Thursday, December 2, 2010

ආරෝග්‍යා පරමා ලාභා ලු...

පහුගිය දවස්වල මට බ්ලොග් ලියන්න වෙලාවක් නැති වුනානේ...... ඇත්තම කාරණේ නම් ම‍ගේ සිස්ටම් එකේ පුංචි කචල් එකක් ගිය නිසා ට්රීට්මොන්ට් වගයක් කොරන්න වුනා. කොහොමටත් මගේ ඕ.එස් එක ටිකක් ලෙඩ උඩ දුවන්නේ.... නමුත් මං ගෙදර ම හිටි නිසා රෝගී තත්ත්වය උත්සන්න වෙච්චි බවයි ඩොකා අංකල් කිව්වෙ. මෑන්ස් සිරා බුවා. ‘කොල්ලෝ මං දන්නවනේ උඹට වැඩක් තියෙනව නම් ලෙඩ දෙපිටින් යන්‍නෙ කියලා, ඉතිං කියපං මේ අන්න පනල්ලේ උඹට ලෙඩ උනේ කෝමෙයි.’ ෂෝයි අංකල් ඇහුවා. මං ඉතිං ටිකක් වැඩියෙන් වැඩ කළ නිසා මහන්සියට මේම වෙන්නැති කියලා අන්තිමට තීරණය වුනා. ඒත් වැඩේ අහවර කරන්න කළින් අර ඇඩ් එකේ වගේ කොහොම ද කෑම බීම???’ කියලා අහපි. ඒ පුරස්නෙට මං පැනලා අති විශිෂ්ටයි සෑර් කිව්වා.” පස්සෙ උත්තර දුන්න අපේ මාතාව මගේ පටි රෝල් කොරලා ඇරියා. ‘අනේ ඩොක්ටර් මේකා උදේට කියලා කන්නේ දවල්ට, දවල්ට කන්නෙ හවසට, රෑට කන්නෙ එළිවෙන ජාමෙට කියලා සෝලි තියන්න ගත්තා.

දැන් ඩොකාට මල.... මං තමුන්ට කියලා තියනවා................... ආදී වශයෙන් සුපුරුදු දේශනාව කරගෙන ගිහින් ‍හෙට එන්නම් කියලා ඩොකා මාමා ගියා. අම්මත් මට රවලා යන්න ගියා. අනේ ඉතිං හවස වැඩ කරද්දි මගේ හිතවත් නර්ස් ඇන්ටි කෙනෙක් ආවා. ‘හ්ම්..... ඩොක්ටර් මට කිව්වා ඉලන්දාරියා ඇවිත් ඉන්නවා කියලා. දැන් හිටියයින් බාගයයි නේ???’ මේ හැමදාම මට කියන එයාගේ සුපුරුදු පිළිගැනීමේ ගීතය. ‘හරි හරි ඉතිං මං දැන් ඔයාව බලන්න ආවනේ???’ ඒක තමා කොච්චර කාලෙකින් ද? හැබැයි අපිව බලන්න නොඑන තරමට තමයි අපි කැමති....’ මෙන්න වැඩක් මං කරදරයක් නේ???? අපෝ කවුද එහෙම කිව්වෙ. නෝමා ඇන්ටි ඉන්ජස් එකක් විදලා නිදිකරවලා ගියා.

පහුවදාත් උදෙන්ම ආවෙ එයා.... ‘ගුඩ් මෝර්නින් දතා පුතා.....’ මෙන්න කැම්පස් ශිෂ්‍යයො කට්ටියක් වී.සී ගෙන් සමාව අරගෙනලු. වැඩිදුර කියවන්න පත්තරයත් ඈ මට දුන්නා. ‘ඇත්තට ම ඔයා ඔය වලි වලට යන්නැද්ද?....’ වලි වලි නෙමේ ශිෂ්‍ය අරගල කියන්න. වලි?? අනේ ඔය මොන කෙහෙම්මලෙන් උනත් ඔළු කුඩු කරගන්නෙ අහිංසක දෙමව්පියන්ගෙ දරුවොනේ..... හ්ම්...ඇත්තට ම කිව්වොත් අපේ කැම්පස් එකේ යන්නෙ සීමිත යුද්ධ විතරයි. එහෙන් මෙහෙට ගල් පාරයි. මෙහෙන් එහෙට ගල් පාරයි. එකට එක අනුපාතයට. කම්මැලි හිතුන ම අපි දෙපිල බෙදිලා සෙල්ලම් කරනවා. ටී.වී වලින් ඒවා රටට ම පෙන්නවනේ. අපි මක්කොරන්න ද? අනේ උඹේ සමයං.. මං වෝර්ඩ් එකට යනවා. ඔය අතරේ උදේ ලොකර් එකට පෙන්ගුයින් ක්ලැසික් එකක් දාලා තිබුණ නිසා මං ඒක කියව කියව හිටියා. දවල් විසාඛා තොමෝ කිරිපිඩු අරන් වැඩම කළා. ඒ දවස්වල වැහැපු නිසා හවස් වෙද්දි මං නිදි. එන අය හිතන්නේ මාව ශිශිර තාරක නින්දෙන් නැගිට්ටන්න හොද නෑ කියලයි. මගේ කනමද නින්ද අහවර වුනේ රෑ හතට හතාමාරට.

නිවුස් බලන ගමන් කාලා ඇද පහළට කඩාගෙන විනාඩි විස්සකින් පහුවදා වෙනකම් මං නැවතත් ස්ථාවරයි. පහුවදා හවස මගේ ටිකට් කැපුවා. ‘නලින් පිස්සු නටන්නැතිව වෙලාවට කාලා බෙහෙත් බොන්න. මං අම්මට කියලා තියෙන්නෙ බලන්න කියලා. නැත්නම් ආයෙත් මෙහේ එන්න වෙයි.’ බෙහෙත් කොයි හැටි වෙතත් ආයෙත් එහේ යන්න මගේ හිතේ තියෙනවා. නෝමා ඇන්ටිගේ ඇසිස්ටන් හිටපු ට්රේනින් නර්ස් තමා හේතුව. මොකද මිස්ටර් නලින් කන්නැතුව බැනුම් අහන්නේ. ඈ ඇහුවා. අයියෝ මට කන්න අමතක වෙනවනේ වැඩිපුර ම උදේට. ම්.... එහෙනම් මං උදව්වක් හැටියට හැමදාම උදේ ම කන්න මතක් කරන්න ද? මං නිකං හිනාවෙලා ආවට මොක ද දැන් හැමදාම හරියට අටට මිස්ඩ් එකක් එනවා. කරුමෙ කියන්නෙ මං කෝල් බැක් කරනකම් ම ජංගමයා සැරින් සැරේ නාද වෙන එකයි.

2 comments:

  1. කිරිපිඬු වැළඳුවාම මාරවිදියට නින්දයනව නේද ? :D

    ReplyDelete
  2. කියල වැඩක් නෑ අප්පා.. මරලා දැම්මා වගේ.. හික් හිXXX

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....