Sunday, October 24, 2010

හුටා මූ ද බැටා?? [Janelen- Part 2]

මට මූලික අවුල වූයේ මේ නව නිෂ්පාදනයේ චරිත මාරු කිරීම ම නොවේ. සමස්තයක් ලෙස නාට්ය!යේ දෘෂ්ටිය සහ අන්තර්ගතයට මේ යැයි කිව හැකි දර්ශනයක් නොවීම මා වඩාත් සසල කළ කරුණයි. ඇත්තට ම මෙහි එන යුධ සෙබළා සහමුලින් ම නව නිෂ්පාදනයෙන් ඉවත් වීම කාලෝචිතය. මාගේ මතකය නිවැරදි නම් මෙහි පෙර කී නිබන්ධනයට අදාල නිෂ්පාදනය එළිදක්වන විට ද යුද්ධය නිම වී මාස කිහිපයක් ගතව තිබුණි. ඒ නිසා තවදුරටත් යුද්ධයෙන් සෙබළුන් මියයා නොහැක යන තර්කනය මත ඒ ඉවත් කළා විය හැකිය. ඒ වෙනුවට නාට්යට ප්රස්තුතය කඳවුරක සිර කර සිටින යාපන විශ්ව විද්යා ලයේ දෙමළ සිසුන් පිරිසක් ඉන් මුදවා ගනීම සඳහා කරන පන්ති වර්ජන, උද්ඝෝෂණ ආදී ඔවුන්ට අනුව ‘ඇදහිය හැකි’ කාරණාවක් මත ගලායාමට සලස්වයි. මා දුටු අනෙක් ප්රධාන දුර්වලතාවය නම් අජිත්ගේ චරිතය මතු කිරීමයි. මේ අජිත් හරහා වත්මන් රෙජීමයේ සිසුන් මර්දනය උලුප්පා දැක්වීමට උත්සහ කළ ද අවසානයේ ප්රසාදිනීගේ ‘උන්ට ඕන මාව’ යන්නෙන් එය ගම්යක නොවීය.
පෙර නිෂ්පාදනයේ මෙවන් විසංවාද ඇති නොවිණි. පසුම්බිය නැති කරගත් තරුණිය සෙබළා සමඟ පෙමින් බැඳීම, ඔවුන්ගේ විවාහය, අවසානයේ දී යුද්ධයේ දී ඔහු මිය ගියෙන් දරුවකු සමඟ ඇය තනිවීම තුළ සත්යි ප්රේමය එළිදැක්විණි. සෙබළාගේ එක් දෙබසක් මට මතකය. “දාර්ශනික වෙනවයි කියන්නේ මොකක්ද? - ජීවත් වෙන එකටයි මැරෙනවටයි හේතු ඉදිරිපත් කිරීම” රේණු ද පොළොව සමඟ ඔට්ටු වන තම පෙම්වතා ගැන සිතන අතර කසුනි ගැන කතා කර වැඩක් නැත. අන්තිමේ ප්රසාදිනී (මේ නිළියන්ගේ නම් වෙනුවට සැබෑ නම් යෙදීමට සිදුවීම ගැන සමාවන්න. මට නම් අමතක බැවිනි) ජගත් හා අනියම් සම්බන්ධය අසුවීමෙන් හා ඇය ඔහුගෙන් ගැබ්ගත් බව දැනගැනීමෙන් බැටා ඈ හැරයන අතර කසුනි හා විවාහ වීමට අවසර පතයි. එහිදී කසුනිගේ තර්කය ද සාධාරණය.
ඇයි ඔයා ප්රසාදිනී බඳින්නැත්තෙ, “අප්පෙක් නැති දරුවෙක්ට තාත්ත වෙන්න තරම් සාධාරණ හේතුවක් මගේ පැත්තෙන් හොයාගන්න මට බෑ.” ඔහු කියයි. “මට ආදරේ කරන්නේ නැති මිනිහෙක්ව බඳින්න තරම් සාධාරණ හේතුවක් මගේ පැත්තෙන් හොයා ගන්නත් මට බෑ. ඔයා ආදරේ කළේ මගේ ශරීරයට” කසුනි කීවාය. වැඩේ කම්මුතුය. එහි පැහැදිලි චින්තනයක් තිබිණි. ඒ යථාර්ථය විශ්ව විද්යාතල භූමියෙන් එපිටට වලංගු වන්නේ යන්තමින් වුවත් සංකීරණ නැත.
නමුත් මෙහි කසුනි මෙහෙයුමේ ප්රධාන කොටස්කාරියකි. මෙවර ජනේලයෙන් පැන්නේ ද තුමිඳු ය. මට නම් ඔහු බැටා තරම් සිරා නැත. පෙර නිශ්පාදනයේ බැටා ලව් කරද්දී සිරා ය. නමුත් මාරාවේශ වූ විට අතිශය භයානක විය. තුමිඳු එතරම් භයානක නොවීය. නමුත් මෙහි මේ යැයි කිව හැකි සාධනීය ලක්ෂණ තිබුණි. ශිල්පීන් විශාල ප්රමාණයක් යොදවා තිබුණි. අවසානයේ වේදිකාවට පැමිණි පිරිස තිහ ඉක්මවීය. අර කොළ විසි කළ ආකාරය අපූරුය. එය ක්ෂණික ප්රහාරයකි. විරු ගීතය ද සැලකිය යුතු මට්ටමක තිබූ අතර කාල් ද ජනේලෙන් පනින්නට යාම අපූරුය. වදන් වදන් ගීතයේ නම් පුංචි අවුලක් තිබිණි. මුල් ගායනය තරම් පන්ච් එකක් නොවීය. ව‍රදක් ම නැත.
