Monday, November 7, 2016

ලොක්කා කාර්ඩ් හෙවත් මයි බ්‍රිලියන්ට් ස්ටාෆ්...!!

ඇවරිතුමා තවත් මරාලයකට අත ගැහුව නිසා පහුගිය කාලෙ සෑහෙන්න වැඩ වැඩි කරගත්තා. ඇවරිගේ බොස්තුමා තමුන්ගේ පුද්ගලික කාරියක් හැටියට බාර දුන්න කට්ලට් එකක් රාජ භෝජනයක් කොට වළදන්න ගිහින් තමා මේ වින්නැහිය වුනේ. එක අපේ ලොක්කා දුන්නොත් ඉතිං, ලෝක පූජිත කූ ජොබ් එකක් තමා. හැබැයි ඒ හැම එකකින් ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා වගේ ම දීර්ඝ කාලීන සම්බන්ධකම් අපි කියන්නෙ කින්ෂිප් කියලා හේමත් ඇතිවෙනවා.



ලොක්කා තුමා විසින් ඇවරිට දීලා තියෙන ලොක්කා කාර්ඩ් වලින් අමතක නොවන කිහිපයක් ලියන්න වටිනවා. එකක් තමා මිසිස් ෂෝබ්නා මහාතේවන්ගේ එමිරේට්ස් වීසා වලට ඇගේ කසාද සහතිකය විදේශකටයුතු අමාත්‍යංශය මගින් සහතික කරවා ගැනීම. අපි විසින් ලංකාවේ දී සිදු කරන සියලු ම විදේශිකයන්ගේ කසාද සහතික ඇටෙස්ටේෂන් කරවන්නේ, ඇවරිගේ මූලිකත්වයෙන්. මුල් ම කාලෙ පාන්දරින් නැඟිටලා කොන්සියුලර් ඩිවිෂන් එකේ පෝලිමට සෙට් වෙලා, උදේට මොනවා ගිල දාලා නැවතත් ඇවරි මාතාව මුණගැහෙන්න පබ්ලික් ලයිබුරියට ඇවිල්ලා ආයෙත් හවස කසාද සහතිකය ගන්න ගිහින් වැඩට ගියපු දවස් අනන්තයි. මිසිස් ෂෝබ්නාගේ වැඩේදි නම් ඇවරි එමිරේට්ස් එම්බසි එකටත් ගියා. අන්තිමේදි ස්වෝර්න් ට්‍රාන්ස්ලේටර් වැඩේ වරද්දපු නිසා ආයෙත් කොටුවේ ඊබ්‍රාහීම් ලොක්කව බැහැදැකලා ස්වෝර්න් ට්‍රාන්ස්ලේෂන් එක කරගෙන එදා ගොඩදාපු ගේම මළාට අමතක වෙන්නෙ නෑ. හැබැයි දැන් කොන්සියුලර් ඩිවිෂන් එකේ අපිට ම කියලා ට්‍රැකර්ස්ලා ඉන්නව වගේ ම ඇතුළෙ ලස්සන අංගනාවකුත් ඉන්නවා. ඈට පින්සිද්ද වෙන්න ඇවරි පස්සට එළිය වැටෙනකම් නිදාගෙන ඉඳලා දහයට එකොළහට ඩොකියුමන්ට්ස් සබ්මිට් කරනවා.

ආයෙත් තවත් අමතක නොවන ලොක්කා දුන්න සැපක් තමා ගියපාර ක්‍රිකට් ගෘප් එකේ ඔන්ලයින් චෙකින් එක. මොකක් හරි වැරදීමකින් හීතෘ - කලම්බු රෑ ෆ්ලයිට් එක වෙනුවට මුළු ගෘප් එක ම උදේ ෆ්ලයිට් එකක බුක් කරලා ටිකට්ස් එහෙමත් දැන් ඉෂූ කරලා. කලා වරෙන්කෝ ඒ හැටියට පැක්ස් හැට අටක පිරිසක් හවස් වෙද්දි ලංකාවට ගොඩබහිනවා. නමුත් එදා රෑට හොටෙල්ස් බුක් කරලා නෑ. ගන්න කාමරත් නෑ. කාමර ගත්තොත් මුළු ටුවර් එක ම ලොස්. අපි වැඩේ ජෝන් බාස්ට ගිහින් කියලා දැනගත්තේ සතියක් විතර තියෙද්දි. කෝමත් ගෘප් එකක් අන්තිම මොහොතෙනෙ ටිකට් කරවන්නේ. ඒ කාලෙ ප්‍රියංකර ඇමතිතුමා සිවිල් ගුවන්සේවා ඇමති. අපි අර්ජුන මාමි හරහා ප්‍රියා භායිට කිව්වා ඊව්නිග් ෆ්ලයිට් එක ලොකු එයාර්ක්‍රාෆ්ට් එකකට මාරු කරවන්න කියලා. කල් තිබුණ නිසා අපිට එදාට ලන්ඩන් ඉඳන් කොළඹට සීටින් කැපෑසිටි එක වැඩි ෆ්ලයිට් එකක් දාගන්න පුළුවන් වුනා. කොහොමින් කොහොම හරි අපේ ගෘප් එක රෑ ෆ්ලයිට් එකේ ආව. ඒ අතින් අපේ ලොක්කා මහ නසරානි වැඩ ඉතිහාසය පුරා කරලා තියෙනවා.

