කැන්ඩි අටවක 3
අමන්දාගේ උපාසක ඉවසීම
|
චානු යක්ෂයාගෙ කාමරේ අපි අරක්ගත්තට මොකද ඊට කලින් රාත්තිරි දෙකක් ම සින්ගල් එහි නවාතැන්ගෙන තිබුණා. අපි යද්දි ෂෝර්ටක් දාගෙන සින්ගල් පල්ලෙහා ඇලෙන් වැලි ගොඩදානවා. කොහොමින් කොහොම හරි ඒ මූසල රාත්රියේ අටේ කණිසම විතර වෙද්දි යකා විමානෙට ආව. අනේ ඉතිං ආපු වෙලාවෙ ඉඳලා අපිට වැඩ පැවරිල්ල ඇරෙන්න චානුක යක්සයා නම් කොරාපු දෙයක් නැතුවා.
නුවර ටෙලි පික්ස් ආයතනය විසින් අනුග්රහ කර මුද්‍රණය කළ ඩිජිටල් බැනර් පහළොවකට එස්ලෝන් බට දැමීමේ ව්‍යාපෘතිය භාර වෙලා තිබුණෙ සිංගල්ට. මෑන්ස් අඟලෙ බට ගෙනැවිල්ලා ගානට මැනලා හරි උනන්දුවෙන් වැඩේ කොලා. ඒ දෙපැත්තට ගහපු එන්ඩ් සොකට් හිල්කිරිල්ලයි බැනර් එක ලෙලදෙයි කියන බරට වැලි පිරවිල්ලයි තමා කරන්න තිබුණ වැඩ. ආ..... තව ආරාධිතයන්ගේ තෑගි ඔතන්නත් අපිට පන්ගාර්තු වුනා නොවැ. පාලක මැදිරිය ඒ වැඩේ බාර ගන්න කැමැත්තෙන් හිටියට මොක ද, අචාන්ද්රපද්ම එකහෙළා විරුද්ධ වුනා. නෑ අපි ඔතාගනිමු. එයාට ගෙදර ගිහින් නිදාගන්න කියන්න. මහ මොළකාරයා අන්තිම අනඥාවත් නිකුත් කළා. කාපන් අම්මා....... පාන්දර තුන විතර වෙනකම් තෑගි ඔතලා. කැටලොග් නවලා, බැනර් හදලා වැඩ්‍ර කෝටියක් කළා.
පහුවදා උදේ පාන්දරින් සිංගල් වැලි කෙළියට කතා කරනවා. අනේ වාහෙ අපි ඔය කාලෙ පහු කොරලා නොවැ කැම්පස් ආවෙ..... දැන් මේ වයසත් එක්ක ගත්ත ම වැලි කෙළියට ලැජ්ජාවෙ බැරුවා. අනික අර පුංචි කාලෙ හිටි සාමා එක්කවත් නම් තව කමකුත් නෑ. මේ සිංගල් ගොබිලත් එක්ක???? බෑ බෑ ඉන්තේරුවෙන් ම ඒක කොරන්ඩ බෑ මයෙ දෙයියො.....හ් “මේ බිබික්කමට වැලි පුරවන්න ඕන නෑ බං. ඉන්ඩෝර් ෆ්ලෙක්ස් හුළඟෙ යන්නෙ නෑනේ????” කස්ටිය වර්ඩින් එක දුන්නා. සිංගල් පව් අප්පා....
මහ රෑ යාමේ මේ - ගං තීරේ....... තනියම වැලි ඇද හිඳිමි බලා....//
අන්තිමේ දී බැනර් ටික චානු යාළුවෙක් එක්ක ගිහින් එල්ලලා ආවා. අපි ලොකේෂන් එකට සෙන්ටර් වුනා. අප්පුචියෝ මෙතන ද තැන...??? භූත බංගලාවක් වගේ නොවැ??? කාරි නෑ කාරි නෑ... අපි වගේ සුර දූතයො වැඩියා ම භූතාත්ම පෑල දොරින් ගිරාමාරු වෙනවා කියනවනේ.... දැන් තියෙන්නේ පොටෝ කෑලි ටික බිත්තිය මතට ඩිෂිබිල් කරවීම.
ඔතනත් රස කතාවක් තිබුණා. කොළඹින් එදා පිටත් වෙන්න කලියෙන් පාලක මැදිරිය විසින් ඡායාරෑප එල්ලීම සඳහා භාවිතා කරන විශේෂ නූල් පිළිබඳ විමසීමක් කළා. අපි කලින් පාවිච්චි කළේ ප්ලාස්ටික් සුදු නූලක්. පන්දරචද්ම ගෙන් නූල ගැන විමසීමක් කළා ම පාලක මැදිරිය හා තිබූ නයි මුගටි ප්රේමය නිසා ම ඒවා හරි කියල පොල්ලෙන් ගැහුවා වගේ උත්තර දීලා නිකා හිටියා. වැඩේ ටස්කෙට ම ඩන් වෙන්නැ කියලා හිතාන අපිත් හිත සුද්දෙන් පිටත් වුනා. අන්තිමේ දී එදා ලොකේසමේ දී තමා වැඩේ කොට උඩ බව තේරුණේ. කලින් පාර අපි පිටිපස්සෙ බිත්තිට සුදු කොළ වලින් කවර් කරපු නිසා ඒ බිත්තියට ඒ නූල සෙට් වුනාට මෙදාපාර කළු තිර රෙදි තිබුණ තැන සුදු නූල කැපිලා පෙනුනා.දැන් මේ නූල නම් වැඩේට හරියන්නේ ම නෑ....
හිතවාවන්නේ ම නෑ..... අරා...ට බනින්නත් බෑ...
අමන්ද කිව්වෙ ඌ හොරා කියා....//
වෙන නූල් ඇත්තේත් නෑ.... දැන් වැඩේ කෙරෙන්නෙත් නෑ....
අපි හිතාන උන්නෙ මල පනී කියා..... අමන්දා......ට මල පනී කියා....
දැන් අපේ ඉරණ ම නියමාකාරයෙන් ම විසඳිලා තියෙන බව කාට කාටත් පැහැදිලි වුනා. ආයෙත් අලුතින් නූලක් ගේනව නම් නුවරට ම යන්නත් ඕන. සිදුවූ ප්රමාද දෝෂය තම හිසමත පටවා ගත් තොටයා අචාන්ද්රපද්මයත් ඇදගෙන නුවරට ගාටන්න වුනා. උදේ සුලලිත වෙලා හිටි පද්මය දැන් මුකුලිත වෙලා. වෙලාවට තොටයා මෑන්ස්ව ඇදන් ගිහින් මහා පුන්‍ය කර්මයක් කොරගත්තෙ. නැත්නම් අනේ මන්දා චන්ද්‍රපද්මයේ පෙත්තෙන් පෙත්තෙන් පිළිවෙලින් සිඳලා රේණු මංජරිය හා නටුව අප් සයිඩ් වඩුන් කරවලා ඌ ගෙනාපු නූලෙන් ම එල්ලලා වෙන ම එක්සිබිසමක් කොරන්න හොඳට ම ඉඩ තිබුණා. ඛන්ති බලං බලානකං කියනවනේ. ඉවසීම මහා බල ඇණියකි. කොහෙන් කොහෙන් හරි වැඩේ ලත් තැන ම ලොප් වුන නිසා අපේ කෲ එකට පඩි සහිත නිවාඩු.....!!!!
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....