Saturday, September 7, 2013

ලංකාවේ අලුත්ම පාරිභෝගික සේවා න්යා ය | Ultimate consumer support theory


සකල සිරින් පිරි සිරි ලංකාවේ දැන් හැම දේම හරි ම සාමාන්‍යකරණය වෙලා. දැක්කනේ අර රංගන ශිල්පී මිහිරට තර්ජනය කරලා හිරු ටී. වී දාපු ගොන් පාර්ට් එක. ඒ කියන්නෙ බිය වැද්දීම් වගේ දේවල් දැන් හරිම සාමාන්‍යකරණය වෙලා.. සාමාන්‍යකරණය කියන්නේ ඒ නයින් බලන කල සංදිග්ධාර්ථ පළ කරන්නා වූ බොහෝ විට භයංකාර හැඟීමක් ගෙන දෙන වචනයක් හැටියට නාගරික ශබ්ද කෝෂය තුළ අර්ථ ගන්වන්න පුළුවන්.


පුද්ගලිකව සාමාන්‍යකරණය කියන්නේ අතිශය භයානක වචනයක් කියලා ඇවරිත් අත්වින්දෙ පහුගිය කාලෙ වෙච්ච සමහර සිදු වීම් නිසා. ඒකෙන් මේකෙන් සලාදය අමතක වීම වෙන්න පුළුවන්. ඇවරි වල් පල් කියවනවා වැඩියි කියන සාමාන්‍යකරණයට ඔබ පැමිණීම භයානක නිසා මං සලාදයට යන්නම්. දැන් පේනවනේ එතන ම යම් අවධානමක් තියෙනවා කියලා....? අන්න ඒක නිසා ජීවිතේ කිසිදෙයක් සාමාන්‍යකරණයක් බවට පත් වෙන්න දෙන්න එපා කියන උපදෙස වැදගත්.
මේ සලාදය ලියන්න නිමිත්ත වුනේ පහුගිය දවසක රැහැන් රහිත දුරකථනයක් මිලදී ගන්න මං ඩයලොග් අවුට්ලට් එකකට යාම. භද්‍ර යවුනියක් ඇවිදින් මනමාල හිනාවක් දාලා කාරණේ කතා කරලා හැඳුනුම්පතත් අර ඈ ම පෝරමයත් පුරවලා සියල්ල සිදු කළා. ඒ අතින් නම් පාරිභෝගික සේවා උපරිමයි. ඩයොලඟන අලුත් දුරකථනයට බැටරියක් දාලා එහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා මගෙන් විරාමයක් අරන් ඒ මොහොතේ පැමිණි අලුත් පාරිභෝගිකයෙක් හා සම්බන්ධ වුනා. ඒ මහත්මයා තමන්ගෙ අබග්ගය විස්තර කරගෙන ගියා.
මං ඊයෙ ඩයලොග් ඩිෂ් එකක් ගත්තා. ඔයගොල්ලො ඇවිත් ඉන්ස්ටෝල් කරලා ගියා ම වැඩ කළා. අද බලද්දි කිසි ම රූපයක් පේන්නෑ. හරි සර් කලබල වෙන්නෙපා. කස්මර් කෙයා කතා කරන්න. අයියෝ මිස් එහෙම කතා කළාම එයාල ආන්සර් කරන්නෑනේ. ආ.... ඒක තමා, එතනදී  ඔබ දැනටමත් ඩයලොග් ඩිෂ් පාරිභෝගිකයෙක් නම් එක අංයකුත් නව පාරිභෝගිකයෙන් නම් තව එකකුත් ඔබන්න කියනවනේ. අන්න එතනින් නව පාරිභෝගිකයෙක්ට අදාල අංකය ඔබන්න ඉක්මණට කෙනෙක් කතා කරාවි. හෙණ ගහපිය-ගණන් බලාපිය කිව්වලු!! ඒ කියන්න උන්ට දැනටමත් උන්ගෙ පාරිභෝගිකයො අදාළ ම නෑ. කස්ටමර් කෙයා මොන බම්බුවට ද මට හිතුනා.

සර්ගෙ මොබයිල් එක දෙන්නකෝ මං ට්‍රයි කරන්න. ඈ මන්දහාසයක් පාල කිව්වා. ඇයි යකෝ මුන්ගේ අවුට්ලට් එකට ඇවිල්ලා අපේ බිල කපාගෙන කතා කරන්න ඕනැද??  මං තක්බීර් වෙලා බලා ඉද්දි අර පාරිභෝගික මහතා තමන්ගෙ දුරකථනය දුන්නා. හෙලෝ මං අහවල් නගර ශාඛාවෙ, අහවලා මේ කස්ටමර් ගැන බලන්න. කියලා කාරණේ කියන්න පාරිභෝගිකයාට ම දුන්නා. ආ මොකද සර් කිව්වෙ. ඔය එයාලා එන්නම් කිව්වෙ. ඒකනෙ සර් ගෙදර යන්න. උදේ වරුවෙ නාවොත් මට කෝල් එකක් දෙන්න. හරිනේ....???
ඇය නියම පාරිභෝගික සහායිකාවක්.  සිම්පත් වෙනත් නමට හැරවීම්, ගිණුම් අවලංගු කිරීම් ආදී සියල්ලට ඇය කිව්වෙ වැඩේ වෙන්න ම ඕන නම් අවශ්‍ය වෙන්නේ ඔවුන් සතුව ඇති පිටපත් කළ පාරිභෝගික අත්සන සීයට සීයක් ම සමාන විය යුතු බව පමණයි. ඇගේ මේ පාරිභෝගික උපදෙස් මාලා අහගෙන හිටපු මට අන්තිමේ දී ඩයලොග් පාරිභෝගිකයෙක් වීම ගැන ඇතිවුනේ කළකිරීමක් විතරයි.

හැබැයි මේ වගේ තත්ත්වයක් මං අත්වින්දෙ මෙතැන දී විතරක් නෙමෙයි. පාරිභෝගික අවශ්‍යතාවය හරි හෝ වැරදි ඉටු කරදීම අද වන විට කස්ටර් කෙයාර් කියලා හඳුනා ගැනීමක් තියෙනවා. හෝටල් මේ ට්‍රෙන්ඩ් එක ආගම කරගෙන. ඉන්හවුස් ගෙස්ට් කෙනෙක් එස්කෝර්ට් එකක් ඉල්ලුවොත් අහවල් එස්කෝර්ට් ඒජන්සි එකට කතා කරන්න එයාලා හොඳයි කියලා රිෂෙප්ෂන් එකේ කෙල්ලෙක් ම කියන්නෙ ඒ වෙලේ ඉඳන් සුද්දා දෙන්නෙක්ට වියදම් කරන නිසා. ලංකාව සුද්ද කරපු සුද්දෙක් දවසක් මට කිව්වෙ උඹලාගෙ ලංකාවෙ නීති හදන එවුන් නීති හදද්දි ම රිංගල යන්න ඉඩක් තියනවා කියලයි. දැන් කස්ටමර් කෙයාර් කියන්නෙ අන්න ඒ රිංගල යන තැන අත දික්කරලා පෙන්වා දීමක් නෙමෙයි ද කියලා කියලා මගේ ටිකිරි මොලේට කල්පනා වුනා.

    

ෆන් සැට්ඩේ | Fun Saturday

මේ සවස් වල සෙනසුරා නළලට ම ගහලා තියෙන නිසා ඇවරයියා හාත වෙලා තමා හිටියෙ. ඒ මදිවට සේවාදායක  එංගලන්ත ජෝඩු ටුබැගෝ අයිලන්ඩ් හොලිඩේ එකට සෙට් වුන නිසා සෙන්ට් ලුෂියා - ටුබැගෝ සංචාරක ගමනාන්ත සඳහා ටුවින් සෙන්ටර් හනිමූන් පැකේජ් එක්ක ම කාලෙ ගෙවිලා ගියා.

පහුගිය දවස් ටිකේ රාත්තිරි දහයාමාරය සේවා මුරය අහවර කරලා මවුන්ට් ලැවින්යාවෙන් පාරට බැස්ස ම හොටෙල් රෝඩ් එක දිගේ කොලම්බු නයිට් ලයිෆ් බලාගෙන කොළඹට එන ගමන ෆට්ට අපූරුයි. අපි දවල්ට සී ෆුඩ් කන්න ලැවිනියා බ්රීස් ගියාම තියන ගතියට වඩා වැඩි ලල් එකක් මිඩ්නයිට් බීච් රේව් එකට සෙට් වුනොත් එහි තියෙනවා. රාජකාරී වෙලාවට කලින් මේ තැන්වල තියෙන පුංචි පුංචි බීච් රිසෝට්, රෙස්ටොරන්ට් අස්සෙ ගිහිල්ලා එහි ඇති බිස්නස් ගැන කරුණු කාරණා හෙවිල්ල දැන් ඇවරිගේ විනෝදාංශයක් වෙලා.... කසඩි, බීච් වාඩිය, කෝමරන්, සුද්දාස් කැෆේ, ලුන් ටාඕ වගේ තැන් මේ වෙද්දි ඇවරි විසිට් කරලා අහවරයි. අපි නොහිතුවට කොල්ලුපිටියේ සිට ගල්කිස්ස දක්වා වෙනස් ම සංස්කෘතියක් ඇති වෙන ම ආකාරයක එන්ටර්ටේන්මන්ට් හබ් එකක් ඇති බව මේ වෙද්දි ඇවරි වටහා ගෙන තියෙනවා. කොළඹ හුඟක් ආයතන ප්‍රධානීන් තම තමන්ගෙ කැච් එකත් එක්ක ලන්ච් එකට එන තැනක් හැටියට මේ සී ෆුඩ් ආපනශාලා හඳුන්වන්න පුළුවන්.

