Sunday, February 20, 2011

ඇවරිගේ උට්ඨානය

සලාදය සලාාාාාං ගාලා කැඩිලා බිඳිලා ගියේ මගේ ම ගොන්කම් නිසා. ජීවිතේ බොහෝ දේවල් පටලව ගත්තු මං මේ වැඩේත් එහෙම නොකර ගනීවි කියල හිතන්න බෑනේ ආයුබෝවන්? පුංචි පුංචි සචාචාරාත්මක කාරණා නිසා බ්ලොගින් නවත්වන්න වුනා. අන්තිමේ දී හවුස්කෝට් එකේ තිබුණ නඩුව ඈ අහක් කරගත්තා. මං වෙනුවෙන් හැමදාම කතා කරන මගේ හිතාදර විත්තියේ නීතිඥවරිය මේ කේස් එක බාර ගත්තෙ නෑ. මොකද පැමිණිලිකාරිය ඇගේ ළඟ ම හිතවතිය නිසා.

දන්න දන්න නීති ලෝ කෑලි අමුණගෙන තනියෙන් ම නඩුවට මුහුණ දීපු මං කල් වේලා බලලා තුරුම්පුවක් ඇද්ද නිසා චෝදනාවන් ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාධක නැත යන පදනම මත විත්තිකරු වූ මා නිදොස් කොට නිදහස් කළා. කරුමෙ කියන්නෙ විනිසුරුතුමාට ඒ සාක්ෂිය මං නිදහස් කරන්න තරම් ප්‍රමාණවත් වුනාට විත්තිකාරියට ප්‍රමාණවත් නොවීමයි. ඇය දැනටත් අහන්නෙ ඇයි එච්චර විසාල බොරුවක් කිව්වෙ කියලයි???? අනේ ඉතිං මං ඇත්තක් කියපු බව දන්නෙ උඩ ඉන්න දෙවියො විතරයි. ඒ වෙලාවට තමයි මිනිස්සු ඇත්ත කියන බව දැනගන්න මැසිමක් තිබුණ නම් හොඳයි කියලා හිතෙන්නෙ?? කොහොම නමුත් ඇගේ හිතේ ඇතිවෙච්ච කහට නම් නොයන බව මං දන්නවා. නඩුවත් අහක් කරගෙන බ්ලොග් එක පටන්ගන්නත් කියපු ඇය අනිත් පැත්තට මෙතෙක් කල් මා ඈ විෂයෙහි ලද සියලු වරප්‍රසාද අහෝසි කරලා දැම්මා. කොටින් ම කියනව නම් මගේ ජංගම දුරකථන අංක දෙක ම අවහිර කරලා දැම්මා. (මගේ මිස්ට් වලට කෝල් බැක් කිරිල්ලයි ටෙක්ස්ට් කිරිල්ලයි කලින්ම නවත්වලයි තිබුණෙ) තාම නොකළෙ මුහුණු පොතේ බ්ලොක් ලිස්ට් එකට දාන එක විතරයි. ඒකත් හෙට අනිද්ද ම කරයි මයෙ හිතේ!!!!!

ඇවරිට පාඩම් උගන්නපු කෙල්ලො ඉන්නෙ හරි ම අඩුවෙන්. මොක ද මං හරි පරිස්සමට ඉන්න කොල්ලෙක් නේ???? හැබැයි රජෝ ඈ මාව සමතලා කරලා උස්ස උස්ස පො‍ළවෙ ගැහුවා ආයෙත් බිව් රංකිරි ඉස්මොල්ලෙ යන්න! මේ දෙකයි පණහෙ කෙල්ලෙක්. මැස්සියෙක් ගිය උඩ කිව්වලු. (මේ කියන ඒවට කළු වෙළඹ ආයෙත් උඩ පැනලා ඉදිරි පයෙන් පපුවට ම අනින්න බැරි නෑ) ඔය කොච්චර වුනත් මේ මාත් නොකියන කියවීමක් ඔබ කළ යුතුයි කියලා හිතාගන්න. ඈ මං අතිශය ගෞරව කරපු සහ දැනටත් කරන කාන්තාවක්. උතුම් ස්ත්‍රී රත්නයක්. පට්ට කෙල්ලක්.

දැන් ඒ කතා වැඩක් නෑ හරිය. අවසාන වශයෙන් අපේ අයගේ කතාව ලියන්න මං සයිබර් අවකාශයට යළිත් උට්ඨාන වෙනවා. මං කළේ දරුණු වැරැද්දක්. ඒ අස්සෙ ඉරට කිට්ටු කරන්න යන ෆීනික්ස් වෙන්න ගිහින් මගේ සර්වාංගය පිච්චිලා මස් වැදලි එල්ලෙමිනුයි තියෙන්නෙ. ඉරට හුඟක් කිට්ටු වුන බව ඇත්ත හැබැයි මැරෙන්න හරි ඉර අල්ලන්න මං තවමත් ආසයි.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....