Friday, December 10, 2010

සුඹුලකටාන විස්ස විජ්ජාලෙ උනත් ඉල්ලපන් ජ’ පුර නැතුව ??

ජපුර ගැන කතා කරලා වැඩක් නෑනේ. කොහොමත් මේ ලංකාවේ කැම්පස් ගැන කතා කරලා වැඩක් නෑ. ඒවයෙ මහ ඇත්තො ගැන කතා කරලා ම වැඩක් නෑ. කොළඹින් ශානිකා ඇන්ටි කරන තරමක් ගොන්කම් කරන්නෙ. හැබැයි පහුගිය දවසක යුරෝපා සංගමයේ ශිෂ්‍යත්ව කිහිපයක් දිනා ගන්නට ඈ සමත් වුන බවත් කියන්ඩ ඕනෑ. මේ උප කුලපතිලා බුරුතු පිටින් මහින්දගෙ සාටකේ එල්ලෙන අය. ශිෂ්‍ය මර්දනය කියන්නෙ ඒ අටය අනිවාර්යය කටයුත්තක්. පුද්ගලිකව මං දන්න කාරණේ නම් මේ නාකි මිනිස්සු හරි ම අසරණයි.

මං කැමති ම උපකුලපති නම් කරන්න කිව්වොත් මං කියන්නෙ සබරගමුවෙ උපකුලේ ගැන. ලොකු නෑ කමක් නැතත් එතුමා කෙළින් වැඩ කරන වී.සී කෙනෙක් කියලා ප්රසිද්ධියක් තියෙනවා. තව කැලණියෙ අපේ ලොක්කක් හරි ම ලිබරල් වැඩ පිළිවෙළක් ගෙනියනවා. එයා මර්දනය කරන්නෙ පුංචි පුංචි විදියට. ලොකු ලොකු ගේම් ගහන්න යන්නෑ. ඒකනෙ අපි සරත්ට ආදරේ. උදාහරණෙකට කිව්වොත් කැම්පස් ළමයින්ගෙ මතය පිටට යයි කියලා මෙච්චර කල් ඔය පෝස්ටර් අළවපු මහජන බැංකු තාප්පය මේ අය සිමෙන්තියෙන් පිරියම් කරලා තියෙන නිසා නැවතත් කිසිම පෝස්ටරයක් ඒ බිත්තියේ ගහන්න බැරි වේවි. හරි ඒ තාප්පය නම් මහජන බැංකුව සතු දේපළක් කියන්නකෝ. ඒත් විද්‍යාපීඨ තාප්පය කෙළවරත් ඒ ආකාරයට ම සකසා තිබීමෙන් වී.සී ලොක්කගෙ උපාය වැරදි බව පේනවා.

දැන් මෙතනදී බැංකුව විසින් මේ වැඩේට යොදාගත් බාසා ම විශ්ව විද්‍යාලය විසින් ද යොදාගත්තා වෙන්න බෑනේ. වෙන්න පුළුවන් දෙය වී.සී ලොක්කා විසින් ම මේ කටයුත්ත සිදු කිරීමයි. ආ අපේ කැම්පස් එකේ තවත් තැනක් ‍කුලියට ලබා දෙන්න දැන් සූදානම් කරලා තියෙනවා. ඒ අපේ වී.සී තුමාගේ සංකල්පයක් මත නවීකරණය කර ඉදිකෙරුණු ජ්‍යෙෂ්ඨ පොදු කාමරය කියන පුස්තකාලයට නුදුරු බිල්ඩිම. ඒක හැදෙන කාලෙ ඉදල ම ඇවරි හරි ම උනන්දුවෙන් හිටියේ. දවසක් සේවයෙක්ට කියලා දෙවන මාලයට නැංගත් එක්ක. හැබැයි ගිය සෙනසුරාදා ඇවරිට එහි යන්න අවස්ථාව උදා වුනා. ඒ අම්මගේ පශ්චාත් උපාධිය නිම කිරීමේ සාදය එහි පැවැත්වීම නිමිත්තෙන් තිබූ සාදයට සහභාගී වෙන්න ලැබුණ නිසා.

මේ ස්ථානය අවම මිලට (රු 1000/=) එවැනි කටයුතු සදහා ලබා දෙන්න පරිපාලනයේ අදහසක් තියෙනවා. දැක්ක ගමන් ඇවරිට හිතුනේ පුංචි පබ් එකකට වගේ අයිඩියල් තැන. ලොබියක් සහිත මේ බිම්කඩට කැම්පස් එකත් හොදින් පේනවා. මේකෙ පුංචියට හරි රෙස්ට්ටුරන්ට් එක්ක තිබ්බ නම් නියමයි කියලා මට හිතුනා. (හැබැයි මේ ස්ථානය දිවා කාලයේ රෙස්ට් රූම් එකක් තමා) අපිටත් මේක වෙන් කරගන්න පුළුවන් ද කියලා බලන්න ඕනෑ. හ්ම් අර මං ගියයි කියපු පාර්ටිය නම් මෙලෝ රහක් නෑ. ඔන්න සර්ලා කස්ටියට ම විස්කි එකයි. විස්කිය ලෙචාලා බාගෙට ගහලා ගියා ම ළමෝ ටික ඉතිරිය ගැහුවා. නාකි විසේ නේ??

