Friday, October 1, 2010

බලු දානයට එරෙහි ඩෝරියාගේ කැරැල්ල

එළඹෙන්නේ අපේ වස්සානය වුවද ඇතමුන්ගේ අන්තිම නරක කාලයයි. මා එසේ කියන්නේ විශ්ව විද්යානලයේ තැන තැන සැරිසරන පූස් බලු වර්ගයාගේ දුර්භික්ෂ සමය හෙට අනිද්දායින් ඇරඹෙන බැවිනි. පසුගිය අධ්යකයන වර්ෂයේ අවසාන දින ජිම් කැන්ටිමේ දී අපට මේ ගැටලුව ඇති විය. ගැටලුව මතු කළේ අලුතා විසිනි. “ඒ දැන් මුන් නිවාඩු කාලෙට කන්නේ මොනවා ද?” පූස් පැටවෙක් හා ඥානකතාවක් බෙදාගනිමින් ඔහු විමසීය. නමුත් අප යමක් කරන්නට පෙර සත්ගුණවත් දානපතිනී වීරසේකර මැතිනිය තම බලුදාන සංකල්පය ආරම්භ කරමින් ඊට වැඩ පිළිවෙලක් සකස් කළාය. කල්යත්ම ලාබ නොලබන තවත් රාජ්යප නොවන සංවිධානයක් වූ CAPSI එකමුතුව එයට බැතිබර දායකත්වය සැපයීය. දැන් එය CAPSICH ලෙස නව මුහුණුවරකින් ක්රියාත්මක වන අතර එහි මෙහෙයුම් විධායිකා ප්රවදීපා කුලසේකර මෙනවිය ප්රකාශ කර සිටියේ පසුගිය සෙමෙස්තරයේ ඔවුන් ලද ප්තිචාර සැලකිල්ලට ගනිමින් දිනපතා බල්ලන් සඳහා දන්වැට පිළිගැන්වීමට අදහස් කරන බවයි. තවද වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙම සංකල්පය පූසන් අතර ද ප්රචලිත කරමින් ඔවුන්ට ද සමබල ආහාර වේලක් සැපයීමට තරම් තමන් ආර්ථික හා පිරිස් බලය අතින් ශක්තිමත් බවයි. දැන් බල්ලන්ට හා පූසන්ට විශේෂ වරප්රයසාදයක් හිමිව තිබේ. නොමිලේ කෑමට වෙසක් දන්සැල් එනතුරු බලා සිටිය යුතු නැත. දවල් කෑම අවුල් වගේ නම් කළ යුත්තේ ජිම් කැන්ටිමට පැමිණ සහෝදර බල්ලෙකුගෙන් මග අසා බලු දානසංමය මුණ ගැසීමෙන් ප්ර ණීත ආහාර වේලක් ලබා ගත හැක.
මුලින් හොඳ මට්ටමින් තිබුණ ද දැන් දැන් බලු දානය සඳහා දෙනු ලබන කෑම පළිබඳ බල්ලන්ගෙන් බලවත් චෝදනාවක් නැඟෙමින් තිබේ. පූසන් නම් නිර්මාතෘවරියගේ තුරුලේ සැපට සුරතල් වන බැවින් උන්ට එහි වගේ වගක් නැත. නමුත් බල්ලන් තම කැවූ මව්ගේ ඇඟේ එල්ලෙමින් විරෝධය පළ කරනු දැකගන්නට පුළුවන. ජිම් කැන්ටිමට කෑම පැයේ දී පැමිණිය හොත් ‘බල්ලා කැටුව යන කාන්තාව’ චිත්රයපටයේ දෙවන කොටස “බල්ලන් කැටුව යන කාන්තාවෝ” දින පතා 1.30 දර්ශනය නැරඹිය හැකිය. ප්රපධාන චෝදනාව නම් CAPSICH ආයතනය මගින් බල්ලන්ට ජිම් කැන්ටිමේ බත් ලබා දීමයි. මේ වන විට කොළඹ නගරයේ හෝටල් සීල් තබා ඇති ආකාරයට කැලණි සරසවියේ ජිම් කැන්ටිම ද සීල් තබන දිනය වැඩි ඈතක නොවේ. මිනිසුන්වත් නොකන බත් මුල් ගෙන බල් කොළ පිටින් ම දිග හැර කනවනම් කාපල්ලා යැයි කියමින් තමන්ට අපහාස කරන බවත් ඉන් තම ශරීර සවුක්යට හා ආත්ම ගවුරවයට බලවත් හානියක් වන බව කියමින් ඒකාබද්ධ බලු දානහිමියන්ගේ සංගමයේ සභාපති දඩෝරියා මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් උපකුලපතිතුමා වෙත ඉදිරිපත් කර තිබේ.
තත්ත්වය එන්න එන්න ම දරුණු වන හෙයින් කාරණාව ගොඩින් බේරා ගැනීමට ප්රදීපා සහ වීරසේකර හවුල සමත් වූයේ මෙලෙසිනි. නිවාඩු කාලයේ ජිම් කැන්ටිම් පවා වසන අතර තුර දිනපතා යුනි පැමිණ බල්ලන් සඳහා බත් මුල් බෙදා දීමට ගිවිසුමක් අත්සන් කෙරිණි. මෙම ද්වීපාර්ශවීය එකඟතාවය මත දඩෝරිස් පෙත්සම ද ඉල්ලා අස්කරගත්තේය. දැන් නිවාඩුවේ දී ගෙදර හැදූ බත් කන්නට බල්ලෝ පුලමින් සිටිති. පොරොන්දුව පුස්සක් වන්නේ දැයි ඇවරි විමසිල්ලෙන් පසුවන බව මෙහිලා වගකීමෙන් කියාසිටිමි. බලු දාන සංකල්පයේ නිර්මාතෘතුමියනි, මේ ඔබේ අවධානය පිණිසයි!!!

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....