ආයුබෝං අපි කොලම්බු බීච් පාර්ටි, බීච් රේව්, ස්ටැග්ස්, ඩීජේ නයිට් ගැන පස්සෙ වෙන ම කතා කරමු. මං කරන රිසර්ච් එකේ අපේක්ෂාව අඩු මිල, අවම වශයෙන් පෝෂන් දෙකක් වත් සහිත සී ෆුඩ් මෙනු එකක් සොයා ගැනීම හා බීච් වෙඩින් එකකට අවශ්‍ය ලොකේෂන් එකක් ඇති හෝටලයක් සිලෙක්ට් කිරීම මිසක් කොළඹාශ්‍රිත වැල්ලකරේ දුරාචාරය ප්‍රොමෝට් කිරීම නම් නොවේ.
හැමදාම මට ඉරෙගියුලර් ස්ලීපින් අවර්ස් තියෙන නිසා අදත් උදේ වෙනකම් නිදා ගත්තා. පාන්දර දහයාමාරට විතර ඇහැරුණේ නැඟණි තෝමෝගේ සිතාර් වාදනයෙන්. ‘අයියා... මේ තේ ඇල් වෙනවා....‘ ඒ ලෙවල් ඉවර වුනත් හරි අපේ නංගි කුස්සියේ මයි. හැබැයි කොහොන් ඉගෙන ගෙන ද මන්දා අම්මයි පුංචියි දෙන්න ම පරාදයි ඇගෙ රෙසිපි වලට. ඒ වගේ ම කියන්න ඹ්න ඉතිං ගෑස් එකත් උපරිම සතියයි කියලා.... ලොල්.
මගේ බඩජහරිකමට ඇඹරැල්ලා කන්න ගිහින් දතට දාපු වැට කඩා ගත්තු නිසා ඩෙන්ටිස් ගාවට යන්න තිබුණා. පුතා ඔයා සිලෙක්ටිව් වෙන්න ඕන. දකින හැම එක ම දැන් කන්න බෑනේ. අනික මෙතන ම නේද කලිනුත් කැඩුනෙ. කාමක් නෑ පරිස්සම් කරගන්න. ඩොක්ට සේනා ආදරෙන් කිව්වා. මගේ ඩෙන්ටිස්ට් කැප්ටන් කූල් ජාතියේ පොරක් නිසා හොඳා.
හවස් අතේ පෙටා ෂොපින්. යකෝ වෙන දවසක් නැතුවා වගේ ලංකාවෙ මිනිස්සු ඔක්කො ම පාරට බහින්නෙ අපි නිවාඩු පාඩුවේ එළි බහින සෙනසුරාදාවෙ ම නෙහ්... ඇවිදල ම හාඩප් වෙලා තේ එකක් බොන්න චැතැම් වීදියේ ටී රෑම්ස් වලට ගියා. හප්පා රොෂාන් පිලපිටියත් එතන. , වම් ඇහි බැමත් විදලා කඩුක්කමක් දාගෙන, බොඩි ෆිට් එකක් ගහලා, ඩෙනිමක් බස්සලා,කිව්වට විස්වාස කරන්න ඔය දෙකට ම නොගැලපෙන සපත්තු දෙකක් දාගෙන මේ සෙලිබ්‍රෙටා තේ කෝප්පයක් තොලගානවා. හැබැයි මෑන්ස්ව නෝට් කරපු හැමෝ ම එක්ක හිනාවෙලා කතා කලා. ඉන් පස්සෙ චැතැම් වීදියේ ඔරලෝසු කණුව බලන්න යන්න හිතිලා එතෙන්ටත් ගිහින් ආවා. අර මහ බැංකුව ඉස්සරහා ගහන දඩ බිල්ඩිම මොකක්ද කියලා හොයාගන්න ඕනෑ...
අද හයිඩ් පාර්ක් කෝනර් එකේ ජවිපෙ රැළියට පිටිය පිරෙන්න සෙනඟ හිටියට කථිකයො චොප්ප චෝ....මං ඉබ්බන්වල හන්දියෙන් වංගුව ගද්දි කන් ඇබ දෙක ගලවලා ඇන්ටනාව දාලා බැලුවා. පාලු ගෙවල් වල වළං බින්දට කාට ඇහෙනවයි කියලැයි බොලං.. හැහ්??? ඔන්න මං මරාට කඩේ ගියා නෙමෙයි ඕං... රීං කට්ටු කට්ටු

සෙනසුරාදා බැංකු නිවාඩු. හැබැයිකොළඹ හැම තැන ම ලංකා බැංකුවේ ටී ෂර්ට් ඇඳපු සේවක සේවිකාවො වැහි වැහැලා. අද ලංකා බැංකු ප්‍රවර්ධන වැඩසටහනක් ද කියලත් ඇවරිට සැක හිතුනා. ඒත් මේ රජයේ බැංකු එහෙම හිඟාකන්නැති නිසා ඒකත් වෙන්න බෑ. ඇවරිගෙ ගැටලුවට උත්තර දුන්නේ බස් එකට නැඟපු තරුණ බැංකුකරුවෙක්. නෑ මචං අද යුනියන් මීටින් එකක්. අපි පිකට් එකක් කළා. අම්මප??? අනේ සකෝ.. රජයේ බැංකුවල සේවකයොත් රජයට විරුද්ධව පිකට් කරනව ද? ගෝඨා.... තමුසෙ නිදි ද අයිසේ... ඇවරිට ආරක්සක ලේකම් එක්ක මළ පැන්න මුන්ට උද්ගෝසන කරන්න ඉඩ දුන්නට. තහර ඉසිප් කරලා බුවාට කතාවට ඉඩ දුන්නා


මේකනේ මචං අපිට 1996 ඉඳන් පෙන්ෂන් එක නෑ. ඒකට යුනියන් එකෙන් දිගට ම ෆයිට් කරනවා. අද ලංකාවෙන් ම බෑංකින් ස්ටාෆ් කොළඹට ආවා. කොළඹ අපි ඇන්දෙ කහයි කළුයි - බැංකුවේ පාටනේ. තව ඒ ඒ පළාත් වලින් කස්ටිය ඇවිත් හිටියා එක එක පාට ඇඳන්. ඒකයි හේනම් කතන්දරේ. අබුද්දස්ස කාලේ රජයේ සේවකයත් රජයට එරෙහියි....???? 

Thursday, August 29, 2013

සුන් බුන් මතින් උට්ඨාන වී.....

කාලෙකින් බ්ලොගය පැත්තේ ගියා ම මගේ අතිජාත මිත්තර පරාණය වුණ සලාදයා කදුළු සලමින් ඉන්නවා දැකපු නිසා කොටන්න ලැබුණ වෙලාවෙ කොටලා යන්න ආව ආයුබෝං. තමුන්ලැහේලා දන්නවනේ ඇවරි කලිනුත් කියලා තියෙන විදියට මෙතැන ඇවරිට හරිම වැදගත්.


පහුගිය කාලෙ ඇවරි ගැන පුංචි සදහනක් කළොත් කියන්න තියෙන්නෙ හරියට ම මාසයක් බෙඩ් රෙස්ට් කරපු බවත් දන්න කාලෙ ඉදලා තිබුණ කැමැත්තක් වුන තිරිකුණාමලයට නැවතත් තනිව ම ට්‍රැවල් කරපු බවත් වැරදීමකින් පාර්ට් ටයිම් සංචාරක කළමනාකරණ ෙද්ශකවරෙයක් වෙන්න පුළුවන් වූ බවත්, සංචාර සැලසුම්කරුවෙකු ලෙස අලුත් රස්සාව සතුටින් කරගෙන යන බවත්, කටපුරා උපාධිලාභියකු බවත්, අනෙක් හැම දෙයක් ම වැරදුන බවත් තමා. දැන් සියලු ම දෙනා වැරදි අත්දැකීම් කරගන්න කිව්වට ඒ සඳහා මා විසින් පුද්ගලිකව දැරිය යුතු පිරිවැය විශාලයි. කැළැල් මැකෙන්න ටිකක් කල් ගියාට තුවාල වුන ඒකත් අතකට ෙහාඳයි කියලා හිතන්න පුළුවන්.
දැන් කලින් ලියපු පැරාව බ්ෙලාගය මිනිස්සුන්ට ඔළුව ජපන් කඳ ජරමන් ටයිප් වුනාට පහුගිය කාලය පුරා මාව කියවපු අයට ෙත්රැම් ගන්න පුළුවන් අැති. අන්න ඒ මිනිස්සුන්ට ස්තුති කරන්න අමතක කරන්නෑ. අන්තිමට පාරවල් වරද්දගෙන, කටු කම්බි අැණෙගන, අැඟපත හූරෙගන ෙල් ෙපරාෙගන, මං නියම පාරට අැවිත් බලද්දි ඉලක්කයට හුඟක් දුර බව ෙත්රැණත් පය ඉක්මන් කරන්න ශක්තිය දුන්න අම්මා තාත්ත අැතුළු සැබෑ මිතුරන්ට අැවරිෙග් අාචාරය හිමි වෙනවා. අාෙයත් නම් බ්ෙලාග් ලිවිල්ල අමතක කරන්නෑ. නමුත් පුංචි පුරස්නයකට තිෙයන්ෙන් වින්ෙඩා්ස් ඒයිට් දාලා යුනිෙකා්ඩ් දැම්මට ෙම් අන්ජබජල් ටයිප් ෙවන ඒක.

