Sunday, May 17, 2015

නත්ථි ජාතස්ස අමරණං හෙවත් සීයට හයක් මදි වීම

මේ දිනවල ලියැවෙන සියලු ම සදාල පැත්තකට විසි කරලා ඇවරි තුමා මේ තනන්නේ පහුගිය සති අන්තයේ තමුන් සහභාගී වුනු අම්පෙගම මුත්තණ්ඩීගේ අවමංගල්‍ය පිළිබද කෙටි සටහනක් ලියන්න. මේකෙ පට්ට අවුල් තැන් ඇති. මොකද මං ලියන්නේ මට කියාගන්න ඕන කරන කතාන්දර ටිකක් මිසක් සම්පූර්ණ විස්තරයක් නොවන නිසා. තම තම නැණ පමණින් ගළපා ගැනීම ඔබට බාරයි. මාස හයක වගේ කාලයක් එක් තැන්ව සිටි අපේ කුලරත්න මුත්තණ්ඩී පහුගිය සතියේ අන්ත්‍රා වුන පුවත ඇවරිට දැනුම් දුන්නේ ඇවරි මාතාව විසින්. එක් තැන්ව සිටි මුත්තණ්ඩීව බැලීමට ඇවරි පිතාණන් කිහිපවරක් ම ගමේ පැමිණියත් ඇවරිට ඒ අවස්ථාව ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳ ඇත්තේ තරමක ශෝකයක්. මේ අවමඟුලටත් කෙසේ හෝ සහභාගී වීමටත් ගායක් අරං වැඩක් කරන්ටත් ඇවරි හිතා ගත්තේ තමුන්ට දැනෙන දෙයක් කරගන්න බැරි වීම පිළිබඳ පශ්චත්තාප වෙමින්.


මඟුලට නොගියත් මරණයට යායුතු ඇවරි න්‍යාය මත පිහිටා පහුගිය දා පැවති පල්ලි මල්ලිගේ විවාහ මංගල්‍යයට ඇවරිට යන්න නොලැබුණත් ඒ දෙපළගේ යුග දිවියට සලාදයේ සුබ පැතුම් මෙයින් එක්කරනවා. අවසාන පැයේ දී මඟුල් ගෙදර යාමේ වුවමනාව මට තිබුණත් අපේ කන්තෝරුවේ තත්ත්වය ටිකක් දරුණු අතට හැරීම නිසා මට ඒ අදහස අත්හරින්න සිද්ධ වුනා. නමුත් අපේ පවුලේ උදවිය ඒ උත්සවය වෙනුවෙන් සහභාගී කරවීමේ කටයුත්ත ඇවරි තුමා සිදුකළා. ඇවරි පියාණන් නම් මඟුලට නොගිහින් කලින් ම සැරහී මළගෙදර ගියේ එහි යාම එතරම් ම වැදගත් කටයුත්තක් කරගනිමින්. අවසන් කටයුතු සිදු කළ සෙනසුරාදා දක්වා ම එතුමා අවශ්‍ය කටයුතු සඳහා උදව් උපකාර කරමින් එහි රැඳී සිටියා.


කොහොමින් කොහොම හරි ආයතනික ගැටලු, ආරක්ෂක තත්ත්වයන්, අත්‍යාවශ්‍ය සේවා සියල්ල ගැළපීම මත ඇවරි තුමාට කොළඹින් පිටත් වෙන්න සිද්ධ වුනේ සෙනසුරාදා උදේ වරුවේ. ඇවරිගේ සහෝ තුමා අපේ සිරිපාල ෂීනන් සහ එම මැතිනියත් ඇතුළුව අපි තිදෙනා මරදානෙන් හයයි තිහට ධාවනය වන සීඝ්‍රගාමියෙන් ගම රට බලා පිටත් වුනා. මේ වන විට අපේ ගයියා මහතා අසනීප වී සිටින බව ආරංචි වීම හේතුවෙන් පාන්දර පහයි තිහට ඇවරි කළේ ගයියාට කෝල් කිරීම. ලොකු අමාරුවක් නෑ මචං. වෛරස් උණක් ගත්තා. දවස් ටිකක් අල්ලලා හිටීවි. සඳුදා උදේ ම ගයියා බැලීමට යායුතුයි කියලා ජනපති දිනපොතේ අප්ඩේට් වුනේ ඒ ආකාරයට.  


අපි මළගෙදරට එද්දි වෙලාව නවයහමාර විතර වුනා. ඒ වන විටත් අපෙන් සිද්ධ වෙන්න ඕනා කරන වැඩ කටයුතු සියල්ල සිදුවෙලා තිබුණෙ මළගෙදර වෙනුවෙන් විශේෂයෙන් සහභාගී වුන විශේෂ කාර්ය බලකායක් අතින්. ඒ අය ගැන පසුවට ලියන්නම්. මළගෙදරට ගිහින් විනාඩි තිහක් ඇතුළත ඇවරිත් ගේමට එන්ටර් වුනේ තවත් බලා හිටියොතේ මුකුත් ම කරගන්න බැරි වෙන නිසා. අපි යද්දි පියදාස සීයා සහ ස්වාධීන රූපවාහිනී ඉංජිනේරු අංශය අපූරුවට චිතකය නිර්මාණය කරලා තිබුණා. ඉතිරි වෙලා තිබුණ තොරණ කෙළින් කරන වැඩේට අපිත් දායක වුනා.


මේ අභාවප්‍රාප්ත අපේ කුලරත්න මුත්තණ්ඩී ගැන කෙටි සටහනක් ලිනවා නම් එකදාස් නවසිය විසි එකේ උපන් එතුමා අවුරුදු අනූ හතරක් බොහොම නිරෝගීව ජීවත් වෙලා අප අතරින් වියෝ වුනා. ලංගම සේවකයෙකු වුන එතුමා හොඳම කොන්දොස්තර විදියට සම්මාන ලබා ගත්තු කෙනෙක්. එතුමාගේ ලොකු පුතා තමයි, මාකොළ වෙළඳ ව්‍යාපාරික ජයතිලක කුලරත්න මහතා, හෙවත් අපේ ආදර ජොනතන් ජයා. දෙවන පුතා, අපි දන්න (කොට්ටවෙ මාමා) හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ඩිප් ප්‍රඩක්ට්ස් ආයතනයේ විදායක නිලධාරී අපේ ගාමිණී මාමා. තුන් වැනි දුව ඇල්පිටිය පැලැන්දගොඩ තැපැල් ස්ථානාධිපතිතුමාට දීග ගිය නැන්දා. පවුලේ බාලයා තමා අපේ ස්වාධීන රූපවාහිනියේ කළමනාකාර ඉංජිනේරු ආනන්ද බාප්පා. ඇවරිට නම් නැතිවුන මුත්තණ්ඩි මාර බ්‍රෑන්ඩඩ් චරිතයක්.


අපිට පුංචිකාලෙ ඉඳන් සුදු මහත්තයෝ කියලා අපිට කතා කරපු, බෝධිසත්ව ගුණෝපේත, අන්තිම අහිංසක මේ චරිතය වගේ බ්‍රෑන්ඩඩ් සීයෙක් වෙන්න මටත් ලොකු ආසාවක් ඇති වුනා. ඒ මළගෙදරට ආපු ජනසන්නිපාතය දැක්කා ම මේ මුත්තණ්ඩි කොපමණ ජනතාවක් හම්බුකරලා තියෙනවා ද කියලා තේරුණා. එතුමාගේ පුත්තු දෙන්නා ජයා සහ ආනන්ද අයියා තාත්තා ගැන කිව්වෙ මෙහෙම කතාවක්. “කවදාවත් තාත්තා අපිට ලෝබකම් කරලා නෑ. ඇති පදමට කන්න දුන්නා. සල්ලි එකතු කළේ නෑ. ෆ්‍රිජ් නොතිබුණ ඒ කාලේ රෑ දහයේ බස් එකේ එයා මාළු කූරි තුන්දෙනෙක් ගේනවා මතකයි. අපොයි ඔව්, එක්කන් එන්න යන කෙනාට තමා පරිප්පුව. ජයාත් කතාවට එකතු වුනා. දවසක් තාත්තා පොල්කට්ටට ඉටිපන්දම තියාගෙන ඉස්සරහින් යනවා. මං මාළු කූරයි කරේ තියන් එනවා. දැන් මට තේරෙනවා පිටිපස්සෙන් කවුරුහරි මාළු ටික අදිනවා. පස්සෙ මං තාත්තට කිව්වහම මාළුවලට කෙළගහන්නය කියලා මාව ඉස්සර කරගෙන එක්කන් ආව. අපිට ගෙදරදි කන්න නොලැබෙන වටලප්පන් අරං දෙන්න හැම මාසෙ ම ගාල්ල නැෂනල් හෝටලේට එක්ක ගියා. එහෙදි බුරියානි ද අරවාද මේව ද ඉල්ලන දෙයක් දුන්නා. අම්මණ්ඩි තරහයි මස් ගේනවටග මං ඉතිං තාත්තෙ මසයන්නක් ගේන්නයි කිව්ව ම පොර දන්නවා වැඩේ. ඒ වගේ අපිට කන්න දුන්නේ. හැබැයි මං තාත්තට දවසක් කිව්වා. තාත්තා පණස් පහෙන් පැන්ෂන් ගියා ම මං අවුරුදු 35ක් මං තාත්තාට කන්න දුන්නා. මං තාත්තාට කිව්වා ඒ රෙකෝර්ඩ් එක මං කැඩුවාය කියලා. තාත්තා මට කන්න දුන්නට වඩා කාලයක් මං තාත්තාට කන්න දීලා තියෙනවා. ආනන්ද බාප්පා ආඩම්බරෙන් කිව්වා.


