Monday, October 24, 2016

සිදුහත් කෝට් නොකෙරූ ප්‍රේම පුරාණය හෙවත් අනාදරයෙන් ගරු කිරීම

එදා පන්තියට ගියාම මට උගන්නන්න තිබුනෙ අභිධර්ම පාඩමක්. අකුසල චෛතසික උන් චෛතසික අහලා තිබුණාට අභිධර්මය කියන්නේ මොකක් ද කියලා දන්නෙ නෑ. චිත්ත, චෛතසික, රූප, නිබ්බාණ කොටස් උගන්නන්න ම මට වරුවක් ගියා. ඊළඟ පාර අභිධර්මය කියන්නේ මොකක් ද කියලා ඇහුවා ම මගේ ගොන් බාන දන්නෑ කියන්න එපා. විනය, සූත්‍ර, අභිධර්මය කියලා ත්‍රිපිටකයක් තියෙනවාය. විනය කොටස් පහකට පාලි වශයෙන් බෙදා තියෙනවාය, සූත්‍ර දිග, කොට, ආදී වශයෙන් පිටක පහකට බෙදා තියෙනවාය, පරමාර්ථ ධර්ම හතරක් කියලා අභිධර්මය කොටස් හතරකට බෙදා තියෙනවාය කියලා නොදන්න කෙනෙකුට කියලා දෙනන් පුළුවන් වෙන්න ඕන.

ඒ ළමයි හරි පව්. උන්ට බේසික් දන්නෑ. හැබැයි ටික ටික දැනගත්තා ම ආස වෙනවා. අපිත් එක්කත් තර්ක කරනවා. එදා ජරමර අස්සේ බරකරත්ත කියාගෙන අපේ රචනා සෙට් එකත් ප්‍රැක්ටිස් ආව. ඇවරිතුමාට පන්තිය කරන ගමන් ඒ දැරිවියො තුන් දෙනා එක්කත් කතා කරන්න සිද්ධ වුනා. හැමදාමත් වගේ වැඩියෙන් ම වද දෙන ගීත්මා හා හා පුරා කියලා දෙබරෙට ගල් ගහලා පටාන් ගත්තා. මාතෘකාව බෞද්ධ විවාහ ජීවිතය. අනේ පුතේ මේ මාතෘකාව ගැන කියලා දෙන්න නම් මට අත්දැකීම් නෑ. හැබැයි මම ටෙක්ස්ට් එක උගන්නන්නලා තියරි දෙන්නම් ප්‍රැක්ටිස් එක ගැන අම්ම අප්පච්චිගෙන් අහගන්න. සාමාන්‍යෙයන් ඇවරි ගොන් ටයිප් වුනාට ඇවරිගේ ගෝලයෝ ටිකක් මීටරේ තියෙන බුවාලා. උන් මගෙන් ඉගෙනගෙන මට ම කෙළවෙන ප්‍රශ්න ගේන්න හරි දක්ෂයි. 

කෙල්ලගේ රචනාව හොඳයි. දැනට පවතින ආර්ථික, සමාජ දේශපාලන රටාව තුළ කුටුම්භ සංරක්ෂණය, සාමුහිකත්වය, පවුල් ඒකක ඔස්සේ සමාජය ගොඩනැඟීම, අග්ගඤ්ඤ සූත්‍රය, නකුල මාතා-නකුල පිතා, කාන්තා නිදහස, ස්ත්‍රීවාදය, සිඟාලෝවාද සූත්‍රය, විවාහය සහ දික්කසාදය ආදී වශයෙන් බොහෝ පැතිරුණු මාතෘකා ඔස්සේ ලියැවුණු රචනාවෙ අඩුපාඩු නැති තරම්. හැබැයි ඇය වර්තමාන සමාජයේ දික්කසාදය ටිකක් රිදන්න ලියලා තිබුණ එක ගැන ඇවරි එච්චර එකඟ වුනේ නෑ, දරුවො ඒ ටික ටිකක් සැර බාල කරලා ලියමු. කරුණු කාරණා ඇත්ත වුනාට එච්චර රිදෙන්න ගහන්න එපා. ප්‍රශ්නයක් නෑ මම එඩිට් කරලා දෙන්නම් සර්. නමුත් මට පුංචි අවුලක් තියෙනවා. ඔයාට අවුලක් නැති මාතෘකාවක් තියෙනවානම් මයි සෙල්ෆ් විතරක් වෙන්න ඕන. කියන්න. “නෑනේ සර්, මම කවුද කියලා මමත් තාම හොයනවා නේ...” ඇගේ උත්තරෙන් ඇවරිතුමා පුදුම වුනේ නෑ. ඇය කොහොමත් වෙනස් කෙල්ලක්.

“කෙටියෙන් මෙහෙමයි. දැන් විවාහය ගැන කතා කරද්දි ආදරය කියලා වචනයක් තියෙනවානේ සර්. හැමතැනම තියෙන එකක් නේ සර් ආදරය, නමුත් ඒ ගැන බුදු හාමුදුරුවන්ගෙන් මට කෝට් කරන්න දෙයක් නෑනේ සර්..?? මම සිද්ධාර්ථ-යසෝදරා ස්ටෝරියෙනුත් සෑහෙන්න දෙයක් ගත්තා. අර යශෝදරාවතේ එහෙම පට්ට රහට ලියලා තියෙනවා නේ සර්. එත් සාමාන්‍ය ජීවිතේ දී බුදුන් බිරිඳට ආදරේ කරන්න කියලා කොහේවත් කියලා නෑනේ?? මට නිකම් හිතුන දෙයක් විතරයි. උත්තරයක් නැත්නම් අපි හෙමින් හොයාගමු.”

