Wednesday, August 4, 2010

ඇබැද්දි අයියාගේ කතාව

ඇබැද්දියා කියන්නේ අපේ කැම්පස් එකේ ඉන්න පෘතග්ජන ජීවිතයක්. අනේ ඉතිං මේ දුක්ඛිත ආත්මය ඇබැද්දියක් නිසා ම සරසවි වරම් ලබනවා. කොහොමින් කොහොම හරි ඇබැද්දියා වුනා ට මේකට නටන්න, ගයන්න වගේ ම රඟන්නත් හසුරු කුසලතාවයක් තියෙනවා. නමුත් තියෙන ප්රනධාන අඩුපාඩුව තමයි සිහි මද කම. මේ නිසා ම මේ යස්සයා කරගන්න ඇබැද්දි වල ගාණක් මිම්මක් තියන්න අමාරුයි.
ඇබැද්දියාගේ චමරියේ කට්ටිය නම් අපේ ඇබැද්දියා ගැන හොඳහැටි දන්නවා. දන්නවා විතරක් නෙමේ “අනේ ඉතිං කාගේ උනත් දරුවෙක් නේද බං” කියලා අනුකම්පාත් කරනවා. දවසක් ඇබැද්දියත් එක්ක පාරේ යද්දි පවුඩා අනතුරු ඇඟව්වා “මචං ඔන්න ඉස්සරහ වලක් තියෙනවා. උඹ පුළුවන් නම් ට්රටයි කරලා වැටියන්” අනේ කියපු නිසා ම යුතුකම ඉෂ්ට කරන්න අපේ ඇබැද්දියාත් වලේ වැටිලා, කකුළ කඩා ගත්තා. ඇබැද්දියා බ්රහයිටා නිසා තෑගි ගන්න වේදිකාවට නඟින්න ගිහින් හැම තිස්සේ ම වේදිකාව පල්ලේ වැටෙනවා. මේක දන්න අපේ කට්ටිය දැන් දැන් අර වැදගත් අය කැඳවාගෙන වේදිකාවට යනවා වගේ ඇබැද්දියාව වේදිකාවට කැන්දන් යනවා. මේ ළඟ දි දවසක් ඇබැද්දියා බෝඩිමට ගිහින් ඩෙනිම ගලවන්න යද්දි ඩෙනිමත් ඉරාගෙන බිම වැටුණයි කියලා ආරංචියි.
කැම්පස් ආව ම ඇබැද්දියාට ප්රාතිබිම්බ කලා විශේෂවේදී උපාධියක් කරන්න උවමනා වෙනවා. නමුත් මෑන්ස් සරසවි වරම් ලබන්නේ නැටුම් විශේෂ ප්ර වේශයක් ලෙසට. ඇබැද්දියක් නිසා යූ.ජී.සී යෙන් ඇතුළත් කරනිද්දි ඇබැද්දියාව ලියා පදිංචි කරන්නේ සාමාන්යේ ප්රයවේශයක් විදියට. ඒ හන්දා ඇබැද්දියාට තමන් කැමති විෂය කරන්න අවස්ථාවත් ලැබෙනවා. හැමදා ම උදේ ම බෝඩිමෙන් පිටවුනත් මොනව හරි අමතක වෙන නිසා ඇබැද්දි අයියාට ආයෙත් බෝඩිමට යන්න වෙනවා. හිටි ගමන් බෝඩිමට ඇඳන් ඉන්න කඩමාල්ලක් පිටින් වුනත් කැම්පස් එකට එන්නේ ඩෙනිම දාගත්තත් කමිසයක් මාරු කරගන්න අමතක වෙන නිසා. ළඟක දි තවත් අපූරු ගොන්පාට් එකක් ඇබැද්දියා විසින් රඟ දැක්වූවා.
ඇබැද්දිගේ රූමලා කියන හැටියට ඇබැද්දි බෝඩිමට එන්නේ හුඟක් රෑ වෙලා. ඒ ඇවිත් රෑ පානේ ම නාලා පොතක් අරං කියවනවලු. හැබැයි විනාඩි දහයකින් පොත පැත්තක දාලා ගොරවනව කියලයි කට්ටිය කියන්නේ. නමුත් ඇබැද්දි හරි උත්සහාවන්තයා. පහුවෙනිදාටත් ඒ පොතේ ඒ පිටු දෙක ම කියවලා දන්නේ ම නැතිව නින්ද ගියත්, හැමදා ම පුරුද්දක් හැටියට මේ පොත් කියවනනේ සම්පූර්ණ මිනිහෙක් වෙන්න ඇබැද්දිට තියෙන ඕනකම නිසාලු. දවසක් නාලා මෙහෙම නින්ද ගියාට මොක ද ජාම වෙලාවට නැඟිටලා ඇබැද්දි