Monday, April 29, 2013

කොච්චි මිරිස් කරලේ සරණ බන්ධනය


ආනේ ඇවරි හුඟ කාලෙකින්......!!! දැන් ටිකක් වයසට ගිහින් වගේ අයියෝ..... ඇවරි වැහැරිලා වගේ නේද බං......?????? කලාස් කලාස් කලාස්.... අජූතයි. අප්පිරියාවයි, අසෙක්ස්සිතයි, අප්ප්‍රසන්නයි.... අනේ අම්මාපල්ලා හත් අවුරුදු හත් මාසෙකින් යුනි ගියාම මේ එක එක උඩිච්චියො කියන කතා... මේවාට හිත් වදිනවැයි බාාාං. පුරා සිව්වසරක කාලයක් කැලණි සරසවි පියසේ මා ලබා ගත් දැනුම් සම්භාරය පිළිබඳ අංශුමාත්‍රගත හැඟීමකින් තොරව කියපු ඇගේ කඩප්පුලි කතාවට නම් ඇවරිගේ දරු බොක්ක පලාගෙන දැඩි ශෝකාග්නියක් හට ගත්තා. ක්‍රමයෙන් අන්නශෝතය, අග්න්‍යාශය ඇතුළු ආහාර ජීරණ පද්ධතිය ඔස්සේ සීරුවෙන් පැමිණ බුර බුරා නැගෙන කෝප ගිනිදැල් ශ්‍රී මුඛද්වාරයෙන් පිටවෙන්නට උත්සාහ ගනිද්දි ළඟ ම හිටපු බැචීගේ වතුර බෝතලය බලහත්කාරයෙන් අරගෙන කටේ හලා නොගන්න ඒ අපහාසය කරපු සුන්දර ලලනාව අර නන්ද කුමාරයා දිව්‍ය ලෝකෙ යන ගමන් දැක්ක වැඳිරි මෑල්ලක් වගේ වෙන්න හොඳට ම ඉඩකඩ තිබුණා......
අනේ ඉතිං කාගෙ වුනත් දැරිවියෙක්නේ කියලා මාත් මුවින් නොබැන චාටරේ දෝතින් පිළිගෙන ෆැකල්ටියෙ තවත් අන්තයකට ගිරා මාරු වුනා. ඔය අතරේ තමා ඇවරිගේ කළුබෙරි ජංගමයාට කොච්චි මිරිස් කරලීගෙන් ඇමතුමක් ලැබුණේ. මේ කවුද කියලා සලාදය මුල ඉඳන් කියවන පිරිස් නම් දන්නවත් ඇති. පැහැදුණුවන්ගේ පැහැදීම වැඩි කිරීම සඳහාත් නොපැහැදුණුවන්ගේ පැහැදීම ඇති කිරීමටත් මං කොටින් ඈ හඳුන්වා දෙන්නම්. හැබැයි හරියට ම මෑව අඳුනාගත්ත උදවිය නම් ආයෙත් පාරෙ තොටේ දැක්කත් මූණවත් ලබන්නෙ නෑ. අනේ වාසනාවට අපේ ඉතිං ලැජ්ජ නහරේ කපලා දාලා නේ...
යුනියේ පළමු අවුරුදු ගැන ලියාපු පෝස්ට්වල අපේ එන්ඩමික් සෙට් එකේ සැනසීම නැති කරන්න සෙටමෝල් වුන මලකඩ ඇණ දෙකක් ගැන ලියාල ඇති. හිරමණේ සහ පැස්බරා යන ගෑනු පරාණ දෙකෙන් පැස්බරී පස්සේ චිලී වුනේ ඇයි කියලා හිතාගන්න පුළුවන් නොවැ. මේ බකිරිමුයිස් ඩබල එදා සිට අපට වද දෙන්නේ ගොනා පසුපස එන හෙවනැල්ල වගේ.... විද්දා විද්දා... කරත්තේ වගේ බං කරත්තේ (ගැල) වගේ
කොහොම නමුත් කාලෙකින් කතා කරපු සබඳිනියට සුබ අලුත් අවුරුද්දක් පතන්න ඇවරි අතමක කළේ නෑ. ආගිය විස්තර කතා කොරන ගමන් ම ඇදලා.....පැදලා.....වැනිලා....කැරකිලා.......දොඩලා අදාල කාරණේට සමාරම්භයක් ලබා ගන්න ඈ උත්සුක වුනා. කොහොමටත් මගේ මිත්ර පරාණ උන්ගේ වැඩකට හා මගේ අවැඩකට මිසක් යුතු මතු වැඩ සඳහා මට කතා කොරන්නෑ. ටොන් ගාණක පරාලයක් හිසමත කඩා වැටෙන්න යන බව ඇවරිගේ ටිකිරි මොලේට වැටහුනා. මේකයි කතන්දරේ... අපි බඳින්න යනවනේ.... ඇවරිට සුබ මංගලම් කියැවුනා. (අවංකව කිව්වොත් ඒ වෙලේ හද පතුලෙන් නැඟුණු සාතිශය සංවේගය වචන වලට පෙරළන්න අමාරුයි. තවත් අහිංසක කොළුවෙකුට වෙන්න යන දේ.... කියලා ධර්ම සංවේගය උපදවා ගන්නව හැරෙන්න වෙන මක්කොරන්න ද? බඹා කෙටූ හැටියටනේ බබා වැනෙන්නේ කියනවනේ.....?????