කො‍හොම නමුත් අර අපේ ‍ගොනා අපිට හොදා කියනවා වගේ වී.සී උත්තමයා අපිට ම ගැලපෙනවා. එයාගේ මාළිගාව ගැන නම් රට්ටු කතන්දර කියනවා. ඒත් අපිට මොකෑ. හැබැයි අර තාප්ප සිද්ධියෙන් නම් එයා බලාපොරොත්තු වුනේ මොනාද මන්දා. ඔන්න ඔය වගේ පුංචි වැඩක් ඇති මෑන්ස්ගෙ කොටුව ගහලා යන්න. අපේ බුවාස්ල රිටන් දෙද්දි බලමුකෝ..................??

කිරිබත්ගොඩ සෙලාන් බැංකුව ගිනි ගත්තා ද? ගිනි තිබ්බා ද?


පහුගිය දවසක කිරිබත්ගොඩ සෙලාන් බැංකුව ජයග්රාහී දෙවන වතාවටත් ගිනි ගෙන විනාශ වුනා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න ආපු රජයේ රස පරීක්ෂකත් කිව්වෙ ගින්න සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් හොයා ගන්න බැහැ කියලයි. ඒ නිසා ම විශේෂ පර්යේෂකයෙක් මේ සදහා යොදවන්න තීරණය වුනා.

නමුත් රට්ටු කියන හැටියට මේ පසුපසත් ඉන්නෙ කිරිබත්ගොඩට අරක් ගත් ජන නායකයා ම තමයි. මහ හූරගේ දෙවැනි පදවි ප්රාප්තිය සමරන්න කියලා හිතාන කිරිබත්ගොඩ පලංචි ආධාරයෙන් බේගල් ජාතකයක් නිර්මාණය කරලා මහ රජාණන්ට අං දෙකෙන් අභිසේක ගන්වපු මේ ගොයියා ඒ වැඩේට වියදම් කළේ කප්පම් සල්ලි කියලා දැන් එළිවෙලා. කොහොමත් කප්පන් අරං තොරන් ගහන්න මේ මැතිතුමා හරි දස්සයා. කොහොමත් මිනිහ නියම කකුළ. ඔය වාර්තා වල සදහන් නොවුනට ලංකාවෙ තුන් වැනි මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයා. පළමුවැනි දෙවන ස්ථාන දෙක ම මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් තමා දරන්නේ.

කැලණියේ ලෝක බවුද්දයා, දුටුගැමුණුගෙ ළගම ඥාතියා ලංකාවෙ කුඩු පාතාලයේ අංක එකේ සිංහලයා වීම ගැන අම්මපා මට තියෙන්නෙ නම් ආඩම්බරයක්. ඇයි අයිසේ නැත්නම් මේක හම්බයට ගිය රට වෙච්චි. කිරිබත්ගොඩ තොරණ තියෙන කාලෙට කඩේට ම ඇවිත් මූණ බලලා ආධාර ලියාගෙන යන්නෙ මෑන්ස් විතරයි. ‍අපේ අයියා කාරයත් සැරයක් රෝමයක් දා ගන්න ගියා. “මල්ලි කඩේ හැටියට විසිදහක් ලියමු නේ??” ඇගලුම් කඩයේ වටයක් කැරකිලා බුද්ද පුත්තරයා කියලා දැම්මලු. “සමාවෙන්න ඇමතිතුමා, මට නම් එච්චර දෙන්න බෑ.” පිස්සු කෙළින්න එපා මල්ලි, ඔය පේමන්ට් එකේ ජංගි විකුණන උන් ඊට වඩා අපිට දෙනවනේ?? හරි උන්ට ඉතිං බිස්නස් ඇති.

මේ තමුසේ තාම තරුණ කොල්ලෙක් නෙව. වැඩිහිටියො දෙයක් කිව්ව ම පිළිගන්නව හොදයි. ඔන්න ඕක ගෙවලා දානවා. දැනට දහයක් ඇති. අන්තිමේ දී අපේ මිනිහත් බල්ලා වගේ මොනරු දහයක් අරං දුන්නලු. හැබැයි මෙහෙම අරං ගිහිං වෙසක් එකට නිකම් හිටියේ නෑනෙ. දන්සැල සතියක් දුන්නා. කානිවල් එකයි තොරණයි කළා. තව මොනවද?? මං නම් මොනව වුනත් බාප්පගෙ මේ සරදියල් පාර්ට් එකට කැමතියි. හැබැයි සමහර වෙලාවට මිනිහා හරිම කොම්ප්ලෙක්ස් ප්ලෑන් ගහනවා. අර මහින්ද ජාතක කතා වස්තුව දැක්වෙන තොරණ වගේ??