අම්ම මෝ නැතිවෙන්න බණිනවලු. අල්ලපු ඇඳේ මිත්තරයත් මේ මොකා කියලා බලද්දි, ඇබැද්දිගේ කරුණා වදනින් සවන් පුරා තුති ගී ගැයෙන්නේ බෝඩිමේ ඇන්ටිටලු. “බලපං බං මේ මඟුල් බෝඩිම තෙමෙන නිසා මං ඔළුවේ ඉඳන් නාලනේ...... නෑ මං මේ කියන්නේ බං අපි සල්ලි ගෙවන්නේ මෙහෙ ම කටු කන්න ද? හෙට උදේ ම මං නං කතා කරනවා. ඔන්න මචං උඹත් කතා කරපං හරි...” ඇබැද්දියා මේ විදියට ගර්ජනා කළාට අල්ලපු ඇදේ ඉන්න වෙන්ඩ මන්ත්රීුතුමා මරගාතෙන් ම හාංං හූං කිව්වලු. මන්ත්රීාතුමාට නින්ද ගියා ම පක්සෙ මහ එකා කතා කළත් ඉතිං නැඟිට්ටනවා බොරු!!
කලින් දා රෑ සිංහ වදන් දුන්නට උදේ පාන්දර ඇන්ටිට පානි සිරික්කියක් දාලා පිටවෙලා යද්දි තුනීයට තෙමෙන වහල ගැන මතක් කරන්න ඇබැද්දියා අමතක කළේ නෑ. “අනේ පුතා අර කුස්සිය කෑල්ල තෙමෙන එක නම් මං මේ අද හෙට ම හදවන්නයි ඉන්නේ....” උදේ පාන්දර නිසා ඇන්ටිත් ෂේප් නියායෙන් උත්තර දීලා. මොක උනත් ඇබැද්දියා ‍රෑ නාලා ඔළුව පිහිද ගත්තෙ නැති උනාට අනිත් මිනිස්සු පළියැ? ඇබැද්දිට පස්සේ බෝඩිමෙන් එන රෑමෙක්ගෙන් ඇන්ටි මෙහෙම අහලා.
“ඇත්ත ද පුතා මේ ගේ තෙමෙනවයි කියන්නේ...?” න් නෑ... ඇන්ටි ඇයි...? මේ උදේ පාන්දර හතර බීරි කතාවට රෑමා හොල්මන්. “නෑ මේ අර අනිත් ළමයා කිව්වේ... මං මේ බැලුවේ ඊයෙ වැස්සෙත් නෑනේ...?” කාරණේ තේරුණ නිසා බැචාව බේරගන්න අපේ මෑන් කිව්වලු “ආ ඇත්ත තමා ඇන්ටි අර කුස්සිය පැත්ත නම් තෙමෙනවා කියලා”
අපේ ඇබැද්දි මල්කඩන්න ගත්ත ම කුණු කුණු ගාන නිසා හැමදා ම මෑන්ව කාමරෙන් එළියට යවන්න කස්ටිය කටයුතු කරනවා. ඒ මල් කැඩිල්ල නම් අහං ඉන්න ඒ තරම් ම අමාරු අඩවැඩියාවක් කියලයි හැමෝ ම කියන්නේ. මේ ළඟදි දවසක් ලැබ් එකේ යතුර බෝඩිමට ගෙනිහින් වගේ වගක් නැතිව පහුවදා කුරුණෑගල යන්නත් ඇබැද්දි කටයුතු කරලා තිබුණා. එදා නම් රෑමලා පොරගේ හතර වරිගෙට ම බැන බැන තකහනියේ යතුර දෙන්න ඇවිත් ඩිපාර්ට්මන්ට් හෙඩ්ගෙනුත් බැණුම් ඇහුවයි කියලා ආරංචියි. ස්ටාෆ් කැන්ටිමේ සියලු ම කුණු එකතුවන කුණු වලට කකුළ ඔබලා බත් ඇට වලින් වැහිච්ච කැන්වස් සපත්තුව දෝවනය කිරීමත්, ඒ වෙලාවේ මළ පැනලා විසික්කා කරපු මේස් එක රෑපානේ ගිහින් ආයෙ හොයාගෙන ෂොපින් බෑග් එකක දාගෙන ‘ගඳයි බං....’ කිය කිය මහරගම යූත් එකට යාමත් ඇබැද්දිගේ තවත් ඇඩ්වෙන්චර් එකක්.
මං නම් එච්චරට අමතක වෙන පොරක් දැකල ම නෑ. හැබැයි අයින්ස්ටයින්නුත් මේ වගේ absent minded කියලා අහල තියෙන නිසා මූට මුකුත් කියන්න බෑ. කවුද දන්නේ ඉස්සරහට මේකා අයින්ස්ටයින් කෙනෙක් වෙයි ද කියලා???

