සුලා 2007 /2008 වසරවලදී මට එවන ලද දැනට අවුරුදු හය හතක් පැරණි සුබපැතුම්පත්.. |
පහුගිය දවසක ඇවරිගේ බොක්කෙ ම යෙහෙළියකගේ
මංගල්‍යකට සහභාගී වෙන්න ආරාධනාවක් ලැබුණා. ඇවරි පරණ යාළුවන් එක්ක සතුටු වුන
පස්ට මංගලෝත්සවයක් නිසා ඒ ගැන වචනයක්
ලියන්න ඇවරි කම්පනා කළා. සමරහර විට කවදහරි දවසක සුලාගේ දරුවෙක්වත් අම්මාගේ
පැටිකිරිය දැන කියා ගන්න එක ම වටිනවනේ.
සුලක්ඛනා නිර්මාණි, මම තවමත් ඇගේ නමේ තේරුම
හොයනවා. ඇවරිගේ දහම් පාසලේ සමකාලීන මිතුරියක වූ ඇගේ නම මං දැනුත් හරියට ලියුව ද
දන්නෑ. කොහොමත් එදා ඉඳන් ම ඇගේ නමේ පොඩි එලයිමන්ට් අවුලක් තිබුණා. මං කිව්වේ නාම
ලේඛනේ වුනත් අල්ප ප්‍රාණ මහාප්‍රාණ වරද්දලා තිබුණේ. අපි සුලා කිව්වෙ කාගෙත්
පහසුවට. සාමාන්‍යෙයන් හැම දෙසැම්බරයක ම දෙවන සතියේදී සුලාව මටත් පවුලේ අයටත් අනිවා
මතක් වෙනවා. ඒ එළඹෙන අවුරුද්දට සුබපතා ඇය එවන අලුත් අවුරුදු සුබපැතුම්පත නිසා.
අන්න කෙල්ලෙක් කාඩ් එකක් එවලා තිබුණා. ඇවරිගේ අම්මා මුලින් ම කීවෙ එහෙම. ඒ දවස්වල
දැන් කාලෙ කොල්ලො කෙල්ලන්ට වගේ ජංගම දුරකථන තිබුණෙ නැති නිසා මගේ ලිපිනය හොයාගෙන
ඇය සුබපැතුම එවලා තිබුණා. මේ විදියට අවුරුදු කිහිපයක් පිට පිටම එවද්දි ඇගේ
සුබපැතුම් ඇවරි එකතු කළා. අදටත් ඇවරිගේ කාමරේ මෙමරි ලේන් වෝල් එකේ ඒවා එල්ලා
තියෙනවා. කාලය මැව් වෙනසක අරුමේ.. කියන්නේ අපි මොබයිල් පාවිච්චි කරන කාලය ආවම මං
සුලාට කෝල් දහයකට වඩා දීලා නැතුව ඇති. කඨිනයකටත්, ජනාධිගේ මවගේ මළගෙදර යාම
සංවිධානයටත් ඇය මට කතා කළා මතකයි.
ඇගේ මංගල ඇරයුම මට ලැබුණෙ සෙනසුරාදාවක. නොදන්නා
අංකයකින් ඇමතුමක් “අනේ බං උඹව අල්ලන්න අමාරු බව දන්නවා. ඒත් මං හිතුවා සෙනසුරාදා
ගෙදර කියලා. මං සුලා.. හරි වස්තුවේ මං දන්නවා ඔයා කියලා. මොකද මගේ කන් අඩි ටියුන්
වෙන තරටම හිනාවෙලා වෙන කවුරුවත් මට කතාකරන්නෑනේ.. කියපන් මොකක්ද වෙන්න ඕන.??? මගේ
වෙඩින් ඉන්විටේෂන් එක දෙන්න ආවෙ. උඹ ගෙදර නෑනේ.?? අවුලක් නෑ!! ඇවරිගේ බ්රේක් නැති
කටට කියැවුනා. අවුලක් නැති නිසානේ බං පවුලක් වෙන්නේ. ෂුවර් එකට ම වරෙන්. මට දැන්
ගෙදරට යන පාර කියපන් මේක ගෙනිහින් දෙන්න... මම අනිවා එනව මචං, ප්ලේට් එකට සල්ලි
ගෙවපන්. මං නංගිට කියන්නම් ඕක කලෙට් කරන්න කියලා. කොහොමින් කොහොම හරි ආරාධනාව
ගෙදරට ආව.
