Monday, May 31, 2010

අපි අපි වගේ ද මන්දා....!!

මේ වෙන කොට අපේ මුල් කාපින මිත්‍රයෝ දහයකට කිට්ටු ප්‍රමාණයක් හිටියා. අපි හැමෝ ම වගේ දවස පුරා යුනියේ වල බැහැලා උදේට ගෙදරින් වදෙන් පොරෙන් බැඳලා දෙන බත් එක ගිලලා හවසට ගෙදර ගියා. ආපහු පාන්දර ම ආවා. ඔය අතරේ නාට්‍යක්, ප්‍රසංගයක් වැනි වැල් බයිලාවක් තිබුණොත් මඟනොඇර බැලුවා. සැරයක් නිවාඩු දෙන දවසක පොල්වත්තේ ක්‍රිකට් ගැහුවා. අපි ගොන් නිසා පළමු වසර අන්තිම සෙමෙස්ටරයේ නිවාඩු දෙනකොට ප්‍රධාන ක්‍රීඩාංග‍නේ මැච් එකක් ගහන්න ගියා. සෙල්ලම් කරන්න හම්බුනේ පැය භාගයයි. උයන්පල්ලා අපිව එළව ගත්තා. තණකොළ පොඩිවෙනවලු. පිට්ටනිය නාස්ති වෙනවලු. අනේ ඉතිං අපි නිවාඩුවට ගිහින් එන කොට ඒකට වෙන්න තියෙන ඔක්කොම වෙලා. දණිහ උසට තණකොළ වැවිලා. කැළෑව වගේ. මෑත කාලීනව කොළ පණස් දෙකේ කුට්ටමින් සරසවියේ ප්‍රසිද්ධියේ සූදු කෙළියා නම් ඒ අපි සෙට් එක තමා. වල බැස්සා කියන්නේ බැහැලා බැහැලා අන්තිමට පතුළේ මරියානා අගාධය හරහා අවීචි මහා නිරයට ම බැස්සා. ‍
අපි කැම්පස් එකට හූවයි බල්ටියයි දුරින් හිටියත් හැමදාම උදේ දේශනයට එන්නේ පරක්කු වෙලා. ඉතිං අන්තිම පේළියේ වාඩි වෙලා කදයක් දාගෙන ඉන්නවා. බුද්ධිමතුන් බිහිවන්නේ අවසාන පේලි වලින් කියලා මං අහලා තියෙනවා. පෙතියට සමන් රාජපක්ෂ සර් බණින්නේත් පුංචි චැට් එකක් දාගෙන හිටි නිසා. එදානම් කස්ටිය ම ටිකක් සාටර් වුනා. කමක් නෑ ගමේ වැඩේනේ කියලා හිත හදා ගත්තා.
ඔය අතරේ අපි වගේ ම අන්තිම පේළියේ වාඩිවෙන අක්කා නගෝ දෙන්නෙක් හිටියා. උන් දෙන්නවත් අපේ වරිග සභාවට ඇතුළත් කරගන්න සනාතන මණ්ඩලය තීරණය කරනවා. ‘බල්ලා සහ හරනේල් කට්ට’ නාටකයේ බල්ලයි අයකටුවයි වගේ උදේ හවා දෙන්නා එකට. තකට තක. උන් දෙන්නා නිසා අපිට කවදා හරි එල්ලෙන්න වෙන බව මං කොච්චර සෙනෙට් එකට කිව්වත්, මොන කණකට ගත්තේ නෑ නෙව. අචිනි පබසරා සහ හිරන්ති උදේශිකා තමයි ඒ මෝඩ ජෝඩුව. රයිනයි-සූකරයි වගේ දන්න කාලේ ඉඳලා මොන්ගල් කපල් එක යම් මට්ටමකට ‍ගේන්න අපේ සුමිතුරෝ සේවයට හැකි වෙනවා. ‘අනේ කාගේ හරි දැරිවියන්නේ’ කියලා අපිත් එක්සත්ව එක්සිත්ව ඒ දෙන්නත් එක් කරගන්නවා.
පළමු වසර තුළ ගම්පහ මල් වත්තට ගියා. තව මාළිගාතැන්නේ ගිහින් නාලා මඤ්ඤොක්කා පුච්චන් කෑවා. ආදී වශයෙන් නොයෙක් නොයෙක් විකාර කළා. හැබැයි අපිට පවත්නා ක්‍රමය ඇතුළෙ වුනත් යමක් කිරී‍මේ අවශ්‍යතාවය උණ තිබුණා. අපි ප්‍රථම වසරේ ඉන්න කොට තමා කැලණි සරසවියේ පණස් වන ස්වර්ණ ජයන්ති සැමරුම එන්නේ. ඒකට මොකක් නමුත් කළ යුතුයි කියලා අපි හිතුවා. අනිත් හැමෝ ම තම තමන්ගේ අධ්‍යයන අංශ වෙනුවෙන් මහන්සි වෙද්දි අපි අපේ ම වැඩක් පටන් ගත්තා. ඒක ‘සින්දු දන්සැලක්’ කස්ටිය Threaten Endemics කියලා නමක් යෝජනා කරගෙන මේ තියෙන ඩිසයින් එකේ කළුපාට ටී ෂර්ට් එකක් ප්‍රින්ට් කරගෙන වැඩේට බැස්සා. අපිට අවසර ගැනීම අවුලක් වුනා. ජිල්මාට් එකක් වුනොත් කවුද වගකියන්නේ?? ප්‍රශ්න පත්තරයයි. ඒ වෙලාවේ පිහිට වුනේ ප්‍රතිබිම්බ හා දෘශ්‍ය කලා ඒකකයේ අංශාධිපති පැට්රික් රත්නායක මහතා. අපේ පිස්සු අයිඩියාවට සර් ඕකේ එන දීලා කුටියක් සඳහා ඉඩක් වෙන් කර දුන්නා. ඒ ධර්මාලෝක ශාලාවේ කොරිඩෝවයි. එහි ඇතුළේ නාට්‍ය ඒකකයේ කුටිය ඉදි කර තිබුණා.
අපේ අයියලා රීප්ප ගහලා, කළුකොළ අලවා අඳුරු කරලා, පත්තර වලින් වෝල් ආර්ට් පාරක් දාලා අමුතුම තැනක් හැදුවා. ඒ දවස්වල සංචරන අධ්‍යයනයේ අපි සිහිනලන්තයට අහස්යාත්තරාවක් හදනවා. වැඩේ නම් බුදු බයිටක්. නමුත් පළමු වසර අපිට ප්‍රතිපත්ති සම්පාදනයට බැරි නිසා කියන දෙයක් කරලා වෙන දේ බලන් හිටියා. අන්තිමට ලැජ්ජ නැතිව ඒ යානයට Sri Lankan කියලා නම් කළා. මං දවල් කාලේ එයාර් ක්‍රාෆ්ට් එන්ජින්යර් රෑට සින්දු දන්සලේ රසිකයෙක්. දින දෙකක් විතර නයිට් ඇදලා ස්ටෝල් එක හැදුවා. අලුතාගේ යාළුවෝ එහි රාජකාරි හුඟක් අපිට කරලා දුන්නා. උන් නොහිටින්න අපි හාන්සි. සබ්වූෆරයක් ගේන්න වතුරේගම ගයියලාගේ ගෙදර ගියෙත් එදා. අපේ මලයා කැම්පස් එකේ වැඩකට මුලින් ම ආවේත් ඒ දවස්වල. (අන්ඩපාල මල්ලා චිලී-යානි ගැන අපූරු පැහැදිලි කිරීම් කළා.) සින්දු ඇල්බම් පිටින් තැටි වලට පටි වලට සහ එකී, මෙකී, නොකී හැම ආකාරයකට ම නොමිලේ ම කොපි කරලා දුන්නා. අන්තිමේ දී ඒ යාගේ ඉවර වෙද්දි කාගෙ කාගෙත් බඩවල් සුද්ද වෙලා‍. ධර්මාලෝකේ ඩෙස්ක් දෙකක් අපේ අතින් හොරකම් කෙරිලා. අපි දන්නෙත් නෑ?? අන්තිමට භාරකාරතුමාට නොවඳිනා වැඳුම් වැඳලා යානිගේ යුනි අයි.ඩී එක අරගත්තා. ඇති යන්තම් එයින් ගියා.
කැම්පස් ආපු මුල් අවුරුද්දේ ම මෙහෙම වැඩක් කිරීම සම්බන්ධයෙන් අපි හුඟක් සතුටු වුනා. අන්තිමට මල්වෙඩි සන්දර්ශනේ බලන්න පැමිණි පැට්රික් සර් කට්ටියට ම සුබ පැතුවා. ඒ වෙනකොට අපේ ගොඩක් දෙනා සර්ගේ ගෝලයෝ. එදා රගා මූණ පුරා පාට තවරගෙන මළ පෙරේතයා වගේ. මිනිහා හැබෑවටත් එහෙම තමා. හැබැයි ඒකෙත් කලාවක් තිබුණා. හරි ලස්සනයි. වෘත්තිය විකට ශිල්පියෙක් වගේ. රගා දිහා බලලා පැට්රික් සර් මරු කතාවක් කිව්වා. “ යාළුවා තමුසේට මේ මදියි වගේ. එනවා එනවා ඉස්සරහට ඇවිත් ඩාන්ස් එකක් දානවා.” රගාට වුනේ නන්ද කුමාරයාට පාත්තරේ අල්ලන් ඉඳලා වෙච්චි එකේ අනිත් එක. ඒ අන්තිම දවසේ රෑ බොහෝ දෙනා ධර්මාලෝක පරිශ්‍රයේ මල්වෙඩි බලන්න හිටියා. රගාගේ අතින් ම ඇදගෙන ගිහින් අර සහාව ඉදිරියේ අත ඇරියා. එතන ඩ්‍රාමා ඩිපාර්ට්මන්ට් එකේ අය බෙලිමල් බෙදමින් සින්දු කියනවා. දැන් ඒ තාලෙට රගා වයින් කරලා වගේ වැඩ. යුනියේ නළු නිළියෝ හැමෝට ම හිනා. රගාට ගානක්වත් නෑ. අපිත් හුරේ දානවා. ඔන්න ටිකකින් මගේ ජංගමයාට ඇමතුමක් එනවා. ඒ අරාගෙන්. “අර රගාට කියපන් බං මෙතන බයිටක් නොවී ඉන්න කියලා. අරහේ ඩ්‍රාමා එකේ වුන් ආතල් එකක් ගන්නවා. මෙහේ සර්ලත් ඉන්නවා. අරූ මැද්දට පැනලා මඟුලක් කරනවා.” අරාට අසූ හාරදාහට නැගලා. මං සුපුරුදු පරිදි ශාන්තව උත්තර දුන්නා‍. “මචා ඔය කතාව උඹලගේ සර්ට ම කියපන් පැට්රික් සර් තමයි ඌව ඇදගෙන ගියේ. උගේ උණ්ඩුකපූච්චෙට වත් ලැජ්ජාවක් දැනෙන්නැති නිසා දැන් ම ගන්න පුළුවන්කමක් නෑ”අරාට කාරණේ වැටහුණු නිසා ඇමතුම විසන්ධි කළා.
අන්තිමට අපි කුටිය අස් කරද්දී ඉස්සරහ කූල් ස්පොට් එකේ අයියා, අන්තිම දවස නිසා අපි හැමෝට ම ෆලූඩා දුන්නා මතකයි. අරාට මතක නම් එදා පෙතියත් එක්කත් අන්තිමට පොඩි අවුලක් ගියේ?? ඔක්කොම අස්කළා හැබැයි ගයියාගේ පියාගේ අනුග්‍රහයෙන් අප වෙත ලබා දුන් වයර් රෝල එතීම තමා අමාරු වුනේ. අරාගේ මල්ලි, ප්‍රභාෂ්වර පොඩි චන්ද්‍රපද්මත් අයියා නිසා අමර කට්ටක් කෑවා. අන්තිමට පාප්ප බාල්දිය අතින් අරං, ඇඳුම් ටිකත් කසඩ මල්ලක දමන් ෂෝර්ටක් දාගෙන මං රෑ ජාමේ ගෙදර ගියා මතකයි.
ඔන්න ඔහොම පිස්සු කෙළපු, අපිරිමිත, අසික්කිත, අනුපමේය, අජරාමර පට්ට ආතල් ගනිපු අපි පළමු වසර තුළ කළ හපන්කම්, මෝඩකම්, පුරසාරම් තවත් කල්පයක් කියන්න පුළුවන්. ඒත් අපි හැමෝම පුද්ගලිකව තම තමන්ගේ විෂයන් වලත් උපරිමයක් කරගත්තා කියලා හිතෙන්නේ බහුතරය විශේෂවේදී උපාධි සඳහා සුදුසුකම් ලැබීමත් සමඟ. ඒත් සමග බහුතර පිරිසක් දෘශ්‍ය කලා වි‍ශේෂවේදී කරන්න යනවා. ඒ අට දෙනා ම අපේ මිත්‍රයෝ තමා. ඉන් ප්‍රෞඩ කියන ප්‍රසිද්ධ ගායකයා සහ අයිමැට් මාතව ලෙස කිරුළු පළන් අමන්දා ජයවර්ධන හොඳ යාළුවෝ දෙන්නෙක්. මීළඟට වැඩි ම පිරිසක් ඒකෝන් පාර්ශවයේ උදවිය. අපි ඉතිං වරප්‍රසාද නොලබන සුළුතරය. හැබැයි දෙවන වසරට පැමිණීමත් සමඟ අපි සියලු දෙනාට ම වැඩ අධික වෙනවා. කස්ටියකට ඇහුවොත් සූටින්. තවත් අයට ගෲප් සෙමිනාර්. මොන දේ වුනත් අර මුල් යාළුකම් නම් අමතක වෙලා නෑ. අදටත් හැමෝම එක පැදුරේ බත් කමන් එක හැළියේ බුදියනවා. පැදුම මාගලක් වගේ වෙලා හැලිය දෝනාවක් වගේ වුනොත් අවුලක් නෑ. නැත්නම් රගාට හාමතේ ඉඳියි. ප්‍රෞඩට එළියේ ඉන්න වෙයි.

අපි අපි වගේ ද මන්දා....!!