ෙම්ක කියවන බුෙවක්ට ඒ් වැරැද්ද හදාගන්න අැඩ්වයිසයක් දිය හැකි නම්, කදිමයි... සිල්වහ් තමා.... ෙම්ක ෙපා්ස්ට් ඒකක ම ෙනෙමයි යාළු. පුංචි අඹ කයියක්.අපි ඒදා ඉඳන් ම ෙබාක්ෙකන් හැබැයි අපිට කවදත් ෙබෙලක්ෙකන්..... නරි කියයි ද අැත්ත මිදි කවදද තිත්ත කියලා යාළු මිත්තරෙයා කිව්වට දැන් උනුත් අැත්ත කතාව දන්නවා ෙනාවැ.... මං මුල සිට අගට ෙපා්ස්ටුව කිෙයව්වා. පුංචි පෙහ් කර්පට් ගතියක් දැනුන නම් සමාෙවන්න. ෙම්ක ෙපාස්ට් කෙළ් වයසට ගිහින් මං මෙග් බ්ෙලාග් ඒක කියවද්දි මා බාෙල් ෙගව් කාෙල්  ගැන මතක් ෙවන්න ෙහාෙද්... අලුත් ෙපාස්ට් ටික ඉක්මණට දාන්නම්. බුදු සරණයි!
ෙමයට,    
ෙශා්කාකූල
අැවරි ද....????
මං හිතන්ෙන ඒ් ෙසන්ටිෙමන්ටල් ඩයලය මළා....
දැන් ඉන්න ඒකා ඒච්චර ස්මාර්ට් නෑ.. ඊළඟ ෙපා්ස්ට් ඒෙකන් හමුෙවමු.

Wednesday, May 8, 2013

ලාස්ට් බස් එකේ බස්තියන් සමඟ

ලාස්ට් බස් එකේ කතාව නාටකයෙන්.....
සාමාන්‍යෙයන් ඇවරිට බොහොම      හොඳින් ඇස් පේන්නේ රාත්තිරි කාලයට විතරයි ආයිබෝං. එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා නම් අහන්න එපා. ඇවරි මව්කුසේ ඉන්න කාලෙ ඇවරි මාතාව රාත්තිරි වැඩ මුරයක් සිදු කරන ලද නිසා ඒ ආනුභාවයෙන් ඇවරිත් රාත්රියේ විශේෂයෙන් ක්රියාකාරී වුනා කියලයි ඇවරි නම් අහලා තියෙන්නේ. කොහොම නමුත් ඇවරි මව්කුසේ හිටියාය කියන කාරණාවත් සමහරුන්ගේ නොමද සැනසීමට හේතුවන බව මං දන්නවා. රාත්රියේදි බළලෙකුටත් වඩා හොඳින් ඇස් පේනවා වගේ ම එහි ප්‍රතිලෝම තර්කය දවල්ට ක්රියාත්මක වීමෙන් ආලෝක පොට්ටයෙක් වශයෙන් කටයුතු කරන බවත් ඔය උම්බෑ කියනා ඇත්තෝ තේරුම් ගත්තොත් හොඳයි.

කොහොම නමුත් ඇවරිගේ එක හොඳක් හැටියට රාත්තිරියෙ කොච්චර නිදි මැරුවත් දවසේ අරුණාලෝකය පොළෝ තලය සිපගද්දි ම පිබිදිලා සියක් පෙති විහිදා දසත සුවඳ විහිදුවන එක නිසා ඇවරිගේ නම් තැබීමේ මඟුලට ආ අම්ඹුණ්ඩී විසින් නලින කියලා නම තිබ්බාය කියල තමා ඇවරි පුරාණයේ වැඩිදුරටත් සඳහන් වෙලා තියෙන්නේ ඕං..... (අම්ඹුණ්ඩී කියන්නේ ඇවරිගේ අම්මාගේ  අම්මා. හැබැයි කවදාවත් ඇවරි ආච්චිට ආච්චි කියලා නම් නෑ. ඇවරිගේ අම්මලා අපේ අම්මණ්ඩි නැත්නම් සිංහල භාෂාවේ හැටියට ගරුකටයුතු මව කියලා හෙළුවෙන් ම වහරපු නිසා බාල පරම්පරාවෙ අපි අම්ඹුණ්ඩී කියලා ඒ නම ම හදාගත්තා)

ඔය පුරාණ ග්රන්ථවල පට්ටන්දර උප්පත්ති කතා ‍කොහොම තිබුණත් අපි ඒවා ගන්න ඕන තාර බර හේම ඇරලා හරිය. දැන් උදාහරණයක් විදියට අර උදේම නැඟිටින කතාවත් අහන්න ඕන ඉතිං හැමදාම තේ එක දෝතිං අරං ලොකු පුතා නැඟිටින්න කියලා සොඳුරු අඬහැරය පවත්වන ඇවරි මාතාවගෙන් ම තමා.......

දැන් කතාවට යමුකෝ. වෙලාව රාත්තිරි නවයහමාරට විතර ඇති. ඇවරි පොඩි දඩකොළියක හේම ගෙහුල්ලා ජාම වෙලාවට ගෙදර එන්න හිතාගෙන ප්රත්යන්ත ප්රාන්තය වන කිරිබත්ගොඩට ගොඩබැස්සා. පතිරූප දේස වාසෝ ච කියලා කිව්වට ඇවරිගේ රෙසිඩන්ස් ටිකක් ඩොටේ තමා. කතාවට නම් අපි කියන්නෙ විතින් කිරිබත්ගොඩ සිටි ලිමිට්ස් කියලා, හැබැයි ලංකාවෙ මාර්ග සංවර්ධන අධිකාරිය නම් කියන්නෙ කිරිබත්ගොඩට කි.මි 2.7ක් දුරින් ඇවරිගේ හෝම් ප්රාන්තය පිහිටන බවයි. තුන්සක රියක නම් රු 200ක වන්දියක් හැටියටත් මේ දුර දක්වන්න පුළුවන්. කොහොම නමුත් ඇවරි මිනිට්ස් විස්සක දුරක් පමණයි. ආ ඇවරි මිනිට්ස් කියන්නේ මිනිත්තුවකදී ඇවරිගේ සාමාන්‍ය ඇවිදීමේ වේගය. එදා ඉඳන් ම නොදන්න එකෙක් මිසක් දන්න එකෙක් ඇවරිට තරගෙට ඇවිදින්න කතා කරන්නෑ. දහම් පාසලේ ඇවරි එක්ක තරගෙට ඇවිදින්න චැලෙන්ජ් කළ කස්ටිය නැවතුනේ එක්කෝ සරමත් කඩාගෙන නැත්නම් රෙද්ද පැටලිලා හොට බිම ඇණගෙන.  කොහොමද වැඩ?? ඇවිද්ද පය දහස් වටී කියනවනේ....

කොහොමින් කොහොම හරි මේ කියන දවසේ ඇවරි කීබත්ජොඩ බස්ටෑන්ඩ් එකට ආවේ බස් එකක්වත් හෝ මිනිස් පුළුටක්  නැති ඒත් බලුකුක්කන් ගණනාවකට සෙවන සදන අමු සොහොනක් වගේ තැනක් දකින අටියෙන්. දවස පුරා සිකුරා අනංග රාජයත් එක්ක එකතු වෙලා බොහොම සුන්දර කාලයක් ගත කිරීමේ දුර්ලභ අවස්ථාව සලසා දුන්නා වගේ ම ඇවරිව ගෙදරටම ගෙනියන්න බස් එකක් යොදවන්නත් සිකුරු-අනංග සුසංයෝගය කාරුණික වෙලා තිබුණා. කිරිබත්ගොඩින් ගමනාරම්භ කරන කැලණිය 230 මාර්ගය, කඩුවෙල 380 මාර්ගය, කරාබුගස්හන්දිය 356 මාර්ගය, මාවරමණ්ඩිය 343 මාර්ගය, දෙල්ගොඩ 234 මාර්ගය ආදී ඕනෑ ම බසයක නිවසට යාමේ හැකියාව ඇවරිට තියෙනවා. ඒත් මේ හොර කොටු පැනලා එන ජාම වෙලාවට බලාපොරොත්තු තියන්න පුළුවන් දෙල්ගොඩ බසයක් ගැන විතරයි.

