Sunday, June 27, 2010

බාගෙට පෑයූ පොසොන් පුරහඳ

වෙසක් නිම වෙලා මේ උදා වුනේ පොසොන් සමයයි. වෙසක් එකට තෙමඟුල සිහිකරන්න අපි උත්කර්ශවත් අන්දමින් කැම්පස් වහගත්ත නිසා නියමාකාරයෙන් විශ්ව විද්යාසලය තුළ වෙසක් සමරන්න අපිට බැරි වුනා. සාමාන්ය්යෙන් වෙසක් උත්සවේට කොහේ වුනත් ලංකාවේ බෞද්ධ ජනතාව අඩු තරමින් බල්බ් වැලක්වත් දමන්න අමතක කරන්නේ නෑ. ඒක සිරිතක්. තවත් කිව්වොත් කඨින පෙරහැර කාලෙට පෙරහැර යන මාවත් ආලෝකවත් කරන්න කියලා පන්සල නොකිව්වත් මිනිස්සු කැමැත්තෙන්ම ඒක කරනවා. ඒත් වෙසක් දවසේත් අපේ විශ්ව විද්යායලය තිබුනේ ගරාන්ත කලුවරේ.... ඔච්චර කියන පාලි හා බෞද්ධ අධ්යේයන අංශයේවත් කූඩුවක් තිබුණේ නෑ. නමුත් නිල වශයෙන් කැම්පස් වසා තිබූ නිසාත් සිසුන් ගමේ සිටි නිසාත් එසේ වූ බව කියමින් සමාවක් දෙන්න පුළුවන්. මගේ මතකය අනුව මෙවර හොඳින් ම වෙසක් සමරනු ලැබුවේ කොළඹ සරසවි සිසුන් විසින්. වීදී නාටක, කූඩු ප්රවදර්ශන මෙන්ම ශ්රලවණාගාරයේ නිමකර තිබූ UCSC යේ ඉලෙක්ට්රො නික් තොරණ හරි අපූරුයි.
පොසොන් උදාවත් සමඟ ම වෙසක් එකටත් හරියන්න පොසොන් සමරන්න අපේ කස්ටියටත් කල්පනා උනා. ලහි ලහියේ පොසොන් වැඩසටහනක් ක්රි්යාත්මක කළා. ඒක අපිටත් ටිකක් අමුතු අත්දැකීමක් වුනේ කවදාවත් පොසොන් සමරපු නැති විදියට අපේ කස්ටිය වැඩ කළ නිසා. මෙහිදී ජය පිරිත් දේශනයක්, ආලෝක පූජාවක් වගේ කටයුතු සංවිධානය කර තිබුණා. සිසු විරු දිනය විසි වනදාට යෙදී තිබුණ නිසා අපේ කාණ්ඩෙගේ මූඩ් පින් කරන්න තරම් තත්ත්වයක තිබුණේ නෑ. නමුත් ඊටත් හරියන්න විද්යා පීඨය විසින් සැලසුම් සහගත පොසොන් කලාපයක් ප්රතකාශ කර තිබුණා. නමුත් මේ සියල්ලේ අවසානයේ දී පොසොන් සිරියක් ගෙන තිබුණේ එකී විද්යා පීඨය පමණයි!!
අනිත් සියලු පීඨයන්හි මූසිල පාළුව ඒ ආකාරයෙන් ම රජකළා. අවම වශයෙන් වෙනම ගොඩනැඟිලි වන පුස්තකාලය වැනි ස්ථාන හෝ පොසොන් සිරියක් නොගැනීම තුළ මහ මුඩු ම කාලකණ්ණි ගතියක් පරිසරය ම වෙලා ගත්තා. හැබැයි අපි මග දිගට ම බෞද්ධ කොඩි දාලා බුදු පිළිමය ළඟත් සරසලා යන්තම් ජාමේ බේර ගත්තා. මේ නිසයි මෙදා පොසොන් සඳ කැලණිය විශ්ව විද්යාඩලයට බාගෙට පෑයූ බව මං කියන්නේ.... ඔබ එහි ගියා නම්, සරසවිය මැදින් දිවෙන පාරෙන් එක් පැත්තක විශාල වශයෙන් කූඩු සහ වෙසක් සැරසිලි දකින්න ලැබෙද්දී පාරෙන් අනිත් පැත්තේ ගොඩනැඟිලි තමන්ගේ නිරුවත නොවළහා හෙළිකරමින් පිසාච වේශයෙන් නැඟී සිටිනු දකිනු නොඅනුමානයි. මේ ගොඩනැඟිලි එහි අධ්යවයනය කරනවුන්ගේ දුප්පත් ආධ්යා ත්මයන් ද තතු සැටියෙන් හෙළි කරන බව කාටත් රහසක් නෙමෙයි....!!
