Sunday, December 11, 2011


හ්ම් හත් හවුරුදු හත් මාසෙකට විතර පස්සේ ඇවාරිස් බ්ලොගින් වලට බැහැපි. පහුගිය කාලෙ කොරපු කියාපු දේවල් හිරිකිතක් නැතිව අකුරු කොරන්නෙ කොහොමය යන කියන ‍පුරස්නෙත් හිතේ කොනක තියාගෙන විලි ලැජ්ජාව පත්තර කොළේකින් වසංගු කරගෙන අපේ බුවාලගෙ බුවී‍ලාගේ සායම යැවීමේ පරම පවිත්තර චේතනාවෙන් මෙතැන් පටන් කැන්ඩි අටවක පිළිබඳ කොටස් වශයෙන් පළවන ‍බ්ලොග් පෙළක් ලිවීමට ඇවාරිස් මල් බුලත් තටුවක් හත්මුතු පරම්පරාවේ ප්රේත පිසාචයින් කැටුව ගෙන කුම්භාාාාාණ්ඩ කඩවරාදීන් විෂයෙහි සාංඝිකව පූජා කොරන්ඩයි මේ ලක ලැහැත්තිය.
කාරණා කටයුතු අඹරන්න කළියෙන් කාට කාටත් පැහැදිලි වෙන්ඩය කියලා ඉවෙන්ට් එක ගැන එස්කකටිව් සරමියක් දෙන්ඩයි තනන්නෙ ඕං. මේක අපේ කැලණි බාලාංශය හෙවත් කැවියේ පතිබිම්ම කලා විසේෂවේදී දෙවන වසරේ ලොන්පොල් අට දෙනා‍ විසින් මේ වසරේ කොළහැළෙන පෙබරවාරියේ විස්ස විජ්ජාල පරිශ්‍රයේ පවත්වන ලද මුල් අටවක පොටෝ කෑලි එක්සිබිසමේ කැන්ඩි කළාපය. සම්පූර්ණ අනුග්රාහකත්වය Kandy Alliance Française දරනු ලැබුවා. නොවැම්බර් 25 ඇරඹි ප්රදර්ශනය නිමා වුනේ දෙසැම්බර් පස් වැනිදා. සමාරම්භක උළෙල සඳහා මහාචාර්ය හල්පේ ප්රධාන ආරාධිත ඇමුත්තා ලෙස සහභාගී වුනා.
(ඇත්තට ම කිව්වොත් මචං මුංගෙ අටවකත් දැන් අර හැම වෙසඟට ම ඇති වෙසක් කළාප, නැත්නම් සර්කස් පැසිපියා වගේ පුංචි ඩිෂිබිල් එකක් වෙලා. කැම්පස් එකේ දවස් තුනක් පෙන්නලා කානු පල්ලේ දාලා, උන්ගෙ ම ගෙවල්වල දුර්වර්ණ වෙලා දූවිලි බැඳිලා තිබුණු චූල සම්ප්‍රදායේ (උන් ම කියාගන්න හැටියට) මහා සම්මත ඡායාරූප අනේ අර දෑභිවෘද්ධිකාමී, දේශමාමක, සුපේෂල, අකලංක ජීවිත ගත කොරන ප්රවුඩ ඉතිහාසයකට උරුමකම් කියන නුවර වැසි හුදී ජනයාටත් පෙන්වා කයි කතන්දරයක් අහලා, දෙයියනේ කියලා ඔයින් එකක් දෙකක් විකුණගෙන කාරිය පුංචි බඩ රස්සාවක් කරගන්න මුං විසින් අමුණපු දහං ගැටේ ඔෆීෂියල් අවුට්පුට් එක තමා අටවක ඡායාරූප ප්රදර්ශනය, අනේ කිව්වට මොකෝ මෙදා පොටේ ලණුව කෑවේ Alliance Française නුවර එක. ඇයි බොලව් අපි. හා..... අපි කෑවෙ නෑ ඉල්ලං හා ගත්තා නොවැ????)    
ඇවරිගෙයි අටවකයි අතර ඇති නෑකම ගැන කතාකොරනවා නම් ඒක හරියට ගහට පොත්ත වගේ නොව දියට දාපු කිරි වගේ කියලා කිව්වැහැකි. මොකද ගහෙන් පොත්ත වෙන් කරන්න පුළුවන් වුනාට දියෙන් කිරි වෙන්කරගන්න හංසයට ම කියන්න ඕනය කියනවනේ ඒකයි. මට මතක හැටියට ඔය ව්‍යාපෘතියේ දී නුවර ඇලියන්ස් එකට මුල් ම රාජකාරී ලිපිය ලියන ලද්දේත් ඇවරි විසින්. එදා වෙන වැඩකට යුනි ඇවිත් ඉද්දි අරවින්ද චන්ද්‍රපද්ම පාපී ග්‍රහයා තමා ඒ වැඩේට ඇවරිව කැන්දාගෙන ගියේ. අපි ස්ටුඩියෝ එකේ ලියුම ලියලා සවස දෙකට කලින් මේල් කළා කියලා මතකයි. පස්සෙ උපනෙත තියෙන කාලෙ වෙද්දි උපනෙත බලන්න ආවමත් වැඩේට සෙට් වෙන්න කියලා ඇවරිට නිල ආරාධනාවක් ලැබුණා. කොහොමින් කොහොම හරි අපේ පොටෝ කෑලි නැතත් අටවකේ අපේ ෂෙයාර්ස් තියෙන බව කියන්න සතුටුයි.
අපේ කස්ටිය අටවක සඳහා මූලික කටයුතු සිදු කරන කාලෙදි නම් ඇවරිට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. හෝල් එක බලන්න. අනුග්‍රාහකයින් සොයන්න ඇවරිට යන්න බැරිවුනා. නමුත් නිල වශයෙන් පළමු කණ්ඩායම නුවර පිටත් වන දිනයේ ගැන්සියත් එක්ක සෙට මෝ‍ල් වෙන්න පොට්ට පිනක් පෑදුනා. (අයි මීන් යට කී කාලයේ අග බිසවට එග්සෑම් බැව් කරුණාවෙන් සලකන්න. නැත්නම් මං යයි නුවර?? ලොලේ ලොල්) එදා මමයි , නේ මන්දා දන්දයි, තොටයයි තමා සියලු ම පොටෝ ටිකත් කරපින්නාගෙන ගියේ. යුනියෙන් ලොග් අවුට් වෙන්න සවස දෙකට දාලා තිබුණත් පන්ද්‍රචද්මයගේ කැටලොග් හුටපටයක් නිසා අන්තිමේ දී අපි ගියේ තුනත් පහුවෙලා. තව බැනර් එකක් එල්ලන්නත් තිබුණනේ???
ඒකත් මරු සිද්ධිය. කලින් අටවකට ප්‍න්ට් කළ ෆ්ලෙක්ස් එක දිනයයි තැනයි වෙනස් කරලා කැම්පස් එකේ දාලා එන්නය කියලා අපිට ඕඩර්ස් ලැබිලා තිබුණා. කලින් බැනර් එක තිබුණෙ රිවට් කරලා දැන් පට්ටම ලොකු වැඩියි. බැනර් එක පුංචියි. අන්තිමේ ඇවරි වයින් ස්ටෝර්ස් ටයිප් එකට බැනර් එක එල්ලන්න කළ යෝජනාව සභා සම්මත වුනා. (බැනරය වටා සමාන දුරින් මුදු දමා සිග් සැග් ආකාරයට වෙලා එල්ලීමේ ක්රමය) අපි ඉතිං රින්ග්ස් දාගෙන ස්ටිකර් ප්රින්ට් එකක දිනයයි තැනයි ප්රින්ට් කරලා තව නයිලෝන් ගන්න සුමුදු හාඩ්වෙයාර් වෙත ගියා. (අනේ පලයන් බං යන්න. සුමුදු නම් කොහොමද උලමො හාඩ්වෙයාර් වෙන්නෙ??? හේනම් සොෆ්ට්වෙයාර් වෙන්න එපැයි...)
ඔන්න ඉතිං තික්නස් එකත් බලලා ලණුවක් සිලෙක්ට් කොළා ම අපේ බුවෙක් අහපි... “අක්කෙ මේ නයිලෝන් කිලෝ ගානට දෙන්නෙ නැද්ද???” අක්කට සිහි එළවා ගන්න ටිකක් වෙලා ගියා. පස්සෙ ඈ පැඟිරි හිනාවක් හේම දාලා මේම කිව්වා. “මං මේ ඇහුවමයි අපෙන් කෙනෙක් නයිලෝන් කිලෝගානට ඉල්ලුවා. එතකොට අපිට පාඩුයි නේ මල්ලි????” හා ඒක මිසක් නැත්නම් අපේ තාත්ත කියලා තියෙන්නෙ හැම දෙයක් ම බය නැතුව කිලෝ ගාණට ඉල්ලන්නය කියලයි. දැන් බලන්න ඉටිකොළ, පොල්තෙල් කිලෝගානට ගන්න එක ලාබයි. අපේ බුවා හත්පොලේ ගා ගත්තා මදිවට තව පණ්ඩිත වාක්‍යත් කියවනවා. තවත් නෝන්ඩි නොවී අපි එතැනින් ෂට්ඩවුන් වුනා. 

