Monday, June 20, 2011

ගරු ජනාධිපතිතුමනි, කැවියේ සරා - “සරා සිහින” කැන්සල් කළ වගයි.

හෙළයේ මහා ගායක භාතිය කොල්ලයි, දුස්සන් කොල්ලයි, දෙපල කැලණිය විශ්ව විද්‍යාලය වෙත කැඳවාගෙන පැමිණීමේ නොනිත් ආශාව ඉටු කරමින් ව්‍යාපාර හා කළමනාකරණ පීඨය විසින් සංවිධානය කරන ලද සරා සිහින ප්‍රසංගය වහාම ක්රියාත්මක වන පරිදි තා දමන මෙන් කැවියේ උපකුලපතිතුමන් විසින් එහි සංවිධායක මණ්ඩලය වෙත අද දින (15) දන්වා සිටින ලදී.

උපකුලපතිතුමා උපුටා දක්වමින් කැලණි විශ්ව විද්‍යාලයීය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර සිටියේ ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය පැවැත්වෙන නිසාවෙන් මෙවැනි තීරණයක් ගත් බවයි. නිවේදනයක් නිකුත් කරමින් එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ශිෂ්‍යයන්‍ට ද තම යුතුකම් ඉටු කිරීමට හා ගුරු ගෞරවය දක්වමින් ඔවුන්ගේ හොඳ හිත දිනාගැනීමට මෙය අවස්ථාවක් බවයි. ඒ අනුව සිසුන් පිරිසක් ඊට පක්ෂව ද තවත් සමහක් විපක්ෂව ද අදහස් දක්වා ඇති අතර අත්තිකාරම් වශයෙන් ගෙවන ලද ලක්ෂයක මුදල නැවත ලබා ගැනීමේ සටනක සංවිධායක මණ්ඩලය නිරත වන බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙය අවලංගු කරන මොහොත දක්වා ම සංවිධායක මණ්ඩලය ඉතා වගකීමෙන් මෙම කටයුතු සංවිධානය කළ බව කිව හැකිය. සාමාන්‍යයෙන් ධර්මාලෝක උපාධි ශාලාවේ පෙන්වන ප්‍රසංගයක උපරිම ප්‍රවේශපත්‍ර මිල රුපියල් සියයකි. පසුගිය නාට්‍ය උළෙල ද ‍තිරගත කරන ලද්දේ එම මිලට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙනි. එහෙත් යට කී ප්‍රසංගයේ ආරම්භක ප්‍රවේශ පත්‍රයක මිල රු. පන්සියයක් ලෙස නිවේදනය කර තිබුණි. එය සාමාන්‍ය අගය මෙන් පස්ගුණයකි. හෙළයේ මහා ගායක දෙපළගේ හා අශාන්ති, රන්දීර්, උමාරියාගේ ද අය කිරීම් මත එම ප්‍රවේශ ගාස්තුවේ ගැටලුවක් නැත. කෙසේ වෙතත් ජුනි මස හයවැනිදා පැවැත්වීමට තිබූ ප්‍රසංගය 23 දක්වා කල්යාමට ද හේතුවූයේ පැවති වාතාවරණයයි. දැන් එය නිල වශයෙන් අවලංගු කර ඇත. සංගීත ආශ්වාදය විඳිනු කැමැත්තෝ මේරියන්ස් අන්ප්ලග් ප්‍රසංගය එම මිලට ම නරඹත්වා යන්න අප පැතුමයි......

ගරු ජනාධිපතිතුමනි, නියම කතාව ඇරඹෙන්නේ දැන් ය. ඔබතුමා තරම් සංවේදී කළාකරුවෙක් මේ ලංකා ද්වීපයෙහි නොවන්නේය. ඔබතුමා තරම් සැණකෙළි කැමැත්තෙක්, ඔබතුමා තරම් විනෝදකාමී ජවසම්පන්න නායකයෙක් තවත් නොමැත. අප මෙතෙක් සිතා සිටි‍යේ උපකුලපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය නවතා දමා ඇත්තේ අධ්‍යයන කටයුතු පමණක් බවයි. දැන් දැන් ඔවුන් ශිෂ්‍යයන්ගේ විනෝදාස්වාදන මාධ්‍යන් ද අහුරමින් සිටීන බව ඔබට පසක් වනු ඇත. අති ගරු ජනපතිතුමනි, සරලව ම කිවහොත් උපකුලපති හෙවත් ආණ්ඩු පක්ෂ ඔබ නියෝජිතයා වර්ජකයන් හා එක්ව ආණ්ඩු විරෝධීව කටයුතු කිරීම අරඹා ඇත. මේ නම් ඔබේ සැණකෙළි න්‍යාය උල්ලංඝනය කිරීමකි. සම්බුද්ධත්ව ජයන්තිය පෙන්වා වෙසක් මස ද දැන් පොසොන් පෙන්වා ජුනිය හා දෙසැම්බරයේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය විවෘත කර සැණකෙළි කරවා ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීමට උත්සුක වන ඔබ ආදර්ශයට නොගෙන මෙවන් සැණකෙළි අවස්ථා මඟහැරීම නුවණට හුරු දැයි විමසනු මැනවි. මේ යන ආකාරයට ඔබතුමා විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුව ඇත. මේ කළාක් මෙන් අත්ථනෝමතිකව (බොහෝ විට 26 වැනිදායින් පසු) සමත්ත විශ්ව විද්‍යාලය ම දින නියමයකින් තොරව වැසීමට ද ඔබ නියෝජිතතුමා ක්‍රියා කළහොත්......??????? ඔබතුමාට යන කලදවස ගැන සිතා බලනු මැනවි. හෙට ආචාර්ය වර්ජනය හේතුවෙන් සියලු ම ආපනශාලා වසා දමන ලෙස මේ ඇමැත්තා නිර්දේශ කරනු ඇත.

ඒ අනුව දැන් දැන් ලැබෙන සාධක මත උපකුලපතිතුමා ද හතුරන්ට එක්ව ඇත. එක අතකට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් උපකුලපති තනතුරේ තැබී නම් හෝල්ට් කියද්දී සියල්ල හෝල්ට් වනු ඇත. ඉඳින් ජනපතිතුමනි, මෙම ප්‍රසංගය නියමිත දිනට පැවැත්වීමේ සියලු වගකීම තාරුණ්‍යට හෙටක් ආයතනය වෙත පවරා ඔබ පුත් කුමරාට ද එයට සහභාගී වන ලෙස දැන්වී නම් සියලු දෝෂ නිවාරණය වන්නේ නොවේ ද??? කලා හිතැති, කලා හදැති ඔබතුමා මේ අසාධාරණය දැක කුමක් හෝ කරතැයි සිතමි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානය පිණිස යි.