අස්ප කුළප්පුව හැදුනු සිස්සයො ගොන්නු වගේ තප්පුලන්න ගත්ත නිසා අපේ විස්ප විජ්ජාලෙ වහලා දාපු නිසා කස්ටිය ගෙවල් වලට වෙලා දුක සේ ගෘහ විද්‍යාව, සත්ත්ව පාලනය, වතු වැඩ වගේ හස්ත කර්මාන්ත වල නිරත වන බව ආරංචියි. ගෙයක් දොරක් තිබුණ ද නැද්ද කියලා වගේ වගක් නැතිව වගේ වේවැල්දූවේ බෝඩිම් කාමර වල හිටිය රාජකුමාරිකාවෝ මේ දවස් වල නම් අම්මලාට උයන්න පිහන්න උදව් දෙනවලු. “දෙයියනේ කියලා කැම්පස් වහලා ගෙදර ඉන්න ටිකේ අපරාදේ කියන්න බෑ ලමිස්සියො ගෙදර වැඩ නම් හොයා බලා කරනවා. විභාගෙ කාලෙ ගෙදර ආවත් කාමරේට වෙලා පොතේ ම නේ??” අනේ අපි නොදන්න මොනර තැන්න කිව්වලු.
සමහරු ලද අවසරයෙන් මේ ආකාරයට ලකුණු දාගන්න ‘අතරේ යුනි සික්’ හැදිච්ච ළඟපාත අපේ කට්ටිය සෙනසුරදා, ඉරිදා බාහිර සිසුන් වෙසින් ඇවිත් නම ලකුණු කරලා යනවා ඇවරිගේ නේත්තරාවන්ට මට්ටු වුනේ ගිය ශනිදාවෙදි. “ නෑ මචං, නිවාඩු තමා අපි මේ එදා වීසි කරපු බෝතලයක් සොයා ගන්න ආවා”...... අනේ වාසනාවන්. කිව්වට මොකද සමහරුන්ට කැම්පස් වහලා උනත් පුරුද්දට කන්ද නැඟෙනවා. ජිම් එකට වෙලා යාළු මිත්තරයන් එක්ක වල් පල් දොඩන්න තව කාලයක් බලා ඉන්න වෙන නිසා තවත් සමහරුන් කැම්පස් පටන් ගන්නකල් ඇඟිලි ගණිනවා. බාහිර බහිරවයෝ නම් අපේ අයියලා නැති අතරේ ජිම් එකේ බඩ පිනුම් ගහනවලු. ලූලා නැති වලට කණයා පණ්ඩිතයා කියනවනේ.
කොටන්නත් ඇති තරම් වෙලාවක් තියෙන නිසා අපේ අපේ කතන්දර ටිකක් ලියන්න හිතුවා. අනුරපුර පාපැදි සවාරිය, නුවර එළිය හග්ගල සවාරිය ආදී අල ගිය මුල ගිය නිවාඩු ගැන කතන්දර හුඟක් තියනවා. නිවාඩුවට කොහේ හරි යන එක අපේ පුරුද්දක් වුනා. ආපහු හැරිලා බැලුවොත් ඒ වාත කල්ලිය කවදා, කොහොම, කොහේදි හම්බුනා ද කියන්න අමාරුයි. පතාගෙන ආපු කරුමේ සතා නොවී ඔතාගෙන යන්න හිතාගෙන අපි එකිනෙකා ඉවසමින් මිත්‍රයො වුනා. පළමු වසරේ දේශන හරිම සුන්දර සමනල් කාලයක්. උදේ අට වෙද්දි ධර්මාලෝකයට ගාල් වෙච්චි අපි සාද කතාවෙන්, අයී ටී වන්දනවෙන්, දවස ගෙවා දැම්මා. මුලින් ක්ලෝසා ඇරුණා ම මං වෙන කාවවත් දැනගෙන හිටියේ නෑ. කොහොමත් අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑනේ??
දවසක් කැන්වස් දාපු, දුර නොපෙනෙන, රැවුල වවපු කොල්ලෙක් හොස්ටල් ගේට්ටුව ළඟ ඉද්දි තවත් කොල්ලෙක් විස්තර කතා කළා. “මගේ මේස් කුට්ටම හොස්ටල් එකේනේ මචං අරන් යන්න ආවා.” අමුතු ඉලංදාරියා කීවා. මිනිහා ටිකක් රැඩිකල්. හිතන්න එක ම මේස් කුට්ටමක් තියෙන කැන්වස් පළඳින්නෙක්!! මං අලුතාව මුලින් ම දැක්කේ එහෙමයි. අලුතාගේ මිත්‍ර නායකන් ගයියාත් අපේ ගජයා. අපි අතරින් කාර්ය බහුල ම fixed time table එක තියෙන්නේ ගයියාට. DH මිතුරන් අතරින් පෙතියා, නියම බ්‍රයිටා. (ඒ ඉස්සර දැන් රකාරාංශය අඩුවෙලාලු) හැමදාම කෝච්චියෙන් එන කීනා ඒ දවස් වල ධර්මාලෝකය අරින්නත් කලින් ඇවිත් ඉන්නවා මට මතකයි. වීසී සහ කෝබ්‍රාත් මේ අතරේ සිටි මිතුරන්. නමින් ම පැහැදිලි වන අන්දමට මෑන්ස් නයා ම තමා!! මතකනේ සිරස කුමරා. කට ඇරියොත් සමාජවාදියා හැබැයි ඒ ගැන මියුසියස් එ‍කෙන් තමා අහන්න ඕනෑ.
අපේ අනිත් ළඟ ම නෑයින් සම්බන්ධ කරන්නේ අරවින්ද වන්ද්‍රපද්ම කියන චිර ප්‍රසිද්ධ බහුකාර්යය සත්ත්වයා විසින්. අරවින්ද ගැන ඉතිං අමුතුවෙන් පුරප්පට්ටුවක් දෙන්න ඕන නෑනේ. හිත හොඳ හාදයා. හැබැයි තව දසමයක් එහේ මෙහේ වුනා නම් අරවින්ද ගැන මෙහෙම කියන්න වෙන්නේ මගේ මළකඳට තමා. (ඒක පරණ කතාවක්) ඔහුගේ හොඳ ම යාළුවා විදියට තමයි csව අඳුන්වලා දෙන්නේ.මගේ දැනු‍මේ හැටියට ඌ තමයි තමන්ගේ කාඩ් එක තමන් විසින් ම නිර්මාණය කරගත් එකම තැනැත්තා. ‘නම ම නේ බං, ඒක ඔය අපත නම් වලට වඩා නම්බුයි!!’ ඒ දවස් වල අපි ELTU යන කාලේ දවසක් අපිට උගන්නපු මිස් එදායින් පස්සේ එන්නේ නෑ කියලා කිව්ව ම csට මිස්ට තෑග්ගක් දෙන්න ඕනැයි කියලා හිතෙනවා. පස්සේ අපි දෙන්නා පයින් ම කිරිබත්ගොඩට ගියා මතකයි. එදා තමයි පොර නාට්‍ය නළුවෙක් කියලා මං දැනගත්තේ. ‘මට හොඳ නළුවෙක් වුනොත් ඇති වෙන ලොකු ප්ලෑන් නම් නෑ’ එදා එහෙම කිව්ව cs අද වෘත්තිය කැමරා ශිල්පියෙක් වෙන්න අයිමැට් කරනවා. හැබැයි නළුකම අතහැරපු නැති එක ගැන මං සතුටුයි. (cs අයිමැට් ස්පෙෂල් කිරීමත් තවත් මෙහෙයුමක ප්‍රතිඵලයක්. නැත්නම් විශේෂ ප්‍රවේශ විද්‍යාර්ථියෙක් යැයි කියමින් csට නැටුම් ස්පෙෂල් එකක් තමයි කරන්න වෙන්නේ)
අලව්ව වෙන්ඩ නාගරික මන්ත්‍රී චන්දන මහතා (රගා)ත් සීසර් JRරුත් csගේ රූමලා. කොහොමින් කොහොමම හරි රගාගේ අයියාගේ වෙඩින් මඟුලටත් අපිට ආරාධනාවක් ලැබෙනවා. අන්න ඒ ගමනේ දි තමයි අලව්වෙන් වලව්වක් ගන්න ගියපු ලොකු පොළගෙක් අමාරුවේ වැටෙන්නේ. පස්සේ කා‍ලෙක වෙළඳ ව්‍යාපාරික වෙන්ඩ මන්ත්‍රී රගා මහතා ටියුෂන් කඩයක් දාගෙන චන්දන සෑර් විදියට මූණත්තහඩුව අලුතින් ටින්කරින් කරගත්තට පස්සේ ඒ පන්තියේ මුල් ම ශිෂ්‍යයින් විදියට රඟපාන්නත් අපිට ම ආරාධනා කරනවා. මොකක් හරි අහේතුවකට මට යන්න බැරි වුනත් ක්ලෝසා, ලයිටා, පෙතියා, කිනා එක්සත් පෙරමුණ මේ ගමනට එකතු වෙනවා. ලයිටා හෙවත් ආලෝක බණ්ඩාර ගැනත් වදනක් කියන්න ඕන. කාලයක් අලුතාගේ චමරියේත් හිටියා.
(ඒකේ නම් අපේ යාළුවෝ බර ගාණක් තාවකාලිකව හිටියා. අර විශ්ණු දෙවියො බටකොළ කන්න කැ‍ලේට වෙලා කාලයක් හිටියේ. අන්න ඒ වගේ අපේ අයියලටත් නරක දසාව ලබලා බටකොළ කන්න වුනා ම නවතින්නේ අලුතාගේ ග්‍රීන්ලන්තයේ තමා!! වයිපර්, කීනා ඒ ආකාරයට එහි නැවතී සද්බාවයෙන් බටකොළ අනුභව කළ අය හැටිය‍ට දක්වන්න පුළුවන්.) කොහොම කොහොම හරි පන්තියේ වැඩේට අලව්වට ගියපු අපේ පිරිස ඉක්මණට එන්න හිතාගෙන දුර බස් එකකට නඟිනවා. අන්න එතනදී ක්ලෝසා කළ සමාජ සේවයක් නිසා තමයි පෙතියාට සතියකට වරක් ඉබ්බාගමුව-කොළඹ දුර ගමන් සේවාවන් ආරම්භ කරන්න සිද්ධ වුනේ.

Saturday, May 29, 2010

WESAK BOUTIQUE 2


අපේ මල්ලි කඩේ ඉඳිද්දි මාර වැඩ කරන්නේ. පුංචි එකෙක්ට වෙස් මුහුණක් විකුණලා ත්රීන විලරේට නැඟලා ඒක දාගනිද්දි වෙස් මූණු දෙකක් තිබුණ නිසා පොඩි එකා තාත්තට ටිකක් ඉන්න කියලා එක මූණක් ගෙනත් දුන්නා. ප්ලාස්ටික් චීන මූණු ගලවාගන්න අමාරුයි. මමත් කඩේ හිටි නිසා වැඩේ ජල්තර වෙච්ච බව මල්ලි දැනගත්තා. පොඩි එකා මල්ලි ළඟට ඇවිත් “මාමේ මේකේ තව මූණක් තිබුණනේ” කිව්වා. “තමක් නෑ, ඔයා ඒක ගෙදර ගෙනියන්නැතිව අරං ආව නිසා ඕක ඔයා ම අරං ගිහින් මල්ලිට දෙන්න”. අපේ වෙස්සන්තරයා කිව්වා. ඒත් මට මල්ලියෙක් නෑනේ?? නංගියෙක් නම් ඉන්නවා!! එහෙනම් අපි නංගිට අර මිකී මවුස් දෙමු. වෙස් මූණ ගලවලා පුංචි එකාව පිටත් කරලා ඇරලා කැෂියර් එකට ඇවිත් රුපියල් තිහක් දාපු අපේ එකා මං දිහා බලලා “මොනවා වුනත් ඌ අවංක කොල්ලා” කිව්වා. “හ්තම්....ඒකට උඹ මෝඩ වෙස්සන්තරයා.” මං නෝන්ඩියක් දැම්මා.
සාමාන්යකයෙන් එළිය පෙට්ටි වලට ගහන සත්සතිය බන්ඩලේ සත් සතිය සෙට් හතක් එනවා. කොළ හතළිස් නවයයි. නමුත් පණහක් වෙන්න සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය කියලා අමතරව මුල් කොළේ එකතු කරලා තියෙනවා. ඒක කාටවත් විකුණන්නේ නෑ. ඉතිං බාප්පා මල්ලිට කිව්වා සත්සතිය වෙන් කරලා කට්ටල හදන්න කියලා. මේ මකබාස් ලේසියට පළමු සතිය හත අරගෙන රෝල් කරලා සෙලෝටේප් දැම්මා. සත්සතිය පැක් එකක් එවන්න කියලා බාප්පා කිව්ව ම මෑන්ස් පළමු කට්ටලය ගෙනිහින් විකිණුවා. ඉතිරි කට්ටල හතත් බැඳලා ඉස්සරහට යැව්වා. හවස ආපහු අර කස්ටමර් සත්සතියත් අරං එනවා. “අයියෝ මුදලාලි, මේකෙ තියෙන්නේ පළමු සතියෙන් කොළ හතක් නේ???” නයි කයි ද ටිපිටිප් කිව්වලු! බාප්පා නිකමට අනිත් ඒවත් ඇරලා බැලුවා. එතන තුන්වෙනි සතියෙන් කොළ හතක්. අපි දැන් දෙවන සතිය කාටද විකුණලා. වෙලාවට තවත් බන්ඩල් තිබුණ නිසා අර මනුස්සයට සති හත එකතු කරලා දුන්නා. රෑ වෙද්දි දෙවන සතිය විතරක් ගෙනිච්ච එක්කෙනත් ඇවිත් මාරු කරගෙන ගියා. “මහලොකුවට අවසාන විභාගෙත් පාස් කරපු ධර්ම විද්යා්ලෙ ප්රඑධාන ශිෂ්යස නායකයා, සත් සතිය අඳ්ර නන්නේ නෑ....??” පොඩි පුතා අන්තෙට ම පච වුනා. ඔය වගේ අත්දැකීම් විශාල ප්රකමාණයක් වෙසක් කඩය හරහා අපි ලබා ගත්තා. විශාල ලාභයකුත් උපයන්න හැකි වුනා.
වෙසක් දවසේ රෑ අපි කඩේ සව්කොළ විකුණන්න උනන්දු වුනේ නැත්තේ දැන් සව්කොළ වලින් කරන වැඩ ඉවර නිසා. නමුත් කට්ටියක් ඇවිත් සව්කොළ, බකට්, බකට් කම්බි, හැමදේ ම අරං ගියා. ඔවුන්ට දෙන්න කැපූ උණ බට හෝ නිම කළ කූඩු නම් තිබුණේ නෑ. මේ අමුත්තන් ටිකක් සුවිශේෂ නිසා පුංචි අම්මා මේ පොසොන් එකට කූඩු හදන්න ද? කියලා ඇහුවා. බලද්දි ඒ අය මහනුවර ගිහිල්ලා වෙසක් දා තොරන් බලාගෙන මහ රෑ ගෙදර යන ගමන් දැන් බඩු අරං යන්නේ හෙට (වෙසක් දාට පහුවෙනිදා) ගෙදර කූඩු එල්ලන්න!! හරි අපූරුයි....
මේ වෙසක් එකට මට පන්සල් යන්න බැරි වුණ අනිත් හේතුව තමයි මම ගියපු ළදරු පාසල වන යොෂීඩාවේ බැති ගී සරණියේ කටයුතු වලට හවුල් වෙන්න තිබීම. අපි ගියපු යොෂීඩාවට දැන් යන්නේ අපේ අක්කගේ පුංචි දඟකාරයා. අපේ අක්කත් ගියේ යොෂීඩාවට. ඒ අපේ පවුලේ පළමු පරම්පරාව, ඊළඟට අපේ අයියලා සහ පුංචි අක්කලා, මං-නංගි - මල්ලි තුන්වෙනි පරම්පරාව, දැන් මේ හතරවෙනි පරම්පරාව, පරම්පරා කීයක් ගියත් සපුගස්කන්ද යොෂීඩා ෂෝකංජිය තාමත් එහෙමමයි. අපේ කාලයේ විදුහල්පතිනිය තාමත් එහි සේවය කරනවා. නමින් ඈ ෂර්මිලා ලංකාතිලක මිය. කාරණේ තාමත් ඇයට අපි ගියා ම නමින් අඳුනා ගන්න හැකි වීම, මගේ පළමු ගුරුතුමිය තිලකා රණසිංහ මහත්මිය දැකගන්නට ලැබීමත් වැදගත් සිදුවීමක් වුනා. එදා ඈ තරුණියක්, අද දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඇය වයසට ගිහින්. අපි වැඩිහිටි වෙලා. නමුත් අදත් පුංචි බබාට අපිව මතක් වෙලා තියෙන්නේ කියලා ඈ පුරුදු විදියට තරවටු කළා. එක පාරක් මං තිලකා ටීචර් එක්ක තරහා වෙලා සඳමාලි ටීචර්ගේ පංතියට ගියේ “ඔයා හොඳ නෑ. ඔයත් එකක් මං තරහයි කියලා.” සති ගාණක් මං බලෙන් ම ගිහින් ඒ පන්තියේ වාඩි වුනා. හැබැයි තිලකා ටීචර් මා එක්ක තරහා වුනේ නෑ. අන්තිමේදී පෙරහැරේ යන්න යාළුවන්ට මං නැතිව බෑ කියපු නිසා ම ටීච ම ඇවිත් මාව යාළු කරගත්තා. ඒ අතීතය හරි සුන්දරයි.
යොෂීඩා රාත්රීෑ කඳවුර, පෙරහැර, පියවරුන්ගේ-මව්වරුන්ගේ-ගුරුවරුන්ගේ දින සැමරුම් උත්සව, සිඟිති පොළ ආදී කතාන්දර රාශියයි. අදටත් අක්කගේ පුතා ගේන්න ගියා ම අර දඟකාර පුංචි උන් අතරේ බටු ඇට දෙකක් උස නැති මං වගේ එකෙක් ඉන්නව ද කියලා හොයන එක නතර කරලා නෑ. මේ ඉමේජ් එකේ තියෙන්නේ නම් පුංචි උන් කියපු බැති ගීයක්. ආට් වර්ක් එක අලුතාගේ. වෙසක් දාට කළින් දවසේ පාන්දරම කුණු කෙළ පිටින් අලුතා වැඩ ම කළේ පරිගණකයට. මං යද්දි නිල් කොටු සරමක් ඔළුවේ හිටන් ඔතාන ග්රී න්ලන්තයට වෙලා නිදි දෙව්දුව තදින් වැළඳගෙන හිටපු අලුතා මං ගිය නිසා ඈ ජනේලෙන් පිටමන් කරලා ඇඟ මැලි කඩමින් දොර ඇරියා. අපරාදේ කියන්න බෑ මොන ජිල් මාට් එක වුනත් අලුතා කරගහනවා. එදා අපි මේ කොළේ නැවත ෆොටෝ ප්රිදන්ට් කරලා බැති ගීය කියපු ළමුන් විසි පස්දෙනාට ම දුන්නා.