මේ සිංහල බෞද්ධ අපේ වැඩිහිටියන්ට සැලකීම කියන එක උපරිමයෙන් ම පෙන්නපු අවස්ථාවක්. එක් තැන් වෙලා හිටපු මුත්තණ්ඩිගෙ කැත කුණු සියල්ල ආන්නද බාප්පාත් වස්තු පුංචිත් දිනපතා අස්කරලා සුවදට තියාගෙන හිටියා. අප්පිරියාවක් නැතුව වස්තු පුංචි ගෑනියෙක් වෙලත් ඒ සේරම තමුන්ගේ තාත්තාට වගේ කළා. ඒ තරම් කැපවීමකින් කවුරුත් කරනවා අපි දැකලා නෑ යාළු. මේ ලියන මොහොතේත් මගේ ඇස් වලින් කඳුලු වැටෙන්නේ ඒ තාත්තා වෙනුවෙන් දුවා දරුවන් දැරෑ අප්‍රමාණ වෙහෙස ගැන මතක් වෙලා. ඔය ඔක්කොම කරලා හෝදලා ඕඩික්ලෝන් දැම්මා ම බං අහිංසක විදියට අපි දිහා බලලා අත් දෙක එකතු කරනවා අපිට වඳින්න. අර ඔක්කොමත් හරි එතකොට තමා පපුව දාලා යන්නේ.         
මළ ගෙදර කටයුතුත් උපරිමයට ම කරන්න අපේ කලින් කී විශේෂ කාර්ය බලකාය සෑහෙන්න ගටක් දුන්නා. මේ වි.කා.බ කියන්නේ 2014 අවුරුද්දේ ගාල්ලෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරිච්ච කොල්ලො කෙල්ලො හැට පස්දෙනාගේ කණ්ඩායමේ හැට තුන්දෙනාට. ඇවරිගේ අප්පච්චි සාමාන්‍යෙයන් කෙනෙක්ට ක්‍රෙඩිට් එකක් දෙන කෙනෙක් නෙමේ. අනේ මන්දා ලොකු පුතා පඩියට කට්ටියක් දැම්මත් උන්වගේ වැඩ කරන්නේ නෑ. මේ කවුරුවත් කියලා නෙමෙයි. උන් ම බලලා කරනවා. මාකොළින් ගිය බස් ගාණක සෙනඟට උන් කන්න දුන්න හැටි පුදුමයි. අර මිනිය ගාව වුනත් කෙල්ලො ටිකක් ඇවිත් වරින් වර මොප් කළා. තොරණ ගහන්න බඩු දුන්නේ උදේ හයට උන් පැය හතර පහෙන් වැඩේ ඉවරයි. මොන වැඩේ කරන්නත් උන් ළඟ ඒකට දක්සයෙක් හිටියා. අනික බලන්න කාටවත් උන් නිසා හිරිහැරයක් නෑ. කාටවත් හිත් අමනාපකමක් නෑ. හරියට බෙදාගෙන කරනවා වගේ. හොඳ දෙමාපියන්ගේ දරුවො. ඒ මිස්ටර් පතී ගේ අදහස.


ඇත්තට ම ඒ ටීම් එක පස්ට පොරවල් ටිකක්. මුන් ඔක්කො ම ආනන්ද බාප්පගේ පොඩි පුතා ප්‍රමිදයාගේ යාළුවෝ ගැන්සිය. ප්‍රමිදයාගේ ගාල්ල මහින්ද විද්‍යාලෙ ගැන්සිය අපිත් එක්ක අපේ මුත්තණ්ඩිගේ මරණෙ වෙලාවෙදි බැහැලා ම වැඩ කළා. උන් හැම දානයටකට ම ආව. මෙතන ඊට වඩා කඹ සේකරලා, නලාරත්නලා හිටියා. අනාගත ඉංජිනේරුවොනේ. උන් එක්ක හැප්පිලා වැඩ කරන්න ලැබීම ඇත්තට ම සන්තෝසයක්. ඒ කෙල්ලො සෙට් එකත් ආයේ ඕන නෑ කියලා ඉතිං. මං සෑහෙන්න තරුණ වුනා ඒ ටීම් එකත් එක්ක හරි හරියට ගැටිලා. ආයෙ කතා දෙකක් නෑ මුන් ටික මොරටුව හොල්ලලා තමා නවතින්නේ. පහුගිය වෙසක් එකට කැරකෙන කූඩුවක් එහෙම ගාල්ලෙ හයි කළෙත් මේ කස්ටිය තමා. උන් අපිට කොච්චර ළඟ වුනාද කියනවා නම් අපේ නෑයින්ට අපි කියන නෑකම ම උනුත් කියන්න ගත්තා.


අපි ගිහින් කාල අහවර වෙද්දි ම මට සුපුරුදු පරිදි කවි කොළ මෙහෙයුම පැවරුණා. ලොකු පුතා කවි කොළයක් ප්‍රින්ට් කරමුද වස්තු පුංචි මටත් ලොකු අක්කාටත් වැඩේ භාර කළා. ප්‍රතිපාදනත් දුන්නා. දවසේ ඉතුරු හරිය මට පැවරුණේ ටයිප් සෙටින් කිරීම. ඊළඟට අම්පෙගම ප්‍රින්ට් ෂොප් වහලා. බටපොලට ගියා. කොහොම හරි ප්‍රින්ට් කළත් කපා ගන්න තැනක් නෑ. ප්‍රෙස් එකට ගිහින් කාරණේ කිව්ව ම එහි අධිපතිතුමා අපිට බොහොම ආදරෙන් සලකලා වැඩේ කරලා දුන්නා. රුපියල් පණහයි ගත්තේ. අවුරුදු විසි දෙකක් පරණ බටපොල ප්‍රෙස් එකේ දී අපි කවි කොළ ටික කපා ගත්තා. ආපහු එද්දි නම් මං ජීවිතාසාව අතහැරලා ආවෙ. ඒ තරම් ම අපි වේගෙන් ආවෙ අවමංගල සභාව පටන් ගනී කියන සැකයෙන්.



නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා, ස්වාධින රූපවාහිනී, ලක්හඬ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාත් මේ මළගෙදරට ආපු ප්‍රභූන් වුනා. අපේ නෑයන්ගෙන් බහුතරය ගංගාගේ රසිකයො නැත්නම් ශිෂ්‍යෙයා. කලා භූෂණ රෝහිනී කැටිපෙආරච්චි මැතිනිය ගංගාගෙන් පැණි වළලු ගැනත් ඇහුවා. ගංගාගෙ ලෙක්චර් අහපු ලොකු අක්කා, සහංගි අක්කා ගිහිල්ලා තමුන්ගේ ප්‍රොපා එක්ක කාලෙකින් කතා කළා. ගංගා ආවෙ කළු ටයි පටියකින් එහෙම සැරහිලා. ගංගා මළ ගෙදරට එනවා දැකපු අපේ සාන්ති පුංචි හිතලා තියෙන්නේ ඒ අවමංගල්‍ය අධ්‍යක්ෂක කියලා. අනේ මේ අපේ තාත්තාගේ අවසාන වෙලාව නේද...? නැතිනම් දැන් මේ මනුස්සයා පෙට්ටිය වහයි නේද කියලා කම්පනා වෙලා සාන්ති පුංචි ලතෝනි දීලා ඇඬුවා. පස්සේ තමා ගංගා කවුද කියලා ඈ දැනගත්තේ. 

Monday, May 4, 2015

අලුත් අවුරුද්දේ මගේ අලුත් රැකියාව


ඔබ කියවන මගේ ජීවිතය - ඇවරිගේ සලාදය සමඟ එකතු වී සිටින ඔබ සෑම සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඇවරි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. ගෙවුන මාසයේ ඇවරිතුමාට පස්ට බිසී කාල පරිච්‍ඡේදයක් වුනේ හේතූ කාරණා රාසියක් නිසා. කෙටියෙන් කිව්වොත් රාජකාරීමය අතින් එංගලන්ත කවුන්ටි ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ලංකාවට පැමිණීම නිසාත්, පීටර් සහ ලූසී දෙපළගේ විවාහ මංගලෝත්සවය නිසාත් කන්තෝරුවේ රාජකාරී අතිශය බහුල වුනා. මෙවර පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකේ සියලු සාමාජිකයින් හැත්තෑවක් විතර ආව ම අපේ ටීම් එකේ හය දෙනාට ඒ සියලු දෙනාට ම සේවා සම්පාදනය කිරීම ඇත්තට ම අභියෝගයක් වුනා. නමුත් අපි සෑහෙන්න තරම් හොදින් ඒ කටයුත්ත සාර්ථක කරගත් බව කියන්න ඕන. ඒක හමාර වෙනවත් එක්ක ම පීටර් සහ ලූසීගේ මංගල්‍ය ආව. ඒ අප්‍රේල් වන වැනිදා. ජෙට්වින් ලයිට්හවුස් හෝටලේ පැවති ඒ විවාහ මංගල්‍ය උත්සවයේ දී චැන්මි ක්‍රියෙෂන්ස් ආයකනය සමඟින් කරන ලද මල් සැරසිලි ඇවරිට විශේෂ වුනා. ඇත්තට ම ඩෙස්ටිනේෂන් වෙඩින්ස් වලදී අපි වටිනා කියන සැපයුම්කරුවන් පිරිසක් උපයා ගන්නට ඒ ව්‍යාපෘතිය හේතු වුනා.