5 comments:

  1. anee apee abaddi malii. niyama nama Awari..abaddi gana hadapu short film ekak baluwa wageee.

    ReplyDelete
  2. ඔව් ඔව් එයා තමා ප්රසිද්ධ ඇබැද්දියෙක් නේද??

    ReplyDelete
  3. තවත් ප්‍රසිද්ද ඇබැද්දි මල්ලියෙක්ට උන කතාවක් තමයි මේක.. නමුත් ඇවරි මේ කියන ඇබැද්දි මල්ලිටනම් නෙමෙයි.( මේක බලන අය හිතයි ඒත් මම මොකටද මේ බ්ලොග් එකේ මේව දාන්නේ කියලා.. හිතාගන්නකෝ මේ ඇබැද්දි මල්ලිට මේ බ්ලොග් එකේ සම්බන්දයක් තියෙනව කියලා..)

    වැඩේ මේකයි.. මේ ඇබැද්දි මල්ලි කැම්පස් එකෙන් තමන්ගේ විශේෂවේදී යාලුවෝ රොත්තත් එක්ක see side එක පැත්තේ දවස් 2ක trip එකක් ගියාලු.. ඉතින් කොහොම හරි නතර වෙච්චි තැන තිබුනෙත් එක bathroom එකක් විතරලු.... කොහොමත් තමන් හැමෝටම සුභ සිද්ධිය සලසන නිසා කිසි අතුරු ආන්තරා අවධානමකින් තොරව ඇබැද්දි මල්ලිත් ලාවට bathroom එකේ ලොක් එක දාගෙන commode එකේ වාඩිවෙලා සින්දුවකුත් කියාගෙන ඉන්නවලු.. ඔය අස්සේ මේක ඇතුලෙ කවුරුත් නැතිබව හිතපු ගෑණු දරුවෙක් එක පාරටම bathroom එකට ආවලු... ලොක් එක දාල තිබුන තදබව නිසාම දොරත් හායි ගාලා ඇරුනලු..... දැන් ඉතින් මක් කරන්නද, ගෑනු දරුවත් "අනේ sorry" කියාගෙන එලියට ගියාලු.. ඇබැද්දි මල්ලි සිද්දවෙච්ච දේ හිතාගන්න හදනකොටම ආපහු දොර ඇරපු අර ගෑණු දරුවා "අනේ ආපහු සැරයක් sorry.මම මොකුත් දැක්කේ නෑ" කියාගෙන එලියට ගියාලු.. කොහොමත් එවෙලෙම පැහැදිලි කරල කියන් එකම හොදයි නේ.. නැත්නම් ඇබැද්දි මල්ලිට පස්සේ ලැජ්ජා හිතුනොත් එහෙම....

    ReplyDelete
  4. ඒක ලොකු ඇබැද්දියක්‌ නෙව

    ReplyDelete
  5. මටත් කාලයක් ඔය වගේ අපලයක් තිබ්බ. පිට්ටනියක ඇවිද්දත් තණකොළ ගහක් හරි පැටලිලා වැටෙනවා. දැන් නම් හොඳයි. මේකේ කොමෙන්ට් බොක්ස් එකේ ටයිප් කරන්න බැනේ. මම වෙන තැනක ලියලා කොපි කරලා මේ දැම්මේ පොඩ්ඩක් බලපන්.

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....