WESAK BOUTIQUE 1

වෛශාඛ මංගල්ය ත් ඔන්න ඉතිං ඉවරයක් වුනානේ. හැබැයි අපේ අය බුදුහාමුදුරුවෝ විකුණන් කන එක නම් මේ ආත්ම හතකටවත් නවත්වන්න බෑ. ඒ අතින් හොඳ වෙලාවට තමයි බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම කියන තෙමඟුල ම එක ම දවසක සිදුවුනේ. නැත්නම් වෙන වෙන ම රජයේ නිවාඩු තුනකුයි. දන්සැල් හැට හුටාමාරකුයි.... අප්පේ වෙන ම සෙල්ලමක් වෙනවා?? මේ කාරණා තුනේ දී ම බෞද්ධ අපි ප්රිහය සංවේග උපදවා ගන්න ඕනැයි කියලයි තියෙන්නේ. ඒකටයි සිල් සමාදන් වෙන්නේ. ‘මචං සිල් ගන්නවානම් අඩු ම තරමේ කැලණියේ හරි ගංගාරාමේ හරි දානේ හොඳට දෙන තැනක ගන්න ඕනෑ.’ මා මිත්ර‍ කෑම දාසයෙක් එහෙම කිව්වට ඒකෙත් වැරැද්දක් නෑ. බුදුහාමුදුරුවොත් කන්න දීලා නේ බණ දෙසුවේ??
තුන්සිය හැට පස් දවසටම බඩ රස්සාව කරගන්න හැල්මේ දුවන මිනිස්සු වෙසක් දවසටවත් ගමේ පන්සලට ගියත් මේ පාර මට නම් එහේ යන්න බැරි වුනා. ගමේ පන්සලත් එක්ක තරහ නිසා නෙමේ. වැඩ රාජකාරි අධික නිසා. අපේ පුංචිලාගේ කඩයට අලුතින් වෙසක් ෂොප් එකක් එකතු වුනා. එහි වෙසක් සැමරීමට අවශ්යඩ සියල්ල එකම වහළක් යටින්මිලට ගන්න පුළුවන්. සැකිලි අටපට්ටම් වගේ ම ඕනෑ ම කෙනෙකුට අලවා ගන්න කියලා කෑලි විසිහතර බැගින් සුද්ධ කර රබර් බෑන්ඩ් දාපු බට පතුරු, තව ලස්සනට වැඩ දාලා අලවලා වැස්සට නොතෙමෙන්න පොලිතින් වලින් ආවරණය කරපු කූඩු ආදී සෑම කූඩු විසඳුමක් ම එහි වුනා. තරු, නෙළුම් මල් හැරුණා ම කාඩ්බෝඩ් සහ ප්ලාස්ටික් කූඩු වලටත් ඉල්ලුම තිබුණා. අපේ බාප්පා පැරණි දේට හරි කැමතියි. ඉතිං ඔට්ටපාලු වලින් එකතු කරපු අටපට්ටම් කූඩු විස්සක් අපි විශේෂයෙන් ම හදලා විකුණන්න තිබ්බා. ඉස්සෙල්ලාම විකිණිලා අවසන් වුනෙත් ඒ කූඩු ටික.
ඇත්තට ම කූඩුවක් හදනවට වඩා කඩෙන් ගන්න එක පහසුයි. හැබැයි ඔබ කඩෙන් කූඩුවක් මිලට ගන්න තරම් පහසුවෙන් එය හදන්න බැරි බව දැනගන්න ඕනෑ. හදන හදන කූඩුව පැය බාගයක්වත් එල්ලී නොසිට විකිණී ගියත් එය විකිණෙන්න යන අඩ පැය තුළ බට කලින් සූදානම් කර නැත්නම් කූඩුවක් තනා නිම කරන්න බෑ. ඇත්තට ම කිව්වොත් අපි වෙසක් දවසේ රෑ විකුණන්න නිම කරපු කූඩු විස්සක් සූදානම් කළා. ඒවා එදා විකිණුනේ වැඩි ම මිලකට. කඩෙන් ගන්න එක කවද ගත්ත මොක ද කියලා මිනිස්සු හිතනවා. හැබැයි අන්තිමට ඒ අය වෙළඳසැලට එද්දි සාමාන්ය් මිලට තිබුණු කූඩුවක් ගිනි ගණං වෙලා.
ගියවර අපිට වෙසක් බඩු වෙළඳාමෙන් සැලකිය යුතු පාඩුවක් වුනා. ගබඩා වල තිබුණු පරණ වෙසක් කාඩ් මුලින් මුලින් විකිණීම නිසා ඒවා ඉවර වුනා. පස්සේ අපි අලුතින් කාඩ් ගෙන්නුවා. අවාසනාවට වෙසක් දවසේ රෑ කඩේ අස් කරද්දි නැවත ගෙනියන්න කාඩ් පණහක් නෑ. වෙසක් දවසෙත් කාඩ් ගත්ත මිනිස්සු ගැන නම් මට හිතා ගන්න බෑ. ඇයි වදේ කවදා මේවා තැපැල් කරන්න ද?? සෙලෝපේන් බකට් දාහක් සහ සව් කොළ බකට් දාහක් ගෙන්නුවත් වෙසක් දවසේ හවස හතර වෙද්දි බකට් ටික ඉවරයි. අපේ බාප්පා නෑ බෑ කියන්න කැමති මිනිහෙක් නෙමේ. ඒ නිසා ම ගිය අවුරුද්දේ විකුණගන්න බැරුව ඉවත් කළ හොඳ බකට් අපි රැපියල් දෙක ගානේ වික්කා. ඒ සමාන්යර මිලට 50%ක් අඩුවෙන්. ඉස්සෙල්ලා බකට් දුසිමේ පාට කැමති පරිදි තෝර ගන්න බෑ. නමුත් කවලමේ තිබුණ බකට් වලින් කැමති පාට තෝර ගන්න මේ පාර අවස්ථාව හිමි වුනා.
හැබැයි කොහොම වුනත් අපිට ඉල්ලන තරමට දෙන්න නම් හැකි වුනේ නෑ. නමුත් ලබන පාර අපි අඩුම මිලට පළමු ශ්රේිණිය සව් කොළ දෙන්න ඕනෑ කියලා බාප්පා කිව්වා. පළමු ශ්රේ ණිය සව්කොළ රිම් එකක් රු850/=යි. දෙවන ශ්රේිණිය 650/-යි. මේ දෙවන ශ්රේ ණිය තත්ත්වයෙන් බාලයි. දුර්වර්ණයි. පාප්ප ගාලා අලවන්න ගිහින් රැළි නොහිටින්න ඇද්ද ම සව්කොළේ අතට එනවා. හැබැයි ඒක ගෙනාව ම කොළයක් රු. දෙකකට වගේ මුදලකට දෙන්න පුළුවන්. නමුත් වැඩක් නෑ. අපේ බාප්පා කිසි ම දෙයක් නියම මිලට විකුණන්න කියලා නීති දාන්නේ නෑ. සම්පූර්ණ ගාන හැදුවත් රෝද ගණන් වලට සල්ලි ගන්න කියලයි එයා කියන්නේ. පොඩි උන් බඩු ගන්න ආපු හැම විට ම සව් කොළයක් හරි දෙකේ කාඩ් එකක් හරි නොමිලේ දුන්නා. වතාවක් මං දන්නැතුව රු. සීයට මිල කරපු ලොකු බෞද්ධ කොඩිය එකක් හැත්තෑව ගානේ දුසිමක් විකිණුවා. අපේ මල්ලි ඒක කිව්ව ම බාප්පා “හැමදා ම වෙසක් නෑනේ” කියලා හිනාවුනා. හැමදා ම වෙසක් නැති නිසා තමයි වෙසක් තියෙන ටික කාලෙට හොඳ වෙළදාමක් කරගන්න ඕන කියලා මල්ලි වාද කළා. චූටි පුතා, හැමදාම මාත් එක්ක ගනුදෙනු කරන මිනිස්සුන්ටයි මං වෙළඳාම් කරන්නේ. ඉතිං ඒ මිනිස්සුන්ට වාසියක් වුනා ම මොකෝ?? බාප්පා දින්නා.

Friday, May 21, 2010

[Episode 4]




මේ සියල්ල මෙසේ වෙන අතරේ අලයන්ගේ මීටිමක් අල බැම්ම පරිශ්ර.යේ පැවැත්වුනා. ඉන්පසු දරුණු ගැටුම් වාර්තා වුනේ නෑ. දෙගොල්ලන්ගේ ම මනා සූදානමක් තිබුණා. පොලු මුගුරු ලෙලවමින් අලයින් වෝම් අප් එක ගනිද්දි පොද්දන් එක්කාසු කළ ගල් සහ බෝතල් කන්ද දෙස බලමින් උදම් ඇනුවා. කඳුළු ගෑස් ප්රලහාර එල්ල කළ විට වතුර බෑග් පිටින් ධර්මාලෝක ශාලාව සහ තැපල්කන්තෝරුව දෙසින් උස්සන් ආවේ ගැහැනු ළමයි විසින්. අනික් කඳවුරේ ජිම් එක බණ්ඩාරනායක නේවාසිකාගාරය ආදී තැන්වල වතුර බට ස්ථානගත කරලා තිබුණා.
මෙවර පොලිසිය පොදු සතුරාගේ භූමිකාව රඟ නොපෑම නිසා ගැටුම පාලනයකින් යුතුව සිදු වුනා. මොන කචලය සිදු වුනත් දොළහයි තිහ වෙද්දි කෑම ගෙනෙන ඇන්ටි පුරුදු පරිදි කෑමත් අරං ආවා. ඇතිවූ තත්ත්වයන් යටතේ ඉක්මණින් සරසවි බිමෙන් පිට වෙන්න මාන බලපු දෙපිරිසේ ම ගැහැනු ළමයින්ට නම් කෑම ගන්න ඉස්පාසුවක් තිබුණේ නෑ. ‘කෑම දෙන්න ද’ කියල සුපුරුදු ප්රෑතිවාදනය ඉදිරිපත් කරන්න ඇයටත් නිනව්වක් තිබුණේ නෑ. හැබැයි බල කඳවුරු දෙකෙන් එකකටවත් යා ගන්න බැරුව පාරේ හිටි පිරිසට නම් කෑම වෙලාව මතක් වුනා. ඔවුන් බොහෝ දෙනා එහි රැඳී සිටියේ තම යහළුවන් හෝ පෙම්වතුන් පැමිණෙනකම්. අර තායිලන්තයේ රතු කමිසකරුවන් වගේ ඇන්ටිගෙන් කෑම අරගෙන හුඟ දෙනා පාරේ ම තියන් කෑවා. සමහරු දුරස්ථ අධ්යරයනේට ගියා. මාත් ඇන්ටිගේ දෑත ශක්තිමත් කරන්න හිතාගෙන කෑම එකක් මිලට ගත්තා. ලූණු කිලෝවකට සැමන් කුඩු සුඟක් පමණ යෙදූ ඒ කෑම එක අලුතා සහ සී.එස් කෑවේ තළුමරමිනුයි.
සරසවි යුධ පිටියේ නිල ප්ර වාහන සහකරු වුනේ කොළ පැහැ ත්රීසරෝද රථයක්. ආර්. පී. ජී, ෂෙල්, මල්ටි බැරල්, බබා මෝටාර්, කණ ගාවින් ගියත් උඩට යන අය පරිස්සමට ගෙනියන්න මේ ත්රීෝවිල් රියදුරා සැදී පැහැදී සිටියා. ට්රිමප් එකකට රුපියල් පණහයි. මේ වෙලාවේ සල්ලි වලට වඩා ගල් පාරක් නොකා ෆැකල්ටියට යාම සැපයි කියලා හිතපු බොහෝ දෙනා ඉන් ගමන් පහසුව සලසා ගත්තා. ඒක ෆුල් ඉන්ෂුවර්ඩ් වීල් එකක්. අංකල් හැමෝටම පේන්න ‘මෙම රථයට ගොඩවන ඔබ අසීමිතව රක්ෂණය කර ඇත.’ කියලා එල්ල ගෙන තිබුණ නිසා කල්ල මරේ. “ඇරලා ගියා ම අවුලක් නෑ. ඕන්නම් වීදුරුවක් කුඩුවෙයි වෙන මොනා වෙන්නද?” අංකල් ගාණක් නැතුව කිව්වා.
හරියට හරි. ‘ඕන්නම් දින නියමයක් නැතුව වහයි, වෙන මොනවා වෙන්න ද? මාත් කල්පනා කළා’ ඔය සේරම මැද වහන බව ආරංචි වුනා ම ගම්බට්ටොත් වයින් වෙන්න ගත්තා. ඇයි හත්වලාමේ උන්ටනේ බඩේ පාර වදින්නේ?? මේ නිසා ම වලි දාගත්ත අයට ගමේ ගණන්කාරයෝ ඇවිත් සද්ද දාලා ගියා කියලයි ආරංචිය. අවසානෙදී කිරිබත්ගොඩ එස්. අයි සමරසිංහ මහතාට තුවාල ලබන්න සිද්ධ වුනා. අවසානයේ දි සභාතොමෝ සතුටින් විසිර ගියහ. ෆස්ට් ඉයර් මොරාල් පැටව් ෆිට් තමා කියලා ගෙදර ගියා. පුරා පැය හතරක් තිස්සේ තිබුණු ඔපරේෂන් ගැහුවා - වැහුවා නිම උනේ ඔන්න ඔය විදියට. මුන් නම් හැත්ත පිටින් ම වැද්දගෙ පරපුරේ උදවිය බලපන්කෝ ඇන්නා පැන්නා වගේ ගැහුවා - වැහුවා.... මාරයි ආ.. අපේ සී.එස් නම් උගේ ෆිල්ම් එකේ එඩිටින් ඉවර කරගන්න පුළුවන් නිසා ආරංචිය ලැබුණු ගමන් ල ස් ස න යි කො ල් ලෝ...............!!! කියලා මහ හයියෙන් හිනා උනා.
“රැඟුමක් රඟලා - බෝතල් පොලු ගෙනැවිල්ලා
ගල් මුල් වලින් කරන සිල්ප පෙන්නුවා...
වී.සී ලොක්කා මේ අලකංචි දැකලා
දින නියමයක් නැතිව සරසවි වැහුවා.. මචං..
නෑ කිසි බේදේ සමඟිය හා සහයෝගේ
අල - පොදු අපි එකතුව කැම්පස් වැහුවේ... ප්රී.තියෙන් ... ඕජායේ...//

[Episode 3]



මේ සියල්ල මෙහෙම වන අතරේ මගේ නිරීක්ෂණ අක්ෂියට තවත් අංකුට්ටෙක් අසුවුණා. මිනිහා නහරකාරයෙක් වගේ පෙනුනේ එච්චරට හීට් වෙන වලියක් අස්සේ N3 විවෘත හා දුරස්ථ අධ්යඋයන කේන්ද්රකය ළඟ තමන්ගේ පල්සරේ නවත්වගෙන විමසිල්ලෙන් පැය ගණනක් වලිය දිහා බලන් සිටි නිසයි. මට ඌ කව්ද කියලා දැනගන්න ලොකු උවමනාවක් තිබුණා. පොර නිකන් ධ්යානනයට සම වැදිලා වගේ වලිය නරඹමින් බවුන් වඩනවා. ළඟට ගිහින් පනාවක් දාලා “අයියා සිරස කෲද?” කියලා ඇහුවම මෑන්ස් හිනාවෙලා නෑ කිව්වා. සාමාන්ය යෙන් ප්රා දේශීය වාර්තාකරුවන් බයිසිකල් පාවිච්චි කරන නිසාත් ළඟින් හිටි සිරස කාරයා පොරත් එක්ක හිනා වූ නිසාත් මං බුද්ධිමත්ව ඇසූ පළමු ප්රකශ්නයෙන් ම පච වුනාට වස ලැජ්ජාවෙන් බේරෙන්න ගොඩක් වෙලා වලිය යනව ද? වගේ කංජි ප්රමශ්නයක් අහුවා. ඔව් මල්ලි දැන් ටිකක් වෙලා. කවුද ඉස්සෙල්ලා ම ගැහුවේ?? මං දෙවන වතාවටත් නෑවා. “එහෙම කියන්න බෑ දෙගොල්ලෝ ම ගැහුවා.” තවත් වල්පල් කතාකර කර ඉන්දැද්දි බුවා වැදගත් ප්රවශ්නයක් ඇහුවා. ගහගන්න කළින් අර ජාතික ඇඳුම ඇඳපු කෙනෙක් හිටියේ ඒ කවුද? මෙතෙන්ට පේන්නෑනේ මල්ලි. ආ... ඒ අපේ විද්යාඇපීඨයේ පීඨාධිපතිතුමානේ. කවුද නලින් ද සිල්වා?? ඔව් එතුමා තමා. ඒකත් එහෙමද? (ඇයි වදේ කැම්පස් එකට ම ජාතික ඇඳුම අඳින්නේ එතුමා විතරයි කියලා මූ දන්නේ නැද්ද?) හැබැයි මෑන්ස් පීඨාධිපතිගේ නම දන්නවා.
“දැන් එතකොට එතුමාත් මේකට හවුල් ද?” මෙහෙමනේ අපි කළින් ම ගේම දුන්න නිසා. පාඩමක් උගන්න කියලා ඕඩරයක් දෙන්න ඇති. කොහොමත් විද්යාිපීඨ සිසුන් වෙනුවෙන් පෙනී සිටීම එතුමාගේ වගකීමනේ? මේවා යුතුකම්.... මාත් ෂේප් නියාවෙන් උත්තර දුන්නා. පොරටත් හීනියට හිනාවක් ගියා. මේ පැත්තේ කට්ටියට ටිකක් අවාසියි වගේ නේ. උන් අර බිල්ඩිම පිටිපස්සෙන් ගහන්න හදනකොට ම රාළහාමි කඳුළු ගෑස් පෙන්නනවා. ජිම් එකේ පිටිපස්සට අත දික්කරපු ආගන්තුකයා කිව්වා. මං කොච්චර ට්‍රයි කළත් ඒ කවුද කියලා හරියට දැනගන්න බැරි වුනා. අඩිඩාස් සපත්තු, අව්කණ්ණාඩි, පොයින්ට් එක තියපු මුහුණ ගණන්කාරයෙකුගේ විලාසයක් මවා පෑවා. ඒ හයේ හතරේ පොර CID එකෙන් වෙන්නත් පුළුවන්. නැත්නම් කුළියට තමන්ගේ මැරයන් යොදවන ලොක්කයියා වගේ හයිකාරයෙක් වෙන්නත් පුළුවන් 12.50ට මං එතනින් ඉවත් වෙන කොටත් පොර චුයින්ගම් හප හප ඒ ආසන්නයේ සිටියා. මතු ආරක්ෂාවට කියලා අංක තහඩුව නම් ලියාගත්තා. කොයි හැටි වෙතත් මහාචාර්යතුමා සම්බන්ධයෙන් මෑන්ස්ගේ ආකල්ප එතරම් හොඳ නැති බවයි මට පැහැදිලි උනේ.
මං මුලින් ම කිව්වනේ බුධදා දින මත මගේ පැතුම් රැඳී ඇත කියලා. ඔන්න ඉතිං මං පෙරුම් පුරපු අවස්ථාවට ලං වුනා. අග බිසවුන් වහන්සේ පරිවාර යකඩ දෝලියන් සමඟ කොයි කාටත් හොරා ගෙදර යන්න මේ වලි අස්සේ පල්ලම් බහිනවා. කාට වහන් වුනත් පතාගෙන ආපු කරුමක්කාරකමට වහන් වෙන්න බෑ කියනවනේ. විනාඩි දෙක තුනකින් ඈ මා අබියස සිටියා. සත්තකින් ම මං හිතුවා නවතීවි කියලා. මොන උප දුම්රිය ස්ථානයක නොනවත්වා ධාවනය කරන සීග්රිගාමී දුම්රියක් වගේ ඈ මා දුටු නුදුටු ලෙසින් බස් නැවතුම වෙත ගියා. මාත් ඉතිං පසුගමන් කොට අඟල් ගණනක පරතරයක් සහිතව හිටගත්තා. දැන් මං අවබෝධතා ගිවිසුමේ වගන්ති එකින් එක ඈට ඇහෙන්න කියවනවා. ඈ වගේ වගක් නැතුව පාර බලාගෙන. මං මං ගැන ම දුක හිතුනා. ඒත් ටික වෙලාවකට විතරයි. මාරාවේෂයෙන් ආපු කඩවත කොටුව නැඟුණු රාජකුමාරි ගැත්තාට අනුකම්පා නොකර ම යන්ට ගියා. මක් කොරන්න ද? ගිවිසුමේ වගන්ති එස්. එම්. එස් කරනවා කියලා හිතාගෙන මං යළිත් යුධ පෙරමුණට යන්න හදද්දි පොලිස්කාරයෙක් හිනා වෙලා ගෙදර යන්නද කියලා ඇහුවා.
පොලිසියට සෘජුව මැදිහත් වෙන්න ඉඩ නොදුන් නිසා ඔවුන් බස් නැවතුමට ආරක්ෂාව යොදවන්න තීරණය කරලා. “මල්ලිලා අද යුධ ජයග්රිහණයේ වර්ෂ පූර්ණය සමරනවාද?” කොස්තාපල් ඇහුවා ඒකනේ අයියා, අපි සංකේතාත්මක සංග්රාදම භූමියක් විශ්ව විද්යාරල භූමිය තුළ නිර්මාණය කරලා, ‘කොළඹ මැවෙන වන්නි සටන 2’ කැලණියේ පෙන්නන්යි ගියේ. කොහේ ද මේ ඔයාලටත් නිකන් ඉන්න බැරුව ඒක සීරියස් අරං හැත්ත බුරුත්ත ම කැම්පස් එකට ආපු නිසා අපිට සිරාවට ම ගහගන්න වුනා. අනික මේක කැම්පස් එක ඇතුළේ අයට විතරයි. මේ බලන්න ටිකට් එක ‘මිතුරන් අතරේ පමණයි’ දැන් ඔයාලා ආව ම මීඩියා කාරයෝත් ආවා. උන්ගේ පබ්ලිසිටියට හෙට වෙද්දි රට ම එන බව දන්න නිසා අපේ කුලපතිතුමා විශ්ව විද්යාාලය වහන්න තීරණය කළා. “ඒක තමයි නේ මල්ලි. අපේ ජනාධිපතිතුමාට තිබුණේ යුධ ජයග්රිහණය වෙනුවෙන් අද රජයේ නිවාඩු දිනයක් ප්රලකාශයට පත් කරන්නයි. එහෙනම් මේ නිසි අවුලක් නෑනේ.” පොලිස් අයියයි මමයි දෙන්න ම අපේ කුණු කුරහන් සාටකේට දාලා මරෝ කියලා ඇතිල්ලුවා. දෙන්නට ම සැටිස්. “මල්ලිලාට හරි සැප නේ. වහගන්න ගහගත්ත ම හරි. ඒ මොනව උනත් ඔයාලා
අපිට වඩා ඉගෙනගෙන තියෙනවානේ??” චැහ්ඃ... කුජීජීජීජී...තයි. අයියගේ ඒ තවුන්සන්ඩ් ටෝකට නම් මට කාලා ඉන්න බැරි උනා. එතන ම තාර පාර ඩ්රිහල් කරගෙන යමලොවට ගියා නම් සැපයි කියලා හිතුනා. මුනිවත හොඳයි දෙබහින් දුක වැඩි හන්දා යැයි හිතාගෙන, මං ක්ෂණිව එතැනින් ගිරා මාරු උනේ අර අට පාස් රාළහාමිත් එක්ක තවත් ටිකක් චැට් කළා නම් මං ඇටිසලාාාාාාට් වෙයි කියන බයටමයි. උණ්ඩුකපූචිචෙ කපලා නිසා ලැජ්ජාවක් නම් තිබුණේ නෑ.

