Friday, December 10, 2010

කිරිබත්ගොඩ සෙලාන් බැංකුව ගිනි ගත්තා ද? ගිනි තිබ්බා ද?


පහුගිය දවසක කිරිබත්ගොඩ සෙලාන් බැංකුව ජයග්රාහී දෙවන වතාවටත් ගිනි ගෙන විනාශ වුනා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න ආපු රජයේ රස පරීක්ෂකත් කිව්වෙ ගින්න සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් හොයා ගන්න බැහැ කියලයි. ඒ නිසා ම විශේෂ පර්යේෂකයෙක් මේ සදහා යොදවන්න තීරණය වුනා.

නමුත් රට්ටු කියන හැටියට මේ පසුපසත් ඉන්නෙ කිරිබත්ගොඩට අරක් ගත් ජන නායකයා ම තමයි. මහ හූරගේ දෙවැනි පදවි ප්රාප්තිය සමරන්න කියලා හිතාන කිරිබත්ගොඩ පලංචි ආධාරයෙන් බේගල් ජාතකයක් නිර්මාණය කරලා මහ රජාණන්ට අං දෙකෙන් අභිසේක ගන්වපු මේ ගොයියා ඒ වැඩේට වියදම් කළේ කප්පම් සල්ලි කියලා දැන් එළිවෙලා. කොහොමත් කප්පන් අරං තොරන් ගහන්න මේ මැතිතුමා හරි දස්සයා. කොහොමත් මිනිහ නියම කකුළ. ඔය වාර්තා වල සදහන් නොවුනට ලංකාවෙ තුන් වැනි මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයා. පළමුවැනි දෙවන ස්ථාන දෙක ම මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් තමා දරන්නේ.

කැලණියේ ලෝක බවුද්දයා, දුටුගැමුණුගෙ ළගම ඥාතියා ලංකාවෙ කුඩු පාතාලයේ අංක එකේ සිංහලයා වීම ගැන අම්මපා මට තියෙන්නෙ නම් ආඩම්බරයක්. ඇයි අයිසේ නැත්නම් මේක හම්බයට ගිය රට වෙච්චි. කිරිබත්ගොඩ තොරණ තියෙන කාලෙට කඩේට ම ඇවිත් මූණ බලලා ආධාර ලියාගෙන යන්නෙ මෑන්ස් විතරයි. ‍අපේ අයියා කාරයත් සැරයක් රෝමයක් දා ගන්න ගියා. “මල්ලි කඩේ හැටියට විසිදහක් ලියමු නේ??” ඇගලුම් කඩයේ වටයක් කැරකිලා බුද්ද පුත්තරයා කියලා දැම්මලු. “සමාවෙන්න ඇමතිතුමා, මට නම් එච්චර දෙන්න බෑ.” පිස්සු කෙළින්න එපා මල්ලි, ඔය පේමන්ට් එකේ ජංගි විකුණන උන් ඊට වඩා අපිට දෙනවනේ?? හරි උන්ට ඉතිං බිස්නස් ඇති.

මේ තමුසේ තාම තරුණ කොල්ලෙක් නෙව. වැඩිහිටියො දෙයක් කිව්ව ම පිළිගන්නව හොදයි. ඔන්න ඕක ගෙවලා දානවා. දැනට දහයක් ඇති. අන්තිමේ දී අපේ මිනිහත් බල්ලා වගේ මොනරු දහයක් අරං දුන්නලු. හැබැයි මෙහෙම අරං ගිහිං වෙසක් එකට නිකම් හිටියේ නෑනෙ. දන්සැල සතියක් දුන්නා. කානිවල් එකයි තොරණයි කළා. තව මොනවද?? මං නම් මොනව වුනත් බාප්පගෙ මේ සරදියල් පාර්ට් එකට කැමතියි. හැබැයි සමහර වෙලාවට මිනිහා හරිම කොම්ප්ලෙක්ස් ප්ලෑන් ගහනවා. අර මහින්ද ජාතක කතා වස්තුව දැක්වෙන තොරණ වගේ??

තොරණට මිනිස්සු කැමැති වුනාට සල්ලි එකතු කරන්න පොර එච්චර කැමති වෙලා නෑ. ජනතාවාදී නායකයානේ?? පස්සෙ කිරිබත්ගොඩ ඉන්න ලොකු ලොකු බැංකු වගේ ස්ථාවර මූල්‍ය ආයතන අනුග්රහය මත තමා වැඩේ කෙරිලා තියෙන්නේ. හැබැයි සෙලාන් බැංකුවේ මැනේජර් සල්ලි නොදී පණ්ඩිතයා වෙන්න ගියා ම හරි අපිත් එක්ක මේ කිරිබත්ගොඩ බැංකු කරන හැටි බලමුකෝකියලා උත්තමයා එළියට බැහැලා තියෙනවා. සදුදා උදේ පාන්දර ඉදන් සෙලාන් ගිනි ගන්නවා.

