Friday, October 8, 2010

අද Techno 2010 ඊයේ බැලීමි


මෙදා පාර රාජ්‍ය යොවුන් නාට්‍ය උළෙල වෙනුවෙන් මටත් ආරාධනයක් ලබා දුන්නේ අපේ අරවින්ද මහතා. මං කොහොමත් කලා රිටක් කියලා පොර දන්නවා. අසූ හාරදාහට වැඩ තිබුණා වුනත් සේරම දමලා ගහලා මං නාටකේ බලන්න ගියේ අපේ මිත්තරයා දුන්න ආරාධනාවත් වැඩක් නැති වෙන නිසා. ඊයෙ (8) වැනිදා බලන්න තිබුණේ ග්ලැඩිඒටර් ප්‍රේමය කියන නාටකේ. ඒ සීන් කෝන් එක ගැන මං අහලා තිබුණා. ඉන්දික ෆර්ඩිනැන්ඩු ගැනත් කියවල කරලා තිබුණ නිසා මං නාටකේ බලන්න හිටියේ හරි ම කැමැත්තෙන් නමුත් කාරණේ වුනේ එදා මට කණ මෝල් වෙන වැඩක් සෙට් වෙච්චි එකයි. කොටින් ම කිව්වොත් මං කරපු ක්ෂේත්තර අධ්‍යයනයක් වෙනුවෙන් ගිංඔය යන්න මට වෙලා තිබුණා.

එහේ ගිහින් කරන්න තිබුණෙ හැලි අරක්කු පෙරීම ගැන ප්රායෝගික පුහුණුවක්. ඒ ගැන පස්සෙ කියන්න වටිනවා.
කොහොමින් කොහොම හරි කැම්පස් එකේ දී දිවා ආහාරය ගත්තු මං තුන වෙද්දි යුනියෙන් පිටත් වුනා. අද මගේ මුල් ම දවසනේ... අනික අර කතාවකුත් තියනවනේ අපායට යතත් පළමුව යායුතුය කියලා. ඒ සියලු කාරණා නිසා මාත් කළින් පිටත් වුනා. අන්තිමට හතරයි තිහ වෙද්දි මං බී.එම්.අයි.සී.එච් එක ඉස්සරහා. යකඩෝ මාර ටයිම් මැනේජ්මන්ට් එක තව පැය එකහමාරක් කොහේ තපින්න ද??
ඒ ඉස්සරහ තිබුණ බිල් බෝර්ඩ් එක දැකපු මට අයිඩියාවක් ආවා. අපේ බිල්ඩින් කන්ස්රක්සන් කරන මාමා කෙනෙක් එහි කුටියක් ගන්න බව කීවා මතකයි. පොතේ හැටියට පොර දතකාගෙන අද වැඩ වෙන්න ඔනා. මං මිනිහගේ ජංගමයට ගත්තා. අනේ බං කොල්ලො රැවුල ගිනි අරං තියෙන වෙලාවෙ තෝ සුරුට්ටු පත්තු කරනවා. පස්සෙ ගනින්. මං ටෙක්නො එකේ වැඩ. හරි වාහේ මං ඒක දන්නවා ඒකනේ කතා කළේ කොහි ඉන්නෙ කීපන්. හේනම් සිරිමා බණ්ඩාරනායකේට වර.
මාත් මාමා බලන්න ගියා. පොර තව පිරිසක් එක්ක කුටියක් ප්ලෑන් කරනවා. ඇත්තට ම අපි නොදන්නවා උනාට ප්රදර්ශන අපිට පෙන්නන්න කී දාහක් මැරෙනව ද කියලා තේරුණේ එහි ගියාට පස්සේ. හැමෝ ම වැඩ. සමහරු බෝඩ් ලෑලි ඇතුළට ගේනවා. තව අය පාස්සනවා. සමහරු රිවට් ගහනවා. තීන්ත ගානවාත වැඩ කෝටියයි. මං සියල්ල පොටෝ ඇල්ලුවා. නමුත් වැඩි වෙලාවක් ගියේ නෑ........
මල්ලි පොඩි සපෝර්ට් එකක් දෙනවද කවුද බුවෙක් මගෙන් අහපි.... බෑ කියන්න බැරි කමට සහයෝගයක් දීපු මං ටිකකින් වාෂ්ප වුනා. එළියට බහිද්දි එළියේ එක යුද්ධයයි. සමහර ඉන්ජිනේරු ආයතනවලින් තමන්ගේ බඩු ප්රදර්ශන භූමියට ගෙනාවෙ කන්ටෙනර් පිටින්. තව ප්රධාන පෙළේ ඇඩ්වර්ටයිසින් ආයතන වල බිල්බෝර්ඩ් පුරවපු ලොරි නිසා වාහන තදබදය දරුණු වුනා.
ඒ අතරෙ හයේ හතරෙ දෙන්නෙක් ලොකු මිටියක් කාරිය අරං එළියට බැස්සා. ඒ අයට තමා කොඩි හිටවන්න බාර වෙලා තියෙන්නෙ. ඒ වෙද්දි වහින්න ටිකක් කළු කරපු නිසා මං වෙන්ට්ඩ් යන්න පාරට බැස්සා. මෙට්ලන්ඩ් ප්ලේස් හරහා ටොරින්ටන් ඔස්සේ මං යද්දි ටික දුරක් කුරුදුවත්තෙ ඇන්ටි කෙනෙක් එක්ක ටික දුරක් දිව්වා. ඒක පට්ට ආතල් ක්රියාව. නමුත් ඉක්මණට හති වැටෙනවා. ඒත් දුවන කතුන් දිහා බලාන ඉන්න නැවතෙන්න මට වෙලා නෑ. නාටක පෙළපාලියට හැදූ තොරණ තමා මෙහි තියෙන්නෙ. මං ඇතුළට ගියත් තාම සෙනග ඇතුළට දාන්න පටාන් ගෙන නෑ. හැබැයි දන්න කියන මුහුණක් තිබුණා. අපේ පවුඩා හා එම මැතිණියකත් එහි ඇවිත් හිටියා.

More pics :

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....