[Episode 2]

GB – 8464 ටාටා කැබ් රියෙන් සිවිල් පිට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සරසවියේ නව මුරපොළ අසලට පැමිණියේ ඔය අතරේ. පැමිණි විගස කඳුළු ගෑස් විදිනයන් දෙකක් ඒ දෙදෙනාට තෑගි කරන්නට කොස්තාපල්වරයෙක් කටයුතු කළා. නිලධාරීන් දෙන්නාගෙන් ම නිදිමත පෙරෙනවා. කතා කරලා බැලුවම ඒ ඩබල වෘත්තිය කඳුළු ගෑස් ප්රතහාරකයෝ දෙන්නෙක්. ඒකයි විශේෂයෙන් ම ගෙන්වා ගෙන තියෙන්නේ.
වලියට මුල් ම මාධ්යග ආවරණය ලබා දුන්නේ සිරස. කළු හාදයෙක් නිල් ජැකට් එකක් දාගෙන සිරස ලාංජනය දරන කැමරාවක් පොලිතින් මල්ලක ඔබා ගෙන ඇවිදින් හිටියා. NTV සහ ස්වාධීන රූපවාහිනිය පැමිණ වැඩි වෙලා නොහිට යන්න ගියා. මුල සිට අග දක්වා සිටිමින් අ ටු z යුධ බිමෙන් රටට වාර්තා කළේ සියත ටී.වී කණ්ඩායමයි. චාටරේ කන ගමන් සියතේ සහය කැමරා ශිල්පි සංජීව අපි එක්ක කතාවට වැටුනා. “මචං මොකද මේ කේස් එක?” ‘දන්නැද්ද ලොක්කා මණ්ඩලේ කචල්නේ??’ “මොකද උඹලට ළඟදි එග්සෑම් එකක්වත් තියෙනවාද?” පොර නක්කලේට ඇහුවා. ටික වෙලාවක් කතා කරගෙන යන කොට මෑන්ස් අලගිය වැලගිය මුලගිය සියල්ල වමාරන්න ගත්තා. ‘දැන් බ්රේිකින් නිවුස් එකක් දැම්ම ද?’ අපිත් හීනි සාටරයක් දැම්මා. “කොහේ ද බං මේ මදියි. අඩුම තරමේ එකෙක් මැරිලා පහක්වත් හොස්පිටලයිස් වෙන්න ඕනෑ.”
කනින් කොනින් කඹ ඇදිල්ල ගැනත් පොරට ආරංචි වෙලා තිබුණා. මිනිහට අමාරු වුනේ සිද්ධියේ විවිධ අවස්ථා එකම නූලකට අමුණ ගන්න. “මල්ලි එතකොට ඊයේ මොකද වුනේ?” තවත් අතුරු ප්රිශ්නයක් ‘ඊයේ අපි විද්යා පීඨ කෙරුමෙකුට නසරානි වෙන්න නෙළුවා. අද ඉතිං මේ ඒකට රිටන් එක දෙනවා. ඉල්ලුම සැපයුම න්යායය වගේ මේක හරි සරලයි. උන් ඉල්ලුවාම අපි දෙනවා, අපි ඉල්ලද්දි උන් දෙනවා” එකෝන් එකේ පොද්දෙක් පැහැදිලි කළා. “හරි දැන් අරක ද විද්යාඅ පීඨය?” සංජීව බුවා ජිම් එකට අත දික් කළා.මම ඔළුවේ අත ගහගනිද්දි පොද්දා විස්තරේ කිරීම සිදු කළා. ‘නෑ.... නෑ... අයියා අරකයි විද්යාට පීඨය. ඔය ඉන්නේ රනර්ලා ඔක්කොම සෙට් වෙලා’ හ්ම්..... උන් චන්ඩිද? වයි නොට්? අතක් නම් අතක්, පයක් නම් පයක්, සරුවාංග නම් සරුවාංග, අංග ඡේදන නම් එහෙම. ඕල් ඉන්ක්ලූසිව්. එහෙමයි කියලා අපිත් සෙකන්ඩ් වෙන්නෑ. එළ බොක්ක ආ.. පොද්දා සුපුරුදු පරිදි කට මැත දෙඩෙව්වා.
“මොනවා උනත් උඹලා හරියට ගහගන්නවත් දන්නේ නෑ. බලපන්කෝ අර ජ’පුරේ නියමෙට ගහගන්නේ? පැයයි දෙකයි සේරම ඉවරයි. හරි සනීපයි. සුවදායකයි. ඒකට මෙහේ. පැය බාගෙකට එක ගල් පාරයි. අපි ජ’පුරේ වලි කවර් කරලා කැලණියට ආව ම නිකන් එක දිගට ටුවෙන්ටි බලලා වන් ඩේ මැච් එකක් බලනවා වගේ. හරි ම බෝරින්. සියතයා නසරානි ටෝකක් දුන්නා. ආන් මල්ලී, කියනකොට ම සිරා පාරක් ගැහුවා. කියාගෙන ම බුවා වාශ්ප වුනා.
ආයෙත් ගැටුම උත්සන්න වුනා. පහළ ඉඳන් ආපු ත්රී විල් කාරයෙකුට පොලිස් නිලධාරියා අත දාලා නවතින්න අණ කළා. “එහේ ගහගන්නවා. වටේ පාරෙන් යන්න.” නිලධාරීයා කිව්ව ම “නෑ මං ගමේ කෙනෙක්. මට යන්න ඕනෑ.” වීලරේ සත්තමක් දැම්මා. “හහ්... ඔයා දන්නව ද ඉල්ලන් කෑම? ඉන්ෂුවරන්ස් එක තර්ඩ් පාර්ටි නේද? කමක් නෑ. යනවා යනවා. හැබැයි කුඩු කළොත් අපි නෑ.” මිනිහා පාර ක්ලියර් කරලා අපි හිටපු තැනට ඇවිත් මෙහෙම කියනවා. “වෙපන් එක තිබුණට මල්ලි මේ වෙලාවට වැඩක් නෑ. මොකෝ මුන්ට වෙඩි තියනන්නයැ?” ඒක ඇත්ත ඒකනේ ඔයාලා කඳුළු ගෑස් ගහන්නේ නේද? අපේ හැකරයෙක් ඇහැව්වා. “ඒත් කොල්ලෝ නීතියේ හැටියට ශිෂ්ය යන්ට කඳුළු ගෑස් ගහන්න තහනම්. අපි හෙල්මට් දාගෙන හිටියත් කරුම වෙලාවට ගල් පාරක් පත බෑ වුනොත්, සොරි ම තමා.” කොස්තාපල් තම රාජකාරිමය අවධානම ගැන එහෙම විස්තර කළා. ටී 56ක් උරින් දරාගෙන, කඳුළු ගෑස් තුවක්කුවක් දෝතින් අරං, හෙල්මටයක් හිස අරා, මාස්ක් එක මුව තවරා ඉන්න කැරලි මර්දනේ කාකිකාරයොත් කැම්පස් වලි වලට මෙච්චරට ම බය නම් ලේන්සුවෙන් මුහුණ වහගෙන, ගඩොල් බාගයක් කෙළල අරින අපේ ගරිල්ලා අයියල වලියක් කිව්ව ම දත කට පූට්ටු වෙලා දණිස් පණ නැතිව සෙම දාගෙන වැටෙන්න ඕනෑ කියලා මට හිතුනා.

ඔපරේෂන් ගැහුවා-වැහුවා...!!






[Episode 1]


බදාදා කියන්නේ මට නම් අතිශය කාර්ය බහුල දවසක්. මොකද කිව්වොත් දවස පුරා ම දේශන පැවැත්වෙනවා. නමුත් එදාට මං අවදි වෙන්නේ ටිකක් ප්රුමාද වෙලා. පළමු දේශනය එකොළහට තියෙන නිසා සතිය මැද එකතු වන කුණු රෙදි ටික සෝදා ගන්නට බදාදා උදේ වරුවේ සුබ නැකතක් යෙදෙනවා. සුපුරුදු පරිදි දවස පටන් ගන්න මං ළතැවුනේ රෙදි හේදුවට වේලගන්න අව්වක් නැති වෙච්ච නිසා. වැස්ස වළාහක දෙවියොත් පියම්බිකාව එක්ක කොක්ක දාගෙන හට්ටි මුට්ටි පොඩි කිරීමේ පුන්යක කර්මය හේතුවෙන් මිලි මීටර බර ගණනක වරුසාවක් වහිනවා. “මගේ කලිසම වේල ගන්නට අව්ව නැති වූ ලෝකයේ...” කිය කිය තෙත බරිත ඩෙනිම ඩ්රසයරයට දාලා මමත් ලක ලැහැස්ති වුනේ එකොළහේ දේශනයට යන්න.
මගේ මෝනින් ෂෝ එක ටිකක් අපතට් උනේ, උදේ පාන්දර ම ක්ලෝසා කතා කරලා දුන්න ආරංචිය නිසා. “මචං මෙහේ ගහගන්නවා. මං මේ ලෙක්චරේට යන ගමන්. උඹත් ඇවිත් ම බලපන්.” හත්තිලව්වට ගහපු කලාබරේ කිව්වලු. සීවරං දෙයියනේ මගේ කසාදෙත් කැඩෙන වැඩක් නේ මේක?? මට දෙලෝ රත්වුනා. පරදාර සේවනය නිසා අගබිසව මට විරුද්ධව හවුස් කෝට් එකේ කේස් එකක් ෆයිල් කරලයි තියෙන්නේ. උසාවි නියෝගය ප්රයකාරව ඈ මට බ්රුහ්ම දණ්ඩය පනවලා අදට දින පහක්. අයියෝ අද කොහොම හරි සාකච්චා මාර්ගයෙන් සමථයකට පත් කරගන්න ඕනෑ. නැත්නම් ප්රේටම පූජාසනේ සුනේ සුන්.... කොහෙද වලි සුනාමියට මං හදපු වැලි මාළිගා ගසා ගෙන ගියානේ?? හිතෛෂී අන්තඃපුර සේවිකාවන් මගින් මඟට ම ඇමතුම් දෙමින් ගෙදර ඉන්න කිව්වත් “බිය නොවන්න සොඳුරිය, මාගේ මේ දුන්නෙන් හා කඩුවෙන් මම ඔබ ආරක්ෂා කරමි” වගේ පොර ටෝක් ටිකක් දිදී මං පාරට ආවා. අවංකව කියනවා නම් මොනව හරි උනොත් දුවා ගන්න පාරත් මදි වෙනවා. අර ප්රෞ ඩ කියනවා වගේ ඒත් ඒක දන්නෙ මං විතරනේ?? මේ සියලු කැටයම් අග රැජින සමඟ යළි සන්ධාන ගත වීමේ ද්වන්ධ අරගලය වෙනුවෙන්. අපි වෙනුවෙන් මං කියලා හිතාගෙන සරසවි යුධ පෙරමුණට යන්න මං තීරණය කළා. හෙල්මට් එකක්, සිද්ධාර්ථ තෙල් කුප්පියක්, තෙත තුවායක් වගේ අඩුම කුඩුම ටිකක් තිබුණ නිසාත් යන්තරේ කරේ තියෙද්දි කිරි පාට පිරිත් නූලක් අතේ තිබුණ නිසාත් චකිතයත් තිබුණේ නෑ. අතපාළුවට දොදොල් පත්ත දුමෙන් ගන්න මං අමතක කළේ නෑ.
වෙලාව දහයයි කාලයි. වේලාසන වැඩි ද මන්දා?? කිරිබත්ගොඩ ගලලා නිසා සැලකිය යුතු වෙලාවක් වාහන පෝලිමේ ගියා ම එකොළහටවත් කැම්පස් යනවා බොරු. මර්වින් අංකල්ට පින් සිද්ධ වෙන්න දහයයි හතළිස් පහ වෙනකොට මං කැම්පස් එක ඉස්සරහා. ( මර්වින් අංකල් ඉක්මණට ඇළ කපපු නිසා වතුර බැහැලා ගිය බවයි මිනිස්සු කියන්නේ) කලබලේ පාර පැනලා ඉක්මන් ගමනින් උඩට යන්න එනකොට හෝල්ට් එකේ හිටපු මිනිස්සු මා දිහා බැලුවේ කන්න වගේ. හැමෝ ම අමුතු හිනාවක් දැම්මේ ‘තමුන් පණ කඩන් දුවන් ගියාට වැඩක් නෑ කියන්න වගේ. ටිකක් උඩහට නඟන කොට ම කාකි කෝට් සමඟ අයියලා හරි හරියට ගුස්ති අල්ලනවා දැකගන්න පුළුවන් උනා. ‘ඇර සොයිසා ඇර’!! පාර දිගේ දුරස්ථ අධ්යාුපනේට ම ආවා. ඝෝෂාව සමඟ වලිය නැඟලා යනවා. වෙලාව 11.05 යි. දෙපැත්තට ම ගල් පියාඹනවා. එතන නිකම් මුල්ලි වයික්කාල් වගේ. පොද්දෝ වීදුරු බෝතල් උඩින් එවන කොට අලයෝ පොලු මුගුරු උරුක් කරන් ඒවා බ්ලාස්ට් කරනවා. තව ටිකක් සංවර්ධනය කළ නම් පොර පොල් වගේ ජාතික ක්රීුඩාවක් ආරම්භ කරන්න තිබුණා. දහයාමාරට පටන් ගත්ත වලිය කූටප්රා ප්තියට පත් වුනේ 11.15 විතර වෙන කොට මේ වෙන කොට A3 ක්රී්ඩාගාරය වගේ ම N3 විවෘත හා දුරස්ථ අධ්ය‍යන කේන්ද්රනය ආදී උස් තැන්වල අතුරු සිදුරු නැතිව කට්ටිය පිරිලා. ඒවා A ශ්රේ ණියේ නැරඹුම් මැදිරි.
“නුවරු සඳලු සිය දහස් පුරා නැඟෙමින් ඝෝෂා දෙන්නට වන. ජනී ජනයා මැසි මත්තෙහි මැසි බඳිමින් කුමක් වන්නේ දෝහෝයි බලා සිටියහ. අයෙක් අනේ අපොයි! කීහ. තවකෙක් සාධු සාධූ යැයි කියන්නට වන.”
- විද්යායචක්රහවර්තී, බුත්සරණ - නාලාගිරි දමනය
මහපාර තමයි එකම අභය ස්ථානය. පාර පුරා පොලිස් ආරක්ෂාව. කැලණි පොලිස් අධිකාරී කිත්සිරි ගනේගම මහත්තයා 61-7142 නිල රථයෙන් සිද්ධියට එන්ටර් වුනේ මේ වෙලාවේ. සයිරන් ගහගෙන පළාතම අඩවගෙන ආපු ගනේගම අංකල් නිසා හිටපු පොලිස්කාරයින්ට සේලයින් ටිකක් ලැබුණා. ප්රොථම කඳුළු ගෑස් ප්රගහාරයටත් අණ දුන්නේ ගනේගම. නමුත් කිසිම විටක ගැටුම පාලනයට පොලිසියට නිල වශයෙන් අවසර ලැබුණේ නෑ. ඔවුන් කළේ මහජන හා දේපළ ආරක්ෂාව වෙනුවෙන් කැරලිකාරී පිරිස් මර්දනය කර විසිරුවා හැරීම පමණයි. LE - 9019 සෝකෝ රථයක් තෙල් බැම්ම ඉස්සරහ නතර කරගෙන ජිම් එක හා විද්යාණ පීඨය අතර මහපාරේ පොලිසිය හිටියේ ගැටුම තරමක් හෝ නතර කරන අදහසින්.

