Monday, October 22, 2012

මට මෙහෙ කරන ඇමති මාතලී



පහුගියදා අපේ ටුවරිස්ට් ඒජන්සියට අලුත් රියදුරෙක් ගත්තා. නම ධර්මපාල මං කතා කළේ ධර්මා කියලයි. අරාබි භාෂාව චතුරව කතා කිරීමේ පුහුණුව නිසා බඳවා ගත් මේ රියදුරා හරි අපූරු ඇවතුම් පැවතුම් ඇති කෙනෙක් නිසා මං හිතුවා ඔහු ගැන මෙහෙම සටහනක් තියන්න.
ධර්මාගෙ ජිවිත කතාව හරි අපූරු එකක්. පාසල් අජ්ජාපනෙන් පස්සෙ සංචාරක මගපෙන්වන්නෙක්ගේ වාහනයක නඩත්තුවට යන ධර්මා එහිදී රියදුරු බලපත්‍ර ලබා ගන්නවා. පසුව එම මග පෙන්වන්නාගේ දෝනියැන්දා සහේට ගන්න ධර්මා තම මාමණ්ඩිගේ අන්තිම කාලෙ දි ගලධාරි හෝටලයට අයත් මාමච්චා පදවපු වා‍හනේ නිල රියදුරු වෙනවා. ඔය අතරේ සවුදි රටේ බර වාහන රියදුරෙක් ලෙස රැකියාවට ගිහින් වසර හතරක් ඇමරිකානු හමුදාවේ ආරක්ෂාව මැද ඉරාකයට අවි ප්‍රවාහනය කරන ධර්මා ලංකාවට ඇවිත් යුද්දෙ කාලෙ ශ්‍රී ලංකා යුධ හමුදාවෙ අවි ප්‍රවාහන රියදුරෙක් වශයෙන් ටයිටෑන් ට්‍රක් එක්ක් පදවනවා. ඔය අතරේ තම කොළඹ අට සුපිරි ඇමතිවරයෙකුගේ පුද්ගලික රියදුරු ලෙස පත්විම ලබන්නේ. ඇමතිතුමා‍ගේ බී.එම්.ඩබ්ලිව් රථයත් පවුලේ ප්රාඩෝවත් පදවන ධර්මා එම රැකියාවටත් සමුදී අපේ ඒජන්සියට බැදෙනවා.
කොපමණ සංචාරකයන් හා කටයුතු කර තිබුණත් ධර්මා මුලින් හෝටල් හෝ ඒවායේ පිහිටීම දැනගෙන හිටියේ නෑ. ඒත් බුද්ධිය පාවිච්චි කරලා ජංගමයාට රී ලෝඩ් දාන නියාවෙන් පාර තොටේ කාගෙන් හරි පාර දැනගැනීමේ කලාව ධර්මා හොඳට දන්නවා. තව දෙයක් තමයි ගෙස්ටව ඇන්දීමට ඔහු තරම් හපනෙක් මුළු ආයතනයේ ම නැති වීම.     
කොච්චර කෙරුමෙක් වුනත් ධර්මාවත් අන්දන අන්දමේ ගෙස්ට්ලා ඉන්නවා. ඒ ජාතියෙ පොරක් තමා මගේ සේවාදායක අල් සල්මා. පහුගිය රාමසාන් සමයේ දින හතක නිවාඩුවක් සඳහා ලංකාවට සිය පවුල ම සමගින් පැමිණි අල් සල්මාට සී සයිඩ් එකෙන් කොටුවක් පනින්න ඕන වෙලා ඒ ගැන ධර්මට කියලා තියෙනවා. ඒ කාලෙ ධර්ම වැඩ පටන් ගත්තු මුල් කාලෙ. අපි ඉන්නෙ ක්ලයන්ට් සතුටු කරන්න වුනත් මෑන්ස් ඉල්ලන හැම දේම දෙන්න බැරි වෙනවනේ. ඒ වගේ අවස්ථාවලදී නිදහස් වගකීම් ප්‍රකාශයක් ලබා ගෙන තුන්වන පාර්ශවයක් වෙත සේවා දායකයා යොමු කිරීමයි ක්‍රමය. ඒ ආකාරයට කරන්න මමත් ධර්මාට උපදෙස් දුන්නා. අහවල් කා පාර්ක් එකෙන් අහවල් වෙලාවට ‍ඩ්රොප් කරලා නැවතත් අහවල් වෙලාවට පික් කරන් හොටෙල් එකට දැම්මා ම වැඩේ අහවරයි නොවැ.  ධර්මාත් අරාබියට වැඩේ පැහැදිලි කරලා දුන්නට මොක ද වී.අයි.පී ටුවර් එකකට ධර්මාව කැඳවන්න මට සිද්ද වෙනවා. අන්තිමේ දී අල් සල්මාගේ සිටි ටුවර් එක කොරන්න වෙන්නෙ වෙනත් රියදුරෙකුට. දින එකොළෙහක් තමන් හා සිටි රියදුරු තම අවශ්‍යතාවය ඉටු නොකර හදිසියේ ඉවත්ව යාමෙන් දණඩෙන් පහර කෑ නයෙක් සේ කිපුණු සල්මා අන්තිමට නවතින්නෙ සංචාරක පොලිසියේ මට විරුද්ධව පැමිණිල්ලක් කරලා.
හත්වලාමයි කියන්නෙ දැන් ගෙස්ට පැමිණිලි කිරීමේ පැහැදිලි දර්ශනය අපි දැනගෙන හිටියත් ඔහුගේ රහස්‍ය ප්‍රකාශය මා සතු වුවත් නියම කාරණේ හෙළි කිරීමේ හැකියාවක් නැති තැන අපි හිරවුනා. අන්තිමේ දී මෑන්ස් අපෙන් වන්දියක් ඉල්ලුවා. පස්සෙ මං මැදිහත් වෙලා අරාබියට නයිට් ලයිෆ් පැකේජ් එකක් ඩොලර් පන්සීයකට ප්රොමෝට් කළා ම වැඩේ අහවර වුනා. එදායින් පස්සෙ එහෙම අමාරුකාරයො ආවොත් හරි සැලකිල්ලෙන් බේත් හේත් කරන්න මං පරිස්සම් වෙනවා. එළිපිට ඇත අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියත් නම් වොරි වෙන්න හේතුවක් නෑනේ. හැබැයි නිකම් හරි ගෙස්ට් පැමිණිලි කළොත් සොරි වෙන නිසා ලෙඩා මළත් බඩ සුද්ද වෙන්න බේත් දුන්නම අපි නිදහස්.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....