(මෙච්චර කියවපු එකේ ඉතිරියත් කියවන්න...)

දැන් දෙවන කියැවීම

ඇත්තට ම ඇවරි කැලණියේ උපකුලපතිතුමාට හරි ම කැමතියි. අනේ නෑ බොරුවට බටර් ගානව නෙමෙයි. දැනට ඉන්න ලංකාවෙ කුලපතිවරුන් අතරින් යම් තරම‍ක හෝ ස්වාධීනත්වයක් අත් කරගත් කුලපතිවරු අතළොස්ස අතරින් සරත් අමුණුගම කියන්නෙ අංක එක. කොහොමත් ජ’පුරේ උතුමාණන්ට වඩා දාහකින් හොඳා කියලා දන්නවා ඇතිනේ......?????? තමන්ගෙ දේශපාලන න්‍යාය පත්තරය ටිකක් දුරින් තියාගෙන රජවරුන් තරහ නොකරගෙන වැඩේ කරගන්න එතුමා හරියට ම දන්නවා. ජනාධිපතිතුමාගේ නිල රැස්වීම් කිහිපයක් ම වර්ජනය කරලා කා‍ලයක් බ්ලැක් ලිස්ට් වෙලා හිටිය කියලත් ඇවරි පුද්ගලිකව දන්නවා. ඒ දන්න විදිය අහන්න එපා... “කෝ ඔයාලගෙ වීසී අද රැස්වීමට ආවෙ නෑනෙ.... ප්‍රසිඩන්ට් බැන්නත් එක්ක.... කියලා ඇවරිට කීවෙ තවත් වීසී උතුමෙක්. පස්සෙ එතුමා ම මගෙන් අහනවා “එයා ටිකක් එක විදිහක කෙනෙක් නේද?” කියලා. මට හිනා ගියා.

Thursday, June 16, 2011

අපි ඉස්ට්රැයික් - තොපි.....?????


අපිත් හේම තමා හලෝ.... අපේ යුනිය පටාන් ගත්තෙ මැයි 23 වැනිදා සිට මේ දක්වා අපේ අධ්යකයන අංශය මගින් අධ්යතයන වාර කාල සටහන් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් කස්ටිය තැන් තැන් වලට වෙලා උකටලීව ඉන්නා බවයි පෙනෙන්නට තියෙන්නෙ. දැන් තමා නියමාකාර ශිෂ්යය කේන්ද්රීය අධ්යාටපනය පටාන් ගෙන තියෙන්නෙ. ඒ අය නෝටිස් කරන්නෙ මේ අධ්යමයන වාරයට නියමිත විෂය ඒකක හා විභාගය පැවැත්වෙන දිනය පමණයි. උගැන්මකින් තොරව විභාග ලිවීමට අපි හුරු කිරීමක් කියලයි කාණ්ඩෙ කියන්නෙ. හැබැයි කාලයක් යුනි නාපු මගේ ආචාර්යවරිය මේ සෙම් එකේ සිට යළිත් ඉගැන්වීම් ප‍ටන් අරං. කවදත් වගේ ඇවරි සුපුරුදු පැනය ඈ වෙත යොමු කළා.
ඇත්තට මිස් දැන් අපිට මොකද වෙන්නෙ....?? වෙන්නෙ ද අපි course units දාල නේ තියෙන්නෙ. ඒවා බලල නෝට්ස් හදන් පාඩම් කරන්න. ටියුට් ලියන්න. වැඩ කරගන්න. මං ඇහුවෙ උගන්නන්නැද්ද කියලා. “ආ මේ අපි ඇවිත් තියෙන්නෙ උගන්නන්න තමා නමුත් මේ වැඩේ ඉවර වුනා ම අපි ඒ ගැන බලමු.” ඈ මල්ලෙ ටිපි ටිප් උත්තරක් දුන්නා.
අනේ ඉතිං බලාන හිටියත් කාලසටහන් නම් දාන පාටක් පේන්න නෑ. ඔය අතරේ පහුගිය සතියේ කැලෑ පත්තර කිහිපයක් ගහලා තිබුණනේ...??? (නිසි බලධාරියා විසින් කපා දමන ලද නිසා ඒවා මේ බ්ලොගයේ පළ වෙන්නෑ) නමුත් විග්රහ කරල බැලීමේ දී මේ කැලෑ පත්තර වලින් සාධනීය වෙනසක් සිදුවූ බව කියන්න පුළුවන්. උඩින් ආචාර්ය වැඩ වර්ජනය ගැන මොන මොන තීරණ තිබුණත් යටින් ඇති කාරණා කාටත් රහසක් නෙමෙයි. ඇත්තට ම ආචාර්ය සමිතියේ වර්ජනයට ගත් තද තීරණය දියාරු කිරීමටත් කඩේ ගියපු මිනිස්සු ටිකක් දාගෙන වේයන්ගොඩ සම්මේලනය පැවැත්වුවත් වැඩේ අසාර්ථක වුනා.
යුනිය පටාන් ගන්න දවසට කලින් දවසේ බස් තුනක් එවලා අරලිය මන්දිරේ වර දානයක් දුන්නත් වැඩේ කුජීත වුනේ අපේ ආචාර්යවරු කියන්නෙ කාපු පතේ පහරන්න තරම් බලු හැත්තක් නිසා කියලා උසස් අධ්යාපන ලොක්ක ප්රආසිද්ධ ප්ර කාශයක් කළේ ගියසතියේ.... දැන් කඩේ ගිය උන් ගැන ආණ්ඩුවට සත පහක විස්වාසයක් නෑ. මොකද බුවාල මල්බෙරි ටීම් එකක් කියලා කවුරුත් දන්නවා. කැලෑ පත්තරෙන් කඩේ යාම ප්රිසිද්ධ කළාට පස්සෙ උන්හිටි තැන් නැතිවුණ ආචාර්ය මහාචාර්යවරු පර්වතේ කක්කි කළ සුනපොව්වො වගේ තමන් කඩේ නොගිය වග කියන්න විශාල උත්සහයක් ගත්තා. ඕක තමා කියන්නෙ හොරාට කරන දේවල් එළි වුනා ම පරිපථේ සෝර්ට් වෙනවයි කියලා. එහි ප්රතිපළයක් විදියට කැලණියේ ආර්ථික විද්යාා හා සන්නිවේදන අධ්යරයන අංශ වර්ජනය හා එක්වන බව ශිෂ්ය යන්ට දැනුම් දුන්නෙ අනේ ළමයි අපිට සමාවෙන්නත් කියලා. (හරි සෝයි අප්පා... ) දැන් බලන්න ඔයාලා මෙතෙන්ට ආවත් මේ තත්වෙමයි....???? ඉතිං අපි මේක කරන්නෙ අනාගතේ ස්ටා‍ෆ් එන්න ඉන්න ඔයා‍ල වෙනුවෙන්. ආදී වශයෙන් සුන්දර මල් මාලා දාලා කස්ටිය වැඩේට එන්ටර් වුනා.
අන්න ඒකට අපේ ඩිපාර්ට්මන්ට් හෙඩ්ලා... සමාවෙන්න ළමයි අපි ස්ට්ර යික්. ඕන දෙයක් තියෙනව නම් පුද්ගලිකව කියන්න. උදව් කරන්න පුළුවන්. හැබැයි කාලසටහන් නෑ. නිබන්ධන ලියන අ‍යගෙ වැඩ බාධාවක් නැතුව කරගන්න පුළුවන්. මේක නිවාඩු කාලෙ කියල හිතාන වැඩ කරන්න. අපිට පරිපාලනේ එක්ක මිසක් ඔයාල එක්ක ගැටලුවක් නෑ. මං ඉල්ලා අස්වීමත් දීලයි තියෙන්නෙ...... මේක වෘත්තිය ක්රි යා මාර්ගයක් නැතුව ඔයාල එක්ක වෛර පිරිමැහිල්ලක් නෙමෙයි.... හරි සරලව සුගමව ඇති වෙලා තියෙන තත්ත්වය දැනුවත් කළ අපේ ලොකු ඉස්කෝලෙ මහත්තයා කාරණාව කෙළින් තේරුම් කළා විතරක් නෙමෙයි. තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් ආත්ම විශ්වාසයෙන් පෙනී සිටියා....
ආ දැන් එතකොට එයාලත් ආණ්ඩුවෙ නෙමෙයි ද කියලා ඔබ අහන්න....අපි හිතුවෙ පහුගිය කාලෙ කඩේ ගිය විදියට ආණ්ඩුවේ මයි කියලා??? ඔඩ එහෙම සාධාරණ ප්රකශ්නයක් යොමු කරාවි. එත‍න ඇති සිද්ධාන්තය මේකයි. දැන් ලිප ගිනි මෙළවිලා, දිය සැළිය රත්වෙලා, තව කකුළුවා... අන්න ඒකා කූරියා ගහන්න කිට්ටුවෙලයි ඉන්නෙ. ජුනි 03 සාකච්චාවෙන් සත පහක් වැඩි කරන්නෑ කියපු කස්ටිය දැන් වැඩේ සලකා බලන්නයි ලැහැත්තිය. වැරදිලා හරි 26 වැනිදායින් පස්සෙ වැඩි කළොත්??? කාට ද ආඩම්බර.... කඩේ ගිය නොගිය සියලු දෙනාගෙ පඩි වැඩි වුතත් පුස්නෙ කියන්නෙ ඉතිං එදායින් පස්සෙ සාරියක් කළිසමක් කාරිය ඇඳන් දොට්ට බහින්න බැරි එකයි. ඒ නිසා දැන් වාසි පිළ හැටියට වර්ජකයන්ට හේත්තු වෙන එකයි ඇඟට ගුණ මොකද 26 එහෙම නොකළොත් ඊට පස්සෙ ගන්න ක්රියා මාර්ගයත් ඒ අයට තියෙනවා..... ඒත් අපි සදාකල් දෑත ශක්තිමත් කරනවා ඇරෙන්න වෙන අහවල් එකක් කොරන්න ද???
(සත්යාචාර්ය වදනකින් උපුටා ගැනීම ඇවරි විසිනි.)

