Saturday, February 20, 2016

පණහට වැඩි රූමතියන් හා සංචාරයේ යාම හෙවත් තරුණ සිඳගනන් වහ කඳුරු වීම

2016 අවුරුද්දේ ඇවරිගේ පළමු නිල ප්‍රත්‍යන්ත චාරිකාව සිදුකෙරුණේ පසුගිය සෙනසුරාදා. 2015 වර්ෂයේ ධර්ම විද්‍යාලයේ නිල වැඩසටහන අනුව කරගන්න බැරිව මඟහැරිලා තිබුණෙ ආචාර්යවරුන්ගේ චාරිකාව පමණයි. ඉතිං ඉක්මණින් ඒ පිළිබඳ කටයුතු සම්පාදනය කරන හැටියට ප්‍රධානාචාර්ය හිමියන් ඇවරිට සහ අමිල ගුරුභවතාට කළ නියෝග ප්‍රකාරව අපි දෙන්නා චාරිකාව සඳහා යෝජිත ගමනාන්ත, දින වකවානු අඩුවැඩිය ආදිය සැලසුම් කරන්න ගත්තා.

චාරිකා සංවිධානය කියන්නේ ඇත්තට ම ඇවරිගේ වෘත්තිය. හැබැයි පණහට වැඩි අපේ ගුරුවරුන්ට චාරිකා සංවිධානය කියන්නේ අපේ ජීවිතය. මොකද මේ කොල්ලො කෙල්ලො ටිකත් එක්ක යන ට්‍රිප් එක ඇවරි වරද්දන්නැත්තේ ඒ අත්දැකීම ඒ තරම් ෆන්සහගත නිසා. ඉතිහාසය මතක් කරන හැටියට ඇවරි දහම් පාසලේ කරපු හිට් ම ටුවර් හතරක් තියෙනවා. ඒ අතරිනුත් දෙකක මතක ඇවරිට සුවිශේෂයි. ඇවා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා ඉද්දි නායක හාමුදුරුවොත් එක්ක දිවාහාව බලන්න ගියපු ගමන අමතක වෙන්නෑ. කොහොම හරි ලොකු හාමුදුරුවො පහළට වඩිද්දි ශිෂ්‍ය නායකයො ටික පහළ ගඟේ නානවා. ඇවරිතුමාගේ මලයා තමා ඒ ගැන්සිය රන් කළේ. ඒ දවස්වලත් එහෙමයි ඉතිං. අපේ ම නයි අපි ම කයි කිව්වලු. කවුන්ටර් මිෂන් එක ඇවරි භාර කළේ අපේ මිනෝලි මැතිනියගේ නැඟණිය, මලීෂා ශයරංගි වෙත. ඒකාලෙ මලීෂාට කොල්ලො ඔක්කො ම බයයි. ඇවරිගේ ගැලවුම්කාරි වාසි හරහා ඇයට දුන්න කොන්ත්‍රාත්තුව ඇය අපූරුවට ඉෂ්ට කළා. වව්ලා පිටින් ගඟේ බැහැලා හිටපු සහකාර ප්‍රධාන ශිෂ්‍යනායකතුමා නියෝජ්‍ය ප්‍රධානී, මලීෂා ගං ඉවුරට ගියාම ලැජ්ජාව දෝතින් කවර් කරගෙන, ඉට්ස් ඕකේ බේබි වතුර ටිකක් සීතලයි කියාගෙන ගොඩට ආවලු. සහචරයො ටික දිව්වෙ කැලේ පෙරළගෙන. මලීෂා කොහොම ද වෙලාවට එතනට ගියේ කියලා කොල්ලන්ට කවදාවත් ආරංචි වුනේ නෑ. කොහොම නමුත් චාරිකාවෙ ඉතිරිය සිවිල් පිට ගියා කියලා සහකාර ප්‍රධානීතුමා කෙල්ලන්ගෙන් පච වෙලා කුජීතම වුනා.

තව සැරයක් ඇවරිතුමාට ඕනෑ වුනා දවසින් අටමස්ථානය වන්දවන්න. පාන්දර හතරට ෆ්‍රීස් ඩිපාර්චර් එකක් දාලා හැමදේම ටක්කෙට ම හරියන්න කියලා කන්ට්‍රැක්ට් එක ඇවරි භාර කළේ ඩී.එච්.පී ජනිත්ට. ජනිත් සියල්ල තිතට කළා. නමුත් අපි නොදැන රූට් පර්මිට් නැතුව පූජා නගරෙදි බස් එක පොලිසියෙන් ඇල්ලුවා ම අපි රුපියල් දාහක් දීලා තාවකාලික බලපත්‍රයක් ලියවගෙන බස්එක ගෙනාව. කොටි කලබල කාලෙ ජාතික ආරක්ෂාවට වංගු ගැහුවෙ එහෙමයි. කොහොම වුනත් එදා දිගටම එළෙව්ව නිසා දඹුල්ලට කිට්ටු වෙද්දි අපේ ඩැයිවර් උන්නැහේ රැල්ල දානවා කන සාක්කුවට දාගෙන. අයියේ මේ විදියට ගියොත් මූ කොහේ හරි බස් එක අනිනවා. දඹුල්ලෙ නවත්තලා පැයක් නිදියගන්න කියමු. අපේ උන්ට කෑම දෙමු. බජට් එක ඕකේ. ජනියා සැර අයිඩියාවතක් දැම්මා.  එදා තමා මුලින් ම ඇවරි ඕන දෙයක් කන්න අපි ගෙවනවා පොලිසි එක ගෙනාවෙ. එදයින් පස්සේ අපේ හැම ට්‍රිප් එකක ම රෑ කෑම නවත්තන තැන දි හැම මේසෙක ම බිල සංවිධානයකන් වන අපි ගෙවනවා. මේසෙකින් රුපියල් දාහකට වැඩි බිලක් එන්නෑ. අපේ කස්ටිය කොත්තු, පරාටා මොනවා කෑවත්. අනික අපේ ට්‍රිප් වලදි රෑ කෑම කන්න තරම් බඩේ ඉඩක් නෑ. ඉතිං අපි බය නැතිව කියනවා. කන තරමක් කන්න අපි ගෙවනවා කියලා. ලොල්.....  

ඔන්න ඔය විදියට ප්රොෆිට් තියෙන්න ට්‍රිප් කරලා නමක් හදාගෙන තියෙන නිසා අපි කරන චාරිකාවලට ගුරුවරු එන්නේ කැමැත්තෙන්. අලුතින් එකතුවුන පිරිසක් එක්ක සමස්ත ගුරු මණ්ඩලය පහළිස් අටක් ඉන්න ධර්ම විද්‍යාලයේ හැමෝම යනවා නම් ලොකු බස් එකක් යොදවන්න වෙයි කියලා අපි කතා වුනා. පහුගිය අවුරුදු වල අපි ගාලු ගියානේ මේ පාර නුවර යමු. මාළිගාවයි, ඔය පින්නවලයි මොනවා හරි ටිකක් කරන්ගෙන එමු. කොහොම හරි යන්නනේ ඕන. අනික දවසක ගමනක්නේ. අමිල අයියා වැඩේ ගොඩින් හමාර කළා.

