Tuesday, August 10, 2010

බිත්ති වලට ඇස් ලැබිලා.....


මේ කඩිමුඩියේ සමාජ විද්යා පීඨයේ ඩීන් හෙවත් බහුජාතික බාප්පා විශ්ව විද්යා්ල මාතාව ගණිකා වෘත්තියේ යොදවලා හරි හම්බු කරගත් සල්ලි සුද්දා වගේ වියදම් කර කර ෆැකල්ටිය පුරා සී.සී ටීවී යුනිට් එකක් හයි කරනවා. මේක මොනිටර් කරන්නේ ඩීන් ඔෆිස් එකෙන්. හැම තැනක ම හයි කරලා තියෙන නිසා දැන් ඔය පැසේජ්වල, අහු මුළු වල කියපු කරපුවා ඉස්සරහට කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඔන්න අපි නොකිව්වයි කියන්න එපා. “බිත්තිවලට ඇස් තියෙන නිසා දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි.” අනේ හැබෑට මොන උලව්වකට මේ අහවල් ඒවා හයි කරනවා ද? සැලකිය යුතු ප්රනශ්නයක්. මේක පිටිපස්සේත් නියම කතාවක් තියෙනවා.
මේ මාසේ 21,22 දිනවල පුරාවිද්යාද අධ්යකයන අංශය මගින් අන්තර්ජාතික සමුළුවක් අපේ විශ්ව විද්යාිලයේ පවත්වන්න මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. අයිෆා වලදී මොක ද වුනේ කියලා දැක්කනේ??? දැන් අපි අයිපා කැම්පස් එකට ගේන්නයි යන්නේ... ඉන්දීය සිසුන් 80ක් පමණ මේ සමුළුවට සහභාගී වෙනවා. මේ පිළිබඳ තිබුණු මුල් ම සාකච්චා වලදී විදේශීය සිසුන් වෙනුවෙන් කවරාකාර පහසුකම් සැලසිය යුතු ද කියලා විමසා හිටියහ ම නම් දරාපු ආචාරියෙක් කිව්වලු අපි අභ්යවන්තර ආරක්ෂාව ප්රරදර්ශනය වෙන්න ආරක්ෂක කැමරා හයි කරමු කියලා. මේ යෝජනාව තමා දැන් ක්රි්යාත්මක වෙන්නේ. අඩුම තරමේ එන උන්ට හරියට සනීපාරක්ෂක පහසුකම් වත් සලසන්න බැරුව මේ පිස්සු කෙළිනව. ඒ ගැන ඇහුවම මහ මොළකාරයෝ ‘නෑ අපි ඒ අයව හෝටල් වලනේ නවත්වන්නේ.....’ කිව්වලු.
පට්ට ම ආතල්....... ඇත්තට ම වෙන වැඩක් නැද්ද??? දැන් බලන්න අපිට කොච්චර සල්ලි ද කියනවා නම් අර මැද මිදුලක් ලස්සනට ලෑන්ඩ් ස්කේප් කරලා තියෙද්දී සම්පූර්ණයෙන් ම විනාස කරලා සිමෙන්ති ගල් ශිෆ්ට් කරලා දැම්මා. ඒක පිළිවෙළයි. ලස්සන රටාව. නිකමට බලන්න පුතා ඉස්සර එතන තිබුණ තණකොළ ගොල්ලේ හරක් වගේ ලැගල ඉන්නව වගේ ද දැන් හදිසියකට බත් දාගෙන උනත් කතෑකි. මහැඳුරෙක් කිව්වා. මට නම් ඒක පට්ට මජර වැඩක්. ඒ වැඩෙන් උනේ ආචාර්යවරුන්ගේ වාහන ෆැකල්ටිය ළඟට ම ගන්න පුළුවං වුන එක විතරයි.
ඉස්සර තරුව තිබුණ තැන දැන් තියෙන්නේ පෝටිකෝවක්. ටික දවසකින් ඒ මිදුලෙත් සිමෙන්ති ගල් අතුරාවි. සමාජ විද්යාරපීඨයේ සියලු ගස්වල අතු කපලා දැම්මා. දැන් නම් හරිත කවය අලුතින් පැළ වගාවක් පටන් අරං. කවුද දැන් ඔය හොස්ටල්වල පහසුකම් නෑ කියන කැණහිල්ලු?? දැන් ෆැකල්ටිය තියෙන හැටියට හොස්ටල් සුරපුරයක් වගේ ඇති කියලයි පිටස්තරින් එන හැමෝට ම හිතෙන්නේ.
කොහොමත් අභ්යින්තර හිඟන්නන්ට වඩා බාහිර ලොකු මහත්වරු නෝනලා වෙනුවෙන් සරසවි මාතාව වැඩි ම ලන්සුවට විකුණන්න පුළුවං බව කවුරුත් දන්නවා. ඉතිං තවත් මොන පුද්ගලීකරණයක් ද?..... කවුරු කෑ ගැහුවත් ෆැකල්ටිය ඇතුළේ කෙරෙන ඉදිකිරීම් සියල්ල කඩිනමින් සිදු වෙනවා. අර කාන්තා නේවාසිකාගාර ළඟ ඉදි කෙරෙන ගොඩනැඟිල්ල ගැන මුලින් තද විරෝධයක් ගියත් දැන් රොකට් වේගයෙන් සියල්ල ඉදි වෙනවා. නමුත් මේ සියල්ල හරහා අපි විශාල වශයෙන් ස්වභාවිකත්වය ආක්රිමණය කරලා තියෙන බව කියන්න ඕන.

1 comment:

  1. අපේ එවුන්ගෙ වැඩ ඔහොම්ම නේ බං...ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ.....

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....