සංචාරක ගමනාන්ත සැලසුම්කරුවෙක්, ප්‍රවාහන සැපයුම්කරුවෙක් වගේ සීමිත පරාසයක විහිදුනු ඇවරිගේ වෘත්තිය ජීවිතය තවත් අලුත් වුන අවුරුද්දක් හැටියට ලැබුවා වූ 2015 නව වසර හඳුන්වන්න පුළුවන්. වෙඩින් ප්ලස් හනිමුන් ප්ලෑනින් කියන අලුත් විෂයන් වෘත්තියක් හැටියට ඇවරි විතාන පටන් ගත්තේ මේ අවුරුද්දේ ඉඳන්. මං පටන් ගත්තේ හඳ ගැන හීන විකුණලා නෙමෙයි. බොහොම අමාරුවෙන් වෙඩිමක් ගත්තු අපේ එවුන්ට ටිකක් වෙනස් හීනයක් විකිණීමෙන්. ඇත්තට ම යාළු ටුවරිසම් වලදි අපි කරන්නේ හීන විකිණීමක් කියලා මට ආචාර්ය පතිරණ කැම්පස් එකේ දී කියපු කතාව මෑතක දී මතක් වුනේ, ලෝකල් කපල් එකකට මං කරපු හනිමුන් ප්‍රොපෝසල් එකක් බලද්දි. මං ඒ හීනය කොච්චර සිරාවට ප්ලෑන් කරා ද කිව්වොත් උන් දෙන්නා පැය හතළිස් අටක් ඇතුළත ටුවර් එක කන්ෆර්ම් කළා.

අපිට ගොඩක් දෙනා ගොඩක් හීන පෙන්නුවා ඇන්ඩෘ ඒත් අපේ හීනය හැබෑ කරගන්න කාගෙන්වත් උදව්වක් ලැබුණෙ නෑ. අපි දෙන්නට ඕන වුනේ ඇක්ටිවිටි බේස්ඩ් හනිමුන් එකක්. නැතුව ෆුල් බෝඩ් බුක් කරලා කාමරේට වැදිලා සම්ප්‍රට් එක කරන්න ම නෙමෙයි. ටිකක් අමාරු කන්දක් දෙන්න ම එකට නඟින්න. කෝමත් මැරේජ් එක කියන්නෙත් එහෙම දෙයක්නේ. අයි මීන්.... තව අපි ආස කළා හඳ පායන රෑකට ගං ඉවුරක් ළඟ, සඳ කැලුම් යටින් තුරුලු වෙලා තරු ගණින්න. කාගෙන්වත් බාධාවක් නැතිව අපිට ම වෙන්වුන ලෝකයක ඉන්න. අපි ආස කළා මුහුදු රැල්ල පාගගෙන රෑ කෑම වේලක් ගන්න. (ලොකේෂන් ඩයිනින්) මේ වගේ වැලක් මගේ සේවාදායිකාව කියාගෙන ගියා.

නම් ගම් නැති නිසා මටත් ටිකක් රිලැක්ස් ලියන්න පුළුවන්. මං මුලින් ම කළේ දෙන්නගේ බජට් එක විමසීම. හා ඒවා බලමු ඉස්සෙල්ලා ප්‍රපෝසල් එක දෙන්න. ඔවුන් දෙන්නා මට අභියෝගයක් කළා. ඊළඟට අපි ඔෆිස් එකේ සාමාන්‍යෙයෙන් කරනවා වගේ දෙන්නාගේ සමාජ ජාල වෙබ් පිටු පීරලා දෙන්නා ගිය නොගිය තැන් ගැන පූර්ණ වාර්තාවක් ගත්තා. බලද්දි මේ ඩබල ලංකාවෙ බොහෝමයක් තරු පන්තියේ හොටල්වල කෑම බීම අරන් තියෙන දෙපළක්. මුන් දෙන්නට තරු පහේ හෝටල් එපා කියන තීරණයට ඇවරි එන්නේ එතනින්. කෝමත් අපි කැමති නෑ හනිමුන් කියලා ස්පෙෂල් කර්ටසීස් ගන්න. අනික සෙට් මෙනු ඩිනර් එකකට, දෙතුන් සීයක් කෑම ගන්න රෙස්ටොරන්ට් එකක මොන ප්‍රිවසි ද අනේ....? ඇත්ත කතාව!!!

සිංහරාජ, යාල, දඹුල්ල, හබරණ, ට්‍රින්කෝ ඇතුළත් දින දහයක මධුසමයක් අපි යෝජනා කළේ දෙන්නට කඳු නගින්න, සෆාරි යන්න, ටුක් ටුක් රයිඩ්, කැටමරන්, තරු ගණින්න ආදී හැම දේට ම අවස්ථාවක් දෙමින්. කොටින් ම අපි යෝජනා කළ හෝටල් වලින් දෙන්න වෙනුවෙන් විශේෂයෙන් උයන්න කුක්ලා වගේ ම නෝනටත් මහත්තයටත් දින පහ බැගින් චෙෆ්ලත් එක්ක එකතු වෙලා විශේෂ ඩිෂ් එක බැගින් උයන්න අවස්ථාවක් සලසා දුන්නා.

යාළු මේක ලංකාව, අපි සිංහල, හෝටල්වල ඉන්නේ අපේ මිනිස්සු වැඩේ ටිකක් කස්ටමයිස් කරන්න විතරයි ඕන. විදින් ද මාර්ජින් වී කැන් ප්ලේ අරවුන්ඩ්. අපේ බී.බී.එච් එෆ් එන් බී මැනේජර් පොන්ටූන් කැෆේ එකේ ස්පෙෂල් ප්‍රයිවෙට් ඩිනර් එකක් පවා මට ඇරෙන්ජ් කරලා දුන්නා. මං ඒකෙන් සෑහෙන්න එෆ් එන් බී මැනේජර්ස්ලාව අඳුන ගත්තා. ඒ අය මට ෆුල් බකප් එක දුන්නා. ඔන්න දැන් ඔයාට උයන්න බෑ කියන්න බෑ හනී... අහවල් ඩිෂ් එක ඔයා එදා චෙෆ් එක්ක මාරම රසට හැදුවා. ඔයා නම් සුපිරි කෝකියෙක් හොඳේ. අපේ මනමාලි මනමාලයට කිව්වා. ඇත්තට ම, ඇන්ඩි කලිනරි කියන්නෙ මාර ඉන්ටරෙස්ටින් සබ්ජෙක්ට් එකක් නේ කියලා මනමාල මහත්මයත් මට කිව්වා. ඒක මාර හැපනින් හනිමුන් එකක්. උන්ට මාසයක් කතා කරන්න දේවල් ඒ දවස් දහය ඇතුළෙ තිබුණා. මික්සින් විත් ලෝකල් ෆ්ලේවර් කියලයි ඒ දෙන්නා කිව්වෙ. 

මේ ජෝඩුව ම අර පොඩි කාලෙ ඉඳන් බබා ටයිප් විදියට හැදුණ කස්ටිය. ඒ අයට සාමාන්‍ය මිනිස්සු ගැන තේරුණාට සාමාන්‍ය මිනිස්සුන්ට ළං වෙන්න විදියක් තිබුණෙ නෑ. ඇයි යන්නෙ සැප වාහනවල. කන්නෙ ලොකු ලොකු රෙටොරන්ට් වල. ඉන්නේ ඉහළ පැළැන්තියේ අය එක්ක. හැබැයි උන් කැමති වුනේ සාමාන්‍ය මිනිස්සු එක්ක ඉන්න. මට අනන්තවත් මේ ටුවර් එකේ දී අපේ අවුට්ලෑන්ඩර් එක බස් පිටිපස්සෙන් කෝච්චි ෆලෝ කරමින් යවන්න සිද්ධ වුනා. අර හිඟන ළමයින්ට කෑම දෙන තැන් පවා අපි ඩීටේල් කරලා ඩ්‍රයිවර් මාර්ගයෙන් අහඹු සිදුවීම් බවට පත් කළා. ඒ වගේ ඒවා මාර හිට් වුනා කියන්නේ ඒ කොල්ලාගේ ඒ වගේ කැරැක්ටර්රිස්ටික්ස් අර කෙල්ලට කලින් අහුවෙලා ම නැතිලු. ෆෝ සම් එක්ටන්ට් අපි කොල්ලගේ බ්රෑන්ඩ් එක හනිමුන් එක ඇතුළෙ රී ඩිෆයින් කළා.

ඒ දෙන්නට ඒ දෙන්නව අඳුනගන්න පුළුවන් වෙන විදියට, දෙන්නට දෙන්නගේ ප්ලසස් පේන විදියට වැඩේ ප්ලෑන් කෙරුණා. ඔයා මාර කෙයාරින් හස්බන්ඩ් කෙනෙක් අනේ.. ඔයත් ඕසම් බේබි. පර්ෆෙක්ට් මැච්. වගේ කමෙන්ට්ස් තමා ආවෙ. අවසාන වශයෙන් ඒ ව්‍යාපෘතිය සෑහෙන්න සාර්ථක කරන්න දායක වුන සියලු ම කෙයාර් ටේකර්ස්ලට මට ස්තුතිවන්ත වෙනවා. අපි අර හොටෙල්වල බට්ලර් සර්විස් එක වෙනුවට හැම ඇක්ටිවිටි එකට ම ෂර්පාවරකු බැගින් ලබා දුන්නා. උදාහරණයක් විදියට සිංහරාජෙ ඇතුළෙ දිය ඇල්ලක ළඟ ප්‍රයිවෙට් බාත් එකක් පවා ලැබුණා. අයි මීන්, එදා එතන අපේ කපල් එක විතරයි. ඉතිං එතකොට ප්‍රයිවෙට් නේහ්...???

මං අනුන්ගේ සිතුවිලි එක්ක සෙල්ලම් දාපු පට්ට ම ව්‍යාපෘතියක් ඒක. මං ගොඩක් සතුටු වුනා. රැන්ඩි නැත්නම් වැඩේ ජල්තර වෙන්න ඉඩ තිබුණා අම්මපා. මේ පට්ටන්දරේ කිව්වෙ මගේ හපන් කම් ලියන්න ම නෙමෙයි යාළු. අර කතාවක් තියෙනවනේ ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල්කන් කියලා. මේ ලංකාව ඇතුළෙ පොසිබල් හනිමුන් අයිටිනරි එකක් තමා අපිත් කළේ. නමුත් හැපී එන්ඩින්ග් එකක් වෙනුවෙන් සීමාව ඇතුළේ අවස්ථා හා සිද්ධි නියමාකාරයෙන් ගැළපීමයි වැදගත්. දැන් මේ වෙලාවෙ කෙල්ල ලිස්සුවොත් කොල්ලා අල්ල ගනී කියන සෙන්ස් එකෙන් තමා පිටපත ලියන්නේ. වෝටර් ස්පෝර්ට්ස් වල බනානා රයිඩ් එකේ දි මුන් දෙන්නව වට්ටපන් කියලා කියලාමයි අරින්නේ.