තොරණට මිනිස්සු කැමැති වුනාට සල්ලි එකතු කරන්න පොර එච්චර කැමති වෙලා නෑ. ජනතාවාදී නායකයානේ?? පස්සෙ කිරිබත්ගොඩ ඉන්න ලොකු ලොකු බැංකු වගේ ස්ථාවර මූල්‍ය ආයතන අනුග්රහය මත තමා වැඩේ කෙරිලා තියෙන්නේ. හැබැයි සෙලාන් බැංකුවේ මැනේජර් සල්ලි නොදී පණ්ඩිතයා වෙන්න ගියා ම හරි අපිත් එක්ක මේ කිරිබත්ගොඩ බැංකු කරන හැටි බලමුකෝකියලා උත්තමයා එළියට බැහැලා තියෙනවා. සදුදා උදේ පාන්දර ඉදන් සෙලාන් ගිනි ගන්නවා.

කතාව පැහැදිලියිනේ. හැබැයි සෙලාන් සේවකයොත් මේකට රෙඩි පිට හිටියා කියලයි ආරංචි. ඒ අය දැන් වුනත් කාටවත් දොස් කියන්නෑ. අනික බඩු ඔක්කොම කඩවතට ට්රාන්සර් කරලා තිබුණේ ඇයි කියාල කවුරුත් අහන්නෑ?? ඒ ‍නිසා ලොක්ක ටිකක් ‍ගොඥා වුනා ද මන්දා. මේ සන්තෑසිය ම තව චුට්ටෙන් වාසනා බේකර්ස්ලට වෙන්න ගියා. නමුත් ඒකෙ ලොක්ක හොරණ ඉදන් තකහනියේ කැලණි ඇවිත් ගේම ගොඩ දා ගත්තා. කප්පම් නැතිව කිරිබත්ගොඩ බිස්නස් කරන්න බෑ කියලා මේ සිද්ධියෙනුත් ඔප්පු වෙනවා.

Thursday, December 2, 2010

ජාතික පුස්තකාලයේ ෆොටෝ කොපි ජාවාරම

මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ ඡායා පිටපත් සම්බන්ධයෙන් ජාතික පුස්තකාලය විසින් අනුගමනය කරන අසංවිධානාත්මක වැඩ පිළිවෙළ නිසා කිව්වොත් නිවැරදියි. ඔවුන් එක් පාඨකයෙකුට එක් පොතකින් ඡායා පිටපත් කරන්නට දෙන්නේ 10‍‍% පමණයි. ඊට හේතුව වශයෙන් දක්වන්නේ බුද්ධිමය දේපල පිළිබද ප්රශ්නය. ඒ කතාව හරි බර කරලා ඒකෙ සේවකයන් කියන්නෙ මෙ‍න්න මෙහෙම “‍අපෝ අපි කිසිම පොතක් සම්පූර්ණයෙන් කොපි කරන්න දෙන්නෑ. එහෙම කරලා අපිට විරුද්ධව නඩුත් තියෙනවා. දැන් දෙන්නෙ 10‍‍% පමණයි.”

නමුත් අපි කණ්ඩායමක් එකතුවෙලා මුළු පොතක් ම කොපි කරන්න පුළුවන් කියන එක කියන්න ඕන නෑනේ. පිටු සීයක පොතක් ගහන්න මට යාළුවො දහයක් සෙට් කරගන්න වෙනවා. ඒක ටිකක් අමාරු වැඩක් කියන්නකෝ. නමුත් මෙතන තියෙන වාසිය තමයි පුද්ගලයෙක් එකම පොත කී පාරක් ‍ඡායා පිටපත් කරනවා ද යන්න දැනගත හැකි ක්රමයක් ඒ අයට නොවීම. ඉතිං යාළුවො පස් දෙනෙක්‍ට දෙවර බැගින් වුනත් වැඩේ අහවර කරන්න පුළුවන්. මූණ අදුනගත්තොත් වැඩේ මාට්ටු. ඒකට තියෙන්නෙ වෙස් වළා ගැනීම. මං මේ කිසි කෙහුරක් නොදැන එකම පොත දෙපාරක් ගහන්න ඉල්ලුවා. ඒ පොත යුරෝපයේ මුද්රිත පවුම් 70ක පොතක්. ලංකාවට ගෙන්නද්දි රැපියල් 12 000ක් වෙයි. පස්සෙ එහි සේවිකාව මට බැණලා ඒක කරන්න බෑ කිව්වා.