වැඩි පිරිසකට නරඹන්නට අවස්ථාව නැති වූ, ඒ නමුත් සැලකිය යුතු උත්කරෂයකින්න් පැවැති සරසවි පොසොන් සැමරුම් සටහන ලියන්නයි මගේ සූදානම. දන්සැල් එහි මූලික අංගයක් වුනා. 22වන දින භික්ෂු සංගමයේ ඔසු පැන් දන්සැලක් පැවති අතර 23 දින සිසිල් පැන් දන්සලක් තිබුණා. කෝඩියල් පිරිනමන ලද එහි කෝප්ප දෙකක් ම බීලා දෙවන කෝප්පය තියද්දී ම සංවිධායක භික්ෂු නමක් තවත් එකක් අතේ තිබ්බා. අපි හැමදාට භික්ෂූන්ට දන් දෙනවා මිසක් භික්ෂූන් අපිට ගිලන්පස පිළිගන්වන්නේ නෑනේ?? අනේ ඉතිං, අපේ හාමුදුරුවනේ බෑ කියන්නේ කෝමෙයි කියලා තුන්වෙනි එකත් බීලා හනික සුනංගු නොවී වහංගු වුනේ තවත් හිටියොත් තවත් බොන්න වෙන නිසා. හැබැයි මේ දන්සැල සුපිරියට ම දුන්නා. අපේ තුන්වැනි දන්සැල තිබුණේ විද්යාත පීඨය ඉදිරියේ 24 වැනිදා සවස හතරට පටන් ගත් මෙය රෑ වන තෙක් ම දුන්නා. කස්ටිය සුප් හදපු හැටිත් කියන්න වටින වැඩේ. @$$%^^ සුප් එකේ එළවලු හේම වෙනම හැඳි වලින් තමා කෝප්ප වලට දාන්න වුනේ. ඒ වැඩේ කොච්චර සාර්ථක වුනා ද කිව්වොත් බීපු අපිට වඩා පිළිගන්වන්න යොදා ගත්ත මේසය එලවලු විශාල ප්රැමාණයකට වග කියා තිබුණා.
විද්යා පීඨ වෙසක් කලාපයට බැති ගී සරණියක්, කූඩු තරගයක් සුප් දන්සැලට අමතරව එකතු වී තිබුණා. බැති ගී සරණියට එක් සමාජ විද්යාක සිසුවියක් එක්වී සිටියා. සීමා මායිම් බිඳලමින් විද්යාත පීඨය සහ සන්ධාන ගත වූ ඇය රසායන විද්යාමර්ථියකුගේ බිරිඳක්. ශිෂ්යි ශිෂ්යාසවන් පණහක් පමණ එක් වී සිටි එහි ප්රසසිද්ධ බැති ගී දහයක් ගායනා කළා. “අනේ ඉතිං කී දෙකෙන්ගේ බාරියාවො ද?? නේ බං.... අපේ බුවෙක් හූල්ලන්න වුනා. ‘බුදු හාමුදුරුවො අපිත් දකින්නැති, දුර පෙනෙන තැනිතලා, මෙත්මල් පිබිදේවා, සිළුමිණි සෑය’ ඉන් කිහිපයක්. එක ම කතාව කළේ ‍පීඨාධිපති නලින් ද සිල්වා. එතුමා සිංහල බෞද්ධ ජන සංගීතය ගැන කියා දුන්නා.
පසුව පැවති කූඩු ප්රතදර්ශනයත් වඩාත් සාර්ථකව පැවතියා. සියලු ම කූඩු 12ක් එහි ඇතුළත්. විශ්ව විද්යාේල ලාංඡනය ඉහළින් ම යෙදූ තරමක කූඩුවක්, උස නෙළුම් මල් සහිත කූඩුවක්, සුළඟින් කැරකෙන පැටව් කූඩුවක් මෙන්ම විද්යා්පීඨ පොකුණ, සහ ක්රීමඩාගාරය යන ස්ථාන වල ඇතුළත් කූඩු ද සියල්ලන්ගේ ම ආකර්ශනය දිනා ගත්තා. මේවා බොහෝමයක් කණ්ඩායම් මගින් කළ නිර්මාණ. ඔවුන්ගේ කැරකෙන කූඩුවේ වැඩ නම් ඒ වන විටත් නිම වී තිබුණේ නෑ.... තමන්ගේ කූඩුව ළඟ සිට ඡායාරූප ගන්නට ඔවුන් තුළ තිබුණේ තරගයක්. හැමදා ම එල්ලෙන විද්යාබපීඨ බල්බ් වැල එදාත් අල බැම්ම හෙළි කළා.
අවසානයේ රෑ වෙන්න කළියෙන් ම මටත් ගෙදර එන්න වුනේ පන්සලෙන් ඇමතුමක් ආ නිසා. ඔවුන් එදා ගත් පොසොන් අත්දැකීම අපිට විඳගන්න පුළුවන් වුනත් සක්රිනයව දායක වෙන්න බැරි වූ නිසා මට පුංචි දුකක් ඇති වුනා. නමුත් මටත් සුප් බෙදාදීමේ අභිමානවත් අවස්ථාවට දායක වෙන්න පුළුවන් වීම ගැන මං සතුටු වෙනවා...

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....