වැඩේ නොවැම්බර් කියලා මතක තිබුණට දවස ඇවරි
එච්චර මතක තියාගෙන තිබුණෙ නෑ. මොකද එදාට නිවාඩුවක් නොදා වරුවෙන් වැඩට යන්න ඇවරි
ප්ලෑනක් ගහලා තිබුණ නිසා. ඔය අතරේ නොවැම්බර් දෙවන සතියේ දවසක ඇවරිගේ තව යාළුවෙකුගේ
වෙඩිමකට ලද ආරාධනාව වැඩ අධිකකම නිසා සුහදව ප්‍රතික්ෂේප කළ ඇවරි ඔවුන් වෙනුවෙන්
යැවෙන දංකොටුව පෝසිලේන් පැක් එක හිල්ටන් යවන්න කියන්න සම්පත්ට කෝල් එකක් දෙද්දි
තමා සුලාගේ වෙඩිමත් මේ මාසෙ බව මතක් වෙන්නේ. කිව්වට මොකද යාළු එවෙලේ මගේ කෙළ
හිදුනා. දතකට පූට්ටු කරගත් ඇවරි වහාම කළේ නැගණියන්දෑ ඇමතීම. “නංගා කවද්ද සුලාගේ
වෙඩිම?? මට මතක නෑ ලොකූ කාඩ් එක මේසෙ උඩ. එවෙලේ වහාම සුලාගේ මිතුරියක වූ වසන්තිට කෝල්
කළත් වසා ආන්සර් කළේ නෑ. අන්තිමේ දී ළසෝ ලැව් ගින්නට වතුර ටිකක් දැම්මේ මයිනා.
මහේෂට කෝල් කළා ම, මචං වෙඩිම විසිඅට, අනිවා වරෙන් නැත්නම් මරණයක් තමා වෙන්නේ කියලා
තිබ්බා. ඇත්තට ම ඒක මිස් නොකළ යුතු මගුලක්.
නියමිත දවසේ ලක ලැහැස්ති වී ඇවරිත්
වෙඩිමට ගියා මං යද්දි සුලා පෝරු මස්තකප්‍රාප්ත වෙලා. අන්තිමේ දී එෆ්.බී ප්‍රේමය
ජයගත්තා. කෝ සකර්බර්ග් ආවෙ නැද්ද?? ගිහානයා දෙනෝදාහක් නෑයො මැද්දේ කෑගැහුවා. මට බය
මචං මේ කෙලී හිනාවෙන හැටියට පෝරුව උඩදි ස්ඵෝටනය වෙයිද කියලා. මුල දි එතරම්
හිනාවෙලා අපිට මුකුළුපාමින් සිටි මනාලිය අන්තිම ජවනිකාවෙදි අඩන්න තියාගත්තම මයිනා,
මචං මේකි අදත් සිරාවට අඩනව නේ කිව්වා. ඒඉතිහාස කතාව මෙහෙමයි. සමාන්‍යෙයන් සුලා
කියන්නේ හිනාවෙන කෙල්ලක් මිසක් කවදාවත් අඩන කෙල්ලක් නෙමෙයි. නමුත් පොඩ්ඩක් හරි හිත
රිදිලා ඇය ඇඩුවොත් ටැප් එක වහන්න මාර ම අමාරුයි. ඒ වගේ ම සුලාට කඳුළු අතරින්
හිනාවෙන අමුතු ම ෆීචර් එකක් තියෙනව. ඇඩුවට පස්සේ ආයෙත් හිනාවෙනවා ඇරෙන්න කවදාත් ඇය
කඳුළු පිහිදානව නම් මං දැකලා නෑ. අර දෙකපොලෙන් බේරෙන කඳුළු පාරවල් දෙකයි. තඩිස්සි
වුණ මූණයි, ළාවට ආපු හොටු දල්ලකුයි එක්ක, ඇස් පුංචි කරලා හිනාවෙන කෙල්ලක් කොච්චර
ලස්සන ද කියලා හිතන්නකෝ...
