Tuesday, April 11, 2017

හූරුතුඩ සීවැල් තැබීම හෙවත් කින්ග් ඔෆ් ෆ්ලර්ටින්ගේ නෙවර් එන්ඩින්ග් ලව්ස්ටෝරිය

වෙඩින් සලාද කිව්ව  ම දැන් වෙනම  කලෙක්ෂන් එකක් හැදෙන්න තරමට වෙඩින් සලාද තියෙනවා. තාම පබ්ලිෂ් නොවුනේ අපේ සත් සහ ලකීබෝයි මඟුල සහ චානුක තියඹරාවත්ත හෙවත් අලකලංචි දඩොන් ද පල්ලම්ලාගේ පොටෝකැචර්තුමාගේ මංගල සලාදය. අපේ තොටමුණ ආදිපාදගේ පැය පහේ කොළඹ ධාවනය, මුස්ලිම් නම් වානා හැබැයි පරාටමයි ඕනා වගේ රසවත් සිදුවීම් ඇතුළත් ඒ සලාදයත්  ඉක්මණට පළ කරන්න ඕන. ඇත්තට ම වෙඩිමක් කියන්නේ සිද්ධියක්. ඒක වුන හැටි ගැන නම් බුකිගත ඇල්බම් එකක පින්තූර බලලා, මාස ගාණක් පුරුදුවුන සප්‍රයිස් ඩාන්ස් එකේ වීඩියෝව යූ ටියුබ් බලලා යම් අදහසක් ගන්න පුළුවන්. නමුත් බැක්ස්ටේජ් කතන්දර, රියුමර්ස්, වෙරිටාස්, ගොසිප්, චීත්ත කෑලි, ෆන් ආතල්, කස්ටිය වැඩ කරපු හැටි, ජෝන් බාස්ට ගිය සප්‍රයිස් ප්ලෑන්ස් හෙවත් වැරදුණු කුරුමානම් ආදිය පොටෝවලට කතා කරන්න බැරි නිසා අපිට මඟහැරෙනවා.



නරක ම දේ අපේ බුවාලාට කමෙන්ට් කිරීමේ කලාවක් නැති නිසා ඇල්බම් පිටින් පුරෝලා තියෙන ක්ලික්ස් කතා කරන පින්තූර කියන දේ ඇහෙන්නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමා ඇවරි සලාදයේ ලියලා තියන්නේ. මොක ද කවදා හරි දවසක ඇවරිගේ සලාදයේ අපේ අම්මගෙයි අප්පච්චිගෙයි වෙඩින් එක ගැන මෙහෙම ලියැවිලා තිබුණා කියලා ඊළඟ පරම්පරාව කියාවී. අපි අද කරන දේට වටිනාකමක් ලැබෙන්නෙ අන්න එදාට. එහෙම දවසක් අනිවාර්යෙන් ම එනවා. සෝ කීප් කාම් ඇන්ඩ් රයිට් සලාද හෙවත් නූපන් පරපුරට මතකයන් රැස් කිරීම ඇවරිතුමා බොහෝ ම සන්තෝසයෙන් කරගෙන යනවා.

මහේෂ-පවී වෙඩිමේ මූලික කටයුතු සියල්ල සිදු වෙද්දි රෙජිස්ටාර් ගැන සොයා බලන්න ඇවරි කටයුතු කළා. මොකද මේසේ තිබුණාට රෙජිස්ටාර්තැන නෑ. මාර වැඩේ කියන්නේ රෙජිස්ටාර්ගේ කන්ටැක් නම්බර්ස් තියෙන කොලේ අපි දාලා ඇවිල්ලා. එහෙම කිව්වේ මහේෂගේ බාප්පා. ප්‍රශ්නයක් නෑ. එතුමා වෙලාවට ඒවි. නාවොත් අපි ටිකක් වෙලාව හදාගමු. ඇවරි කිව්වෙ ඒ වගේ වෙලාවට සූදානම් ශරීරයෙන් ඉන්න ඕන නිසා. නමුත් කිව්වත් වගේ රෙජීතුමා වෙලාවට ආව.

ඊට පස්සේ මනාල ජෝඩුව බීම හේම බීලා අහවර වුනා ම මනාලයාගේ පාර්ශවයෙන් කතාවක් කළේ රාජකීය විවාද කණ්ඩායමේ හංසක මහතා.  ඇත්තට ම කිව්වොත් හංසක, බිනෝද් සියලු දෙනා මයිනා වෙනවෙන් යාළුකම් නොසලකා උපරිම සාධාරණ, අතිශය මධ්‍යස්ථ චරිත සහතිකයක් නිකුත් කළා. ඇත්තට ම චරිතයක් නැති මනුස්සයකුට කසාදයකදී චරිත සහතික නිකුත් කිරීමට රුපියල් විසිපන්දාහකවත් දඩයක් ගහන්න ඕන. ඇයි හත්වලාමෙ මොන අපරාද ද චාමර මෙව්වා...!! මයිනාගේ ෆ්ලර්ටින් හැකියාව ගැන මංගල සභාව දැනුවත් කිරීමට හංසක සහෝ වගබලා ගත්තා. ඒක නම් සහතික ඇත්ත. ගෑනු දපනේ දාගන්නට මනාල මහතාට වයස නම් අදාළ ම නෑ. ඒ කියපු විදියට රාජකීය විවාද කණ්ඩායම බොහෝ විවාද ජයගෙන තියෙන්නේ මයිනාගේ මේ පැණි පෙරීමේ හසුරු කුසලතාවයට පින් සිද්ධ වෙන්න. 

හැබැයි ඔය කොච්චර කිව්වත් මයිනාගේ පැණි පෙරලි හරි ම රොමාන්තිකයි. අයියෝ ඒ දවස්වලත් කවි ලියලා, උගේ අත්අකුරු කැත නිසා වෙන කෙල්ලන්ට කියලා ලියවගෙන සෑහෙන්න දත කාල ගොඩ දාපු මිෂන් බර ගාණක් ඇති. ඒ දවස්වල කෙල්ලෙක්ගේ එක හිනාවක් වෙනුවෙන් මයිනා මහන්සි වුන තරම ඇත්තට ම මාරයි. කෙටියෙන් කිව්වොත් ඔබ දන්න මහේෂ කියන්නේ එච්චර කැපෑසිටි එකක් තිබුණ කොල්ලෙක්. පොරට උදේ විසාකා එකේ ඩිබේට් එකක් ජජ් කරලා, හවස මියුසියස් එකේ වැඩෙත් කරගෙන රෑට වෙන පාටක ටයි පටියකට පහුවදා තියෙන ඩිබේට් එකේ බේස් හදන්න උදව් කරන්නත් පුළුවන්. මං මේ කතා කරන්නේ මහේෂගේ නිල් පාට, කලර් ඩිස්ප්ලේ, මොටෝරෝලා ෆෝන් එක තිබුණු කාලෙ ගැන. (මතක හැටියට ඒ ඔහුගේ පළමු ජංගමය) ලොල්. කොල්ලා කාලේ එහෙම වුනාට එදත් මයිනා ඉතා වගකීම් සහගත ඩෑල් එකක්. තව ඔහු දක්ෂ පොළවන්නෙක් කියලත් කතාවක් ගියා.

ඩැඩීස් ගර්ල්, පවී ගැන කතා කළ දෙවන මනාලිය එතුමිය ගැන බොහෝ දේ කිව්වා. ඇවරිතුමා නම් අවංකව පවී ගැන ගොඩක් ඇහුවේ ඒ කතාවෙදි තමා. හැබැයි ඊට කලින් අපි අහලා තිබුණ චරිතය ම තමා. එතුමිය හෑන්ඩ් මේඩ් ඩිසයින්ග් සම්බන්ධයෙන් සෑහෙන්න කීර්තියක් උසුලන බව තමා ආරංචි වෙන්නේ. කොහොම නමුත් මයිනාට සාපේක්ෂව ඇය ගැන සෑහෙන්න ඉහළ රෙකමදාරුවක් දෙවන මනාලිය විසින් ලබා දීම සම්බන්ධයෙන් ඒ අංගනාවට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. කොහොම වුනත් අර හොරාට කලින් කෙහෙල් කැන වැට පනින්නා වගේ  පවීටත් කලින් දෙවන මනාලියට ස්තුති කරන්න ඕන වුනේ අපේ ලාමාට.

නිරන්තරේ සියොළඟ පිරිමදිනා - කතන්දරේකට නුඹ මුල පිරුවා කියාගෙන අපේ ලාමාතුමා අලුතින් පටන් ගන්න ගියපු ප්‍රේම පුරාණයක් නානා විසින් උපන්ගෙයි ම මරලා දාන්නෙ ඉතා කෘර විදියට. මචං උඹට මතක ද අර බ්‍රයිඩ්ස්මේඩ්ට හිටිය ගෑල්ළමයා මුන් දෙන්නාගේ කතාව ගැන අහගන්න ඕන නම් පස්සේ හම්බෙන්න කිව්වා? මූගේ මතකේ බලාපන්කෝ. නෑ නෑ උඹ නාඩ හිටුන් පුතේ ඒ දැරිවි වෙන කතාවක් පටන් අරන් තියෙන්නේ. බොගෙත් එක්ක අලුතින් පටන් ගන්න කතාවක් නෑ. අපේ ම නයි - අපි ම කයි කියන්නේ නිකනම් යෑ බං.. නමුත් ලාමාත් ගේම අතෑරියේ නෑ. නෑ එහෙම කියන්න එපා මචං සමහර විට මේ කතාව සෑහෙන්න දුරකට යන්න බැරි නෑ. හිත ගිය තැන ආදර රජ  මාළිගාව සෑදේලුනේ?? නෑ එච්චර දුර යන්නෑ අර කෙල්ල ලන්ච් එකේ කෝල්  උඹට කෝල් එකක් දෙනකම් විතරයි. ඒ එක්ක ම පතාගෙන ආපු කරුමක්කකාරකම ඔතාගෙන පල දෙනවා වගේ ලාමට මෙසෙජ් එකක් ආව. අන්න බලපන් අඩුම වසයෙන් එච්චර වත් වෙලාවක් ගියේ නෑ.... තෝ නම් පුස්කාලා මැරිය නානෝ...!! 

කෑමෙන් පස්සේ ඇවරිතුමා මනාල මහතා මුණගැහිලා යන බව දන්වා සිටියා. ඒ වෙලාවෙ තමා තෑන්කින් කාර්ඩ්ස් ආවෙ. මම නේද ඉන්නේ බලපන්. මනාල මහතාට ම තමුන්ව සුවර් නැති කොට අපිට කවර කතා ද ආයුබෝන්?? ඔව් ඔව් තෝ කලවැද්දා ම තමා. සුලා හැරෙන තැපෑලෙන් දුන්න උත්තරේට මයිනාතුමා නිලමෙ ඇඳුමෙ ඔටුන්න අතට අරන් ඈට ජාතිය අමතන්න හරි බරි ගැහෙද්දි වෙලාවට මනාල මහත්මිය එතුමා කැඳවගෙන යන්න පැමිණියා. නැත්නම් විලි සංගෙ නැති වෙන්න අපි අහගන්නවා.


