Thursday, December 2, 2010

රාජ්‍ය තොරතුරු ඒකාධිකරය හෙවත් ජාතික පුස්තකාලය


ලංකාවෙ පුස්තකාල පද්ධතිය ගත්තා ම ජාතික පුස්තකාලය කියලත් ආයතනයක් තියෙනවා. මේ ආයතනය මොකද්ද එහි සේවා අංශය මොනවගේ ද කියන එක ගැන එහි වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂක සුනිල් මහත්මයා ඉහත පුවත්පත් සාකච්ඡාවෙන් දක්වා තිබෙන නිසා ඒ සම්බන්ධ නැවත ලිවීම උවමනා නෑ.

ජාතික කියවීමේ මාසය වන ඔක්තෝම්බරයේ දී ඔවුන් නොමිලේ සාමාජිකත්වය දෙනවා. හැම අවුරුද්දක ම මාත් එහි ගොස් එය අලුත් කරගන්නවා. ඔන්න ඉතිං මේ සැරේත් ඒ වැඩේ එහෙම ම වුනා. ගොඩක් මිනිස්සු ජාතික පුස්තකාලයට එන්නෙ වෙන විකල්පයක් නැති නිසා. එන ගොඩක් දෙනා එන්නෙ පත්තර හොයන්න. ඒ අතින් හො‍දාකාර පුවත්පත් එකතුවක් එහි තියෙනවා. 2005 ඡන්දෙ දවස් ගැන පත්තර බොක්ස් පිටින් අතුරුදහන් කරලා තියෙන ලේක්හවුසියේ පුස්තකා‍ලෙට වඩා ජාතික පුස්තකාලයේ පුවත්පත් එකතුව ගැන බොහෝ දෙනා විශ්වාසය තියලා තියෙන බව පේනවා. මං එහි සිටිය දී මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ කාලය සංස්කාරකවරයෙක් හමුවුනා. එතුමා විසින් මුල් කාලයේ පටන් කළ සියලු පුවත්පත් රචනා එකතු කිරීම තමයි පර්යේෂකයාගේ අරමුණ. දැන් අපි ඔක්කොම ‍ෆොටෝ කොපි පෝලිමේ. ‘ඇයි ඉතිං ඕවා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේත් තියෙනවනේ’??? මං පණ්ඩිත වාක්‍යක් මිනිහට දැම්මා. “අපෝ මල්ලි ඒකෙ පත්තර පිටුවක කොපියක් රැපියල් සීයයි. අනික ඒක ගන්න වෙන්නෙ පහුවදා.” නෙදකින්. මහරජා එච්චරට ම හිගන්නෙක් කියලා මං දැනං හිටියේ නෑ නොවැ.

ඇත්ත ද පුතා, අපිත් හදිස්සියට අපේ ලයිබ්රියේ නැති පත්තරවල ෆොටෝ කොපි ගන්න කැම්පස් ළමයි එහේ යවනවා. මේ බව දන්නවා නම් එහෙම කරන්නෑ.” මහජන පුස්තකාලයේ සේවයේ නියතු මහත්මියක් විස්සෝප උනා. තාම පෝලිම ඉස්සරහට යන පාටක් නෑ. මෙතන පොත් වගේ ම පුවත්පත් ඡායා පිටපත් කිරිල්ලට, තියෙන්නෙ එක කොපියරයයි. එක මනුස්සයයි. පොතකින් කොපි කරන්න පුළුවන් 10‍‍% පමණයි. “ෂික් දැන් පැය දෙකක් මේ ගැසට් එක ගන්න. මොකද්ද මිස්ටර් මගේ චේම්බර් එකෙත් ෆොටෝකොපි මැෂින් දෙකක් තියෙනව. තව එකක් දාගත්තනම් ඉවරනේ. කොච්චර කොපි වදින තැනක් ද?” කාකි කෝට් ලෝයර් මාම කෙනෙක් නක්කලයක් දැම්මා. පොරට එකදාස් නවසිය බර ගණන්වල ගැසට් එක වෙන තැනකින් හොයාගන්න බෑ. ඒකයි මෙතන තපින්න වුනේ. ඔතන වැඩ කරන්නෙ සමරසේකරකියලා වයසක මනුස්සයෙක් මහ ඒජන්ත ආවත් මෑන්ස් කෑම පැය වැඩ නවත්වනවා. පෝලිමේ ඉන්න අය දවල් නොකා වේලි වේලි අර මනුස්සයට බැන බැන ඉන්නවා. අනේ වයසක මනුස්සයට ඒවා දිරවනව ද මන්දා.

ලස්සන ම කතාව මේක නෙමෙයි. ‍ජාතික පුස්තකා‍ලයේ ෆෙටෝ කොපි මාෆියාව හා ෆොටෝකොපි කාක්කන් පිළිබද කතාවයි. ඒක මහා පරිමාණ ජාවාරමක් පළමුව මාධ්‍යට හෙළි කරන්නේ ඇවරි විසින්. මං මේක සුනිල් ලොක්කට කියන්න හිටියේ ඒත් අයිසේ තවත් මිනිහෙක්ට බඩේපාර ගහන එක හරි නෑනේ. ඉතිං මං කටවහගත්තා. හැබැයි සිද්ධිය අමූලික ඇත්ත. ඒක වෙන පෝස්ට් එකක් හොදේ...

3 comments:

  1. අම්මෝ ලංකාවේ ප්‍රධාන පුස්තකාලයකට තියෙන්නෙත් එක පොටෝකොපි මැෂින් එකක්ද

    ReplyDelete
  2. ඒ කියන්නෙ ඔයා කවදාවත් ම එහේ ඡායාපිටපත් අංශයට ගිහින් නෑ වගේ???? hikxx

    ReplyDelete
  3. දැන් ජාතික පුස්තකාලයට විදුහල්පති ෙකෙනක් පත් ෙවලාලු එයා කානිවල් එකක් දාලා ජාතික පුස්තකාලය පරිසරය දැන් පුස්තකාලයනට සුදුසු මට්ටමට නැ නිස්කලංක බවක් නෑ විවෘත ෙද්ශනශාලාවක් සකස් කරලා එෙක් සද්ෙදට පාඩමි කරන්නවත් බෑ අපි ඉස්සර ජාතික පුස්තකාලයට අාෙව නිදහෙස් අධ්‍යාපන කටයුත කර ගන්න දැන් එකත් නෑ පුස්තකායකට සුදුසු මූලික පරිසරයක්වත් ෙමයාලා හදුනන්ෙන් නෑ

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....