අනේ ඉතිං වාසනා දිනේකි මේක-නැඟලා ඉඳගනින් පුතෝ..... කියලා ඇවරිත් තිබුණු එක ම බස් රියේ අසුනකට බර වුනා. බස් රියේ පැතිලි තිරයේ දිග හැරෙන මියුසික් වීඩියෝ එක හුස්මට නරඹන අතරේ අකමැත්තෙන් වුනත් අදාළ ගීත ශ්‍රවණය කිරීමට කන් බෙරේ දන් දෙන්න සිද්ධ වුනේ බිල්ට් ඉන් කන් බෙරේ වෙනුවට සෙපරේට් කන් බෙරයක් දාගන්න වෙන තරමට ම තීව්‍ර කර්ණ රසායන සංගීතයෙන් අප හැම ඇලළී ගිය නිසා. අම්මාපල්ල කතාවට කියනවා ම නෙමෙයි ඇළවිලා ගල්වෙලා ගියා ඒ සද්දෙට... අසුරු සැණින් එක මොහොතක දී තමා අපේ කතා නායක තුමා සීන් එකට එන්ටර් වෙන්නේ. සංගීතයට අකමැති වුනත් හිත හදාගෙන ඊට දැහැන්ගත වූ අපේ සවන්පත් පසාරු කැරගෙන ඊටත් වැඩි සද්දෙන් මේ කෙහෙම්මල යන්නෙ කීයට ද යකෝ...? කියලා කෑ ගැහුවෙ බස්තියන් අංකල් ම තමා. සද්දෙට හැමෝ ම හැරිලා බලන අතරේ අන්කල්ගේ ගමන් සගයා වුන කොණ්ඩය ජෙල් කරපු හැන්ඩි කොල්ලා අංකල් දිහා දවා අලු කරවන බැල්මක් හෙළුවෙ අයියෝ චමින්ද ආතල් කඩන්න එපා කියන්නා වගේ.

ඒත් සමඟ ම ස්ටෑන්ඩ් එකට පැමිණියේ දෙල්ගොඩ බසයක්. මාර්ග අංක 356 කරාබුගස්හන්දියේ සිටි අයගෙන් බාගෙකට වඩා බැහැලා දෙල්ගොඩට නැඟුනා. දැන් ඉතිං මේ කපේට මූ යන්නෑ.... ඇවරි හිතාගත්තෙ තව වෙලාවක් ලංකාවෙ විපරීත මියුසික් වීඩියෝ ටිකක් බලාගන්ට හැකි වේය කියලා. නමුත් මේ දෑස් පින් කරලා මදි නිසා ම රියදුරු තැන බසය ගමනාරම්භ කළා. ඒත් ඉතිං ආරම්භ කරලා දෙල්ගොඩ බසයට ඉස්සර කරලා නවත්තලා සෙනඟ පටන්න ගත්ත නිසා මිනිස්සුන්ට අනේ අපොයි කියවුනා. බස්තියන් අංකල්ට ඉවසන් ඉන්න බැරි ම තැන මෙතන ඉස්සරහට පස්සට අරං අපිව නළවන්නැතුව ගියොත් නරක ද කියලා යෝජනාවකුත් කළා. රියදුරු තැන වගේ වගක් නැතිව නෑසුණු කන්ව සිටියදී තවත් ටික වෙලාවක් බලා සිටි බස්තියන් අංකල් මලේ මල පන්නගෙන මේම කිව්වා. උදේට කොටන තමුසෙලා රෑටත් කොටන කොට අපි ගෙවල් වල යන්නෙ එළිවෙලා ද මිනිහෝ...???? ඌරු ජුවල් නැඟලත් සෑම මගියෙකුගේ ම හිතේ කොණක තිබුණු ප්‍රශ්නයක් අංකල්ගෙන් පිටවුන නිසා කවුරුත් හිත යටින් සැනසුනා. ඒ වෙලාවෙ නම් කොණ්දොස්තර කොලූත් පුරුෂ දහිරය අරගෙන පුංචි තගක් දැම්මා. හරි හරි අපි අද්දන වෙලාවක අද්දන්නම් අංකල් කට පියාගෙන ඉන්න. බැරි නම් කරුණාකරලා බහින්න. මං සල්ලි ගෙවනවා නම් මොන අහවල් එකකට ද මං බහින්නේ???? අංකල්ට මල දෙපිටින් ගියා. හුස්ම අල්ලන්නැතිව ම මහා ගෝරනාඩුවක් අංකල් කරගෙන ගියේ මේ විදියට. තමුන්ලා කරන්නෙ මහ කාලකණ්ණි වැඩ අයිසේ. දැන් බලනවා දෙල්ගොඩට කලින් ආවනම් මාකොළට වෙනකම් ලෝඩ්එක තමුන්ලට ගන්න තිබුණා. තණ්හාවෙ කිරිබත්ගොඩ ලැගගෙන හිටියට හොඳයි වැඩක් වුනා ද?  අයියෝ කියලා වැඩක් නෑ අංකල්. ඉස්සෙල්ලා දෙල්ගොඩ සීටීබී කාරයා කිව්වනේ කොළඹින් එන්න බස් නෑ කියලා. කොන්දොස්තර තමන් කාපු චාටරේ ගැන කිඹුල් කඳුළු හෙළුවා. සැ‍ණෙකින් පටල වුන බස්තියන් අංකල් කොන්දොස්තරට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේ මේ විදියට. ආ.... ඇත්ත ද ඉලංදාරියා.. ඒ කියන්නේ තමුසෙලා දෙල්ගොඩ දෙකක් යනකම් ම තැපලා. මුං තමා මේ බස් කෙරුවාව කන්නේ. වෙලාවට බස්එක අද්දලා තමුන් හම්බුකරගන්නෙත් නෑ. අයිතිකාරයට හම්බුකරලා දෙන්නෙත් නෑ. අයිසේ මටත් බස් හයක් තියෙනවා. හැබැයි කවදාවත් මිනිස්සු පාරේ රස්තියාදු කරලා සත පහක් හම්බු කරලා නෑ.             බස්තියන් අංකල් අවංක ප්‍රකාශයක් කරද්දි හරි හරි අදිමු අදිමු කියලා කොන්දොස්තර බෙල් එක ගැහුවා. අවසාන වශයෙන් බස්තියන් කළේ ඒ වෙලේ ම චක් ගෝලයන්ගෙ කෙරුවාව ගැන හිත මිතුරු බස් අයිතිකරුට දැන්වීමයි.
ඇවරි නම් බස්තියන් කියන්නෙ ගැමුණු විජේරත්නට. ලංකාවෙ බස් කරුමාන්තෙ හැටියට නියමිත ධාවන කාල සටහනක් නැති එක. රාත්රී අටෙන් පස්සෙ සියලු ම අතුරු මාර්ග වල බස්රථ ධාවනය නොවීම ගැන පැහදිලි අවබෝධයක් ඔහුට ඇති බව ඇවරිගේ අදහසයි. ඒ වගේ ම බස් මගින්ට පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීම වගේ ප්රායෝගික වැඩ කටයුතු රාශියක් එතුමා විසින් සිදු කිරීමට සැලසුම් කරලා තියෙන නිසා ලංකාවෙ බස්තියන් හැටියට ගැමුණු හැඳින්වීමේ වරදක් නෑ. කොහොමටත් පාරවල් හදනවා වගේ ම ඒ පාරවල දුවන බස් ගැනත් නියමාකාර නියාමනයක් සිදු විය යුතුයි. එහෙ ම නැතිව සංවර්ධන ගැල විජ්ජාවෙන් සාමාන්‍ය ජනයාට යහපතක් වෙයි කියලා හිතන්න අමරුයි නෙව........

