Friday, January 14, 2011

ඔයා රැග් කරනවා නේද???

ඔන්න ඉතිං ඇවරි ශිවන්දර තුන් වෙනිදා කැම්පොස් ගියා. දැන් අලුත් අවුරුද්දෙ ම වැඩ පටන්ගන්න ඔය අටමඟල ඇරලා තිබුණ එක හොදා.... ලියාපදිංචි වීම්, කාලසටහන් වගේ බයිලා ගොඩක් කරගන්න තිබුණ නිසා විවේකයක් තිබුණෙ නෑ. හැබැයි කවදාවත් නැතුව අපේ පරණ ම මිත්‍ර සමාගමයක් ජයට දාගන්න පුළුවන් වුනා. අර මං කලිනුත් ලියලා තියෙන අලව්වේ වලව් මන්ත්‍රීතුමාගේ පුංචි ඡන්දයේ කැම්පේන් එකට වැඩ කරන්න කියලා Threaten Endemics කස්ටියට නිල ආරාධනා ලැබුණේ එදා. ඒ වගේ ම කාලෙකින් අනුන්ට කඩේ යන්න බැරි වුන හින්දා අයි මැට්ස් කස්ටියගේ පුංචි අටමගලකටත් සෙට්වෙන්න අපි හිතුවා.

අලුතාට අටවක කියන්නෙ හ‍ඳේ මොන කෑල්ල ද කියලා ගැටලුවක් ඇති වුනෙත් එදා. අටවක කියන්නෙ අටෙන් එකයි. ඒ කිව්වෙ මේන් මේ වගේ පොඩ්ඩයි. කියලා මෑන්ස් හඳ අටට දේශාංශාකාරව බෙදලා විග්රහ කළා. අනේ ගොඥො හ‍‍ඳේ කලා දහසයයි. කලා සොළොස පිරි පුරහඳ කියන්නෙ?? ආ ඇත්ත ද? අටවක කියන්නෙ හරි ම අඩ හඳ පළුව. කොහෙන් ද ඉඳන් ආපු සී. එස් කිව්වා. අඩා එතකොට මගේ ආර්ට් වර්ක් එක වරදිනවා??? අපේ අලුතා කියන්නෙ කොහොමත් අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන පො‍රක්නේ?? ඔළුවටත් උඩින් වතුර ගියා ම තමා මෑන්ස් කලබල වෙන්නෙ.

පළමු භාෂා දේශනයටත් යන්න තිබුණේ සිකුරාදා. මං ටිකක් පරක්කු වෙලා ගියේ ඩොක්ට සොයිසා වැඩ අල්ලලා. මං නිකන් ලෝර්ඩ් වගේ ගිහින් වාඩි වෙන්න හදද්දි.. සොයිසා මහත්තයා මා දිහා බලලා “ඔයා රැග් කරනවා නේද?” කියලා අහපි. ඇති වෙච්චි සතුටට මට අර සෙනඟ මැද්දෙ සොයිසව ඉඹින්න හිතුනා. යකෝ මාවත් එච්චර පොරක් විදියට පේනව ද??? හික්ස් මට හිනා ගියා. උත්තර දෙන්න වෙලාවක් නොතිය ම ප්රශ්නය සභාවට දැම්ම “ඕගොල්ලො දැකලා තියෙනව ද මෙයා රැග් කරනවා.” මං හරි ම අහිංසක විදියට දෙවන වසර නංගිලා දිහාවට මන්දස්මිත් පාරක් දැම්මා. පන්තිය ම එක හඩින් නෑ කිව්වා. හා නංගිලා ඔච්චර කියන එකේ ගිහින් වාඩි වෙන්න. ආචාර්ය සොයිසා අවසර දුන්නා. හිම කුමාරිත් ඇස් පුංචි කරලා විරිත්තනවා මං බලාගෙන.


1 comment:

  1. හික්.. වෙලාව හොඳයි.. අපේ ඔහොම අවුලක් නෑ. ඒත් ලබන අවුරුද්දෙ ඉඳන් තියෙන රැගත් නැති වෙයි.

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....