කොහොමින් කොහොම හරි අලුත විවාපත් යුවතිපති දෙපළට සුබ මංගලම් පතමින් පඩිපෙළ වගේ, පුංචි පහේ මොන්ටිසෝරියකට සෑහෙන්න දරු මල්ලන් ඇති වාසනාවන්ත යුග දිවියක් පතමින් මහේෂ-පවී අවසාන වෙඩින් සලාදය මෙතෙකින් හමාර කරනවා...!!




පලි - මේ ඉහත වෙඩිමේ ඩාන්ස් ෆ්ලෝර් එකෙන් ලීක් වුන ක්ලිප් එකක්. බ්ලැකාගේ නර්තන ලීලාව ගැන කියන්න නම් වදන් නෑ හැබෑට.. 

Monday, April 3, 2017

ථොක ථොකං ඛණේ ඛණේ හෙවත් ගැ/පි/ම/ප පන්තියේ ලැයින්කිරිල්ල

ඇවරිතුමා පස්ට පන්චුවල් නිසා ගිය අවුරුද්දේ පෝස්ට් පබ්ලිෂ් වෙන්නේ දැන්, ඒ කිව්වේ 2017 පළමු කාර්තුවත් අහවර වුනාට පස්සේ. මේවා ලියලා තිබුණට අප් කරලා නැත්තේ වෙලාවක් නැති කමින්. කෝම නමුත් මේ පෝස්ටුව ගිය දිසැම්බරයේ ලියවුන බව හිතාගෙන කියෙව්වනම් හරි....!!!!!


පහුගිය ඉරිදාවේ දහම් පාසල් දරුවන්ට නිවාඩු දුන්නා. ඇවරිතුමා ඉතිං කවදාවත් වෙලාවට කලාවට ඒ වැඩවලට නොයන නිසා අඩුම වසයෙන් අවසාන දවසේවත් වෙලාවට යන්න හිතාගෙන ටිකක් කල් වේලා ඇතිව නැගිට්ටා. ඇවරි මාතාවත් එදා ප්‍රාන්තයෙන් පිට හිටි නමුත් ඇමතුමක් දීලා ඇවරිතුමා ඇහැරවලා තිබුණා. ආයෙ ඇවරිමාතාගේ රේඩාරය රජ දහනෙන් පිට හිටියත් වැඩ ඉතිං. ක්වික් රෙෆරන්ස් ම තමා.

2016 ඇවරිතුමාගේ දහම් පාසල් චාරිකාව ගැන තරමක සාධනීය වාර්තාවක් ලබා දෙන්න පුළුවන්. ඊට හේතු වුනේ ඇවරි ඇල්මෙන් දහම්පාසල් යාම නෙමෙයි, සහෝදර ගුරුතුමී අංශ ප්‍රධානී චන්දිමා මැතිනියගේ නොපැමිණීම. විවාහප්‍රාප්ත වුනාට පස්සේ පදිංචිය වෙනස් වීමත් එක්ක චන්දිමා මැතිනිය දහම් පාසල් ගමන නවත්වනවා. ඉතිං ඇවරිතුමාට කලින් අවුරුදු වල ඇරියස් පිටින් කවර් කරවන්න සිද්ද වෙන්න බොහොම සෝචනීය ආකාරයට පින්වතුනි. ඉස්සර ඇවරිතුමා උයන්කෙළියට ප්‍රාන්තයෙන් පිටයන කාලෙදි චන්දිමා මැතිනිය ඇවරිගේ පන්තියත් බාර ගෙන සෑහෙන්න හොඳ සහයෝගයක් දීලා තියෙනවා.

කොටින් ම ඇවරිතුමා මාතලේ හැදුවා මම ගේ තට්ටු කියාගෙන, කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු කියාගෙන ආසික් එකේ කොටු පනින කාලෙ, ජස්ට් අ මැටර් ඔෆ් ෆෝන් කෝල් නිසා ම, “මැඩම් අද මං මාතලේ...!! පීස් හෙට ගිහිල්ලා පන්තිය කරන්න.“ කිව්වම “මෙහෙම බෑනේ නලින ඔයා රට වටේ ම උඩිච්චියො එක්ක සවාරි යන්නයි, එතකොට මං ගිහින් පන්ති දෙකක් එකට දාලා උගන්නනයි සාධාරණ නෑනේ??“ ආදී වශයෙන් මේඝ ගර්ජනා පවත්තලා ඒ මදිවට හිටන් ජාතිය ඇමතීමේ හේෂාරාවයත් පවත්වලා කරලා කාරිය බර බරේ දැම්මාට සනුහරේ එක පන්තියට දාලා, ඒ ඇත්තී මගේ දරුවො ටිකත් අපූරුවට බලාගන්න බව ඇවරි ඇස්දැකීමෙන් දැනගෙන හිටියා.

අවුරුදු විසි ගාණක් ම නිස්සරණාධ්‍යාෂයෙන් දහම් පාසල් ගුරු සේවයේ හිටි ඇයට පන්ති දෙකක් කරනවා කියනේ කිරි කජු වැඩක්. ඉතිං දෙවැනි වාරයේ සිට ඇය දහම් පාසල් නොපැමිණීම පිළිබඳ ඇවරි කිසිම කහටක් නැතිව ඇගේ පන්තියත් භාර ගත්තා. එදා උදේ වරුවේ අපි අවසාන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළා. සවස් වරුවේ පුංචි ප්‍රයිවෙට් වැඩක් කළා. පන්තියේ ළමයි හතළිහක් එක්ක එක්සර්සයිස් එකක් කළාම ඒක ප්‍රයිවෙට් වැඩක් වෙන්නේ නෑනේ ඇවරිතුමෝ. එලෝ විකාරෙන් මෙලෝ පොල් අතගානවාද මන්දා?? ලොල්

ඒක ප්‍රයිවෙට් වෙන්න තමුන් ගැන අහන නිසා. අර බුකියේ සෙයාර් වෙන පෝස්ට්වල වගේ ඔයාටත් සුපිරි ම ළමා කාලයක් තිබුණා නම් මතක ඇති අපි ගැ/පි/ම/ප කළා. දැන් එහෙම සුප්පා සුපිරි ළමා කාලයක් නොතිබුණ සසුන් ලැදි, දෑ හිතකාමී, සුපේෂල අම්බරු රත්නයන් සහ එම රත්නාවන් මගෙන් අහපල්ලා ඒ මොකා ඒ යකෝව් කියලා..?? දෙන ලද අකුරකින් පටන් ගන්නා ගැහැණු, පිරිමි, මල්, පලතුරු, සත්තු, ගම්, රටවල්, පත්තර, චිත්‍රපටි වගේ දේවල්වල නම් ලිවීම තමා මේ සෙල්ලම. මුලින් ම ලියා අවසාන කළ තරඟකරුවා සීයට ගණන් කරන අතරේ අනික් අයට ලියන්න පුළුවන්. ඉවර වෙන අයත් ගණන්කරන්න එකතු වෙනවා. සීයට ගැන්නා ම කාලය අවසානයි. කෙනෙක් ලියපු පිළිතුර තවත් කෙනෙක් ලියා ඇත්නම් ලකුණු පහයි. නැත්නම් දහයයි. 

ඉතිං ඔය ගම් වගේ ලියද්දි පානදුර වගේ දන්න කියන ගමක් නොලියා පදියපැලැල්ල වගේ සුඹුලකටානට කිට්ටු හද්දා ඩොටේ නමක් ලියන්න කස්ටිය පරිස්සම් වෙනවා. ඔය සෙල්ලම දහ දොළොස් දෙනෙක් ඉද්දි කළාට හතළිහක් පණහක් ඉද්දි කරන්න අමාරුයි. අනික ඉස්සර අපිත් සෙල්ලම් කරද්දි කස්ටිය එවෙලෙට ලියලා උත්තර දෙන වෙලාවල් වගේ දූෂණ අක්‍රමිකතා හේමත් වාර්තා වුනා. විශේෂයෙන් ම අපේ චමිත අයියා, ඒ වගේ විසමාචාර්යන් සඳහා නම් දැරූ අංකූරෙක්.

එදා අපි කළේ මම ගැන ටෝක් ෂෝ එකක්. අතිශය රහසිගත තමුන් ගැන වාර්තාවක්. කොටින් ම තමුන් කවුද කියලා තමුන්ට ම හොයාගන්න පුළුවන් වැඩක්. වැඩසටහන මෙහෙයවන්නා වන ගුරුතුමාත් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලියනවා. හැබැයි කාගෙවත් උත්තර කාටවත් පෙන්නන්න කවුරුත් බැඳිලා නෑ. දහම් පාසල නිසා ඒ ප්‍රශ්න දහමට ටිකක් බර කරලා දෙන්න ඇවරිතුමා උත්සුක වුනා. උදාහරණයක් විදියට මට වැඩියෙන් ම තරහා යන්නේ? මම වැඩියෙන් ම කඩන සිල්පදය? තහර ගියාම මං කරන්නේ? අන්තිමට කෑගහලා ඇ‍ඬුවේ? අන්තිමට කරපු මතක හිටින පින්කම? වගේ මහ අංජබජල් කර්පට් ප්‍රශ්න තිබුණ සෙෂන් එක්ක ඒක. අන්තිමට කියවපු පොත? කැමතිම පාට? ආදී සාමාන්‍ය ප්‍රශ්න ඇතුළත් කොටසකුත් ඒ ප්‍රශ්නමාලාවෙ තිබුණා. ඒකෙන් ළමයා ගැන සාමාන්‍ය අදහසක් ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ කොටස අපිට දෙන්න ඕන. මොක ද ළමයින්ට පුද්ගලිකව අපි කතා කරද්දි ඒ අය ගැන පුංචි දැනුමක් අපිට ඒකෙන් ලැබෙන නිසා. අනික් ටික තමුන්ට ගෙදර ගෙනිහින් පරිස්සමට තියලා තව අවුරුද පහකින් අරගෙන බලන්න කියලා ඇවරිතුමා ළමුන්ට යෝජනා කළා.

ඉතිං ළමයි ඔයාලට ම බලාගන්න පුළුවන් තව අවුරුදු පහකින් ඔයා හොඳ මිනිහෙක් වෙලා ද නැත්නම් තවත් නරක ඇට්ටරයෙක් ඇට්ටරියක් වෙලා ද කියලා. ආලෝකයෙන් අන්ධකාරයට ගිහිල්ලා ද නැත්නම් අන්ධකාරයෙන් ආලෝකයට ඇවිල්ලා ද කියලා. ඒකෙ දැනට මගේ ලොකුම රහස වගේ ප්‍රශ්නත් තිබුණා. මට ආලෝකෙ ගෙනදේවි ජෙනරේටරේ නිසා ඕවත් ප්‍රස්න ද නේ ළමයි? ආදී ජෝක්ස් එක්ක වැඩේ සීරීයස් ගියා. ඒකෙ දැනට මගේ ලොකුම රහස වගේ ප්‍රශ්නත් තිබුණා. සමහර විට තව අවුරුදු පහකින් දැන් ඔයාගෙ ලොකු ම රහස එච්චර ලොකු දෙයක් නොවේවි. අද ලියන රහස අනිත් අයටත් පෙන්නලා ඔයා හිනාවේවි. සමහර විට එචාට ඔයාට ලෝකෙන් වසන් කරන්න බොහෝ රහස් තියෙන්නත් පුළුවන්. හැබැයි කාටහරි එදාට දැන් මට ලෝකෙන් වසන් කරන්න එච්චර ලොකු රහසක් නෑ කියලා කියන්න පුළුවන් නම් එයා ගොඩක් හොඳ ළමයෙක්. මොකද දරුවනේ රහස් කියන්නේ බොහෝවිට හොඳ දේවල් ගැන නොවන නිසා. ඔබ විවෘත වෙන තරමට ඔබේ හොඳ බොහෝ දෙනා දකීවි.

