Thursday, December 16, 2010

විභාග ප්රතිඵල නිකුත් වී ඇත.


සාමාන්‍යයෙන් අපේ ගෙදර ඕනෑ ම දේකට මුද්රිත දැනුමක් තියෙන බව පිළිගැනීමකට ලක් වෙච්චි කාරණයක්. බුද්ධිමය දේපල බල්ලට දාලා උපුටා ගැනීම් සදහා අවසර ඇති එක ම ස්ථානය කියලත් බෙ‍හෝ දෙනා දන්නවා. ඔය හදිස්සියට අපේ නෑ, වේ පිරිස් වලට නිබන්ධනයක් පැවරුමක් ඕන වුනොත් අපේ ගෙදරට කෝල් කරලා එකක් ගෙන්වා ගැනීම සේවාදායකයන්ට පුරුදු වෙලා. ඒ පුරුද්ද අපිට ආවෙ අපේ අම්මා ඒවා සංරක්ෂණය කරන්න පටන් ගත්තු නිසා. දැනටත් අපි ප්රින්ට් කරන හැම නිබන්ධනයක් ම ඩීවීඩී කරලා තියලා ඕන වුනොත් නැවත ප්රින්ට් කරවනවා. අපිට දැනට විවිධ විෂයගත පාසල් පැවරුම් දෙසියයකට අධික ගණනක් තියෙනවා. මේවායින් ඇතැම් ඒවා එක රැයකින් උසස් පෙළ ව්‍යාපෘති වෙන වෙලාවල් නැතුව නෙමෙයි.

නමුත් කොපි කළත් හරියට ම වැඩේ කරවන්න අපි උනන්දු කරවනවා. මොකද නැත්නම් උන් නාගන්න නිසා. උදාහරණයක් විදියට අපේ අක්කගේ එන්. අයි. බී. එම් නිබන්ධනයක් කොපි කරපු බුවෙක් මෑතක දී ඉල්ලන් කෙළවගත්තා. ඒක අපේ එකතුවේ තිබුණේ කොහොම ද දන්නෑ. අවාසනාවට අපිට අක්කට කතා කරන්න බැරිවුනා. අර යක්සයා පටුන කියවලා අරං ගිහින් එහෙමම දීලා. බලද්දි සමහර යුනිට්ස් ඒ අවුරුද්දෙ උගන්නලත් නෑ?????

මේ වගේ තවුසන්ඩ් ඩොලර් සිද්දියක් අපේ අධ්‍යයන අංශයේත් උනා. විභාග කටයුතු සම්බන්ධයෙන් අපේ අංශයට තියෙන්නෙ එච්චර හොද අතීතයක් හේම නෙමේ. උදාහරණයක් හැටියට ගිය සෙමෙස්තරයක අපේ විසිටින් ලෙචෙක් උගන්නලා. ළමයි දැන් විභාගෙට ඉගියක් හේම ඕනැද කියලා අහලා මිනිහා හදන්න ඉන්න ප්රශ්න වලින් පුංචි ඉගි දුන්නා. අපි දේශන ඉවර වෙලා වැඩකට කාර්යාලයට ගියා ම ලෙචා වාඩිවෙලා ඉන්නවා. මෑන්ස් නිකමට ව‍ගේ ‘දැන් පේපර් එක හදලා භාර දෙන්න තියෙන දවස කා.කා.ස ගෙන් ඇහුවා ම මිනිහා ලෙචාට මරු ටෝකක් දුන්නා..... “ආ, සර් ගෙනත් දෙන්නකෝ මං හිතන්නේ දිනේ නම් පහුවුනා. ඒත් අපි ඔක්කො ම පේපර් යැව්වනේ. මමමයි ගෙනිහුන් දුන්නේ???” ඉතිං අයිසේ උගන්නපු මං නෙමෙයි ද පේපරේ හදන්නේ?????

හැමදාම මෙහේ මෙහෙමයි. සිලබස් එකට පෙපර් එක හැදෙනවා. ලෙචා උගන්නපුවාගෙන් වැඩි දෙයක් නෑ.... අපේ එක පෙ‍්පරේක ප්රතිඵල නිකුත් කරලා හෙඩි සයින් කරලා බෝර්ඩ් එකට දාලා තිබුණලු. නමුත් ඒ විෂයේ අපි කිහිප දෙනෙක්ගේ ඉදිරිපත් කිරීම් Presentations තාම පවත්වලා නෑ. ඒ වගේ ම එක ශිෂ්‍යාවකගේ ලකුණු විස්සක නිබන්ධනය වෙනත් විෂයක නිබන්ධන සමග මාරු වෙලා වෙනත් ආචාර්යවරයෙක් වෙත ගිහිල්ලා. අපේ හැමෝ ම දන්න නිසා සර් කෝල් කරලා අර කෙල්ලට කිව්වලු ඇගේ නිබන්ධිකාව ගෙනියන්න එන්න කියලා. ඈ කැම්පස් පටන් ගත්ත ම එන්නම් කිව්වට මොකෝ නිබන්ධිකාව නැතුව ම ප්රතිඵලත් නිකුත් කරලා. දවස් දෙකක් තිබුණ ප්රතිඵල ලේඛනය අද (13) උදේ නවයහමාර වෙද්දි ගලවලා තිබුණා. විභාග නොකළත් රිසල්ට් දෙන එක ම විශ්ව විද්‍යාලය කැලණිය වෙන්නැති මයෙ හිතේ????? අනේ මේක අවාසනාවට සත්‍ය කතාවක්. ජාතික සරසවියක අන්තර්ජාතික වැරැද්දක්!!!!!!!!!!!!!

3 comments:

  1. වැඩවලට කල්ගත වන නිසා ඉදිරිපත් කිරීම් සහ නිබන්ධන අවලංගු කරලා ලකුණු 80 වටයලා ප්රතිඵල දුන් බවයි කිව්වෙ.... නමුත් ඒකේන් මං කැමති පුද්ගලයෙක් ඉදිරියේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව මග ඇරුණා.... ආයෙ ජීවිතේට එහෙම අවස්ථාවක් උදා වෙන්නැති එක ගැනයි මට දුක....

    ReplyDelete
  2. කැම්පස් ගැන... අනේ මන්දා!!! එච්චරයි හිතෙන්නේ!

    ReplyDelete
  3. අය්යෝ නෑ, කැළණිය විතරක් නෙමෙයි. අපේ බැච් එකේ එකෙක්ටත් ඌ නොගිය විභගෙකට ඒ අකුරක්මදීල තිබ්බෙ. :D

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....