Friday, October 1, 2010

දිවිල්ල අවසානය... අපි හති වැටී සිටිමු.

දැන් දැන් සරසවියේ නොනිල නිවාඩුව ඇරඹී ඇත. විශේෂවේදී බොහෝ දෙනාගේ විභාග නිම වෙමින් පවතී. ඉන් පසුව ඇරඹෙන්නේ නිවාඩුවවයි. අපේ පිරිසට ද කටයුතු රාශියකි. මීළඟ චාරිකාව සූදනම් කළ යුතුය. ඊට අදාල සියල්ල මේ වර ක්ලෝසා බාර ගෙන තිබේ. ඔහු හැමදා මෙන් මෙවරද භාණ්ඩාගාරික වනු ඇත. අවසාන චාරිකාව වූ “අනුරාධපුර සයිකල් වටවන්දනාවේ” දී අප නැවතී සිටි මිහින්තලේ රටරට විශ්ව විද්යා ලයේ ආචාර්යවරුන්ගේ නේවාසිකාගාරයේ යතුර ඩෙනිමේ ඔබාගෙන පැමිණ යළි එය කුරියර් කිරීමට ගොස් අතින් කයිට් වූ භාණ්ඩාගාරික ඔහුය. නමුත් තනතුරේ වගකීම ක්ලෝසා අකුරට ඉටුකළේ ය.
අප බයිසිකල් සවාරිය පිළිබඳ මට ලියන්නට නොලැබුණි. අප පළමු සංචාරය වූ නුවරඑළිය චාරිකාව අමු ම පිස්සුවක් විය. නමුත් අපි හොඳින් විනෝද වීමු. මේ සියල්ල මැදින් අපි යානිගේ සොයුරියගේ විවාහයට ඇරියුම් ලදිමු. තවත් ඕපා දූප රැසකි. ඒවා වෙන ම කොළම් යටතේ ලිවිය යුතුය. දැන් මගේ ඔන්ලයින් ඩයරිය පිළිවෙලක් වී තිබේ. මොඩරේට් කිරීම නිසා කමෙන්ටු ගැන ද බයක් නැත. පුංචි ආත්ම වරුණාවක් ලීවේ සුන්දර කතාවක් කීමට නොවේ.
ඉතිහාසයේ මා දුටු දරුණුත ම මහජන ග්රුහස්ත ප්රචණ්ඩත්වය විශ්ව විද්යා ල භූමියේ දී ම සියල්ලන් ඉදිරියේ දුටු මම ඒ තුච්ඡ ක්රීයාව ගැන බලවත් ලෙස කණගාටු වෙමි. අයුක්තිය ඉදිරියේ නිරුත්තරව සිටීමට සිදුවීම පිළිබඳ ඊටත් වඩා මා මා කෙරෙහි ම කෝප වන අතර ඒ දැක ඒ දෙස බලමින් නිවටුන් ලෙස සිටියවුන්ට වැහි නැති හෙණ ඉල්ලමි. (ඉන් එකක් මා කරා ද පහත් වන සේක්වා... ආමෙන්) තරමක වැසි සහිත කාලගුණයක් පැවති හෙයින් මා කුඩයක් ගෙන පුස්තකාලය වෙත ගොස් මිත්ර සමාගමය හා එක් වීමට යළිත් ජිම් එකට පැමිණීමි. හරියට ම ඇතුල්වන දොර ළඟින් තරුණියකගේ ඉකි බිඳුමක් ඇසුණු අතර බොහෝ දෙනා ප්රධාන පිවිසුම ඉදිරියේ රැස්ව සිටියහ. පහර කීපයක් වදින හඩ මා ඉදිරියට පිය මනිද්දී ඇසුණි. වහා ආපසු හැරුණු මා නැවතත් පඩිපෙළ නැඟ විද්යාර පීඨ පිවිසුම වෙත ගොස් යළි සෙමින් පඩිපෙළ බසිමින් නිරීක්ෂ්ණ යේ යෙදෙමි.
තරුණිය වැරෙන් අල්ලා ගන්නා ලද තරුණයා කකුළෙන් පහර කීපයක් ඇන්නේය. ඔහු උන්නේ හෙමින් මුමුණමිනි. ඇය තවමත් හඩන්නීය. මා කුඩය අකුලන්නට තත්පර වන විට ජවනිකාව නිමා විය. චරිත දෙක ම රංග සමාප්තිය සනිටුහන් කරමින් කර්ටන් කෝල් සඳහා පැමිණියහ. වැස්ස නිසා එළියට යා නොහැකිව එහි රැඳී සිටියවුන් ද ඔවුන් දෙදෙනාගේ හඩ ඇසීම නිසාදෝ බිටතට පැමිණි දෙදෙනා දෙස බැලුයේ බොහෝ වේලා බලාපොරොත්තු වූවා මෙනි. සමහරු පුදුම වූහ. සමහරු ඔලොක්කුවට සිනාසුනහ. මට නම් මහා අප්පිරියාවක් දැනුණි. සැණෙකින් තරුණිය ඇගේ මිතුරියන් විසින් ද තරුණයා ඔහු පිරිවර විසින් ද කැටුව යන ලදී. මා වැනිව නාටකය බලනු පිණිස ම එහි රැස්වූවෝද එහෙ මෙහෙ ගිරා මාරු වූහ.
එය පවුල් අවුලක් බව සැබැවි. දෙදෙනා විසින් නිරාකරණය කරගත යුතුව තිබුණි. නමුත් නින්දිත ලෙස තරුණියකට මහා දාවලේ පහර දීම නියම ක්රමය නොවේ. නිසැකව ඔවුහු පෙම්වතුන්ය. තරුණිය ද යුතු නොවන අකටයුත්තක් කර ඇතුවා විය යුතුය. නැත්නම් එපමණ වැඩිහිටි සිසුන් පිරිසක් එදෙස බලා සිටින්නේ නැත. මා දන්නා කියන ගණන්කාරකු ද එහි විය. ඔහු හෝ මැදිහත් නොවූ බැවින් ඔහුට ද ලකුණු නොලැබේ. මේ සියල්ල සිදු වූයේ ශිෂ්ය මධ්ය ස්ථානය පෙනෙන දුරිනි. සිසුවියන්ගේ ආරක්ෂාව පතා වැදිබණ දෙසන්නෝ කරබාගත්හ. ඒ ඔවුන් අනුදත් සම්ප්ර දායයි. සිසුන් වෙනුවෙන් පෙනී සිටීමයි. පෙරළා එන ගමනේ දී බියකරු නොනිල වධකාගාරයක් වූ ජිම් කැන්ටිම දෙපස අඳුරු මුල්ල වෙත විමසුම් නෙත් හෙළීමි. එය එවැනි කටයුතු නිතර සිදුවන කුප්රකට තැනක් බව පසුව දැනගතිමි. පිටත කිසිවෙකුට එහි වන්නේ මොනවාදැයි හරි හැටි නොපෙනේ. දුර සිට බැලුව ද පැහැදිලි නැත. නැවතත් ගූඩ මුල්ල දෙස බැලූ මම එහි දියවූ නාදුනන තරුණියගේ ආත්මයට නිගා කළ පාපතරයාට සාප කළෙමි. හෙට ඒ මුල්ල තවත් බිල්ලක් ගනු ඇත. ඒ අතින් ජිම් කැන්ටිම යනු අන්තරාය අඩවියකි :o

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....