Monday, April 29, 2013

කොච්චි මිරිස් කරලේ සරණ බන්ධනය


ආනේ ඇවරි හුඟ කාලෙකින්......!!! දැන් ටිකක් වයසට ගිහින් වගේ අයියෝ..... ඇවරි වැහැරිලා වගේ නේද බං......?????? කලාස් කලාස් කලාස්.... අජූතයි. අප්පිරියාවයි, අසෙක්ස්සිතයි, අප්ප්‍රසන්නයි.... අනේ අම්මාපල්ලා හත් අවුරුදු හත් මාසෙකින් යුනි ගියාම මේ එක එක උඩිච්චියො කියන කතා... මේවාට හිත් වදිනවැයි බාාාං. පුරා සිව්වසරක කාලයක් කැලණි සරසවි පියසේ මා ලබා ගත් දැනුම් සම්භාරය පිළිබඳ අංශුමාත්‍රගත හැඟීමකින් තොරව කියපු ඇගේ කඩප්පුලි කතාවට නම් ඇවරිගේ දරු බොක්ක පලාගෙන දැඩි ශෝකාග්නියක් හට ගත්තා. ක්‍රමයෙන් අන්නශෝතය, අග්න්‍යාශය ඇතුළු ආහාර ජීරණ පද්ධතිය ඔස්සේ සීරුවෙන් පැමිණ බුර බුරා නැගෙන කෝප ගිනිදැල් ශ්‍රී මුඛද්වාරයෙන් පිටවෙන්නට උත්සාහ ගනිද්දි ළඟ ම හිටපු බැචීගේ වතුර බෝතලය බලහත්කාරයෙන් අරගෙන කටේ හලා නොගන්න ඒ අපහාසය කරපු සුන්දර ලලනාව අර නන්ද කුමාරයා දිව්‍ය ලෝකෙ යන ගමන් දැක්ක වැඳිරි මෑල්ලක් වගේ වෙන්න හොඳට ම ඉඩකඩ තිබුණා......
අනේ ඉතිං කාගෙ වුනත් දැරිවියෙක්නේ කියලා මාත් මුවින් නොබැන චාටරේ දෝතින් පිළිගෙන ෆැකල්ටියෙ තවත් අන්තයකට ගිරා මාරු වුනා. ඔය අතරේ තමා ඇවරිගේ කළුබෙරි ජංගමයාට කොච්චි මිරිස් කරලීගෙන් ඇමතුමක් ලැබුණේ. මේ කවුද කියලා සලාදය මුල ඉඳන් කියවන පිරිස් නම් දන්නවත් ඇති. පැහැදුණුවන්ගේ පැහැදීම වැඩි කිරීම සඳහාත් නොපැහැදුණුවන්ගේ පැහැදීම ඇති කිරීමටත් මං කොටින් ඈ හඳුන්වා දෙන්නම්. හැබැයි හරියට ම මෑව අඳුනාගත්ත උදවිය නම් ආයෙත් පාරෙ තොටේ දැක්කත් මූණවත් ලබන්නෙ නෑ. අනේ වාසනාවට අපේ ඉතිං ලැජ්ජ නහරේ කපලා දාලා නේ...
යුනියේ පළමු අවුරුදු ගැන ලියාපු පෝස්ට්වල අපේ එන්ඩමික් සෙට් එකේ සැනසීම නැති කරන්න සෙටමෝල් වුන මලකඩ ඇණ දෙකක් ගැන ලියාල ඇති. හිරමණේ සහ පැස්බරා යන ගෑනු පරාණ දෙකෙන් පැස්බරී පස්සේ චිලී වුනේ ඇයි කියලා හිතාගන්න පුළුවන් නොවැ. මේ බකිරිමුයිස් ඩබල එදා සිට අපට වද දෙන්නේ ගොනා පසුපස එන හෙවනැල්ල වගේ.... විද්දා විද්දා... කරත්තේ වගේ බං කරත්තේ (ගැල) වගේ
කොහොම නමුත් කාලෙකින් කතා කරපු සබඳිනියට සුබ අලුත් අවුරුද්දක් පතන්න ඇවරි අතමක කළේ නෑ. ආගිය විස්තර කතා කොරන ගමන් ම ඇදලා.....පැදලා.....වැනිලා....කැරකිලා.......දොඩලා අදාල කාරණේට සමාරම්භයක් ලබා ගන්න ඈ උත්සුක වුනා. කොහොමටත් මගේ මිත්ර පරාණ උන්ගේ වැඩකට හා මගේ අවැඩකට මිසක් යුතු මතු වැඩ සඳහා මට කතා කොරන්නෑ. ටොන් ගාණක පරාලයක් හිසමත කඩා වැටෙන්න යන බව ඇවරිගේ ටිකිරි මොලේට වැටහුනා. මේකයි කතන්දරේ... අපි බඳින්න යනවනේ.... ඇවරිට සුබ මංගලම් කියැවුනා. (අවංකව කිව්වොත් ඒ වෙලේ හද පතුලෙන් නැඟුණු සාතිශය සංවේගය වචන වලට පෙරළන්න අමාරුයි. තවත් අහිංසක කොළුවෙකුට වෙන්න යන දේ.... කියලා ධර්ම සංවේගය උපදවා ගන්නව හැරෙන්න වෙන මක්කොරන්න ද? බඹා කෙටූ හැටියටනේ බබා වැනෙන්නේ කියනවනේ.....?????
හත්වලාමයි... ඉතිං???? ඉතිං කියන්නේ අපිට ඉන්න තැනක් නෑනේ බං. උදව්වක් කොරහංකෝ... චිලී බටර් තලියක් තවරා කාරුණිකව ඉල්ලා සිටියා. මාගේ දැනුම් ප්‍රමාණයට අනුව නම් මං බ්රෝකර්වරයකුවත්, රියල් එස්සේට්මන්ට් බිස්නස් කාරයෙක්වත් අඩුම තරමේ සිල්ලර ලෝන් එකක් පාස් කරන්න පුළුවන් බැංකුකරුවෙක්වත් නොවන නිසා මේ කතාවෙන් මොහොතකට අඤ්ඤා මඤ්ඤා වුනා. වැඩබැරි ඇවාරිස් ඊළඟට අහපු පුරස්නෙන් නම් ප්‍රශ්නෙ අමතක වෙලා චිලියට දෙකොනින් හිනා. තරහ වෙන්න එපා බං උදව්වක් කිව්වෙ උඹලා දෙන්නට හඳපානෙ පැනලා යන්න වගේ උදව්වක් ද??? චිලීගෙ හැටි දන්න නිසා එලෝ විකාරෙන් මෙලෝ පොල් අතගාන්නා වගේ ඇවරි අඩමානෙට ඇහුවා. නෑ බං අපිට බැඳලා ඉන්න ඇනෙක්සියක් හරි ගෙයක් හරි ගන්න ඕන. උඹලගේ පැත්තෙන් අපිට කුළියට ඉන්න තැනක් හොයලා දීපංකෝ...
යාන්තම් ඇවරිකේ කටු සරීර කූඩුවට ලේ ටිකක් කාන්දු වුනා. දැන් මුං ඔක්කොට ජනාධිපති වගේ රට පටලෝනවනේ...??? මහින්ද සුද්දො මත්තල යවනවා වගේ උඹත් ඇවරිව පරංගි කෝට්ටේ යැව්වා නේ...? මේ කෙලී මං මෙච්චර කෙට්ටු කියලත් දැනගෙන තියෙන කැලරි ටිකත් පුච්චන එක ගැන ඇවරිට තරහත් ආවා. අනේ සොරි බං හරි වැඩේ කරලා දෙන්න පුළුවන් ද කියපංකෝ? හැබැයි ඉක්මණට ඕන. බුදුසරණයි කියලා ඈ ඇමතුම විසන්ධි කළා.
නපුරු කලට සතහට පත්වන විපත - නිසල නැණින් යුතු උතුමෝ ම දුරලත. දැන් හොයපන්කෝ ගෙවල්. දෙදරන දඟර සුළං කිව්වලු...?   කොහොම නමුත් ඇවරයියා වැඩේ බාර ගත්තා. පළමු වසරේ ඉඳලා එන්ඩමික්ස්ලට ප්ලග් වෙලා හිටපු චිලීටත් ඇගේ අත ගන්නා රුචිර අයියාටත් ඇවරි සුබ මංගලම් කියලා සලාදයේ සුභාශිංසන පිරිනමනවා. දෙන්නා දෙමාහල්ලන්ට මේ කිරිපිටි ගණන් ගිය කාලෙ ලාහෙන් මනින්න දරු සම්පත් ලැබිලා යුවතිපතීන් ලෙස වාසනාවන්ත ගෘහ ජීවිතයක් ගත කිරීමට ශක්තිය ධෛර්ය, නිදුක් නිරෝගීභාවය කායික මානසික සුවපත්භාවය මෙන්ම චිර ජීවනය සැලසේවා! යි ප්‍රර්ථනා කරනවා.
අනේ ඉතිං අවසාන වසයෙන් නිවී සැනසිල්ලෙ කම්පනා කරලා බැලුවා ම අර සරසවි බුවී කලින් කියපු කතාවෙත් වරදක් නෑ කියලා මට හිතුනා. ඔව් දැන් කාගෙ කාගෙත් සිකුරා වැල්ලෙ කැරකෙන කාලෙ වහෙන් ඔරෝ කිව්වෙ ඇවරි වැහැරෙන එක ගැන හද පතුලෙන් ම නැගෙන ඇගේ ශෝකාලාපය ද? අන්න පුතා මුට්ටියක් දාලා බලන්න අවස්තාව. ඒ ගැන වැරදිලාවත් හාමිනේට ආරංචි වුනොත් තියෙන කේශාලාපයත් නැතිවෙන්න පුළුවන් නිසා ඒ ගැන නොහිතන එක සරීර සවුක්යට හිතකරයි ඕං.........    

පලි # ‍මේ ජෝඩුව ගෙවල් හොයන්න ගිය හැටිත් අපූරු කතාව... පස්සේ කියවමුකෝ....