Tuesday, June 14, 2011

පද්ම කුමාරගේ පත්තර මගඩිය


Normal 0 false false false EN-US X-NONE TA MicrosoftInternetExplorer4

දන්නවා ඇතිනේ පත්තර මහගෙදර ලොක්කා කවුද කියලා??? ජාතික පත්තරවල එක විදියකටත් පුද්ගලික පත්තරවල තවත් විදියකටත් පුවත් ලියැවෙන්නෙ මෑස්න්ස්ට ඕන හැටියට තමා. කිව්වම මොකෝ පද්මයා දුරින් ඇවරිට මාමා කෙනෙකුත් වෙනවා. අපේ පද්මෙ මාම හරි ෂිරා බුවා. කවදාවත් ම උදේ දහයෙන් මෙහා මොන ම ලොක්කෙක්ටවත් මෑන්ස්ව මීට් වෙන්න නම් බෑ..... හැමදාම පාන්දර තුනට ඇහැරිලා මුල් පිටුව කරලා ඔෆිස් ඇවිත් කනමදාස් වගේ දොයියගන්න බන්දු මාමා පත්තර කන්තෝරුවේ කටයුතු විචාරන්න පටාන් ගන්නෙ ගෙදර යන්න ටිකක් වෙලා තියලා.....

නියම කතාව වුනේ මේ ළඟ දී.... පත්තරවලට ටැබ්ලොයිඩ් අතිරේකයක් දෙන එක ඉතිං සාමාන්‍ය කාරණයක්නේ..??? අපේ මාමා මුලින් සතියේ දිනමිණ පත්තරේ එක්ක දුන්න අතිරේකයට මුදල් අරං වෙන ම පත්තරයක් කරපු නිසා පසුගිය සතියේ පාරිභෝගික ජනතාව ටිකක් අපහසුතාවයට පත්වුනා. ඒ අනුව සඳුදාට සංවේදීත්, අඟහරුවාදාට මාංචුත්, බදාදාට ආරෝග්‍යාත්, බ්‍රහස්පතින්දාට සිතිජයත් සහ සෙනසුරාදාට අපි හැපීත් රුපියල් 20ක් ව‍ගේ සුළු මුදලකට මිලදී ගන්න සිදුවුනා. සිකුරාදාට රජයේ සියලු ම වල්පල් අහුරපු ඕල් සිලෝන් ගැසට් එක ප්රින්ට් කරන නිසා එදාට අතිරේකයක් නෑ....

