Wednesday, August 24, 2011

මට උපන්දින තෑග්ගක් ඕනා....



අඩ්ඩ ඩඩේ කාලේ ගෙවීලා.... ලෝකේ කැරකිලා ඇවරී නාකි වෙලා නොවැ!!! හැබෑවට ම මේ මගේ 23 වැනි උපන්දිනය. පහුගිය අවුරුදු දිහා ආපහු හැරිලා බලන්න අවස්ථාවක් මේ උපන් දිනයත් එක්ක උදා වෙලා. කොටින් කිව්වොත් මේ උපන් දිනයට ඇවරි මිතුරු මිතුරියන් සියලු ම දෙනාගෙන් උපන්දින තෑගි බලාපොරොත්තු වෙනවා.
අවුරුදු විසි තුනක මගේ ජීවිත කාලයේ කවමදාක හරි අපි මුණගැහිලා ඇති. කතා කරලත් ඇති. නැතිනම් කිසිම පූර්ව දැන හැඳුනුම්කමක් නැතුව මේ සයිබර් අවකාශයේ දී ම මුණගැහිලා පුංචි පහේ චැට් එකක් දාලා ඇති. කරන්න ඕන මෙච්චරයි. මේ මොන විදිහකින් හරි දැන අඳුනාගෙන ‘ඇවරි’ නමින් ඔබ විසින් කියවන ලද පුද්ගලයා පිළිබඳව ඔබේ හොඳම මතකය හෝ ඔබේ පුද්ගලික අදහස මේ පෝස්ට් එකේ පහළින් කමෙන්ටුවක් විදිහට ලියලා යන්න.
කමෙන්ට් මොඩරේට් කරලා තියෙන නිසා ඔබ කැමති දේ මූණට ම කියලා දාන්නත් පුළුවන්. හැබැයි අඥාත ලෙස පෙනී නොසිට මට ඔබ හඳුනාගත හැකි ලෙසින් අදහස් දක්වනවා නම් මං කැමතියි.

මොක ද තෑග්ග දෙන්නෙ කවුද කියලා මං දැනගන්න එපෑයැ නේද???



4 comments:

  1. ඈවරි කියන්නෙ මිනිසුන් තුල 'විටෙක' සෙනෙහසින් අවර්ජනය කල හෑකි චරිතයක්. යහලුවන් වෙනුවෙන් ඕන කුනු ගොඩකට අත දාන ඔහු ප්‍රශන්සාවන් කෙසෙවෙතත් කන් පිරෙන්න බෑනුම් වලින් පිදුම් ලබයි.
    වෙලවකට ඈවරි අනිත් අය ගෑන මෙතරම් alert එකෙ ඉන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ. "මෙ මිනිහට අනුන්ගෙ දේවල් හොයනවා ඈරෙන්න වෙන වෑඩ නෑද්ද " කියල කිදෙනෙක්ගෙන් අහගන්න ඈතිද.. එහෙත් ඔහුගේ spy සේවය පිටුපස අති ප්‍රේමනිය සහොදරත්වය අපට රහසක් නොවෙ. මිතුරන් අතරෙ සෑබෑ මිතුරෙකු වු ඔබට සදා ජය! sath

    ReplyDelete
  2. විශේෂ මතයකයක් නම් නැහැ.

    දහම් පාසල් තරඟවලට සපුගස්කන්ද විද්‍යාලයට ගියාම "පස්ස කැඩුණු කඩියෙක් වගේ" එහෙට මෙහෙට දුවන පොරක් මම දැකලා තිබුණා.

    ඒ පොර මම කැම්පස් ආපුවාම ඒක ඇතුළෙත් අර විදිහටම එහෙට මෙහෙට දුවනවා දැක්කා.

    මම බ්ලොග් කියවන්න පටන් ගත්ත කාලේ දැනගත්තා ඒ පොරත් බ්ලොග් එකක් ලියනවා කියලා.

    දවසක් කිරිබත්ගොඩින් මම හිටිය බස් එකට ඒ පොර නැග්ගා වගේ මතකයි. එයාගේ බ්ලොග් එක මම කියවනවා කියලා කිව්වා වගේත් මතකයි.

    ඊට පස්සේ පොරත් එක්ක ටිකක් කියවන්න සෙට් වුණේ රෑක කිරිබත්ගොඩ ඉදන් මාකොළට ගිය ටිකට.

    කොහොමත් මම මුලින්ම දැකපු දවසේ පොරක් කියලා හිතපු පොර ඇත්තටම පොරක් තමයි කියලා මම දැන් හොඳාකාරවම දන්නවා :)

    ReplyDelete
  3. සුබ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
  4. සුබ උපන්දිනයක් වේවා. !!!
    ඇවරියා මට මල්ලි කෙනෙකි.

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....