Thursday, December 2, 2010

ජාතික පුස්තකාලයේ ෆොටෝ කොපි ජාවාරම

මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ ඡායා පිටපත් සම්බන්ධයෙන් ජාතික පුස්තකාලය විසින් අනුගමනය කරන අසංවිධානාත්මක වැඩ පිළිවෙළ නිසා කිව්වොත් නිවැරදියි. ඔවුන් එක් පාඨකයෙකුට එක් පොතකින් ඡායා පිටපත් කරන්නට දෙන්නේ 10‍‍% පමණයි. ඊට හේතුව වශයෙන් දක්වන්නේ බුද්ධිමය දේපල පිළිබද ප්රශ්නය. ඒ කතාව හරි බර කරලා ඒකෙ සේවකයන් කියන්නෙ මෙ‍න්න මෙහෙම “‍අපෝ අපි කිසිම පොතක් සම්පූර්ණයෙන් කොපි කරන්න දෙන්නෑ. එහෙම කරලා අපිට විරුද්ධව නඩුත් තියෙනවා. දැන් දෙන්නෙ 10‍‍% පමණයි.”

නමුත් අපි කණ්ඩායමක් එකතුවෙලා මුළු පොතක් ම කොපි කරන්න පුළුවන් කියන එක කියන්න ඕන නෑනේ. පිටු සීයක පොතක් ගහන්න මට යාළුවො දහයක් සෙට් කරගන්න වෙනවා. ඒක ටිකක් අමාරු වැඩක් කියන්නකෝ. නමුත් මෙතන තියෙන වාසිය තමයි පුද්ගලයෙක් එකම පොත කී පාරක් ‍ඡායා පිටපත් කරනවා ද යන්න දැනගත හැකි ක්රමයක් ඒ අයට නොවීම. ඉතිං යාළුවො පස් දෙනෙක්‍ට දෙවර බැගින් වුනත් වැඩේ අහවර කරන්න පුළුවන්. මූණ අදුනගත්තොත් වැඩේ මාට්ටු. ඒකට තියෙන්නෙ වෙස් වළා ගැනීම. මං මේ කිසි කෙහුරක් නොදැන එකම පොත දෙපාරක් ගහන්න ඉල්ලුවා. ඒ පොත යුරෝපයේ මුද්රිත පවුම් 70ක පොතක්. ලංකාවට ගෙන්නද්දි රැපියල් 12 000ක් වෙයි. පස්සෙ එහි සේවිකාව මට බැණලා ඒක කරන්න බෑ කිව්වා.

මං එළියට එද්දි ම කෙනෙක් මට කතා කළා. මල්ලි මොකක්ද ඕන පොත. මුළු පොත ම කොපි කරගන්න ඕනැ ද? අයි‍යෝ අවුලක් නෑ අපි ගහලා දෙන්නම්. යන්කො ටිකක් එහාට. කාක්කා මගේ කරට අත දාගෙන ඩීල් එකට ලෑස්ති වෙන්නයි ට්රයි එක. මාත් මේ මොකක්ද බලන්න මෑන්ස් එක්ක චැට් කළා. මල්ලි කැම්පස් එකක කිව්වා... හ්ම් කැලණියේ. ආ අපි ජපුරේ. දැන් මෙහෙමනේ මල්ලි මේ ගොල්ලො දෙන්නෙ 10‍‍%යි නේ. අපි 50ක් සෙට් වෙලයි ඉන්නෙ. පිටු ගාන ප්රශ්නයක් නෑ. ඕන පොතක් අපි මාසෙන් කොපි කරලා දෙනවා. දැන් මල්ලි ඔය ඉල්ලන පොත ලංකාවෙ මුදලින් කීය ද? 12 000 හරි අපි මල්ලිට 6000ට වැඩේ කරලා දෙන්නම් කැම්පස් කොල්ලෙක් නිසා. මෙතෙන්ට එන කොළඹ මිනිස්සුන්ගෙන් නම් අපි නියම ගාන කඩනවා මල්ලි. සම්පූර්ණ ෆොටෝ කොපි පොත් 15 000ට විකිණෙන වෙලාවලුත් තියෙනවා. මල්ලි දන්නවනේ මුන්ගෙන් ම කොපි කරලා පිටට විකුණන එක නියම බිස්නස් එක මාසෙට හොද ඉන්කම් එකක් එනවා. හැමදාම කට්ටිය එන්නෑ. අද මගේ දවස. පොතක් ගහන්න ආවම අපි ඒකෙ පරිග්රහණ අංකය එක්කම තමන් ගහන්න ඕන පිටු ගාන ලිස්ට් එකේ කට්ටියට එස්.එම්.එස් කරනවා. උන් උන්ගේ වැඩේකට එන අතරේ මේ වැඩේත් කරනවා. අමතර ගතමන්ට් එකක් නේ මල්ලි. දැන් අවුරුදු දෙකක් විතර අපි මේ ‍ට්රේඩ් එකේ. අයියා තමන් ගැන කිව්වා. මට තේරැණා අතන සද්ද දාපු විදියට මල්ලිට කුට්ටිය ම ඕන වෙලා කියලා. ඒකයි මං කිව්වෙ වැඩේ කරලා දෙන්න පුළුවන් කියලා.