8 comments:

  1. ආ..... උඹ අටවක මෙගා සීරීස් එක පටාං ගන්න කම් තමයි අපි බලාගෙන හිටියේ. ඉඳපං. බ්ලොග් එකට වඩා දිග කමෙන්ට් ඉදිරියේ දි මෙතන පළ වෙයි. ඇත්තටම නයිලෝන් නූල් කිලෝ ගානට ඉල්ලපු එකා කවුද. නිකමට වගේ ඇහුවේ. නමේ මුල අකුරවත් පොඩ්ඩක් කියනව ද.

    ReplyDelete
  2. නෑ මේ වෙන කවුද...

    ReplyDelete
  3. ආ.... වෙන කවුද නේද. මම නිකමට වගේ කියන්නද එහෙනම් ඒ වෙන කවුද එකා කවුද කියලා... අනේ යකෝ :-P

    ReplyDelete
  4. Amanda (අමන්දා)December 12, 2011 at 8:47 PM

    නුල් මදි වෙලා ආයෙ ගේන්න උනේ මටනේ.. එතනට ගියාම කඩේ අක්ක ඇහුවෙ න0ගි අර කිලෝ ගානට නුල් ඉල්ලපු මල්ලිටද මේවත් කියල..

    ReplyDelete
  5. ලොන්පොල් අට දෙනා‍ කිව්වේ කාටද දන්නේ නෑ නේද නලින්???

    ReplyDelete
  6. ලොන් පොල් 06 ලොන්ත පොල් 2 යි... ලොල්

    ReplyDelete
  7. ආ.... හැබෑට.. හැබැයි පොල් ගෑවෙනම් වෙන කවුරුදලු නේද? :D

    ReplyDelete
  8. කට කට අපේ අම්මට ඇහෙයි...

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....