ශ්‍රී ලංකන් ගෘප් සේල්ස් එකේ බුවාලා අපේ ෆ්ලයිට් ඩිපාමන්ට් හෙඩ් මාර්ක්ට කියන්නේ ජෝනා කියලා. ගෘප් එකක් ඉෂූ කළොත් මොකක්හරි බුලක් කෙළලා වැඩේ ජෝන් බාස්ට අරිනවා. මේ ජුනි ආපු ගෘප් එකේ ළමයි දෙන්නෙක්ට සීට් නොදී උන්ව අත දරුවො හැටියට අරන් ටිකට් අඩුවෙන් ඉෂූ කරවලා තිබුණා. අන්තිමේදී ඒ අම්මා කතා කරලා ඇහුවා ම තමා තේරුණේ පොඩි එකාට සීට් එකක් දීලා නෑ කියලා. මොකෝ හැතැප්ම අටදාහක් උකුළෙ තියාගෙන එන්න කියන්නයැ..? ඒ අතින් ශ්‍රී ලංකන් අපේ නැෂනල් කැරියර් හින්දා හොඳා. කල්පනා කළා ම අපි මහ හිපාටු වැඩමයි කරන්නේ. තව පාරක් අපේ බොසා ලොකුසීන් දාලා තොපි ඕන නෑ මම ම වීසා ටික ප්‍රොසෙස් කරවන්නම් කියලා සුද්දන්ට ඊ.ටී.(විදේශිකයන්ට අවශ්‍ය ලංකා වීසා) හැත්තෑ තුනක් ප්‍රොසෙස් කළා. ඩිපාර්ට් වෙන්නෙ අනිද්දා නම් අද වෙද්දිත් ඊ.ටී.ඒ ඇපෘවල්ස් නෑ. නන් රිෆන්ඩබල් හින්දා සල්ලිත් නෑ. සල්ලි නම් කමක් නෑ කියලා ප්‍රොසෙස් කරන්න හිතුවත්, ලංකාවෙ ඊ.ටී.ඒ වීසා ඩේටාබේස් එකට දැම්මොත් ඒක කැන්සල් කරනකම් ආයෙත් ඒ පාර්ස්පෝර්ට් නම්බර් එකට ඊ.ටී.ඒ ගහන්න බෑ. දැන් යම යුද්ධයයි. අන්තිමේදී හයිකමිෂන් එකේ අපේ කන්ටැක්ට් එකක් ලව්වා ලංකාවට කතා කරවලා පැය තුනක් ඇතුළත සියලුම ඇපෘවල්ස් ගෙන්න ගත්තා. මේ ඊයෙ පෙරේදා ආපු අපේ ටීම් එකේ ඊ.ටී.ඒ එකක් වරද්දලා ඇවරි පෙරළා ලොක්කට අමර සැපක් දුන්නා. පැය බාගයක් ඉමිග්‍රේෂන් එකේ පෝරියල්. ලොක්කා අපිට කියන්නේ මගේ බ්‍රිලියන්ට් ස්ටාෆ් කියලයි. මොකද අපි ඒ වගේ පට්ට පජාත පර..මජාාාාාර ආතල් තමා දීලා තියෙන්නේ.