මං එළියට එද්දි ම කෙනෙක් මට කතා කළා. මල්ලි මොකක්ද ඕන පොත. මුළු පොත ම කොපි කරගන්න ඕනැ ද? අයි‍යෝ අවුලක් නෑ අපි ගහලා දෙන්නම්. යන්කො ටිකක් එහාට. කාක්කා මගේ කරට අත දාගෙන ඩීල් එකට ලෑස්ති වෙන්නයි ට්රයි එක. මාත් මේ මොකක්ද බලන්න මෑන්ස් එක්ක චැට් කළා. මල්ලි කැම්පස් එකක කිව්වා... හ්ම් කැලණියේ. ආ අපි ජපුරේ. දැන් මෙහෙමනේ මල්ලි මේ ගොල්ලො දෙන්නෙ 10‍‍%යි නේ. අපි 50ක් සෙට් වෙලයි ඉන්නෙ. පිටු ගාන ප්රශ්නයක් නෑ. ඕන පොතක් අපි මාසෙන් කොපි කරලා දෙනවා. දැන් මල්ලි ඔය ඉල්ලන පොත ලංකාවෙ මුදලින් කීය ද? 12 000 හරි අපි මල්ලිට 6000ට වැඩේ කරලා දෙන්නම් කැම්පස් කොල්ලෙක් නිසා. මෙතෙන්ට එන කොළඹ මිනිස්සුන්ගෙන් නම් අපි නියම ගාන කඩනවා මල්ලි. සම්පූර්ණ ෆොටෝ කොපි පොත් 15 000ට විකිණෙන වෙලාවලුත් තියෙනවා. මල්ලි දන්නවනේ මුන්ගෙන් ම කොපි කරලා පිටට විකුණන එක නියම බිස්නස් එක මාසෙට හොද ඉන්කම් එකක් එනවා. හැමදාම කට්ටිය එන්නෑ. අද මගේ දවස. පොතක් ගහන්න ආවම අපි ඒකෙ පරිග්රහණ අංකය එක්කම තමන් ගහන්න ඕන පිටු ගාන ලිස්ට් එකේ කට්ටියට එස්.එම්.එස් කරනවා. උන් උන්ගේ වැඩේකට එන අතරේ මේ වැඩේත් කරනවා. අමතර ගතමන්ට් එකක් නේ මල්ලි. දැන් අවුරුදු දෙකක් විතර අපි මේ ‍ට්රේඩ් එකේ. අයියා තමන් ගැන කිව්වා. මට තේරැණා අතන සද්ද දාපු විදියට මල්ලිට කුට්ටිය ම ඕන වෙලා කියලා. ඒකයි මං කිව්වෙ වැඩේ කරලා දෙන්න පුළුවන් කියලා.

ඒත් අයියා මට ඕන පිටු සීයක් විතරයි. ඒ පොත පිටු 225යි. හරි ඉතිං රැපියල් 3000ක් දෙන්නකෝ අද ඇඩ්වාන්ස් කළොත් අපි වැඩේ පටන්ගන්නම්. නැත්නම් මේ නම්බර් එකට කෝල් කරන්නකෝ. මිනිහට වචනයක් දාලා මං මාරු වුනා. අනේ යකෝ මුන් දැනටමත් ලක්ෂ ගාණක් උපයලා ඇති නේද කියලා මට හිතුනා. අර සේවිකාව මට සැර දැම්මෙ ඈ මහා ලොකු වංචාවක් අල්ලපු ගානට. හැබැයි කාටවත් මේ වංචාව අල්ලන්න බෑ. මේක සම්පූර්ණ නිත්‍යනුකූලයි. මොකද එක්කෙනෙක් 10‍‍%ට වැඩියෙ නොගහන නිසා. අර රස්තියාදු වෙන්න තියෙන අකමැත්ත නිසා කීයක් වුනත් ගෙවලා පොත ම ගන්න අය ඉන්න බවයි කාක්කා කිව්වෙ. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නෙ අනවශ්‍ය නීතියක් නිසා. දැ

න් කාක්කගෙන් පොතම කොපි කරලා බිල් ටිකත් අතට අරං නඩු දාලා වන්දිත් ගන්න කෙනෙක් ඉදිරිපත් වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ. මේ කොපි සියල්ල මුද්රා තියලා බල රහිත කරන්න බැරිද? හරියට අර සල්ලි වලට කරනවා වගේ. ‍ජාතික පුස්තකාලයේ ෆොටෝ කොපියක් කියලා කියන්න කිසිම සාධකයක් නෑ. අපිට පිටින් එහි ඇති පොතක් සම්පූර්ණයෙන් ම වුනත් කොපි කරලා ඔවුන්ට විරැද්ධව නඩු දාන්න පුළුවන්. ඇයි ඔවුන්ගෙන් කොපි නොකළා කියලා කියන්නෙ කෝමද? මේක තිරිකිස් අවුලක්. ලිහන්න බැරි ම ගැටයක්. ජාතික පුස්තකාලෙ ලොක්ක හිතන්නැතුව ඇති පාඨකයන් මෙහෙම සංවිධානය වෙයි කියලා. ඒ නෙට්වර්ක් එක කඩන්න මේ කපේ දි බැරිවෙයි. අන්තිමේ දී වෙන්නෙ
රජය වෙනුවට පැත්තක ඉන්න පිරිසක් ලාභ ඉපැයීම. හැබැයි කාක්කා මිනිස්සුන්ගෙ ක්රය ශක්තිය බලලා මිල නියම කිරීම ගැන මං පුද්ගලිකව සතුටු වෙනවා.