යෝජිත දිනයන් වුනේ පෙබරවාරි හතර නිදහස් දිනය හා පෙබරවාරි හය වැනි සෙනසුරාදාව. වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබුනෙ සෙනසුරාදාට නිසා අපි සෙනසුරාදා තෝර ගත්තා. ඇවරිගේ රාජකාරී වැඩත් එක්ක හරියට ම කන්ෆර්ම්ඩ් සීට් ගාන ගන්න ලැබුණෙ බ්‍රහස්පතින්දා හවස. ආපු ප්‍රතිඵල දැක්කා ම ඇවරිට හීන් දාඩිය දැම්මා. හතළිස් ගාණක් ගුරුවරු හිටිය දැන් අනිද්දා ගමන යන්න ඉන්නේ දහ හතයි. කාල වරෙන්කෝ. එත් පණහට වැඩි වැඩිහිටි ගුරුමණ්ඩලේ සියල්ලෝ ම එනවා කියලා තියෙනවා. තරුණ ගුරුවරියො කවුරුත් යන පාටක් නෑ. දැන් සංවිධායකයො හැටියට අපි වැටුනෙ ලෝක අමාරුවක. කමක් නෑ මල්ලි, මට කියන්න ඔයා ෂුවර් එකට එනවා ද? අමිල අයියා ඇවරිගෙන් ඇහුවෙ සීරියස් පිට. මං අනිවා එනවා අයියේ. හරි එහෙනම් අපි මේක කරමු. උදේට චමරි අක්කත් එක්ක ගිහින් බස් එක බලලා ඔයා ඕකේ එක දෙන්න. අපි හොඳ නම් බුක් කරමු. නමුත් දැන් වෑන් එකකට හරියන කට්ටියක් ඉන්නේ නේද?

“දැන් ඔයා සැටඩේත් කොළඹ නැත්නම්, සන්ඩේ ඊව්නින් මා එක්ක ලෙදර් එක්ෂිබිෂන් යන එනකත් ෂුව නැත්නම් සිකුරාදා උදේ වරුව මට දෙන්න. අන්තිමේදි මං නරක ගෑනි කියන්න එපා. සෙහෙනසීබ්ගේ තර්ජනාත්මක මෙසේජයක් දැක්ක ම ඇවරි තක්බීර් වුනා. එතකොට බස් එක බලන්නේ පොලීසියෙන් ද? බිබිළි නගින බෙලිකටූ....

කොහොම හරි සිකුරාදා උදේ පාන්දරින් චමරි අක්කා ඇවරිට කෝල් කලා. තව විනාඩි දහයකින් මං ඔයාව පික් කරනවා. රෙඩි වෙලා එන්න. එතුමියත් එක්ක වින්දන ටුවර්ස් බසයක් බලලා ඊට අනුමැතිය දීමේන් පස්සේ ඇවරි තවමත් පැමිණීම් තහවුරු නොකළ ගුරු භවතුන්ගේ ලේඛනයක් ඇගේ ප්‍රිය සැමියා වන අමිල අයියාට යැව්වේ අවසාන වතාවටත් උත්සාහ කරන අටියෙන්. අවසානෙට ඇවරි නසීබ් බලන්න යද්දි තරමක් දවල් වෙලා.

‘අපෝ මේ නාකි පේරමුල් එක්ක ද ඔයා ට්‍රිප් එකක් යන්නේ??? කිසි ෆන් එකක් නෑනේ හලෝ. ඇයි කෝ ඔයාගේ අන්තපුර අංගනාවො බූට් එක තිබ්බ ද? සෙහෙනසීබ් කියාගෙන ගියේ ඇවරිට සමච්චල් කරමින්. නෝනා මහත්තයා, මිනිස්සු උනාම අවුරුදු පහට අඩු අය එක්කයි පණහට වැඩි අය එකකයි වැඩි වෙලාවක් ගත කරන්න ඕන කියලා මගේ අප්පච්චි කියලා දීලා තියෙනවා. අනික බබා, කෙල්ලන්ව එක්කන් ගියා ම කචල් ගොඩයි. ටොයිලට්ස් ප්‍රශ්න, වචනයක් එහා මෙහා වෙන්න බෑ. එක්කො අව්වයි කියයි, එක්කො සීතලයි කියයි, උන්ව පරිස්සම් කරන්න වෙනවා. උන්ට වියදම් කරන්න වෙනවා. තව.... නෑවොත් අමතර ආරක්ෂාවක් දෙන්න ඕන. කොල්ලො බලන් හිටිය කියයි. මෙතනින් ඇල්ලුව කියයි. කතන්දර පේළියයි. කම්ප්ලේන්ස් අට්ටියයි. අඩුම තරමින් අපිට ඩබල් මීනිග්, කුණුහරුප මුකුත් කියන්න බෑ. ඊට වඩා වැඩිහිටි ගුරුවරු කියන්නේ ක්ලාසි පීපල්. හැලප නම් හැලප, අච්චාරු එමට, කිරිටොෆි, සව්දොදොල්, එකී මෙකී නොකී කෑම බීම, ෆන්  කතන්දර හැටේ හැත්තෑවෙ රිදම් එකට අල්ලලා පට්ට සුදියක් එයාලා දාන්නේ. ඔක්කො ම වගේ පෙන්ෂනියර්ස්ලා, සල්ලිවලට ලෝස් නෑ. බස් එකෙන් බැහැලා නැංගොත් මොනවා හරි ගෙනත් කටේ ඔබයි. අනිවා. අපි කරන්න ඕන ඒ අය ආස කරන දේවල් ටිකක් දාලා පැකේජ් කරන එක විතරයි. ෆෝ ෂුවල් දේල් රොක් ද ෂෝ. ඒකනේ අපේ සීනීයර් ස්ටාෆ් එක හැමදාමත් තරුණයි කියන්නේ. මේ ආච්චි, සීයලා සෙට් එක ගියා ම අපි මොනවා කිව්වත්, මොනවා කළත්, කොහේ එක්ක ගියත්, කිසි අවුලක් නෑ. ඔයාට කියන්න බබී, මේ අයත් එක්ක අපි බස් මයිල්ස් දාස් ගාණක් ගෙවලා ඇති. කොටින් ම කවුරුවත් මගෙන් යන්නේ කොහේද? ගාණ කීයද කියලාවත් ඇහුවෙ නෑ? දවස විතරයි ඒ අයට වැදගත්. මොක ද අපි ට්‍රිපක් කළොත් ආයෙත් අහන්න දෙයක් නැති බව ඒ අය දන්නවා.  හා හා එහෙනම් ගිහින් එකයි ඇත්තේ.. නල්ල මලේ හැට පැනපු රූප සුන්දරියො ටිකත් එක්ක. හික්ස්.
පහුවදා උදේ ඇවරි ඔන්ලොකේෂන් යද්දි බස් එකත් ඇවිල්ලා පිරිසත් බොහෝ දෙනා ඇවිදින් හිටියා. කෝ නලින අපිට පහට එන්න කියලා පහයි තිහටත් නෑනේ...?? දවසේ මුල් ම කම්ප්ලේන් එක රණසිංහ ටීවර්ගෙන්. අපේ චන්දිමා අක්කටත් නිවාඩු ලැබිලා තිබුණා. ශෂිනි තමයි තරුණ ගුරුවරියන්ගෙන් චාරිකාවට එක්වුණු එක ම තැනැත්තිය. ගුරුවරුන්ගෙන් රාජසූරිය මහතාත්, මධුරංග මල්ලිත් අමිල සහ ගයාන් අයියලා දෙන්නත් අවසාන වශයෙන් පොඩි හාමුදුරුවොත් ඇතුළුව අපේ නඩේ දහ අට දෙනයි. බුදු ෂේප්. ඒසී බස්එකේ ජම්පින් නොදා පිනුම් ගහන්න ඉඩ. ඇවරි ආස ම කාන්තා රත්නයන් සමඟ ගෙවුන ඒ චරිකාව ගැන විස්තර ලියන්න වෙන්නෙ පස්සට තමා.