අලුත් ජොබ් එක හරි රහයි. මූණු මාරු වෙනවා, ෆ්ලේවර්ස්, ඩිසයර්ස් ඇන්ඩ් එක්පෙක්ටේෂන්ස් වෙනස් වෙනවා, කොටින් ම අලුත් ප්‍රේම කතාවක් එක්ක අපිත් අලුත් වෙනවා. හිටපු ගමන් ම සමහරු බැරි ද ඕකට මාලදිවයින හරි සීෂෙල්ස් හරි අමුණලා දෙන්න කියල ඇහුවොත් අපි ඒකටත් හා කියනවා. ඇත්තට ම මාලෙ ශ්‍රී ලංකන් ෆ්ලයිට් එක වෙනුවට චයිනා ඊස්ටර්න් හරි කොරියන් එයාර් හරි ෆ්ලයිට්ස් දාලා කොස්ට් එක අඩුවෙන් තරු තුනේ හෝටලයක් දෙන්න බැරිකමක් නෑ. හොඳ ම දේ මොන මට්ටමේ සේවා දායකයෙක් ආවත් අපි උන්ගේ බජට් මැච් කරලා දෙන එක. ඔයා වියදම් කරන්නේ දවසට රුපියල් අටදාහයි නම් අපි ඒ ගාණට දෙන්නම්. මොක ද බජට්ස් මැච් කරන්න, ඒ තරම් ප්‍රොපර්ටීස් තොගයක් ලංකාවෙ තියෙනවා. අපි තාමත් සමහර ඒවා හොයාගෙන යනවා. ඔයා අපෙන් බුක් කරන්න ඕන නෑ. අනිත් අය අයගෙනුත් අහලා බලන්න. නමුත් ඔයාගෙ හනිමුන් එක වෙනුවෙන් අපි තරම් මහන්සි වෙන්න වෙලාවක් එයාලට නැති වේවි....!! අපෙයි එයාලගෙයි වෙනස අන්න ඒකයි.                    





Monday, March 30, 2015

දානං ස්වර්ගස්ස සෝපානං හෙවත් විට්නස් ද හැපිනස්

හූ ලා ලාාාහ්...... යෙහ් මේ පෝස්ටුව ලියන්න ඇවරි පටන් ගන්නෙ පිපිරෙන්න ආසන්න සතුටක් භුක්ති විඳින ගමන්. ඇවරි කාලෙකින් පොරි හැලෙන්න සතුටු වන ව්‍යාපෘතියක් ඊයෙ දවසෙ අපේ දහම් පාසලේ නිමාවට පත් වුනා. තවත් හැපනින් සති අන්තයක් ආරම්භ වුනේ මේ විදියට. සිකුරාදා මහ පාන්දර තුන හතර වෙනකම් පොතක් කියවපු ඇවරි විවේකී සෙනසුරාදාවේ ටිකක් පරක්කු වෙනකම් නිදා ගන්න සූදානම් වුනත් අප්පොච්චාගේ ව්‍යාපෘතියක පුංචි ව්‍යාකරණයකට දායක වෙන්න පයින්ඩයක් ලැබුණ නිසා කලින් ඇහැරුණා. ජංගම දුකේ  කළුබෙරියා සැළ කළ හැටියට එදින සෙනසුරාදාවේ ඉරිදා පැවැත්වෙන දානය සඳහා සියලු කාරණා සම්පාදනය කිරීමත්, ලැබී තිබූ ප්‍රශ්න පත්‍ර ටික පිළියෙළ කිරීමත් වගේ නිල රාජකාරී කිහිපයක් තමා තිබුණේ.

දිවා ආහාරය සඳහා පුරුදු පරිදි ශාන්ති විහාර් වෙත ගිය ඇවරි අප්පොච්චාටත් ව්‍යාංජන මුකුත් අරං එන්නම් කිව්වට මොක ද බත් පිඟාන බෙදන සුනංගුවට පන්සලට දුවලා එන්න තදියමක් ඇතිවුනා. ඒ යද්දි ශිෂ්‍ය නායකයො පහුවදා දන් පිරිනමන ශාලාවෙ වතුර හලාගෙන වැඩේ වර්චස් කරගෙන හිටියෙ. එන පොට එච්චර හොඳ නෑ වගේ පෙනුන නිසා බත් කෑමට නැවත ශාන්ති විහාර් යාම පැත්තක තියලා ඇවරිත් වැඩේට බැස්සා. හැමෝ ම හිතුවේ ශාලාව වේලා ගන්න බැරිවෙයි කියලා. ගොඩක් දෙනා වතුර හලාගත්තු අයට බැණ බැණ හිටියා මිසක් වඩේට අතගැහුවේ නෑ. අපේ ශිෂ්‍යනායකයො නම් ජීවිතේට ගෙයක් මොප් කරලා නෑ. මං වයිපරයක් අරං බර කරලා ටයිල් පේළි පහක් හොඳින් ම වේලල දුන්නා. අන්න ඊට පස්සෙ අපේ ගැන්ග් එකට වැඩේ ගොඩ දාන්න පුළුවන් කියන ගට ආව. අර කෙවිටෙන් හරක් දක්කනවා වගේ කටේ බලේට කොල්ලන් යොදවලා මොප් කරවපු නිසා පැයක් ඇතුළත මුළු ශාලාව ම වේලාගත්තා. ඒ වගේ අමාරු වෙලාවල දී අපිත් ටයිටල් බල්ලට දාල ගේමට බහින්න ඕනෑ. පස්සෙ පොඩි උන්ට ම කරන්න දෙන එක වෙන කතාවක්. අපි මුලින් ම කුණු අල්ලගෙන කට්ටට බෙර ගැහුව ම පොඩි උන්ට ගටක් එනවා.

ඒ පාඩම මට ඉගැන්නුවේ ස්වාධීන රූපවාහිනියේ ප්‍රධාන ඉංජිනේරු ආනන්ද බාප්පා. එතුමා හදවපු කොකාවිල් සම්ප්‍රේෂණාගාරයේ විවෘතෙට ප්‍රසියා එද්දි (එක්ස් ප්‍රසිඩන්ට් මරා) වැහැලා පාර චොර වෙලාලු. සූට් බූට් පිට හිටිය ප්‍රධාන ඉංජිනේරුතුමා උදැල්ලක් අරං කාණුවක් කප්පවන්න ක්ෂණික තීරණයක් ගත්තු නිසා වතුර ටික බැහැලා ගියාලු. පස්සෙ ටී.ඕලා කාණුව කැපුවා. නමුත් අපි පටන්ගෙන දෙන්න ඕනෑ. පහුගිය වසරේ අපේ ක්‍රිකට් කණ්ඩායම ආපු වෙලාවේ මමයි මගේ බොසායි දෙන්න එකතු වෙලා අර ක්‍රීඩකයන්ගේ බර සාර ක්‍රිකට් බෑග් වාහනෙන් බෑවා. කමෝන් දීපන් ඔයා මේ කොම්පැනියේ සී.ඊ.ඕ. පැත්තකට වෙලා ඉන්න. මං කරන්නම්. ඉතිං? වට් කම් අවුට් ඔෆ් ඉට්? වී ආ අ ටීම් මේට්. අනේ උඹේ..... යකෝ වෙලාවට ඕන දේ වෙලාවට කරපන්. බම්බු සී.ඊ.ඕ....  
කොහොමින් කොහොම හරි ඒ වැඩේ ගොඩදාලා මං ලන්ච් යද්දි පහට කිට්ටුයි. එහි දී හදිසියේ ම අපේ ළහිරු බිම්මල් මහතාගේ මිත්තණියගේ මරණය ආරංචි වීමත් එක්ක එදින රාත්‍රියේ මාරවිල එම නිවසට යාමට ඇවරි ක්ෂණික තීරණයක් ගත්තා. මම ඒ මළගෙදරට යන්න ඕන මැතිනිය. රෑට මං එහේ....?? එතකොට දානෙ? දහම් පාසල? හරි හරි මං උදේ පාන්දරින් කොළඹ එන්නම්. මෑණියන්දෑ නැඟූ අතුරු පුරස්නවලට පිළිතුරු දුන්න ඇවරි ගමන තහවුරු කළා. සමාන්‍යෙයන් සති අන්තයේ කොළඹින් පිට යන්න ඇවරි අකමැති, පර සක්වල හිටියත් දහම් පාසලට එන්න වෙන නිසා. ගමන යන්න කලින් ඇවරිතුමා අනෝරා වැස්සේ ධර්ම ශාලාවට ඇවිත් සියලු කටයුතු පරීක්ෂා කරද්දි තමා අඩුපාඩු දැක්කේ. හාමුදුරුවන්ට පිරිනමන පලතුරු වට්ටි සඳහා අවශ්‍ය පලතුරු ඒ වන විටත් ලැබී තිබුණේ නෑ. තවත් කතාන්දර රාශියක් අනුව වැඩේ එච්චර ලේසි නැති බව ඇවරිට කම්පනා වුනා. ඒ ඔක්කොටමත් වඩා බලුබෙරියාගේ චාර්ජරය ඔපිසියේ දමාලා ඇවිත් බලුබෙරියා ඕෆ් වුන නිසා කිසිදු කන්ටැක්ට් එකක් ලබා ගන්න පුළුවන් වුනෙත් නෑ. කොටින්ම දවස පුරා ඇවරි මිසින්.....!!!!