වක්කඩ කැඩුවා වගේ කුමාරිහාමි තමන්ගේ හිතේ හිර කරගෙන හිටි කුතුහලය පිරි ප්‍රශ්නය අහලා දැම්මා. කෙල්ල කොහෙන්ද ප්‍රශ්නය හොයා ගත්තේ? ඇවරි ටිකක් බරපතලව ඇහුවා.  ඇගේ ප්‍රශ්නයේ අන්තිම පාර්ට් එකට ඇවරි  ආස කලා. නෑ මං නිකම් ඇහුවෙ උත්තරයක් නැත්නම් හෙමින් හොයාගනිමු. පුහ්.. මැගේ ලයින් කිරිල්ල.

දරුවෝ උත්තරේ ඔයා ළඟ ම තියෙනවා. හොයලා බලන්න විනාඩි පහළොවක් දෙන්නම්. ඇවරිතුමා පන්තියට සටහන කියවන්න ගියා. “කමෝන් මිස්ටර් පතිරගේ ඉෆ් අයි හැඩ් ඇන් ආන්ස්වර්, වයි වුඩ් අයි ආස්ක් යූ??” ගීතිට ලේසියෙන් තරහ යන්නේ නෑ. හැබැයි තරහ ගියොත් විනාසයි. එහෙම වුනා ම මියුසියස් ගතිය ඉස්මතු වෙනවා. කඩ්ඩෙන් බැනීම තමා ප්‍රතිඵලේ. “ඕකේ කාම් ඩවුන්, ඩිඩ් යූ රිෆර් දිස්?” ඇවරි පෙන්නුවෙ සිඟාලෝවාද සූත්‍රයේ මුල් ම පාඨ දෙක.

එක බිරිඳට ගරු කිරීම දරුවා. දෙක අවමන් නොකිරීම. ගරු කිරීමයි අවමන් නොකිරීමයි කියන්නේ දෙක ම අඩු වැඩි වශයෙන් එක සමානයි. හැබැයි ගරු කිරීම ගැන කියන ගමන් අවමන් නොකිරීම ගැන කියන්නේ ඒක අවධාරණය කිරීමක් නිසා. රෙස්පෙක්ට් කියන එක සාර්ථක යුග දිවියකට අවශ්‍යයි. “සෝ වට් අබවුට් ලව්...??” අයියෝ සුසානෝ ඒක හරි සරලයි නේ. ඔයා ආදරය නොරකන, ඒ කියන්නේ ඔයා තරමක් හෝ වෛර කරන හැබැයි ඔයා ගරු කරන එක චරිතයක් මට කියන්න, මේ මං ඇරෙන්න හරි??”

“හහ් හා යූ මස්ට් බී කිඩින්ග්!! සර් ඔහොම ඇහුවා ම මට මතක් වෙන්නේ අර අඹ ප්‍රශ්නය සහ ඥාතී ප්‍රශ්නය. මේ ගස හැර වෙනත් ගස් තිබේ ද මහරජ..?? එසේය ස්වාමීනී වගේ තමා...!!” ජස්ට් ස්ටික් ටු ද පොයින්ට් ළමයා.

“හරි හරි නෑ.. මගේ වෛරයිකාරයින්ට මං ගරු කරන්නේ මොකට ද? මං ඒ අය එක්ක තරහයි නේ. අයි මීන් හූ කෙයාර්ස්?? මං ගරු කරන්නේ මගේ දෙමාපියන්ට, වැඩිහිටින්ට, ගුරුවරුන්ට ප්ලස් ඊ.සී.ටී විතරයි.”
“ඔහ් රියෙලී?? සෝ දැට්ස් ද ආන්සර්..” සොරි අයි ඩිඩ්න්ට් ගෙට් ඉට්?? ගීති ෆුල් ෆොක්ස් වෙලා ඇහුවා.

 ඇයි දරුවෝ තේරුම්ගන්නැත්තේ? ගරු කරන අයයි ආදරේ කරන අයයි දෙගොල්ලොම ඉන්නේ එක ම කුලකයේ. ඔයා දන්න වෙන් ඩයග්‍රම්ස් වල එකම සෙට් එකේ. ඔයාට කවදාවත් තරහාකාරයෙක්ට ගරු කරන්න බෑ. නිකම් හිතන්න දැන් ඔයා ගරු කරනවාය කියපු දෙමාපියන්ට ආදරේ නැතිවෙන වෙලාවක් ඇවිත් නැද්ද. ඇට්ටරකම් කරපු වෙලාවල් ඇවිත් නැද්ද. අම්මාව හපා කාපු වෙලාවල් නැද්ද? මොකක් ද එතන වුනේ. අම්මා තාත්තා වුනත් ඒ අය ගරුකටයුතු විදියට එතන දී හැසිරුණේ නෑ. එතකොට ඔයාගේ ඒ අයට තිබුණ ආදරේත් නැති වුනා. ඒ නිසා ගරු කිරීමයි ආදරයයි කියන්නේ එකම කතාවක්.


“දැන් ඕක ම තමා අර ජේසු අසල්වැසියාට ප්‍රේම කරන්න කිව්වෙත්. කෙනෙක්ට ගරු කරන්න නම් සෑහෙන්න ආදරක් තියෙන්න ඕන දැරිවි. ඒක තේරුම්ගන්න. මෙතන පද පෙරළියක් කළා නම් උත්තරේ සරලයි.” ඇත්තට ම ඔයා හොද ප්‍රශ්නයක් ඇහුවෙ. දැන් තේරෙනවා ද උත්තරේ. ඒක නම් හරි ඕක රචනාවට ගළපන එකනේ වැඩේ..! ඉට්ස් අප් ටු යූ ඉබ්බි. හැබැයි නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා හේම නෙමෙයි..!! 


No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....