හත්වලාමයි... ඉතිං???? ඉතිං කියන්නේ අපිට ඉන්න තැනක් නෑනේ බං. උදව්වක් කොරහංකෝ... චිලී බටර් තලියක් තවරා කාරුණිකව ඉල්ලා සිටියා. මාගේ දැනුම් ප්‍රමාණයට අනුව නම් මං බ්රෝකර්වරයකුවත්, රියල් එස්සේට්මන්ට් බිස්නස් කාරයෙක්වත් අඩුම තරමේ සිල්ලර ලෝන් එකක් පාස් කරන්න පුළුවන් බැංකුකරුවෙක්වත් නොවන නිසා මේ කතාවෙන් මොහොතකට අඤ්ඤා මඤ්ඤා වුනා. වැඩබැරි ඇවාරිස් ඊළඟට අහපු පුරස්නෙන් නම් ප්‍රශ්නෙ අමතක වෙලා චිලියට දෙකොනින් හිනා. තරහ වෙන්න එපා බං උදව්වක් කිව්වෙ උඹලා දෙන්නට හඳපානෙ පැනලා යන්න වගේ උදව්වක් ද??? චිලීගෙ හැටි දන්න නිසා එලෝ විකාරෙන් මෙලෝ පොල් අතගාන්නා වගේ ඇවරි අඩමානෙට ඇහුවා. නෑ බං අපිට බැඳලා ඉන්න ඇනෙක්සියක් හරි ගෙයක් හරි ගන්න ඕන. උඹලගේ පැත්තෙන් අපිට කුළියට ඉන්න තැනක් හොයලා දීපංකෝ...
යාන්තම් ඇවරිකේ කටු සරීර කූඩුවට ලේ ටිකක් කාන්දු වුනා. දැන් මුං ඔක්කොට ජනාධිපති වගේ රට පටලෝනවනේ...??? මහින්ද සුද්දො මත්තල යවනවා වගේ උඹත් ඇවරිව පරංගි කෝට්ටේ යැව්වා නේ...? මේ කෙලී මං මෙච්චර කෙට්ටු කියලත් දැනගෙන තියෙන කැලරි ටිකත් පුච්චන එක ගැන ඇවරිට තරහත් ආවා. අනේ සොරි බං හරි වැඩේ කරලා දෙන්න පුළුවන් ද කියපංකෝ? හැබැයි ඉක්මණට ඕන. බුදුසරණයි කියලා ඈ ඇමතුම විසන්ධි කළා.
නපුරු කලට සතහට පත්වන විපත - නිසල නැණින් යුතු උතුමෝ ම දුරලත. දැන් හොයපන්කෝ ගෙවල්. දෙදරන දඟර සුළං කිව්වලු...?   කොහොම නමුත් ඇවරයියා වැඩේ බාර ගත්තා. පළමු වසරේ ඉඳලා එන්ඩමික්ස්ලට ප්ලග් වෙලා හිටපු චිලීටත් ඇගේ අත ගන්නා රුචිර අයියාටත් ඇවරි සුබ මංගලම් කියලා සලාදයේ සුභාශිංසන පිරිනමනවා. දෙන්නා දෙමාහල්ලන්ට මේ කිරිපිටි ගණන් ගිය කාලෙ ලාහෙන් මනින්න දරු සම්පත් ලැබිලා යුවතිපතීන් ලෙස වාසනාවන්ත ගෘහ ජීවිතයක් ගත කිරීමට ශක්තිය ධෛර්ය, නිදුක් නිරෝගීභාවය කායික මානසික සුවපත්භාවය මෙන්ම චිර ජීවනය සැලසේවා! යි ප්‍රර්ථනා කරනවා.
අනේ ඉතිං අවසාන වසයෙන් නිවී සැනසිල්ලෙ කම්පනා කරලා බැලුවා ම අර සරසවි බුවී කලින් කියපු කතාවෙත් වරදක් නෑ කියලා මට හිතුනා. ඔව් දැන් කාගෙ කාගෙත් සිකුරා වැල්ලෙ කැරකෙන කාලෙ වහෙන් ඔරෝ කිව්වෙ ඇවරි වැහැරෙන එක ගැන හද පතුලෙන් ම නැගෙන ඇගේ ශෝකාලාපය ද? අන්න පුතා මුට්ටියක් දාලා බලන්න අවස්තාව. ඒ ගැන වැරදිලාවත් හාමිනේට ආරංචි වුනොත් තියෙන කේශාලාපයත් නැතිවෙන්න පුළුවන් නිසා ඒ ගැන නොහිතන එක සරීර සවුක්යට හිතකරයි ඕං.........    