නමුත් මට මළ ගෙදරට යාමට තදින් ඕන වුනා. අවසානයේ මං වාහනයට එද්දි සියලු දෙනා ඊට ගොඩ වෙලා දෙහි කපමින් සිටියා. රාත්රිය මළ ගෙදර පහන් කරලා පාන්දර පහට මාරට මාරවිලින් පිටත් වුනා ම උදේ අට වෙද්දි ඇවරි ඔන් ලොකේෂන්. ඒ වෙද්දි ආසන ගෙදරින් ආසන ගෙනාව පමණයි. බොහෝ ප්‍රසිද්ධ මාබිම ආසන ගෙදරින් සියලු ම ආසන අපේ දානෙට නොමිලේ ම ලැබුණා. ඒ ආසන පිළියෙළ කළාම හරි ම ලස්සනයි. අයියෝ මේ බංකු උඩ ලෑලි දාල ද හාමුදුරුවො වාඩි වෙන්නේ???? ඇවරිගේ පොෂ් ටයිප් ලේකම්තුමියක් මුලදි ඇහුවේ අපුලෙන්. චුට්ටක් ඉන්නකෝ කුමාරිහාමි වැඩේ ඉවර වෙනකම්. ඊට පස්සේ ඔයා ඇවිත් කමෙන්ට් කරන්නකෝ. මං ඈට කිව්ව ම ආසන හදපු මහත්තයා මා එක්ක හිනාවුනා. ඇවරි පුංචි කාලෙ පන්සලේ සියක් නමේ දානය අහවර කරලා ඒ ආසන මත ම ඉඳන් දානෙත් අරං තියෙනවා. ආසන පිළියෙල කිරිල්ලත් එක්ක මාත් ඒ මතකයට ගියා. එතකොට ඒ මහත්තයත් තරුණයි. අපි ලොරියේ නැඟලා මාබිම ගිහින් ආසන බාලා එනවා. කොහොමින් කොහොම හරි ආසන ටික හිත පිරෙන්න පිළියෙළ වුනා. කොටින් ම වැරදීමකින් ශාලාවට ආපු අම්මලා තාත්තලා, දානෙ ගෙනාපු අම්මලා තාත්තලා, ඒවා දැකලා, පසෙකින් ගොඩගහලා තියෙන පිරිකර දැකලා අපිට බැන්නා. පුංචි ළමයින්ව දානයට සහභාගී නොකර ගැනීම ගැන සහ මෙච්චර ලොකු පින්කමක් ගැන ඔවුන් දැනුවත් නොකිරීම ගැන. සමහරු විස්තර අහගෙන ඒ වෙලාවෙ සල්ලි දුන්නා. සමහරු ළමයි ලවා පිරිකර පූජ කරවන්න පූජා භාණ්ඩ කඩවලට ගියා. හැමෝට ම දානයට සහභාගී වෙන්න පුදුමාකාර උවමනාවක් තිබුණා.

උදේ පාන්දරින්ම හාමුදුරුවන්ට දෙන පලතුරු වට්ටියේ අවුලක් ඇවරි දැක්කා. ඒ වෙනුවෙන් කෝලිකුට්ටු දුන්න තාත්තා ඇවරි විස්සක් ලබා දීලා තිබුණා. නමුත් අපේ පලතුරු වට්ටිය හදවපු අය ඊට එකතු කරලා තිබුණේ කෙසෙල් ගෙඩි දෙකක් පමණයි. ඉතිරි සියල්ල පසෙක ගොඩගසා තිබුණා. දැන් මේ වැඩේ පිළිවෙලට කරවන්න ඕන. ඒත් කවුද කරන්නේ කියලා බලද්දි මට අම්මා කෙනෙක් මුණ ගැහුනා. එතුමිය පලතුරු ව්‍යාපාරයක් තමා කළේ. ඇගේ දුව මං ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා ඉද්දි මගේ ගිල්ඩ් එකේ හිටියා දැන් පුතා ඉන්නවා. ඉතිං ආගිය විස්තර කතා බහ කරලා කාරණාව කිව්ව ම ඒ අම්මා වැඩේ කරලා දෙන්නම් කිව්වා. අපි වට්ටි සියල්ල නැවත හැදුවා. අවසානයේ දී අඩු පලතුරු ගැන ලිස්ට් එකක් ආව. මිදි, දොඩම්, ඇපල්, අඹ වගේ පලතුරු ලිස්ට් එකක් මදි වෙලා තිබුණා. මං ඒ ටික ෆුඩ්සිටියෙන් ගෙනත් දුන්නා. මට ඒ වෙලාවෙ චමිත අයියාව මතක් වුනා. අපේ චුමී පූජාවට්ටියක් හැදුවත් ඊට හොඳම පලතුරු ජාති හතක් හරියට තියනවා. කැවිලි ජාතිත් හත නම් හතයි. වැඩිය ඕන නෑ අපි පූජාවක් කළත් කපුරු පෙත්තේ ඉඳන් ලෝබ නැතුව වියදම් කරලා කරනවා. දන් දෙද්දි ලෝබකම, කේන්තිය නැතිවෙනවා. දෙයියන්ට, බුදුන්ට දෙද්දි හොඳම දේ හොඳම විදියට දීපන් මට දවසක් කතරගම විශ්‍රාම ශාලාවකදී චමිතයා කියපු වචන ෆුඩ් සිටියෙන් එළියට එද්දි මතක් වුනේ ඒ විදියට.


එවෙලෙට කපලා තියන පලතුරු ගස්ලබු, කොමඩු, චිප්ස් කපලා ලස්සනට මේසෙට එවලා තිබුණා. දෙළුම් ඇට වෙනම ශුද්ධ කරලා හැන්දෙන් බෙදාගෙන වළඳන්න සූදානම් කරලා දුන්නා. මට ඕන තත්ත්වයට ඒ සියල්ල සකසා දෙන්න ඒ අම්මලා සෑහෙන්න උනන්දු වුනා. හරියට ම මගේ පුද්ගලික කාර්ය මණ්ඩලය වගේ. සමහර වෙලාවට මට අමතක වෙලා අයියෝ කෙල්ල මේක මෙහෙම නෙමෙයි වෙන්න ඕන වගේ කතාත් කියවුනා ම අම්මලා හිනා වුනා. කොහොමත් ඔහොම වැඩකට බැස්ස ම ඇවරි හැමෝටම බබා, දරුවො, කොල්ලො, කෙල්ලෙ කියන නිසා වැඩියෙ ගානක් ගියේ නෑ. කණ්ඩායම ගොඩක් සතුටින් වැඩේ අහවර කළා.

හාමුදුරුවන් පන්සලේ සිට අලංකාර පෙරහැරකින් ධර්ම ශාලාව වෙත වැඩමවාගෙන ආව. මුතු කුඩ යටින්, හේවිසි හඬ මැද්දේ, ශාන්ත ගමනින් අපේ ලොකු හාමුදුරුවො පෙරටුව හාමුදුරුවරු වැඩම කරද්දි පොඩි පන්තිවල පොඩ්ඩො දෙපස රැස්වෙලා සාදුකාර දුන්නා. පොඩ්ඩො දෙපැත්තේ පෙළ ගැසී සාදු සාදු කියද්දි හාමුදුරුවන්ටත් වෙනසක් දැනුනා. අපිටත් හැඟීමක් ආව. පා දෝවනය කිරීම් පිළිවෙළට ළමුන් අතින් ම වුනා. පණ්ඩිත හාමදුරුවො මේ දානය පැවැත්වීමේ අරමුණ පැහැදිලි කළා. අධ්‍යාපනය කියන්නෙ දැනුම‍, ආකල්ප, කුසලතා සංවර්ධනය කියල කියපු හාමුදුරුවො දැනුම ලබා දීම සමඟ ප්‍රායෝගිකව ළමුන්ට මේ දේවල් කියා දීමෙන් ආකල්ප සංවර්ධනයක් වෙනවයි කියල උන්වහන්සේ අනුශාසනා කළා. ඊළඟට දන් බෙදීම. අපිට සර්විස් ස්ටේෂන් හතරක් තිබුණා. හැම කණ්ඩායමකට ම හාමුදුරුවරු පහ බැගින් භාර කරලා තිබුණා. හැම ව්‍යාංජනයකට ම ළමුන් දෙන්නා බැගින් අන්යුක්තව හිටියා. අපේ චමරි අක්කා හදපු කෝසස් පිඟානත් ඉස්තරම්. මං එච්චර පිළිවෙලට කෝසස් පිඟානක් දැක්කමයි. ගුරුවරුත් ඒ ඒ කණ්ඩායම්වලට බෙදිලා හිටියේ. කොච්චර පැහැදිලි කරලා දුන්නත් දානෙ බෙදද්දි පොඩ්ඩන්ගේ පුරුද්ද නැතිකම, නැත්නම් අපි කිව්වොත් ආධුනික බව හාමුදුරවරුන්ට පේන්න තිබුණා. හාමුදුරුවරු ම අවශ්‍ය උපදෙස් ළමුන්ට දෙමින් දානය බෙදවා ගත්තා මිසක් අපි ගුරුවරු නම් එක ම ව්‍යාංජනයක් වත් ඇල්ලුවේ නෑ. දානවේල හොඳට ම දුන්නා. ඊළඟට පිරිකර පූජාව. වෙනදා වගේ ගහමරා නොගෙන පිළිවෙලට පිරිකර බෙදා දෙන්න පුළුවන්කම ලැබුණා. මං එහෙම කිව්වේ, සියක් නමේ දානය වගේ ලොකු දානවලදී පිරිකර භාර ගත්තු දායක ඇත්තොයි, සංවිධායකයොයි අතර ප්‍රශ්න ඇතිවෙනවා. නමුත් අපි පිරිකර පිළිගන්වන්න එන්න කියලා ඒ අයට ම ආරාධනා කළ නිසා ගැටලු ගොඩක් මඟැරුණා. සිවුරු, සෙරෙප්පු, කුඩ, ෂේවින් ක්‍රීම්, දත් බුරුසු, දත් බෙහෙත්, සබන්, රේසර් වගේ බොහොමයක් පිරිකර අපි පූජා කළා. හාමුදුරුවරු වැහෙන්න පිරිකර කන්දක්. ඒවා ගෙනියන්න එක හාමුදුරුවන්ට එක ළමයා බැගින් යොදවලා හිටියා.