Thursday, April 25, 2013

සරසවි පෙරසවි......

ලංකාවේ අජ්ජාපනය ගැන කතා කරන්න දෙයක් නෑ කියලනේ කියන්නේ.... ඇස්. බී කොරාපු කෙළි නිසා දැන් ලංකාවෙ විස්ස විජ්ජාලවල සැලකිය යුතු තදබයක් ඇති වෙලා කියලා ඇවරිගේ තීක්ෂණ නේත්‍රයට දැකබලාගත හැකි වුනේ පහුගිය සමේ සරසවිය වෙත සංචාරයක් කළ නිසා. දැන් නම් කැලණි සරසවිය තුළ කියන්න තරම් කික් එකක් නෑ. කියන තරම් විශ්ව විද්‍යාල උප සංස්කෘතියක් නෑ. කියන තරම් ලල් හෝ ත්‍රිල් එකක් නෑ. හැම තැනක ම ඩල් ගතියක් විතරයි පේන්න තියෙන්නෙ. දැන් යන්න ළඟ නිසා ඔය දුකට කියන අඹ කයි - නැතිනම් ඔංචිලි වාරම් කියලා ‍බුවෙක් හරි බුවියෙක් හරි නොඑසේ නම් තාමත් හොටු පෙරාන ඉන්න කුණු ප්‍රෙෂෙක් හරි කිනවා නම් ඒකටත් උත්තර දෙන්න ඇවරි ලෑස්තියි.


ඇවරි උක්ත ප්‍රකාශය කළේ කාරණා කිහිපයක් ඇතිව. පහුගිය දවසක පේ වෙලා නායකත්ව පුහුණුව හේම ගොහිල්ලා, වම් දක් කියලා කල් බලලා, උදේ පාන්දර නැගිටලා ව්‍යායාම කරලා ඇඟවල් හදාගත්ත ආශ්චර්යවත් ලංකාවෙ අනාගත භාරකාරයො විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයා විදියට ලියාපදිංචිය සඳහා ඇවිත් තිබුණ. පාරෙ යන්න බැරි තරම් වාහන කොහෙන් ද කියලා බැලුවා ම අර ළමයි බාර දෙන්න ආපු දෙමාපියන් ඒවායේ ඉන්න බව තමා ඇවරි දැක්කෙ. අනේ ඉතිං අම්මලා තාත්තලා ඇවිදින් ගියා ට පස්සෙ නවකවධ භීතිකාවත් පුරුදු පරිදි ඇතිවුණ බව කියන්න ඕන. මේ පාර නවක වධය හරි ගොන්. හරි ම මන්ද බුද්ධික ස්වභාවයක් නවක වධයට ආරෑඪ වෙලා තිබුණා. නවක වධය පිළිබඳ ඇවරිගේ මතය පැහැදිලියි ඇවරි අලයෙක්. ඒ නිසා ම මෙදා සැරේ නවක වධය සෑහෙන්න තරම් දුරකට අවම වීම පිළිබඳ ඇවරි පුද්ගලිකව සතුටු වෙනවා.


නමුත් නවක වධය මේ තරම් ත්‍රාඩ, මේ තරම් පහත් විදියට සිසුන් පෙළන, මහ අසික්කිත උප සංස්කෘතික අංගයක් බවට පත් වීම ගැන නම් ඇවරිට තියෙන්නේ පුදුමාකාර කලකිරීමක්. ඇත්තට ම කිව්වොත් දැන් රැග් කරන්නෙ නියමාකාරයෙන් රැග් නොවුන පිරිසක්. ඇවරි වගකීමෙන් කියන්නෙ ඔවුන් විශ්ව විද්‍යාල නවක වධය පැහැදිලිව හඳුනාගෙන නෑ. නොසරුප් වචන හිරිකිතයක් නැතිව ම මූණට දමා ගැසීමකට වඩා වැඩි දෙයක් එහි ඇතැයි කියලා මං හිතන්නේ නෑ. චක වරක් චක්කරේ..... කුලපතිගෙ නම? කැන්ටින් ගාන....? තරුව කියන්නෙ මොකක්ද? ආදී ප්‍රශ්න දැන් ඇහෙන්නෙ නෑ. හැබැයි උප සංස්කෘතිය කියන වචනේ නම් ඇහෙනවා. නමුත් උප සංස්කෘතික හර පද්ධතිය ගැන අවබෝධයක් ඇති කිරීමක් මේ තුළින් වෙන්නෙ නෑ. නිදසුනක් හැටියට යාළුවාගේ කාඩ් එක අහලා පාවා දෙන්න එපා කියලා උගන්වන හැටි වගේ ම සින්දු කියන්න, කොල්ලෙක්ගෙ අතින් අල්ලන් යන්න නියම කරන රැග් දැන් දකින්න ලැබෙන්නෙ නෑ. රැගින් කියන්නෙ ජ්‍යෙෂ්ඨ උත්තම උත්තමාවියන්ට ගොඩ යන්න තියෙන මාර්ගයක් කියන අර්ථ දැක්වීමත් තව දුරටත් වලංගු නැත්තේ රැග් කරන උන්ට ඒ වැඩේ හරහා ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න බැරි නිසා. මේ නිසා රැගින් කියන්නෙ අමූලික විහිලුවක් විතරයි.

ඇවරිගේ ශාස්ත්රවේදී දැනුම අනුව නම් රැග් වීමත් රැග් කිරීමත් මහින්ද චිනතනයට පටහැණියි. දැන් කියාපල්ලා කොහෙන් හරි ඉතිං අර අහිංසක මනුස්සයාගේ සාටක කෑල්ලත් අල්ල ගත්තා කියලා....???? දැන් ඇස් බණ්ඩයි, නවරත්නෙයි, අවසානෙට මරායි බලාපොරොත්තු වුනේ යුධ හමුදා නායකත්ව පුහුණුව යටතේ අභිමානවත් පවුරුෂයෙන් යුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයක් බිහි කිරීම නම් පවු කියල තමා කියන්න වෙන්නේ. මොකද හමුදා කෑම්ප් එකේ යකාට වත් බය නැතිව ජීවිතේ දිනන්න ට්රේන් වෙච්ච කොල්ලො කෙල්ලො  මෙහේ ආව ම ඩෙනිමක් අදින්න කිව්ව ම බය වෙන හැටියට මේ ඇටිකිච්චි කොලු කෙල්ලන්ගෙ නායකත්ව ලක්සන රෙද්ද පල්ලෙන් බේරෙන බව කියන්න ඕන.
රැග් කිරීම චින්තන විරෝධී වෙන්නෙ ඒකෙන් විශ්ව විද්‍යාල වල ඉන්නෙ නායකත්වයක් නැති එවුන් කියලා අහුවෙන නිසා. එතකොට ජ.වි.පෙ ආයෙත් ක්‍රියාකාරී වෙයි.....???? ඇතුලෙ ඉන්න වුන්ට නායකත්වයක් නැතත් එහෙම පුහුණුවක් දීලා උන්ව ඇන්දුවහම ඉස්කෝලයක් පාලනය කරනවටත් වඩා සරසවියක් පාලනය කරන එක ලේසියි. කෝමද ටිකිරි මොලේ?????

දැන් දැන් ප්‍රවණතාවයක් හැටියට ආචාර්ය මණ්ඩලයත් රැග් සීසන් එකේ ඉදන් ම ජීන්ස් අදින්න කියලා කෙල්ලන්ට කිව්වත් උන් නෙමේ ඒක අහන්නෙ. කොල්ලොත් තාම පරණ විදියට යනවා. කොළඹ කඩේ අපේ ඇත්තො නම් එදත් අදත් හේම ම තමා...... මං නම් කියන්නෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයා හැටියට අලුතින් එන පිරිස අඩුම තරමේ තමන්ගේ ඇදුමෙන් වත් ස්වාධීනත්වයක් පෙන්නුම් කරනවා නම් රැගින් තව බොහොම අඩුවේවි. අනික පිස්සු බල්ලන්ගෙන් රැග් වෙන්නැතිව අඩු ම තරමේ ජෙනුයින් ජ්‍යෙෂ්ඨයෙක්ගෙන් රැග් වීමට තමන්ට ඇති අයිතිය පාවිච්චි කරන්න කියලත් ඇවරි මතක් කරනවා. හැබැයි එහෙම උන් දැන් නැති නිසා බය නැතිව රැග් නොවී ඉන්න පුළුවන්..        

සිමෙන්ති කොට්ටයක් උස්සලා බලමුද?


