Tuesday, September 7, 2010

ශ්රේතෂ්ඨ ප්රේ‍ම කතා රහසක්ව තබාගත යුතුයි!!!

ඇත්තට ම ශ්රේෑෂ්ඨ ප්රේ ම කතා රහසක් වශයෙන් තබා ගත යුතුයි තමයි. කරුණු කාරණා ගැඹුරින් හොයා බලන්න ඉස්සෙල්ලා හිතට තට්ටු කරලා අහන්න ඔබටත් ශ්රේලෂ්ඨ ප්රේබම කතාවක් තියෙනවාද කියලා. උත්තරේ ඔව් කියන්න කළින් ටිකක් හිතලා බලන්න ම වෙනවා. මොක ද ඊට සාපේක්ෂව තමන් ශ්රේකෂ්ඨ හෙවත් පරමාදර්ශී පෙම්වතෙක් හෝ පෙම්වතියක් ද කියන සාධකයත් තීරණය වන නිසා. ඉතිං අවංක උත්තරයක් දෙන්න කාලෙ ගත්තට කමක් නෑ....
දැන් අපි අර ඒ කාලේ කිව්ව කතාවක් ඇදලා ගනිමු. “ප්රේතමය නම් රාගයෙන් තොර - සඳ එළිය සේ අචින්ත්යරයි... පාරිශුද්ධයි, සුරම්යවයි කියලා කියපු කාලෙට යමු.” නමුත් මේක හරියට අර නෙල්ලි ගෙඩියේ රසය වෙන් වෙන් වශයෙන් කියන්න කිව්ව වගේ විකාරයක්. මොකද ප්රේ මය තුළ මේ සියල්ල අන්තර්ගත නිසා. නැවත ආත්ම කථනයට. ඉතිං ඔබ ශ්රේ ෂ්ඨ පෙම්වතෙක් හෝ පෙම්වතියක් නම් මේ ප්රේසම පුරාණය රහසක් කරගන්න කියන්නේ ඇයි?? පිස්සු... ඇයි යකෝ කරන්න හොඳ නම් කිව්වම මක් වෙනවද ?
ඒ කතාවත් හරි. නමුත් අති මහත් බහුතර පෙම්වතුන් ඇයි එහෙනම් හැංගි හැංගි වෙස් බඳින්නේ??? ම්..... අනේ මන්දා?? ලෝකෙට ම හොරා එකිනෙකා මුණගැස්සෙන්නේ? මගෙන් අහන්නේ? ඒ වැඩේ ආතල් නිසා වෙන්නැති. හැබැයි ඔබ උන් එක්ක ඉරිසියාවට මෙහෙමත් කියන්න පුළුවන්. “ඔය කවුරු කවුරුත් හැංගි හැංගි වෙස් බැන්දට, නටන්න වෙන්නේ එළිපිට නේ?” කියලා. ඊට උත්තරයක් හැටියට ඒ අය කියාවි “හරි අපි ඉතිං හැංගි හැංගි වෙස් බඳින්නේ එළිපිට නටන්න තමා” කියලා. දැන් ඉතිං ඇඩ්රාස් නැති වෙනවා. මේ නිසා යන්න තියෙන පෙරහැරවල් ගැන පේන බලන්න පුරුදු වෙන්න එපා. අනික කප් හිටවනවා කියන්නේ පෙරහැර යනවා කියන එක නෙමේනේ....!!!
කොහොම නමුත් ශ්රේනෂ්ඨ ප්රේ මය රහසක්ව තබා ගන්න කියලා තියෙන්නේ ශ්රීන නේරු. අර නේරුතුමාගෙයි එවකට ඉන්දියාවේ සිටි බ්රි.තාන්ය අණ දෙන නිලධාරියා වූ ලුවිස් මවුන්ටබැටින් සාමිගේ බිරිඳ එඩ්විනා මවුන්ටබැටින් රහස් ප්රේ්මය ගැන හැමෝම දන්නවා ඇතිනේ? මවුන්ටබැටින් පවුල කොච්චර අකමැති වුනත් ඒ සම්බන්ධය දිගට ම තිබුණා. දැන් ඒක සම්මතය අතික්රනමණය කිරීමක් වුනාට ශ්රේනෂ්ඨ ප්රේචම කතාවක්. ලස්සන සාහිත්යයමය ආඛ්යා නයක්. ලංකාවේ දස්කොන් ප්රවමිලා වගේ??? ලෝකයේ හැමදාම ගෑනු මිනිස්සු අතරේ මේ වගේ සම්බන්ධකම් තිබිලා තියෙනවා. දැනටත් බොහෝ දෙනා අතර තියෙනවා.
නමුත් ශ්රේිෂ්ඨ ප්රේයම කතාවක් වෙන් කරගන්නේ කොහොම ද කියලා දැන් ගැටලුවක් ඇති. මගේ පුද්ගලික නිගමනය අනුව නමක් දිය නොහැකි, සම්මත සමාජ සබඳතා ඉක්මවන මානුෂීය බැඳීමක් කියලා කියන්න පුළුවන්. මිත්රැකම, කුළුපග බව ඇඟෑලුම්කම, හිතවත්කම කියන තත්ත්වයන් යම් තැනක දී ඉක්මවලා අපිට මතුපිටින් පෙනෙන ලයින් එක ක්රොමස් කළා ම බැඳීම ශ්රේබෂ්ඨ වෙනවා. අර මං කිව්ව සීමාව පැනීම ගැන දෙපාර්ශවයට ම ගාණක් නෑ. වන්නාට යහපත කියනවනේ?
දැන් ඉතිං හැම අනියම් සම්බන්ධයක් ම ශ්රේ ෂ්ටයි කියලා හිතන්න එපා. කොහොම නමුත් ශ්රේවෂ්ඨ සම්බන්ධකම් රහසක් විදියට තියාගන්න කියන්නේ නම් හේතු ගොඩක් ඇතිව. පළමු කාරණය අදාල පාර්ශවකරුවන්ට ඒක ශ්රේ්ෂ්ඨ විය හැකි නමුත් සමාජයට සහ එහි සංස්ථාවන්ට එය අසම්මතය වන නිසා. ඒ හරහා සමාජය නිර්මාණය කරන ගෝත්රිාක චින්තන රාමුව ඇතුලේ තියෙන කල්චරල් ටැබූස් වලින් ඔබ නැත්තට ම නැති වෙන්න පුළුවන් නිසා. අනිත් වැදගත් ම කාරණය ඒක උන් දෙන්නට වැදගත් වුනාට, අපිට කටගැස්මට ඕප දූපයක් හැටියට මිස වෙන වටිනාකමක් නැති නිසා සහ කොච්චර කීවත් බාහිර සමාජයට මේ සම්බන්ධකම හරියට තේරුම් කරන්න බැරි නිසා.
ඉතිං කියන්න. එහෙම සම්බන්ධයක් රහසක් හැටියට තියාගන්නවා මිසක් කිව්වට වැඩක් තියෙනව ද? අහන එකා ඔබ පිස්සෙක් කියයි. අම්මලා දූලට කුමරි බඹසර රකින්න කියන්නේ ඔන්න ඔය නිසා. මොකද අම්මා කාපු පරිප්පුව ඇස් දැකීමෙන් ම දන්නවා. දුවලා දැනගන්න ඕන අම්මා සද්ද දාද්දි එයා එදා තමන්ට වෙච්ච දේ ගැන හිතලයි එහෙම කියන්නේ කියලා. හැබැයි බලන්න. සාමන්ය්යෙන් මිනිබිරී අත්තම්මගේ ළඟ ම යෙහෙළිය වුනා ම අත්තම්මා එදා නටපු නැටුම් අල්ලපු කස්තිරම් සියල්ල මිනිබිරීට ලුණු ඇඹුල් ඇතිව කියනවා. සමහර විට ඒ සීයා එක්ක කියපු කරපුවා නොවෙන්න පුළුවං. ඒ කාලේ වෙද්දි ඒ කතා වලට තියෙන්නෙ මතකමාත්රී ය වටිනාකමක් පමණයි. හැබැයි ඔබ අහලා තියෙනවාද තරුණ අම්මෙක් දුවෙකුට “උඹලා තව හොඳා.... අනේ අම්මපා අපි කෙල්ලො කාලෙ තිබුණ විසයක්” වගේ කියනවා. කවදාවත් ම නෑ..... මොක ද මේ සමාජෙ හැටියට අම්ම දුවට ඒ වගේ කිව්වොත් දුව අම්මගේ රෙකෝඩ් එක අලුත් කරන්න, අම්මගේ අතීත ම ආයුධයක් කර ගන්නවා. ඒක දැන් හැදෙන දුවලගේ හැටිනේ??? අම්මට වඩා හැමදේ ම එයාලා දන්නවනේ  
කොහොම නමුත් මං කියපු හැටියේ ශ්රේනෂ්ඨ ප්රේාමකතා ඔබට තව හුඟක් හොයන්න පුළුවන්. නමුත් ඔබ රහසිගත ශ්රේනෂ්ඨ පෙම්වතියක් නම් ටිකක් පරිස්සම් වෙන්න. මොකද පිරිමි කටමැත දොඩද්දි ලොකු කමට ඔබ ගැනත් කියන්න බැරි නෑ. ඒක පිරිමියාට වීරකමක් වුනාට ගෑනු ඔබේ ලැජ්ජනැති කම කියාලා අනිත් අය කියාවි!!! 