වාර්ෂික චාරිකාව

දැන් වැහි කාලේ උනාට අපේ අධ්ය යනාංශ වල ඇත්තන්ට වාර්ෂික චාරිකා එහෙම යන්න මතක් වෙන්නේ මේ කාලේ තමා. චාරිකා ගැන කතා කරද්දි මා අයත් වන සංචාරණ විශේෂවේදී අධ්යයයන චාරිකා සඳහා ඇත්තේ කුප්රතකට ඉතිහාසයක්. අපේ උන්දැලා චාරිකා සංවිධානයේ කොපමණ කෙළ පැමිණි ද කිව්වොත් එපමණ කෙළ පැමිණියි. අපි දවස් දෙකේ චාරිකා තනි දවසින් ගිහින් ආපු උදවිය. තව පැය අටක් කොළඹ සිට නුවරට චන්දනාවේ ගිය අය. ගිය පාරත් ෆීල්ඩ් ට්රිිප් එක කුජීත වෙච්ච නිසා මේ පාර වැඩේ හරියට කරමු කියලා කස්ටිය කතා වුනා.
අපරාදේ කියන්න බෑ දින දෙකක් අනුමත කරගෙන අපි වැඩේට බැස්සා. දැන් කොහේ ද යන්නේ??? කොහේ ද යන්න ඕනෙ??? සභාපතිතුමා ප්ර ශ්නයක් ඇහුවා. අපි යන්නේ දකුණට හයිලෙවල් පාරෙන් ගිහින් ගාලු පාරෙන් එන්නයි හිතන් ඉන්නේ.... නරක ම නෑ. හැබැයි අපිට නූතන ලංකාවේ අගනගරය බලන්න ඕනෑ. හරි අපි හම්න්තොට පෙන්නන්න ලෑස්තියි. මේ එකඟතාවයන් මැද අපි ගමනට ලැහැස්ති වුනා. වවුල්පනේ ගුහාව, හුම්මානය, උණවටුන ආදී කී නොකී දාහක් ස්ථාන අත්හැර දැමූ අපි පහුගිය 14 වැනිදා පහේ කණිසමට චාරිකාව ආරම්භ කළා.
මුලින් ම ගියේ බෝපත් ඇල්ලට. දැන් නම් ඒක බලන්න යනවට වඩා හොඳයි නොගිහින් ඉන්න එක. ඒ තරම් ම පරිසරය විනාශ කරලා. බෝතල් කටු හැම තැන ම. ප්රා දේශීය සභාවෙන් රු.6/=ක මුදලක් අය කළාට එහි කිසිදු සංවර්ධනයක් නෑ. අඩුම වශයෙන් පිටාර යන ගංගාව තරණය කරමින් එහා ඉවුරට යන්න ක්ර මයක් නෑ. මගේ වෙලාවට පාරු කරුවෙක් කැඩුණු පාරුවක් අලුත්වැඩියා කරන්න ඉවුරට ගෙනාවා. පාරුවක් කිව්වට උණ බම්බු පුරුද්දපු පැළැල්ලක්. දැන් මට ඉවසිල්ලක් නෑ මේකට නඟින්න. පාරු කාරයා නම් ගොඩ දාගත්තැකි. නමුත් නිසි බලධාරියා තමා අවුල වෙන්නේ??
කලින් කියන්න බැරි වුනානේ. කාන්තා පාර්ශවයත් ගිය නිසා වගකීම පිළිබඳ විශාල ගැටලුවක් මතු වුනත් මෙලාති සල්ඩින් අපේ ආචාර්යවරිය තනිවම ඒ සියල්ල බලා ගත්තා. නිලන්ත රාමනායක සහ දර්ශන රත්නායක යන ආචාර්යවරුත් විශාල සහයෝගයක් දුන්නත් සම්පූර්ණ වගකීම කරට ගත්තේ මැඩම් තමා. ඒ අතින් නම් ඈ යකඩ ගැහැනියක්. මං ඉතිං කුණු කුණු ගාලා පාරුවට නැඟ ගත්තා...... කරුමයක මහත පාරු කාරයා මාවත් ඊට නැඟගත් අපේ අටුවාවත් අරං එහා ඉවුරට ගමන් කළා. අපූරු වැඩේ. වතුර තිබුණේ ඔහුගේ පපුව හරියට පාරුකරු දියේ බැහැලා පාරුව තල්ලු කරනවා. වතුරේ නිසා සීයක් දැම්මත් බරක් නෑ.
එහා ඉවුරට ගිය අපි ඉහළට ම ගිහින් සේයා රූ ලබා ගෙන ඉක්මණට පැමිණියේ නැත්නම් බැණුම් කෙළ කෝටියක් අහන්න වෙන නිසා. අපිව එගොඩ කළාට සන්තෝෂට වශයෙන් මං රුපියල් පණහක් දුන්නත් ඔහු ගන්න බෑ කිව්වා. අපි උදේට කෑවෙත් බෝපත් ඇල්ලෙන් මයි. ඒ ළඟ ගෙදරක ඉන්න ආච්චි කෙනෙක් එක්ක කතා කළා ම අපිට බොන්න වතුර දුන්නා. අපරාදේ කියන්න බෑ අපේ ගෙදර වගේ ලෑලි බංකුවකට වෙලා කෑවා. දැන් මගේ නෑයෝ එහෙත් ඉන්නවා.
මීළඟට අපි නැරඹුවේ සංඛපාල විහාරය. වැඩි දෙයක් කියන්න නෑ. හැබැයි එහි දොරක ලියා තිබූ දහ අට කවිය ද මොකක්ද එකක් මේ ගමනේ දී මට දකින්න ලැබුණා. ඇඹිලිපිටියේ අපේ සගයෙක් තමා ඒක පෙන්නුවේ. කොයි පැත්තට කියෙව්වත් සිව්පද කවියක් ඉන් ලැබෙනවා. මීළඟ සැරේ ගියා ම ඔබත් බලන්න.
සවස් වෙන කොට අපි උඩවළව ජාතික වන උද්යානනය නරඹන්න යොදා ගෙන තිබුණා. මා පුද්ගලිකව ලද භාග්යවවත් ම අවස්ථාවක් ලෙස එය සඳහන් කරන්න පුළුවන්. අපේ බස් එකේ පිරිස හැත්තෑවකට අධිකයි. නමුත් අපි වෙනුවෙන් උඩවළව සෆාරි හෝටලයේ ෆෝ වීල් ඩ්රුයිව් කැබ් රථ හතරක් සූදානම් වී සිටියා. පාක් එක සවස වහනකම් ම අපි රවුම් ගැහුවා. හැබැයි ඉතිං අලි විතරයි දැක්කේ. නමුත් අමතක නොවන ගමනක් වුනේ වළවල් ගොඩැලි මතින් යන ජීප් රථයේ ප්ර වේශමෙන් දෙඅතින් නොඅල්ලා සිටීම. අපි ඊට ඔට්ටුවක් දැම්මා. උණ හපුළුවා වගේ එල්ලී ගිය මට එය අමාරු වුනේ නෑ. හැබැයි අපරික්ෂාකාරීව ගමන් කිරීම යටතේ මිස් නම් කණ පැළෙන්න බැන්නා.


video

Thursday, May 20, 2010

පමා වූ ලියමන





මේ දවස් වල හරිම වැඩ. ඒ නිසා කිසිවක් ගැටගහ ගන්නත් වෙලාවක් තිබුණේ නැති තරම්. නමුත් දැන් කාලේ සිදු වුන දේවල් ගැන කතා කරනවාට වඩා අයිනක් අල්ලන් හිතන්න දේවල් හුඟක් තිෙයනව කියලයි මට නම් හිතෙන්නේ???... මුලින් ම පහුගිය කාලේ අපේ විශ්ව විද්යා්ල ආර්ථික විද්යාි අධ්යැයන අංශයේ සිසුවියක් මිය ගිය පුවතක් වාර්තා වුනා නේ... අර පත්තර වලත් ගියේ. අකාලයේ මියගිය ඒ සොයුරියට නිවන් සුව ලැබේවායි පතනවා. අපේ ක්ලෝසා නම් මළගෙදර ගියා. ඒ වගේ ම තවත් ඛේදනීය සිදුවීමක් වුනේ දෙවන වසර සභාපති මාතලන් සොයුරාට අමානුෂික ලෙස පහර දීම සහ ඉන් ඔහුට බලවත් ලෙස ශාරීරිකව තුවාල සිදු වීමයි.
කතන්දරේ හැටියට රෑ කෑමට කඩේට ගියපු මාතලන්ට විද්යාබපීඨ සිසුන් පහර දුන් බවයි කියැවෙන්නේ. ඉන් ඔහුගේ උකුල් ඇටයට තුවාල වුනා. හොයලා බලපුවා ම හරි අපූරු කතා තමයි අපේ ම සගයොත් කිව්වේ.. මචං ඔය අ----නේ ගහලා තියෙන්නේ. ඌ කොහොමත් පාතාලයා. කස්ටිය ම ඒ කොල්ලා ගැන විවිධ ප්රඔතිරූප මවා පෙන්වීමක් කළා. අහපු හැටියට මං හිතුවේ නම් මේ ප්රතභාකරන් තරම් ගණන් කාරයෙක් වෙන්නැති කියලා. (කාරණේ ඇත්ත තමා) හැබැයි සියලු මූලාශ්ර අනුව මේ පුද්ගලයා පීඨය විසින් නොසලකා හරින ලද තත්ත්වයක් පෙනුනා. කවුරුත් ඔවුට පක්ෂව මතයක් ප්ර‍කාශ කළේ නෑ. තවද කවුරුත් මේ සිද්ධිය පිටින් දමා විශ්ව විද්යානල කටයුතු වලට බාධා පමුණුවන්න දරුණුවට උත්සහ කළේ නෑ.
ඒක තරමක් සුභවාදී තත්ත්වයක්. පහුගිය කාලය පුරාවට ම පොඩි පොඩි ගල් පාරවල් නම් ගියා තමා. ඒත් ගැටුමක් සඳහා මඟ පෑදුනේ ම නැති තරම්. පොලීසියත් සීරුෙවන් සිටි නිසා සියල්ල යථා පරිදි සිදුවුනා. ඇත්තට ම කිව්වොත් විද්යාම පීඨ සිසුන්ට උනත් ශිෂ්යි ක්රි යාකාරිකයකුට පහර දීම එතරම් බරපතල සිදුවීමක් වුනේ නෑ. ඒක අපේ වැඩක් නෙමේනේ කියන එක තමයි හැමෝගේ ම අදහස වුනේ. කවුරුත් අවම වශයෙන් තුවාල ලැබූ උන්ට මොකක් උනාද කියලවත් බැලුවේ නෑ. (මමත් හේම තමා) නමුත් මුහුණු පොතේ එහෙම හරි නිර්භීතව මේ වලි නිසා අසාධාරණයට ලක් වන සිසුන් අදහස් දැක්වීම සාධනීය ලක්ෂණයක්. අඩුම තරමේ ඊට තමන් විරුද්ධ බව වත් කියාගන්න පුළුවන් වුනා නේ.
කොහොම නමුත් මේ පහර දීමෙන් පසුව විද්යාවපීඨ සිසුන් මැරයන් ලෙස හංවඩු ගැහෙන්න වුනා. තාප්පයේ විශාල පෝස්ටරයක් එහෙම ප්ර්දර්ශනය වෙද්දි වමාර ගන්න බැරුව තම නිර්දෝශී භාවය වෙනුවෙන් පෙනී සිටින්න ඔවුන්ට සිදු වුනා. ඊට ඔවුන් යොදාගෙන තිබුණේ හාෆ්ෂීට් කොළ කිහිපයක් පමණයි.




කරුණු කාරණා මේ අයුරින් සිදු වෙද්දි ‍නැවතත් ආසන්න වශයෙන් වලියක සේයාවක් දකින්න ලැබුණේ 18 වැනිදා උදේ ජිම් කැන්ටිම ඉස්සරහ දී. විශාල පිරිසක් විද්යාවපීඨ සහෝදරයකුට වට කරගෙන ගැහුවා. අනේ මම කාරණේ නම් දන්නේ නෑ. (හැබැයි කලින් තුවාල ලද මාතලන් සහෝදරයා මහපොල අත්සන් කිරීමට පැමිණි නිසා කට්ටිය ටිකක් මොරාල් පිට හිටියේ) පස්සේ ගුටිකාපු එකා වැස්සේ ම තෙමි තෙමී යන්න ගියා. මේ හේතුවෙන් ජිම් කැන්ටිම නොනිල වශයෙන් විද්යා සිසුන්ට තහනම් කළාපයක් වුනා. පස්සේ නම් අවුලක් වුනේ නෑ වැස්ස තමා කොස්සකට හිටියේ. මේ නිසා සියලු ම අධ්යහයනාංශ සවස තුන වන විට වසා දමන්න නියෝග කෙරුණා. සියලු දේශන අවලංගු වූ අතර අපිත් හූල්ල හූල්ල ගෙදර ආවා. ඇයි යකෝ අද දේශන ඉවර වුනේ දහයටනේ. තැපලා තැපලා අන්තිමට නාගෙන ලෙක්චර්ස් ගියා ම නැතිලු අපිට ගෙදර යන්නලු.... පුහ් උන්ට ගිය රට!!!

ආචාර්යවරුන් උඩු බුරද්දී ශිෂ්යෙයෝ හඳට වෙඩි තැබූහ..

පහුගිය දවස් වල ලංකාවේ ශිෂ්යත ව්යාඇපාරය ගැන අවධානය යොමු කරන පිරිස් වලට වැදගත් මාතෘකාවක් වුනේ සමසෞඛ්යිය උපාධිය අවුරුදු තුනකට සීමා කිරීම සම්බන්ධයෙන් කොළඹ විහාරමහා දේවී උද්යාානයේ සිට උසස් අධ්යායපන කොමිසන් සභාවට දියත් කළ පා ගමන. මෑත ඉතිහාසයේ පා ගමනක් සංවිධානය කළොත් රජය කරන්නේ පාර වහල, කාකි කාරයො දාලා හරස් කරලා කඩාකප්පල් කරන එක. ඉතිං අපේ අයියලත් ඕන එකටයි එපා එකටයි හැම ඉලව්වකට ම ස්ට්රැයයික් කරලා රජයෙන් ගල් මුල් එල්ල වෙද්දී ශිෂ්යය මර්දනය කියලා කෑ මොර දෙනවා. මේක ඇත්තට ම කිව්වොත් අර මහගෙදර වගේ මෙගා නාටක වල වෙන විදියේ සංකීර්ණ ජවනිකා රඟදැක්වීමක්. රජය මර්දනය මුදා හරින තරමට ම ශිෂ්යේ නිදහස නැති බව සනාථ වන ආකාරයට කරුණු එකතු වෙනවා. ඉතිං අහක ඉඳන් ගුටි කන අය, ලේ පෙරා ගන්න අය තවත් මහා පුරුෂයන් වෙන්න සතියක් දෙකක් ආණ්ඩුවේ බෝඩිමට යන අය සිසු විරුවන් නැත්නම් පොරවල් වෙනවා.
කයිවාරුකාර අයියලා තැන පෙන්නා ගන්න කියන කතා එමටයි. “දැක්කනේ අපි පාරට බැස්සොත් ඔය කවුරු කවුරුත් බයයි. අපිට මේක වහන්නත් පුළුවන් අරින්නත් පුළුවන්.” මේ ආකාරයේ කතන්දර පිකට් එකකට පස්සේ හරිම සාමාන්යලයයි. නමුත් පසුගියදා ඒ ආකාරයට වැඩ පෙන්නපු පිරිසට දන්නෙ ම නැතිව බොරු වලකට වැටෙන්න සිද්ධ වුනේ අපේ ලොක්කයියාට පින් සිද්ධ වෙන්න. ජවිපේ සීනුවෙන් ම එහි මළගම හඩවපු, එජාපය බංකොළොත් කරපු යූ.එන් එකත් කොටවපු ලොක්කයියාට ලංකාවේ ශිෂ්ය් ව්යා පාරය කියන්නේ කජ්ජක් නෙමේ. හැමදා ම අහක ඉන්න උන්ට පොරවල් වෙන්න දෙන්නේ මොකට ද කියලා රටකරවන රාළ අපූරු සැළසුමක් ගහලා තිබුණා.
නිකමට හිතන්න ඔය කරන උද්ඝෝෂණ වලදී පාරවල් හරස් කරන්න අණ දෙන්නේ කවුද? අහන්න දෙයක් යෑ මහතැනින් එන අණ නොවැ!! උද්ඝෝෂණ හැම එකක් ම රජයට විරුද්ධව එල්ල වෙන නිසා ඒවා රජය මගින් මර්දනය යොදවා පාලනය කරනවා කියලා ඔබ කියාවි. රජය අපකීර්තියට පත් වන නිසා එහෙම කරන්න වෙනවනේ තාමත් කැන්වසින් කරන කෙනෙක් කඩේ යාවි. නමුත් ඇත්තටම සොයා බැලුවොත් රජයේ නිලධාරීන් උද්ඝෝෂණ ගැන දැන ගන්නේ ඒ පිළිබඳ මාධ්යවන් විසින් අදාල ඇමතිගේ වොයිස් කට් එකක් ගන්න ගියාමයි. ඔන්න ඕකයි තත්වෙ. හැබැයි කාරණාව ඉස්සෙල්ලම ආරංචි වෙන්නේ පළාතේ ඩී. අයි. ජී ප්ර්මුඛ පොලිසියට. නමුත් උදේ වෙනකම් කට හොල්ලන් නැතුව ඉඳලා......... වෙලාව ආවම පාර හරස් කරලා මාර්ග බාධක දාලා කඳුළු ගෑස්, බැටන් ප්රොහාරයක් හේම දීලා පොඩි වැඩ කිඩ පාරක් පෙන්නලා මාධ්ය්යට මූණ පෙන්නගෙන මහ තැන ඇහුවම “වැඩේ හරි සෑර්” කියලා උසස් වීමක් ගන්න දත කන කාකි කෝට් පප්පලා තමයි මේ විදියට පෙළපාලි හරස් කරන්නේ. කස්ටිය හිතන්නේ ඒක හරි ලොකු වැඩක් කියලයි. තමන් රජයේ නිලධාරියෙක් විදියට රජය බේරා ගැනීමට නිර්භීතව තීරණ ගත් නිසා තමන්ට වර දානයක් ලැබෙයි කියලයි කාකි කුක්කෝ හිතන් ඉන්නේ..
හැබැයි මේ අමනෝඥ කටයුත්තෙන් නැවත අසරණ වෙන්නේ රජය නිසා පෙළපාලිකරුවන් සමඟ කතා කරන්න කියලා කින් බානට් තුමා ම උපදෙස් දුන්නා. අදාළ ඇමතියත් කස්ටියව කටපුරා හිනාවෙලා පිළිගෙන ඔරේන්ජ් බාර්ලි බෝතලයක් හේම දීලා ෂේප් කරගත්තේ තමන් අලුත් නිසාත් නියෝජ්යය නිසාත් කිඹුලන්ගෙන් බේරෙන්න පුළුවන් බව දන්න නිසා. “අනේ මං තාම අලුත් නොවැ. මහ හූරත් තාම ආවෙනෑ මයෙ හිතේ... උන්දෑ ආවම කීන්ඩන් බොලා ඇවිත් මහේ සෝලි තියල ගියැයි කියලා...තරහා ගන්ඩ කාරි නෑ ආයිබෝන්. මං කියල මක්කයි කොරන්නේ” ඔව් ඔව් උඹ බබා....
උතුමාණන්ගේ අණින් එතුමා කතා කරලා කාරිණේ විසඳා ගත්තා. තමන්ගේ අත්සනින් ම ලියුමක් දුන්නා රාමු කරලා එල්ල ගන්න කියලා. දැන් ඉතිං මුන්ට නින්ද යාවි. විසිර යන සරසවි සිසුන් දිහා බලා ගෙන ඇමති තුමා කිව්වා. ඒත් සර් මොනාහරි කරන්න වෙයිනේ?? ලේකම් කෙල්ල කිව්ව හ්ම්.... එතුමා තනි වචනෙන් උත්තර දුන්නා.
කොහොම වුනත් ලොක්කගේ නුවණ නිසා අයියලාට පොරවල් වෙන්න බැරි උනා. හැබැයි ලියුම පෙන්න පෙන්න කිව්වේ “ඇමතිතුමා අපිට පොරොන්දු වුනා මේ ප්රමශ්නයට විසඳුමක් දෙනවා කියලා. ඉතිං අපි උද්ඝෝෂණය නිමා කළා” කියලයි. තමන් ඇන්දිච්ච බව රටට ම කියන්න තරම් අවංක වෙච්ච නායකතුමා සීතාම්බර සළු ඇඳගෙන වීදි සංචාරය කරපු රජතුමා වගේ කියලයි මට නම් හිතෙන්නේ
මේ අතර කැලණියේ අග රජතුමාගේ අමාත්යංුශය මාරු කර නව වාරිමාර්ග නියෝජ්යඅ ඇමති වුනාට පස්සේ අපේ ආචාර මණ්ඩලය “නව ජනමාධ්යා නියෝජ්යහ ඇමතිතුමාට අපේ සුභ පැතුම්” කියලා පත්තරේ ඇඩ් එකක් දාපු නිසා කස්ටිය කුජීත වෙලා තියෙන්නේ. ඒ අතින් අපේ විශ්ව විද්යාඅල ප්‍ා ජාව හරි අවංකයි අප්පා.. දැන් බලන්න විද්යාසර්ථින් තමන් මුග්ධයන් බව ප්ර සිද්ධ මාධ්යවයෙන් ප්රුකාශ කරන කොට ආචාර්යවරු අමු නිර්වස්ත්රයයෙන් ඉඳන් තමන්ගේ පිට කොන්දේ රබර් මිශ්රිණයක් ඇති බව ඔප්පු කරනවා...!! කියන්න බෑනේ හදිසියේවත් මහපොළ වැඩි වෙලා තමන්ටත් උපකුළපතිකම නැතත් අංශ ප්රදධානකමක්වත් ලැබුණොත්????