පුංචි කාලෙ අපිට සමහර දේවල් උස්සල පෙන්නන එක වීරකමක්. ඔය ඉතිං මං පටන් ගන්න තැන ම සංදිග්ද ප්රකාශයක් කොරලා ඔබ තමුන්නාන්සේලාගේ ධාරණාව බින්දනේ??? මම කියන්න උත්සාහ කළේ පුංචි කාලෙ අපි ලොකු කළු ගල් පතුරු උස්සලා, සිමෙන්ති ගල් හේම උස්සලා පුංචි පුංචි වීරකම් කළා කියන එකයි. සිමෙන්ති ගල් කිව්ව ම මතක් වුනේ. අපේ ගෙදර හදන්න සම්පූර්ණ වශයෙන් සිමෙන්ති ගල් හදලා තියෙන්නේ අපේ පවුලේ සාමාජිකයන් හතර දෙනා ම තමයි. (නංගි ඇරෙන්න) ඒ සඳහා පාවිච්චි කරන අච්චුවක් අපේ ගෙදර ම තිබුණා මට මතකයි. ඇවරිගෙ සීයා වඩු බාස් කෙනෙක් වුනත් තාත්තත් එක්ක පුංචි කාලෙ ඉඳන් සිමෙන්ති ගල් හැදීමේ ආනුභාවයෙන් ඇවරිට තරමක මේසන් වැඩ කටයුතු වල ප්රාගුණ්‍යක් තියෙන බව ඇත්ත.

කොහොම නමුත් හෙඩිමෙ හැටියට පෝස්ට් එක දැන් තමා පටන් ගන්නෙ. මෑතක දී අපේ ගෙදර ඉදිකිරීම් කටයුත්තක් පටන් ගත්ත නිසා සිමෙන්ති, ගල්, වැලි එක්ක කෙටි කාලීන ඇයි හොඳැයියක් ඇති කරගන්න කරුණු කාරණා යෙදිලා තිබුණා. මේවායේ නියම සැපයුම්කරුවන් සොයාගන්න පුළුවන් වීම නිසා ගැටලුවක් නැතිව ඉදිකිරීම් කටයුතු සිදුවුනා. පුත්තලම් සිමෙන්ති ගෙන්වා දෙන හැටියට බාසුන්නැහේලා ඉල්ලූ හින්දා පුත්තලම් සිමෙන්ති සැපයුනා. පුදුරු පරිදි සිමෙන්ති තනිරෝද වාහනෙන් ප්‍රවාහනය කරන්න වුනේ ඇවරිට. සිමෙන්ති කොට්ටෙක කිලෝ පණහක බරක් තියෙනවනේ. බැමි බැදීම් අවසාන වුනා ම ටයිල්ස් ඇල්ලීම සඳහා  බැම්මටයි කපරාරුවටයි යොදාගන්න නිර්දේශිත පෙදරේරු සිමෙන්ති වර්ගයක් ඇණවුම් කරන ලෙස බාසුන්නැහේ ඉල්ලීමක් කළා. දැන් මේ සිමෙන්ති වර්ගයත් ගෙනැවිත් ප්‍රවාහනය කරන අල්ලපනල්ලේ ඇවරිට දැනුන අමුත්ත ගැන බාසුන්නැහේලාගෙන් ඇහුව ම අපූරු උත්තරයක් තමා ලැබුණෙ.
මේ කොට්ටවල සිමෙන්ති කිලෝ පණහක් නම් නෑ වගේ බාසුන්නැහේ. ඇවරි අඩමානයට ඇහුවා.... නෑ නේන්නම් මහත්තයා... කිලෝ හතළිස් හතක් හෝ අටක් විතර ඇති. වැඩි කලබලයක් නැතිව බාසුන්නැහේ උත්තර දුන්නා. ඉතිං මං රුපියල් අටසිය අනූවක් ගෙව්වනේ කොට්ටයකට. සාමාන්‍ය සිමෙන්ති වලට වඩා රුපියල් දහයක් මේ සිමෙන්තිය මිල වැඩියි. ඇවරි නොදන්න කමට තර්ක කළා. වෙන මොකුත් නෙමෙයි මහත්තයා. ගාල්ලෙන් එද්දි සිමෙන්ති ලොරියේ කිලෝ පණහ ම තිබුණට කඩේට එන්නෙ අඩුවෙලා තමා. බාසුන්නැහේගෙ කතාවෙන් නිරුත්තර වුන ඇවරි ඒ ගැන තවත් ප්‍රශ්න කළා. එතකොට තමා නියම කාරණේ එළි වුනේ.     

මහත්තයා දන්නැති වුනාට මේ ගේන සිමෙන්ති කොට්ට ඔක්කො ම පෑලියගොඩ දී මේන්න මේ ආකාරයට ගලවල අඩුම තරමින් කිලෝ දෙකක්වත් අදිනවා. වාහන වල පැට්රල් අදින බවක් අහලා දැකලා තිබුණට, පාර වලට දාන තාර බවුසර් වලින් තාර ඇදලා සමහරු තමන්ගේ  මිදුල් කාපට් කරගන්න බව අහලා තිබුණට මේ ආරංචිය ඇවරිට තරමක් අලුත් කතාන්දරයක් වුනා. ඇවරිත් නිකං නොහිට විජහට දුටුගැමුණු මාවතේ චොප්පෙට කෝල් කළා. ඇවරිට දැන ගන්න ඕන වුනේ පෑලියගොඩ මෙහෙම තැනක් තියෙනවා ද කියලයි. 

ගත් කටට ම චොප්පේ කිව්වෙ සිල්ලර ගේමකට ආයිත් කතා කරලා කාලෙ නාස්ති කරන්න එපා කියලයි. ඒ කියන හැටියේ තැනක් තියෙන බවත් පැයට ලොරි තුනක්වත් රිලීස් කරන්න පුළුවන් තරම් ගේමක් යන බවත් චොප්පෙ කිව්වා. නයි කයි ද ටිපිටිප් කිව්වලු. අම්මෝ සූරා කෑම..... මුන්ට සාප වෙන්න එපැයැ?????

 අපේ තලතුනා බාසුන්නැහේ නම් කීවේ ඉතිං මහත්තයට කිලෝ පණහ ම ඕන නම් පුත්තලමින් ගේන එක නේ ඇත්තෙ. රුපියල් දහයක් නේ වැඩි වෙන්නෙ කියලයි. හැබෑට ම මං මේ හෙළි කරපු ආකාරෙ  සිමෙන්ති කොට්ටෙ ඊතල ළකුණ සහිත පැත්ත හොරකමින් පස්සෙත් ආවරණය කරලා වෙළඳපොලට නිකුත් නොකරන නිසා හාඩ්වෙයාර් වල දි නැවතත් සිමෙන්ති කොල්ලයක් වෙනවා. හැබැයි ඇවරි කියන්නෙ බොරු නම් ඊළඟට මේ ජාතියේ සිමෙන්ති කොට්ටයක් මිලට ගනිද්දි ඊතල ලකුණ සහිත පැත්ත ගැන අවධානයක් යොමු කළොත් සිමෙන්ති ටිකක් උරය නොකඩා එළියට ගැනීමේ විජ්ජාවක් ඔබටත් පෙන්වන්න පුළුවන්.......!!

Tuesday, December 4, 2012

සුගිතාභිවන්දනා...