ඩී.ජේගේ විද්‍යා පාඩම හෙවත් ඔයාගෙ ටොප් එක වෙන කාටවත් හරියන්නෑනේ මැඩම්සලාදය මෙ සතියටත පෙනඩින්. බලමු හැකි ඉක්මණින බ්ලොග්ගත කරන්න පුළුවන් වෙ ද කියලා...?? 

Saturday, February 13, 2016

ඇගෙන් වරම් ලද ආලවක වත හෙවත් පිවිතුරුය පළමු පෙම....

අදට යෙදෙන ආදරවන්තයින්ගේ දවස වෙනුවෙන් සූදානම් කරගන්නා ලද විශේෂ දෙසුමේ අවසාන පෙරහුරුව කරලා ස්ටෝරි බෝර්ඩ් එක ආයෙත් චෙක් කරන ගමන්  ම ඇවරිතුමාට වැලා ඉන් ලන්ඩන් කතාවක් පාන්දරින් ම පබ්ලිෂ් කිරීමේ පිළිබඳ සිතක් පහළ වීම නිසා මේ සලාදය පළ කරන්න හිතුවා. හැමදාමත් වගේ අරහෙන් මෙහෙන් එකතුවුන කතාවක් තමා මේක. පහළින් තියෙන්නෙ ඇවරිතුමා බුකියෙ ෂෙයාර් කළ සුහාරා පෙරේරාගේ පොස්ටුවක්.... ඒක දැක්ක ම මට තාෂියාගේ කතාව මතක් වෙලා ලියුවෙ.


බ්ලොග් එකක් ලියන්න නිමිත්තක්...

Suhara Perera thinking about making a change.
කාලයක් තිස්සෙ රණ්ඩු වෙවී යාළු වෙවී උනත් ආදරෙන් ඉන්න ජෝඩු දැක්කහම මට පුදුමාකාර හැඟීමක් දැනෙනව. උඩඟුකමයි මාන්නක්කාරකමයි පැත්තක තියල තමන්ට අයිති දේ ගිලිහෙන්න නොදී රැකගත්තු හින්ද තමයි අද එයාලා ආදරේ විඳින්නෙ.
කැඩුණු දේවල් නැවත හදාගෙන පාවිච්චි කරන්න දඟ දාපු එහෙමත් ජෝඩු ඉන්න අතරෙ වතාවක් කැඩුණු දෙයක් හදාගන්න උත්සාහ නොකර ඒක විසි කරල දාන අය එමටයි. නොකැඩෙන්න තියන දේවල් කඩ කඩා පාවිච්චි කරන්න උත්සාහ කරන අයත් එමටයි.
කොයි කොහොම උනත් අපේ අම්මල තාත්තලගෙ කාලෙ අළුතෙන් ඔප්ෂන්ස් හොයං දුවන්නැතුව පට්ට ගගහ එකම රිලේෂන්ෂිප් එක continue කරන්න ගත්තු තීරණ නිසා අද අපේ පරම්පරාවට ලස්සනට හදාගත්තු කූඩු තියනව. ඒත් දැං ලෝකෙ යන විදිහට අපිට දරුවො ඉන්න කාලෙකදි පවුල කියන නමත් භාවිතයෙන් ඉවත් වෙලා තියෙයිදෝ කියල හිතෙනව; අහංකාරයේ ආගමනයෙන් ආදරය කියන හැඟීම අවතැන් උන විදිහටම.

ඇවරි සාමාන්‍ය වශයෙන් දුක්ගන්නා රාළගේ චරිතය ටිකක් වැඩියෙන් රඟපාන්න කැමති බුවෙක්. රජ්ජුරුවන්ගේ අන්තපුරේ බලා කියාගන්න විශ්වාසවන්ත ම චරිතයක් වන දුකාගේ පාර්ට් එක ඇවරිට ආදේශ වෙලා බොහෝ කල් වුනාට හාමිනේගේ ගෝරනාඩු මැද්දේ සහ අධික කාර්ය බාහුල්‍යය මත ඒ කටයුතු සෑහෙන්න ඇණ හිටලා තියෙන්නේ. කොච්චර ද කිව්වොත් ඇවරිගේ අන්තපුර අංගනාවෝ ඕපදූප කියන්න වෙලාවක් ඉල්ලලා බැරි ම තැන කෝල් කරලා නෝක්කාඩු කීම දැන් සාමාන්‍ය කාරණාවක් වෙලා. ඇවරිටත් කණු තැබීම පුරුද්දට ගිහින් තියෙන්නේ.

කෝ අනේ ඔයා මාර බිසීනේ ඉස්සර නම් පැය ගණන් අපි එක කියවන්න වෙලාව තිබුණා. ගොඩක් සුභද්‍රාවන් කියන්නේ ඔය ටික. ඒ ඉස්සර නේ මැතිනිය. දැන් අග්‍ර මහේෂිකාවගේ කෝල්ස් විතරයි ගන්නේ. ඒකත් සලාක ක්‍රමේට. ඉතිං කියන්න මැඩම්. කවද්ද ලංකාවට සැපත් වුනේ. ඇවරි එහෙම කිව්වේ අදාළ අංගනාව සෑහෙන්න කාලයක් රටින් පිට හිටි බව දන්න නිසා. වැඩි කලක් නෑ ඇවෝ. හවසට මොකෝ කරන්නේ? මං මවුන්ට් එන්න ද? නැත්නම් ඕවර් ද වීක් එන්ඩ්...?? අයියෝ කියලා වැඩක් නෑ සනී. වෙලාවක් දෙන එක තමා ප්‍රශ්නේ. නමුත් උදේ වරුවක කෝම ද? නයින් තර්ටි, ටෙන් වගේ? එහෙනම් හෙට උදේ බැරිස්ටා, ෂාප් ටෙන් ඩීල් ඕකේ. හැබැයි වරෙන් නැත්නම් ෆෙරාරෝ නැති වෙයි. අනිවා අපි කවද්ද ඔබතුමීට බෑ කිව්වේ.