අවසානයේ දී අප සියලු දෙනා නමින් මියගිය වරිග පරම්පරාවෙ ඥාතින් සියලු දෙනා වෙනුවෙන් ගුරු මණ්ඩලය මූලිකත්වයෙන් ඉමිනා පුඤ්ඤකම්මේන කියලා පැන් වැඩීම සිද්ධ වුනා. ඇවරිත් බොහෝ නෑයන් ඒ වෙලාවෙ මතක් කරලා පින් දුන්නා.   

දානයේ අග්‍රභාගය ළමුන් වෙනුවෙන් පූජා කිරීමේ අවසාන අංගය තමයි ඇවරි කැමති ම සෙග්මන්ට් එක වුනේ. දාන මාන මුල් පෝස්ටු දෙකේ තියෙන හැටියට ළමයින්ට කෑම නොදෙමුයි කියලා තමා අපි තීරණය කළේ. නමුත් අපේ ගුරු මණ්ඩලයේ සුජාතා ගුරු මහත්මිය කේටරින් සර්විස් එකට මුදල් බඳින්න රුපියල් දොළොස් දහසක නොමසුරු පරිත්‍යාගයක් කළා. ඉතිරි වැය ශිෂ්‍ය නායකයන්ගේ අම්මලා තාත්තලා විසින් භාරගත් නිසා තුන්සියයක් දෙනාට මදි නොකියන්න කෑම දෙන්න පුළුවන් වුනා. පිඟන් අරං ළමයි පෝලිමේ එද්දි ගුරු මණ්ඩලේ අපේ ගුරුවරු පුංචිඋන්ට කැමැත්තෙන් කෑම බෙදනවා. හැමෝ ම උතුරන සතුටින්. තරුණ ගුරුවරු කාටවත් කන්න වුවමනාවක්, හදිසියක් නෑ. බෙදන්නයි කැමැත්ත. අපේ මිනෝලි බෙදපු සෝයාමීට් එක විතරයි ඉතුරු වුනේ. අනිත් සියල්ල කල්දේරම් අහවර වෙන්න ම ඉවර වුනා. මිනෝලි ලෝබකමට බෙදපු නිසා ව්‍යාංජනය ඉතුරු වුනා කියලා අපි විහිළුත් කළා. ඇවරි දානය නිම වෙද්දිත් උදේට කාල තිබුණෙ නෑ. අමර බඩගින්නක හිටියේ. නමුත් හිත නොසෑහෙන්න පිරිලා තිබුණා. හැමෝට ම කන්න ආරාධනා කරමින්, හැමෝට ම අඩුපාඩු අරගන්න මතක් කරමින් මං පුද්ගලිකව ඇති පදනමට සතුටු වුනා. අනේ පොඩ්ඩො ටික හරි ආසාවෙන් කෑවා. උන්ට අතුරුපසට, අයිස්ක්‍රීම්, කිරිපැණි අපි දුන්නත් ඇති තරමට සැලඩ් කප්ස් තිබුණෙ නැති නිසා බෙදාගෙන කන්න කිරි හට්ටි පිටින් දුන්නා.

අපිත් හිතේ හැටියට කෑවා. අපි හැමෝගෙම උදව්වෙන් ඇඟට දැනෙන්න දන් දුන්නා යාළු. අන්තිමට ඒ මුහුණුවල තැවරුණු හිනාව අපිට කෝටියක් වටිනවා. පැය දෙකක් ඇතුළත අර දන් භාජන සියල්ල අහවර කරලා සෝදලා සුද්ද කිරීමේ මෙහෙයුමත් ඇරඹිලා. අපේ පොඩි හාමුදුරුවො සුපුරුදු පරිදි නැවතත් වැඩ. කොච්චර කිව්වත් එපා කියලා වැඩක් අහවර වුනා ම වැඩේ අස්පස් කරනකම් පොඩිනමට නින්ද යන්නෑ. අපි එපා කිව්වත්, හරි නලින කාල එන්න මං මේ ටික කරන්නම් කියාගෙන වැඩ. සති දෙකක මගේ මහන්සියේ හැටියට ප්‍රතිඵල ලැබුණා. මං සෑහෙන්න සතුටකින් හිටියේ. ඔව් ඇස්වලට කඳුළු උනන තරම් සතුටින්. දානෙ ගෙනාපු හැමෝට ම මං පින් දුන්නා. ස්තුති කළා. සුජාත අක්කාට විශේෂයෙන්. අක්කල නිසා ළමයි බඩ පිරෙන්න කෑවා. ලොකු දෙයක් මල්ලී. ලොකු පිනක් කරගත්තෙ.

කොන්ද කැඩෙන තරමට අමාරු වුනත් උතුරායන චිත්ත ප්‍රීතියක් ලැබුවා. ඒ සුනංගුවෙන් පිඟන් කෝප්ප හේදිලා මං ටිකක් ඇළවුන කාමරේ අඩුක් වුන නිසා කවුද මේ වැඩේ පස්සෙ ඉන්නෙ කියලා බලන්න ඇවරිත් නින්දෙන් නැඟිටලා කුස්සියට ආව. බලද්දි අපේ චන්දිමා මැතිනිය තමා ළමයි එක්ක පිඟන් හෝදන්නේ. මං ඒත් බැලුවා කවුද මෙතන ඉන්නේ කියලා. අරහෙට පිඟන් අට්ටි පිටින් හේදිලා එනවා. පින් සිද්ධවෙච්චාවෙ ඈ.... ඒ අතින් අපේ ගුරුමණ්ඩලේ සුපිරි වැඩකාරයො ඉන්න නිසා මේවා නිකම් සිල්ලර ගේම්. සියල්ල හොඳින් සිද්ධ වුනා.


දානං දුග්ගතිං නිවාරෙන්ති - දානය දුගතිය වළක්වනවා. ලෝබකම් අතඇරලා දන් දෙන්න කියන්නේ ඒ නිසා. ඒකෙන් ඇත්තට ම මාර සතුටක් ලැබෙන්නෙ. ආයෙ ආයෙ මතක් කරලා සතුටු වෙන්න පුළුවන් සතුටක්. ඇවරිට එක ම දුක අප්පච්චිව දානයට සම්බන්ධ කරගන්න බැරි වීම තමා. ලහිරු අයියලාගේ මළගෙදරට අම්මාත් තාත්තාත් දෙන්නා ම මාරවිල ගිය නිසා අප්පොච්චාට දානයට එන්න බැරි වුනා. නැත්නම් දාන වලට වැඩ කරන්න අප්පච්චි හරි ආසයි. කොටින් ම ගෙවල් වලට කතා කරලා දානෙට භාර ගත්තු දේවල් මතක් කරෙත් අප්පච්චි. නැත්නම් මට කොයින් ද ඕවා බලන්න වෙලාවක්. පෝස්ටුව නොසෑහෙන්න දිග වුනා. කරගත්තු පිනත් එහෙමයි. තවත් පුංචි පින්කමක් ගැන ලොකු ආසාවක් හිතේ කොනක ලියලනවා. ඒකත් කෙරෙයි. ඇත්තට ම අපි සතුටු වෙන්නයි දානය කළේ. සතුට කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක්. ඔව් ඒක ඇත්තක්...!!!!!    

Wednesday, March 25, 2015

අැවා කළ මියුසික් තෙරපිය හෙවත් රිද්මෙට __ක් වීම.....

පහුගිය ඉරිදා ඇවරිතුමාට පස්ට බිසී දවසක් වුනේ සුලෝහිත සංග්‍රාමයට යාමට තිබුණ නිසා. නමුත් රාහුලයන්ගේ මුහුණු ටික නොබලා යන්න බැරි වුන නිසා ඇවරි වරුවක් හරි දහම් පාසලට යන්න තීරණය කළා. එදා පාඩමත් කවි පාඩමක්. මං ඉතිං කවියෙක් නොවුනට ආයිබෝං කවි කියවන්න පුංචි දක්සතාවයක් තියෙයි. ආරාධිත ගායන ශිල්පියක් පන්තියට කැඳවපු ඇවරි එදා ළමයින්ට කවි පාඩම පටන් ගත්තා.
ටිකට් එක තමයි හැම එකට ම මුල....

හිංගල අපි පුංචි කාලෙ අම්මගේ තුරුළෙ නැළවුනේ දොයි දොයි දොයිය බබා අහගෙන. ඇවරිට නම් හුඟක් කවි උගන්නලා තියෙන්නේ අම්මා. පුංචි කාලෙ කවි, ගාථා අම්මත් එක්ක තාලෙට මහ හඩින් ගායනා කළාලු. ලක් වැසියන් කෙරෙහි නැමී, සඳපානේ වැලි තලා... අපේ අම්මගේ හොඳ ම නැළවිලි ගීත. අර හෙසන්යා දෝණිගේ සලාදයේ ලියැවුනා වගේ සඳපානේ වැලි තලා තාලෙට කිව්වොත් නම් ඕන පොඩි එකෙක් නිදාගන්නවා. මගේ ගොන්කම නැවතත් පරීක්ෂා කරන්න මං පන්තියේ නයිදෙලාට පුංචි කාලෙ අම්මා උගන්නපු නැළවිලි කවි දෙකක් ලියන්න කියලා කිව්වා. කිව්ව ම මොකෝ අයියෝ මුන්ට දොයි දොයි දොයි දොයිය බබාවත් සම්පූර්ණයෙන් ලියා ගන්න බැහැ නොවැ. මට තේරෙන්නෑ ළමයි.. එක්කෝ උඹලාව අම්මලා නළවලා ම නෑ... නැත්නම් තාමත්  නළවනවා. ඩෙස්පරේට් ඇවරි ආරාධිත ගායිකාවට පන්තිය භාර කළා.