හරියට ම මාස තුනක් විතර මේ අතිරේකය පත්තරේ එක්ක නොමිලේ දෙන්න ‍අපේ මාමට හැකිවුනා. ඒ අපේ මාම වෙස්සන්තර නිසා නෙමෙයි ‍ගොයියෝ.... ඇත්ත ම කතාව මේකයි. රජයේ පචමිණ මුද්‍රණය කරන්නට කඩදාසි ආනායනය කරලා මාම නියම කුස්ටියක් කඩා ගත්තා. මෙහේ ගෙනාව ම මොකදෑ වුනේ... නාහෙට නාහන තත්ව පාලක කොලුව සද්දයක් දැම්මා... ඒවා බාල කඩදාසිය. ප්රින්ට් කරන්න බැරිය ආපහු රිටන් කරන්නය කියලා.... මාමට යකා නැග්ගත් කට පියාන හිටියා. අන්තිමට සිරි ලංකා රේගුව ගුදමේ මාස ගාණක් තිබුණ කඩදාසි රිම් තොගය නිදහස් කරගන්න ය කියලා රෙඩ් නෝටිස් එකකුත් එව්වා. එදා තමා මාමට දෙලෝ රත් වුනේ.... ටෙම්පල් ට්රීස් පැත්තෙ විසිටින් පාරක් දාන ගමන් තමන්ව මේ බාරධූර තනතුරට මහතැනට කියලා පත්කරවපු හෙළයේ නිළි රැජිනට දුක කිව්වා.

ඈ තමා මේ මිලියන් ඩොලර් අයිඩියාව දුන්නෙ. “අයියෝ බන්දූ... ඕකත් වැඩක් ද ඔයා ඔය කඩදාසි නිදහස් කරගෙන වෙන ම අතිරේකයක් කරන්න. නිකම් දෙන එකේ කොලිටිය මක් වුනා ම මොකෝ...????” අපේ බන්දු මාමා කියන්නෙ එදා ඉඳන් ම ස්මාර්ට් කකුළක් නේ... අඩේ ඇත්තට ම කාලයක් යද්දි මේක වෙනම ම පත්තරයක් කරන්න පුළුවන් නේද කියලා ටිකිරි මොළේට කම්පනා වුනා. ආයෙ දෙසැරයක් නොහිතා වැඩේට අත ගැහැව්වා.

ඇත්තට ම දිනමිණ මිලට ගන්නෙ සිකුරාදා ගැසට් එක නිසා. නැත්නම් කෙළින තරමක් කෙළින්නෙ කෙප්ප කියල හැමෝම දන්නවා. හැබැයි මාම අර මාංචු, ආරෝග්‍යා වගේ පත්තර වල ලස්සන කතන්දර අමුණලා පාඨකයන් පිරිසක් ඇද ගත්තා. පහුගිය සතියේත් වැඩියෙන් ම මිනිස්සු හොය හොය ගත්තෙ ඒ පත්තර දෙක. නියම බිස්නස් ප්ලෑන් එක දැන් පත්තරේට විස්සයි ඉස්සර නිකන් දුන්න අතිරේකෙට විස්සයි එක දිනකට රුපියල් හතලිහයි. අයිසේ සතිඅන්ත පත්තරකාරයො එකනින් රුපියල් පණහක් හොයද්දි සතියට අපි දෙවරක් ඒ මුදල හොයනවා. ඒ අන්න එහෙමයි පාඩු ලබන ආයතන ලාභ බලන තැනට ගේන්නෙ. නැත්නම් කඩදාසි වලින් ගහපු ගැහිල්ල අතින් දාන්න යැ??? ඉතිං බලන්න හොරා වුනත් අපේ මාම ආයතනයට ස්තිර ආදායමක් හදපු හැටි?? කොයි ලොක්කටත් ජනතාව බිල්ලට දීලා මෙහෙම කරන්න පුළුවන්නම් එක ආයතනයක්වත් පාඩු ලබන එකක් නෑ මයෙ හිතේ....????

Saturday, June 4, 2011

තොරණ වරුණ

හ්ම්.... ඇවරිත් ඉතිං හරි හමං විද්යාර්ථියෙක් හැටියට මෙච්චර කාලෙකට කුරුළු තොරන් බැලුවට මොක ද හූදී ජන පාන් සංවේගය උදෙසා තොරන් බැ‍ඳෙන්නෙ ඉතිං වෙසක් කාලෙට නොවැ. අර වෙසක් ලබනවා තොරන් බඳිනවා... තැන තැන දන්සැල් ඉදිවෙනවා කියන්නෙ. ඉතිං තොරණක් කියන්නෙ බලගතු ආමිස පූජාවක්. බෞද්ධ අපිට හුඟක් ම හුරු පුරුදු තොරණ තමා මකර තොරණ. මේ මකර තොරණෙ ඉන්න මකරටත් තියෙන්නෙ එක එක සතාගෙන් අහුලගත්තු හරි අපූරු අවයව කියලා අහලා ඇතිනේ??? තාම දන්නෙ නැත්නම් ඊළඟ පාර මකර තොරණක් දැක්ක ම බලාගන්න. මකරට ඌරු කන්, මාළු කොරපොතු ..................... ආදී ශරීරාංග රාශියක් තියෙනවා දැක ගන්න ලැබේවි.


මකර තොරණ ගැන කතාව අහවර කරලා අපි වෙසඟ තොරණ ගැන කතා කරමු. මෙදා පොටේ ලංකාවෙ මුල් ම වතාවට වෙසක් තොරණක චිත්‍ර නොඇඳ ඩිජිටල් ප්‍රින්ට් ආකාරයෙන් ඉදිරිපත් කෙරුණා. මේ තොරණ දැකගන්න ලැබුණෙ සිරස වෙසක් කළාපයේ. හැමදාම බැ‍ඳෙන අනික් තොරන් ඒ ඒ තැන්වල ඉදිවුනා නොවැ. ඇවරි මේ පෝස්ට් එක වෙන් කළේ මාකොළ ඇවරිගෙ ඒරියල් එකේ බැඳිච්ච අඩි හතලිස් අටක් උස මහා තොරන් රාජයා ගැන වචනයක් ලියන්න.



