Friday, April 23, 2010

ගම් මැද්දේ අවුරුද්දේ.........!! (තෙවන දිගහැරුම)

තවත් ඉහළට යන විට ජා කොටු දක්නට ලැබිණි. ජා කොටු මාළුන් ඇල්ලීමට මේ කළාපයේ ප්රකකට ක්ර්මයක් බව දැකගත හැකි විය. බොහෝ විට එහි පහසුව නිසා ජා කොටු වඩාත් යොදා ගැනේ. මේවා ගඟ මතුපිටින් දක්නට නොහැකිය. ඇත්තේ ජලය තුළය. පැළැලි වලින් තනන ලද ජා කොටු වර්ග දෙකක් අයියා විසින් හඳුන්වා දෙන ලදී. ඒ මිනිසුන්ට බැසිය හැකි ජා කොටු සහ මිනිසුන් නොබසින ජා කොටු වශයෙනි.
මේවායේ කුටීර කිහිපයකි. ජා කොටුවේ දොරටුවට මාළුන් පැමිණි කල පැළැලි මහත් වී මාළුවාට ඒ තුළට යාමට ඉඩ ලබා දෙන මුත් නැවත ඒ හරහා එළියට පැමිණීමට නොහැකිය. ඊට හේතුව වන්නේ ත්රිාකෝණාකාර එම දොරටු එක් අතකට පමණක් විවර වීමයි. මේ ආකාරයට පළමු කුටීරයට ගොඩවන මාළුන් එහි කැරකී කැරකී සිට මහන්සි වූ කල දෙවන කුටීරය ද විවර කරගනිමින් ගොස් එහි ද සිරවී බලා සිටිති. ක්රකමයෙන් මාළුන්ගෙන් කොටුව පිරීයන විට උන්ගේ බරට තෙවන කුටිය ද විවර වේ. මෙම අවසාන කුටියේ දී එක්කෝ මිනිසා බැස මාළු අල්ලා ගන්නා අතර නොගැඹුරු දියේ ඇති ජා කොටුවක් නම් අත දමා මාළුන් ඉවතට ගනී.
එහෙත් ජා කොටු වලට ද කරදරකාරයෝ හිඟ නොවෙති. ඉන් අංක එකේ කරදරකාරයා වන්නේ කබරායි. කබරුන් ශක්තිමත් ඉදිරි ගාත් වලින් කොටුව පහුරු ගාමින් ඉවතට යන්න උත්සහ දරන අතර කුසගින්නේ සිටින කබරෙකු ජා කොටුවට පැමිණි කල රජ මඟුලක් යැයි සිතා ඒ වන විට එහි සිටින සියලු ම මාළුන් කා දමන අවස්ථා නැත්තේ නොවේ. මිනිසුන් බසින ජා කොටු තරමක් ආරක්ෂාකාරී නොවන්නේ කබරුන්ට තම බාව හෙවත් වලිග පෙදෙස උපයෝගී කරගෙන මිනිස් කකුල් කෙටි පෙති ගැසිය හැකි බැවිනි. බසින්නට පෙර කොටුව කළඹා මඩ කර ඇත්නම් විශාල සතකු සිටින බව දැනගන්නා මසුන් අල්ලන්නනෝ ප්ර වේශම් වීමට වගබලා ගනිති. යම් හෙයකින් කබරකු අසුවී ඇත්නම් කොටුවේ පැළැලි පළල් කර ඌට යන්නට ඉඩ දෙන්නේ අන් කළ හැක්කක් නැති බැවිනි. එදිනට ඔහු අතමිට සරු නොවේ.
අනෙක් කරදරකාර වාසනාවන්තයා කකුළුවාය. කකුළුවන් අල්ලනනට අතංගු යොදනු මිස ජා කොටු තනන්නේ නැත. ඒත් මාළුන් ඒ තුළ ගැවසෙනු දැක පැළැලි දිගේ ඉහළ නගින කකුළුවන් මුදුනේ දී අනෙක් අතට වැටීමෙන් ජා කොටුව තුළට වැටේ. එහි රැඳී සිට නිකම්ම මිනිසුන් විසින් අල්ලා ගැනේ.
අතර මඟ දී අඟුළුවන් අල්ලනු බලා සිටින්නට ද අපට හැකි විය. අඟුලුවන්ගේ කට දෙපසින් දළ දෙකක් දක්නට හැකි අතර බිලී පිත්තට ගන්නා අඟුළුවන් ගොඩට ගෙන පොල් ලෙල්ලකට තබා හිර කර ලීයකින් පහර දී දළ සිඳ මරා දමනු බලා සිටියෙමු.
වෙනදා මෙන් කඩොලාන පිරි ඉවුරු අද දක්නට නැති බව තාත්තා අපට කීය. ඔහු නම් කළ කිසිදු මාළුවෙක් හෝ කුරුල්ලෙකු දක්නට නොවීම ද විශේෂත්වයකි. අපද්රව්යි නළ ද ගඟට එක් කර ඇති ස්ථාන අයියා විසින් පෙන්වා දෙන ලදී. ගං දිය පිරිසිදු ඉහත්තාවේ ගඟට එක්වන කුඩා දිය කඳුරකින් ඇති පමණ නා ගත් අපි මළ හිරු රැසින් දිළෙන රැළි මතින් නැඟී තොටුපළට පැමිණියේ තවත් දිනක ගඟ දිගේ ගොස් කන්දේ විහාරය වන්දනා කරන්නට තාත්තා පොරොන්දු කරවා ගැනීමෙනි.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....