Sunday, March 1, 2015

ගෝනි බිල්ලන්ගේ ළමා බිල්ල

මේ කතාව ඇවරිට ලියන්න හිතුනේ අහම්බයකින් දැනගත්තු කරුණු ටිකක් නිසා. කාල ඉන්න බැරි සීන් එක මගේ ඇස් දෙකින් ම දැකපු නිසාත්, තිබුණු පශ්චාත් භාගයේ අමාරුවට ඒ ගැන තවත් කරුණු හොයාගත්තු නිසාත් ලියලා දාන්න හිතුවා.


මේ ලිපිය අර අර මං මුලින් ලියපු අවජාතක බිළිදු උපතක සැගවුණු අන්දරය කියන පෝස්ටුව හා බැදේ හොදේ. ලින්ක් එක මෙතනින්. අතීත කතාව... එදා අපි මෙලොවට ගෙනාපු පුතු පැටියා දැන් වෙනත් මව්පිය දෙපළකගේ උණුහුම මැද සුවෙන් ඉන්නවා. ඒ ගැන අපි දෙන්නා පහුගිය කාලෙ කෝපි කෝප්පයක් තොල ගාද්දි ඇති වෙච්චි කතාවක දී මට මල පැනලා ඩෝන්ට් අන්ඩර්එස්ටිමේට් ද පවර් ඔෆ් ද කොමන් මෑන්! කියාගෙන පොඩි ටෙලි නාටකයක් දැම්මත් මතකයි. ඒකත් පට්ට මිෂන් එක යාළු. ආ.. ඉන් පස්සේත් ඇවරිට ඩිලිවරි එකක් බලන්න තවත් අවස්ථාවක් ලැබුණා. ඒත් ප්‍රතිඵලය එකයි. සුපුරුදු පරිදි කොරිඩෝ සක්මන. ඒ විෂය ගැන මං ටිකක් පුරුදු වෙන්න ඕනෑ බංස්. කොහොද ලේ දකිනවට බයේ බයෝ නොකරපු මං අමුවෙන් ම ඩිලිවරි එකක් බලා ඉදියි කියලා හිතන්න පුළුවන් ද? ඒවා හදේ තමා ඉතිං!!!! ඇත්තට??? හැබැයි එදාට මා ළග නොහිටියොත්?? ඒවත් හදේ තමා හොදේ මහත්තයෝ..!!! කාලා වරෙන්කෝ. ලව් කරන තරම් ලේසි නෑ, පොරොන්දු ඉෂ්ට කරන එක ඕං.


මේ වෙස් මාරුවට කාලයයි....
සරි සරි... කදෙයි සොල්ලුංගෝවෙන් අන්නා... එදා මං පිකප් එකකට එයාර්පෝර්ට් ගියපු දවසක්. වී.අයි.පී කපල් හනිමුන් එකක මීට් ඇන්ඩ් ග්‍රීට් ට්‍රීට් දෙන්න මට පර්සනලි එන්න කියපු නිසා ඇවරි ෂෝෆර් එක්ක ඕකිඩ් ගාලන්ඩ්ස් අරං ඇතුලට ගියා. වෙල්කම් කරලා, ඩ්‍රයිවර්ට බ්‍රීෆ් කරලා උදේ හතට විතර වෙහිකල් එක රිලීස් කරලා මං කටුනායක ස්ටෑන්ඩ් එක පැත්තට කන්න මුකුත් හොයාගෙන ගියා. සාමාන්‍යෙයන් පිටින් නොකන ඇවරි එයාර්පෝර්ට් ගියොත් කටුනායක ස්ටෑන්ඩ් එක ගාවින් ‍තෝසෙ පාරක් දානවා. පුරුදු තැන නේ ආයිබෝං. මාත් ගියා. කෑවා. ගෙව්වා. දැන් ආපිට එන්න. එතන ට්‍රීවීල් බුවාලත් ඇවරි ටිකක් දන්නවා. මොකද හැමදාම මේ පිරිස මට හයිවේ එක්ස්ප්‍රස් එකට ට්‍රාන්සර් එක දෙන නිසා.