ඇවරිට හදිසියේ ම සලාදයක් ලියන්න හිතුනේ ඊයෙට යෙදුන සුගිත් කොලූගෙ උපන්දිනය නිසා. උපන් දිනයක් කියන්නෙ තවත් අවුරුද්දකින් නාකි වීමක් කියලා මහා ලොරි ටෝක් දුන්නට ඇවරිට නම් පුද්ගලිකව උපන්දිනය කියන්නෙ ටිකක් වැදගත් දවසක්. ඇවරි එදා උදේ පාන්දර පවුලේ කස්ටියත් එක්ක හැපි බර්ත් ඩේ කිරිබත කැපූ වෙලේ පටන් දිනය පුරා කේක් කපලා ඒවා බෙදලා සමරන එක කවදත් කරනවා. කොහොමත් උපන් දිනේට නම් ඇවරි අතවන වන යන්නෑ. කැම්පස් යද්දි කාට හරි කියලා කේක් එකක් අරං යනවා. ඇවරිගෙ පහුගිය උපන් දිනේට කේක් ගෙඩි දෙකක් කපන්න සිද්ද වුනේ කාර්යාලයේ නිල උපන් දින සාදයට හොරා ඇවරි මැතිනිය විසින් වඩාත් අපූරුවට වගේ ම පට්ට සූක්සමව සැලසුම් කරන ලද මවිතකාරී (Surprise)උපන් දින සාදය නිසා.
කතාව කනින් කොනින් ඇදිලා ආව නිසා ඒ ගැනත් වචනයක් ලියලා එන්නම් කෝ. ඇවරිගේ උපන් දිනය දා අපි දෙන්නා ලොකු රවුමක් කාරිය දාලා පුරුදු පරිදි ඇවරිස් බොඩිගාඩ් ආර්නෝල්ඩ්ගේ චරිතයට පණ පොවමින් එම මැතිනිය නිවසට වෙත ඇරලවීමට පැමිණි මොහොතේ නිවසේ ඇවරිගේ යාළු මිත්රයන් විරක් නෙවි, ඇවරිගේ වන් ඇන්ඩ් ඔන්ලි නැඟණිය හෙවත් නාග මාණික්‍යය (නිතර ඇඩියාවෙන් පසුවන නිසා මේ නම යොදනු ලැබේ. නයා තම නාග මාණික්‍ය නැති වූ විට  රැස් වෙලා පවත්වන ලද උපන් දින සාදය නම් අමතක නොවන අත්දැකීමක්. නෑනන්ඩියි මස්සිනයි වගේ ම එකී මෙකී නොකී සියලු කල්යාණ මිත්තරයින් හා මිතුරියන් එහි සිටිනු දැකීමෙන් ඇවරිට පට්ට ම ත්රිලක් ගිහින් ඩාන්සින් ස්ටාර් වෙන්න ගියා කියලත් මතකයි. අන්තිමේ දී පාටිය අහවර වුනා ම පාන් වාටි කන්න ජල්තර සී එස් පණ කඩාගෙන ආව කියලත් ලාවට මතකයක් තියෙනවා. එදා කට්ටිය දුන්න පුංචි පුංචි තෑගි ඇවාගෙ කාමරේ හැමතැනකම. වැඩියෙන් ම මේසෙ උඩ. ඇවරිගෙ කාමරේ ඇවරිගෙ යාළුවො කාව වුනත් මතක් වෙන්න මොනව ම හරි හොයාගන්න පුළුවන්. අඩුම තරමේ උන්ගෙන් හොරකම් කරපු දෙයක් හරි.... අම්මපා... දෙයියම්පා... උදාහරණ කිව්වොත් ලෝකයක් කියතෑකි. කාමරේ පින්තූර බාගයක් ම අටවක කස්ටියගෙන් හොරකම් කරපුවා. හැබැයි අපරාදෙ කියන්න බෑ ඒ හැම එක්සිබිට් එකක ම පරිත්යාග කළ අයගේ හෝ නියම හිමිකරුගේ නම සඳහන් කරලා තියෙනවා.
දැන් නියම කතාවට බහිමුකෝ. අනේ ඉතිං කවුරු කවුරුත් දන්නා පරිදි අපේ සුගීත් කියන්නෙ හරි ම සිල්වත් බෝධිසත්ව ගුණෝපේත කොලු ගැටයා. ටිකක් ටැම්ල් ටච් එකක් තිබුණට පොර අමු සිංහලයා. මෑතක දී යුනියේ බෙන්ච් උඩ දී ලංකාවේ වාසය කරන සියල්ලන් ම සිංහල නමින් හැඳින්විය යුතු බවට මහා තර්කයක් ගෙනාව අපිට මතකයි. (ඒකත් ලියන්න වටින කතාව වෙන පෝස්ට් එකක් හො‍ඳේ) සුගී ගැන කොහේවත් මේ බ්ලොග් එකේ ලියවිලා නැති නිසා මේක මටත් අපූරු රචනාවක්. මට නම් සුගිත් නියම දුක්ගන්නාරාළ කෙනෙක්. තව හරිම සැහැල්ලුවෙන් ජීවිතේට මුහුණදෙන පුරස්න වලට මහෞෂධ ටයිප් විසදුම් දෙන පොරක්. දැන් අපි බලමු සුගිත් ගැන අපේ අපේ අය කියපු කරපු කතාන්දර මොනාද කියලා.
ඇරිකනෙට් හෙයාර් කට් තියෙන කෙට්ටු කකුල් හිමි යෙහෙළියකට අනුව නම් ඈට සුගිත් කිව්ව ම මුලින් ම මතක් වෙන්නෙ කෑමලු. ඒ දවස්වල ඉඳන් ම සුගිත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිමෙන්ති කොට්ට බත් එකක් අරං එනවා. අපි හැමෝම වට වෙලා ඒක කන්න පොරකනවා. ඒ බත් එකේ රස සම්බෝලයක් හේම තියෙනවා. ඇවරිට මතක එච්චරයි. ඒ ඇවරි පොල් සම්බෝල කන්න එපමණ පෙරේත නිසා. හැබැයි සුගීත්ට කෑමක් දුන්නොත් ඉවරයක් වෙනකම් ම කනවයි කියලයි අංගනාව කිව්වෙ. දෙයියො දනී මං නොදනී ඒ බයිලා.... ආ.. තව ඈ කීව විදිහට සුගීත් පොතේ පතේ වැඩට නිකම් සිරිමත් මගෙ සකි - යහපත් ළමයෙකි වගේලු. එසයිමන්ට් හේම හොයාගෙන ගිහින් කරලා කළේ නැත්නම් මෙන්න මගේ එක බලාගෙන කොපි කරගන්න කියලත් දෙනවලු. සුගීත් අධ්‍යයන කටයුතු කෙරේ කොච්චර උනන්දුවක් දක්වනවද කිව්වොත් අනෙක් හැමෝට ම ඒ තිබුණ විෂයකට සුගීට ඒ මයින්. බොරු නම් තාමත් ප්රතිඵල සටහන සුගීගෙ ෆේස් බුක් බිත්තියේ අලවලා ඇති. කෙට්ටු කකුලී (ද කැකුළී ද මන්දා...) කියාපු විදිහට අනෙක් පිරිමි ළඟ නැති උත්තරීතර මහත්මා ලක්ෂණ සුගීත් ළඟ තියේලු. දැන් ගෑනු ළමයෙක් බස් එකකට නඟින්න හේම හිටියොත් ඒ ළමයා බස් එකට නඟිනකම් බලන් ඉඳලලු සුගිත් ගෙදර යන්නෙ.
  තවත් ගෑනු ළමයෙක් .... ඔව් අපි දැනට හේම කියමුකෝ කාරිය, කියපු විදිහට සුගීත් හරි ම ස්පෙසිෆික් කිව්වා. ඕන ම දෙයක් අඩු ම වචන ගාණකින් කියන්න පුළුවන් හැකියාවක් සුගීත්ට තියෙනවාලු. ඒ කතාව හරි. ඔහුට එහෙම හැකියාව තියෙන බව තවත් බොහෝ දෙනා කියා තිබෙනවා. හොඳ සහයෝගීතාවයෙන් කණ්ඩායමක් අතර වැඩ කිරීමේ හැකියාවත් තිබෙන බව ඈ කිව්වා.
අපේ කලා කීර්ති කලා භූෂණ ඒ සී පද්මයාට සහ මග වැටියන් තියඹරා කියා සිටිය පරිදි ඕනෑම කට්ටක් කන්න පුළුවන් එල කොල්ලෙක් හැටියට සුගීත් හඳුන්වා දී තිබෙනවා. ඔවුන්ට සුගීත් ගැන ඇති හොඳ ම මතකය මොකක් ද කියලා ඇහුව ම දෙන්න අපූරු කතා දෙකක් කිව්වා. විශේෂත්වය මේ දෙක ම එක ම ගමනකට සම්බන්ධ වීම.
අපි අනුරපූර් ගිහිල්ලා සයිකල් පාගපු හැටි ගැන ඇවරි කියලා තිබුණේ. එදා දිවුල්ගස් වැවේ ගැඹුරුම සොරොව්ව ළඟ ගියපු මෝඩකමට එක එකා අත්වැල් අල්ලන් හිතේ හැටියට ගිලිලා ගොඩ ඇවිල්ලා වැව් ඉස්මත්තෙ සෙට් වුනාට පස්සේ සුගිත් සිග්සැග් ආර බයිසිකල් පැදපු හැටි තමා කාටත් අමතක නොවන සිද්ධිය. අවංකෙට ම කියනවා නම් එදා තමා ඇවරිත් මහපාරෙ ඩිප්ස් ගැහුවෙ. ඒවට කාරි නෑ ඒ සූර් නිසා කියමුකෝ...... පහුවදා අපි හිටපු කාමරේ යතුර අයිතිකරුට බාර නොදී කොළඹ ගෙන්න තරම් ම අපේ මිත්රයා සුරා සො‍ඪෙක් වීම ගැන තමයි කණගාටු කියලයි චන්දරේ කීවෙ. කතාවට අපි එහෙම කිව්වට සුගීත්ට අය වැය පාලනය ගැන ඇති අවබෝධය ඉතා ඉහළයි. අපි චාරිකායක් සැලසුම් කළොත් හැමදාමත් සල්ලි එකතු කරන වැඩේ බාරගන්න සුගීත් අන්තිම රුපියල දක්වා ම වියදම් කරලා මදි හරිය අතිනුත් දාන්න තරම් වෙස්සන්තර රාජ පුතා ටයිප් කියලාත් නොකියා ම බැහැ. හැබැයි මන්ද්රී කුමාරිට වියදම් කොරන්න ගිහිල්ලා තමයි පොර කවදා හරි නාගන්නෙ...
සුගීතාබිවන්දනාව මං මෙතනින් හමාර කොරන්නයි සැරසෙන්නෙ. මෙදා උපන්දිනේ පටන් ලබන උපන්දිනය දක්වාත් ඉන් මතුවටත් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා සපිරි සෞභාග්‍යමත් අනාගතයකට ඇවරිගේ සලාදයෙන් උපන්දින සුබ පැතුම්.....
ප.ලි - මං ජීවතුන් අතර හිටියොත් ලබන පාරත් විෂ් කරන්නම් මචෝ.....