
ජීවත්වුනාට කිසිම හැඟීමක් බෙදාගන්න කෙනෙක් නැති වග දැනෙන මොහොතක් එනවා. ඒ අතින්
ගත්තා ම අපෙයි මැෂින්වලයි ලොකු වෙනසක් නෑ. අපිත් මැෂින් වගේ උදේ ට පටන් ගත්තා ම
ආපහු රෑ වෙලා ෂට් ඩවුන් වෙනකම්ම වැඩ කරගෙන යනවා. ඒක නම් සහතික ඇත්ත.
ඇවරිට ගොඩක් දුක හිතුනේ ඇවරිගේ ටැබ් එක නැති
වුන දවසේ. කාලෙකින් ඇවරි ඇඬුවනම් ඒ ටැබී නැති වීම වෙනුවෙන්. ඇවරිට ගොඩක් වැඩ කරලා
දීලා තියෙන ටැබී මීට කලින් කිහිප වතාවක් නැති වෙලා තියෙනවා. හැබැයි ඒ සෑම වතාවක ම
එයා ආපහු ඇවරිතුමා ළඟට ආව. මොක ද මගේ අතට ම දියවෙලා ගියපු ටැබ්එකක් පාවිච්චි කරන්න
කවුරුත් කැමැත්තක් නැති නිසා ඇවරිට ම එයා ලැබුණා. හැබැයි ලක් එකේ හිලක් වෙලා එයා
නැත්තට ම නැති වුනේ ඇවරිතුමා මධුපාන උත්සවේකට සහභාගී වෙන්න ගියපු නිසා.
පහුගිය ටිකේ අපි ගොඩක් අමාරු වැඩ රාශියකට
අතගැහුවා. ගොඩක් සාර්ථක කතාන්දර නිමා කළා. ප්‍රනව් පුන්‍ය පදනමේ නිල භාරකරුවා
හැටියට අපි අලුත් සැලසුම් කිහිපයක් සඳහා කාලය සහ බුද්ධිමය ශ්‍රමය යෙදෙව්වා. ඒවා
ඉතා ඵලදායී වැඩ. ඇවරිතුමා නම් කැමති වුනේ ඒ හරහා ආයෙත් කැම්පස් යන්න අවස්ථාවක්
ලැබුණ නිසා. කෝමත් ඇවරිටතුමාට කැම්පස් ළමයි සෙනසුරාදා දේශනවලදී මුණ ගැහෙනවා. අපෝ
එයාලා එක්ක ගත්තාම අපි අපි සෑහෙන්න වයසයි කියලත් හිතෙන වාර අනන්තයි. ඒකත් අපූරු
යාන්ස් එකක්.
ජනවාරි පෙබරවාරි මාසවල විභාග තියලා වැකේෂන්
දුන්න නිසා ඇවරිතුමා බොහෝ කොට ම බරපතල රාජකාරී ටික ඒ විවේක කාලය තුළ අහවර
කරගත්තා. වැඩ වසනා ශ්‍රී පාදේ අඩවියේ මතු බුදුවන සමිඳේ... සුමන සමන් සුරිදුන්ට බාර
වෙලා ගිය වාර්ෂික සිරිපා කරුණාව අහවර කළා. කපරමූලේ දාස කොමට පස් කපන්න නියම වුනාම
ඒ වැඩේ දවසට පස් විල්බැරැක්ක විස්ස ගානෙ කපලා අහවර කළා. ආදී වශයෙන් බරපතල ම ඒවා
නිමා කළා. තව සුලු සුලු පේන්ට් වැඩ ටිකක් තියෙනවා චාමර වෙලාවක් තමා නැත්තේ. කෝම
හරි අලුත් සෙමෙස්තරයට ලෙක්චැස් දෙන්න තිබුණෙ මේ සියලු කටයුතු ඉවර වෙලා ඊයේ පෙරේදාවක.