4 comments:

  1. අපරාදෙ කියන්න බෑ මම නම් ඔය කියන ජාතියේ ප්‍රෙම කතා 36ක් පහු කලා.
    දැන් මට අවුරැදු 31 යි ලබන මාසෙට. කොලඹට ඇවිත් අවුරුදු 7යි.
    36න් 21ක්ම පහුගිය අවුරුදු 7ට.
    දැන් මට අත්-දැකීම් නමි ඔන නැ. මොකද කොලඹට එන්න කලින් කල ඒවගෙන් නමි වැඩිහරියකට
    කකුල් දැකීමි විතරයි. එත් කොලඹට ආවට පස්සේ සිමා මායිම් නැතිව ගියා..
    තරහා නැතිව හොයලා කියනවද ඔය කියන ජාතියේ ප්‍රේම කතාවලට දැනට තියන ගිනස් රෙකෝඩ්
    එක මොකක්ද කියලා. නැතිනම් මගෙ අතින් දන්නෙම නැතිව වාර්තාව කාඩිලා යාවි..
    අපරාදෙනේ..

    ReplyDelete
  2. sanwede deyak gana katha karata sthuthi...

    ReplyDelete
  3. දැන් ඔබ කියන්නේ පළමු ඇනොනිමසා ශ්‍රේෂ්ඨ පෙම්වතෙක් හෝ උගේ කතාව ශ්‍රේෂඨ එකක් කියලා ද නැවතත් සුපුරුදු පෝස්ට් එක මුල සිට කියවමු...

    ReplyDelete
  4. කමෙන්ටු දෙකට ම ස්තුතියි. මං හිතුවෙ එපා වෙයි කියලා. මොනව උනත් තමන්ගෙ වනචරකම්වල "ත ර ම" නොවළහා හෙළි කිරීම ගැන සතුටු වෙනවා.....

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....