මේ කාක් කෲ එක හැමෝට ම උදව් කරන්නෑ. හැබැයි ඔබට නියම අවශ්‍යතාවය ඇත්නම් ඔවුන්ගේ පිහිට ලබා ගන්න පුළුවන්.

රාජ්‍ය තොරතුරු ඒකාධිකරය හෙවත් ජාතික පුස්තකාලය


ලංකාවෙ පුස්තකාල පද්ධතිය ගත්තා ම ජාතික පුස්තකාලය කියලත් ආයතනයක් තියෙනවා. මේ ආයතනය මොකද්ද එහි සේවා අංශය මොනවගේ ද කියන එක ගැන එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂක සුනිල් මහත්මයා ඉහත පුවත්පත් සාකච්ඡාවෙන් දක්වා තිබෙන නිසා ඒ සම්බන්ධ නැවත ලිවීම උවමනා නෑ.

ජාතික කියවීමේ මාසය වන ඔක්තෝම්බරයේ දී ඔවුන් නොමිලේ සාමාජිකත්වය දෙනවා. හැම අවුරුද්දක ම මාත් එහි ගොස් එය අලුත් කරගන්නවා. ඔන්න ඉතිං මේ සැරේත් ඒ වැඩේ එහෙම ම වුනා. ගොඩක් මිනිස්සු ජාතික පුස්තකාලයට එන්නෙ වෙන විකල්පයක් නැති නිසා. එන ගොඩක් දෙනා එන්නෙ පත්තර හොයන්න. ඒ අතින් හො‍දාකාර පුවත්පත් එකතුවක් එහි තියෙනවා. 2005 ඡන්දෙ දවස් ගැන පත්තර බොක්ස් පිටින් අතුරුදහන් කරලා තියෙන ලේක්හවුසියේ පුස්තකා‍ලෙට වඩා ජාතික පුස්තකාලයේ පුවත්පත් එකතුව ගැන බොහෝ දෙනා විශ්වාසය තියලා තියෙන බව පේනවා. මං එහි සිටිය දී මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ කාලය සංස්කාරකවරයෙක් හමුවුනා. එතුමා විසින් මුල් කාලයේ පටන් කළ සියලු පුවත්පත් රචනා එකතු කිරීම තමයි පර්යේෂකයාගේ අරමුණ. දැන් අපි ඔක්කොම ‍ෆොටෝ කොපි පෝලිමේ. ‘ඇයි ඉතිං ඕවා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේත් තියෙනවනේ’??? මං පණ්ඩිත වාක්‍යක් මිනිහට දැම්මා. “අපෝ මල්ලි ඒකෙ පත්තර පිටුවක කොපියක් රැපියල් සීයයි. අනික ඒක ගන්න වෙන්නෙ පහුවදා.” නෙදකින්. මහරජා එච්චරට ම හිගන්නෙක් කියලා මං දැනං හිටියේ නෑ නොවැ.

ඇත්ත ද පුතා, අපිත් හදිස්සියට අපේ ලයිබ්රියේ නැති පත්තරවල ෆොටෝ කොපි ගන්න කැම්පස් ළමයි එහේ යවනවා. මේ බව දන්නවා නම් එහෙම කරන්නෑ.” මහජන පුස්තකාලයේ සේවයේ නියතු මහත්මියක් විස්සෝප උනා. තාම පෝලිම ඉස්සරහට යන පාටක් නෑ. මෙතන පොත් වගේ ම පුවත්පත් ඡායා පිටපත් කිරිල්ලට, තියෙන්නෙ එක කොපියරයයි. එක මනුස්සයයි. පොතකින් කොපි කරන්න පුළුවන් 10‍‍% පමණයි. “ෂික් දැන් පැය දෙකක් මේ ගැසට් එක ගන්න. මොකද්ද මිස්ටර් මගේ චේම්බර් එකෙත් ෆොටෝකොපි මැෂින් දෙකක් තියෙනව. තව එකක් දාගත්තනම් ඉවරනේ. කොච්චර කොපි වදින තැනක් ද?” කාකි කෝට් ලෝයර් මාම කෙනෙක් නක්කලයක් දැම්මා. පොරට එකදාස් නවසිය බර ගණන්වල ගැසට් එක වෙන තැනකින් හොයාගන්න බෑ. ඒකයි මෙතන තපින්න වුනේ. ඔතන වැඩ කරන්නෙ සමරසේකරකියලා වයසක මනුස්සයෙක් මහ ඒජන්ත ආවත් මෑන්ස් කෑම පැය වැඩ නවත්වනවා. පෝලිමේ ඉන්න අය දවල් නොකා වේලි වේලි අර මනුස්සයට බැන බැන ඉන්නවා. අනේ වයසක මනුස්සයට ඒවා දිරවනව ද මන්දා.