ජනවාරි දෙවනදා තමා ලොක්කා අපිට කතා කරන එක ම දවස, වසර අවසානයේ අපි එක් එක් සේවකයා පුද්ගලික ජීවිතයේ සහ රාජකාරී ජීවිතයේ සිටිය යුතු තැන, ආයතනය වෙනුවෙන් සහ පුද්ගලිකව ආයතන ප්‍රධානියා ලෙස තමා වෙනුවෙන් ඒ ඒ සේවකයා දැක්විය යුතු දායකත්වයන් ඉල්ලා සිටින දවස තමා ජනවාරි දෙවැනිදා කියන්නේ. ලොක්කා 2015 ඇවරිගෙන් ඉල්ලුවේ හීනෙන්වත් නොහිතපු උදව්වක්.

ඇන්ඩි සල්ලි හම්බු කරන එක එක දෙයක්. සල්ලි වියදම් කරන එක තව දෙයක්. අපි මේ හැම දේම කරන්නේ සතුටු වෙන්න. මං තමුන්ට පඩියක් ගෙවන්නේ තමුන්ගේ වියදම් පිරිමහගන්න, අම්මා තාත්තා සතුටින් තියන්න, ගෑනු ළමයා සතුටින් තියන්න. එතකොට මං ඔයාට පඩි ගෙව්වට හැම වෙලාවෙ ම මං දන්නවා ඒ හරහා විශාල පිරිසක් පෝෂණය වෙන බව, සතුටින් ජීවත් වෙන බව. අපිට තියෙන සම්පත්වල හැටියට තව ගොඩක් දෙනා සතුටු කරන්න පුළුවන්. ඒ අපේ චැරිටි ආර්ම් එක ප්‍රනාව් ෆවුන්ඩේෂන් එක හරහා. මං කලින් මේ ගැන අපේ ස්ටාෆ් එකටත් කිව්වා. නමුත් එයාලා ගොඩක් බිසී නිසා එයාලාට වෙලාව තිබුණෙ නෑ ෆුල් ටයිම් මේ වැඩේට ඇටෙන්ඩ් වෙන්න. මේ මොහොතේ ඉඳන් ඔයා අපේ සී.එස්. ආර් ප්‍රොජෙක්ට් කෝඩිනේටර්, බජටින් ඔක්කොම කෙවින් කරලා දෙයි. මට ඕන හද්දා පිටිසර දුප්පත් හැබැයි දක්ෂතා තියෙන ළමයින්ට ඉස්සරහට එන්න ශිෂ්‍යත්ව ක්‍රමයක් හදන්න. තව බඩු නැති කොළඹින් පිට පාසල් බලලා ඒවාට ක්‍රිකට් ගියර්ස් දෙන්න. අන්තිමේදී මිලියන පහක් විතර විදයම් කරලා අවුරුදු තුනක් ඇතුළත තෝරාගත් පාසලකට ගොඩනැඟිල්ලක් හදලා දෙන්න. එතනට යන්න අපිට ලංකාව ඇතුළෙ විශාල පිළිගැනීමක් තියෙන්න ඕන. ඔයා දන්නවානේ අපේ මිනිස්සු ඒවාට අමාත්‍යංශ, දෙපාර්තමේන්තුවල රෙගුලාසි තියෙනවා කියයි. හොඳ වැඩක් කළත් දාහක් කතන්දර. ඔයා ඒ ඔක්කොම ෂේප් කරගෙන අපේ වැඩේ කරගෙන යන්න ඕන.

මොක ද දන්නව ද ඔයාව ම මේකට හරියන්නේ. ඔයත් ඒ මිනිස්සුන්ගෙන් කෙනෙක් නිසා. ඔයාගේ සී.වී එකේ හැටියට ඔයා මේකට හරියන බව මම දන්නවා. සෝ පුතා ඩෝන්ට් ලෙට් මී ඩවුන්. මං එදා ලොක්කා කියපුවා ෂෝට් හැන්ඩ් කරගෙන ඇවිත් සෑහෙන්න හිතුවා. කොතනින්ද පටන් ගන්නේ කියලා. ශිෂ්‍යත්ව ක්‍රමයේ අරමුණ ලොක්කා තුමා සඳහන් කළේ අපූරු විදියකින්. ඔය ස්පෝර්ට්ස් කරන එවුන් මහ නහර කාරයෝ. උන්ට ඔයාලට වගේ ත්‍රී ඒස් එන්නෑ මළාට. හැබැයි ඒ ලෙවල් කෙසේ වෙතත් මුං ඕ ලෙවල් ගොඩ දාගත්තොත් අපිට හොඳ ඉස්කෝලෙකට පුෂ් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු දෙකක් බිග් මැච් ගහද්දි උන් නිකම් ම හැදිලා එනවා. පාඩම් කරන්නැති ඒ ළමයින්ගේ ටියුෂන් ෆීස් වලට අම්මලා, තාත්තලා සල්ලි දෙන්නේ අමාරුවෙන්. අපි ඒ සල්ලි මාසිකව දෙන්න ක්‍රමයක් හදන්න ඕන. දීලා අත පිහිදගෙන බෑ. උන්ගේ ප්‍රොග්රස් එක බලන්න ඕන. ඒ දෙමාපියන්ට, ගුරුවරුන්ට කතා කරන්න ඕන. ඒ වගේ ප්‍රොසෙස් එකක් අපේ පැත්තෙන් වෙන්න ඕන. ලොක්කාතුමා අවධාරණය කළා.