ඒත් අයියා මට ඕන පිටු සීයක් විතරයි. ඒ පොත පිටු 225යි. හරි ඉතිං රැපියල් 3000ක් දෙන්නකෝ අද ඇඩ්වාන්ස් කළොත් අපි වැඩේ පටන්ගන්නම්. නැත්නම් මේ නම්බර් එකට කෝල් කරන්නකෝ. මිනිහට වචනයක් දාලා මං මාරු වුනා. අනේ යකෝ මුන් දැනටමත් ලක්ෂ ගාණක් උපයලා ඇති නේද කියලා මට හිතුනා. අර සේවිකාව මට සැර දැම්මෙ ඈ මහා ලොකු වංචාවක් අල්ලපු ගානට. හැබැයි කාටවත් මේ වංචාව අල්ලන්න බෑ. මේක සම්පූර්ණ නිත්‍යනුකූලයි. මොකද එක්කෙනෙක් 10‍‍%ට වැඩියෙ නොගහන නිසා. අර රස්තියාදු වෙන්න තියෙන අකමැත්ත නිසා කීයක් වුනත් ගෙවලා පොත ම ගන්න අය ඉන්න බවයි කාක්කා කිව්වෙ. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නෙ අනවශ්‍ය නීතියක් නිසා. දැ

න් කාක්කගෙන් පොතම කොපි කරලා බිල් ටිකත් අතට අරං නඩු දාලා වන්දිත් ගන්න කෙනෙක් ඉදිරිපත් වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ. මේ කොපි සියල්ල මුද්රා තියලා බල රහිත කරන්න බැරිද? හරියට අර සල්ලි වලට කරනවා වගේ. ‍ජාතික පුස්තකාලයේ ෆොටෝ කොපියක් කියලා කියන්න කිසිම සාධකයක් නෑ. අපිට පිටින් එහි ඇති පොතක් සම්පූර්ණයෙන් ම වුනත් කොපි කරලා ඔවුන්ට විරැද්ධව නඩු දාන්න පුළුවන්. ඇයි ඔවුන්ගෙන් කොපි නොකළා කියලා කියන්නෙ කෝමද? මේක තිරිකිස් අවුලක්. ලිහන්න බැරි ම ගැටයක්. ජාතික පුස්තකාලෙ ලොක්ක හිතන්නැතුව ඇති පාඨකයන් මෙහෙම සංවිධානය වෙයි කියලා. ඒ නෙට්වර්ක් එක කඩන්න මේ කපේ දි බැරිවෙයි. අන්තිමේ දී වෙන්නෙ
රජය වෙනුවට පැත්තක ඉන්න පිරිසක් ලාභ ඉපැයීම. හැබැයි කාක්කා මිනිස්සුන්ගෙ ක්රය ශක්තිය බලලා මිල නියම කිරීම ගැන මං පුද්ගලිකව සතුටු වෙනවා.


මේ කාක් කෲ එක හැමෝට ම උදව් කරන්නෑ. හැබැයි ඔබට නියම අවශ්‍යතාවය ඇත්නම් ඔවුන්ගේ පිහිට ලබා ගන්න පුළුවන්.

5 comments:

  1. මාර සීන් එකක්නෙ :O

    ReplyDelete
  2. පුස්ථකාලෙ වැඩකරන එවුන්ටත් කාක්කන්ගෙන් ගානක් එනව ඇති බං......දැං කාලෙ අම්ම තාත්ත විකුනල හරි සල්ලි හොයන්න බලන්නෙ.....අනේ අම්මප...මෙහෙමත් රටක්...

    ReplyDelete
  3. අනේ මචා ෂුවර් එකට ම එහෙම නෑ. ඒකෙ ඉන්නෙ හරි ම අහිංසක මිනිස්සු ටිකක්. හරියට ඉංග්රීසි වචනයක් ටයිප් කරලා පොතක් හොයලා දෙන්න බැරි සේවක පිරිසක්. ඒ අය සිස්ටම් එකෙන් අපිට පොත් හොයා ගන්න කියන්නේ ඒ නිසා. මට ෂුවර් උන්ට පුදන්න තරම් කාක්කා මෝඩ නැති බව.

    ඇයි යකෝ අතට ගත්තදේ කටට දා ගන්නවා මිසක් අහක ඉන්න වුන්ට කප්පම් දෙන්නෙ මොකට ද? ෆො‍ටෝ කොපි වලට ගෙවන සාමාන්‍ය රේට් එක විතරයි ගෙවන්නෙ..

    ReplyDelete
  4. ජාතික පුස්තකාලයේ ගැන තව තව කථා තියෙනවා

    ReplyDelete
  5. ෆො‍ටෝ කොපි ගැටලුව ෙකාෙහාම ෙවතත් නිදහෙස් අධ්‍යාපන කටයුත කර ගන්න දැන් එකත් නෑ පුස්තකාලයකට සුදුසු මූලික පරිසරයක්වත් ෙමයාලා හදුනන්ෙන් නෑ
    ජාතික පුස්තකාලය බාහිර සමාජය හා සමීබන්ධ ෙවන්ෙන් පාඨක ෙස්වාව හරහායි
    එතන ෙස්වකෙයා් නෑ
    අපි එතන එක ෙපාතක් ගන්න පැයක් ඉන්න ඔන
    අපිට ෙපෙනනවා පාඨක ෙස්වා අංශෙෙය් නිලධාරීන් මහන්සිෙවන හැටි එ මිනිස්සුන්ට දවල්ට කන්න යන්න නෑ
    අපිට ඔන ෙද්වල් ෙගාඩක් මහන්සි ෙවලා ෙහෙයලා ෙදනවා
    ඉහල නිලධාරීන් වීදුරෑ කාමර වලට ෙවලා ෙල්බල් ගහගෙනඉන්නවා
    එයාලා දන්ෙන් නැතිව අැති ජාතික පුස්තකාලයක් කියන්ෙන් රටකට අාභරණයක් කියලා

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....