ළමයි කොච්චර ඒ ප්‍රශ්න මාලාවට ආසා කළා ද කියනවා නම් සර් තව ප්‍රශ්න දෙකක් අහන්න වගේ ඉල්ලීම් කළා. එතකොට ඇවරිතුමා ඇහුවේ එක ප්‍රශ්නයයි. ජීවිතේ කවදා හරි දවසක කවුරු හරි ඔයාලගෙන් මේ ප්‍රශ්න අහලා තියෙනවා ද කියලයි. බොහෝ දෙනා කීවෙ නෑ කියලා..! කමක් නෑ පුතාලා දැන් මං ඇහුවනේ. තේරුම් ගත්ත ද තමුන් කොච්චර හොඳ ද හෝ නරක ද කියලා. මතක තියාගන්න පිරිසිදු බව හෝ අපිරිසිදු බව තියෙන්නෙ තමුන් අතේමයි. “සුද්ධි අසුධ්ධි පච්චත්තං- නාඤ්ඤමඤඤෝ විසෝධයේ“ ඔබත් මමත් ඇතුළු අපි හැමෝ ම අත්තෝ අසුද්ධා වුනාට බහි සෝබමානා ටයිප් මිනිස්සු. ඇතුළෙන් කුණු වෙලා හිත් අපිරිසිදු වෙලා, වෛරයෙන් වියරු වැටිලා ඕජස් ගලනවා. හරියට හන රෙදි වලින් ඔතපු මළ සිරුරු වගේ.  නමුත් එළියෙන් හැමෝටම පේන්න කසී සළු වගේ සැහැල්ලුවට ජීවත්වන බව පෙන්නනවා. කසී සළු දන්නවනේ? සිනිඳුයි දෙපැත්ත පේන තරම්. ඉතිං ඔබගේ කළු චරිතයක් කියලා, ඔබේ හිතේ ලෝබ, ද්වේෂ, මෝහාදී කෙළෙස් බොහෝයි කියලා පසුතැවෙන්න කොහොත්ම එපා. ඔයාලා අහලා නැතුවත් ඇති,



වැහි වලාකුළ පෑ කළු යැයි ඔබේ
නොහොබිතියි කිසිලෙස් නොසතොස් නොවන්
සිරුර පෑයෙනු ගත් සුදනෝ ලොවේ
නොහඳුනත් උතුමන් ගුණයෙන් විනා

බලන්න වැහි වළාකුළත් එහෙනම් කළුපාටයි නේ. නමුත් එයා තමා වැස්ස ගේන්නේ. ඒවගේ මිනිසුන් උතුමන් වෙන්නේ ඔවුන් තුළ ඇති ගුණයෙන් මිසක් පෙනුමෙන් නොවේ. දැන් ඔයාලගේ රිද්මෙට රොක් කළොත් මේම කියතෑකි.

කාලේ මේතෝ ක්‍යාහුවා දිල් වාලේ හේයි
තේරේ තේරේ තේරේ චාන්දනි වාලේ හේයි
මද සඳෙන් තවත් සුපුන් සදක් උදාවේ..// හොයි හොයි

මං කළුවුනාට මොකද හවතක් තියෙනවා කියලයි කියන්නේ. ඔබේ චන්ද්‍රයා මමයි. හරියට අභ්භා මුත්තෝච චන්දිමා වගේ. නැත්නම් වළා ගැබෙන් මිදුන සඳක් වගේ. තාමත් පරක්කු නෑ, චුට්ට චුට්ට නරක අඩු කරගන්න උත්සාහ කරන්න. හරියට අර රන්කරුවා රිදියෙහි මළ අරින්නාක් වගේ. (කම්මාරෝ රජතස්සේව - නිද්ධමේ මල මත්තනෝ) ඇවරිතුමා තමුන්ගේ කී නෝට් ස්පීච් එක අහවර කළේ කොල්ලො කටවල් ඇරන් සීතල වෙලා ඉද්දි. සාමාන්‍යෙයන් පන්තියේ දී සින්දු කියලා, බයිට් කරලා පිස්සු නටවලා තමුන්ගේ ළමයින්ව ඕන තැනට ගෙනල්ලා හෙළට පලච්චාවෙ කියලා තල්ලු කරන එක ඇවරිතුමාට සාමාන්‍ය දෙයක්. හැමදාම දහම් පාසල් ආව කියල තේරුමක් ම නෑ. අඩුම තරමේ එකෙක්වත් තමුන්ගේ ජීවිතය වෙනසක් කරගත්තා නම් අපේ කාලයට සාධාරණයක් ඉෂ්ට වෙනවනේ.


මේ අවුරුද්දේ ඇවරිතුමාට කරගන්න බැරි වුනේ බේබීස් ඩේ අවුට් එක විතරයි. ඒකත් කූල් ප්ලෑනක් 2017ට පෝස්ට්පෝන්ඩ් හැබැයි. තවත් හැපනින් ඉරිදාවක් අහවර වුනේ ඒ විදියට. දහම් පාසලේ හිටි ඇවරිතුමාට සෙනිකෙට ආපු කෝල් එකක් නිසා සෑහෙන්න හැපී එකක් ආව. ඒ සෙනික ඇමතුම් සලාදය පසුව බලාපොරොත්තු වන්නලු හොඳේ..!!

ප.ලි - අර උඩ සින්දුවේ ඉස්සර ජනප්‍රිය ලින්ඩ්සේ බාලිකා වර්ෂන් එකක් තිබුණා අපේ රුසිරු අරුණෝදි අක්කා නිතර කියපු.
මද සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ //
අපි බඳිමු ඕන කෙහෙම්මලක් උනාවේ //
ඕනෙනම් තවත් ඩිවෝස් එකක් උනාවේ හොයි හොයි//

Thursday, March 30, 2017

පුරා කොමාගේ විලාසිතාව හෙවත් මිනිහා මාරු වුනාට අඩිය මාරු නොවීම...


අවුරුද්දේ ඉවෙන්ට්ස් අතර ඇවරිතුමා අනිවා යන ප්‍රදර්ශනයක් තමා ලෙදර් එක්ෂිබිෂම. ගිය පාර යන්න බැරි වුනේ වැඩි හා හූවක් නැතුව ම වැඩේ ගියපු නිසා. අවුරුද්දේ ඇවරි ටාර්ගට් කරලා බලන්න කැමති ටොප් ටෙන් ප්‍රදර්ශන අතර ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය, ජාතික මැණික් ප්‍රදර්ශනය වන ෆැසෙට්ස් වගේ කිහිපයක් තියෙනවා. ගිය පාර වාඩුව අල්ලන්නත් එක්ක මේ පාර ඇවරි කලින් ම සූජානම් වෙලා වැඩේට සෙට් වුනා.

මුලින් ඇවරි හිතාන හිටියේ සෙනසුරාදාවේ ඒ වැඩේ යොදාගන්න. නමුත් ලෙදර් එක්ස්පෝව බලන්න අනිවා යන අංගනාවක් ඉන්න බව ඇවරිට අමතක වුනා. ඒ අපේ මාෂි මැතිනිය. දානමය පුන්‍යකර්මයක් සඳහා අම්බලන්ගොඩට සැපත් වූ ඕ තොමෝ ඉරිදාවේ ප්‍රදර්ශනය සඳහා එක්වන බවට කළ නිල නිවේදනය නිසා ඇවරිත් තමුන්ගේ ගමන ඉරිදාට යොදා ගන්නවා. ඉරිදාවෙ ජන්පින්ග් වැඩ අමාරු වුනත් උත්තමාවිය සහභාගීවන නිල උත්සවේට නෑවිත් බැරි නිසා හාය කියන්න ඇවරිට සිද්ධ වෙනවා. එදා ගුරු රැස්වීමක් තිබුණ නිසා වැඩේ තවත් වස්ති වෙන ගානයි. වෙන්න යන සන්තෑසිය ගැන දුර දක්නා නුවණින් කම්පනා කරගත් ඇවරි වහා ම මාෂියානෝ අමතා වෙලාව වෙනස් කරගන්න හැදුවත් එතුමිය ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ නෑ. අන්තිමේදී ඇගෙන් ලද කෙටි පණිවිඩේ කියැවුනේ තවමත් පානදුරේ බවයි. ලද අවසරයෙන් සෙනිකෙට යෙදුන දිවා ආහාර ආරාධනාවකුත් බාරගත් ඇවරි දුරත් ගෙවාගෙන ගෑස් ගහගෙන, සෙමර සලාගෙන යද්දි මා මැජස්ටි පිටත් වෙලා. ඉතිං මොකේ දන් වළදන්නෙ කිව්වලු?? 

වන්නාට යහපත කියාගෙන ඇවරි දකුණු කකුළ පෙරට තියලා ප්‍රදර්ශන භූමියෙන් ඇතුලුවුනා ම ජපන් එක්ස්පෝව මඟ හැර ලෙදර් ප්‍රදර්ශනයට යන්න තීරණය කළා. ඇවරි ලෙදර් නිමැවුම් වල නිත්‍ය පාරිභෝගිකයෙක්. ජෙනුවින් ලෙදර් වල තියෙන වටිනාකම ඕනෑම දෙයක් ඔබ ජීවිතයේ වරක් පමණක් මිලට ගත යුතු වීම. උදාහරණයක් විදියට කැෂුවල් වෙයා සපත්තු. දැන් ඇවරි දාන කැෂුවල් ලෙදර් සපත්තු දෙක අවුරුදු දෙකයි මාස අටක්. එහි පළමු සේවා කාලය එළඹිලා. මුළු ජිවත කාලෙම ඒ සපත්තු දෙක අදාළ ආයතනය මගින් නඩත්තු කෙරෙනවා. ඒකට කියන්නේ බ්රෑන්ඩ් ලෝයල්ටි කියලා. ඇවරිට ඇත්තේ ජෙනුවින් ලෙදර් බෙල්ට් දෙකක් පමණයි. ඇවරි දැන් කාර්යාලයට ගෙනයන බෑගය ඇවරි තරම්ම වයසයි. පී. ජී මාර්ටින් එයිටීස් ක්ලැසික් බෑගයක් වන එය ඇවරිට නුවර මාමාගෙන් තෑගි ලෙස ලැබුණක්. සාමාන්‍යෙයන් ඇවරි බස් එකේ යද්දි මිනිස්සු මේ මොකා?? නිකන් පුරා විද්‍යා කොමසාරිස් වගේ කියලා බලනවා තමා. නමුත් ඒ බෑගයේ ඇතුළත නිමාව අතිශය ඉස්තරම්. එහි පෑනේ ඉඳන් හැම දෙයක් ම නියමාකාරයෙන් තැම්පත් කිරීමේ පහසුකම් සකසා තියෙනවා. කොටින්ම කොටුවෙ පී.ජී මාර්ටින් එකෙන් බොහොම සුළු මුදලකට ඒ බෑගයේ බකල් එක අලුත්වැඩියා කරලා දුන්නේ එච්චර කාලයක් ඒ බෑගය පාවිච්චි කිරීමට සැලකීමක් වශයෙන්.