මාකොළ ඉදිරිපත් කරපු පළමු තොරණ හැටියට ‍කිව්වත් මීට අවුරුදු ගාණකට කළින් මාකොළ හන්දියේ තොරණක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක පුංචි එකක්. ජාතක කතාව හරියට ම මතක නැති වුනත් ඒ පුංචි තොරණටත් ඇවරි සම්බන්ධ වෙලා අණ්ඩපාල වැඩකුත් කොරලා වැඩේ අල කළා කියලා නම් මතකයි. ඒ තොරණෙ කතාව පටිගත කළේ අපි දන්න ඥාති නිවසක. කස්ටියට ම සයිලන්ස් කරලා ලෙසට ම රෙකෝර්ඩින් යන අතරේ තේ පිළිගැන්වුනා. හිස් ‍ට්රේ එක තිබ්බෙ ඇවරි ළඟ. චුට්ටි ප්‍රමාද දෝසයක් නිසා සලාං ගාල ට්රේ එක ඩවුන් ද පල්ලම් වුනා. ටේක් එකක් වැරදුනත් අපිට කතා කරන්න එපා කියලා තිබුණ නිසා රෙකෝර්ඩිස්ට් වැඩේ නවත්තනකම් කවුරුත් සද්ද නෑ.ඉස්සෙල්ල ම බුවා අයියෝ මල්ලී............ කිව්වා. අනිත් ඈයො‍ත් මා දිහා බලාන කණ්ඩ වගේ අනිමිසලෝචනයේ යෙදෙනවා. කඳුළු පනින්න ළං වෙද්දි මහ මොළකාරයා පොඩි එකානෙ කියලා බේරගත්තා. නිකමට වගේ ආයෙත් ඒ ටික ප්ලේ කළා ම ඇහුනෙ මේ වගේ.....



දේවිය රටවැසියා මේ උවදුරින් මුදවා ගන්නට කුමක් නමුත් වහා කළ යුතුව ඇත.‍මා ප්‍රිය බිසවුනි...... සලාාාාාාාං



කුජී...........තයි. නමුත් කවුරුත් නැවත රෙකෝර්ඩ් කරන්න බෑ කියපු නිසා මාස්ටර් ටේප් එකෙත් සලාං කෑල්ල තිබුණා. එදායින් පස්සෙ කස්ටිය මං ඉන්න තැන දේවිය කියනවා. අනික් කතන්දර නවත්තලා ඒ කියපු එකාට කන් දුන්න ම ඌ මහ හයියෙන් සලාාාාාාං කියපි. මං ඉතිං මුවින් නොබැන ඉවසනු සුදන ගරුකම නිසා කරබාගෙන හිටියා. මෙදා තොරණ ඉදි කළේ මාකොළ වෛශාඛ්‍ය සමිතිය විසින්. ඔවුන් ලක්ෂ දහයකට ප්‍රදර්ශන අයිතිය දින දහයකට හිමි කරගත්තා. තොරණේ අයිතිය ඇත්තෙ එහි නිර්මාණකරුවාට. සමිතිය විසින් ටික කාලයකට නිර්මාණකරුවා කුළියට ගැනීමක් තමා වෙන්නෙ. නම් දරාපු කවිකාරයන් එහි පැමිණ සිටියා. නිරෑපණය වුනේ මහා ජෝත ජාතකය.


කවිකාරයින් ගැන කියද්දි නියම කතාවක් තියෙනවා. අපේ අයියණ්ඩි අලුත ගෙනා මනමාලි එක්ක අපි වෙසක් බලන්න ගියා. එදා තොරණ අන්තිම දවස. කොහොමින් කොහොම හරි අලුත් ජෝඩුවට ආශිර්වාද කරලා අපි ආධාරයක් දුන්නා. නම් දෙක ලියැවුණේ දුලන්ජය-දීප්චන්දි කියලයි. පළමු කවියෙ පද දෙකක් මෙහෙමයි.



"ආසිරි පතන්නට මෙහි නම් දෙකක් ඇති-ඒ නම් කියද්දී මගෙ දිව උළුක් වෙති" මේක ඇහුන ම අපි තොරණ ඉස්සරහ ම ඉඳන් හිනා වුනා. අපේ පිරිස දැකපු කවිකාරයො එක දිගට ම කවි කියාගෙන ගියා. කිවිඳියගෙ ආශිර්වාදය මෙහෙමයි.
"දුලන්ජය - චන්දි දිවිමඟ සරුවේවා - සතුට සමාදානය දෙපලට වේවා
සැප සම්පතින් කිරි පැණියෙන් ඉතිරේවා - තොරණෙ බල්බ් ගාණට දරුවන් වේවා" ආශිර්වාදය කොච්චර වැඩ කළා ද කිව්වත් රටා මවමින් එළි විහිදුවන තොරණක අවම බල්බ් ගාණ හිතාගත්තු නෑනා එතන ම ක්ළාන්ත කළා..............

අර පේන්නෙ දන්සැලක් ද එහා වීදියේ......

ඇවරිගේ වෙසක් දන්සැල් ඉතිහාසය මේ ආකාරයි. මුලින් ම අපි කොල්ලො එකතුවෙලා ෆැන්ටා දන්සැලක් දුන්නා. ඊළඟ අවුරුද්දෙ ස්ප්රයිට් දුන්නා. සිසිල් පැන් කියනවට වඩා මිනිස්සුන්ට ෆැන්ටා කිව්ව ම කික් එක වැඩියි. ඒ දවස්වල පිටකොටුවෙන් හයසීය හැත්තෑපහකට ෆැන්ටා එසන්ස් ‍පුංචි කුප්පියක් ගෙන්න ගෙන සීනියි, අයිසුයි දාලා බැරල් එකකට දිය කළා ම ගමකට ෆැන්ටා දෙතෑකි. පස්සෙ අපි වෙසක් එකට කොස් දන්සැලක් වසර කිහිපයක් දුන්නත් මීට අවුරුදු දෙක තුනක ඉඳන් දෙන්න බැරි වුනා. අපෝ කොස් කිරිල්ල වගේ ම කොස් කෝස් එක හරි ම අමාරු වැඩක්. කොහොල්ල ගාගෙන මදුළු ගලවලා. පොරොවෙන් කපලා. ඊළඟට තම්බලා තව පොල් සම්බෝලත් හදන්න එපැයැ? කොහොම නමුත් අවුරුදු ගාණක් දුන්න ම අපිට තේරුණා වැඩේ අවුල කියලා. අනික අර මහ කල්දේරම් වලින් පොල් සම්බෝල ඉවර වෙලා තිබුණත් මිනිස්සු බෙදාන ගිය නිසා දීලා පිරිමහන්න බැරි වුනා. සාපේක්ෂව දත් බන්සැලක් වගේ ම විශාල පිරිසක් ඊට අවශ්‍ය කරනවා.



