Saturday, October 8, 2011

මචං මං වැඩකට ආවා නෝනා නම් යුනියේ ඇති????

මේ ළඟක දී මල් බකටක් දීලා සරණ බන්ධනයට එළඹිච්ච අපේ ම බුවෙක් සහ බුවියක් විසින් මට දෙන ලද සුන්දර මල් මාලාවක් ගැනයි මේ පුංචි යාන්ස් එක.
අලුතා ගෙනා මනමාලිය නිසා ළඟපාත ‍ආකර්ශන සියල්ල වන්දනාමාන කරගැනීමේ කටයුතු සිදු කරන අතරේ නිකාඩෝ සිනමාව වඳින්නත් දෙන්නට යන්න ඕන වෙනවා. එදා විභාගෙට ඇඩ්මිෂනුත් අරං මිත්ර පරාණය ගැන හොයලා බලලා ඇමතුමක් ගත්තා. ‘අනේ මචං මං මේ පුංචි වැඩකට කඩවතට ආවා. නෝන නම් හිල්ටන් එකේ ඇති’ කියලා මෑන්ස් ජංගමයා තිබ්බා. (හිල්ටන් කියන්නෙ ලෝක ප්රමසිද්ධ හිල්ටන් හෝටල් සමූහයේ කැලණි සරසවි ශාඛා ආපන ශාලාව කියල දන්නවා ඇතිනේ?) අනේ ඉතිං ඇවරිත් හිල්ටන් මංගච්චලා දැකුම් ජොජ්ජ මන්දො කළාට අංගනාව ඇස නොගැසුණු නිසා කෝල් පොජ්ජ මන්දු කළා.
මුල් ම පාර ප්රඛතිචාරයක් නෑ කියලා තිරගත වුන නිසා. ඇවරි පණිවිඩයක් යැව්වා. ඒකට ‘ඇයි’ කියලා රිප්ලයි ආව ම ‘ලෙක්චර් එකක ද?’ කියලා මං ඇහැව්වා. ‘නෑ අපි ෆිල්ම් එකක් බලන්න ආව මචං....’ අංගනාව රිප්ලයි කරලා තිබුණා. ‘හා හා බලා වරෙන්’ කියලා මාත් මෙසේජ් කළා.
මේජර් හදපු චිත්ර.පටිය කිව්වත් මගේ මිත්රනයට තමා ළඟ ම ආසනේ හිටිය පෙම්වතියත් අමතක වෙන්න තරම් ම කලාත්මක බවත් ගාමනි හි තිබුණයි කියලා මාත් විශ්වාස කළේ ඔය සිද්ධියෙන් පස්සෙ.

2 comments:

  1. එහෙනන් බලන්න වටින චිත්‍රපටියක් වගේ..හැබැයි තනියම යන්න ඕන...දෙන්නා එක්ක ගිහිල්ල අමතක උනොත් එහෙම ....හික් හික් හික් .....

    ReplyDelete
  2. හැබැයි ඕක බලපු බූවිටනම් චිත්‍රපටයේ කතාව මතක නෑලු කියලනේ කියන්නේ... :D

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....