ඇවරිගේ සපත්තු දෙක වුල්ෆ්ගැන්ග්. අවුරුදු හතරක් දාලා තියෙනවා. අඩිය පොඩ්ඩක් ගෙවිලා විතරයි. වත්තල ෂෝරූම් දුන්නා ම අඩියක් ගස්සවන්න පුළුවන්. වුල්ෆ්ගැන්ග් සන්නාමයේ තියෙන විශේෂත්වය තමා ඇතුලේ ඇති කුෂන් ෆෝම් එක. අපි සපත්තුවට බර දුන්නා ම එයා කුෂන් එක උඩ උඩට තෙරපන නිසා විශාල පහසුවක් දැනෙනවා. අනික හැමදාමත් කාල තරණයේ යෙදෙන ඇවරිට කෝච්චිය අල්ලන්න වුල්ෆ්ගැන්ග්දෙන සප් එක වචන වලින් කියන්න අමාරුයි. සපත්තුවට පින් සිද්ධ වෙන්න ඇවරි ලංගම ස්ටෑන්ඩ් එකේ ඉඳන් ෆ්ලෝටින් මාර්කට් හරහා කොළඹ කොටුවේ පස්වන වේදිකාවට මැරතන් වන් තර්ටිය විනාඩි පහට කරනවා. කෝචිචි නිසා ඇවරි නිතර කාලතරණයේ යෙදෙනවා. උදාහරණයක් විදියට ඔයාට එකට කිරිබත්ගොඩින් නැග්ගත් එකහමාර කොටුවෙන් අල්ලන්න පුළුවන්. ඊට පහුවුනොත් ගාලු කුමාරිය අනිවා ගන්නත් පුළුවන්. මුලින් ඩිලේ වුනාට එන්ඩින්ග් ඔන් ටයිම්.

මෙදාපාර තවත් හාෆ් ෂූ පෙයාර් එකක් ගැනීමේ අවශ්‍යතාව තිබුණා. හරියට ම කිව්වොත් අපේ මරුසිපාලට තෑගි දෙන්න. හාෆ් ෂූ පහසු වුනාට ලොකු ම අවුල පිටිපස්සේ විළුඹ හරියට ලොක් නොවීම. ඇවරිට විළුඹ - මැන්ඩිය කරද්දි එපා වෙන්නෙ ඒකයි. හැබැයි එක ප්‍රදර්ශන කුටියක හරි ම නිෂ්පාදනය තිබුණා. මේක නම් ගින්දර. මේ අවුල මේකෙ විසඳලා තියෙනවා. ඇවරි අදාල කළමනාකරුට පැහැදිලි කළා ම ඔහු වසර පහක සේවා නඩත්තුවක් සහතික කරමින් වෘත්තිය ආගිය විත්ති හේමත් ඇහුවා. ඇවරි කැමති අනික් පාවහන් විලාසිතාව සැන්ඩ්ල්ස්. ජෙනිවින් ලෙදර් සැන්ඩ්ල්ස් ලංකාවෙ මිනිස්සු පාවිච්චි කරනවා බොහොම අඩුයි. ඒකට සුද්දො, අවුරුදු ගාණක් එක ම සැන්ඩ්ල් එක දාන අය ඉන්නවා. නියම අඩිය, හම් පටි සහිත ජෝඩුවක් අවම රුපියල් හාරදාහක්වත් වෙනවා. නමුත් ලංකාවෙ දේශියව නිපදවන ලෙදර් පටි සහිත රබර් අඩිය ඇති ඒවා ලාබයි. ඒ අවුරුදු පනහට වැඩි අයගේ විලාසිතාව. ගිය 2015 ඇවරි දෙකක් ගෙනාවෙ හරි අහම්බෙන්.

පුතා මෙතන ටූ පීසස් වන් ග්රෑන්ඩ්. ඔයා එකක් ගත්තොත් මගෙත් වැඩේ කෙරෙනවා. නෝ ප්‍රොබ්ලම් සර්, ලෙට් මී සිලෙක්ට් මයින් කියලා රුපියල් පන්සීයකට තට්ටු කළාට ඒ පෙයාර් එක සෑහෙන්න කාලයක් දැම්මා. ඒක දැම්මාට ඇවරි නිකම් සුරපප්පා එකේ රෝමන් කාරයෙක් වගේ. ලොල්..
බ්‍රිටෝ ලෙදර්හි නිරෝ හමුවීමේ වුවමනාවකුත් ඇවරිට තිබුණා. ඇවරි කෝපරේට් වැඩකට එයාලගෙන් ලෙදර් ෆයිල් කවර කිහිපයක් ගත්තා. ඒ4 ප්‍රමාණයේ රෙක්සින්, කළුපාට සිප් එක සහිත කවරය වෙළපොලේ හාරසීයක් වෙද්දි හයි එන්ඩ් ලෙදර් කේසින් එක හාරදාහක් වෙනවා. හැබැයි නිමාව අතින් විස්කිම තමා. ඒ ඩීල් එකෙන් නිරෝ ෆිට් වුනා. බ්‍රිටෝලා යුරෝපා වෙළඳපොලට ලෙදර් සපත්තු සහ බෑග් තොග පිටින් නිෂ්පාදනය කරන ආයතනයක්. එහෙම තුන් හාරදාහේ ලොකු ඕඩර්වලින් ඩිෆෙක්ට්ස් එයාලගේ ෂෝරූම් එකේ අඩුවට දෙනවා. නිරෝ මට විශේෂයෙන් බෑග් එකක් ගෙනත් තිබුණා. ඒක ගන්න ඇවරි ඈව මුණගැහෙන්න ගියා. යුරෝපයේ ලෙදර් බෑග් යුනිසෙක්ස් විදියට ගියත් ලංකාවෙ පිරිමි අතර ප්‍රසිද්ධ මෙසෙන්ජර් බෑග් විතරයි. ඇවරිගේ බොස් දැඩි ලෙදර් බෑග් රසිකයෙක්. පටි දෙකක් සහිත ඔහුගේ කාන්තා විලාසිතාවට ආසන්න අත් බෑගයේ පටිය ගැලවිලා ඒක හදාගන්න ලංකාවට ආපු වෙලාවෙ වරුවක් ම වෙන් කරලා තිබුණා. මොක ද ඒ බෑගයට ඔහු එපමණ ආසයි.

ලෙදර් සපත්තුවල ගොඩක් ලේස් නැතුව තමා එන්නේ. කළු සපත්තුවල විතරක් ඇතැම් විට ලේස් දකින්න පුළුවන්. නමුත් බ්‍රිටෝලගේ ලේස් ඇති දුඹුරු පැහැ සපත්තු තියෙනවා. තව අර යකඩ මුදු වද්දපු අවුට් ඩෝර් ෆ්ලැට්, රවුන්ඩ් ෆ්රන්ටඩ් සෝල් එක එයාලගේ අවුට් ඔෆ් ස්ටොක්. ඒකේ සාම්පල් පෙයාර් එක රුපියල් හත්දාස් ගාණක්. නමුත් ඇවරි පිතා තෑගි දුන්න ඒ පෙයාර් එක ම අඩියක් නැතිකමින් පැත්තකට කරලා තියෙනවා. හයියෝ සංසාරේ.

ඇවරි පිතාගෙ වෙඩිමට දාපු තිත් මෝස්තරේ ලෙදර් සපත්තු කුට්ටම තාමත් තියෙනවා. ඒකෙ දැන් මිල පන්දාහක් විතර වෙනවා. ලෙදර් සපත්තු, වැක්ස් බොටල් නැතුව ටින් එකෙන් මැදලා සුද්ද කරනවා නම් දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන්. අර ලික්විඩ් එකේ තිනර් එකට සපත්තුව පිච්චෙනවා. නියම ලෙදර් ගන්න නම් ඔබ ලයිටරයක් හරි ගිනි පෙට්ටියක් හරි අරන් යන්න අමතක කරන්න එපා. ඇවරි මුලින් ම ජෙනිවින් ලෙදර් එකටත් කියන්නේ මේක නම් සින්තටික් කියලා. පිස්සු ද සර් ඉන්පෝර්ටඩ් ලෙදර් බෙල්ට් කිව්වොත් සාක්කුවෙන් ලයිටරේ පෙන්නලා පුච්චමු ද අහනවා. බොරු කිව්වෙ නැත්නම් දාරයක් පුච්චන්න වෙළෙන්දා බය වෙන්නෙ නෑ. ලෙදර් පර්ස් එහෙම ලාබෙට දෙනවා නම් බය නැතුව පුච්චන්න. සින්තටික් නෙමේ නම් මුකුත් වෙන්නෙ නෑ.

ඇවරිට රුපියල් තුන්සීයට නියම ලෙදර්වලින් කළ බෙල්ට් එකක් හම්බුනා. මේක නම් සින්තටික් පුච්චමුද කියලා ලයිටරේ ගත්තා ම, එපා සර් මා ළඟ බඩු තියෙනවා කියලා වෙළෙන්දා ම පිච්චුවා. වාව් මේක නම් ගින්දර, පිස්සු හැදෙනවා කියලා ඇවරි පුදුම වෙච්ච පාරට සෑහෙන්න හයියෙන් කෑගැහුවා. ඇවරිගේ කටේ සද්දේ දන්නවානේ. මිනිස්සු ඔක්කොම හැරිලා බැලුවා. ඒ ලෙදර් බෙල්ට් ටික සෙනිකට වාස්ප කියහන්කෝ. ඔක්කොමත් හරි සර්ගේ කමෙන්ට් එකෙන් තමා වැඩේ පත්තු වුනේ. එය පවුලේ ව්‍යාපාරයක්. එයාල වෙස්ටේජ් ආපු ලෙදර් ස්ට්‍රැප් වලින් තමා බෙල්ට් කරලා තියෙන්නේ. තව හීනි පටිවලින් කාන්තා ගවුම්වලට කළ වේස්ට් බෑන්ඩ්ස් එහෙමත් ඒ අය වික්ක. ඒ ප්‍රයිස් එකට දෙන්නේ ඒවා ද්විතීක නිෂ්පාදන නිසා. ඒ සියලු දෙනා ඇවරි එක්ක මිත්‍ර වුනා. ආයෙත් එන්න සර් මෙන්න කාර්ඩ් එක.


හැපී සොපින් කියන්නේ මේවට තමා. දැන් ඊළඟ පාර ඇවරි යන්නේ මේ නෑදෑකම් අලුත් කරගන්න. අපි හිතුවට අයියෝ ලෙදර් අපිට අදාළ නෑනේ කියලා, ඔබ නිත්‍ය පාරිභෝගිකයෙක් වුනා ම ඔබේ මෙවලම් ගැන, ඒවායේ වැඩි දියුණුකිරීම් ගැන දැනගැනීම සතුටක් වේවි. ඇවරිට නම් ලෙදර් කියන්නේ ලක්ෂරි නෙමේ. ගුණාත්මක තත්ත්වය සහ කල්පැවැත්ම. ඒ හැම එකට ම වඩා පරම්පරාවෙන් පරම්පරාවට යන විශ්වාසය තමා ලෙදර් පාවිච්චියේ ලොකුම රහස. සර්, හරි සීරියස් කස්ටමර්ස්ලා ගන්නේ එක ම සපත්තු ජෝඩුවක් විතරයි. ඕනෑම කාලයක් අපි ඒක මේන්ටේන් කරනවා. ඇවරිට එහෙම කිව්වේ බොහොම හිතවත් වෙළෙන්දෙක්. 