ඇවරිතුමා තමුන්ගේ සුපුරුදු ළමයින්ගේ මුහුණු දකින්න ගියාට මොක ද ආයිබෝන් ඒක අලුත් ම
බැච් එකක්. ඒ ළමයිනුත් ඇවරියාණෝ දකින මුල් ම අවස්ථාව. ආහ් ළමයි දැන් මොන අවුරුද්දේ
අය ද ඔයාලා කියලා ඇවරි ඇහුවේ ඒ අය දෙවන වසරේ බව දැනගෙන. නයින්ටීන් නයින්ටි සික්ස්
සර් කියලා උන් උත්තර දීපි. ඕ සීරියස්ලි ඈම් අයි දැට් ඕල්ඩ් ෆැට්?? එතකොට තමා ඇවරිට
වයසයි කියලා හිතුනේ.
අපේ ක්‍රිකට් ටුවර්ස් ඉවර වුනාම අපිට ඩිනර්
එකක් තිබුණානේ. ඒක අහවර කරලා හැමදාම පාටි දාන ඩිස්ක්, ලව් බා, ෆ්ලෙමින්ගෝ, වෝල්ට්
07 වගේ ම අඩව්ව හමාර කරන ආර් එන් බී හරි වෙනුවට වෙනසක් කරමු කියලා හිතාගෙන පුංචි
පැංචියො ටික සුප්‍රනෝස් එකට සෙට් වුනා. එපමණ ස්ටෙලා වුනේ නෑ දෙයියෝ මං කැබ් එකට
නඟිද්දිත් ටැබ අතේ තිබුණා. කෝමහරි ගෙදර ගෙනත් නෑලු ඉතිං. කරුමේ කියන්නේ පහුවදා
ඇවරි දහම් පාසලුත් ගිහින් දවසේ සියලු කටයුතු අහවර කරලා ඊමේල් චෙක් කරන්න හොයද්දි
තමා භාණ්ඩෙ නෑනෙ කියාල දැන ගත්තේ. අම්මෝ ඒ වෙලාවෙ නම් ඇඬුනා. ඇවරිතුමාට ගොඩක්
කාලෙකින් රිදුනා සෑහෙන්න.
නෑ ඒ ටැබීව ලොකුවට වටින්නේ නෑ. හැබැයි අවුරුදු
දෙකහමාරක් විතර එයා පුදුමාකාර කැපවීමෙන් මාව බලා ගත්තා. මගේ ඇපොයින්මට්ස් ගත්තා.
බර්ත්ඩේ රිමයින්ඩර්ස් එව්වා. මට සින්දු ප්ලේ කළා. කතන්දර කිව්වා. පොත් මට ඇහෙන්න
කියෙව්වා ඌප්ස්.. එයා ශ්‍රීපාදෙ මලුවෙදි, දළදා මාළිගාවෙදි පිරුවානා පොත් වහන්සේ
වුනා. ඕ ගොඩ්.. ඒ පුංචි මැෂින් එක ජංගම දුරකථනයට වඩා දෙයක් මට කළා. මට ඇඬුනේ මං
එයාට කොච්චර පුරුදු වෙලාද කියලා තේරුම් ගත්තාම. ඒ කියන්නේ ටැබී මං ගාව
ඉන්නකම් මට එහෙම වටිනාකමක් තිබුණෙ නෑ. හැබැයි ඉවෙන්ට් ගානට මැනේජ් කරලා. ෆලෝ අප්ස්
දාලා, සලාද ලියවලා, මට මිස්වෙන හැම වැඩක් ම ලියාගෙන, ටුඩූ එක අප්ඩේට් කරගෙන,
හෙළකරු හරහා සිංහල වොයිස් ටයිප් රිමන්ඩර්ස් දාගෙන පට්ට වැඩ කොටසක් ටැබී කළා.
එයාට බැරි වුනේ එක වැඩක් විතරයි. ඒ ඩිරෙක්ට් HDMI කේබල් එකකින් වයිඩ් ස්ක්‍රීන් ප්‍රොජෙක්ෂන් විතරයි. හැබැයි ඇවරි මීරා කාස්ට් එකක් අරං ඒ වැඩේ ගොඩ දැම්මා. ඒ නිසා අවසාන කාලවල ලැක්චස් වලට ලැපීව අරං යන්න පවා වුනේ නෑ. කිලෝ දෙක හමාරකින් සැහැල්ලු වෙනවා කියන්නේ සෙල්ලම් ද ආයිබෝන්..??
