Monday, February 17, 2014

මා අත්දුටු බුද්ධි ගලනය හෙවත් මිත්‍ර පරාණයන්ගේ එතෙර ප්‍රාදූර්භූතය

පහුගිය දවස් වල සිද්ද වෙච්චි එව්වා මෙව්වා ගැන කම්පනා කළා ම ආයිබෝං කාපු බීපු ඒවා ඉහින් කටින් එන්න තරම් හසිතුප්පාද චිත්තයක් ජනිත වෙනවා. ඔය අස්සේ පහුගිය කාලයේ යානි මැතිනිය අපිට ෆෙයාර්වෙල් පාර්ටි කෑල්ලක් නොදීම රට හැර යාම සිද්ද වුනා නොවැ.

පළමු අවුරුද්දේ අපේ කොලු නඩේට පාළු මකපු ඇණ දෙකෙන් එකක් තමා යානි. ඒ දවස්වල දිගට දිගේ වවුණු කොණ්ඩේ ගොතාගෙන ධර්මාලෝක ශාලාවට සාය කෑල්ලක් ඇඳගෙන ඇවිත් දේශන නැති වෙලාවට අර උකුණු පිරිච්ච දිග කොණ්ඩෙ අතින් කරකවකව රටේ නැති බහුබූත කියවීම තමා ඇගේ පරම සොමිය වුනේ. අපේ යාළුවන්ට ඇගේ ඒ කැටයම මතක ඇති. ආයෙ ලෝකෙ පෙරළුණත් ඇඟිලි දහය කොණ්ඩගස් අතරේ. ඉතිං දවල්ට එකම බත්පත උකුණන් සමඟ රසට කෑමටත් අපිත් පුරුදු පුහුණු වුනේ, නිරායාසයෙන්.


යානි මැතිනිය කියන්නේ ඒ දවස්වල මගේ ජර්මන් ටියුටර්. ඇගේ පියා ජර්මන් භාෂාව දැන සිටීම නිසා ඇයත් දීප්තිමත් සිසුවියක් වුනා. මගේ ගෙදර වැඩ සියල්ල හරි පිළිවෙලට කරලා. ඕරල් ටෙස්ට් එක දවසට මාව ලක ලැහැස්ති කරලා, එන ප්‍රශ්න ටිකත් කලින් ම කියලා දීලා, උත්තරත් කට පාඩම් කරවපු ඇය සාමාන්‍ය උපාධියක් කළ නිසා මං තුන්වන වසරේදි කැම්පස් අවුට් වුනා. මං දන්න තරමින් එතුමිය පේපර් ක්විලින් කලාව හොඳින් ප්‍රගුණ කළ දක්ෂ මෝස්තර ශිල්පිනියක්. මුල් කාලයේ මගේ සමීපතමයන්ට යැවුණු පර්සනලයිඩ් බර්ත් ඩේ කාර්ඩ් වලට රේන්ද ඇල්ලීමට බාර ගත් ඇය, අවසානයේ දී එය ව්‍යාපාරික මට්මින් සිදු කිරීමට තරම් දියුණු වුනා. චිලී ට්‍රැක්ටරේ නම් යානි ටේලරේ වගේ තමා හිටියේ. හැබැයි අවසානයේ දී ටේලරය ට්‍රැක්ටරයටත් නොදන්වා කරදිය වළල්ලෙන් ඈතට ගියා කියලයි තතු දන්නෝ කියා සිටියේ. අපිට ඇය වෙනුවෙන් නිල සමුගැනීමක් සිදු කිරීමට නොහැකි වීම පිළිබඳ සලාදයෙන් ඇවරි සමාව අයැද සිටිනවා.

මීට අමතරව අපේ ලකී බෝයියත් එමීර් රාජ්‍ය බලා මීට සති කිහිපයකට පෙර නික්ම ගිය බව කියන්න ඕන. ඒ ගැන අපේ සත් නම් ඉන්නෙ ඉහ වහා ගිය චිත්තප්රීතියෙන්. උන් දෙන්නාට කිව්වොත් උවමක් පැරණී - රන් රස එකට එක් වුණ තැන නැත දෙවැනී කියලා කියන්න පුළුවන්.  ලකී ගැන මට තියෙන හොඳම මතකය අපි දෙන්න එකතුවෙලා සත්ලගෙ ගෙදරදී ෂැම්පේන් බෝතලයක් අරින්න ට්‍රයි කරපු එක. ඒ වගේ ම ජීම් කැන්ටිමේ දී සත් වෙනුවෙන් අපි පවත්වපු කැන්ඩ්ල් ලිට් සප්‍රරයිස් පාර්ටි එකත් අමතක වෙන්නෑ. ලක්ෂාන් ඇත්තට ම එදා අපි සප්‍රයිස් පාර්ටි එකක් දෙන්න යන බව උඹේ අතින් සත්ට කී පාරක් කියවුනා ද? ඒ වගේ ම ලසන්ඤා පරක්කු වෙලා සත්ව ෂේප් කරගන්න බොරු ගොත ගොත කතා කොච්චර නම් කිව්ව ද කියලා මතකයක් තියෙනව ද? ලොල්.    

ඉතිං බොලාව කොච්චර මතක් වෙනව ද කියලා කියන්න වචන නාස්ති කරන එක අපරාධයක්. හැමෝගෙ ම අලුත් ජීවිතවලට ඇවරිගේ සලාදයෙන් සුබ පැතුම්.



2 comments:

  1. මේ.. යානිගෙන් හාවක් හූවක් නැනේ අප්පා.. අනේ නලියෝ.. මිස් යු සෝ මච් ඩියර්.. කෝල් එකක් දීලා අපිව ආත බූත කරන්නවත් කෙනෙක් නැනේ දැන්.. කැන්ඩ්ල් ලයිට් ඩිනර්, 31 නයිට්, කිතුල්ගල රාෆ්ටින්, ඔය ඔක්කොටම වඩා හොඳම එක අපේ ලිඳ ලඟ සන්ගමය.. ජිවිතේ අපි මොනතරම් වින්දද.. ඒ කාලෙ ගෙවිල ගියේ හරි ඉක්මනින්.. අපි දැන් වයසයි නලියෝ...

    ReplyDelete
  2. හේ හේ මම නම් ගන්ග් ඇට් හාර්ට් හලෝ... කවුද වයසයි කියන්නේ... මේ පාරෙන් ඇවිත් අපේ රවුමේ වාඩි වෙන්න...

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....