Wednesday, March 29, 2017

බොහොම හොඳට රන්කම්කල වැඩක් වගෙ යි - කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙ යි


වරිතුමාගේ සදාදරණීය දූ සිඟිත්ත පහුගිය දොහේ දීගතල දෙන්න කරුණු කාරණා සිද්ද වුන නිසා ඈවර විතාන බොහෝ කාර්ය බහුල වූ බව කියන්න ඕන. මුල ඉඳන් ම අපේ අයෙෂ්ටවෙඩිමේ බුලක් කෙළීමේ කාර්ය ඇවරිතුමාට පවරන්න අවශ්‍යතාවක් තිබුණා.

පහතින් පළ වෙන්නෙ ඇගේ වෙඩිම දවසේ ඇවරිතුමා කළ නිල කතාව. මෙච්චර චාටර් කතාවක් කරලත් ඇවරි පණ පිටින් සිටීමනේ වැඩේ. අපේ කස්ටිය කාලෙකින් සෙට් වුන ඒ වෙඩින් සලාදය වෙන ම ලියන්න වටිනවා. ඇගේ අත ගත් නිමන්ත මහතා ඉතාමත් ක්ලාසි කැරැට්ටුවක්. බොහෝ දෙනා කියන හැටියට මේ දෙන්නා අහසයි පොළොවයි වගේ දෙන්නෙක් වුනාට දෙන්න ම එකතුවන ක්ෂිතිජ රේඛාවේ මැවෙන චමත්කාරයට වෙඩිම දවසේ බොහෝ දෙනා වසඟ වූ බව කියන්න ඕන.

ඕහ් රුවැති යුවතී - ප්‍රියංකා, මගෙ බඩ කෑවෝ, මෙන්ස් පාර්ටි, කවරෙ දීලා පලයන්, කලපුවේ මාළු බෑම, උරුලෑවන් හා වාඩි නොවීම, අපි නටමූ ප්‍රීති වීලා, කොල්ලා විනාසයි, වගේ කතාන්දර ගොඩක් ඇතුළත් වෙඩින් සලාදය වෙන ම ලියන්න ඕන.

කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ
කැන්දන් එනවා අපේ අයේෂා
මනුකුල සිරිතට පතිකුලයට අද
කැන්දන් එනවා අයේෂා මැණිකේ..

දඹ රත්තන් හැඩ දා හොඳින් කළ
රූපයක් ඇඹුමක් වගේ
ඔහෙ ඇස්වහක් නැත හෝවහක් නැත
ආකහේ තරුවක් වගේ
වාසනාවන්.. හරි වාසනාවන්..!!!

ආවඩා ආයුබෝහෝ වේවා...!

සුබ උදෑසනක් නෝනාවරුනි මහත්වරුනි,

මංගල්‍ය සාර වෙවා සෑදී සෙත් කියාගෙන අද මේ පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ දීගෙක යන දවසේ, අපේ මේ රතදර සිරියා පරදන, රුපෙට වටිනා නිමල කොමල තරුණිය ගැන යමක් කියන්නට මා වෙත පැවරී තියෙන නිසාවෙන් ඔබතුමාලටත් මගේ යාන් හෑල්ල අමාරුවෙන් වුනත් තව විනාඩි කිහිපයක් අහන් ඉන්න වෙනවා.

ඇත්තට ම මුන් දෙන්නාට කිව්වොත් උවමක් පැරණී - රන් රස එකට එක් වූ තැන නැත දෙවැනී කියනවාට වඩා, කොහොඹ ගහට කරවිල වැල ගියා වැනී කිව්වොත් ඒක ගැළපෙනවයි කියලයි මා නම් හිතන්නේ. තකට - තක - දෙක ම තිත්තයි නේහ්. ඒකනේ වැඩේ.... ආයෙ හිත ගිය තැන ආදර  රජ මාලිගාව සෑදේ කියවනේ. කොහොමින් කොහොම හරි සසිරිබර මෙසිරි ලංකාවෙ ජයවර්ධනෝ නම් ජනනායක තෙමේ රාජ්‍ය කරන කල්හි පස්යාල ග්‍රාම වරයේ රණතුංග දම්පතීන්ගේ කනිටු දියණිය ලෙස ජන්ම ලාභය ලද මේ කුළ කුමරිය පවුලේ එක ම දියණිය නිසා බොහෝ ආදර සත්කාර මැද්දේ සුන්දර ළමා කාලයක් ගත කරනවා.

සාමාන්‍යෙයන් පුංචි කාලෙ ගෑනු ළමයි ආස බෝනික්කන්ට. ලොකු වුනා ම ඒ අය යෝධයන්ට ආස වෙන එක වෙන කතාවක්. නමුත් පිරිමි ළමයි පුංචි කාලෙ යෝධයන්ට ආස කාලාට ලොකු වුනාම ඒ අය බෝනික්කන්ට ආදරේ කරනවා. අපේ කතා නායිකාවටත් එහෙම සහෝදර සහෝදරියොත් එක්ක බෝනික්න් නළවපු අතීතයක් තිබිලා තියෙනවා. ඒවා කොයි හැටි වෙතත් ඇය සහෝදර සහෝදරියන් හා ඩෙඟ ඩෙඟ පරි නටමින්  අන්ඩපාල වැඩ බොහොමයකට නායකත්වය දීලා තියෙනවා. ඇගේ සුන්දර ළමා කාලය ගැන අතීත මතකයන් අලුත් කරන්න අපේ ඇරයුම් ලබන්නේ ඉඳුමිනී  විජේසේකර මැතිනිය.   

වෙහෙර දේවියක වන ඇගේ පාසල් කාලය සහ පාසල් ආලය ගැන කතා කරන්න අපි සම්බන්ධ කරගන්නවා චතුරිකා වීරසේකර මහත්මිය. කොහොම ද චතූ? මේක නිකන් අර හෙරගෙ අක්කගෙන් පේන ඇසීමක් වගේ වුනත් කාරි නෑ අවංකව ම කියන්න අයෙෂ්ට ඒ කලෙ ඉඳන් නිකන් පොඩි එලයිමන්ට් අවුලක් තියෙනවා නේද? Now just imagine, ek ladiki, nachadi si, thodi paagal, you know slightly mad.. J 

අත ඔසවා කැම්පස් යාම කලාවක් නම් අපේ අයෙෂ් එහි පිකාසෝය කියන්නෙ එහි ගිහිනුත් ළමා මැහැල්ලක ලෙස අන්දොස් වැඩ කිහිපයක් ම කළ නිසා. ඇගේ කුප්‍රකට වීර ක්‍රියාවන් රැසක් අතුළත් සරසවි මතකය අලුත් කිරීමට අපි ආරාධනා කරන්නේ ප්‍රදීපා කුලසේකර මැතිනියට සහ සුගීත් මධුරංග මහතාට.
අර කිව්වා වගේ ම කැම්පස් එකේ කොල්ලන්ට වඩා අයෙෂ්ට වහා වැටිලා හිටියේ බල්ලො. ඒ ඇය බල්ලන්ට අයිසින් කැවීමට ඇප කැප වී සිටි නිසා. මැතිනිය සුනඛ පෝතකයන්ට අයිසින් කවන දර්ශනය ඇගේ නිල ෆේස්බුක් පිටුවෙන් ඔබට බලා ගන්න පුළුවන්.
දෙතොලග සිනහා ආදර කැල්මෙන් නැහැවේ
පෙම් රස අනා.... අමුණයි- සුන්දරතාවේ
නුවනඟ බැලුම්, නිහඩව ගැයු ගී රාවේ
මධුරස පිරී
සවනත - මීවිත යාවුනේ කාගෙ ද කියලා අපි මේ විරාමයේදී බලලා ඉඳිමු. ප්‍රී ෂූට් වීඩියෝව නැරඹීම...

දෙතොල නොකී දේ දෙනෙතේ ලියැවිලා - වසන් කරන සිත මුහුණේ ලියැවෙන බව මුලින් ම දැන ගත්තේ ඇය නිසා, ංං කියන්නට ඒ පෙම් කතන්දරේ අපි ආරාධනා කරන්නේ රහත්නි ද සිල්වා මැතිනියට. අසලාම්මලික්කම්. දැන් එහෙමනේ පුරුදු. දිල්වාලේ දුලහනියා ලේජාන්යේගේ එහෙම ද සත්? හදවත් ඇත්තා මනාලිය රැගෙන යයි ද?  

අද දවසේ මංගල මල්දම පතා සිටින ගරුතර නිමන්ත මැතිඳාණෙනි ඔබතුමාටත් ඔය බැඳපු කාටත් වගේ ඉතිං ගෙට ආකල ටිකිරි ලියා නුඹ වේවිලු කබර ගොයා ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවි තමා. දැන් මම කතාවට මංගල මල් දම කීවට කල් යාමේ දී ඕක උරචක්කර මාලාවක් විදියට ඔබතුමාට දැනෙනත් ඉඩ කඩකඩ තියෙනවා. නමුත් පහු පහු වෙනකොට කොහු වීම හෝ නොවීම සම්පූර්ණයෙන් ම ඒක ඔබේ දක්ෂතාවය මත තීරණය වෙන දෙයක්... මොක ද අර යකාගේ හැටියට විමානය කියනවනේ.


ඇය කෝමත් ඔබව ඇසට අසුවන මානයේ තියාගෙන හිඳීවි. වැරදීමකින්වත් බඹර සැණකෙලි පෙන්නන යන්න එපා සහෝදරයා මොක ද වලං ගැට්ට කරේ තියෙන්න පුළුවන් අපි ඇගේ සනික කෝපය ගැන දන්නා නිසා එහෙම කියන්නේ. දැසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකොමලයි - සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටියි වගේ වුනාට ඇසුරු සැණින්, මේම මේම කරද්දි දුම්මල වරම අතින් අරන් ආවේශ වෙන චරිතයක් තමා මේ. ඒ වෙලාවට මේ දැරිවිට යකඩ කැල්ලක් අතට දෙන හැටියට අපි බොහොම කරුණාවෙන් මතක් කරන්න කැමතියි.   

To be continued... 

Friday, January 27, 2017

උදේ දළදා රෑට සිරිපා හෙවත් Cast Away සින්ගල් අඩව්ව..!!




තිලිණි මැතිණියගේ අයදමින් කුරුණෑගල ප්‍රයාමය නිමාවට පත් කරලා ඇවරිතුමා කෙළින් ම ගිරා මාරු වුනේ තමුන්ගේ පුද්ගලික චාරිකාවට සාමාන්‍යයෙන් එක ට්‍රිපක් අහවර කරලා තව ට්‍රිපකට සෙට්වීම ඇවරිගේ ඉතා ප්‍රකට පුරුද්දක්. ඇවරිගේ පෙර ට්‍රැවල් හිට්ස් හැටියට අපේ ටුවරිස්මුස් සෙට් එක සීගිරියේ සිතුවම්ගේ ගෙදර ගියපු දවසෙත් එක රැයක් ඉඳලා අනෙක් දවසේ සවස වෙලේ එල්ලේ මැච් එකකුත් ගහලා, ගමේ කොල්ලන්ට පැරදිලා යාසෝ කැලුම් වර ජෝතිය ජයෙන් උදාරයි කියාගෙන, එදා සවස් ජාමේ තමුන්ගේ ගජේ පොරවල් සිටි අනුරාධපුර රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ නේවාසිකාගාරයට ගියා මතකයි.