පාර්ක් එකේ තිබුණ දන්න අදුනන බුවකුගෙන් යනවාද කියලා ඇහුවා ම පොර මූණ ඇඹුල් කරගෙන දැන් ම යන්න බැරි වෙයි සර් කිව්වා. ඒ ආකාරය මට ටිකක් හරහට දැනුන නිසා ඇයි වීල් එක කැඩිල ද යාළු කියලා මං ඇහුවා. දැන් මගේ ඩ්‍රයිවර්ට යාළු කියලා ම මට දැන් හැමෝට ම යාළු කියවෙනවා. තරුණ පහේ වීල්බුවා අද පොඩි ඇපොයිමන්ට් එකක් තියෙනවා ලොක්කා කියලා වීල් එකේ හිටි හිජාබ් එක් දාපු තරුණියක් පෙන්නුවා. මුලින් අමුත්තක් නොපෙනුනාට ඇගේ පසෙකින් සීට් එක උඩ දරුවෙක් තබා ඇති බව මට පෙනුනා.


මොකෝ සීන් එක? බර බරයක් නෑනේ?? මං හිනාවක් දාලා විල්බුවාගෙන් ඇහුවා. දැන් මට උන්ගේ බාසාවත් ඒ තරම්  ම පත්තියන් වෙලා. හෑක හැක. නෑ ලොක්කා පොඩි ලෝකල් ඩීල් එකක්. වෙන වාහනයකුත් නැති එකේ තව විනාඩි දහයක් ඉන්න මං ඇම්මට ගිහින් දාන්නම්. මාත් හරි අවුලක් නෑ කිව්වා. ඒ එක්ක ම ආපු කළු වීදුරු තිබුණු කේ.ඩී.එච් වෑන් රථයට අර කාන්තාව දරුවත් එක්ක නැගුනා. එහි රියදුරුට යමක් කියා මා වෙත හැරුණු ජිල්බුවා වීල්මෑන් හරි සර් යන් කියාගෙන මණ්ඩිය හරවලා ගත්තා. 


දැන් මගේ බස්එක අල්ලන්න ජෙට් එක කැනඩා මිත්‍රත්ව පාරේ. යන්තම් මාසෙ ගොඩ සර්. හැබැයි පොඩි එකාට නම් මොනා වෙයිද දන්නෑ. ඔහොම පටන්ගෙන විනාඩි තුනක් ඇතුළෙ දි මහා ළමා ජාවාරම ගැන තොරතුරු සියල්ල විල්බුවා හෙළිකළා.


හිජාබය හැදිකත ළමයා විකුණන අදහසින් ලංකාවට ආ අරාබි රටක ළාබාල කෙල්ලක්. උදේ ෆ්ලයිට් එකේ ආව. දරුවා වික්කා. කීයක් හරි අරං. හවස ෆ්ලයිට් එකේ ගියා. මං දැන් මේ මාතලී කියන දේ අයා ගත් මුවින් යුතුව අසාගෙන සිටිනවා. කොහොමින් කොහොම හරි හයිවේ එක්ප්‍රසයකට අපි ආව. අදින්න තව වෙලා තියෙන නිසා  මේ අලුත් ඕපාදූපය ගැන තොරතුරු විමසන්න ඇවරි තත්පර වුනා. මේක දැන් අලුත් දෙයක් නෙමෙයි සර්. සාමාන්‍යෙයන් මාසෙට ඔය වගේ අම්මලා තුන් හතරදෙනෙක්වත් එනවා. අපි වගේ බ්‍රෝකර්ලා හරහා ළමයව විකුණලා කීයක් හරි අරං යාම තමයි වෙන්නේ. එතකොට කාට ද ඔය ළමයි විකුණන්නේ?