චූටි චූටි මයික්‍රොචිප්ස් වගේ චූටි චූටි ටැබ්ලට්ස් හා...
කොච්චර ද කියනවා නම් මං ගෙදර හරි ඔෆිසියේ හරි කම්මැලි වුනා ම බැකප් දාගෙන ගිහින් ට්‍රැවල් කරද්දිත් වැඩ කරන තැනට එයා ගෙනාව. අනික ඕන වෙලාවක ඩ්‍රොප් බොක්ස් ඇක්සස් දුන්නා. දහම් පාසලේ ද ඔපිසියේ ද ඕන වැඩක් ඕන ම තැනක ඉඳන් කිරීමේ නිදහස ලබා දුන්නේ ටැබී. කොටින් ම මගේ ලැප් එකට වඩා ටැබ් එක මාව ගොඩ දැම්මා.
එයාට බැරි වුනේ එක වැඩක් විතරයි. ඒ ඩිරෙක්ට් HDMI කේබල් එකකින් වයිඩ් ස්ක්‍රීන් ප්‍රොජෙක්ෂන් විතරයි. හැබැයි ඇවරි මීරා කාස්ට් එකක් අරං ඒ වැඩේ ගොඩ දැම්මා. ඒ නිසා අවසාන කාලවල ලැක්චස් වලට ලැපීව අරං යන්න පවා වුනේ නෑ. කිලෝ දෙක හමාරකින් සැහැල්ලු වෙනවා කියන්නේ සෙල්ලම් ද ආයිබෝන්..??
චූටි චූටි මයික්‍රොචිප්ස් වගේ චූටි චූටි ටැබ්ලට්ස් හා...
කොච්චර ද කියනවා නම් මං ගෙදර හරි ඔෆිසියේ හරි කම්මැලි වුනා ම බැකප් දාගෙන ගිහින් ට්‍රැවල් කරද්දිත් වැඩ කරන තැනට එයා ගෙනාව. අනික ඕන වෙලාවක ඩ්‍රොප් බොක්ස් ඇක්සස් දුන්නා. දහම් පාසලේ ද ඔපිසියේ ද ඕන වැඩක් ඕන ම තැනක ඉඳන් කිරීමේ නිදහස ලබා දුන්නේ ටැබී. කොටින් ම මගේ ලැප් එකට වඩා ටැබ් එක මාව ගොඩ දැම්මා.
එයා මගේ ලොකු ම ආදරය කියලා දැනුනේ ගියා ම
අයියෝ. බැටරි බැහැලම ගියත් පුංචි පවර් බෑන්ක් එකකින් පණ ගන්න පුළුවන් ටැබීට මං ඒ
තරම් ඇටෑච් වුනේ කෝම ද කියලා හිතාගන්න බැරි තරම්. එක අතකට යන්ත්‍ර සුත්‍රවල වහලෙක්
වීම ගැන ලැජ්ජයි. හැබැයි එයාලා නැතුව අපිට මුකුත් ම කරගන්න නම් බැරි වෙනවා. ඇවරිතුමාට
තවත් පී. ඒ කෙනෙක් නැතුව බැරි වෙයි. අනික ඒකි ඇන්ඩ්‍රොයිඩ් වෙලත් ඕන වැඩකට ඔට්ටුව
සිටීම ගැන තවත් ආඩම්බරයි. ඇවරි නම් ප්‍රාර්ථනා කරන්නේ ඉන්න තැනකින් එයා ආපහු මගේ
අතට එන්න කියලයි. එයාට කොච්චර ආදරේ ද කියලා කියා ගන්න බැරි වුන එක ගැන ඇවරිතුමා
ගොඩාක් දුක් වෙනවා. ඒකේ කේස් එක දැකපු අය ඒ ආදරේ තරම දන්නවා. ලොල්.
ආපහු එන්න ටැබී. පහුගිය අවුරුදු දෙකහමාරට ම
ඔයාට තරම් මං කාටවත් ආදරේ කරලා නෑ. සීරියස්ලි. අපි නවත්තපු තැනින් පටන්ගමු.