අපි අනුරාධපුරේ පූජා නගරය බයිසිකල්වලින් කරුණා කරලා කි.මි 60කටත් එහා තිබුණ මින්නේරියෙන් නාන්න බයිසිකලේ ගාටන්න ගත්තේත්, අන්තිමේදී දිවුල්ගස් වැවෙන් නාලා, අලි පාරට ආපු නිසා කට්ට කෑවෙත්, කඅලුතා මහතා ඩී90 බස් හෝල්ට් එකේ දමා ඇවිත් යාපනේ හන්දියට මහා සයිකල් ධාවනයක් දැම්මෙත්, මහ රාත්තිරියේ බස් නැවතුමක් ඉස්සරහ ඇවරිතුමා ඩිප්ස් ගහන්න තියා ගත්තෙත්, ඔය ඔක්කොමත් කරලා හිටන් ක්ලෝසා අපි හිටපු කාමරේ යතුර පරිස්සමට කියලා කොළඹට ම ගෙනාවෙත් ඒ චාරිකාවෙ තමා. කවදාවත් කස්ටිය ට්‍රිපක් ප්ලෑන් කරද්දි තමුන්ට බෑ කියලා නොකියන ඇවැරි එක චාරිකාවක් අහවර කරලා හෝ එහි මගින් හෝ අනිකට සෙට් වෙන්න හරි දක්ෂයි.

සිරිපා කරුණාව ඇවරිගේ ඇනුවල් ඉවෙන්ට් එකක්. ආයෙ කොහේ නොගියත් සිරිපාදෙ යනවා නම් අවුරුද්දට කී සැරයක් වුනත් කාරි නෑ. අවස්ථා දෙකකදී එක ම අවුරුද්දේ දි දෙවර බැගින් කරුණා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තරම් ආසයි. අවසාන වශයෙන් සිරිපා කරුණා කළේ අපේ පවුලේ උදවිය සමග නෑයන් හා වේයන් සමග කළ සිරාපා කරුණාව කියලා පෝස්ටුවක් ඇති මයෙ හිතේ. ඇවරිට අමතක නොවන සිරිපා සටහන් අතර කෝඩු කරුණාව, බාලදක්ෂ කරුණාව, ප්‍රේම කරුණාව, සහයක ඩැනී කරුණාව, වේයන් හා නෑයන් කරුණාව ප්‍රධානයි. හැබැයි එදායින් මෙදාවට කළ හොද ම කරුණාව තමා පැය දෙකක් තුළ මළුවට ම කළ 2016 හුදකලා කරුණාව.

කෝඩු කරුණාවෙදි අපි මළුවේ කාමර අරන් නැවතිලා හිටියා. ඒ ගැන පරණ පෝස්ටුවේ ඇති. බාලදක්ෂ කරුණාවෙදි සීත ගගුලේ ඉදන් මකර තොරණ ගාවට ආපහු ඇවිත් යන්න වුනා අපේ කොල්ලෙක් දාලා ගිහිල්ලා. තව ඒකේදි සොදා අයියා ඇවරි නිදිමතේ ෆුට් බෝර්ඩ් යද්දි කෝච්චියෙන් වැටෙන්න ගියා ම අල්ලාගෙන පණ බේරුවා. සහයක ඩැනී කරුණාව නම් ඉල්ලා ගෙන කෑමක්. ඇවරිගේ එක්ස් ඇවරි හාමිනේ එක අවස්ථාවක පුද්ගලික හේතුවක් මත තවත් කෙනෙක්ගේ සහායට යන ගමනක් සදාචාරාත්මක නොවේ යැයි කියමින් සිරිපා කරුණා නොකරන හැටියට බලවත් ඉල්ලීමක් කරනවා. සැදැහැති බෞද්ධ කාන්තාවක් වන හිටපු ඇවරි හාමිනේ එහෙම කියන්නේ සිරිපා කරුණාවට ඇති අකමැත්තට නොවෙයි. හුදෙක් ම ප්‍රතිපත්තිමය ගැටලුවක් නිසා. නමුත් ඇවරිතුමා ඉතිං ලොකු සීන් නේහ්. ඉට්ස් ඕකේ බේබි කියාගෙන ඒ කරුණාව තමුන්ගේ අතිජාත මිත්‍රයාගේ සහයකයා හැටියට යනවා. නයිට් මේල් එකේ ගිහිල්ලා කට්ට හීතලේ හැටන් ස්ටේසමට වෙලා හාමිනේගේ ද්වේෂසහගත කෙටිපණිවිඩ කියවමින් තමුන් විහින් කරගත් ගොන්කම ගැන චිත්තාපර වෙමින් මදුරුවන් තලමින් මිත්‍රයා සමග කෝපි බිව්වා තාමත් මතකයි. කරුණාව හොදට කෙරුණත් පහුවදා අධි චෝදනා පත්‍රයක් විභාග කෙරුණාම තමා ඇවරිට වරදේ බරපතලකම තේරුණේ.


හැබැයි අද අවුරුදු විසි නවයේ දී තේරෙන හැටියට ඒ වරද වුනත් හුදෙක් ම සිරිපා කරුණාවට තියෙන නොනිමි ආශාව නිසා සිද්ධ වුන දෙයක් මිසක් හාමිනේ කියපු දේ නොසලකා හැරීම නිසා සිද්ධ වෙච්චි දෙයක් නෙමෙයි. ඇවරි හිතන හැටියට ආයෙත් හදා ගන්න තියෙනවා නම් නොකරන ඓතිහාසික වැරැද්දක් තමා ඒ. මොකද ඇවරි එක කාන්තාවකගේ කුරිරු සතුටක් වෙනුවෙන් ගරුකටයුතු කාන්තාවක් තිදෙනෙකුගේ සතුට නැති කළා. හදවත කොනේ මා කදුළක් තියෙනවා කිසිදාන නොපැතූ - නොසිතූ ලෙසේ කියන්නේ අදටත් ඒ පසුතැවිල්ල තියෙනවා. කිඹුලි කන්න පැන්නේ ගගට බැස්ස නිසාය කියමුකෝ ආයුබෝන්. ඒත් කොහිල කටු ඇණෙනවා ඉවසන්න බැරිය කියන්නේ මගේ මිත්‍රයාට ඒ ගැන වගේ වගක්වත් නැති වීම නිසා. මොන ජීවිත ද චාමර මෙව්වා? සිරාවට ඒක නම් දුර දිග නොහිතා කළ පජාත ම වැරැද්දක්. ප්‍රේම කරුණාවෙදි නම් ඒ විදියට අමනාප වූ හාමිනේ පද්මෙට ම කරුණා කළා. ඒක ඇවරි වැඩිම කාලයක් ගත කළ කරුණාව. නඩේ ඈයො අරව කළා ඉදිකටුපානේ දී කියන්නේ, සෙනග වැඩි වෙලා ඉදිකටුපානේ නැවතිලා නිදාගත්තත් මතකයි. එහි බොහෝ සැමරුම් අදටත් තියෙන එක සතුටක්. විශේෂයෙන් ම පඩි නඟින සාම චෛත්‍යය පාරේ මතක.

වේයන් හා නෑයන් එක සුපර්බ්. සම්පූර්ණ වගකීම් දරන්නා හැටියටත් නඩේ ගුරා හැටියත් කළ ඒ කරුණාවෙදි මුළු නඩයක් සතුටු කරන්න හැකි වීම සතුටක්. අනික එච්චර අඩු වියදමකින් තිස් පහකට වේල් හයක් කන්න දුන්නා කිව්ව ම ඇත්තට ම පුදුමයි. නමුත් ඇවරි බොහොම සාර්ථකව ඒ අභියෝගය ජය ගත්තා. තනිව නෙමෙයි. ඒ වගේ හිතපු ගොඩාක් දෙනාගේ උදව්වෙන්. පවුලේ උදවිය අතර බොහෝ ප්‍රසිද්ධ කොණ්ඩයියාහ්.. ජුන්ඩට හීතලයි!! කතාව මේ කරුණාව හා සම්බන්ධයි.  

දැන් ෆ්ලෑෂ් බැක් අහවර කරලා මේ කාලෙට එමු. හිතුමනාපෙට ගියපු ඒ ගමන ඇත්තට ම උපරිම ෆන් සහගතයි. තනිව තමුන් කොච්චර ශක්තිමත් ද කියලා බලන්න තමා ඒ ගමන වැඩියෙන් යොදා ගත්තේ. තවත් 2017ට හොඳ පටන් ගැන්මක් සටහන් කරන්නත් ඒ වගේ වැඩක් හරියයි කියලා හිතුවා. ගමන පටාන් ගත්තෙ නුවරින්, කුරුණෑගලින් නුවරබස් එකක නැඟලා පට්ට නිදිමතේ හීත කාගෙන ආපු ඇවරි ඇහැරුණේ අලුත ඇරපු තිලකවර්ධන ටෙක්ස්ටයිල් එක හරියෙදි. ඒ වෙනකොට නුවර ඇහැරුණා විතරයි. ඒ ලංගම බසයේ කොන්දොස්තරවරයා තිලවර්ධන සාප්පුව ගැන දීපු කොමෙන්ට්ස් ටික ඉස්තරන්. අපරාදෙ කියන්න බෑ මහත්තයෝ නුවරටත් සිංහල රෙදි කඩයක් ආව. පහුගිය දවස්වල ඔතනින් යන්න බෑ සෙනඟ කන්දරාව. ඒ මිනිස්සු අවුරුදු ගාණක තොග අඩුවට ම දීලා ඉවර කරගත්තා. අපේ කට්ටිය ලෝක අවසානෙ වගේ ඇදුම් ගත්තේ.