ඇය මුලින් ම ගායනා කළේ ජයමංගල ගාථා. අපේ පන්සලේ ජය මංගල්‍යන් රූප වලින් අඹලා තියෙන නිසා උන්ට පාලි තේරුම සිංහලට කියලා දෙන්න ලේසි වුනා. අපරාදෙ කියන්න බෑ, කස්ටිය සනීපෙට අහගෙන හිටියා. නරසීහ ගාථා, සුභාෂිතයෙන් කවි කිහිපයක්, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව, ගුත්තිලය ආදී කවි පොත් සෑහෙන්න ප්‍රමාණයක උපුටනයන් ඇය පන්තියේ ළමයින්ට ගායනා කළා. ඇවරි නම් පුද්ගලිකව හුඟක් ම කැමති වුනේ ඇය වෙස්සන්තරේ ගායනා කළ විලාසයට...

පෙම්මා සුරතල් කියමින් - දෙතනේ කිරි බොම්මා
වම්මා කඳුලැලි ඉස ඉස -  ඇවිදින්දැයි අම්මා
අම්මා අප නොදැක ඉතිං - කෙලෙසක වෑවෙම්මා
සම්මා සම්බුදු වන දා නිවන් දකින් අම්මා... ඒ කයියත් එක්ක අර බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත්.. සිරාවට ම ඈ කිව්වා.

බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත් - තපසට නොගනිති වම්මා
දෙකනේ පුස්කොළ තෝඩු දැමූවත් - තපසට නොගනිති වම්මා

මං පොඩි උන්ව අඬවන්න ඕන නිසා ම වංකගිරියට නික්ම යාම කළින් ම උගන්නලා තිබුණේ. කවි ටික කියද්දි මං පැත්තෙන් පන්තිය දිහා බැලුවා ම කස්ටිය හීනියට කඳුලු පිහිදානවා. ඒකත් එක්ක ම අපි මගෙ බිසව්නේ අසාපන් තැටි වාදනයකුත් කළා.

දස්කොන් ප්‍රමිලාට කියපු සක්මන් කරන මළුවේ දී බැඳි හාද.... සහ යසෝදරාවතේ කවි කිහිපයක් අපි තෝරා ගත්තා. ඒ අයට සමුද්‍රඝෝෂය උගන්වන්න සැළලිහිණියේ කවි කිහිපයකුත් නාට්‍ය ගීත අතරට මනමේත් සහිත සම්පූර්ණ කවි කොත්තුවක් අපි දැම්මා. අවසානයේ දී ආරාධිත ගායිකාව ඇගේ කවි පැදුර අහවර කළාට පස්සේ ඇවරිතුමා සම්භාව්‍ය සාහිත්‍ය රැප් කිරීමේ පන්තිය පටන් ගත්තා. ඒ ගුත්තිලයෙන්. ඕකේ ළමයි රිද්මෙට රොක් වෙලා කියන්න. 

ඇවරි පංජාබි මික්ස් එකක් ප්ලේ කළා... හේ බලේ බලේ.... ( මේ කවි ටික අර ගර්ල් යූ මයි ඒන්ජල් සින්දුවේ රැප් එක විදියට කියාගෙන යන්න තිබුණේ...)

චක චක - චක චක - චක චක - චක චක - චහ්...// ඕයේ..හ්
පියසන් නොව බිඟුදැල් රැඳි කොපුලී
අවසන් නොව වෙන නදට ම කුහුලී
මද සන්සුන් පියොවින් සිටි නොසැලී
ගජ සෙන් සිතියම් ගජසිරි කියෙලී

ක න් කලු වෙණනද ඇසුමෙහි ලොබි නේ
ර න් රසු දැල් කොලහලවන බියෙ නේ
ස න් සල නොව එහි පිළිරූ ලෙසි නේ
න න් හයසෙන් සිටියේ සිටිමති නේ

නි ති නිරිඳුගේ රැකවලෙහි නියු ත් ‍තෝ
රු ති ලෙස රුපුනොද බිඳ ජයග ත්‍ තෝ
පැ ති රෙන වෙණනද බැඳුණු සිතැ ත් ‍තෝ
අ ති නවි ගිලිහෙන බව නොමද ත් තෝ

ම න ම ත් කරවන දන මුළු දෙර ණා
ර ස ව ත් වන වෙණ නද නද කර ණා
සව‍නො’ත් සඳ පුරඟන ලොබ දිටු ණා
නො දනිත් දරුවන් ඇකයෙන් වැටු ණා

ම න ම ත් කරවන දන මුළු දෙර ණා
ර ස ව ත් වන වෙණ නද නද කර ණා
සව‍නො’ත් සඳ පුරඟන ලොබ දිටු ණා
නො දනිත් දරුවන් ඇකයෙන් වැටු ණා

 ව ර වෙණ නද අසමින් සිත ‍සතොසි නි
ස ර හැර සියොතුන් පියපත් විදමි නි
පු ර ඹර වසමින් සිටි රඟ කුම් වැ නි
සු ර සෙනඟට සුර’සුන් පැනවු වැ නි
සු දා සවන් වෙණ නද රස සුල බව
න දා එකඟ සිත් වත නොම සකො බව
 ස දා කුලය නොහැරම එන අසු බව
එ දා ගියේ රිළවුන් සන්සල බව

අ ස න රිසින් නයි කැල ඔස ළෝ යා
ඔ වු න වෙතම සිටිනා ගුරු ළෝ යා
ව යි න එ වෙණනද ලොබම ක ළෝ යා
එ දි න වයිර සිත සිහි නොක ළෝ යා

බැ ඳි දන මන වැයුමෙහි ඇ දු රෝ යා
වි ඳි සත්සර වෙණනද ම දු රෝ යා
රැ ඳි සතොසින් සැනහුණු ඉ දු රෝ යා
වැ ඳි දන සිරි ගත්තුය කි ඳු රෝ යා

ස තො ස් කරණා වීණා නද ඇසුම ට
නොහොස් සිටින පිල්බර ගණ ගොදුර ට
වෙ සෙ ස් රුවින් තම මැව්වත් බඹහ ට
ස ඳැ ස් සවන් නොකළැයි වූ නොසතු ට

රු ති වනපෙතිනැ’ විදින් ස මු වෝ යා
නි ත් මියුරුති වෙණ නද ළ මු වෝයා
සි ති විලි නැති රූ මිලස මු ‍වෝ යා
නැති නොගනිති මිනිසුන් හ මු වෝ යා

නොගොසින් සිට සිටිවන නිබ ‍ඳේ යා
වෙ සෙ සි න් සුර නර සෙන් නොම ‍ඳේ යා
ස තො සි න් විඳ විඳ ලොබ නොසි ‍ඳේ යා
මෙ ලෙ සි න් වෙණනද අසන ස ‍ඳේ යා

ප ට න් සුරිඳු දුන් උපදෙස් සිහි කො ට
ඉ ට න් බෙලෙන් දැමුවෙන් ගුළි අහස ට
තු ටන් වඩන සුර අඟනෝ බැස සි ට
ප ට න් ගත්තු නව සියයක් නැටුම ට

ළ ඟ ළ ඟ වා උනුනට කර වා ද ය
නොවර ද වා වීණා පද වා ද ය
ර ඟ අ ඟ වා සුරඟන රඟ බේ ද ය
සෙ ද කර වා රජ සබය පබෝ ද ය

ය ට සි න් ලන බැල්මෙන් සුර විල සී
වෙසෙසින් දනමන මත්කර එක සී
අ හ ස න් බැස රඟ ගත් රඟ කෙලෙ සී
දි සි මෙන් විය විදුලිය සියදහ සී

දි මු තු යසස් වන් කුසුම සරා ගේ
නුමු තු සුවඳ මල් පැලඳ සරා ගේ
ද කි තු රඟන සුරඟන රඟ ලා ‍ගේ
උ ම තු නොවෙද කෙලෙසක සිත කා ගේ

රූ රැ සේ අඳි - නා ලෙසේ අත් - ලෙළදිදී ‍විදු - ලිය ප බා...
රන්රසේ එක් - වන ලෙසේ වෙණ - නාද’නූ පා - තබ ත බා.... බේබි
කම්පසේ සැර - දෙන ලෙසේ දෙස -  බලබලා නෙතගින් ස බා.. අයියෝ
මම් කෙසේ පව- සම් එසේ වර - සුරලඳුන් දුන් රඟ සු බා... හති

පිපි සමන් කු සු - ම න් ප ටි න් තන - රන්හසුන් මන් - මෙන් බැඳේ...
ලඹ සවන් දි ඟු - ර න් ප සි න් දන - නෙත් මුවන් බඳි - මින් තදේ
මද පවන් වැද - ලෙළ ප හ න් සිළු - මෙන් රැඟුම් දෙන රන් බ ‍ඳේ....
දිලි ඔවුන් රූ - සි රි  නු ව න් වන් - බඹ උවත්  දැහැ - නින් මි‍ ‍ඳේ....

පුන් මදාරා - මල් දමින් යුතු - දිගු සුනිල් වර - ලස ගොතා .... යෙහ්
මන් මදා කිතු - ලිය ලෙසින් - උර තුර සලා දිලි - මුතු ලතා...
මන් මදා වන - මිණි මෙවුල් නද - වෙණ නදින් එක් - කොට ඉතා
මන් කෙසේ පව - සම් එසේ වර - සුර ළඳුන් දුන් - රඟ සොබා

පෑ උ දු ල් සිති - යම් ලෙසින් සිටි - නේ සුරන් සහ -සක් නු බේ...
 රූ නි මල් සුර - ලිය ‍තොසින් බැස - රඟ කෙරෙත් නර - රජ ස බේ...
මීරි ක ල් තත් - සුන් වෙණින් බෝ - සත් ඔවුන් කර - වයි ලො බේ....
මේ සියල් ‍විසි - තුරු උතුම් එක - තැන දැකුම් කික - ලෙක ලැ බේ.....?????