Wednesday, May 5, 2010

අවුරුදු උදානය මළ දානයක් වූ හැටි...............

[Episode 2]
උදේ වරුවේ තිබුණු තරඟ නම් සෑහෙන්න සාර්ථකව පවත්වන්න හැකිවුනා. හැම තරඟයක් සඳහා ම විශාල සහභාගීත්වයක් තිබුණා. නිවේදක ඇතා අයියා කට කැඩෙනකම් නෙල්ලි ගහ අසල රැඳී ඉන්න පිරිසටත් බිමට බැහැලා තරඟ කරන්නැයි ඉල්ලා සිටියා. ඊට හේතු වුනේ තරඟ වලට සහභාගී වෙන්න ක්රීීඩා පිටියේ සිටි තරඟකරුවන්ටත් වඩා සෙනඟක් නරඹන්නන් විදියට සිටීම. ඇණපති හෙවත් ඇණ කුමරා තේරීම අවුරුදු උත්සවට ජීවයක් එක් කරන්න සමත් වූ තවත් අංගයක්. සැරින් සැරේ ඇණ කුමරා ලෙස ඉදිරියෙන් ම සිටින්නේ කවුද යන්න කියැවුණා. අපේ යාළුවෝ නම් කිව්වේ “මචං නියම තැනක තියෙන නියෙම තරගයක් කියලයි.” හැමෝ ම අතේ ජංගමයින් සිටි නිසා නරඹන්නුත් තම සගයින්ට එසමක් කොටන්න ලෝභ වුනේ නෑ. ඇයි කිව්වොත් යකඩ කටින් තමන් කැමති ඇණ කුමාරයා පෙරමුණේ බව ඒ වෙලාවෙම කියැවෙනවානේ.. ඉතිං කාට ද ආඩම්බර???
පිටිය මැද පැවති එල්ලේ තරගය ගැනත් කතා නොකර ම බෑ. අපෝ බං ඒ බෝලෙන් පුළුවන් ද එල්ලේ ගහන්න. ඇත්ත සුළං පාරට ඒ ප්ලාස්ටික් පන්දුව පාවී යාම විශාල අසාධාරණයක් තමයි. නමුත් අපේ කණ්ඩායම් ඒ ගැන නොතකා තරග කරන්නට තරම් අභියෝගාත්මක වුනා කිව්වොත් නිවැරදියි. උපරිම කණ්ඩායමක් ලකුණු පහක් ගහන්න ඇති. හැබැයි ඊට වඩා එල්ලේ තරගය විශාල වින්දනයක් සැපයුවා. ඉදිකට්ටට නූල දැමීම, හැන්ද මත දෙහි ගෙඩිය තියන් යාම ගැහැණු සහ පිරිමි තරග විශාල ආකර්ෂණයක් දිනා ගත් තරග වුනා. විශේෂයෙන් කකුල් බැඳ දිවීමේ තරගය, ගත්තොත් හැම දෙනාම බලා සිටියේ වැටෙන ජෝඩු ගාන ගණන් කරන්න. ඒත් හරි පහසුවෙන් එක් තරගකරුවන් යුගලයක් එය ජය ගත්තා. හැමෝ ම උන් හිටි තැන් වලට වෙලා කකුල් ගළවා ගැනීම ලස්සනට ඈතට දර්ශනය වුනා. බෝතලයට වතුර පිරවීමත් හරි අපූරුයි. වෙනදා හස්ති රාජයින් වගේ බෝතලේ ඉස්සරහ කොකන් පාන අපේ අයියලා දුක්ඛිතයින් සේ බෝතල් ඉස්සරහ දණ ගහගෙන වතුර පුරවනවා දැක්ක ම බඩේ ගින්දරේ බැරුවා. කට්ටිය නම් කිව්වේ ඒක කෙල්ලන්ගේ හපන්කමක් කියලා. මොකද ඒක යුගල තරගයක්නේ???
සමස්තයක් හැටියට තරගවල විශාල උණුසුමක් තිබුණා. ඒත් කැපී පෙනෙන ලක්ෂය වුනේ කොයි තරගය ගත්තත් ඉක්මණට අවසාන වීම. හැම තරගයක ම සුවිශේෂී යුගලක් හෝ තරගකරුවෙක් අන් සියල්ලන්ටත් කළින් අවසන් කරලා පැය ගාණක් බලන් සිටියා දෙවනියා තුන් වෙනියා එනකම්. අපි ගාව හැම තරගයකට ම වෘත්තිමය ක්රීඩකයන් සිටින බව ඉන් ඔප්පු වෙනවා. සමහර විට ක්රී ඩා සංගමය විසින් සංවිධානය කළ නිසා එසේ වුනා වෙන්නත් පුළුවන්.
මෛමතය අනුව නම් සමස්ත ක්රීළඩා උළෙල උඩු යටිකුරු වුනේ කඹ ඇදීමටත් වඩා කොට්ටපොර තරගයේ සිටයි කිව්වොත් නිවැරදියි. අන්න එතන දී............ තමයි අපේ ගෝත්රික භාවය කැපි පෙනෙන ලෙස ඉස්මතු වෙන්නේ. මුලින් මුලින් අපේ අපේ අයියලා කොට්ටා පොර ගහ ගත්තත් පස්සේ එතෙන්ට විද්යානපීඨයත් එකතු වුනා. “ආ ගහපන්....ගහපන්..කියාගෙන හුරේ දාගෙන ගැන්සි පිටින් කොට්ටා පොරය ආක්ර්මණය කරද්දි අපි ටික ටික ඉවත් වුනා. මොක නමුන් ග්ලැඩියේටර්ලා වැනි සුපිරි ක්රීඩකයින් ටිකක් එකට එක්කළ කොට්ටා පොරය තුළ විනෝදය අතරේ ම තමන්ගේ පීඨයට ජය ලැබිය යුතුයි කියන සංකල්පයත් පෙරට ආවා. මේ ප්ර බෝධනය තමා අවසානයේ ගැටුමක් කරා වර්ධනය වන්නේ.. කතාවටත් ප්ර්බෝධයේ අවසානය ඛේදවාචකයකි කියනවනේ....???
සරසවි කුමරා කුමරිය වගේ තරග රාශියක් පවත්වන්නට තිබෙන අතරේ කාන්තා කඹ ඇදීම ඉතා සාර්ථකව නිමා වුනා. පස්සේ පිරිමි කඹ ඇදීමත් තුනෙන් දෙක කලා පීඨය දින්නා. ඒත් (වාර්තා අනුව) අවසාන තරගය විද්යාු පීඨය දින්නා. ඔවුන් වංචාවක් කළ බවට චෝදනා එල්ල වුනේ ඔවුන්ගේ කණ්ඩායමේ අවසානය නොපෙනුන නිසා. කතාව ටිකක් දුර දිග ගියා ම විද්යා පීඨ බුවෙක් හිටවලා තිබුණ එල්ලේ කට්ටියක පොල්ලකුත් උස්සන් ආවා. සියල්ලන් සමථයකට පත් කරන්න උත්සහ ගන්න අතරේ සවුන්ඩ්ස් කළ අයියලා සන් සන් ගාලා ලොරියට බඩු පටවන් මාරු වෙලා. ප්රථධාන සංවිධායකතුමා පාරේ සිට පාලක මැදිරිය අමතනවා. ලෙඩ කෝටියයි. මේ අලකලංචි මැද අවුරුදු උදානය, මළ දානයක් නොවී බේර ගන්න අපිට හැකි උනත් සයන්ස්කාරයෙක් හොස්සපිටල් එකේ. අපි ඉතිං වැඩක් කළොත් හත් පොළේ.. අනේ ඉතිං මේම වුනේ අපේ අවුරුදු උදානයයි කියලා හිතෙන කොටත් විලි ලැජ්ජාවේ සන්තෝ්සේ බෑ......!!!
ප/ලි
හැබැයි මේ මොනවා වුනත් එදා මහතැන විශ්ව විද්යාතලයේ සිටියා නම් මෙසේ නොවන බව කස්ටිය කතා වුනා. මේ කියන දවසේ ඒ මහතාට වර්ජනයක් සඳහා සහභාගී වෙන්න සිදු වුනා. ඇමතිතුමාත් බල්ලා වගේ ඇවිත් තමාව හමු වූ නිසා කාගෙත් සුරතලා ඉතා සතුටින් හිටියේ. කොමිසන් සභාවෙන් එළි බැහැලා සතුට දෝර යන්න තප්පුලෑව විදියෙන් ම ඒක පැහැදිලි වුනා. ඒකත් මෑතකදී සිදු වූ ඉතිහාසගත වන ජයක් තමා...
අතුරු කතාව
පහුවෙනිදා එනම් බදාදා ජිම් කැන්ටිමට විද්යාා පීඨ සිසුන් ගල් ප්රසරහායක් එල්ල කළා. ප්රයහාරයක් කීවට උපරිම වශයෙන් ගල් දෙකක්. තව ටිකෙන් ක්ලෑෂ් ඔෆ් ද ටයිටන්ස් 2 ක්ලෑෂ් ඔෆ් ද කැලණිය දැක ගන්න තිබුණා. ඒත් දෙගොල්ලන් ම ඉස්සර වෙන්න කලියෙන් පොලිස් ජීප් එකක් කන්ද නැඟ ගෙන ආ නිසා අජරාමර වින්දනීය අවස්ථාවක් මඟ ඇරුණා. ඇරත් දැන් ම වහගෙන කිසි ආතල් එකක් නෑනේ. (මල්ලි තැටිය රත් වුනා ම රොටි පුච්චමු. හදිසියක් නෑනේ???) දෙපිරිස ම සමාදාන වුනා. නමුත් සවස පහ විතර වෙද්දි විද්යා පීඨය සෝදා දාලා වගේ මළ පාළුයකින් තමා තිබුණේ. බල්ලෙක් තියා බලු මැක්කෙක් වත් නෑ. ඔය අතරේ තෙල් බැම්ම ඉස්සරහ වමේ කස්ටිය නම් රැස්වීමක් වගේ පැවැත්වුවා.. “මචං හෙටත් ඇවිලෙයිද කියලා මං එකෙක්ගෙන් අහපුවා ම”..... “කෝ මේ නොන්ටිගේ පුතාලා නගුට වලිගේ අස්සේ ගහගෙන යන්න ගිහින්නේ”.... යැයි කියමින් බුවෙක් හරියට විස්සෝප වුනා....

අවුරුදු උදානය මළ දානයක් වූ හැටි...............

[Episode 1]

බලු දාන ගැන කියලා දැන් කියන්න වෙලා තියෙන්නේ මළ දානයක් ගැන. ‘විනාස කාලේ විපරීත බුද්ධිඃ’ මෙදා පොටේ අපේ කැම්පස් එකේ අවුරුදු හරි ම ජයයි. මොක ද අපිට අවුරුදු උත්සව දෙකක් ම තිබුණා. කරුණු කාරණා හරිහැටි හොයා බැලුවොත් ඔබට තේරේවි ගෙවල් පැත්තේ අවුරුදු උත්සව අඩු වෙලා නේ ද? කියලා. ගිය පාර ඔබ බනිස් කාපු, ගම හරහා දුවපු ගමේ අවුරුදු උත්සවය මෙවර සංවිධානය උනේ අඩුවෙන්. රටේ ම තත්ත්වය මෙහෙ ම තමා. හැබැයි උතුරු නැගෙනහිර ඊට සාපේක්ෂව අවුරුදු උත්සව රජය සහ පුද්ගලික අංශය මගින් සංවිධානය කළා. විශේෂයෙන් ම ගමේ තියන අවුරුදු උත්සවේත් නිල මාධ්‍ය ආවරණය, තෑගි සඳහා අනුග්රහය, නිල බනිස් සැපයුම්කරු, බැලුම් සඳහා එක ම නාමය, ග්රීස් නම් ග්රීස්, කඹ නම් අදින කඹ ආදි වශයෙන් හවුල්කාර ආයතන රැ‍සක් සහභාගී වීම සමහරැන්ගේ නම් අමනාපයට හේතු වුනා. ඒ අය කිව්වේ ඒකෙන්අපේ සංස්කෘතිය එල්ල වෙනවා කියලයි. නමුත් ඇත්ත කතාව නම් මේ ආයතන නැතිව අද අවුරුදු උත්සව කරන්න බෑ. ඒකට වියදම් කරන්න මිනිස්සු නෑ. පුද්ගලික දායකත්වයෙන් කළ අවුරුදු උත්සව අඩු වෙනකොට මේ සමාගම් අනුග්රහ දෙන්න පෙළඹෙනවා. හැබැයි උනුත් දෙන තරමක් දෙන්නේ ඇති තැනට මයි. නැත්නම් අවුරුදු ක්රීඩා වැඩිම, ආදී වශයෙන් යම් වර්ගීකරණයකට ලක් කරලා.

අපේ මේ දෙවන අවුරුදු උත්සවය පැවැත්වුනේ 04 වැනි අඟහරුවාදා. එක ම කැම්පස් එකක අවුරුදු උත්සව දෙකක් මොකට ද? කස්ටිය ඇහුව ම මටත් දෙන්න උත්තරයක් නැති වුනා. ඇයි එක ම ගමේ අවුරුදු උත්සව දෙකක් තියෙන් නැද්ද? මං ප්රස්නයක් ම දාලා ජාමේ බේර ගත්තට අවංකව මට හරි උත්තරයක් නෑ. සරලව කිව්වොත් සංවිධායකයින් දෙපිරිසක් බව පැහැදිලියි. ඒත් අයිසේ උතුර දකුණ එකමුතු කරපු මේ අවුරුද්දේ නිල රාජ්‍ය අවුරුදු උත්සවයත් ‘සිංහල අවුරුදු උදානය’ කියලා නම් නොකර ‘ජාතික අවුරුදු උදානය’ නමින් නම් කර තිරිකුණාමලේ දමිළ ජනතාව සමඟ තියද්දි අපි තාමත් පීඨ අනුව බෙදාගෙන හරිම ගෝත්රික විදියට අවුරුදු උත්සව කරනවා. ඒක නම් පට්ට විහිළුවක්??