මාළිගාව බහින්න කිව්ව ම ඇවරිත් මෙලෝ සිහියක් නැතුව බැස්සා. සිරිපා කරුණා කරන්න යන ගමනේ උදේ වරුවේ මාළිගාව වැඳලා බදුලු කෝච්චිය අල්ලගන්න වෙලාව තිබුණා. ඇවරිතුමා හිත පුරා දළදා වැඳලා, පිරිත් කියලා, නාථ දේවාලයට පඩුරු දාලා කාරිය වැල් බෝධියට ගියා. ඒක අපේ ගංගා මැතිනිය ඇවරිට ඇති කරපු පුරුද්දක්. එතුමිය ඇගේ හැම උපන්දිනයකට ම නුවර වැල් බෝධියට කිරිපිඩු හදාගෙන එනවා. ඉහළ ම මාලෙට නැඟලා පෝ අත්ත ළඟින් ඔළුව නවාගෙන, මුලින් ම වැල් බෝධින නාවන්න එක්ක ගියෙත් ගංගාවෝ ම තමා. ඒ හොඳ පුරුද්ද වෙනුවෙන් ඈට පින්. එදායින් පස්සෙ අඩු ම විනාඩි තිහක්වත් ඇවරි ඒ භූමියේ ගත කරනවා. බොහොම නිස්කලංක තැනක්. වාසනාවක් තිබුණොත් අලියත් බලාගන්න පුළුවන්. ඊළඟ වන්දනාව සංචාරක තොරතුරු කේන්ද්‍රය. එහි ඇවරිගේ සරසවි මිතුරිය මුණගැහුණා ම වන්දනා කටයුතු නිල වශයෙන් ඉවරයි. ඊළඟට උදේ කෑම. ඒකට ඇවරි යන්නේ ඇවරිගේ කැමතිම වේටර්වරිය සිටින සිංහල කඩේකට. ඒ හරියෙ පේස්ට්‍රි කඩ ටික නම් ඇවරිට අමතක නොවෙන්නේ හාමිනේ එක්ක මෙගා රොමයක් ඉන් එකක දී ඇදගත් නිසා. ඇවරිගේ චොයිස් එක වේටර්වරුන්/වරියන් සුදු කළු ඇඳුමින් සැරසී සිටින වඩා හොඳ සේවාවක් ඇති බොහෝ නිස්කලංක තැනක්. සාමාන්‍යෙයන් ඇවරි රාජකාරී වැඩ සමගින් අවම විනාඩි හතළිස් පහක් ඒ පතරාසය ගන්න බව සේවිකාව දන්නවා. තෝසෙ, ඉඳිආප්ප, පරාටා, පිට්ටු එකින් එක වෙන වෙනම ඇණවුම් කර කන්න පුළුවන්. කෝමත් මගේ තැන නිසා ඇය බොහෝ කරුණාවෙන් අවශ්‍ය ඕනෑම දෙයක් ඉල්ලන පමාවෙන් සපයනවා. විශේෂයෙන් ම උණු වතුර.

ඉක්බිති මහා නිෂ්ශබ්දතාවයක් වගේ විශාල කල් මැරීමක්. උඩරට කලා සංගම් ශාලාව ඇවරි කාලෙ කන්න කැමතිම තැනක්. අලුතින් ආපු නා නා විධ මෝස්තරවල අත්කම් නිර්මාණ බලබල ඒ ශිල්පීන් එක්ක කතා කරමින් ඇති තරම් වෙලාවක් කාලෙ කන්න පුළුවන්. වැව වටේ යන්නත් වෙලා තිබුණ නිසා ඇවරි ඒ වෝක් එක කළා. මල්වතු හාමුදුරුවන්ගේ පන්සලකුත් තියෙනවා ඇවරි නිතර යන එන. හරියට ම කීවොත් වැව රවුමේ අසපුව එහා පැත්තේ. ඒ රෝන්දෙට ඇවරි බොහොම මනාපයි. හැබැයි මහාමායාව ළඟින් යද්දි නම් නොසෑහෙන්න පරිස්සම් වෙනවා. ඔය ටික අහවර කළාම ඇවරිතුමා එන්නේ ඉස්ටේසමට.  


ඇවරි කවදත් වාඩි වෙන්න ආස මාතලේ වේදිකාවේ කෙළවරේ බංකුව එදත් හිස්ව තිබුණා. මොකද අර කලින් කී වලියෙන් පස්සේ ස්ටේෂන් එකට ඇවිල්ලා අපි එක ම බංකුවේ දෙකෙළවරේ වාඩි වෙලා හිටියේ. මොකක් හරි වැදගත් කාරණාවකට අපි දෙන්නා යොදාගත් ඒ ගමන මුල ඉඳන් ම අවුල්. අපි බස් එකේ ගිහින් කෝච්චියේ ආව. හැබැයි එදා රිටර්න් ජර්නි එක තමා ජීවිතේ නුවර-කොළඹ පළමු පන්තියේ වෙන් කළ ආසන සුපිරිම එක. දැන් කල්පනා කරලා බැලුවම තමා අපි ඒ කාලෙ කොච්චර වියර්ඩ් මිනිස්සු ද කියලා හිතෙන්නෙ. හිස්ට්‍රි රිපීට්ස් පුතා.


හැටන් දක්වා ගමන සෑහෙන්න දිග එකක් වුනාට ආසන බලාපොරොත්තුවක් ඇවරිට තිබු‍ණෙ නෑ. ඉෂාන් ෂිවන්දන බයික් එක ගන්න ඇවරිගේ ගෙදර එන ගමන් ඇඳපු ඇඳුම් ටික ගෙදරට දාගෙන යාමේ වගකීම බාරගත් නිසා ඇවරිගේ සැහැල්ලුව බොහෝ සැහැල්ලු වුනා. ඇවරිට ඕන වුනේ හැම ස්ටේසමක ම වගේ බැහැලා වෙන පෙට්ටියකින් නඟිමින්, කෝච්චියේ මුල මැද අග ආදී හැමතැනක ම ගමන් කරමින් මිනිස්සු එක්ක කතා කරන්න. ඒක බොහෝ විනෝදකාමීයි. ඇවරි එහි ගාඩ් කොලූ එක්කත් කතා කරලා ගාඩ් රූම් එකෙත් ටික දුරක් ගියා. තනිව ගියොත් මිසක් කීයටවත් සෙට් එකක් එක්ක ගිහින් එහෙම ජෝගි නටන්න බෑ.  විශේෂයෙන් ම තේ දලු නෙළන ළඳුන් හා කැඩුණු දෙමළින් කළ කතාබහ අමතක වෙන්නෑ. ඒ වගේ ම සුදු ජාතිකයන් එක්කත්. ගොඩක් අපේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වළස් අඩි (barefoot) පානිය නැඟලා ගියා. අවාසනාවට ඒක ඇවරිගේ වෘත්තිය නිපුණතාවය ලු ඉතිං. ලොල්   

ඇවිල්ල යන්න හෙවත් 2016යේ නැට්ටෙන් ෆන් ගත් හැපී ජර්නිය
























2017 ගැන ලියන්න කලින් 2016 අවසානය ගැන ලියන්න බොහෝ දේ තියෙනවා. ඉන් එකක් තමයි කිරිගල්පොත්ත තරණය. මේ වැඩේ සිද්ද වුනේ බොහො ම අහම්බෙන්. ඇවරිගේ හොඳම යාළුවා සලාදය කියවන බොහෝ දෙනා දන්නවා ඇතිනේ. සුබූ, සුකුමා, ළඟපාත, ක්ලෝසා වගේ බොහෝ අන්වර්ථ නාම ඇති සුගීත් තමා ඇවරිතුමාගේ ළඟ ම මිත්‍රයා. ඇවරිගේ හොඳ ම මිතුරිය තමා සඳමිතුරිය. නැත්නම් තිළිණි ප්‍රේමතිලක. මේ දෙන්නාට ඇවරිතුමා ගැන සෑහෙන්න වද දීලා තියෙනවා. කවද හරි මුන් දෙන්න කට ඇරපු දවසකට ඇවරිගේ සායම හේදන බව ෂුවර්. දෙන්නට ම ඇවරි කාලෙකින් කතා කරලා නැත්තෙ මගේ වෙලාවල් මුන් දෙන්නට ම සෙට් වෙන්නෙ නැති නිසා මොකද මං රෑ එකට දෙකට කතා කරද්දි දෙන්න ම සැප නින්දේ.

සුගී-තිළිණි දෙන්නත් හොඳ යාළුවෝ. මේ ඩබලට ම පොදු සමානකම් ගොඩක් තියෙනවා. කවදාවත් ඇවරිට මේ හොඳම යාළුවො දෙන්නගේ උපන්දින මතක හිටින්නේ ම නෑ. තිළිණිට කවදාවත් උපන්දිනේට විෂ් කරන්න වෙන්නෙ ම නෑ. සුගියා නම් ඊට වඩා වස්ති අවස්ථාවන්ට මුහුණ දීලා තියෙනවා. සමහර වෙලාවල්වලදි සමහර දේවල් මුන් දෙන්නට නොකියා කරලා කෙළවගෙන සුගියා අවුලක් බන් කියාගෙන ආයෙත් පොර ගාවට ම යන වෙලාවල් වගේ ම, බෑ බබා මේකට මං උදව් කරන්නේ නෑ. කියලා සඳමිතුරිය සහාසික විදියට සමහර අන්ඩපාල ව්‍යාපෘතිවලින් ඉවත් වෙන වෙලාවලුත් තියෙනවා. ජීවිතේ ඇවරි කරන ලොකු ම වැරැද්ද තමා මේ දෙන්නට සමහර දේවල් නොකියා සිටීම. සුගී නම් ඒ වෙලාවට බොහොම කූල් එකේ ඉන්නවා. උඹ ඉතිං කෙළවගත්තන් එන්නේ මං ගාවට නේ. හැබැයි සඳමිතුරී නම් එහෙම වෙලාවල් වලදි වාඩුව ගන්නවා. තමුසෙ මට කිව්වෙ නෑනේ..! කොරලා බලමුකෝ එහෙනම් කියාගෙන ඇය නම් අනිවා ගේම ඉල්ලනවා.

හැමදාමත් තිළිණි ගෙදර එන්න කියලා කිව්වට ඇවරිගේ වැඩ රාජකාරි නිසා ඒ ගමන් මඟහැරිලා තියෙනවා. නමුත් අපේ කව්වා, සමා සහ අනුරාධි එහේ කිහිප පාරක් ම ගිහින් තියෙනවා. (මතක හැටියට ගිය වෙසක් නිවාඩුවට) කව්වා ගැන කිව්වොත් එයා ගර්ල් ඔෆ් හර් ඕන් තමා. කරුණා නිධාන වූ සමා මැතිනිය, ද හෝම් මේකර් නමැති, කොච්චර අමාරු වෙලාවක දී වුනත් එකමුතුව වැඩ කරන්න මිනිස්සුන්ව සංවිධානය කරන මේ කුල කත වැඩකදි හැමෝට ම වෙන වෙන ම අවධානය දෙමින් ඔවුන් ගැන සොයා බලන්න තරම් කෙයාරින් අතින් ඉස්තරම්. අනිත් කෙනා අනුරාධි. හෝලි පීස් ඔෆ් ෂිට්!! එතුමිය අනුෂ්කා ෂර්මා වගේ බ්රෑන්ඩ් එකක්. පිස්සු කියන එකේ අනන්තය. ඇදහිය නොහැකි කාන්තාවන් අතරින් අග තනතුර දෙන්න පුළුවන් අපේ අනුරාධිට. මොකද පොර ඊළඟට මොකක්ද කරන්නේ කියලා ඈටවත් ෂුවර් නෑ. මෙත්මල් පිබිදේවා නිසා ම හොඳයි.