ලස්සන ම කතාව මේක නෙමෙයි. ‍ජාතික පුස්තකා‍ලයේ ෆෙටෝ කොපි මාෆියාව හා ෆොටෝකොපි කාක්කන් පිළිබද කතාවයි. ඒක මහා පරිමාණ ජාවාරමක් පළමුව මාධ්‍යට හෙළි කරන්නේ ඇවරි විසින්. මං මේක සුනිල් ලොක්කට කියන්න හිටියේ ඒත් අයිසේ තවත් මිනිහෙක්ට බඩේපාර ගහන එක හරි නෑනේ. ඉතිං මං කටවහගත්තා. හැබැයි සිද්ධිය අමූලික ඇත්ත. ඒක වෙන පෝස්ට් එකක් හොදේ...

ආරෝග්‍යා පරමා ලාභා ලු...

පහුගිය දවස්වල මට බ්ලොග් ලියන්න වෙලාවක් නැති වුනානේ...... ඇත්තම කාරණේ නම් ම‍ගේ සිස්ටම් එකේ පුංචි කචල් එකක් ගිය නිසා ට්රීට්මොන්ට් වගයක් කොරන්න වුනා. කොහොමටත් මගේ ඕ.එස් එක ටිකක් ලෙඩ උඩ දුවන්නේ.... නමුත් මං ගෙදර ම හිටි නිසා රෝගී තත්ත්වය උත්සන්න වෙච්චි බවයි ඩොකා අංකල් කිව්වෙ. මෑන්ස් සිරා බුවා. ‘කොල්ලෝ මං දන්නවනේ උඹට වැඩක් තියෙනව නම් ලෙඩ දෙපිටින් යන්‍නෙ කියලා, ඉතිං කියපං මේ අන්න පනල්ලේ උඹට ලෙඩ උනේ කෝමෙයි.’ ෂෝයි අංකල් ඇහුවා. මං ඉතිං ටිකක් වැඩියෙන් වැඩ කළ නිසා මහන්සියට මේම වෙන්නැති කියලා අන්තිමට තීරණය වුනා. ඒත් වැඩේ අහවර කරන්න කළින් අර ඇඩ් එකේ වගේ කොහොම ද කෑම බීම???’ කියලා අහපි. ඒ පුරස්නෙට මං පැනලා අති විශිෂ්ටයි සෑර් කිව්වා.” පස්සෙ උත්තර දුන්න අපේ මාතාව මගේ පටි රෝල් කොරලා ඇරියා. ‘අනේ ඩොක්ටර් මේකා උදේට කියලා කන්නේ දවල්ට, දවල්ට කන්නෙ හවසට, රෑට කන්නෙ එළිවෙන ජාමෙට කියලා සෝලි තියන්න ගත්තා.

දැන් ඩොකාට මල.... මං තමුන්ට කියලා තියනවා................... ආදී වශයෙන් සුපුරුදු දේශනාව කරගෙන ගිහින් ‍හෙට එන්නම් කියලා ඩොකා මාමා ගියා. අම්මත් මට රවලා යන්න ගියා. අනේ ඉතිං හවස වැඩ කරද්දි මගේ හිතවත් නර්ස් ඇන්ටි කෙනෙක් ආවා. ‘හ්ම්..... ඩොක්ටර් මට කිව්වා ඉලන්දාරියා ඇවිත් ඉන්නවා කියලා. දැන් හිටියයින් බාගයයි නේ???’ මේ හැමදාම මට කියන එයාගේ සුපුරුදු පිළිගැනීමේ ගීතය. ‘හරි හරි ඉතිං මං දැන් ඔයාව බලන්න ආවනේ???’ ඒක තමා කොච්චර කාලෙකින් ද? හැබැයි අපිව බලන්න නොඑන තරමට තමයි අපි කැමති....’ මෙන්න වැඩක් මං කරදරයක් නේ???? අපෝ කවුද එහෙම කිව්වෙ. නෝමා ඇන්ටි ඉන්ජස් එකක් විදලා නිදිකරවලා ගියා.

පහුවදාත් උදෙන්ම ආවෙ එයා.... ‘ගුඩ් මෝර්නින් දතා පුතා.....’ මෙන්න කැම්පස් ශිෂ්‍යයො කට්ටියක් වී.සී ගෙන් සමාව අරගෙනලු. වැඩිදුර කියවන්න පත්තරයත් ඈ මට දුන්නා. ‘ඇත්තට ම ඔයා ඔය වලි වලට යන්නැද්ද?....’ වලි වලි නෙමේ ශිෂ්‍ය අරගල කියන්න. වලි?? අනේ ඔය මොන කෙහෙම්මලෙන් උනත් ඔළු කුඩු කරගන්නෙ අහිංසක දෙමව්පියන්ගෙ දරුවොනේ..... හ්ම්...ඇත්තට ම කිව්වොත් අපේ කැම්පස් එකේ යන්නෙ සීමිත යුද්ධ විතරයි. එහෙන් මෙහෙට ගල් පාරයි. මෙහෙන් එහෙට ගල් පාරයි. එකට එක අනුපාතයට. කම්මැලි හිතුන ම අපි දෙපිල බෙදිලා සෙල්ලම් කරනවා. ටී.වී වලින් ඒවා රටට ම පෙන්නවනේ. අපි මක්කොරන්න ද? අනේ උඹේ සමයං.. මං වෝර්ඩ් එකට යනවා. ඔය අතරේ උදේ ලොකර් එකට පෙන්ගුයින් ක්ලැසික් එකක් දාලා තිබුණ නිසා මං ඒක කියව කියව හිටියා. දවල් විසාඛා තොමෝ කිරිපිඩු අරන් වැඩම කළා. ඒ දවස්වල වැහැපු නිසා හවස් වෙද්දි මං නිදි. එන අය හිතන්නේ මාව ශිශිර තාරක නින්දෙන් නැගිට්ටන්න හොද නෑ කියලයි. මගේ කනමද නින්ද අහවර වුනේ රෑ හතට හතාමාරට.

