පෙබරවාරි පළමු වැනිදා පූරි කන්න සෙට් වුනා. ඒ වැඩේ හින්දි දිනයේ අරමුදල් තර කිරීමේ ව්‍යාපෘතියක් හැටියටයි කෙරුණෙ. සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. ඒත් පෙබරවාරි දෙවැනිදා කියන්නෙ අපි ඉතිහාසයක් වෙනස් කරපු දවසක්.
එදා අපේ විශේෂවේදී පළමු වසර නවක සාදය පැවති දිනය. අපි ගොඩක් පාඩම් ඉගෙන ගත්තු දවසක්. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තමන්ගෙ කණිටු විශේෂවේදීන් පිළිගැනීමට පුංචි සාදයක් දැමීම සිරිතක්. හැබැයි අපිට නම් ලැබුණෙ පච ම පච වෙල්කම් එකක්. අපේ අවුරුද්දෙ වෙල්කම් එක දවසට කළින් දා මං හිටියෙ යාපනේ ඉඳන් කොළඹ එන ගමන්. පහුවදා අප්පච්චිට ඥංඤුං ගාලා කොහොම හරි හවස පාර්ටියත් ආවට මොකෝ හරිම සවුත්තු වෙල්කම් එකක් තමා දුන්නෙ. අපිට බං බොලං බාසාවෙන් කතා කළා විතරක් නෙමෙයි සෙට් වෙන්නැති වැඩ කෝටියක් ඒකෙ තිබුණා.
බැචාලා කවුරුත් ඒ ගැන සතුටු වුනේ නෑ. අපි පහුවදා ම ජිම් එකේ දී අපි දෙන වෙල්කම් එක හොඳට ම කරමු කියලා කතා වුනා. ඇත්තට ම අපේ මිනිස්සුන්ට ඒ කුප්ප සංස්කෘතිය වෙනස් කරලා අලුත් දෙයක් කරන්න ඕනකම තිබුණා. අන්තිමේ දී දවස උදාවුනා. අපි සුහද ක්‍රිකට් තරගයක් සංවිධානය කළා. ඒක නම් ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් හොරකන් කරගත් උප සංස්කෘතික දෑවැද්දක් කියලා සමහරු කියාවි. ඒත් අපි කියන්නෙ 2011ට ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයට තමන්ගෙ නවක සාදයට සමගාමීව වාර්ෂිකව පවත්වන ක්‍රිකට් තරගය පැවැත්වීමට නොහැකි වී තිබියදී අපි සාර්ථකයි කියලයි. දැන් මාර්තු 02 වැනිදා French Club එක තවත් ක්‍රිකට් තරගයක් සූදානම් කරලා තියෙනවා.
ආ... මේ කැම්පස් එකේ ක්‍රිකට් මැච් එකක් කරද්දි මුලින් ම ජිම් එකෙන් අංක දෙක ක්‍රීඩාංගනය ලබා ගන්න අයදුම්පතක් පුරවන්න ඕන. පිති, බෝල, කඩුලු වගේ ම හතරේ සීමාව ලකුණු කිරීමට කඹත් ඔවුන් ලබා දෙනවා. සංවිධායකයන්ට තියෙන්නෙ ඒවා ගෙන්වා ගැනීම පමණයි. නමුත් අපිට තොප්පියක් වැටුණෙ මැච් එකට සවුන්ඩ්ස් ඉල්ලුවෙ නැති නිසා. ඒකත් පට්ට කතාව.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....