මා විචාරකයෙක් හෝ වෙනයම් විශාරදයෙකු නොවන බව මෙහිලා කියමි. චේතනාන්විතව කිසිදු පාර්ශවයකට චෝදනා ‍නොකරන අතර මා කියන්නේ මා දුටු මට හැඟුණු ජනේලයෙන් පනින්ද? විචාරයයි. එහි අන්තර්ගතය හා අවසානය මීට වඩා වෙනස් විය යුතුව තිබුණි. ඒ නැතත් මා ආදරය කළ කලා කෘතියක් කබලෙන් ලිපට වැටීම ගැන කණගාටු වෙමි. කලාකෘතියක් සමාජ ගත කළ පසු එය රසිකයාගේ වින්දනයට පත්වේ. ඉඳින් එහි පසුකාලීන වෙනස්කම් කළ යුත්තේ වඩාත් ප්රවේශමෙනි. එදා මනමේ බැලූවන් අද මනමේ බලා සරච්චන්ද්රට පලු යන්න බනින්නේ ඒ ගුණාත්මක බව රඳවා ගන්නට ඔවුන්ට නොහැකි වූ නිසාවෙනි. කාරි නැත ඒ චෝදනාව කරන්නට 56 තරුණ තරුණියෝ තවත් ජීවතුන් අතර නොසිටී. ඇති ස්වල්ප පිරිස ඒ ගැන කුමක් කීවාට කිම? අලුත් මනමේ මේ යැයි අපි නව පරපුරට කියමු. ඒත් ජනේලෙන් හි එසේ කළ නොහැක්කේ මුල් රසික පිරස තවමත් නාට්යි නරඹන හෙයිනි. අවම වශයෙන් ඒ ගැන කූඹි පුකක් තරම්වත් කල්පනා කළ යුතුව තිබුණි.
මධ්ය් ඇගයුම් සියල්ල නොසලකා මා පාදඩ ලෙස අන්ත ඇගයුමකට එළඹෙමි. මේ මා ඇතුළු සමස්ත ප්රතිචාරය සැලකිල්ලට ගෙන කරන ප්රකාශනයකි. සාමාන්යනයෙන් රාජ්යම නාට්යම උළලේ සෑම දිනක ම කෙටි හෝ දිගු නාට්යන අවසන් වන විට ඇසෙන නොන්ස්ටොප් අත්පොළසන් හඩ ඔබට මතක ඇතැයි සිතමි. අවසන් ජවනිකාව හමාරවී බ්ලැක්අවුට් වූ පමණින් මුල් ම අත්පුඩිය ඒ ඇසිල්ලෙන් පටන් ගනී. කිසිවෙක් ඊට නැවත වේදිකාව ආලෝක කර නළු නිළියන් කර්ටන් කෝල් පැමිණෙනකම් බලා සිටින්නේ නැත. නාට්යි බැලූ අය ඒ අවසානය බව දනිති. අමුතුවෙන් කිවයුතු නොවේ. මා වාඩි වූයේ අප විශ්ව විද්යා්ලයේ ම නාට්යක ආචාර්ය යුවළක් ළඟින් බව කළින් කීවෙමි. නාට්ය ඇඳුරන් වූ නිසා ම දෙදෙනා ම එහි අවසානය ප්රසාදිනීගේ ‘උන්ට ඕන මාව’ යන දෙබස බව දරන සිටියාට සැක නැත.
නමුත් මා විශ්වාස කරන්න දෙබස අවසානයේ දී ම අත්පුඩිය පටන්ගත්තේ මාත් අදාල ආචාර්යවරයාත් පමණකි. සැක නැතිව ම අපි දෙදෙනාට මුහුණට මුහුණ බලා ගතිමු. නාටකය නිල වශයෙන් අවසාන වූයේ අප දෙදෙනාට පමණි. නමුත් ශාලාවේ සියලු ආසන පිරී තිබූ බව අපි දනිමු. අන් සියල්ලෝ ම මොහොතක් වික්ෂිප්තව සිටියේ නියම අවසානය දකිනු රිසියෙනි. ඒ නිසා එක්කෝ එදා ලයනල් වෙන්ඩ්ට් සිටි ප්රේක්ෂක පිරිසට ජනේලයෙන් පනින්නද? බොක්කට ම වැදුණි. නැතිනම් මයිල් ගහකට හෝ නොදැනුනු බව කණගාටුවෙන් මුත් ලියා තබමි.......!!!!!!

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....