මාකොළ මුලින් ම දන්සැල් කළේ ඔය පෙරේරා හෝටලය හිමි මියගිය තිස්ස පෙරේරා මහතායි. එතුමා මිය ගියා ම පුතා අචිර මල්ලිත් තාත්තා වගේ ම දන්සැලකට ආධාර එකතු කරන්න ටවුමෙ කඩවල ඇවිදිනවා මං දැකලා තියෙනවා. පස්සෙ විදුලි සැර වැදීමකින් ඉතාමත් ළාබාල වියේ දී අචිරත් මියගියා. ඉන් පස්සෙ මාකොළ බත් දන්සැලක් කළේ 2010 පොසොන් උත්සවයට. මෙදා සැරේ 2006 සම්බුද්ධ ජයන්ති මාකොළ වෙසක් කළාපයට 19 වැනිදා රාත්‍රී බත් දන්සැලක් එක් වුනා. අපේ පුංචි නිසා මාත් 19 හවස හයට විතර දන්සැල පැත්තෙ ගියා.


මුලින් ම මාව යොමු කෙරුණෙ බත් තුනී කරන තැනට. අප්පා පණ පිටින් ස්ටීම් වෙන්න කියාපු තැන. කල්දේරමෙන් වීදුරු පිඟානට ගන්න බත් මේසයට හැළීමයි මගෙ රාජකාරිය. වැරදිලාවත් අතේ ගෑවුණොත් ඉවරයි. ගින්දරට පිච්චෙනවට වඩා හුමාලෙට පිච්චෙන එක අමාරුයි කියලා අහලා ඇතිනේ. තව පත්ත අරං කඩලා ගන්නත් ඕන. නැත්නම් කැට වෙනවා. අමාරුවෙන් සාස්පාන් දෙකක් විතර අහවර කළා. දන්සැල පටාන් ගන්න කළින් අපිට බත් කල්දේරම් දෙකක් තිබුණා. දෙකම ටිකක් බෙරි වෙලා. තුන්වෙනි කල්දේරමේ බත අමුයි. කන්න ම බෑ. එතන ඉන්න කාන්තාවො මේ බත් එකත් යවමු කියනවා. පිරිමි තග දාලා බෑ කියනවා. මටත් ඉතිං කට තියාන ඉන්න බැරි නිසා මාත් කිව්වා ඒ බත් එක නම් දන්සැලට යවන එක හරි නෑ කියලා. ඔය අතරේ කෝ එහාට පලයල්ලා කියලා අපේ පුංචම්මා පැනපි.


හරි මේ බත මං බාරගන්නම්.කොල්ලො ඔය සාස්පානක් ගං කියලා අපේ චෙෆී වැඩේට බැස්සා.ස්පානට බත් දාලා තව වතුරත් දාලා ඈ කහපාට කලරින් ටිකකුත් දැම්මා. (ඒක තමා රහස ඒක අමු බත් වලට දාන රසකාරකයක් කිව්වා.) දැන් බත පැහෙනවා. ඔන්න බෑවයි කියමුකෝ දැන් බත අමු නෑ. හැබැයි කහ පාටයි. පස්සෙ ඒ මුළු කිලෝ විසිපහ ම අර විදියට ආයෙත් උයලා ගොඩ දැම්මා. පුංචි අම්මා දවසේ කාන්තාව වුනා. ඇගේ කල්දේරම නැතිවුනා නම් වැඩේ ගස්. අපි හැදුවෙ බත් කල්දේරම් හතයි. එකක් අමුයි කීවනේ. තුනක් මදක් බෙරි වුනා. කිරිබත් ටයිප්. දෙකක් රොස්. අන්තිම එක අපිට කන්න හදපු එක විතරයි බත් කියලා කන්න පුළුවන් වුනේ. අපේ චෙෆ් ගැන කස්ටියට මල පැනලා......


ඒ දන්සැලේ පරිප්පු, අඹ, සලාද, කරවල හා පපඩම් තමා ව්‍යාංජන වලට දුන්නෙ. ප්‍රමාණය ගැන කිව්වොත් අපි කිලෝ පණහෙ මුට්ට විස්සක් උයන්න ඉලක්ක කරලා තිබුණා. ගණනය කිරීම් හැටියට ඒ සියල්ල කන්න අවම වශයෙන් නවදාහක් පැමිණිය යුතු වුනා. අර කියපු පණහෙ මුට්ට විස්සෙන් හාල් මුට්ට නවයයි පළමු දවසේ අහවර වුනේ. ඒත් ඉතිං කිරිබත්නේ??? සියල්‍ල ම බැන්නෙ කෝකිවරුන්ට. ගිය පාරත් ඒ අය ම තමා ඉව්වෙ නමුත් මේ පාර බත අවුල. පස්සෙ සමිතිය ඒකමතිකව තීරණය කළා පහුවදාට කෝකියන් රහිතව තම සාමාජිකයින් මගින් ආහාර පිසගෙන දෙවන දවසටත් දන්සැල දෙන්න. ඒ වගේ ම පාර්සල් තහනම් කිරීමටත් පාර්සල් අවශ්‍ය පිරිස් දහ වරක් හෝ පෝලිමේ පැමිණ බෙදාගත යුතු බවත් නිවේදනය කෙරුණා. පාර්සල් ඔතා ගැනීමට කොක්කක එල්ලූ පත්තර පිටුත් ඊට වෙනමම මේසත් දෙවන දිනයේ සම්පාදනය කළා. අපේ දන්සැල තුළ එකවරකට එකසිය පණහකට ආසන පහසුකම් තිබුණා. එක ම වෙනස වුනේ කරවල වෙනුවට සෝයා මීට් ආදේශ වීම.