කතාව පැහැදිලියිනේ. හැබැයි සෙලාන් සේවකයොත් මේකට රෙඩි පිට හිටියා කියලයි ආරංචි. ඒ අය දැන් වුනත් කාටවත් දොස් කියන්නෑ. අනික බඩු ඔක්කොම කඩවතට ට්රාන්සර් කරලා තිබුණේ ඇයි කියාල කවුරුත් අහන්නෑ?? ඒ ‍නිසා ලොක්ක ටිකක් ‍ගොඥා වුනා ද මන්දා. මේ සන්තෑසිය ම තව චුට්ටෙන් වාසනා බේකර්ස්ලට වෙන්න ගියා. නමුත් ඒකෙ ලොක්ක හොරණ ඉදන් තකහනියේ කැලණි ඇවිත් ගේම ගොඩ දා ගත්තා. කප්පම් නැතිව කිරිබත්ගොඩ බිස්නස් කරන්න බෑ කියලා මේ සිද්ධියෙනුත් ඔප්පු වෙනවා.

6 comments:

  1. " හැබැයි සෙලාන් බැංකුවේ මැනේජර් සල්ලි නොදී පණ්ඩිතයා වෙන්න ගියා ම “හරි අපිත් එක්ක මේ කිරිබත්ගොඩ බැංකු කරන හැටි බලමුකෝ” කියලා උත්තමයා එළියට බැහැලා තියෙනවා. සදුදා උදේ පාන්දර ඉදන් සෙලාන් ගිනි ගන්නවා. "

    බි.පෙ.සි. :D

    ඇත්තටම අඬන්නද, හිනාවෙන්නද ?

    ReplyDelete
  2. එතකොට පිටකොටුවේ , කෑගල්ලේ, අනුරාධපුරේ , වත්තල එහෙම කරන්න පුලුවන්ද මචං. කප්පං නැතුව වෙන්න ඇති ඔය හැම පලාතකම කඩ කරන්නේ නේද? අඩුගානේ කිරිබත්​ගොඩ ඉන්න කප්පම්කාරයාට නම් ප්‍රශ්ණයක් උනත් කියන්න පුලුවන්. ඒවා ගැන බලන්න වෙනමම කණ්ඩායමකුත් ඉන්නවා. අනිත් පලාත්වල කීය කීය හරි දෙන්නේ නැතුව ඒ පලාතේ මිනිස්සුන්ගේ වැඩකට බහිනවද ඔය කියන පුද්ගලයෝ. නිකං ලොන්ත වෙන්න එපා බං. මර්වින්ගේ නරක වැඩත් තියෙනවා. ඒව​ගෙම හොද වැඩත් තියෙනවා. උඹම පිලිගන්නවනේ තව කුඩු ලොක්කො දෙන්නෙක් ඉන්නවා කියලා. උන්ට ගිහින් ​ගමේ මිනිහෙක්ට ප්‍රශ්ණයක් කියන්න පුලුවන්ද? මම නම් කියන්නේ ඉන්න යකා හොද එකා කියලයි. වෙන එවනුන් එහෙමවත් හොදක් නැති නිසා.

    ReplyDelete
  3. කාරණේ මෙහෙමයි,ඇත්ත කතාව නම් තොරන් ගහන්න මිනිස්සු නිකම් සල්ලි දෙන්නෙ ‍නැති නිසා ඒ ක්රමේ ඇරෙන්න විදියක් නැති එක. ප්රශ්නෙ මගේ මිත්රයා කප්පම් ගැනිල්ල නරක වැඩක් විදියට දැකපු එකයි.මට කියන්න ඕනැ වුනේ සිංහල බවුද්ද සමාජය දැන් එහෙම තැනකට ඇවිත් කියන එකයි. ඒ වගේ ම මහ ලොකුවට 'අපි එක හම්බයෙක්ට කිරිබත්ගොඩ ඔළුව උස්සන්න දෙන්නෑ' කියන එක්සත් වෙළද සංගමයේ සිං බුඩිස්ට්ලාගේ හැටි කියන්නයි!!