තයෝෂිමා ඇවරිගේ පිස්සු පිට් එකක්. ඇවරි ඈට කිව්වේ තාෂි කියලා. තාෂිගේ ඇපොයිමන්ට් එකට යන්න ඇවරි අවදි කිරීමේ කාර්ය සුපුරුදු පරිදි පැවරුනේ සෙහෙනසීබ්ට. ආහ් කියන්න අමතක වුනානේ. ඇවරි හාමිනේට පාචිච්චි කරන නික් නේම් තොගයෙන් ඇවරි වැඩියෙන් ම කැමති එක තමා සෙහෙනසීබ් කියන්නේ. උර්දු භාෂාවෙන් එහි තේරුම වාසනාව. කොහොම හරි ඇවරි ටිකක් ලේට් වෙලා තාෂියා මුණුගැහෙන්න ගියා. කෝම ද ඉති වාස දේස? වරදක් නෑ බං. ලංකාව සෑහෙන්න වෙනස් වෙලා නේහ්?

ආගිය විස්තර කතා බහ කරමින් හිටින අතරේ ඇගේ තව බොක්කේ ෆිට් එකක් අපිට එකතු වුනා. අම්බෝ බං ලංකාවෙ මිනිස්සු කන්ටැක් කරගන්න හරි අමාරුනේ? මුන්ගේ මොබයිල් නම්බර්ස් තිබුණත් කවදාවත් ආනසර් කරන්නේ නෑ. එක්කෝ වොයිස් මේල්. ලෑන්ඩ් ලයින් තෘ ගියොත් කවදාවත් සීට් එකේ නෑ. එක්කෝ මීටින්. ගොඩක් වෙලාවට සෙකට්‍රිලා ගන්නේ. උන් කියන්නේ ම ලීව් අ මැසේජ් කියලා තමා. ඇයි බං ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. සුද්දොවත් මෙච්චර බිසී නෑනේ. ලංකාවේ ඔක්කොම බොරු බිසීනේ හලෝ. ඒක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. කවුරුත් එහෙමයි. ලොකු සීන් තමා දාන්නේ. ඇවරි හිනාවකින් උත්තර දුන්නා.

ඉතිං කෝම ද ඔයාගේ ප්‍රංශ පෙම්වතා එහෙම? ඇවරි ඇහුවේ ආඩම්බරකාර තාත්තා ගැන අංගනාවො පටන් ගත්තු කතාව වෙනත් පීල්ලකට දාන අදහසින්. ආහ් ඇවරිට තාම අප්ඩේට් එක ඇවිත් නෑ වගේ. ප්‍රංශුවා නම් කමක් නෑ කියමුකෝ. ඔයාගේ පරණ පෙම්වතා බැන්දලු ඔන්න. ඒ ඕපදූපය අපේ අනෙක් මිතුරිය අරුණිගෙන්. හරි හරි අහගනිල්ලා එහෙනම්. ප්‍රංශකාරයා හරි ගියේ නෑ. ප්‍රංශකාරයො වගේ අපිට ආදරේ දිහා බලන්න බෑ බං. අපි සිංහල කෙල්ලො නේ. ගහ මරාගෙන හරි එක මිනිහෙක් එක්ක ඉන්න ඕන. හැබැයි උන්ගෙත් ඒක තියෙනවා. එක රිලේෂන්ෂිප් එකක ඉද්දි අපේ ගෑනු වගේ තව එකක පැටලෙන්නෙ නෑ. නිල වශයෙන් කලින් එක අහවර කරලා දෙන්නා සුහදව වෙන් වෙලා තව එකක් පටන් ගන්නවා. කෝපිවල සැරට ද කොහේ ද තාෂි ප්‍රංශ කාන්තාවන්ගේ පතිවත ගැන අලුත් අර්ථකතනයක් දෙන්න තරම් දාර්ශනික වෙලා තිබුණා.

අරුණි.. අපි ටිඛීලා නෙමෙයි කෝපි බිව්ව කියලා ෂුවර් නේද? ඇවරි ඇහුවේ තාෂි කැමතිම බීම ටිඛීලා බව දන්න නිසා. නෑ නෑ බං මං ඇත්ත කියන්නේ. එහේ  සීතලට බොන තරම් මෙහේ බොන්න බෑ හලෝ. මැරෙයි. හරි හරි දැන් ප්‍රංශ ගෑනුන්ගේ පතිවත ගැන කාරණේ සාකච්ඡා කරලා ඉවරද? උඹත් මහ චීත්තයක් ඇවෝ. මේ... නංගී පල් පාර්ට් දාන්න එපා හරිය. මේක අපේ බඩ රස්සාව. ඔව් උඹ හම්බ කරන් කන්නනේ ඕප දූප හොයන්නේ නේද?

ඊට වඩා එග්සයිටින් නිවුස් එක මන් දැන් ගනර් කෙනෙක්ව ඩේට් කරන එක. මොකක්?? යා හීස් අ ප්‍රොෆෙෂනල් ෂූටර්. ඕහ් රියලි. යූ ගොනා ගෙට් හන්ටඩ් වෙරි සූන්. හා...?? අරුණි වක්කඩ කැඩුවා වගේ කියවගෙන ගියේ ඇගේ සුබපැතුම් පිරිනමන ගමන්.

පරණ කතාන්දර ටිකක් මතක් කරගනිමින්කෝපි කෝප්පය තොල ගාපු ඇවරි එහා ලවුන්ජ් එකේ හිටි අංගනාව දිහා මොහොතක් බලා හිටියා. පාරේ යන වාහන අතරින් බලන ගමන් ඇවරි මතක් කරන්න උත්සාහ කළේ අවසාන වතාවට තාෂියා සහ රුවින්ද එකට දැකපු දවස. වැඩි වෙලා කල්පනා සාගරේ හබල් ගාන්න ලැබුණෙ නෑ. උඹ මොනාද හිතන්නේ? නෑ මං හිතුවේ රුවින්දයාට ගන් එකක් විතරයි අඩුවට තිබුණෙ කියලා. ඇවරි අමුවෙන් ම කියලා දැම්මා ම. අරුණිගේ බ්‍රේක් නැති කටට ඊට එහා එක්ක කියැවුනා. නෑ මචං, උගේ ගන් එකෙන් එකෙන් මේකි තමයි වැඩක් නොගත්තේ. ගොන් ඉබිබි. අරුණි කිව්වේ හීනියට පාරක් තාෂිට ගහන අතරේ.

කොහොම නමුත් අපි දෙන්නගේ කතාවෙන් තාෂියාට සෑහෙන්න රිදුනා. ඔව් බං මට රුවීව තියාගන්න තිබුණා. ලොකු කතාවක් කියන්න යන බවක් ඈ කෙරෙන් පළ වුන නිසා අපි දෙන්නා ම ෆ්‍රීස් වුනා. ඒ අතරේ සෙහෙනසීබ් එවපු එසෙමකටත් ඇවරි රිප්ලයි කළා. රුවින්ද මට ශ්‍රී ලංකන් එකෙන් අයින් වෙන්න කිව්වෙ මැරි කරන්න. ඒත් එතකොට මං පීක් එකේ හිටියේ. කසාදයක් නිසා ජොබ් එක අත අරිනවාට වඩා ජොබ් එක වෙනුවෙන් මිනිහාව අතරින්න මං තීරණය කළා. ඒත් බ්‍රේකප් වුනාට පස්සේ ලංකාවෙ වැඩ කරන්න හිතුනේ නෑ. පස්සේ ප්‍රංශෙට ගියා. ගිය අවුරුද්දේ ලංකාවට ආවමත් රුවින්ද මාව හම්බවුනා. එතකොට ඒ මැරි කරන්න හිටපු නංගි ගැනත් කිව්වා. පස්සේ දවසක දෙන්නා ම ආව. අර මං හොස්පිටල් ඉඳපු කාලෙ. උඹලත් ආවෙ. අම්මට සිරි රුවියා ආව කියලා අපි දන්නේ නෑ හොඳේ. ඇවරි උඩින් පැනලා කිව්වා.