පලි # ‍මේ ජෝඩුව ගෙවල් හොයන්න ගිය හැටිත් අපූරු කතාව... පස්සේ කියවමුකෝ....

5 comments:

  1. වැඩිපුර වලන් පිගන් ටිකකුත් ම්න්ගල තෑග්ගට දුන්නට වරදක් නෑ...අරන් දෙන ගෙදර වටේ ගෙවල් නැත්නම් වඩාත් හොදයි...පාවෙන පීරිසි බලන්න දැන් කාලෙ අයට වෙලාවක් නෑ නොවැ

    ReplyDelete
  2. ඇත්ත කතාව සුසෙවි, කරුමෙ කියන්නෙ හෙට අනිද්දා මුං දෙන්නා මගේ අසල්වැසියන් වෙනවා. ඒ නිසා පාවෙන පීරිසි දැක්කොත් මං කියන්නම්, ඔයාලටත් අපේ ගෙදර ඉඳන් බලාගන්න පුළුවන්. කපලයට තෑගි දෙන දේ ගැන නම් තාම ඒකමතිකභාවයක් නෑ. බාල්දියක්, ඉසකුඩිච්චියක්, ග්රේටරයක් ආදී නොයෙක් යෝජනා පමණයි දැනට ඇත්තේ..........

    ReplyDelete
  3. බාල්දි නම් අනවශ්‍යයි..බාල්දි පෙරලන ටීම් එකක්නෙ..ඉසකුඩිච්චිය කොකටත් ඇවරිම තියාගන්න එක හොදයි...පස්සෙ කාලෙක පවුල් ජීවිතයක් කියන්නෙ දෙය්යනේ මේ වගේ ජනවාර්ගික අර්බුදයක්ද වගේ හැගීමක් මතු වෙන්න පුලුවන් ඔවා දකිද්දි...ග්‍රෙටරයක් නම් නරකම නෑ...මීටරයක් අඩුවට ගන්න පුලුවන් නම් ගොඩ..

    ReplyDelete
  4. ඇයි හත්වලාමෙ සුසෙවි ඉසකුඩිච්චිය මට ම තියාගන්න කිව්වෙ අර ජානක වික්‍රමසිංහ කියන්නා වගේ මගෙ සිරික්කියට හිත පයිත්තියන් වෙච්චි නිසාවත් ද?

    ReplyDelete
  5. එසේමැයි...ඔය කොයි විදියේ ආදර පනික්කියොත් බැන්දට පස්සෙ විසිරික්කය වෙනවා..නැතුව පුලුවනැ උබල වගේ නාහෙට අහන්නැති උන්ව ආම්බාන් කොරන්ට..

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....