    ReplyDelete
  4. කතාව ඇත්ත වෙන්න පුලුවන්

    ReplyDelete
  5. 'අපි එක හම්බයෙක්ට කිරිබත්ගොඩ ඔළුව උස්සන්න දෙන්නෑ'
    එතකොට මචං මුස්ලිම් හම්බ්ස් ලා එහෙම කරන්න දෙනවද මචං? නිකමට අහන්නේ.
    සත්‍ය කථාවක්.
    කඩුගන්නාවේ සිංහල මනුස්සයෙක් හාල් මෝලක් පටං ගත්තා. හාල් මිටිය 100යි කියමු ඒකාලේ. මිටිවයකට පිරිවැය 80ක් කියමුකෝ. එතකං හාල් වෙලදාම මුස්ලිම් මුදලාලිලත් එක්ක කරන්න උනේ. දැන් මේ මනුස්සයත් හාල් විකුණනවා ඒ ගණනටම. නමුත් මුස්ලිම් මුදලාලිලා කලේ ඒ අයගේ හාල් 90ට දාපු එකයි. එතකොට සිංහල මුදලාලිගේ හාල් විකිනෙන්නෙ නෑ.
    දැන් ඉතින් කරන්න දෙයක් නැති නිසා 90ට දෙන්න පටන් ගන්නවා. එතකොටම මුස්ලිම් මුදලාලිලා කරන්නේ 80ට හාල් දෙන එකයි. දැන් කවුරුවත් 90 හාල් ගන්නවද ඇවරි අය්යේ? නෑ!
    80ට දීලා නිකං බිස්නස් කරන්න බැරි උනත් අනෙක් අය 80ට දෙනවා. දැන් සිංහල මුදලාලිත් 80ට දෙනවා අඩුගානේ පාඩුව වහගන්න. එත​කොට අනිත් අය 75ට දෙනවා පාඩුවට. ​අන්තිමට මේ මුදලාලිට මෝල වහන්න වෙනවා. (කරන්න බෑනේ ඉතින්)
    එතකොට අනෙක් මුදලාලිලා හාල්මිල 110ක් කරනවා. දැං කාපල්ලා !!
    ලංකාවේ අනන්‍යතාවය වුනු තේ වලට කලෙත් ඒකමයි.
    මෙච්චර දවස් අඩුවට හාල් දුන්නේ වෙන මුදලාලිලාගෙන් එකතුකරගත් මුදලින් හා පල්ලියේ අණ කිරීමෙන්. මෙතන නීති විරෝදී දෙයක් වෙලත් නෑ. නමුත් සාධාරණ ලෙස හූරාකෑම කරගන්ට හැකියාව ලැබිල තියෙනවා. ඒ ඉතින් වෙළද ඒකාධිකාරය තියාගන්නයි. ඇවරි වැස්සටවත් පිටකොටු ගිහින් නැද්ද? බම්බලපිටිය ගිහින් නැද්ද?

    සිංහල බෞද්ධ සමාජය දැන්වත් එහෙම තැනකට ආවානම් ඇති. එතකන් පොට්ට නවුෆර් ලට (ඌ නං ඇතුලේ) අනික් කුඩු කාරයන්ට මුදලාලිලා දෙන්නට ආතල් දිදි ඉන්න එක ​හොද ඇති නේද?

    /* කියන එක්සත් වෙළද සංගමයේ සිං බුඩිස්ට්ලාගේ හැටි කියන්නයි!! */

    ඔබ තුමාට මුස්ලිම් හම්බ්ස් කෙනෙක් මොනවත් කලා ද? පල්ලියේ නම් තමන්ගෙ share එක අනිවාර්ය්‍යනේ දෙන්න ඕනෙ. ඒව වියදම් වෙන හැටි දන්නෙ අල්ලාහ් පමණයි.

    /*තොරන් ගහන්න මිනිස්සු නිකම් සල්ලි දෙන්නෙ ‍නැති නිසා ඒ ක්රමේ ඇරෙන්න විදියක් නැති එක.
    */

    වෙන අත්‍යාවශ්‍ය වැඩකටවත් මිනිස්සු නිකං සල්ලි දෙන්නේ නෑ. ඕනම මිනිහෙක් හැමෝම දෙන හින්දා නැත්තම් වෙසක් එකටවත් දෙන එකක් නෑ. ජාවාරම් කාර​යෝ තමයි පාතාලයට සල්ලි ගිල්ලවාගෙන තියාගන්​නේ තමන්ට් වාසි ගන්න. ඒවා පුතේ ලක්ෂ ගණන් වලින් ගෙවන්න වෙන්නේ. මුස්ලිම් වරුන් පල්ලි (share) කප්පම් නොදුන්විටත් පමණුවන කොන්කිරීම, අපහාසකිරීම , පල්ලිය වාරණය කිරීම වැනි දඩුවම් තියෙනවා. ඒවා ගිනිතැබීම් වලට වඩා දරැණුයි. ඔබතුමා "කප්පම් නැතිව කිරිබත්ගොඩ බිස්නස් කරන්න බෑ " කියන ප්‍රකාශය නිකං හෙලුවෙන් නටනවා වගේ වැඩක්.
    වෙන කරන්න පුලුවන් ප්‍රධාන නගර 5ක් හදුන්වන්න කියලා ඉල්ලා සිටිනවා!
    (දෙල්ගොඩ මංසන්දිය, පූගොඩ , සියඔලාපෙ වගේ ඒවනං දාන්න එපා :P)

    ReplyDelete
  6. පැහැදිලි කිරීම හදවතින් ම ස්තූතියි..... මං මහ ගොං කතාවක් ලියුවා වුනත් අපිකියවන මිනිස්සු හරි මේ ගැන දැනගන්නවනේ??

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....