නිවුස් බලන ගමන් කාලා ඇද පහළට කඩාගෙන විනාඩි විස්සකින් පහුවදා වෙනකම් මං නැවතත් ස්ථාවරයි. පහුවදා හවස මගේ ටිකට් කැපුවා. ‘නලින් පිස්සු නටන්නැතිව වෙලාවට කාලා බෙහෙත් බොන්න. මං අම්මට කියලා තියෙන්නෙ බලන්න කියලා. නැත්නම් ආයෙත් මෙහේ එන්න වෙයි.’ බෙහෙත් කොයි හැටි වෙතත් ආයෙත් එහේ යන්න මගේ හිතේ තියෙනවා. නෝමා ඇන්ටිගේ ඇසිස්ටන් හිටපු ට්රේනින් නර්ස් තමා හේතුව. මොකද මිස්ටර් නලින් කන්නැතුව බැනුම් අහන්නේ. ඈ ඇහුවා. අයියෝ මට කන්න අමතක වෙනවනේ වැඩිපුර ම උදේට. ම්.... එහෙනම් මං උදව්වක් හැටියට හැමදාම උදේ ම කන්න මතක් කරන්න ද? මං නිකං හිනාවෙලා ආවට මොක ද දැන් හැමදාම හරියට අටට මිස්ඩ් එකක් එනවා. කරුමෙ කියන්නෙ මං කෝල් බැක් කරනකම් ම ජංගමයා සැරින් සැරේ නාද වෙන එකයි.