මුල් හරියෙ එක තැන ඉදන් පොඩි පොඩි මූමන්ට්ස් දාපු කස්ටිය අන්තිම වෙද්දි හිටලා නටනවා. මං දක්ෂ නර්තන ශිල්පි ශිල්පිනියන් රාශියකුත් හොයාගත්තා. පාඩම ඉවර වෙද්දි පොඩි උන්ට හරි පුදුමයි. ඇත්තටම සර් වෙන නැද්ද ඔහොම තාල වෙනස් කරලා කියන ඒවා..??

අපෝ තියෙනවා ළමයි දැන් බලන්න ඔය සමුද්‍රඝෝෂෙ තියෙන ඕනෑ ම කවියක් වාද බායිලා තාලෙට කියන්න පුළුවන්... අර අපි අහලා තියෙන තාලෙ මේ වගේ...

ටනර ටනා නාන නාන.... ටනනරනා නාන නාන
ටනර ටනා නාන නාන ..... ටනනරනා නා... එතකොට

පැහැසරණිය මිණි - පැමිණිය කොත් අගට... මචං
බඳ කිකිණිය දද -  ගිහිණිය විමන් වට... අම්මපා
නොව පැරණිය වන - රමණිය විටින් විට.... හැබෑට
සැළලිහිණිය වදු - කැලණිය පුරවරට.... එල එල 

ඒ විදියට සැළලිහිණියේ කවි 108න් සෑහෙන්න ප්‍රමාණයක් බයිලා මික්ස් එකේ කියන්න පුළුවන්. අඩේ ගෙදර ගිහින් ට්‍රයි කරලා බලන්න ඕනෑ...

ඒ ෂෙසන් එකේ දි ළමයි වගේ ම මමත් සෑහෙන්න විනෝද වුනා. සිංහල සුභාවිත කවිය කියන්නේ සෑහෙන්න වටින සාහිත්‍යාංගයක්. හැබැයි අන්තිමේදී කවි රැප් කිරීම උගන්වන්න හේතුවත් ඇවරි පැහැදිලි කළා. දැන් බලන්න අපිට තියෙනවා. කාව්‍යශේකරය උගන්වන්න. දන්න අය දන්නවා ඒක වාක්‍යමය උපමා සහිත උපදේශ කාව්‍යක් කියලා. අර මා වැනි බිළින්දා එහෙම තියෙන්නේ ඒ පොතේ... රාහුල හාමුදුරුවෝ උලකුඩය දේවියට බණ අහන්න ආසයි කිව්ව ම සත්තුභත්ත ජාතකය අළලා තමයි කවි පොත ලියුවේ. නමුත් මා වැනි බිළින්දා අශාන්ති රී මේක් කරලා කියලා තියෙනවා.

මා වැනි බිළින්දා... බිළින්දා.. බිළින්දා
වර වර ළඟට කැන්දා...
දුක් සැප කුමන්දා... කුමන්දා කුමන්ද
අසන නිරිඳෝ වෙන කොයින්දා......

ඒ තාලෙ අපේ අයියලාට සෑහෙන්න සමීපයි. කන්ටෙම්පරරි මියුසික් නිසා. අපි දැන් අශන්තිගෙ හයි බීට් එකට කාව්‍යශේකරය මික්ස් කරලා කියවනවා. අනේ දෙයියන්ගේ නාමෙට සතියෙන් උන්ට කවිටික කටපාඩම්.. ලෝවැඩ සඟරාවෙ අත්වැඩ පරවැඩ සමව සිතන්නේ... වගේ කවි පාඩම් කරවන්නේත් රැප් එක හැටියට. නියම ගායන විරිත ළමයින්ට කියා දෙනවා. නමුත් උන් ජීවිතේට ඒ විරිතට කටපාඩම් කරන්නෑ.. මේ විදිය එක්ප්‍රස් ලර්නනිග්. ඇවරිගේ ඉගැනුම් ක්‍රමය ගැන යම් විවේචන තියෙන්න පුළුවන්. නමුත් මළපොතේ අකුරක් නොදැන කවි කියන්නේ මොනවාද කියලා නොදැන හිටි අපේ කාලයේ තරුණ ප්‍රජාව ගෙදර ගිහින් කවි පොත් හොයාගෙන කියවන්න, ගූගල් කරලා තාල අල්ලන්න, තේරුම් හොයන්න මේ ප්‍රසන්ටේෂන් එක නිසා පෙළඹුනා. ඒක සාධනීය තත්ත්වයක්. අපි උන් ඉල්ලන දේ දීලා අපිට ඕන දේ ගන්න ඕන. නැතුව හා දැන් පාඩම් කරපන් කිව්වට කවුරුත් කරන්නෑ.....


මාත් කාලෙකට පස්සේ පොඩ්ඩො එක්ක නටලා කරලා සෑහෙන්න සතුටක් ගත්තා. හොඳම සොමිය ලැබුණෙ එදා සවස බිග්මැච් ගියා ම. මං යද්දි නාලන්දීයන් පළමු ඉනිමට එකසිය හතළිස් නවයක් ගහලා තිබුණා. මුලින් බ්‍රදර්ස් ටෙන්ට් එක එච්චර ලල් එකක් තිබුණෙ නෑ... පස්සෙ පස්සෙ එකා දෙන්න ආව. යුනියේ යජිෂ්, ජනි බී වගේ මගේ බැචාල වගේ ම අයියලා හුඟක් එහි ආනන්ද පාරවල් දාන්න සෙට් වුනා. අපි නට නට ඉද්දි එතනට කොහේද ඉඳන් පපර ටීම් එකක් ආව. ඒ වෙලේ ඩී.ජේ එක ටිකකට නවත්තපු අපේ අයියලා ඇරපිය... ඇරපිය ලුසියා දොර.... කියන්න පටන් ගත්තා. කිව්වාම මොකද යාළු ඇවරි පාසල් යන කාලයේ අංක එකේ හිටිවන කුණුහරුප වාද බයිලාකාරයෙක්. නිකම් බීට් එක තියන්න විතරයි ඕන. පැයක් හරි තරගෙට කියයි. නමුත් කාලෙත් එක්ක දැන් නම් අවංකව ස්ලෑන්ග් මුකුත් මතක නෑ. එදා නම් අපි බ්‍රදර්ස් ටෙන්ට් එක හෙල්ලෙන්න ඒ කාලෙ ඕල් ටයිම් හිට්ස් වුන කුණුහරුප ගී බොහෝමයක් කිව්වා. ටෙන්ට් එක ඇතුළෙ තරමක කාන්තා නියෝජනයක් තිබුණත් ඒ අයත් ඒක එච්චර කෙයාර් කළේ නෑ...



පපරේ පැත්තට හැරිලා අපේ කස්ටිය දෙන්න අයියා.... තොපේ එකයි - අපේ එකයි කියාගෙන සල්ලි දීලා ගවුම මැහුවෙ තාලෙට බේබි බේබි කියන්න ගත්තා..... කවියයි - පපරයයි, කවියයි -පපරයයි, කුණුහරුප වරුසාවයි.

බේ....බි එන්න යන්න xxx කපන්න
බේ.....බි රෙද්ද ටිකක් උස්සලා දෙන්න
බේ......බි රතු xxගිය පහත් කරන්න
බේ.....බි මේක තියලා තද කරගන්න - දැන් වෙලා නැහැනේ ංංංංන්න
බේ.....බි වැටෙන බින්දු ගණන් කරන්න
බේ.....බි පස්ස ටිකක් උස්සලා දෙන්න
බේ.....බි අම්ම එනවා පැනලා දුවන්න
බේ.....බි අම්ම හොඳයි ඔයාට වැඩිය
මහවැලි ගඟ අයිනේ......

විසාකාව පැත්තේ.... ගැමුණු වළගම්බා.... විජිතපුර සටනට.... රේල් පාරේ මං එනකොට වගේ ඕල් ටයිම් හිට්ස් බර ගාණක් අපි කිව්වා. මාගේ පාසල් කාලයට ආයෙත් ගියා වගේ හැඟීමක් දැනුනා. එදා සෑහෙන්න වෙහෙසකර දවසක් වුනාට මොකද යාළු මාර්තු පහළොව කියන්නේ ඇවරි තුමාගේ මෑණියන්ගේ උපන්දිනය. ඒ වෙනුවෙන් මොනවා ගන්නද කියලා කම්පනා කරද්දි ඔප්ෂන්ස් දුන්නේ සදිසි උපකාරකය. ලාස්ට් මිනිට් ෂොපින් පාරක් දාන්න ගියා ම වටිනා කියන සපත්තු යුවළක් දැකලා මෑණියන් දෑ වෙනුවෙන් මං ඒක ගත්තා. ඇගේ සාරිය වර්චුවල් ෂොපින් හරහා තේරුවේ ගංගා දිසානායක මැතිනිය. චන්ඩි ගංගාවෝ සාරි තෝරන්න නම් කියාපු.


අපි නම් සාමකාමීව අානන්ද පාරක් දාල මැච් එක අහවර කළා..
ආ එදා අපි ඇවරි මාතාව වෙනුවෙන් විශේෂ රෑ කෑමක් පැවැත්වුවා. නමුත් බිග් මැච් නිසා මට පූජාවට සහභාගී වෙන්න නම් පුළුවන්කමක් ලැබුණෙ නෑ. තවත් හැපනින් සති අන්තයක් ඇවරි අහවර කළේ ඒ විදියට. එක දවසකට මේ තරම් වැඩ කන්දක් බැලන්ස් කළේ සෑහෙන්න කාලෙකින්...