සාමාන්‍යෙයන් එංගලන්ත කැලැන්ඩරයට වැඩ කරන ඇවරිතුමාට නිල නිවාඩු ලැබෙන්නේ අවුරුද්ද අවසානයේ හෝ අප්‍රේල් ඊස්ටර් බ්‍රේක් එකට. ඒ කාලය ලංකාවේ අවුරුදු නිවාඩුත් එක්ක යන කාලය නිසා ලොකුවට පිස්සුවක් නටන්න ලැබෙන්නෙ ඉයර් එන්ඩ් වැකේෂන් එකේ තමා. දෙසැම්බර් නිවාඩුවට කුරුණෑගල එන්නැයි තිළිණි ආරාධනා කළේ කාලෙකට කලින්. නමුත් අපේ විද්වත් මණ්ඩලය යෝජනා ස්ථිර කළේ නත්තල් සති අන්තයට. කව්වාගේ මිත්තණිය අන්ත්‍රාවීම නිසා ඇයත් ෂෝර්ට් නෝටිස්ඩ්ස් නිසා සමා මැතිනියත් ගමනට නොඑන බව ප්‍රකශ කළාම ඒකත් කටින් යන ට්‍රිපක් වෙයි කියලා අපේ ගයිඩා ඉෂාන් බය වුනා. ඇවරිට නැවතත් රාජකාරි වාර්තා කරන්න තිබුණෙ බදාදා නිසා සති අන්තයේ කුරුණෑගල ඉඳලා සඳුඳා නුවර දවසක් ගෙවා එදින රාත්‍රී හැටන් ගිහින් සිරිපා කරුණා කරන්න ඇවරි වැකේෂන් ප්ලෑනක් ගහලා තිබුනෙ. ඒ අහු අස්සේ බර කරත්ත කියන්නේ ඇවරිගේ ඉහමොළ රත් වුනේ ඉෂාන් ගෙදර ආවම.

අපි කොටුවට යන ගමන් ඉෂානෝ චාරිකා සැලැස්ම විස්තර කළා. මචං අපි යන්නෙ කිරිගල්පොත්ත නඟින්න. වට් යකෝ ලංකාවෙ දෙවැනියට උස ම කන්ද? ඇවරිට ඌරු ජුවල් නැඟලා දැන්..! උඹ දන්නවනේ මං වෙජිටේරියන් හිටන් පේවෙලා ඉන්නේ සිරිපාදෙ කරුණා කරන්න කියලා. ඇවරිතුමා ඉෂානාට සත්තමක් දැම්මා. නොට් අ බිග් ඩීල් බ්‍රෝ උඹට මේ වැඩේ පුළුවන්. උඹ කියන්නේ දවස් දෙකට කඳු දෙකක් නඟින්න කියලද? හරි එහෙමයි කියලා උඹ දැන් පේවිච්ච එකේ සිරිපාදෙ නොයා ඉන්න ද? මස්ද කන්නේ මාළු ද කන්නෙ කියලා ඇවරිටත් හිතාගන්න බැරි තැනකට ආව. නමුත් කටු බොඩිය ගැන සීයට දෙසීයක් විශ්වාස කරපු නිසා දෙක ම කරනවා කියලා ඇවරිතුමා ඒකමතික තීරණයකට ආව.

අපි ටිකක් කලින් ගිහින් ඉඳගනිමු කියලා හිතාගෙන ෆ්ලැට්ෆෝම් ටිකක් දෙකක් අරන් ගියාට මාතර ඉඳන් ආපු රජරට රුජින නිවාඩු සමයේ නිවෙස් බලා යන්නන්ගෙන් පිරී ඉතිරී ගිහින් තිබුණා. අනේ ඉතිං අපි තුන්දෙනා දෙයියනේ කියලා ෆුට්බෝර්ඩ් එකක් ළඟ හඳුන්කූරක් හේම පත්තු කරලා පත්තර කොළයක් කාරිය එළාගෙන ඈඳි ගත්තා. අපිට සෑහේන්න ඩීසන්ට් පිට ගමන් කරන්න සිද්ද වුනේ ඉෂාන් කොලූගේ පොඩි ඩක්කුවක් ඒ කෝච්චියේ ම අනුරාධපුරේ යන බවට ලැබුණ විශ්වාසකටයුතු බුද්ධි තොරතුරක් නිසා. අනේ ඒ ඇත්ති පින් සිද්ධ කොරගන්න යන ගමනේ අපි ආයෙ හරහට ඉඳලා උදලු දාන්නේ මොකටෙයි?? එව්වා හිත නිවන කතාලු පින්වතුනි.  

කාලෙකින් මුණගැහුණු එක ම ක්ෂේත්‍රයේ ඇවරි, ඉෂානෝ අනුවෝ තුන්කටුව හෝටල්වල ඉන්න උන්ගේ සෑහෙන්න පතුරු ඇරියා. උන්ට හචිමක්වත් නොගියානම් තමා පුදුමේ. කොම්පැනි ගැන කතාවෙන් කතාවෙන් අනුරාධි බණ්ඩාරවෙල පටන් ගන්න අලුත් බිස්නස් එක ගැනත් සෑහෙන්න කතා උනා. ඇත්තට ම බන් උඹේ මල් කැඩිල්ලේ හැටියට උඹට බණ්ඩාරවෙලින් මල් කඩයක් ම දාතෑකි. මෙත්මත් ෆ්ලෝරා වගේ එකක් කීව ම අනුට හිනා ගියා. මග දිගට කඩචෝරු කකා රුජිනගේ වේගෙට පැද්දි පැද්දි ගිය ගමන අපූරුයි. අපි කුරුණෑගලින් බහිද්දි අපිව පිළිගන්න ටිලින් ඇවිත් හිටියා.

සින්දු කියන්න බැරි ශ්‍රීමාලි සින්දු කියද්දි අපි රොක් වුන ආකාරය.. :)
කොහෙද අනුරාධි ගිය තැන ගම ඊටින්කොරගෙන නැට්ටෙ ඉඳන් ගා ගන්නවානේ. ටිලින්ගේ තාත්තා ඉස්සරහ ම අපේ කාර්ඩුත් කුඩු කරගෙන කෝචිචියෙන් බැස්ස ගමන් ම ඇගේ සුපුරුදු සෝකාලාපය පටාන් ගත්තා. අනේ ඇවරි අපි සුපර් මාර්කට් එකකට ඉස්සෙල්ලා ම යන් ඈ. මං බ්‍රෂ් එක ගෙනල්ලත් නෑ. තව ඩිෂිබිල් පැකට් එකක් ගන්නත් ඕන. සනීපයි කියහන්කෝ. අපි ටවුම පහු කරලා පෙරේරා සහ පුත්‍රයෝ ළඟ නැවැත්තුවා ම සීනි මුරුක්කු ගන්න ගිහින් අනූ තව කෙළියක් කළා. කඩේ කොල්ලට කැටයම් මාලාවක් දාන ගමන් කතාව.  අපි තාම දවල්ටත් කාල නෑ අප්පා. ඒත් සීනි මුරුක්කු සෝයි. පැකට් එකක් ම දෙන්න ඉතිං. තව කේක් එකකුත් ඕන. ඒත් සීනි නේ??? ඉෂාන් කීවා ම, නෑ අනේ අයිසින් ෂුගර්!! අයිසින් ෂුගර් මහා හයියෙන් පෙරේරා ඇන්ඩ් සන්ස් එක දෙවනත් කළ අනුරාධිගේ අධිරංගනයට අපි කටවල් තදකරගෙන හිනාවුනාට කඩේ බුවාලා මැඩම් කිය කියා බඩු දුන්නා. ඊළඟට එතුමිය අමෘතවහ මාදිලියේ විනෝදයක් සැපයුවේ පාරේ ගියපු ටිපර් රථ රියදුරෙකුට. මාත් එක්ක පාර පැනපු මේ ඉබ්බි මම පාර පැනලා පස්ස බලද්දි පාර මැද හිටගෙන ඉන්නවා. කොපර කොපර පිපිඤ්ඤා නැතුව විජහට පැනපන් වාහේ..!! ආයෙ මක්කැයි පාර මැද්දෙ කොරනවා?  කාර්පට් පාරේ පිඹගෙව ආපු ටිපර්කාරයත් හෝන් ගහගෙන ඇවිත් පාරෙ හිටිය ඇන්ටි පාර දැකලා නතර කළාමත් මේක නෙමේ පාර පනින්නේ. අනේ ඉතිං අන්තිමේදී මේ ළමා මැහැල්ල ආරක්ෂාකාරීව පාර මාරු කිරීමේ මෙහෙයුමට තිලිණිට ම සම්බන්ධ වෙන්න වුනා.

අපි තුන් දෙනා ගෙදරට එද්දි හවස පහට කිට්ටුයි. තිලිණිගේ අම්මා ඇවරිව බොහොම ආදරෙන් පිළිගත්තා. බොහෝ අහිංසක ගැමි කුලකතක් වූ ඕ තොමෝ කොච්චර දුරබනුවෙන් ඇවරි හා කතා කළත් හැබැහින් දැක්කෙ එදා. ඒ අම්මා ඒ දවස්වල ඉඳන් ම එහෙම තමා. ඇවරි වෙනුවෙන් ම හදන අවුරුදු කැවිලි පාර්සලය ආසම මුංකැවුම් එක්ක වරද්දන්නෙ නැතුව එවන ඒ මාතාව හරි කරුණාවයි. දෝණියැන්දට නම් ඒ අත්ගුනේ, ඒ සච්චාරිත්තර ආදී ගුණවත්කම්වලින් එක අඩුක්කාලක සේසයක්වත් නැති වග වෙනම කතාවක්. එළ කිරෙන් දෙව්වත්- අඟුරු සුදුවන කලක් නම් නැත් කියනවනේ.  

ඇවරි මාතාව බැඳලා දුන්න බත් මුල කෑම තමා ඉස්සෙල්ලා ම කළේ. පස්සේ අපි තිලිණිලගේ ගේ ඉස්සරහ කුඹුරට ගියා. ඒ පැත්ත මාර නිස්කලංකයි. කොටින් ම කිසිම සද්දයක් නැති තරම්. ඒ මදිවට ඇල් පවන් හමා සුගන්ධයෙන් සුගන්ධ වීම. හීනි හීතලක් තිබුණ එකත් සෑහෙන්න වෙනසක් දැනුනා වෙලෙද්දි ඒ වෙල මැද පන්සල. ඒ සෙටප් එක ඇවරි සෑහෙන්න වින්දා. සවස් වෙද්දි හීතල ටිකක් වැඩි වුනත් ඉෂාන් අපිට නියමිත බඩු බාහිරාදිය ගන්න යමු කියපු නිසා කඩමණ්ඩියට ආව.

අපි වෙනුවෙන් ටිලින්ගේ අයියාගේ කාමරය සූදානම් කරලා තිබුණා. එහි ඔහු විසින් සාදා තිබූ රොකට්ටු හේම ඇවරිගේ සියුම් පරීක්ෂාවට ලක් වූ බවත් කියන්න ඕන. පහුවදාට ගෙනියන ගමන් මලු සූදානම් කරන්න, වතුර පුරවන්න වගේ වැඩ වලින් පස්සේ අපි නින්දට ගියා. ආයෙත් පාන්දර හතරට ඇහැරුණේ හෝර්ටන් තැන්නට යන්න. ටිලින්ගේ ඤාතී පුත්‍ර රත්නය සහ ඇගේ පිස්සු යෙහෙළිය ශ්‍රීමාලිත් අපේ ෂර්පාවරයා වුනු ලක්ෂිතත් ඇතුළුව හය දෙනෙක් ගමනට එක් වුනා. උදේ කෑමට සෙට්වුනේ නුවරඑළියට.

පොලිතින් නම් වානා, ඇවිල්ලා යන්න..//, ඒක වෙන කන්දක්, වගේ යාන්ස් ඇතුළත් දෙවන කොටස බලාපොරොත්තුවන්න.