Tuesday, November 9, 2010

අපේ පන්සලේ කඨීනය


වරි මීට බොහෝ කාලෙකට කලියෙන් නම් කඨීන පින්කම් වගේ පන්සලේ කටයුතු වලදී බොහො ම ඉහළින් සහභාගී වුනා. ඒත් හැම දෙයක් ම ඉතිං පහු පහු වෙනකොට කොහු කොහු වෙනවයි කියවනේ??? අන්න ඒ වගේ පන්සලත් ඇවරිගෙන් ටිකෙන් ටික ඈත් වෙලා ගියා. ඇවරි දහම් පාසල් ගියපුකාලෙ නම් හරි ම අපූරුයි.... පස්සෙ වෙලාවක ඒ ගැන ලියන්න බැරියැ??
දහම් පාසලේ කාලෙන් කාලෙට ඇති වෙච්ච හැම රැල්ලකට ම සාර්ථකව මුහුණ දෙමින් ගොඩක් කාලයක් ඉන්න පුළුවන් වෙච්චි එක ගැන ඇවරි තන්තෝස වෙනවා. දැන් නම් දහම් පාසල ගැන කතා කොරලා වැඩක් නැති තරම්. නමුත් වරද සහගත හෘදය සාක්ෂිය හැම වෙලේම හිත රිදවනවා. ඒ ඇයි කිව්වොත් අපිට කරන්න පුළුවන් දෙයක්වත් අපි නොකරන නිසා. මේ හැම දේ ම වුනත් කඨින පින්කමට යන්න ඇවරි අමතක කලේ නෑ. ඇවරිගේ බෙස්ට් පෙන්ඩා මයිනා එනවයි කී නිසා ඇවරිත් එහි යන්න හිතුවා. ඒ නැතත් ඇවරිගෙ මල්ලා ටෙනිසන් මේ සියල්ල ගැන බලා කියාගන්න නිසා ඇවරි නොගියත් අවුලක් නෑ....
ඔන්න ඉතිං ඇවා නවයට ඉතර පන්සලට සෙන්ටර් වුනා. මකර තොරණ ඉස්සරහා දී ම මයිනාව මීට් උන නිසා ඉදිරි වැඩ පිළිවෙල ගැන සාකච්ඡා කොර ගත්තා. මකර තොරණ ගැන කොම්ප්රිහෙන්සිව් රිපොටරයක් මේ ළගදි ඇවරි කියෙව්වා...අපි නොදන්නවා උනාට මකර තොරණේ කොච්චර සත්තු ඉන්නව ද? නැති එකෙක් නැති තරම්. මකරා කියන්නේ මාළු කොරපොතු, ඌරු කන්, කිඹුල් දත් සිංහ කකුල් ඇති සතෙක්ලුනේ. මං මේ අඩමානෙටයි ලිව්වෙ. කතාව ඇත්ත ද කියලා බලන්නත් එක්ක මං ඒ රාත්තිරියෙ සිංහ තොරණ ඉස්සරහා ලග්ගැහුණා.
මේ පන්සල ගැන මං වචයක් කතා කොරන්නෑ.... හැබැයි ඉතිං දන්නෝ දනිතිලු ඈ..... විසාල මහමේරුවක් නැගලා තමා පන්සල් බිමට එන්න තියෙන්නේ?? ඇවා නම් ලෑල්ලට පාගලා මළුවෙන් ම ලෑන්ඩ් කොළා. පෙරහැර යන්නෙ පාන්දර ජෙකටලු ආයිබෝන්?? තාම දහයාමාරයි නොවැ. තුන් සූත්තරෙත් තාම ඉවර නෑ වගේ. ඇවරි ගිය ගමන් ම දන්න කියන දායක මහතෙක් කට පුරා හිනාවෙලා අජරාමර හැලියක් බාර දුන්නා... “ආ... මේ තරුණ දායක මහත්තුරු දැන්නේ එන්නේ...???” මං ඉතිං ‘මුවෙන් නොබැන ඉවසනු සුදන ගරුකම’ නිසා ලාවට ස්මයිලක් දුන්නා. “දැන් පුතා පුංචි වැඩක් කරන්න ඕනෑ.....” කියන් අංකල් බණ කියන්න හාමුදුරුවො අඩුයි ද?? පෙරහැරට ඇතෙක් නැද්ද?? නැත්නම් වහින එක නවත්තන් ඕනැද?? ඔය මොකක් උනත් කරන්න පුළුවන්. මං කටමැත දොඩන්න කලියෙන් දන්න කියන තරුණ ගුරුවරියක් හැලිය මට ම රෙජිස්තර් කොළා.... කාලා වරෙන් කෝ???
“පුතා මෙන්න මේ පාන් වල ජෑම් ටික ගාලා තේ ටිකත් එක්ක එවන්න ඕන. තේ ටික ඇන්ටිලා දාන ශාලාවේ හදනවා ඇති.. වෙලාවට එවන්න. හැබැයි කොල්ලෝ ජෑම් මේ බෝතලේ විතරයි.” මාර මිසන් එකක් තමා. දැන් පාන් හැටහුටාමාරක් ජෑම් බෝතලයකින්?? මාත් සියල්ල අරන් දන්ගෙට ගියා. ඇන්ටිලා වැඩේ ම නියමෙට ම එන්ටර් වෙලා. ඔය බෝතලේ මෙහාට ගන්න පළමු විධානය නිකුත් වුනා. පිගානකට ඔරෙන්ජ් ක්රෂ් බෝතලයක් හලලා ඒකට ජෑම් දාලා කවලම් කලා.. ජෑම් තලි තලි බීම එක්ක කැළතෙද්දි මට නම් අප්රසන්නේ බෑ.... නැත්නම් පුතෝ අද ගානව බොරු... උපාසකම්මා උජාරුවට කිව්වා... අනේ ද කියන්නේ??? කෝම ද ටිකිරි මොළේ??
දැන් පාන් ටික හරි. කියන්න ඕන්නෑනේ පාන් තව ඉතුරුයි. කේක් තිබ්බෙ දාන ශාලාවේ.. මං තේකක් බොන්න ඒ පැත්තට යද්දි ශ්රද්ධා බුද්ධි සම්පන්න උපාසිකාවෝ මරා ගන්නවා. මාත් කර පොවලා බැලුවා. අපේ ඇබිත්තයා තමා කාරණේ කීවෙ. මේකනේ මාත්තයා, මෙතන ඔක්කොම තේ හැදුවට කවුරුත් කෝප්ප ලෑස්ති කරලා නෑ.. දැන් තේ හරි කෝප්ප නෑ. “හුටා වාහෙ කොයි කප්ස්” ඇවරිටත් ඩිෂිබිල් එක අවුල් කියලා වැටහුනා.
පස්සේ මහා ජන ගංගාවකට කෝප්ප පණහක් තියාගෙන තේ බෙදුවා. ඔන්න ඉතිං රාජමහා විහාර කඨින සංවිධානය?? පස්සේ තව වෙලාව තියෙනවනේ කියලා ඇවරිත් මිත්තරයො එක්ක සාද කතාවෙන් කල් ගෙව්වා. පුංචි කොල්ලො ටිකක් එක්ක කියව කියව ඉන්න අතරේ සල බලා......ං ගාලා කොල්ලො දෙන්නෙක් බිම වැටුනා. බලද්දි උන් දෙන්නා මරා ගන්නවා. ඒ දහය වසරේ කොල්ලා ගිනි බෝල කරකවන්න යන්න ඉස්සෙල්ලා වෝර්ම් අප් වෙන්න බීලා. ඊළඟ මොහොතේ බෙරකාරයෝ ටිකත් මරා ගත්තා. හරි දැන් කඨීන පටන් ගන්න කලින් හැමෝ ම වැඩ අල්ලලා වියරයි???