20 වැනිදා නම් පළාතක දන්සැල් නෑ. පෝලිම ඉවරයක් කරන්න අමාරුයි. සිංහ වදන් දාලා, අඹකයි ගහලා පටන් ගත්තට මොක ද පරිප්පුයි, සෝයාමීටුයි, අඹ මාළුවයි, බතුයි ඇරෙන්න අනිත් සියල්ල ම අහවර වෙන්න වුනා. මං කිව්වෙ පපඩම් හා සලාද ගැන. සෝයා මීට් ද එකොළහට පමණ අවසාන වුනා ම අපි පොල් සම්බෝලයක් හදන්න හිතුවා. මැදියම වෙද්දි පරිප්පුයි, පොල්සම්බෝලයි පපඩමුයි විතරයි නමුත් පෝලිම කිලෝමීටරක් විතර. අපේ පෙරමුණේ රාළ නැවතත් සලාදයක් හදමුයි කී නිසා ඒකත් පස්සෙ එකතු කළා. අන්තිමේ දී 21වැනිදා පාන්දර එකයි හතළිස්පහට දන්සැල නිමා කරලා අපි කන්න බලද්දි පරිප්පුයි බතුයි විතරයි. කාට කියන්න ද ඉතිං කාලා ආව. හැබැයි උණු උණුවෙ බත්කාපු මිනිස්සු කෑම බෙදන තැන හිටිය අපිට ඇවිත් පින් දීල ගියපු හැම වෙලාවක ම බඩ කෙසේ වෙතත් හිත නම් පිරුණා....

වෙසක් බුෆේ

මෙදා වෙසක් පෝයට සිල්ගන්න සිල් ඇත්තන්ට අපේ පන්සලේ දානය පිරිනැමීමක් සිදු නොවීම සම්බන්ධයෙන් විශාල හා හූවක් ඇතිවෙලා තිබුණා. පුංචි කාලෙ ඉඳන් ඇවරි දන්න හැටියට සිල් ගැනීම පට්ට වැඩක්. ආතල් කෝටියයි. උදේ හයට විතර ඉක්කෝලෙට ඇවිල්ලා ප්‍රධාන ශාලාවෙ සිල්ගන්නවා. පස්සෙ පන්තියේ දි අම්මලා තාත්තලා ඇවිදින් හීල බෙදලා පිළිගන්වනවා. ඊළඟට පාසලේ හැම පන්තියකට හිමිනමක් බැගින් පිරිවෙනින් වැඩම කරවලා උදේ ධර්ම දේශනාව. පස්සෙ ලොකු පන්ති වෙනමයි, පොඩි පන්ති වෙනමයි ප්‍රධාන ශාලාවටත් ප්රාථමික ශාලාවටත් යොමු කරලා ධර්ම දේශනාවක් තියලා දවල් දානෙ දෙනවා. පුංචි ඇලට් එකක් හේම දැම්ම ම හවස තියෙන්නෙ හැමෝට ම කවි බණක්. ඒ වෙද්දි ප්‍රාථමික පන්ති නිමා වුනත් කවි බණ අහන්න ඉඳලා යන්න පුළුවන්. නැතත් බල කරන්නෙ නෑ. හැමෝම දන්න හරි ම සරල වැඩසටහන මේක. ඔය අතරේ අපි ඉතිං පිරිත් කියන්නයි කරණීය මෙත්තය රැප් කරන්නයි තව නරසීහ ගාථා ෂැගීගෙ girl you my angel තාලයට ගායනා කරන්නයි වගේ නරි වැඩ ටිකක් කළ බවත් කියන්න ඕන.


ඒ අපි සිල්ගන්න කාලෙ. දැන් පොෂ් විදියට සිල්ගනිද්දි සියල්ල ස්වයං සේවා වෙලා. හැබැයි මෙදා සැරේ අපි බෝඩ් ලෑල්ලක් නොදා හරි ම කාරුණික විදියට මේම කිව්වා.... දැන් මේ උපාසක උපාසිකාවන් පහළ ධර්මශාලාවෙ සකස් කර තිබෙන හීල් දානය පිළිගැනීම සඳහා පිඟන් කෝප්ප ගෙන පෙළගැසී ගමන් කරන්න... කිව්ව විතරයි පාන් පෝලිම වගේ පෝලිම.. නෑ කලබලයක් නෑ හැමෝට ම දානෙ තියෙනවා. යළිත් කියවුනා. ඒකත් හාය කියමුකෝ දැන් කස්ටිය පෝලිමේ එනවා. අපේ අය දානෙත් බෙදනවා. වැඩේ පිළිවෙලයි.... අලංකාරයි... උත්කෘෂ්ටයි. දැන් බෙදාගෙන අහවර අය වළඳන්න තැන් හොයනවා. මළළසේකරයි.... වළඳන්න ආයෙත් උඩට යන්න ඕන. ප්‍රධාන සංවිධායක තුමන්ලා මේක සිල්ඇත්තන්ට පුංචි පිණ්ඩපාත ට්‍රයල් එකක් කියලා ජාමෙ බේරගත්තා. නෑ ඉතිං බුදුන්ට හැමදාම පිඩුසිඟා වැඩලා වළඳන්න පුළුවන් වුනා නම් සිල් අරං ඇයි අපට බැරි??? සමහරු එහෙමත් කිව්වා. හැමදා ම මේ ඉල්ලංකාවෙ ඉන්න අපිට මේවාත් මොනා ද? දානෙ මදි නම් තමන් ම ඇවිත් බෙදා ගත යුතු වුනා. අපේ සංවිධායකතුමා නම් කීවෙ බුදුන් ලද දෙයින් සතුටු වුනා මිසක් දවසට දෙපාරක් පිණ්ඩපාතෙ ගියේ නෑ කියලයි.

වෙසක් දවසෙ සිල් ඇත්තන්ට දන් පිළිගැන්නුවෙ ඒ හැටියට.පිළිගැන්නුවා කියන්න ම බැරි නිසා සිල්ඇත්තන්ට දන් පිළිගන්න වුනේ ඒ විදියට කියලා ලියන්නම්.හැබැයි තව අවුරුද්දකින් දෙකකින් දවල් දානෙත් බුෆේ දෙන්න පටන් ගනියි ද මන්දා??????

මොනාද අප්පා මේ බණ???

ඇත්තට ම මෙදා සැරේ සම්බුද්ධත්ව ජයන්ති 2600 තේරෙන්න වැඩක් කරන්න වුනේ නෑ. අයියගෙ වෙඩින් මඟුල ආපු නිසා ඇවරිට වැඩ ටිකක් වැඩි වුනා. හැබැයි ඇවරිට සතුටු වෙන්න පුළුවන් දන්සැල් දෙකකට ම සහභාගී වුනා. ඇවරිගෙ ගමේ මාකොළ වෙසක් කළාපයට වැඩ කරන්න පුළුවන් වුනා. ඒ නිසා සතුටුයි.