"මම 2013 තමා මුලින් ම මේ ගැන හිතුවේ. මුලින් ම බෙදුවේ බෑග් පහයි. අනුරාධපුරේ ඉස්කෝල වලට. මෙහෙන් මට බඩු හොයාගන්න පුළුවන්. දැනටත් මගේ ගරාජ් එක ක්‍රිකට් ගියර්ස්වලින් පුරවලා තියෙන්නේ. ඔහේට වියදම් කරලා ගෙනාවට ගේන බඩු හරියට ඩිස්ට්‍රිබියුට් කරන්න අපිට මිනිස්සු නෑ. ඒකට චැනල්ස් නෑ. කන්ටැක්ස් නෑ. ඒ ටික හදන එක තමා ඔයාගෙ වැඩේ. මේක ලේසි වැඩක් වෙන එකක් නෑ. නමුත් ඔයා කළොත් අපි නවතින තැන ගැන හිතාගන්නවත් බැරි වේවි. අපි හම්බකරන ගානෙන් අවංකව යම් කොටසක් ආයෙත් සමාජයට දෙන්න ඕන. ප්‍රනාව් ගැන හිතලා මට උදව් කරන්න. ඔයාගෙ ආගමේ කියන හැටියට ගොඩක් පින් සිද්ධ වේවි." එහෙම කිව්වේ අපේ ලොක්කාතුමා බහායි භක්තිකයෙක් නිසා.



ඊක්වල් ඔපර්චුනිටි එම්ප්ලෝයර් කෙනෙක් හැටියට ඔහු කිසි විටක කිසි ආගමක්, ජාතියක් කුළයක් පහත් කරන්නේ නෑ. නමුත් කෙනෙක්ගේ ඇදහිල්ලකට සම්බන්ධ දෙයක් ගැන පිළිගත හැකි පිළිතුරක් ලබා දිය නොහැකි වුනොත් ඔහුට මල පනිනවා. උදාහරණයක් විදියට අපි රෑක බ්ලූවෝටර්ස් ගිහින් එද්දි පානදුර පාලම යට ගඟේ උපසම්පදා කර්මයක් පැවැත්වුනා. "වයි දෝස් මන්ක්ස් ආ ඔන් දැට් බාර්ජ්? වොට්ස් හැපනින් ඕවර් දෙයාර් යූ?? බුඩිස්ට්ස් ප්ලීස් එක්ස්ප්ලේන්" දැන් උපසම්පදාවක් කිව්වට මොකක්ද ඒකෙ වෙන්නේ කියලා අඩුම වශයෙන් සාමණේරයන් වහන්සේලා උසස් පැවිද්ද ලැබීම කියන්නවත් අපේ හිටි බෞද්ධ කීප දෙනා දැනගෙන හිටියේ නෑ. නමුත් ඇවරිතුමා ලොක්කාතුමාට උදකුක්ඛේප සීමාව ගැනත් තිස්ස, නාග දෙපළ ගැනත් උපසම්පදා කර්මයට අදාළ දේවල් ගැනත් පැහැදිලි කිරීමක් කළා. "සීරියස්ලි?? ෂේම් ඔන් යූ ගායිස්" කියලා හොදි එපාවෙන දේසනාවක් කළා. ඕන දෙයක් අපි දන්නෑ කිව්වොත් ඇති කියනකම් උගන්නයි. හැබැයි එක ම වැරැද්ද දෙපාරක් කළොත් බඩු බනිස් ම තමා. තව දෙයක් තමා කොහේ හරි හිර වුනොත්, පටාස් ගාලා එම්.ඩීගෙ මොබයිල් එකට ගන්නයි තියෙන්නේ. එහෙම නැතුව ඒ ගැන හිත හිත කාලය කෑවොත් හක්ක පටාස් ම තමා. අපේ සීනියර් එහෙම පොරක්.   


No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....