සරසවි ක්රීඩා කවුන්සිලය සංවිධානය දරපු මෙය විද්‍යා පීඨ අවුරුදු උළෙලට වඩා අතිශය සංවිධානාත්මකව පැවතුනා. විද්‍යා පීඨ අවුරුදු උළෙලේ දී නම් වෙනත් පීඨ වලට තරග සඳහා සහභාගී වීමට යම් සීමා තිබුණා. කඹ ඇදීම වැනි විවෘත තරග කිහිපයක් ද එහි තිබූ බව කිව යුතුයි. නමුත් මෙහි සියලු තරග සිසුන්ට විවෘතව පැවතියා. තවද ප්රථම වසර නංගිලා මල්ලිලාගේ දායකත්වය කැපී පෙනුනා. ඒ අය තමා නියම විදියට අවුරුදු උදානය හා එකතු වුනේ.

අවුරුදු උළෙල මෙගා ඉවෙන්ට් එකක් වෙන්නේ ඒකට ඇදෙන සෙනඟ කන්දරාව අනුව විද්‍යා පීඨ අවුරුදු උත්සවේට යමුද කියලා ඇහුව ම ගොඩක් අය කිව්වේ අපෝ ඒකට අපිට යන්න බෑනේ. නිකං අව්වේ කර වෙලා එන්න බෑ කියලයි. හැබැයි විද්‍යාපීඨෙ මිනිස්සුවත් තමන්ගේ අවුරුදු උත්සවයට සහභාගී වුනේ නෑ. අන්තිමේදී එහි මුලින් හිටි ප්රේක්ෂක ජනතාව නැත්තට ම නැතිව ගියා. පවුලේ උත්සවයක් වූ විද්‍යා පීඨ අවුරුදු උළෙල කතා බහක් නැතුව ම නිමා වෙද්දි හාවක් හූවක් නැතුව ම පෝස්ටර් මගින් පටන් ගත්තු අවුරුදු උළෙලට විශාල ප්රතිචාර ලැබුණා. “අල්ලන මුට්ටි අරන් 4 වෙනිදාට බිඳින්න එන්න, අදින කඹ අරං අදින්න එන්න... තොප්පි දාමු ද? වගේ කියුම් රාශියක් මෙහි ප්‍රචාරණ මාධ්‍යන් විදියට යොදා ගෙන තිබුණා. මේ නිසා ම බොහෝ දෙනා අවුරුදු උත්වයට රැස්වුනේ වෙනසක් විඳගැනීමටත් එක්ක. කාටත් අවුරුදු රස්නය අවුරුදු පහුවෙලා ටික දවසක් වුනත් හොඳින් ම දැනුනා.

කැම්පස් බලු දානය

අපේ විශ්ව විද්යා!ලය නිල වශයෙන් දෙවන අර්ධ වාර්ෂිකය සඳහා ආරම්භ වුනේ පහුගිය සඳුදා. ඒ මොකද කිව්වොත් තැන තැන රවුමට ඉඳගෙන කොපර කොපර පිපිඤ්ඤා කරපු උදවිය, අලියාට බනිස් කවපු අය, අවුරුදු කුමාරි හැන්ද උඩ තියන් ගියපු අය, ඉදිකටුවෙන් ඇණ බැලුම් පුපුරවපු අය, අන්ධයාට ඇස තියපු අපේ අයියලා අක්කලාට කැම්පස් එක මතක් උනේ සඳුදා නිසා... හැබැයි සමහර අය නම් කුකුළා අතේ අර ගෙන ම වැඩ පටන් අරං තිබුණා. අපේ අයිමැට් ඩිපාර්ට්මන්ට් එකේ බුවාලත් එහෙමයි.... අපිට නම් ඉතිං තව කල් තියෙන නිසා ලිප ගිනි මොළවන තෙක් නැතත් සන් ක්රීම් එකක් ගා ගත්තහම ඉන්පස්සෙත් ඉන්න පුළුවන්...
ගිය සෙම් එකට නිවාඩු දෙන දවසේ අවසන් භෝජන සංග්රහය ජිම් කැන්ටිමේ දි විඳින ගමන් අපේ මිත්තරයක් මහා ගැටලුවක් ඉදිරිපත් කළා. එදා අපි රොටි කද්දි පූසෙකුට රොටි කන්න දෙන කොට “මචං ඇත්තට ම අපි අවුරුදු කද්දි මේ සත්තු මෙහෙට වෙලා මොනවා කනවා ඇත් ද???? ” ඇත්තට ම මිතුරාගේ පැනය හරි සාධාරණයි. නමුත් අවසන් වූ විභාගෙදිවත් ඒ වගේ ඒක එල්ලේ උත්තර දිය නොහැක් ප්රස්නයක් තිබුනණේ නෑ. කිව්වමමොක ද මෙහෙම ලොවෙත් පුරස්නයක් යොමු කළේ අපේ අලුතා.. තවත් කිව්වොත් ක්ලෝසගේ ජංගමයාගේ කැම්පස් එකේ ඉන්න සියලුම පූසන්ගේ ඡායාරූප රැගත් ගොනුවක් තියෙනවා... ඔබ හිතයි මිනිහට නම් පිස්සු ද කොහෙද කියලා... (සොල්ලි වේල ඉල්ලෙයි අප්පා) මෙහෙම කීවට ජන සන්නිවේදන අධ්යියන අංශයේ ධම්මික බණ්ඩර ආචාර්යතුමා කැලණිය විශ්ව විද්යා්ලයේ සතුන් නමින් අධ්යකයනයක් කරලත් තියෙනවා. අපේ අක්කා කෙනෙක් තමන් හැමදාම කෑම දුන්න බැල්ලියක් රෝගී වූ අවස්ථාවක තමන්ගේ වියදමින් ඇගේ ශෛල්ය කර්මය සිදු කරන්න තරම් කාරුණික වෙලා තියෙනවා.. ඔන්න ඕකයි තත්වෙ...
මේ අලුත් නිව්ස් එක අපිට හම්බවෙන්නේත් ජිම් කැන්ටිමෙන් ම තමා.. දෙවන වසර ආර්ථික විද්යාෙ විශේෂවේදී විද්යාතර්ථින් තිදෙනෙක් තමා මෙයට මූලිකත්වය ගෙන කටයුතු කළේ. චතුරිකා, ප්රවදීපා සහ අයේෂා යන තුන් කට්ටුව විසින් බල්ලන් උදෙසා දෙන ලද මහා දානය අපේ ඇස ගැටෙන්නේ හරිම අහම්බෙන්. එක පාරට ම මට ඉදිරියෙන් ගෑනු පරාණයක් “හා දැන් ඉතිං හොඳ ළමයා වගේ නැඟිටින්න.. නැඟිටිලා කෑම කන්න එන්න” කියනවා ඇහුනා.
අංගනාව කතා කරන්නේ මට ද නෙමෙයි කියලා ගණන් නොගෙන හිටියත් ආයෙත් ආරාධනාව ඇහුනා. කලින්නම් මං ඉස්සරහා හිටියේ අලස සුවය විඳින බල්ලෙක් දැන් බල්ලා කොල්ලෙක්වත් උනා ද බලන්න මමත් හිස එසෙව්වා. බල්ලා තාමත් එහෙමමයි. හැබැයි ලස්සන ගැහැණු සෙරෙප්පුවක් ලතාවකට බල්ලගේ කර වටේ එතෙනවා දැක්කම සෙරෙපුප්වේ අයිතිකාරිය සොයා ගන්න මට ඕනෑ උනා. බැලින්නම් මගේ යෙහෙළියක් තමා මේ බල්ලට අතවර කරන්නේ... හැබෑට ම බල්ලෙක්ටවත් පාඩුවේ ඉන්න බැරි හැටි. මට අනේ අපොයි කියවුනා. බල්ලත් මහ කපටියා. ඇයි වදේ ටිකක් බුරපන් මොන ඔහෙ නෑ. උත් සනීපෙට ගෑනු උණුහුමට දැවටි දැවටි ඉන්නවා. බල්ලා කෙල්ලට මායම් වන අතරේ මං මේ අරුමැක්ක තේරුම් ගන්න ඈට කතා කළා.
“බලන්න අනේ මං මෙයාට එදත් කෑම දුන්නා. අද කන්න බෑ වගේ ඉන්න හැටි. නැඟිටින්නකො පැටියෝ.” පුංචි කාලෙ අපේ අම්මා මං කෑම කන්න අදි මදි කරද්දි නම් එහෙම පෙරැත්ත කරනවා. මෑ ඉතිං කුක්කගේ අම්මායැයි??. “දැන් ඉතිං එදා කෑම දුන්න පළියට අද දෙන්න ඕන්නෑනේ. මං උදැල්ල දැම්මා. මට නම් විළිසංගේ බැරුවා. අහළ පහළ සියලු දෙනා මේ බලු හුරතලය දෙස නෙත් අයා බලාගෙන. ටිකකින් ඉවතට ගිය කුක්කාගේ අම්මා හෙවත් ‘බලු මාතාව’ කෑම පංගුව කුක්කා ළඟට ගෙනැවිත් ඌට ඉව කරන්න දුන්නා විතරයි. පුදුමයකට වගේ බලු කුක්කා නැට්ට කෙළින් කරන් නැඟී සිටියා. පස්සේ නීච කුල වශී ගුරුකමක් කර ගත්තා වගේ ඈ දැපනේ වැටිලා පස්සෙන් ගියා. මටත් ඕන්නැති කෙහෙල් මුවක් නෑනේ.
ජිම් එක කෙළවර වතුර කරාම අන්තයට අපි යන කොටත් අනෙක් අංගනාවන් දෙදෙනාත් තවත් බල්ලන් දෙදෙනෙකුට කෑම දෙනවා. (හරියට ම කිව්වොත් කවනවා.) අපි ඉතිං ඒ කටයුත්තට සුභාශිංසන පළ කළා. “ඇත්තට ම අපි කරන්නේ සමාජ මෙහෙවරක්. අපි දිගින් දිගට ම මේ ආකාරයට සුරතලුන්ට කෑම දෙන්න උත්සහ කරනවා. අනාගතයේ අපි මේක බළලුන් දක්වා ව්යා්ප්ත කරන්න උත්සහ කරනවා. ඔය අයටත් පුළුවන් බලු දානයක් සඳහා දිනයක් වෙන් කරවා ගන්න. හරි පහසුයි. කැන්ටිමෙන් බත් එකක් අරං දෙන්න විතරයි තියෙන්නේ. මෙහේ කෑම බල්ලෙක්ටවත් කන්න බෑනේ. අපි නම් මෙයාලට දෙන්නේ ගෙදරින් ගෙනාපු බත්. ඒක තමයි මෙහි විශේෂත්වය.” බලු දාන සංකල්පයේ නිර්මාතෘ චතුරිකා වීරසිංහ එසේ අදහස් දැක්වූවා....
කොහොම වුනත් මං නම් හිතනනේ ඒක ටිකක් වටින වැඩක්. හැමදාම ජිම් එකට වෙලා ගෙදරින් ගේන බත් එක කාලා පච හල හල ඉඳලා ගෙදර යන මේවගේ අය මෙහෙම වැඩක් කිරීම අපි අගය කළ යුතුයි. කෑම ඉවර වුනාම බල් සුරතලුන් කාපු කෑම කොළ කුණු කූඩයට විසි කරනත් කුක්කන්ට යෝගට් කෝප්පයකට වතුර දමා දෙන්නත් ඔවුන් අමතක කළේ නෑ... ඒ අතින් නම් කැම්පස් එකේ බල්ලෙක් නොවුනේ පූරුවේ (අ)වාසනාවට කියලත් හිතෙනවා...!!!

Sunday, May 2, 2010

මග දිගේ....

අපේ කාලසටහන් එහෙම පහුගිය සිකුරාදා වන විට දමා තිබුණා. ඒ හැටියට මට නම් සිකුරාදා සහ අඟහරුවාදා යන දින දෙක ම නිවාඩු හැටියට සලකන්න පුළුවන්. ඒ අතින් නම් මල් තමා නමුත් බදාදා කන්න විනාඩි පහළොවක් හොයා ගන්න අමර දුකක් විඳින්න වෙන බව පේනවා. කාරි නෑ මේ පාර සෙමෙස්ටරේ සති දහයයිලු. අපිට දවසකට වැඩි පැය ගණනක දේශන පවතවන්න වෙලා තියෙන්නේ මේ දඩි බිඩිය නිසාලු.... ( වී.සී නම් කියන්නේ ඒ අපේ ආරක්ෂාවට කියලයි. කවුද ඉතිං ඕවා දන්නේ???)
පහුගිය සිකුරාදා මට යොදා ගත් වැඩකට සංචාරක අමාත්යංිශයට යන්න සිද්ද උනා... පොලිස් අප්පුහාමිලාගේ වන් වේ ප්රුතිපත්තිය නිසා ඒ ළගින් බස් යන්නේ නෑනේ.. ඇවිද්ද පය දහස් වටී කියාගෙව මමත් ගාලු මුවදොර හරහා පයින් ම මිනිස්ටරියට පැද්දේ උදෑසන ගාලු මුවදොර පිස හමන සුළඟේ කරිජ්ජ ඉවසගෙන. ගිහින් ඉතිං ගිය වැඩේ හමාර කරගෙන මං එන කොට දවල් දොහළට විතර ඇති. ගිනි මද්දහනේ අව් කූටකේ වෙලත් ගාණක් නැතිව ඒ ළඟ බංකුවකට වෙලා පෙම් සුව විඳින කුරුලු තොරන් දැක්කම ලංකාවේ අගනුවර පෙම්වතුන්ට කොච්චර බාධක ද කියලා මට හිතුනා... පව් අප්පා, අර ඇස් බී අංකල් හදනවා කිව්ව ප්රේම උද්යාතනය නොහදපු එකේ පාඩුව කියලා මට හිතුනා.. පහුගිය මහ ඡන්දේ කාලේ රතුවංශගේ දැන්වීමක ප්රවධාන පසුතලයක් වෙච්චි ගාලු මුවදොර මුහුදු පාලම අද නිකන් පාලුවට ගිහින් වගේ තිබුණා... හැබැයි මේ දවස් වල වරායේ දියකඩනය අලුත් වැඩියා කරන නිසා වැලි ගොව්වා නැව නංවන බොර පැහැති වතුර මල නම් ගාලු මුවදොරට ගේන්නේ අමුතු ලස්සනක්...
ළඟ හිටිය හිම කිරම වෙළෙන්දාගෙන් හිම කිරමක් ගත්ත මං පිළිවෙළකට ගාලු මුවදොර හෝටල් අන්තයේ සිට අනෙක් කෙළවරට ඇවිදගෙන ගියා.. මේ ගමනේ දී සුප්රාසිද්ධ ගාලු මුවදොර සිහිවටන ඵලකය දැක්කම මට ඒ ළඟ නැවතිලා කියවන්න හිතුනා.. මේ ඵලකය 1856 දී නිර්මාණය කළේ ගාලු මුවදොර පා ගමන සමරන්න සර් හෙන්රි වෝර්ඩ් ආණ්ඩුකාරයා විසින් එය පිහිටුවා තිබෙනවා. එහි ‘for the use of ladies and children of Colombo in whose interest was recommended to the care of successive governors’ යනුවෙන් සඳහන් කරලා තිබෙනවා. අද ගාලු මුවදොර තියෙන්නේ නියම ඵලකය නෙමේ එහි නියම ඵලකය ඇත්තේ කොළඹ පැරණි පුරහල කෞතුකාගාරයේ.. අද වන විට එය හුදෙක් සිහිවටනයක් පමණයි.
කොහොම වුනත් කාන්තාවන්ගේ හා ළමුන්ගේ පාවිච්චියට මේ ස්ථානය නඩත්තු කිරීම කෙසේ වෙතත්අපේ කිං බානට් තුමාගේ සුප්රහසිද්ධ වෘත්තාකාර ස්ටිකරයක් ඒ මත අලවා ඇති බව දකින්නට ලැබුණා. මහ රජා වුනත් ජාතික පුරාවස්තුවක් මත පහරපු එක ගැන මං අසතුටු වුනා. ඒක හරිම අසික්කිත වැඩක්. පස්සේ මා දිහා කවුරුත් බලා නොසිටි නිසා මගේ සාක්කු පිහිය ගෙන ඒ ස්ටිකරය සූරලා දැම්මා. හෙට එතනට ගියොත් මං සූරපු සලකුණු දකින්න ලැබේවි. සමහර විට කින්ග් බානට් තුමා කොළඹ හිටියොත් හැමදාම උදේ කාටත් කලින් ගාලු මුවදොරට ජොගින් කරන්න එන බව දන්න පාක්ෂිකයෙක් ඒ තුමාට පෙනෙන්න එතුමාගේ ම මූණත්තහඩුව ප්රදර්ශනය කළා වෙන්නත් පුළුවන්..
තවත් ටික දුරක් ඇවිදගෙන එන කොට ප්ලාස්ටික් බෝතල් මගින් සුන්දර වෙරළ තීරය අපවිත්රේ කර ඇති ආකාරය දකින්න පුළුවන් උනා.. මේ අතර ජනප්රිය ම බීම වර්ගය ස්ප්රයයිට් කියලයි මට හිතුනේ. මගේඑක නිසා පුරුද්දකට කෑමට බීච් එකට එන බොහෝ දෙනා ඇවිත් හිටියා. මගේ පැරණි මිත්තරයො ටිකක් බියර් දෙකක් අරං මූදු වෙරලේ දැක්ක ම මටත් ටිකක් අවුල ගියා මං දන්න තරමින් ගාලු මුවදොර බොන්න නොදෙන නිසා. ‘නෑ මචං අපි හැමදාම මෙහෙම ලන්ච් එකට සෙට් වෙනවා. ලිමිට් තියාගෙන අරං ආපහු වැඩට යනවා. මේ පොලිස් කාක්කො කවුරුත් අපේ ප්රෙන්තො තමා. කවුරුත් අපිට සද්ද දාන්නේ නෑ. හැබැයි හිස් බෝතල් වෙරලේ දාලා යන්න නම් බෑ. බලපං සැන්ඩි කරන්න ගෙනාපු ස්ප්රදයිට්, කොකා කෝලා තැන තැන දාලා ගියාට උඹට එක වීදුරු බියර් බෝතලයක් සොයා ගන්න පුළුවන් ද කියලා. ඒ අතින් නම් බොන මිනිස්සු තමා නියම පරිසර හිතකාමියෝ...’ මිත්රයා හිනා වෙවී කිව්වා. ඒ කතාව නම් ඇත්ත ම තමා..