හරියට ම කතන්දර ටික මතක් කළොත් වෙඩින් ම‍ඟුල තිබ්බෙ 16 වැනිදා. පහුවදා තමා වෙසක් පොහොය මං වෙඩිම අහවර කොරලා ආපු ගමන් පන්සලට ගියා. පන්සලේ එදා ප්‍රසිද්ධ හිමිනමකගේ බණක්. දඹුළු ආව එකේ තලගොයිත් මරන් යනව කියල හිතාන ධර්ම ශාලාවට පීපීන්ග් පාරක් දැම්ම. ඇඟිල්ලක් ගහන්න බැරි වෙන්න සූගාල තිහ හතලිහක් බණ අහනවා. ඒ මදිවට දොරකඩ ම මං දන්න කියන භද්‍රාවක් මූණ ඇඹුල් කරගෙන. කොතන වුනත් නැත කුසලෙට බාධා කියලා ඇගෙන් ඉඟියෙන් මොකද කියලා ඇහැව්වා. අංගනාවත් ළඟට ම ඇවිදින් කොඳුරන්න තියා ගත්තා. මොනාද අප්පා මේ බණ???





ඇයි බණ නම් බිණීම හෙවත් කීමනේ මෙයා....දැන් ඔය යස අපූරුවට හාන්දුරුවො වදාළන්නෙ?? වදාළනවා තමා.... ඈ මූණ පුළුටු කරගත්තා.
මේ මොකෑ ඔයා අද කොටට ඇඳලත් නෑනේ??? ඇවරිටත් ඕන්නැති මුරිච්චියක් නෑ කියනවනේ??? කෙහෙල්මල මං කිව්වෙ මේ බණ ගැන??? මං කිව්වෙත් බණ ගැන තමා…… දේශකයාණෝ කොට ඇඳුමට විරුද්ධයි කියලා ඇවරි දන්නවා. බැරි වෙලාවත් මේ ජෙකරමයිට් එකට එළියෙන් ඉන්න කිව්ව ද දන්නෑනේ???


ඔන්න ඉතිං මං නායක තැන හම්බෙන්න ආව බව කීව ම ඈටත් යන්න ඕන වුනා. දැන් අපි දෙන්න ම ආවසෙ ඉස්සරහ. මොකෝ මේ තකහනියේ.. දැන් බණ ඇහුව නේද? වැද නමස්කාර කළාම නායක හාමුදුරුවො ඇහුවා. බණ නම් ඇහුවා හාමුදුරුවනේ ඒත් මොනාද මේ බණ? මේ කතාව අර දාන් අදින ගමන් කරන ආගිය විස්තරයක් වගේනේ??? ..... තරහ ගන්න කාරි නෑ බණට පිරිස මදි නිසා හාමුදුරුවො ටිකක් අමනාපෙන් ඉන්නෙ. ඉතිං ආපු පිරිසට බණ කියන්න හරි එපැයැ??? ඒක නම් හේම තමා... ඒත් ඉතිං දැන් ඒ හැටි නොවැ........ මේ වැස්ස නිසා හරි සෙනඟ අඩුවුනාම හමුදුරුවො හිතන්නෙ අපි මදි පුංචිකමක් කළා කියලා. ටෙලිවිසන් එකෙයි, රේඩියෝ එකෙයි එයාල කියන බණ මොනව කර කර ඇහුවත් කමක් නෑ..... දැන් කාලේන ධම්ම සවණං කියල හිතාන ශ්‍රද්ධාවෙන් බණ අහන මේ උපාසක පිරිස පිටින් ම තමා ඒ තරහත් පිරිමහන්නෙ... නෑ මං මේ දරුවො වැරැද්දකට කියනවා නෙමේ. මේක තමා හැටිය. දැන් ඔය අටපිරිකරත් දීලා කීයක්ද මන්දා තවත් දෙන්න එපෑය. නායක හාමුදුරුවො කාතාව අහවර කළා.....

Friday, June 3, 2011

බ්ලොගයක් කළ හදියක්

කාලෙකට පස්සෙ බ්ලොගින් කෙරුවාව ටිකක් පිළිවෙලකට පටා..........න් ගන්න කියලා හිතුවා. අවංකෙට ම ආපුහු හැරිලා බලද්දි බ්ලොග් ලියනවා කියන්නේ එල්ලුම් ගස් යන වැඩක්. මේක වගකීමෙන් නොකිරීමේ පාප කර්මයට මං දැන් කරගහලා තියෙන්නෙ. බ්ලොග් එකේ ලියන කියන හැම දේකට ම මං පුද්ගලිකව වගකියපු නිසා අහක යන ආයුබෝනුත් මගෙ ඇඟට හේත්තු වීමෙන් මං හාන්සි.... දැන් ඉතිං කනෝ කනෝ ගාන්නෙපා හරිය..? (මෙහෙම ලිව්වට ගෙදර ඇත්තො අමනාප වේද මන්දා?) කොහොමින් කොහොම හරි මගේ පරණ බ්ලොග් එක ටිකක් දූවිලි පිහිදාලා ගන්න හිතුනේ මං අල්ලපනල්ලේ අතඇරලා දාලා හිටියට ඒ බ්ලොගයට මං ආදරේ කරන නිසා. අනික සෙම් එකත් පටන් ගන්න නිසා වැඩ අල්ලන්න කාලෙ හරි කියල හිතුනා.


පහුගිය කාලෙ ඉතිං හරි හරි අලකලංචි සිද්ද වුනා. දැන් ඉතිං එන යකා කොරහත් බිඳන් ඇවිත් තියෙන්නේ... දන්න කස්ටිය දන්නවා කොයි වෙලෙත් ‍වළං ගැට්ට කරේ....???? කාරි නෑ මොකෝ මං විතරයැ විෂ්ණු දෙයියොත් බටකොළ කෑවය කියන්නේ??? (කොහොමත් හරි හුර‍තලේට එළදෙන්නුන්ට තණකොළ කවන්න මට පුළුවන්.)


සලාදය නිල වසයෙන් නැවතතලා පුංචි විජ්ජාවක් පෙන්නලා ඇවරි වැඩේ කරගත්තා කියලත් සමහරු චෝදනා කරනවා. කවුරු කොහොම කීවත් මමනේ දන්නෙ ඉතිං මට ඇදිච්ච ලොතරැයිය...??? අනේ ද කියන්නෙ. තව කිව්වොත් ප්රජා අයිතිය අහෝසි වෙන්න පුළුවන් නිසා මං නවතිනවා. සතුටින් කියන්න තියෙන්නෙ දැන් මට බර වාහන ලයිසන් තියෙනවා කියලයි.