කොච්චර වුනත් මට ඒ කෙල්ලව දැක්ක ම රුවින්දට ආයෙත් කතා කරන්න හිතුනේ නෑ බං. එයා හරි අහිංසකයි. අද වෙනකම් මං ඒ දෙන්නට කරදර කළේ නෑ. ඉස්සරහටත් නැතිවෙයි. ඒත් අද හිතෙනවා රුවී කොච්චර හොඳ පිරිමියෙක් ද කියලා. උඹට මතකනේ අරුණි ගම්පහ ක්ලාස් යන කාලෙ. ඒකා මාව කොච්චර පරිස්සම් කරන්න ඇත්ද? ඉතිං මොන ලබ්බකට උඹලා වෙන් වුනේ? ඇත්තට ම මේ ශ්‍රී ලංකන් සේල්ස් කෙල්ලො දෙන්නව ඇවරිට කාලයක් මඟ හැරුණ නිසා ඇහුවා.

මගේ හදිසිය නේ බං. අන්තිමට හම්බුන වෙලාවෙ රුවින්ද ලස්සන කතාවක් කිව්වා. “තාෂි ඔයා, මට ගෑනු ගැන තිබුණ අදහස සම්පූර්ණයෙන් ම වෙනස් කළා. ඔයා මාව අතඇරපු හැටියට මම එක්කෝ සල්ලාලයෙක් නැත්නම් බේබද්දෙක් වෙන්න හොඳට ම ඉඩ තිබුණා. ඒත් ජීවිතේ මොකක් හරි වාසනාවකට මං එතෙන්ට වැටුණෙ නෑ. මොකද එහෙම වුනානම් ඒක මට කරගන්න හානියක් වෙනවා. කොහොම නමුත් ඔයාට මොකුත් නැතිවුනේ නැති නිසා දුක්වෙන්න එපා. සතුටින් ඉන්න. පුළුවන් වුනොත් වෙඩින් එකට එන්න කිව්වෙ හරි රිලැක්ස් පිට.

එදා රුවී එහෙම කිව්වට මගේ කියලා තිබුණ සේරම එයත් එක්ක ම නැතිවුණ බව තේරෙද්දේ අස්සයා ගිහිල්ලා. කල්පනා කරලා බැලුවා ම මං කරපු දෙයින් ඒ මනුස්සයාගේ ජීවිතේ ම වෙනස් වෙන්න ඉඩ තිබ්බා. මට මං කරපු දේ බරපතලකම හරියට ම තේරුණේ එදා. රුවින්ද මොළේ තියෙන කොල්ලෙක් කියලා මං දැනගෙන හිටියා. ඒත් එච්චර වගකීම්සහගත පිරිමියෙක් කියලා දැනගෙන හිටියේ නෑ. අම්මියෝ කෝපි එක ඉවරයි. දැන් උඹ අපිට එන්න කිව්වේ උඹේ අති සාර්ථක ප්‍රථම ප්‍රේමයේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සභාගත කරන්නද?

නෑ නෑ බං. මං ආපහු යූ.කේ යනවා. ගෘප් සේල්ස් වලට. බයි ද වේ ලයිෆ්  මූව්ස් ඕන්නේ.  ගන් මෑන් ෂේප්. ඒත් මිනිහා ගාව ඇත්තට ම ලයිසන් ගන් එකක් තියෙනවා හලෝ. මට පොරව මෙස් අප් කරන්න බෑ. රුවින්ද වගේ නෙමෙයි මූ නම් මට අනිවා වෙඩි තියන්න බැරි නෑ. හැබැයි පොර රබර් සෙරෙප්පු දාන පෙළොවෙ පයගහලා ඉන්න චරිතයක් විදියට පේන්න ඉන්නේ. අනේ මේ කියන තැනකට වඳින්නම් කල්පනා කරලා කරන මඟුලක් කරගනින්. අරුණි පින්සෙන්ඩු වුනා.

ඒක නෙමෙයි කෝම ද දැන් පොඩ්ඩට. යන්න කලින් ඇවිත් යන්නම්. ඇවා මට පුංචි සප් එකක් ඕන. ඔයාගෙ බොස්ට කතා කරලා කරලා දෙන්න. “ඕවා මොනා ද බං. මේල් එකක් දාපන්. මං ජෝනට කියන්නම්. ලන්ඩන් ගියා ම ඉඳුනිල්ව මතක් කළා කියපන්. හේනම් කෙල්ල අපි විසිවුනා. යන්න කලින් සෙට් වෙමු.

පසු සටහන

මා දන්නා හඳුනන බොහෝ තරුණියන් තමන් ජීවිතයේ දී වැඩියෙන් ම දැනගත් පිරිමියා සමඟ විවාහ වී නැත‍්තේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඔහු ගැන දැනගත් බැවින් සහ තමන් ගේ හීන ඔහු වෙතින් බිඳෙතැයි යන අතිමානය හේතුවෙනි. ඔහුගෙන් මිදී ලෝකය පුරා කරක් ගසා පැමිණ නැවතත් ඔහුගේ ම ගුණ වයන්නේ ඔහුත් සමඟ ගිය තරම් දුරක් වෙනත් කිසිවෙකුත් හා යාමට නොහැකි වූ බැවිනි. දීර්ඝ කාලීනව ඉවසන සියල්ලෝ හැම විටම හොඳ ම දේ ලබත්. නමුත් එසේ ඉවසීමට අවැසි ආත්ම ශක්තිය ඇත්තේ එහෙමත් වගකීම් සහගත අතළොස්සක් ආදරවන්තයින්ට පමණකි. ංංජජෙං

Wednesday, February 10, 2016

බොහෝ කලයකට පෙර දැමූ නාස් ලණුවක්, මඟුල් මුදුවෙන් තහවුරු කරගැනීම හෙවත් උන්නා එක ගංගාවක රන්වන් චන්ද්‍රපද්මයෝ.....

හඳසියපත්ගේ මගුලට ඇවරිතුමා සම්පාප්ප වෙද්දි පෝරුවේ චාරිත්තර අහවර වෙලා පාරුවේ චාරිත්‍ර ඉෂ්ට කරමින් කපල් එක පාඩුවේ සෙටි බැක් එකට වෙලා හිටියා. ඇවරිතුමාත් කාලෙකින් වරිග සභාවේ අපේ ඇත්තන්ව මීට් වෙන නිසා සතුටින් හිටියේ. විසේසයෙන් ම අපේ අයෙෂාංගනාවෝ එහෙම මේ මුණ ගැහෙන්නෙ හත් අවුරුදු හත් මාසෙකට පස්සේ. මේ දවස්වල ඈ ඕ.කේ.අයි ජ්‍යාත්‍යන්තර පාසලේ හයක් හතරක් නොතේරෙන පුංචි උන්ගේ මල් කැකුළු වගේ ජීවිත, සුඛිත මුදිත කිරීමේ සත්ක්රියාවට දායක වෙලා එහෙම ඉන්නේ. කෙටියෙන් කිව්වොත් වත්තල ඕ.කේ.අයි එකේ කැන්ටිම කරන්නේ මේ මැතිනිය. මොකෝ ඒකේ උගන්නන්න තරම් ඈට සුදුසුකම් තියෙනවැයි කියලයි...?? ලොල්.