නලින පුතාට මතකද ඔය කෙල්ල පන්සලේ බෝ මළුවෙදි
පුතාට ඉදලෙන් ගහන්න ගියා...? එහි සිටි මහේෂගේ මව, යමුනා ඇන්ටි අපේ පරණ කතාවක් ඇදලා
අරං අපි හැමෝවම හිනැස්සුවා. කතාව මෙහෙමයි. ඉරිදාවෙ ප්‍රමාද වී පැමිණෙන ළමුන් බෝ
මළුවට ගෙන බෝ මළුව සුද්ද කිරීම අපේ සිරිතක්. එහි රාජකාරී භාර සිටි සුලා ළමුන් ලවා
වැඩේ කරවලා තිබුණෙ නැති නිසා ඇවරි පොඩි සත්තමක් දැම්මා. බලද්දි ඇය ළමුන්ට අතුගාන්න
දෙන්න ඉදල් හොයන්න ගිහින්. මගේ ගෝරනාඩුව අහන් ඉඳලා මගේ පස්සෙන් ඉදලක් උස්සගෙන බෝ
මළුව දිගේ අංගුලිමාලගේ වයිපරේ වගේ ඇය දුවගෙන එන දර්ශනේ ඒ වෙලාවෙ බෝධි පූජාවකට ආපු
යමුනා ඇන්ටි දැකලා, ඇයි පුතා අර ළමයා ඔයාට ඉදලෙන් ගහන්න ආවෙ කියලා ඇහුවා.
සුලා කියන්නෙ කවදත් වෝම් හාර්ටඩ් කෙල්ලක්.
ඇය අපිට කතා කරන්නේ ම බං කියලා තමා. මූට බං පිස්සු නේ..? ඒ සුලාගේ විදිය. පහුගිය
ආත්මෙ ඝණ්ඨාර පූජා කළ පිනෙන්, සුලා ඉන්න තැනක ඈතක ඉඳන් වුනත් කියන්න පුළුවන්.
කිව්වොත් දෙයක් අනිවා කරලා තියෙවි. ඔන්න එක අවුරුද්දක කඨිකයකට නායක හාමුදුරුවන්ට
පරණ ශිෂ්‍ය නායකයන්ව සම්බන්ධ කරගන්න ඕන වෙලා ඒ අයට ඇඳුමක් කාරිය නායක හාමුදුරුවන්
ම මස්සවලා පෙරහැරට සහභාගී වෙන්න ආරාධනාවක් කළා. අපේ කස්ටියගේ වයසත් එක්ක කොල්ලන්ට
ජාතික ඇඳුමත්, කෙල්ලන් සාරි ඇඳන් පෙරහැරේ
යා යුතු බවට දායක සභාව ඉල්ලා සිටි නිසා කාන්තා පාර්ශවය සාරියට එකඟ කර ගැනීමේ වගකීම
පැවරුනේ ඇවරිට. කොහොමත් එදා ඉඳන් ම වනිතා කටයුතු මගේ අමාත්‍යංශය වුනා. අද කෙල්ලො
නම් සාරි අඳින්නේ හරි කැමත්තෙන් නමුත් එදා අපේ උදවියට සාර අඳින්න සෑහෙන්න අදිමදි
කළා. ඔසරිය අඳිනව නම් ඒක මේඩප් ද? ජැකට් එකේ අත දිගට ද කොටට ද? සුදු සාරි බෑ.. ළා
පාට සාරි ඕන. දැන් ජැකට් මහන්නේ කවුද? ආදි වශයෙන් ප්‍රශ්න මාලාවක් යොමු වුන මාර ම
කඩයක් වුනා. අනේ එවෙලේ ඇවරිට සහායට ඉදිරිපත් වුනේ සුලා. උඹ බය වෙන්න එපා මං
කෙල්ලන්ව සාරි අන්දලා ගෙන්නන්නම්. ඇය ගටෙන් ම කිව්වා. කිව්ව වගේ ම මැණිකෙලා ටික
ලස්සනට පෙරහැරේ ගියා. ඒ වගේ හිතාගන්න බැරි තැන්වලදි, ඉදිරිපත් වෙන චරිතයක් තමා අපේ
සුලා.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....