ඒක ඉතිං ළමයාගේ වාසනාව තමයි. අපිට තියෙන්නේ වැඩේ සෙට් කරලා කොමිස් එක ගන්න එක විතරනේ. ඊසි මනී නේහ්. අනික එන හැමෝ ම එන්නේ ළමයාව කොහොම හරි දීලා යන්න. අන්න සර්ගේ බස් එක අදින්න යන්නේ. හරි යාළු එහෙනම් අපි ගියා.


හිස් අසුනක වාඩි වෙලා ජනේලෙන් එපිට බලපු මට හීන් දාඩිය දාන්න ගත්තේ තවත් දරුවෙක් හා හිජාබ් ඇදි කතක් දැකලා. මෙහෙම දෙයක් ඇත්තට ම වෙනව ද කියලා තවත් හොයලා බලන්න පළගතුරේ මගේ හිතවත් කීප දෙනෙක්ටත් කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිත මාෆියාවටත් ඇවරිගේ ලයිෆ්ටයිම් ප්‍රෙන්තා නයිනමඩම ගෝඩ් ෆාදර් (අර හොර කසිප්පු පෙරන්වා බලන්න ගිහින් ඇවරිත් එක්ක ගේම දාගෙන පස්සේ ෂේප් වුන මස්සිනා) වගේ බොහෝ දෙනාගෙන් රෙෆරන්ස් ගත්තා. ඔහුන් හැමෝ ම තහවුරු කළේ අරාබි කතුන් විසින් ලංකාවට පැමිණ දරුවන් විකිණීම ව්‍යාපාරික මට්ටමින් සිදු වන බවයි. 


දැන් ඇවරිට ඕන මේ දරුවන් මිලට ගන්නා පුද්ගලයන් විසින් මේ දරුවන් සම්බන්ධයෙන් කුමක් කරන්නේ ද යන්න දැන ගැනීම. ඒක සෑහෙන්න ඇඩ්වෙන්චරස් කතාවක් වෙන බවට දැනටමත් ඉව වැටිලයි තියෙන්නේ. නමුත් මං ආසයි එහෙම හෝඩුවාවල් පස්සේ යන්න. යෙහ් යෙහ්හ අයි ඇම් ද සීකර්.... හේ හේ අපි බලමු මොකද වෙන්නේ කියලා. සමහර වෙලාවට අපි අවැදගත් කියලා නොසලකාහරින පුංචි දෙයක් ඇතුළේ ලොකු කතාවක් තියෙන්න පුළුවන් යාළු. සාමාන්‍යෙයන් ඇවරි දන්න මගේ රාජ්‍ය ඇතුළෙ කතා කරලා, කෑ ගහලා, අඩපාලා හිටියට පිටදී මං පට්ට නිශ්ශබ්ද චරිතයක්. හැබැයි මට දෙයක් හරහට ෆීල් වුනොත් එවෙලේ ම ඒ ගැන හගිස්සන්න පුරුද්දක් වෙලා තියෙනවා. බොහෝ විට එතනින් අලුත් පාරවල් ඇරෙනවා. සමහර පාරවල් දිගට යනවා. සමහර පාරවල් පොඩි දුරකින් වැහෙනවා. කොහොම නමුත් යාළු පුංචි පුංචි දේවල් නොසලකාහරින්න එපා. අනික දෙයක් අමාරුවෙද්දි මගේ හිතේ අඩහදයා දෙන වෝර්නින් එකත් අපූරුයි, කමෝන් නලියා බෑ කියලා බෑනේ.... අනික ඔයා නොකළොත් කවුද කරන්නේ? හා කියන්න. අන්න ඒ මොහොතේ ඉදන් මං ආයෙත් ගේමට එන්ටර් වෙනවා.



කොහොම නමුත් ගෝනි බිල්ලන්ගේ ළමා බිල්ල ගැන ඇති සැගවුන කතාව ඉක්මණින් සොයාගන්න වෙනවා. අර කිව්වත් වගේ මං නොකළොත් කවුද කරන්නේ...???  

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....