අලුත් වාරේ කැම්පස් යාම

කැම්පස් පටන් ගත්තේ 26 වැනිදා මම නම් එදාත් කැම්පස් ගියා. ඒත් යාළුවො ටික හැරුණාම අන්තඃපුර සේවිකාවන් කවුරුත් සේවයට වාර්තා නොකළ නිසා මහ රජ වන මට පාළුවේ බෑ අප්පා..... (නොකිව්වට රජෙක් වගේ ඉන්නෙ මං.... ලොවම දිනුව සේ නිදහස්) වටයක් දෙකක් පුරුද්දට වගේ ඇවිදලා ගෙදර ආවා.
මේ දවස් ටිකේ ම වැඩි වැඩක් නෑ. තාම ප්රිතිපලත් පිට කරලා නෑනේ... මට තිබුණ ලොකු ම රාජකාරිය වුනේ මං ගේන්න කිව්ව කැවිලි පාර්සල් ටික හරියක් දාලා එකතු කර ගන්න එක.. පුර ඉස්තිරීන් සියල්ලන්ට ම කිව්ව ම මට කැවිලි කදමළු දහ පාළොහක් එක්කාසු වුනා. ඒත් රාජමාළිගයට ගිහින් කද්දි මව් බිසොවුන් වහන්සේටත් ඕවායේ වග පළ කියන්න වෙන නිසා මං රාජ වෛශ්යාග භුජංග මණ්ඩපයේ දී ම ඒවා ඉවර කළා. කාරණේ අහවරයි නෙව.
මේ කුජදා අපේ ලැක්චැර්ස් පටන් ගත්තා. ඇරඹුම ම කඳුළක් වෙලා හලෝ. පටන් ගන්න ම උනේ ජර්මන් භාෂාවෙන්....කාරි නෑ. කිව්වට මොකෝ මෙදා නම් මට ජර්මන් ටිකක් ඇඟට අරන් කොරන්න වෙනවා... මං කොහොමත් ඉතිං ඇඟට ගන්නේ අහක යන ආයිබෝන් නොවැ....
මිත්තරයො ටික ආර්ථික විජ්ජා දෙසුමකට ගියා ම මං අපේ සයන්ස් පැවිලියන් එකට ගියේ කාලෙ කන්නමත් නෙමෙයි. හැබැයි අපේ පැවිලියන් එකේ හරි අපූරු දේවල් සිද්ද වෙන බව මං අත්දැකීමෙන් දන්නවා. සමහරු සටහන් ලියනවා. සමහරු සින්දු අහනවා. තවත් අය නාට්ය පුරුදු වෙද්දි, කැසට් එකක් අරං ඇවිත් කෙල්ලෝ ටිකක් අඩව්වක් අල්ලන්න පුරුදු වෙනවා. මේ සියලු විජ්ජුම්බර අස්සේ ජෝඩු පිටින් ලවක් දෙවක් නැතිව පෙම් සුව විඳිනවා. මේ සියල්ල එකම වහළක් යටින් ගන්න නම් ඔබ පැමිණිය යුතු එක ම තැන කැලණිය විශ්ව විද්යාඳලයේ සයන්ස් පැවිලියන් එකටයි.. (මගේ තැන - මගේ ගානට)
ඔන්න ඉතිං මමත් ගිහින් පහළ විවේක ශාලා අසලින් ඉඳගෙන අලුතින් ම පුස්තකාලයෙන් ගත් පොතක් කියවන්න ගත්තා. විනාඩි දහයක් යන්න ඉස්සර මං ළඟට ඇවිත් සයන්ස්කාරයෙක් මෙහෙම අහනවා.
“අයියා පාඩම් කරනවා ද? අපි ටිකක් ප්ලේ කරන්න කියලා” ගිටාරයක් අතින් ගත්ත පළමු වසර බුවෙක් කීවම මං ඉතිං චිත්ත ප්රරසාදයෙන් යුතුව කැමැත්ත දුන්නා... අනේ කිව්වට විශ්වාස කරන්න උන් දෙන්නා අපේ සංස්කෘතික මධ්යපස්ථානයේ දක්ෂ ගාන්ධර්වයො දෙන්නෙක්. උන් දෙන්නගේ සජීවි ප්රඋසංගයට මාර ප්රැික්ටිස් පාරක් තමා දෙනවා.. මං ඉතිං ඔන්රු වන් ප්රේනක්ෂකයා. නැඟී එන ගායකයන්ට අත දීමක් හැටියට මොන වැඩේ තිබ්බත් එතන ලැගා ගහගෙන සිටීම මගේ යුතුකමක් කියලා හිතපු මං කාගෙන හිටියා. දෙපැයක් පමණ සංධ්වනිය හමාර කළ ඔවුන් නැඟී සිට යන්න ගියා.. නමුත් මං වඩාත් ම ඇළුම් කළේ ඔවුන් හොටෙල් කැළිෆෝනියා ගීතය ‘තනිවී සිටින්නයි මා අදහස් කළේ’ ගීතයේ පද මුසු කරමින් ගිටාරයෙන් වයන ලද නිසා.
මේ වන විට වළ හෙවත් සංස්කෘතික මධ්යිස්ථානය වසා දමා ඇති බව කියැවෙනවා. සංස්කෘතික අමාත්යාංනශය යටතේ පාලනය වන මෙහි ගුරුභවතුන් උපකුළපති තුමාට කළ පැමිණිල්ලක් දුර ගිය යාම මත අකුළාගෙන යන ලෙස නිසි බලධාරියා විසින් නියෝග කළ බවයි ඔවුන් පවසා සිටියේ. නමුත් දැන් ඔවුන්ට කුඩා කාමරයක් ලැබී ඇති බවයි පැවසෙන්නේ...
කොහොම නමුත් කැම්පස් එකේ එක ම බක්මහ උළෙල 30 වැනිදා පවත්වන්නට අදහස් කරගෙන සිටිනවා... ස්ලිට් හෙවත් මාළඹේ සරසවිය විසින් මෙවර සංවිධානය කළ අවුරුදු උළෙලත් ගුටි කෙළියකින්නතර කළ නිසා විශ්ව විද්යා ල අවුරුදු උත්සව ගැන මගේ නම් එච්චර ප්රුසාදයක් නෑ... හැබැයි මුකුත් ම නැති තැන මොකක් හරි තියෙන එක වටිනවනේ??? පසුගිය අවුරුද්දේත් මේ උළෙල සාර්ථකව පැවති නිසා මෙවරත් එසේ වේවායි පතනවා.... ඔබත් අනිවාර්යයෙන් ම එදාට විද්යාම පීඨයට එන්න................$$$

සීගිරි චාරිකාව

මෙවර අවුරුදු නිවාඩු සමය තුළ මා සතුටට පත් කාරණා දෙකක් විය. ඒ වැදගත් චාරිකා දෙකකට සහභාගී වීමේ හැකියාව ලැබීම නිසාවෙනි. කෙසේ වෙතත් ඒ හරහා අමතක නොවන අත්දැකීම් රාශියක් ලබා ගැනීමට මට අවස්ථාව උදා විය. ගමේ ගොස් පැමිණි විගස අප්රේඅල් 18 වන දින මා සීගිරිය බලා යාමට පිටත්වූයේ විශ්ව විද්යාවලයීය මිතුරන් සමඟිනි. මේ වන විටත් මගේ පවුලේ සාමාජිකයින් ගම්බිම් බලා ගොස් නැවත නිවසට පැමිණ නොසිටි නමුත් උදේ රැයින් නැගිට ගත් මම දින පහක අඛණ්ඩ චාරිකාවකට සූදානම් වීමි.
උදේ දහය පමණ වන විට කුරුණෑගල වැව රවුමට පැමිණි අපි එහිදී උදෑසන ආහාරය ගතිමු. කුරුණෑගල වැව රවුම නව ප්ර තිසංස්කරණ යටතේ වඩාත් ආකර්ෂණීය ලෙස සකසා ඇත. එහි හිඳ ආහාර ගෙන දඹුල්ල බලා ගමන් කිරීමට බසයකට ගොඩවූ අපි රුපියල් හැට අටක ධාවන දුරක් ගෙවා දඹුල්ල මධ්යාම බස් නැවතුමට පැමිණෙන විට සවස එක පමණ විය. එහි සිට ඉනාමළුව හරහා සීගිරියට රුපියල් විසි පහක ගමනකි. සවස දෙකහමාර පමණ වන විට අපි සීගිරියේ අප පහසුකම් සපයන්නා වූ සීගිරිගේ නිවසට පැමිණියෙමු. ගමන් විඩා අධික හෙයින් නිවස ඉදිරියෙන් ගලා යන ඔයෙන් නා, දිවා ආහාර ගත් අප මඳ ඉසිඹුවක් ලැබ නැවත සීගිරිය කරා ගමන් ගත්තේ ඉර ගල වැටෙන වේලාවේ සීගිරි පව්ව තරණය කිරීම වඩාත් පහසු යැයි අප මාර්ගෝපදේශකයා විසින් කියා සිටි බැවිනි. පළමුව සීගිරිය නව කෞතුකාගාරය නිදහස් ප්රපවේශ පත්ර යටතේ නැරඹූ අපි දෙවනුව සීගිරි පර්වතය ද ඒ ක්රරමයෙන් ම නැරඹීමු. අප මිතුරාගේ නෑදෑ පිරිවර මෙම ආයතනයන්ගේ කටයුතු කිරීම හේතුවෙන් අපට එවන් දුලභ භාග්යෙක් හිමිවූ නමුත් මධ්යේම සංස්කෘතික අරමුදලට අප ණයගැති බව කිව මනාය. සීගිරිය කටුගෙය දකුණු ආසියාවේ විශාලතම ස්ථානීය කටුගෙය වෙයි. එනම් එහි තැම්පත් කර ඇත්තේ සීගිරියෙන් සොයා ගත් දෑ පමණකි.
අලුතින් ඇරඹූ සීගිරිය නව කෞතුකාගාරය ප්ර ශස්ත නිර්මාණයකි. sigiriyamuseum.org මගින් ඔබටත් එහි ගෘහ නිර්මාණය පිළිබඳ යම් අදහසක්ලබා ගැනීමට පුළුවන. කෞතුකාගාරය බලා සීගිරි ගලට පිවිසෙන විට අතර මඟ තිබූ බැම්මක් මතින් ගමන්කිරීමේ දී කාශ්යුප විසින් කරවන ලද පුරාණ බැම්මේ ගඩොල් දෙකක් ගැළ වී බිමට වැටීම නිසා නඩේ ගුරා ගෙන් බැණුම් ඇසුවා මට මතකය. ඔහු සිටියේ ජල තාක්ෂණය පිළිබඳ දීර්ඝ විස්තරයක් කරමිනි. වතුර මල් පෙන්වමින් විස්තර කියා දුන් ඔහුගේ තියුණු දෙනෙතට මා ගඩොල් දෙක නැවත සකස් කරනු අසු වූ හෙයින් ඔහු බැණවැදුණි. ගඩොල් සම්බන්ධයෙන් කතාව ඇදීම නිසා සීගිරියේ දක්නට ලැබෙන එක ම කපරාරුව ගැන ද තොරතුරු ඔහු විසින් කියා සිටියේය. එනම් සීගිරි පිවිසුමෙහි පළමු දිය තඩාග දෙකෙන් පසුව හමුවන ගඩොල් ප්රාරකාරයේ දකුණුපස වහළක් මගින් ආවරණ කර ඇත්තේ එය පැරණි කපරාරු තාක්ෂණය හෙළි කරන එකම ස්ථානය නිසා බව ඔහු කීය.
කෙමෙන් කෙමෙන් ඉහළ නැඟුණු අපට කැටපත් පවුරු පිවිසුමේ දී ඈතින් දිස්වන දඹුල්ල බුදු පිළිමය සහ සීගිරිය නව නගරයේ ඇති ලොව විශාලතම හිටි පිළිමය පෙන්වීමට අප ෂර්පා වරයා අමතක කළේ නැත. සීගිරි නඟින සංචාරකයන්ගේ ප්ර වේශපත්රි පරීක්ෂා කරන්නේ ද කැටපත් පවුරට පිවිසෙන විට ය. කැටපත් පවුරට පෙර සිතුවම් නැරඹිය යුතු වූයෙන් පඩි පෙළ නැඟ එහි ගිය අපිට එහි ඒ තරම් අරුමයක් නොවූයේ නව කෞතුකාගාරයේ දී අප ඒ ආකාරයට ම එය නැරඹූ බැවිනි. මේ නිසා කෞතුකාගාරය තුළ සිතුවම් ඒ ලෙසට ම ප්රුදර්ශනය කිරීම අප ‍අතර විවාදයට බඳුන් විය. කැටපත් පවුර නරඹා මීළඟ පිට ගැටපෙළ ඔස්සේ සිංහ පාදය වෙත ගමන් කිරීමට පෙර දිය බිඳිති වෑහෙන අඛණ්ඩ දිය දහර යට සිට ගිමන් නිවා ගතිමු. මේ දිය දහර ඉහළ ගල මුදුනේ දිය තඩාගය පිරීයාම නිසා ඇති වූවකි. පළමු බඹර කුටි (බඹරුන්ගෙන් ආරක්ෂා වීමට ඉදි කළ කුටි) දක්නට ඇත්තේ එහි ය. මේවා ප්රවමාණයෙන් ඉතා කුඩා වූ අතර කිසි ලෙසකින් ප්රාමාණවත් නොවීය.
අපි ඉහළට ගමන් කළෙමු. භූ විද්යාඩ හා පතල් සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විකල්ප පියගැට පෙළ නිර්මාණය කරමින් සිටියහ. විනාශ කරන ලදැයි කියන මුත් බඹර වද ගණනාවක් දක්නට ලැබුණේ සිංහ පාදයෙන් ඉහළ යන විට ය. කුඩා කල සීගිරි නැඟි විට ඒ සා විශාල උසක සිට දුව පැන ඇවිදින්නට මා බිය වුවත් ප්රයධාන රාජ මාළිගය පොකුණු පමණක් නොව කාශ්යිප රජුගේ ගල් ඇන් ද ද දැකගතිමි. සාමාන්යියෙන් කැණීම් ආධාරක ලෙස භාවිත කරන දොඹකරය දකින්නට හෝ ගල වටා යන්නේ අල්ප පිරිසකි. අපි ද වෙහෙස නොබලා ගල වටා ගමන් කළෙමු. සීගිරි වැව පෙනෙන අන්තයේ ගුහා දෙකක් පෙන්වීමට අප කැඳවාගෙන යන ලද මුත් එහි දුර්ගන්ධය අති මහත් විය. සීගිරිය ගල මත පුරාණ වැසිකිළියක් යනුවෙන් හැඳින්වූ මෙම ගුහා දෙක අතීත මුරකරුවන්ගේ හෝ රජුගේ ලැගුම් හලක් විය හැකිමුත් අද එය හුදෙක් ම පිරිමි වැසිකිළියකි. ඒ ඉසව්වේ වැඩියෙන් පිරිස නොගැවසීම ඊට හේතුව වී ඇති මුත් ලෝක උරුම ස්ථානයක් ප්රිසිද්ධ වැසිකිළියක් ලෙස භාවිත කිරීම, ජාතියේ යහපත් සෞඛ්යත පුරුදු එහි පැමිණෙන විදේශිකයන්ට ද හෙළි කිරීමකි. ඒ මදිවාට එහිදී ශරීර කෘත්යෙ කර ගැනීමෙන් අමන්දානන්දයට පත් වූවෝ තමන් ලත් සහනය පිළිබඳ කුරුටු ගී ද ලියා ඇතත් ඔබ කාන්තාවක් නම් ඒවා දැකීමට නොයාම යෙහෙකි.
සවස් යාමයේ හාත්පස දර්ශනයෙන් අප සිත් වශී කරනු ලැබිණි. අවසානයේ නිලධාරීන්ගේ බැණ අඩගැසීම් වලින් හෙම්බත්ව පහළට පැමිණියෙමු. අද වන විට සීගිරියේ ලහි ලහියේ විකල්ප මාර්ග ඉදි වෙමින් පවතින්නේ ළඟ එන වෙසක් නිවාඩුවට එහි එන සෙනඟ හැසිරවීමට ය. එන ගමනේ දී නයි පෙන ගුහාව රාජ සභාව ආදිය ද දැකගත් අපි නැවතත් නවාතැන බලා පැමිණියෙමු. එහිදී පොළඟකු කරේ දමා මා මිතුරකු ගත් ඡායාරූපය ද අමතක නොවන්නකි. මේ වන විට දවසේ චාරිකාවන් නිමා කරමින් ඇත්ගොව්වන් අලින් නිවසට ගාල් කිරීම අරඹා තිබිණි කරුණු විමසා බැලූ විට සීගිරි වැව ඔස්සේ අලින් පිට යාමට දේශීයන්ගෙන් රු. 1500ක් අය කරන අතර සිව් දෙනෙකුට අවස්ථාව හිමිවේ. ඒ නමුත් අපි නොමිලේ ම අලි පිට ගියේ අප මිතුරාට පින් සිදු වන්නටය.
පසුදින උදේ ම අවදි වූ අපට මොනර නැටුම් බැලීමට ඇරයුමක් ලැබිණි. මොනරුන් විසිගණනක් අසල ගල් තලාව මත පිල් විහදා රඟ දුන්නේ හිමිදිරි උදෑසනට අප පිළිගන්නට මෙනි. මොනර නැටුම බලන්නට කැඳ කෝප්පයක් ද ලද අතර පිරිසිදු කිතුල් හකුරු කැට ද ඊට ම ගැළපුණි. උදෑසනින් ම පිදුරංගල තරණය කිරීම අප පරමාර්ථය විය. පිදුරංගල කන්දට නැඟ දිවා ආහාර ගන්නා විට සීගිරි නඟින්නෝ දස දහසක් අප දෙස බලා සිටියහ. අපි අපේ නොවේ යැයි සිතමින් කෑවෙමු.