කොහොම නමුත් අංගනාව එදා ටිකක් මහතට පෙනුනා. ඒකෙ රහස නම් අහගන්න බැරි වුනා. රිසෙප්ෂන් හෝල් එකේ ඉදිකට්ටක් තරම් හීනියට ඉන්න අයෙෂ්ව හොයන්නේ කොහොම ද කියලා හිතමින් ජංගමයාට ඇමතුමක් ගන්න යද්දි ම ගිය ආත්මයේ ඝණ්ඨාර පූජ කළ කුසල කර්මයෙන් ඈට දායාද වූ බෙලෙක්ක කටහඩ ඇහුණ නිසා ඇවරිත් ඒ මේසේ පැත්තට ආව. විශ්ව විද්‍යාල සහෝදරත්වය වෙනුවෙන් වෙන් කෙරුණු ඒ මේසය පුරා ම කැමරා ආම්පන්න, ජංගම දුරකථන, ලැප්ටොප්, ආදී උපකරණ විසිරිලා. මොකක්ද බං මේ?? උඹලා පුංචි පහේ මෙහෙයුම් මැදිරියක් කරනවා ද? යකෝ නියම මිෂන් එක තියෙන්නෙ අද රෑට. අරා ඒක ගොඩ දායි. මේ මේසෙ දීලා තියෙන්නේ කැමරා කෘ එකට. උඹ ආවෙ මඟුලට නම් අරහෙන් වාඩි වෙයන්. මෙතන ඉන්නවා නම් වැඩේ ගොඩ දාන්න සප් එකක් දියන්. ඒ ගවුමකින් සැරසුනු ඔවදන මාෂියෝනාවගෙන්. වෝ ලුකින් චෝටී මෝටී හේ තමයි. දැන් බැලුවම මේ කෙල්ලො ඔක්කො ම ෆිගර් අවුට් නේහ්..??

ඇවරිගේ නිල පණිවිඩය....
චර්ච් වෙඩින් එකකට ගියොත් ඔබ මනාලයාගේ පැත්තේ නම් ඒ පසිනුත්, මනාලියගේ මිතුරෙක් නම් ඒ පසිනුත් දෙන්නාගේම මිතුරෙක් නම් පිරිස අඩු පැත්තෙනුත් වාඩි වීම තමා මහත්මා ගතිය. මේක වෙන ම සීන් කෝන් එකක් නේහ්. ඇගේ කතාවත් එක්ක තමා මේසෙ මොක්කු ද ඉන්නෙ කියලා ඇවරි බලන්න ගත්තේ. දවසේ සහයක ඩැනී චරිතය රඟන ක්ලෝසා තුමා නරේන්ද්‍ර මෝදි චරිතයට ආරෝපණය වෙලා. කතාව සීපා ගිවිසුම ගැන. කොහේ ගියත් බිම වැටිලා, පෙරලිලා හොට බිම ඇණගෙන මහී කාන්තාවට හාදු දීම පුරුද්දක් කරගත් ජල්බරි සී.එස් කොහෙන්ද මන්දා ඇවිත් ඇවරි තුමාව බදා ගත්තා. කෙළවර පුටුවක ලැප් එක දිහා බලාගෙන සිරා මූඩ් එකේ හිටියෙ ලංකාවෙ රතු දත්ත පොතට ඇතුළත් කරපු දුර්ලභ සත්ත්වයෙක්. නමින් ප්‍රසාද් අලුත්වත්ත.

ඉතිං කෝම ද මචං. උඹ නම් වෙනස් වෙලා නෑ. අලුතා කතාව පටන් ගත්තා. අලුතා හිටපු බරපතල රාජකාරිය ඇවරිට තේරුණේ ටිකකට පස්සේ. මනාල යුවළ පිටත් වීමට කලින් ප්‍රොජෙක්ට් කරන්න හදන වීඩියෝ ට්‍රේලරයක් එඩිට් කරමින් තමා අලුතා ඉඳලා තියෙන්නේ. සාමාන්‍යෙයන් ඇවරි දන්න තරමින් අලුතා එහෙම අඩමාන වැඩ බාරගන්නවා අඩුයි. ඇත්තට ම මොකද වුනේ කියලා අලුතගෙන් ඇහුවා. නෑ බං අරා කතා කරලා කිව්ව ම බෑ කියන්න බෑනේ. මං ඉතිං කුදලගෙන ආවා. දැන් තමයි ෂොට්ස් අඩුයි කියලා තේරෙන්නේ. ඒ මැසිවිල්ල අලුතා හැමදාම එඩිටින් ටේබල් එකේ දී කියන බයිලාව නිසා ඇවරි පුදුම වුනේ නෑ. මොක ද අලුතට පැය පහක් ෂූට් කරලා ආවත් ආවත් ෂොට්ස් නෑ තමා.


ඇවරි එන ගමන් ලියපු ලියැවිල්ල මාෂිට පෙන්නුවා. ලොකු හිනාවක් එක්ක ඒක කියවපු මාෂි ඇගේ වදන් ලියන්න ගත්තෙ මේසෙ තිබුණ ටිෂූ කඩදාසියක. සමහරු චිත්‍ර ඇන්දා. සමහරු කවි පදවැල් ලිව්වා. දෙපැත්ත කැපෙන විහිළු, අරවින්දගේ ප්‍රේම පුරාණය නමින් ඇඳපු චිත්‍ර කතාව එහෙම සෑහෙන්න හිට් වුනා. මේක පබ්ලික් වුනොත් මඟුලක් කෙසේ වෙතත් මළ ගෙයක් ෂුවර්. අඳින මඟුලක් අන්න අර සිග්නේචර් පොටෝ එකේ ඇඳපන්. සී.එස් චිත්‍ර කතාව බලලා කිව්වා. අපි ගොඩක් ඒ මේසෙට වෙලා හිනා වුනේ අපි ම ඇඳපු, ලියපු දේවල් බලලා. ඔය අතරේ නිල කැමරා ශිල්පීන් වුන තොටමුණ ආදිපාද සහ චිලී අපට එකතු වුනා. ගයියා ද බෑන්කර්, කෑමට කලින් එන වග බැංකුවේ ඉඳන් දන්වා එලා තිබුණා. (එදා ලියපුවයින් ටිකක පින්තූර සලාදෙ පළ වෙනවා. තවත් ඒවා ගංගා අතට දුන්නා. වැඩිහිටියන්ටවත් නුසුදුසු ලියමන් ඇවරි ගෙදර ගෙනාව.)   


