Friday, October 1, 2010

රේල් පීලි උඩ

තවත් කලබලකාර ඉරිමාවක මම නැඟී සිටියෙමි. මගේ අටම්පහුරු දින චරියාව අනුව සතියේ කලබල ම දිනය රිවි දින බැව් ඔබ දැනටමත් දන්නවා ඇත. සාපේක්ෂව ශනිදාවේ ඇති රාජකාරි වඩාත් බුද්ධිමය වන බවත් කය නොව සිත වෙහෙසා වැඩ කළ යුතු දිනය එය බවත් සැබැවි. නුමුත් ඉරිදාවේ මා ඇවිදිය යුතු දුර හා නිරාහාරව සිටිය යුතු කාලය බොහෝ වැඩිය. ශරීර පුෂ්ටිය අතින් මා වියළි පරඩලක් තරම් හෝ නොවන්නේ කන්නට නැති කමින් නොව කන පමණ නිසිවේලාවට නොකන බැවිනි. ඉදින් පෙර සඳහන් කරන ලද පරිදි පුංචම්මා ඇගේ නිවසට ගොඩවන කවර මොහොතකදී වුවද මා පැමිණි විට පිඟානක් අතින්ගන්නීය. හරියට ම කිවහොත් මගේ කායවර්ධන චිකිත්සාව මෙහෙයවන්නේ ඇය විසිනි.
ඇත්තට මා එතරම් හීන්දෑරි සිරුරකට උරුමකම් කියන්නේ ඇයි....?? මේ වන තුරා එය මට ගැටලුවක් වී නැත. වරක් සංචාරණය පිළිබඳ එක් දෙසුමකදී ආචාර්ය ප්රශාන්ත පෙරේරා ගුවන් සේවිකාවන් ගැන සඳහන් කරමින් අපූරු කතාවක් කීය. “ළමයි මෙතනින් කී දෙනෙක්ට ගුවන් සේවිකාවක් වෙන්න පුළුවන් ද???” කිසිදු ස්තිරියාවක් වචනයකුදු නොකීහ. “ම්..... මෙන්න මෙයාට නම් පුළුවන් වෙයි.” යැයි කියමින් තරමක පෙනුමැති නර්මදා පෙන්වා සිටි ඔහු මෙසේ ද කීය. “ඇයි එයාට විතරක් පුළුවන් අපි ලස්සන නැද්ද....?? නේද ළමයි? නෑ හැම කෙනෙක්ට ම ආවේණික ලස්සනක් තියෙනවා... කවුද එහෙම කිව්වේ??? ” අයියෝ ළමයි මොකා හේම කිව්ව ම අපිට මොකෑ?? අපි වගේ කෑපී පේන ලස්සනක් නැති උදවිය එහෙම පණ්ඩිත වාක්යසයක්වත් දාලා ෂේප් වෙන්න එපෑයැ???...” කතාව එතනින් අවසන් විය. නමුත් ඇත්ත වශයෙන් ගුවන් සේවිකාවන් එතරම් ලස්සන වන්නේත් ගුවන් යානා අභ්ය?න්තරය එතම් අපූරුවට නිමවා ඇත්තේ සහ ඔබට එහිදී අගනා කෑම පිළිගන්වන්නේත් පිළිගත හැකි මානසික අවශ්ය තාවයක් මතය. ඒ සියල්ල ඒ වන විට ඔබ අඩි දහස් ගණනක් ඉහළ අහසේ සැරිසරන බව අමතක කරවීමට යොදන ප්රයෝගයන්ය. යම් හෙයකින් ගුවනේදී නිකමට හෝ ඔබට යම් අවිනිශ්චිතතාවක් ඇතිවී නිවස, බිරිඳ දරුවන්, හරි හම්බ කරගත් දේ මතක් වුව හොත්....... බිය නොවන්න!! ගුවන්ගතවන ඔබට යානයේ සංග්රහ සත්කාර භුක්ති විඳින තුරාවට සැප නින්දක් මිස මේ මනස්ගාත කිසිත් කරදන නොකරුනු ඇත. කිසිම හේතුවක් නිසා ගුවන් මගීන් කේන්ති නොගැන්වීමට වග බලා ගැනීම ගුවන් සේවිකාවගේ පළමු වගකීම වන්නේ එලෙසිනි.
නැවතත් සටහන තබමි. මා කැලණිය දුම්රියපොලට යන විට වේලාව හත පමණ ඇත. සාමාන්ය්යෙන් නිවාඩු ඉරිදාවේ කිරිබත්ගොඩ සිට පට්ටිය හන්දියට යාමට පැය කාලක් ප්රමාණවත්ය. දුර බසයකින් නම් කාලය විනාඩි දහයකි. කොහොමින් කොහොම හෝ මගේ කෝච්චිය 7.03 ට යෙදී තිබුණද කවුරුත් නම් කර ඇති පරිදි හිඟන්නා පැමිණෙන්නේ 7.20ට පමණය. ඊට කලින් යන නුවර නගරාන්තර දුම්රියට මාර්ගය සැලසීම ඊට හේතුවයි. හිටිගමන් හිඟන්නා නියම වෙලාවට පැමිණේ. නමුත් මම ඊට අකමැති වෙමි. ඒ තවත් විනාඩියක් හෝ නිදි සුව විඳිය හැකි නිසා නොව මා ප්රිපය කරන ගායකයාට කෝච්චිය මඟහැරෙන බැවිනි. සෑම දිනකම ඔහුගේ පෙට්ටියට නැඟ ජෝතිපාලගේ සාජ්ජයක් අසමින් රාගම දක්වා ගමන් කිරීමේ පුරුද්දක් මා සතුය. මුලින් මා ඔහුට මුදලක් දුන්න ද දැන් හැමදා ම ඉරිදාට මා යන නිසා එය නොදෙමි. ඔහු කිසිවිටක කිසිවෙකුගෙන් මුදල් නොඉල්ලයි. පුංචි සහයෝගයක් දෙන ලෙස මතක් කිරීමක් පමණි. බිම තබා ඇති වට්ටියට කාසි නෝට්ටු යහමින් වැටේ. අප දෙදෙනා උනුන් හා නිහඩව ඇති කරගත් සම්මුතියක් පරිද්දෙන් හැමදා සිනාසෙමු. මට පෙනෙන හැටියට ඒ ගායනාවෙන් කිසිදු පළක් නැත. මා මෙන් ම මේ දුම්රියේ යන්නෝ දිනපතා එහි ගමන් කරන්නෝ වෙති. ඔවුහු මේ ගායකයා හොඳින් හඳුනති. ඇතමෙක් මුදල් ද දෙති. නමුත් එක ම පුද්ගලයාට දිනපතා මුදල් දීම මට නම් නීරස කටයුත්තකි. ඒත් ඔහුට හෝ මගීනට එපා වන බවක් පේන්නට නැත. අඥාත ගායකයාගේ ගතයුත්තක් වේ නම් ඒ ගීත ඇල්බමය සතියෙන් සතියට මාරු කිරීම ය. ඇසෙන්නේ ජෝති උපහාරයකි. නමුත් ගී නැවුම්ය. ගිය සතියේ සිටි ගායකයා මේ සතියේ එහි නැත. රහස එය විය යුතුය.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....