මාෂියෝනා ‘අපි‘ සමූහය වෙනුවෙන් සමරු සටහන් තබමින්.....
ජල්බරි සී.එස් මතක් කළ නිසා අපි හැමෝ ම සිග්නේචර් පික් එක ගාව වට වුනේ එහි ලියන්න. අවසානයේ ‘අපි සමූහය වෙනුවෙන් මාෂියෝනාගේ චිත්‍රයක් එහි සටහන් වුනා. ඒ අතරේ සී. එස් තමන්ගේ අසම්මත ප්‍රේමය, ගංගාවන් විසින් පැහැර ගැනීම පිළිබඳ ඇතිවූ වේදනාවත් තමාට පිටුපා ගංගාවන් හා අතිනත ගත් සුදු කොල්ලා අරවින්ද තමන්ට කොච්චර මතක් වෙයිද කියලා රඟපෑමෙන් කළ නිරූපණය පළමු පන්තියේ එකක් වුනා.


උඹ මාව දාලා යනව ද කොල්ලො..හ්.. අරවින්ද.. මගේ සුදු කොල්ලො..හ්.... අනේ රත්තරනේ... ආසයි කොල්ලෝහ්.. සී.එස්ගේ තාත්වික රංගනයට අපි බක බක ගාලා හිනා වුනාට ළඟින් ගියපු තලතුනා නෑ පිරිස් අපි දිහා රවලා බැලුවෙ සෑහෙන්න පිළිකුළෙන්. ඔය අතරේ ඇවරිතුමා කට්ටියගේ අවධානයෙන් ගිලිහුනු දෙයක් මතක් කර හිටියා. ඒ නව යුවල හෙඩ් ටේබල් එකේ කෑම ගැනීම. සාමාන්‍යෙයන් ෆොටෝ අරං ඉවර වුනා ම එතෙන්ට ගිහින් වදේ ගහන එක අපි සිරිතක් වශයෙන් කරන දෙයක්. මොකද වෙඩිම දවසේ මනාල යුවලක් බඩ පිරෙන්න කන්නේ නෑනේ. ඉතිං උන්ට කව්වන එක අපේ රාජකාරිය.


යමන්..යමන්.. මොක ද මගේ මඟුල දවසේ උඹලා මට කන්න දුන්නා කියලද? මාෂියෝනා පරණ ඇරියස් එකක් කවර් කරන අටියෙන් පෙරමුණ ගත්තෙ ඒවා යුතුකම් කියන්නා වගෙයි. කෑවීම කෙසේ වෙතත් කෑම ඉස්පොල්ලේ යාම වළක්වගත්තේ හරි ම අමාරුවෙන්. අරා නම් නයිට් ඩියුටි හින්දා කැපවීමෙන් කනවා කියමුකෝ. උඹ මොක ද මේ කල්ප කාලයත් සාගතේට අහුවුනා වගේ සවල් පාරවල් ගහගෙන, ගහගෙන යන්නේ..? සී.එස් ඇහුවේ, මෙලෝ සිහියක් නැතිව, කෑම නොහපාම ගිලින  ක්ලෝසාගෙන්. ආහ් මූට නම් ගංගා අද රෑට බුරියානි කවයි. පාන්දර තුනේ ඉඳන් අපි කාපු කට්ටෙ හැටියට දැන් කන දෙයක් විතරයි ඉතිං. සුකුමා හයියෙන් කිව්ව ම ගංගාවන්ගේ මූණ ලැජ්ජාවෙන් කළු වුනේ බලා ඉන්දැද්දි. 

Sunday, February 7, 2016

පෝරු මස්තකප්‍රාප්තිය මිස් වීම හෙවත් මායියාගේ ඩිස්ටන්ස් ඩ්‍රෙසින්ග් ප්‍රයාමය

මේ සලාදය කලින් සලාදය හා සම්බන්ධයි... කෙල්ලෙක් නම් සැලොන් චලෝ - කොල්ලෙක් නම් ජිම් චලෝ ||||||||||||| වෙඩිමක් නම් මේ දෙකට ම - උදේ හවා චලෝ චලෝ... නොකියවපු කස්ටිය කියවලා එන්නකෝ.. 

මුන් දෙන්නාට කිව්වොත් උවමක් පැරණී
රන් රස එකට එක් වූ තැන නැත දෙවැනි.
(රත්තරං - රසදිය වගේ නෙමෙයි බං බැටරි ඇසිඩුයි කිරිහොදියි වගේ)
ඊළඟට ඇවරිට ඇමතුවේ එකම නැඟණි පරාණය. අපෝ දැන් ටිකකට කලින් තමුන්ගේ ලොකු නෑනා කතා කරලා මගේ බෝ දොස් කියා, හොටු පෙරාගෙන අඩපාලා තිබ්බා. දැන් පුංචි නෝනා මොන හර්තාලයක් දාන්න ද කතා කරන්නේ. ආ නෑ නෑ මේ ලොකු නෑනාගේ ව්‍යාපෘතියට පොඩි සප් එකක් දෙන්නයි කතා කළේ. මේ පණ්ඩිත වාක්‍ය ඕන නෑ, පරක්කු වෙන්නැතිව ගෙදර එනවා. මට කඩල පිටි පේස්ට් හදාගෙන නිදිමරන්න බෑ. හරි ද? ආහ් ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට. හේනම් අංගනාව බළලුන් ලවා කොස් ඇට බාන්ටයි තනන්නේ ඈ..? හරි හරි ලොකූ ඔන්න ඔහේ කරලා දාමු. හොඳේ. නැඟණියන්දෑගේ බටර්පාරට ඇවරි තුමා රිවස් ගියර් එකට මාරු වුනා. දැන් ඉතිං කරපන්කෝ ෆේෂල්...

කොහොමින් කොහොම හරි ෆේෂල් අහවර වෙද්දි රාත්තිරි එකත් වෙලා. ඇවරි පැය කීපයක් නිදාගන්න සූදානම් වුනා. ඇහැරෙද්දි උදේ හතත් වෙලා. නාන්නත් ඕන. රෙදි මදින්නත් ඕන. ඒ මදිවට කලුබෙරියාගේ බැටරිත් නෑ. සියලු කාරණා පැත්තකින් තියලා මුලින් ම ඇවරි කළේ හිත හදා ගැනීම. මේ වැඩ ලිස්ට් එකේ හැටියට නවයයි පහට පෝරුවට යන්න නම් බෑ. සෝ කූල් මචං කූල්. ඒ එක්ක ම ලෑන්ඩ් ෆෝන් එකත් වදින්න ගත්තා. ෂුවර් ඒ නම් හාමිනේ ම තමා. ගුඩ් මෝර්නින් ඔයා පරක්කුයි ළමයෝ දැන් පෝරුව මඟ ඇරෙනවා. ඒක අහන්නත් දෙයක්යැ? ඔයා මගේ ෂර්ට් එක මැදලත් නෑ. සපත්තු මැදලත් නෑ. ටයි පටියක් තෝරලත් නෑ. ඩ්‍රයි ක්ලීන් කරපු බ්ලේසර් එකට කවර් එකක් රෙඩි වෙලා නෑ. මේස් කුට්ටම් කොහේ ද දන්නේ නෑ. වගේ දීර්ඝ සෝකාලාපයක් ඇවරිතුමා හාමිනේ වෙත දිගෑරියා.

හප්පේ නවත්තගන්න අනේ ඔයගේ අ‍ඳෝනාව. ඔයා නම් කිසිම පිළිවෙලක් නැති මනුස්සයෙක්. ඔච්චර අමාරු බව දන්නවා නම් ගංගායි අරවින්දයි ඔයාට මේ වෙඩින් එකට ඉන්වයිට් කරන එකක් ම නෑ. ඔයා විශ්වාස කරන්න පැටී, දැන් මට සපත්තු දානවා කියන්නේ පෝරකේට යනවා වගේ වැඩක්. ඔය ටයිපින්ස් කප්ලින්ස් කොහේ ද මන්දා. අනේ මහත්තයෝ මේ යන විදියට ඔයා දවල් කෑම වෙලාවටවත් වෙඩිමට යන්නෙ නෑ. මං ලයින් එකේ ඉඳන් ඔයාව වර්චුවල් ඩ්‍රෙස් කරවන්නම්. හරි ටයිවල පික් එකක් වයිබර් කරන්න අපි සිලෙක්ට් කරමු. මිස්ටර් පතිරගේ ඔන්න දැන් ඔයගේ වෙලාව පටන් ගත්තා. ඉස්සෙල්ලා ම ෂර්ට් එක මදිමු ද? එතැන් පටන් විනාඩි හතළිස් පහක් වගේ කාලයක් ඇතුළත ඇවරිව සූදානම් කිරීමේ කටයුත්ත හාමිනේ විසින් ඔන්ලයින් ඩ්‍රෙසින් සිස්ටම් එකට අහවර කළා. ඇත්තට ම ඇවරි ම ඇඳ ගත්තා නම් සින්දු කිය කිය පිස්සු නට නට වරුවක් අඳියි. හැබැයි පුංචි වෙලාවකින් ඈ ඒ සියල්ල කළමනාකරණය කළා. කැබ් එක ආව නේ..? හරි එහෙනම් පරිස්සමින් යන්න. යන ගමන් නින්දක් දාගන්න මං දවල් වෙලා ගන්නම්. මතක ඇතුව කපල් එකට මං විෂ් කළා කියන්න. ෆොටෝ එකක් එවන්න හොඳේ.

ඒ වෙද්දිත් දෙවනි මනමාල සුකුමා විසින් ‘අපි‘ එෆ්. බී චැට් එකට එවා තිබූ උදෑසන ෆොටෝ ෂූට් එකේ ඡායාරූප ඇවරි  එම මැතිනිය වෙත යොමු කරලා ඒ වගකීමෙන් නිදහස් වුනා. යන ගමන් ඒ දෙන්නාට දෙන කවරයේ පණිවිඩය ලියන්නට ඇවරි කල්පනා කළා. ඇත්තට ම ඒ වෙලාවෙ ඇවරි පුද්ගලිකව මේ ජෝඩුව ගැන  බොහෝ දේවල් අතීත මතක ගබඩාවෙන් මතක් කරගත්තා. තනිවම හිනා වෙමින් ඒ දේවල් සටහ් කරද්දි රියදුරු තැන දෙතුන් පාරක් ම ඇවරි දිහා බලලා, කතා කරන්නත් හදලා කරබා ගත්තා.

ඒ සිද්ධි හරියට චිත්‍රපටියක රූප රාමු වගේ. සිද්ධි කිව්වොත් වැඩේ කොට උඩ නිසා යම් යම් දේවල් වලින් ලියන්න හිතුවා. ජස්ට් ෆෝ මයි ඉන්ෆොමේෂන්. නතින්ග් පර්සනල් රයිට්.

අරවින්ද කිව්ව ම මතක් වෙන්නේ මෙහෙම දේවල් ටිකක්. කැමරාවක්, ගිටාර් එකක්, නාට්‍ය, සේකර, රුසියානු කෙල්ලක්, සමන් එදිරිමුණිගේ අත්හැරුණු අත් කතාවේ සුරනි වගේ ඉස්කෝලෙක පුංචි ලව් ස්ටෝරියක්, දුම්රිය වේදිකාවක වයලීයක් අතින් ගත් කෙල්ලක්, පරණ සින්දු, පරණ පත්තර, කපුටා ඔන්ලයින් එස්. එම්.එස්, සිංහල නවකතාව, සිංහල බ්ලොග්, තනිපාට ෂර්ට්, රජකාලෙ සපත්තු, කී මෑන්, වැස්සට තෙමුණු සිතුවිලි, මහනුවර මඟුලක්, රියෝ අයිස්ක්‍රීම්, යුනි පිට්ටනියේ වට හතක්, ඇදවුන සිංහල අත්අකුරු, අත බලලා කියපු හෙට දවසක්, හැටන් ඉස්ටේසමේ දත් මැදපු රාත්‍රියක්, තිසා වැව ඉවුරේ කොල්ලො තුන් දෙනෙක්, හීතල රැයක... කඳුකර නිකේතනයක මැද සාලයේ කෝපි වඩියක්, කොත්මලේ උමා ඔයෙන් දිය දෝතක්, එයා එයි.. උඹ ෆොටෝ එල්ලපං, කවුද බිත්තර බදින්නේ?, උන්මාද වූ ප්‍රේමාදරේ.. (අරාගේ ෆේවරිට්) වගේ දේවල් ටිකක්. මේ අපි දන්න ටිකෙන් සංස්කරණය කරලත් බොහොම චුට්ටයි ඉතිං.

ගංගා කිව්ව ම මතක් වෙන දේවල් ලියලා හමාර කරන්න බෑ. දුෂ්කර පාසලක්, ඉංග්‍රීසි පන්තියක්, කාර්ඩ් එකන් ගෙවන්න බැරි ද?, කිරිබත්ගොඩ පීසා හට්, ගාලු කුමාරි එක්ප්‍රස් සෙකඩ් ක්ලාස්, හංගපු රෝල්ස්, ලයනල් වෙන්ට්ඩ්, මං චන්ඩියි තමා, ඒ කාමරේ අපිට එපා... එක්කෝ කමකුත් නෑ, මෙයාගෙ බොරුද කොහේද, තාම පඩි නෑ හලෝ, ආනේ ට්‍රේන් එක මිස් වුනා ද? ආදී වශයෙන් ගංගා ගැනත් ලියන්න කතා නම් එමටයි.

ඇවරි මේ ලිව්වේ ඇවරිට අමතක නොවන හයිලයිට්ස් ටිකක් විතරයි. දෙන්නට නම් අවස්ථා හා සිද්ධි මතක් වෙනවා ඇති. ඇවරිට සහජයෙන් මෙමරි ලේන් එකේ කිසිවක් අමතක වෙන්නැති නිසා හොඳට මතකයි. මොක ද ඉතිහාසය මොනවා කිව්වත්, වර්තමානය කොච්චර වෙනස් වුනත්, අපිට ඒ අතීතයට ආයෙත් යන්න බැරි වුනත්, මතකයන් හරි සුන්දර නිසා අමතක වෙන්නෑ. කොච්චර වුනත් පුද්ගලිකව ඒ හැම මොහොතක් ම මේ දෙන්නා එක්ක විඳීමට ලැබීම ගැන ඇවරි සතුටු වෙනවා.


කතාවෙන් කතාවෙන් මඟුල් සලාදය ලියන්න බැරි වුනා. ඒක වෙන ම ලියලා දාන්නම්.